සිරකාර ආදරය – 02 කොටස

0
2652

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

02 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆


නවතන්න්ට නොහැක මේ දැනෙනා හැගුමන්

කොයිද නුබ සැගව සිටිනුයේ මගෙන් මිදි…

කොයි සිටිදැයි නොදන්නා මුත් අදටත් මා…

තවමත් නුබයි දෑස් මත ඇදී සෙනෙහෙ පුරනා රුව…

හිතට දැනුන සිතුවිල්ල තම ඩයිරියේ සටහන් කරලා මිහාදි ඒ වචන පෙල දෙස ඇසි පිය නොහෙලා බලා සිටියේ නොතේරෙන නුපුරුදු හැගුමන් වර්ශාවකින් සිත සොරා ගනිද්දි… මේ පද පෙල ඇගේ අතින් ලියවුනේ ඔහු වෙනුවෙන්ද එසේත් නැතිනම් මොහොතකට පෙර දිවි බේරූ ආගන්තුක රුව වෙනුවෙන්ද කියලා ඇයට සිතා ගන්නට බෑ…

” මොකද්ද මේ එකපාරම මට වෙන්නේ… පිස්සුද මිහාදි ඔයාට… ඒත් ඇයි මට හුරුවක් දැනෙන්නේ… මට දැනුනෙම ඒ #එයා කියලා…”

ඇය මදක් රිදුම් දෙන නලලත දෑත් වලින් පොඩි කර ගනිමින් ඩයිරිය වසා මේස ලාච්චුවට දැම්මෙ එය කිසිවෙකුගෙත් ඇස ගැටෙන එක වලක්වන්න…පුරුද්දක් ලෙස ඇය ඩයිරි නොලියුවත් ඇයගෙ සිතට දැනෙන හැගුමන් වදන් වලට පෙරලන්නේ එයින් සිත්සේ සිතැගි හැගුමන් පිට කල හැකි නිසා… නමුත් අන් දිනවලට වඩා අද ඇයට දැනෙන ඒ හැගුම් බොහෝ සෙයින් වෙනස්ව ගොසින්… ඒ නිසාමයි ඇය රෝහලින් පිට වන්නට සූදානම් වුනේ… තම බෑගයට අවශ්‍ය භාන්ඩ අසුරා ඇය සෙත් එකයි කෝටයත් දෑතට ගෙන කුටියෙන් පිටතට පැමිනියේ දුරකථනයෙන් පියාට ඇමතුමක් ලබා දෙමින්…

මිහාදිට මෙලොව සිටින එකම කෙනා ඇගේ පියා පමනයි… ධීවරයෙක් වුන පියා ඇගේ මව කුඩා කල මිය ගිය පසු ඇයව අමාරුවෙන් උස් මහත් කරේ දහ දුක් විදලා… මොකද ධීවර රැකියාව කියන්නේ සැමදාම මුදල් නොලැබෙන රැකියාවක්.. තම දිවිය අනතුරට දමන් ඔවුන් රාත්‍රීයේ මුහුදු යන්නේ දහසක් පැතුම් ඒ සිත් වල පුරවගෙන…ඉතින් මව නොමැතිව ඇයව දමා ඔහු රැකියාව සිදු කරේ අන් කිසිම ජීවන මාර්ගයක් නොමැති නිසා.. වසර ගනනාවක් මුලුල්ලේම මුහුදු රැකියාවට ඔට්ටු වුන ඔහුට අන් කිසිම රැකියාවක් සිදු කිරිමට දෑතේ සවියක් තිබුනේ නෑ… දියනිය වෙනුවෙන් දුක් මහන්සි වී රැකියාව සිදු කරමින් මිහාදිට හොදින් උගන්වමින් ඇයට හොද ස්ථානයකට යෑමට පාර සලසා දුන්නේ ඔවුන් විදින දුක හොදාකාරවම දන්න නිසයි…
පියාගේ දුක් මහන්සියේ කදුලු වල ශක්තියෙන් ඇය ප්‍රෙථම වරින්ම සරසවි වරම් හිමි කර ගත්තේ ඒ වියපත් සිතෙහි සියලු පැතුමන් මල්පල ගන්වමින්..

කෙතරම් වයසින් මුහුපුරා ගියද කොයිම හෝ ස්ථානයකින් පිට වී නිවසට එන මොහොතට පෙර පියාට ලබා ගන්නා ඇමතුම ලබා දීමට ඇය අමතක කරේ නම් නෑ .. ඇය දන්නවා පියා ඇය එනකම් දෑස් දල්වා බලා සිටින වග…

” හෙලෝ තාත්ති “

අනෙක් පසින් ඇමතුමට සම්බන්ද වූ විටම පෙර සිත ඉපිලූ හැගුමන් අමතක කර දමා කතා කරේ ඇගේ සිතෙහි කුඩා වෙනසක් වුවද පියානන්නට දැන ගත හැකි නිසා… මවක් නොමැතිව සැදුන ඇයට මවයි පියයි දෙදෙනාම වූයේ ඇගේ පියස්නම්..ඉදින් පිරිමි අයෙකුට පැවසිය නොහැකි දේවල් වුනත් නොපැකිලය ඇය අදටත් පියානන්නට පවසන්නේ ඔහු ගැන තිබෙන ආදරය හේතුවෙන්මයි… ඇගෙයි පියාගෙයි අතරෙ තිබෙන ආදරය මෙලොව සමාන කල හැකි කිසිවක් නෑ.. ඉදින් ඇය සිතෙහි හැගුම්ංන් සගවා ගත්තෙ කිසිවක් ඔහුට නොදැනෙන ලෙසයි…

” මොකද සුද්දි මේ වෙලාවේ.. දැන් මේ එන්නද හදන්නේ ගෙදර… නැත්නම් සනීප නැද්ද ?..”

සැකෙන් මෙන් ඇසෙනා පියාගෙ වදන් අසල ඇගේ දෑස් තෙත් වී ගියේ හුස්මක වෙනසක් වුවද ඒ සිත හරිම අපූරුවට හදුනා ගත් නිසයි..

” අහ් නෑ නෑ තාත්ති.. කිසිම අසනීපයක් නෑ..මේ මන් හොදට ඉන්නේ..දැන් මේ ලීව් වුනා විතරයි ගෙදර එන්න හැදුවේ ඉතින් මන්…”

” අහ් ඒක මිසයි.. හරි සුද්දි පරිස්සමෙන් එහෙනම් එන්නකෝ.. මන් මේ කෑම උයන ගමන් හිටියේ මගෙ දූට..”

ඇය සැමදා රෝහලින් පිටව එන විට ඇය වෙනුවෙන් යම් ආහාරයක් සෑදීමට ඔහු පුරුදු වුනේ කෙතරම් මුහුපුරා ගියද ඇය තවමත් ඔහුගේ කුඩා දියනිය වූ නිසා… කුඩා කල සිටම ඇය සමග තම කාර්‍යන් තනිව සිදු කර ගත් නිසා මෙලෙස ඇය වෙනුවෙන් ආහාර සූදානම් කිරීම ඇයට අරුමයක් වී ගියේ නෑ..

” අයියූ තාත්ති අද තාත්ති ඉන්න.. මන් ඇවිත් උයන්නම්.. දෙන්නම ඊට පස්සෙ යමු පන්සල්..”

” අනේ ඕනේ නෑ සුද්දි එහෙම.. මන් කන්න කට්ටලට් ටිකක් බැද්දේ… රෑටත් මන්ම
උයන්නම්..”

” අනේ තාත්ති මේ එහෙම ඕනේ නෑ.. ඉන්නකෝ මන් එනකම්.. ඊට පස්සෙ අපි බලමු…”

” හරි පරිස්සමෙන් එන්නකෝ.. බුදු සරණයි පුතේ..”

ඇමතුම විසන්දි කර තවත් වතාවක් කල්පනා කරමින් කල් මැරුවේ පිටව යාමට පෙර සයනය මත වැතිර සිටින ඔහුව බැලීමට පවසනා හැගුමන් වලට කුමක් සිදු කල යුතුද කියා..සිත පවසන්නෙම ඔහුව නැවතත් දැකුමට යන්න කියායි.. ඒ නොසන්සුන් හැගුමන් නිසාමයි ඇය පියා හට පන්සල් යමු කියා පැවසුවෙත්… ආපසු රෝහල් කුටිය වෙත එසවූ පය හරවන් රෝහලෙන් විගසින් පිටතට පැමිනියේ නොසන්සුන් සිතට තරවටු කරන ගමන්…

නිවසට පැමින පසු ගත දොවා ගැනුමට වතුර මල යටට පිවිසුනත් තවමත් මිහාදිට ඇගෙහි සිතෙහි හැගුමන් පාලනේ කර ගන්න්නට නොහැකි වී ගියා… සිත ගිනියම් වී ගොසින් වගෙයි… ඇගේ සිත මෙලස ගැහුනේ එක් අයෙකු ඉදිරියේ පමනයි.. නමුත් අද ඔහු නොමැතිව මෙලෙස සිත නොසන්සුන් වූ විට ඇයට දැනුනේ පුදුමාකාර අපහසුවක්…

” මිහාදී මොනවද මේ ඔයාට වුනේ… ඒ වෙන කවුරුහරි වෙන්න ඇති.. ඒ නැතත් පිස්සු හිතන්න එපා..තාත්ති ගැන හිතන්න.. වෙන මොකුත්ම හිතන්න එපා.. එයා නෑ.. ඒ එයා නෙමෙයි… අමතක කරන්න හැමදේම අමතක කරන්න…”

නොදැනීම දෑස් අගින් කදුලු පේලියක් ගලා ගියේ හිතේ නොසන්සුන් කම නිසාද එසේත් නැති නම් ඔහු වෙනුවෙන්ද කියලා ඇයට සිතා ගන්න බෑ…

පැය කිහිපයක් වතුර මල යට ගෙවා දමා සියලුම හැගුමන් ජලයෙන් පිට කරමින් ඇය කුටියට පැමින සූදානම් වූයේ පියා සමග පන්සල් යාමටයි..

________________ 💚🖤💚

නවමු දවසකට හිරු එලිය දුන්නේ වෙනද ලෙසින් වුවද අද සිට වෙනස් ඉරනම් ගමනක් යෑමට වන බව නොදැන ඇය පුරුදු ලෙස සූදානම් වූයේ රෝහල කරා පිටව යෑමටයි.. රාත්‍රිය පුරා විටින් විට ආගන්තුක රුවගේ මතකයන් සිතෙහි හොල්මන් කරත් ඒවා ආයාසෙන් මිහාදී පාලනේ කර ගත්තේ එයින් සිදු වන යහපතක් නොමැති නිසා…

” සුද්දි එහෙනම් පරිස්සමෙන් මැණික.. මට හොස්පිටල් එකට ගිහින් කෝල් එකක් දෙන්නකෝ…”

” හරි තාත්ති.. මේ එහෙනම් කාලා නිදා ගන්න හොදේ.. මන් එද්දි කෝල් කරන්නම් තාත්ති… බුදු සරණයි “

කුඩා කල පුරුදු වූ ලෙසට පියාට දන ගාසා වැද බුදු කුටියටත් ගොස් වන්දනාමාන කර ඇය නිවසින් පිටව ගියේ මිහාදිගේ පියානන් ඇය දෙස දෑස් යොමා බලා සිටින විටයි…

” දැක්කද නෝනේ අද මගේ සුද්දි ඉන්නේ ගොඩක් හොද තැනක.. ඒත් කෙල්ලට පරන පුරුදු කිසිම දෙයක් අමතක නෑ… මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්..”

පිටව ගිය මිහාදි දෙස බලන් සිතෙන්ම පැවසුවේ සැමදාම ලෙස ඇගේ හැසිරීම හමුවේ ඒ සිත ආඩම්බරයකින් පිරී යද්දි.. එය ඕනෑම දෙමාපිය අයෙකුට දැනෙන සතුටක්..

” ප්ලීස් ප්ලීස් ප්ලීස් .. අනේ ජීවත් වෙන්න.. ප්ලීස් ජීවත් වෙන්න…අනේ #මන් වෙනුවෙන් ජීවත් වෙන්න…”

නව දවසෙහි උදා හිරු සමගින් පෙරදින ලබා දුන් නිද්‍රා ඖෂධයෙහි බලපෑම අවසන් වූ නිසා ආශීර් සෙමි සෙමින් දෑස් විවර කරේ සිදු වූ සිදුවීම් කිසිවක් සිතා ගත නොහැකිවයි.. නමුත් දෑස් විවර වන මොහොතෙහි ඔහුට මතක් වුනේ පාවී යන මොහොතෙහි ඇසුන හඩ පිලිබදවයි… සිතට දැනුනේ සැහැල්ලුවක්..ගත කොතෙරම් වේදනා දුන්නත් ඈත අවකාශයේ සිට පැමිනි කාන්තා හඩ ඔහුගෙ වේදනාවන් ඔහුට අමතක කර දැමුවා… සැකයක් නෑ ඒ හඩ මින් පෙර අසා නොමැති බව නම්..නමුත් ඒ හඩින් ඔහුව පා වී යමින් සිටි අවකාශයෙන් මෙලොවට නැවතත් ගෙන ආවා නොවෙද !..

” අනේ මන් වෙනුවෙන් ජීවත් වෙන්නේ…”

කවුද ඇත්තටම ඒ.. ඇයි ඒ එයා එහෙම දෙයක් කියුවේ… මොකද්ද එතකොට මට වුනේ.. එතකොට මන් ඉන්නේ කොහේද මේ…

තමා සිටින කුටිය පුරාවට දෑස් යැවූ පසුයි ඔහුට සියලු කරුනු මතකයට නැගුනේ.. පෙර දින සුදා ඇතුලු පිරිසගෙන් පහර කා සිහිසුන් වූව මතකයට නැගෙන විට ඉබේම සුසුමක් පිට වුනේ තා සුලු මොහොතකින් වන දෙය හොදාකාරවම දත් නිසයි… සිරකාරයෙක් වූ ඔහුට තමන් ගැනම දැනෙන්නේ අනුකම්පාවක්…

” ඇත්තටම අර ගෑනු කෙනා කියපු දේ ඇත්තක්ද.. එහෙම නැත්නම් ඒක හිතේ ඇදුන දෙයක්ද…”

නමුත් සිතුවිලි අතරෙ තවත් දුර යෑමට නොහැකි වුනේ කුටියෙහි ද්වාරය විවර කරමින් පැමිනි වෛද්‍යවරිය නිසයි… ඒ රුව… ඇතුලට පිවිසි රුව දුටුවම ආශීර්ගේ හදගැස්ම වේගවත් වී ගියේ නොසිතූ ලෙසින්… සාමන්‍ය පැහැයක් හිමි වුවත් ඉතාමත් සුන්දර වෛද්‍යවරිය දෙස ඔහු දෑස් අයා බලා සිටියේ #එදා ලෙසයි… ඒ රුව දුටුවම ඔහුගෙ මතකය වසර ගනනාවක ඈතට ඇදී ගියත් නිවැරැදි මතකයක් ගොඩ නගා ගත නොහැකි වී ගියා… නමුත් ඇය ඔහු අසලට පැමිනෙන තෙක්ම ඔහුගේ දෑස් ඇගෙන් මිදී ගියේ නම් නෑ…

” ඉතින් කොහොමද මිස්ටර්… ඊයේ ඔයා අපිව ගොඩාක් බය කරා නේ ඉතින්..”

සිතින් දහස් වරක් හඩා වැටෙමින් ආශීර් අසලට සිනහ මුසුව පවසමින් පිවිසියේ අන්කවරෙකු වත් නොවෙයි.. ඒ මිහාදිම තමා.. ඔහු නොවේවා කියා පැතුවත් ඔහුගෙ රුව නෙතු ගැටුන විලස ඇයට දැනුන හැගුම වදන් වලට පෙරලන්න වත් බෑ.. ඇයට දැනුනේ මුලු ලොකව ඇගේ හිස මත කඩන් වැටුනා වගෙයි… සිරුරම දඩියෙන් තෙත් වී යන්න එකදු මොහොතක් වත් ගත වූයේ නෑ..නමුත් හෙදිය නිසාමත් ඒ ඔහු නිසාමත් ආයාසයෙන් සෑම හැගුමක්ම පාලනේ කර ගත්තා… තමා දෙස එක එල්ලේ බලා සිටින ඔහු මත්තෙම මිහාදිත් දෑස් රන්දන් පැමිනියේ ඇගේ නොසන්සුන් සිත කිසිම මොහොතක පිටතට නිරාවරන නොවන සේ මුහුන මතට සුන්දර සිනහවකින් සරසාගෙන… නමුත් ඒ සිනහව පසු පස ඇති මහ විසල් වේදනාව කිසිවෙකුටත් හදුනා ගත නොහැකි වුනා.. අඩුම ඔහුට වත්…

” ඒක නම් ඇත්ත ඩොක්ටර්.. ඊයේ මෙයා ජීවීතේ අතාරින්නම නේ හැදුවේ…”

” ඒකනේ ඉතින් කියන්නේ…”

කෑ ගසා හඩන්නට ඇවසි වුනත් ආයාසෙන් හැගුමන් පාලනේ කර ගත්තා… එලෙසම හදගැස්ම පිටතට ඇසෙන තරම් වේගෙන් ගැසුනත් වෙනසක් නොපෙන්වා ආශීර්ව පරික්ශා කරේ ඔහු තවමත් ඈ මත දෑස් රන්දා සිටින විටයි…

” ආශීර් දේහංස… ඒක නේද ඔයාගේ නම..”

ඒ හඩිනුයි ආශීර් පියවි සිහියට පැමිනියේ… දැඩි අපහසුවක් දැනෙද්දි ඔහු සෙමි සෙමින් හිස පහලට සෙලවූයේ මිහාදිගේ මුහුන දෙස බැලීමට අපහසු වූ නිසා… රෝහල් වාර්ථාවෙන් ඔහුගෙ නාමය දැන ගත්තත් ඇය ඔහුගෙ රුව දකින තුරු සිතැගි හැගුමන් නොසන්සුන් වී ගියේ ඔහුගේ නාමය නිසයි.. නමුත් සිතින් පැතුවේ ඒ සිටින්නේ ඔහු නොවේවා කියයි..මොකද යත් ඇය ඔහුගේ වාර්තා පිරික්සන මොහොතේ ඔහු #සිරකාරයෙකු
බව දුටු නිසයි..

” ඔ.ඔව් ඩොක්ටර් .. ආශීර් තමා මගේ නම..”

” ම්.මේ “

යමක් පවසන්නට ගියත් කුටියෙහි ද්වාරය විවර කරමින් ඇතුලට පැමිනි අය දෙස මිහාදි බලා සිටියේ පුදුමෙන්.. ඒත් ඔහුගෙ තත්වය මතක් වූ නිසා ඔවුන් පැමිනි එක ඇයට පුදුමයක් වුනේ නෑ.. නමුත් ඊලගට සිදු වූ දෙය නිසා ඇගේ දෑස් තෙත්වී ගියේ කිසි විටකත් මෙවැනි දෙයක් නම් බලාපොරොත්තු නොවූ නිසා…

━━━━━━━━━💚🖤💚

ඉතින් මොනවා වෙන්න ඇතිද… අදහස් කියාගෙන යන්න

ඇත්තටම මේ කතාව නිශී අක්කි ඔයා නිසාමයි මන් අකුරු කරන්නේ.. ඔයාගේ ආදරනීය පිටුවේ අවස්ථාවක් දුන්නට ඇත්තටම මට ගොඩාක් සතුටුයි …

මං #මේධී 🖤

අද කතාව කොහොමද ?
+1
17
+1
73
+1
13
+1
3
+1
4
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here