සිරකාර ආදරය – 03 කොටස

122
2914

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

03 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆

” ඩොක්ටර් ඇයි ඔයා මේ පුදුම වෙලා බලන් ඉන්නේ…”

තමන් දෙස නෙතු නොපියා බලන් ඉන්න මිහාදිගෙන් ආශීර් ඇසුවේ ඇය මෙලෙස සිටින හේතුව හොදාකාරවම දත් නිසයි…ඇයට එය අලුත් දෙයක් වුවත් සිරකාරයෙක් වූ ඔහුට නම් එය අලුත් දෙයක් නොවෙයි… සිරේ සිටින සමහර දිනවලත් මෙසේ සිදු වූ බව ඔහුට මතකයි…

” මේ. මේ විදියට .. ඒත් ඇයි ඒ..ම්.මේ..”

දෑගිලි වෙව්ලද්දි ඇය සෙමින් පැවසුවේ ඔහුගෙ මුවෙහි සිනහවක් මැවෙද්දි…එය සැබෑවටම සිනහවක්ද.. මිගාදිට නම් එය දැනුනේ එය ඔහු වෙනුවෙන්ම හට ගත් ආත්මානුකම්පාවක් කියායි.. ඒ තරම් ඒ ලා සිනහවේ වේදනාව කැටි වී තිබුනා.. ඇගේ පපුවම ඇවිලී ගියේ ඔහුගෙ සිනහවෙනුයි… හැකි නම් ඇයට ඔහුව තුරුලු කර හඩා වැටෙන්න… ඔහුව මේ රුවෙන් මුදවන්න… ඇයටම සිතා ගන්න බෑ මෙලෙස කෙසේද ඔහු ඉදිරියේ සිටගෙන සිටින්නෙ කියා වත්…

බරටම සුසුමක් හෙලමින් සයනය මතින් මදක් නැගී සිටින්න සැදුවත් එය නොහැකි වී ගියේ ඔහුගේ දෑතක් මෙන්ම පාදයකුත් සයනය මතට තබා විලංගු දමා තිබුන නිසයි… මාංචුවෙන් සිරවී ඇති දෑත් දෙපා දෙස බලා නැවතත් සයනයෙහි දිගෑදුනේ ඇය ඔහුට හොරෙන් දෑසට නැති කදුලු බිදු පිසදා ගන්නා අතරතුරයි…

ඔව් මෙතරම් වෙලා ඇය බලා සිටියේ සයනයට තබා ඔහුව බැද දමා තිබූ මාංචූ යුගල දෙසයි.. එක් පාදයක් මෙන්ම කැනියුලාව රහිත දෑතත් සයනයට තබා සිර කර තිබුනේ සත්වයෙකු වගෙයි.. මින් සුලු මොහොතකට පෙර පැමිනි රෝහල් පොලිස් නිලධාරියා මෙන්ම බන්ධනාගාර නිලධාරියා විසින් සිහි ලබා සිටි ඔහුව සයනයට තබා බැද දැමුවේ ඇය දෑස් පුදුමයෙන් විසල් කර ගෙන බලාසිද්දි… ඔහු නම් එය බලාපොරොත්තු වූ ලෙසින් තුවාල රහිත දෑත ඔවුන් වෙත පෑවේ ඇගේ සුසුම් මොහොතකට සිර කරමින්…

පොලිස් නිලධාරින් විසින් ඔහුව සිර කර පිටව යනකුනුත් ඇය ගල් ගැසී බලා සිටියේ ඔහුගෙ දෑත් දෙපා දෙසයි… කෙසේද ඇය ඉවසන්නේ.. මේ #ඔහුම වූ විට… ඔහු නොවුනත් තුවාල වූ රෝගියෙකු මෙලෙස සත්වයෙකු සේ බැද දැමීම.. මානුෂිකත්වය ඇති සන්වේදී හදවතක් හිමි ඇයට දරා ගන්නට නොහැකි වී ගියා..

හ්ම්ම්ම්…

” ඩොක්ටර් පුදුම වෙන්න එපා.. මෙහෙම තමයි කොහොමත් වෙන්නේ.. මන් හිරකාරයෙක්.. මොන තුවාල තිබුනත් එයාලා බයයි පැනලා යයි කියලා.. ඒකයි මෙහෙම කරන්නේ… “

ඔහුගෙ වදන් වලින් ඇයට දැනුනේ හදවත පැලී ගියාක් වැනි වේදනාවක්..එහි ගැබ්ව තිබූ අසරණ කම.. ආශීර්ගේ දෑසෙහි පිරි තිබෙන ආත්මානුකම්පාව..

” ඒත් ඔයා පැනලා යන්නේ නෑ කියලා දන්නවා නේ.. අනික එලියෙත් පොලිසියේ අය ඉන්න නිසා.. ඊට වඩා ඔයාට තුවාලයි නේ… “

” ඩොක්ටර් මොනවද අපි වගේ හිරකාරයො ගැන දන්නේ… මැරෙන්න තුවාල වෙලා හිටියත් මෙහෙම මාංචූ දාලා තියෙනවා.. ප්‍රීසන් එක ඇතුලෙදි සාමාන්‍ය විදියට තුවාල වුනා නම් බෙහෙත් දාලා වෙනම තැනකට එක්කන් යනවා.. අපිව ගිහින් දාන්නේ පොඩි කාබරේකට..අත් වලට මාංචු නොදැම්මත් කකුලට මාංචුවක් දාලා තියනවා.. සමහර ඇතුලේ අය ඉන්නවා කිසි දවසක ඉර එලියක් වත් නොදැකපු අය..මැරෙනකම්ම අන්ධකාරෙට වෙලා ජීවත් වෙනවා… වැරැද්දක් කලත් නොකලත්.. නිවැරදිකාරයෙක් වුනත් හිරේකට නියම වුනොත් අපාදුක් විදින්න වෙනවා ඩොක්ටර්… ඒක තමයි ලැබෙන දඩුවම…”

” ඔව් ඉතින් හිරේ ඉන්න හොද මිනිස්සු නෙමේ නේ.. කරන්න පුලුවන් ඔක්කොම ජහදුරා වැඩ කරලානේ ඕක ඇතුලට යන්නේ..නැත්නම් සැප වලට නෙමෙයි නේ”

මෙතරම් වෙලා පසෙක සිට බලා සිටි හෙදිය වේගයෙන් පැවසුවේ සමාජේ එල්බී තිබෙන පොදු මතය.. නමුත් ඒ වදන් වලට ආශීර්ට ඩිනහ ගියේ කෙතරම් නිවැරදි කරුවන් මෙහි අපා දුක් විදිනවද කියා දත් නිසයි…

” නර්ස්..මයින්ඩ් යුවර් ලැන්වේජ්..”

ඇගේ වේගවත් පිලිකුල් සහගත වදන් වලට මිහාදි මදක් තදින් පැවසුවේ ඒ වදන් වලින් ඔහුගෙ හදවත තවත් පෑරෙන බව දත් නිසයි…

” ඩොක්ටර්… “

” මන් මෙයාගේ වැඩ බලන්නම් නර්ස්. ඔයා දැන් මෙතනින් යන්න..ඊට කලින් කතා කරන්න පුරුදු වෙන්න මනුස්සයෙකුට.. නොව් ගෝ…”

ආශීර්ට ඔරවමින් හෙදිය පිටව ගියේ මිහාදිටත් හිතෙන් බැන වදිමින්…

” ඩොක්ටර් නර්ස් කියුව දේත් වැරදි නෑ නේ.. මේ සමාජේ ඉන්න හැමෝම හිතන් ඉන්නේ එහෙමයි නේ..ඒත් එයාලා දන්නේ නෑ නුවැරදි කරුවෝ කියක් නම් දෙනා අපා වුක් විදිනවද කියලා.. වැරැද්දක් නොකරපු අය කොයි තරම් නම් ඉන්නවද.. නීතීය අන්ධයි කියන්නේ නිකම් නෙමෙයි ඩොක්ටර් .. ඇත්තටම අන්ධයි..නැත්නම් ඒ වගේ වෙයිද..”

” දන්නවද ඩොක්ටර් කොයි තරම් අය විදවනවද කියල.. කන්න නෑ වතුර නෑ නිදහස නෑ වේදනාව විතරමයි..වැරදි කරපු අය නිදැල්ලේ ඉද්දි නිවැරදි කෙනෙක් වැරැදිකාරයා වෙලා දඩුවම් විද්දත් ආයේ නිදහස් වුනත් ඒ කෙනාට මේ සමාජේ පාඩවේ නිදහසේ ඉන්න දෙනවද.. හ්ම් නෑ ඩොක්ටර්… මූ හිරේ හිටියේ.. මූ අපරාධ කාරයෙක් කියලා ඒ මනුසයව මනසින් මරලා දානවා… ඊට පස්සෙ බිහි වෙන්නේ කිසිම හිතක් පපුවක් නැති අය..මන් ඇස් දෙකට මගේ දැකලා තියෙනවා…”

ඈත ඉමක් කොනක් නොමැති අවකාශායක සැගවී මෙන් හිතේ තිබෙන වදන් අමුනන ආශීර් දිහා මිහාදි දැස් නොපියා බලා සිටියේ මුවින් පිට වෙන්න දගලන ඉකිය බොහෝ ආයාසයෙන් පාලනේ කරන්.. තවත් එතන සිටිය නොහැකි නිසා කිසිවක් නොපවසා පිටතට දිව ගියේ දෑසින් කදුලු බිදු බේරෙන විට…

ඇත්ත ඔහු පැවසූ වදන් සත්‍යයක්.. කොයි තරම් නම් නිවැරැදි කරුවන් අන්ධකාර කුටියක් තුල දුක් විදිනවා ඇතිද.. එයොන් මිදුනත් මේ සමාජෙන් ඔවුන්ට මිදෙන්නට අවස්ථාවක් දෙයිද.. එය නම් සැකැයි…

________________ 💚🖤💚

” ආශීර් බබා ප්ලීස් අද මට ඩ්‍රයිව් කරන්න ඕනේ.. අනේ බබා ප්ලීස් “

ආශීර් සිනහ සෙමින් බලා සිටියේ තමන්ගේ දෑතෙහි එල්ලි හුරතල් ලෙස පවසන තම ආදරිය #දිහන්සි දෙසයි.. තමන්ගේ වසර 6 ක ආදරය… තමන්ගේ හුස්ම.. හදගැස්ම …ඔහුගෙ සියලුම දේ ඇයයි… සාමාන්‍ය පෙල ඉගෙන ගන්නා කාලයේ ආරාම්බ වූ ඔවුන්ගේ ආදර අන්දරය තවමත් නොවෙනස්ව පැවතුනේ දෙදෙනට දෙදෙනා අතර තිබුන දැඩි ආදරය නිසයි…

” සුදු ඔයාට ලයිශන් වත් නෑ නේ බබා..අනික ඔයා ටිකක් ඩ්‍රින්ක් අරන්..ඔහොම ඔයාට බෑ නේ.. මන් ඩ්‍රයිව් කරන්නම්.. මන් හෙට ඔයාට දෙන්නම්.. හානේ…”

ඇගේ පිරුනු කොපුල් තල සිප ගනිමින් ඔහු ඇයට පැවසුවත් මුරන්ඩුකමින් පිරි ඇයට නම් අද ඔහුගේ වදන් ඇසීමට කිසිදු උවමනාවක් තිබුනෙ නම් නෑ.. ඇය හිස දෙපසට කරමින් එයට එකග නොවෙන බව පැවසුවේ ඔහු ඇගේ කොපුල් මත හාදු තවරද්දි…

” බෑ ආශී බෑ..අනේ අද මට ඩ්‍රයිව් කරන්න ඕනේමයි.. අනේ බබා ප්ලීස් අද මට ඕනේමයි…”

” සුදු කියන දේ අහන්නකෝ…”

ආශීර් කොපමන දිහන්සිට තේරුම් කිරීමට සැදුවත් ඇය එය පිලි ගන්නට ස්වාබවයක සිටියේනෑ… මදක් මත් වී සිටි ඇයට ඔහුගෙ වදන් වලින් කිසිදු ප්‍රෙයෝජනයක් තිබුනේ නම් නෑ …

” බෑ බෑ අද නම් බෑ..අනේ ඔයා බයද ?.. මන් නම් බය නෑ… ඔයා මන් එක්ක ඉන්නවා නේ .. ඔයා ඉන්නකම් මන් කිසිම දේකට බය වෙන්නේ නෑ..”

ඔහුගේ ගෙල වටා දෑත් යවමින් සවනට ලංවී පැවසුවේ ඔහුගෙ මුවේ සිහින් සිනහවක් මැවෙද්දි.. ඇය නම් කපටිච්චියක්.. හොදින් තමන්ව හසුරුවා ගැනීමට දන්නවා… සිනහ සෙමින් ඇයට කාරයේ යතුර ලබා දුන්නේ ඇය සතුටින් සිනහ සෙමින් රියදුරු අසුන මතට දිව යද්දි..

” ආශීර් අයි ලව් යූඌඌඌඌඌඌ…..”

කාරය දෙදරන ලෙස කෑ ගසමින් කාරය පදවන දිහන්සා දෙස ආශීර් සිනස සුනේ හදපුරා ඉතුරී පැතරී යන මහා ආදරයකින්… ඇය අසලදි දැනෙන නිදහස සතුට කියා නිම කරන්නට බෑ.. දෙමාපිය ආදරයක් වැඩි කාලයක් නොලබපු ඔහුට ඇගේ ආදරය මහ මෙරක් තරම් වැඩියි.. ඔහු ඇගෙනුයි මවකගෙ සෙනෙහස සෙව්වේ.. ඇගෙන් ලැබෙන අදරය මුලු හිතම පිස්සු වට්ටලා… ආශීර් ඇයට ඇබ්බැහි වෙලා… ආදරේ නාමයෙන් සිප ගැනීමකින් එහා නොගියත් ඔහු ඇයට හුස්මක් තරම්ම මහ මෙරක් තරම් ආදරය ලබා දුන්නා…

” සුදු දන්නවද ඔයා මගේ පන.. මන් ඔයාට ගොඩාක් ආදරෙයි “

” මාත්… ගොඩාක් ගොඩාක් ගොඩාක් “

” හා හා කෝ පාර බලන් ඩ්‍රයිව් කරන්න සුදු.. කෝ ඉතින්…”

දෑස් දිලිසෙමින් ඇයට පැවසුවේ ඇය ඔහු දෙස බලන් කුඩා හාදුවක් පා කර එවන විටයි…ඒත් ඔහු දෙස බලන් කාරය පදවන ඇය අතින් මාර්ගයෙන් රථය ඉවතට පැන ඉදිරියෙන් එනා ටිපර් ‍රථය දෙසට ඇදී ගියේ ඔහුගෙ මුවින් විලාපයක් නික්මෙද්දි …

” සුදූ ඔන්න බලන් “………………………..

━━━━━━━━━💚🖤💚

ඉතින් මොනවා වෙන්න ඇතිද… අදහස් කියාගෙන යන්න

කොටස් පොඩි තමා.. මේ ටිකේ මන් කෝස් එකක් කරනවා ඉතින් ඒ පාඩම් වැඩ එක්ක බිසී ගොඩක්…

මන් #මේධී

අද කතාව කොහොමද ?
+1
9
+1
32
+1
2
+1
3
+1
22
+1
3
+1
3

122 COMMENTS

  1. 842985 629179Aw, it was a genuinely excellent post. In concept I should put in writing similar to this additionally – spending time and actual effort to manufacture a superb article but exactly what do I say I procrastinate alot and no means discover a method to go carried out. 693617

  2. 698812 383142There is an ending. Just remember that I meant for this to be an art game. I do feel like I spent an inordinate amount of time on the more traditional gameplay elements, which may make the meaning with the game a bit unclear. In the event you mess about with it though, you will find it. 640218

  3. Great site you have here but I was curious if you knew of any discussion boards that cover the same topics
    talked about in this article? I’d really love to
    be a part of group where I can get comments from other experienced
    individuals that share the same interest.
    If you have any recommendations, please let me know. Cheers!

  4. Does your site have a contact page? I’m having
    trouble locating it but, I’d like to send you an email.
    I’ve got some suggestions for your blog you might
    be interested in hearing. Either way, great blog and I look forward
    to seeing it develop over time.

  5. 975923 528733Extremely nice post. I just stumbled upon your blog and wanted to say that Ive truly enjoyed surfing around your blog posts. Right after all I will likely be subscribing to your feed and I hope you write once again very soon! 768498

  6. hello my lovely stopforumspam member

    What are the Types of Loans in Ohio depending on the purpose
    Specific purpose payday loans in Ohio. Funds received in debt may be spent only for a specific purpose specified in the loan agreement.
    Non-purpose loan. The debtor may spend the money received at his discretion.
    Most popular specific purpose payday loans in Ohio are:

    House loan. The most common, of course, is a mortgage when the purchased property acts as collateral for a loan. Sometimes a youth loan is issued, with lighter conditions for debtors. Still quite common is a housing loan that does not imply purchased housing in the form of collateral.
    Car loan – payday loans in Ohio to a car or similar vehicle. The key is often the purchased goods, making the terms of the loan better. Also, loan conditions are improved: car insurance, life and health insurance of the borrower, and receiving a salary to the account of the creditor bank.
    Land loan. To purchase a plot for construction or agricultural activities.
    Consumer. For purchases in modern supermarkets, equipment stores, you can take a personal loan right at the point of sale. Often, specialists located there can contact the bank and get a regular or fast payday loans. Borrowed funds automatically pay for the goods, and the consultant explains when and how to re-pay the debt.
    Educational loan. It is issued to students, as well as to applicants who have passed the competition, to pay for tuition at universities, colleges, etc.
    Broker loan. For the circulation of securities, payday loans in Ohio are issued to an exchange broker, se-curities are purchased securities.
    Others. Objectives not related to those listed, but agreed and approved by the creditor.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here