මගේ දෙවනි මනමාලයා ඔහුයි – 04 කොටස

5
3750

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

04 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆


කෙල්ල කේන්තීයෙන් කාර් එකෙන් බහිනකොට දකින්නේ යුමීගේ කාර් එක වද්දපූ බෙන්ස් වර්ගයේ රතු පාට කාර් එක නවත්තන්නේ නැතුව යන විදිය ඒක දැකපූ කෙල්ලගේ කේන්තිය ඉවසගන්න බැරි වුන තැන පහත් වෙලා එතන තිබ්බ කලූ ගලකින් ගහන්නේ ඉස්කෝලේ යගුලිය විසික් කරලා ශූරතාවය දිනලා තිබුන නිසා..

යුමීගේ ඉලක්කේ විදියට පිටි පස්සේ වීදුරුවම කුඩු වෙන්නේ යුමීගේ මූනට හිනාවක් එකතු කරමින්…

” ආවා මෙතන මාව චප්ප කරලා යන්න.. බොහොම අමාරුවෙන් හම්බ කරලා මැශින් පාගලා අම්මී ගත්ත කාර් එක කොහෙවත් ඉන්න සල්ලී කාරයින්ට වද්දලා එහෙම යන්න දෙන්න පුලුවන්ද… “

කෙල්ල බැන බැන බලන් හිටියේ කාර් එක ගල් පාරට බ්‍රේක් කරපූ විදිය…

” දෙන්නම් ජම්බෝ.. වරෙන්කෝ බැහැලා අද තමා පාඩමක් ඉගෙන ගන්නේ.. “

එහෙම හිතලා කෙල්ල ඉන්ශූරන්ස් එකටත් කෝල් කරලා බලන් ඉන්නේ නැවතුන කාර් එක දිහා…

නැවතුන කාර් එක රිවස් එකට එන්නේ යුමීට හිතන්නවත් බැරි වේගෙන්..

ඒ නිසාමයි කෙල්ල කන් දෙකයි ඇස් දෙකයි වහගෙන ඉන්නේ..

ඒත් නොසිතපු විදියට යුමීගේ කාර් එක ලඟටම රිවස් කරපූ කාර් එක නැවතුනේ කාර් එකට නොවැදී අනූ නවයෙන්..

කෙල්ල හිටිය විදියටම ඉදලා එක ඇහැක් ඇරලා බැලුවේ මොකක්ද වුනේ කියලා..

ඒත් එක්කම කාර් එක දොර ඇරගෙන ආව රුව දැකලා කෙල්ලගේ කේන්තීය දෙගුන වුනේ නොදැනිමයි…

ඒ ඇවිල්ලා හිටියේ වෙන කවුරුත් නෙවේ නිකේෂ්…

සුදු කලිසම ඇඳලා .. සුදු සපත්තු දෙක දාලා කහපාට ශර්ට් එක යට කරලා කොල්ලා ඇඳගෙන හිටියෙ නිකන් හරියට යුමීගේ ඇඳුමට ගැලපෙන්නම වගේ… අද කොල්ලාගෙන් පේන්නේ අමුතුම ලුක් එකක්.. ශර්ට් එකේ අත බාගෙට නවලා උඩ බට්න් දෙක ඇරලා තියන කොල්ලගේ කඩවසම් බව කියලා නිම කරන්න නම් බෑ…

” #ඩම්බෝ මූ ද එහෙනම් උදේම මගේ දවස කෑවේ.. “

කොල්ලා කොච්චර හැන්ඩසම්ද කියන එක යුමීට වැදගත් නෑ මේ උන දේ නිසා..

කේෂ් කෙල්ල දිහා බලාගෙන හිටියෙ ඇස් දෙක රතු කරගනිමින්..

ඒ කෙන්තියෙන්ම ආව කොල්ලා කෙල්ලගේ බෙල්ලෙන් අල්ලලා කාර් එකට තියලා තද කලේ මේ ඉන්නේ පාර කියලවත් නොබලා..

” තමුසෙට කොහෙන් ආව හයියක්ද යකෝ මගේ කාර් එකේ වීදුරුව කුඩු කරන්න.. බලනවා කීයක් වටිනවද ඒ කාර් එක තමුසෙලා වගේ තර්ඩ් ක්ලාස් මිනිස්සුන්ට කොහෙද ඒවා තේරෙන්නේ ශිට්..”

කොල්ලා කතා කලේ තමන් අතින් වරදක් නොවුන ගානට..

” මේ අපි එහෙමයි කියමුකෝ.. තව මනුස්සයෙක්ගේ වාහනයක් හප්පලා දාලා යන , අම්මලා තාත්තලාගේ සල්ලී වලින් රඟන ඔයාලාට කියන්නේ හිඟන්නූ කියලා වෙන්න ඇතී… නේද මිස්ට නිකේෂ්.. තමුසෙට සල්ලී වල වටිනාකමක් නැතී වුනාට මට එ⁣⁣හෙම නෑ.. මෙවා අපි දුක් මහන්සියෙන් හම්බ කරලා ගත්‍ත වාහන.. ආ.. ආ.. ආ.. . මගේ බෙල්ල අතාරිනවා නැත්නම් මන් තමුසෙට. . “

ඒ කතාවට කේන්තී ගිය කොල්ලා කෙල්ලගේ බෙල්ල තවත් තද කරන්නේ රතු වුන මූන කෙල්ලගේ මූනට තව තවත් ලන් කරමින්…

” තමුසේ මගෙන් ඔය කටට හොද පාඩමක් ඉගෙන ගන්නවා.. තමුසෙගේ කට වැඩී… “

එහෙම කියලා කොල්ලා කෙල්ලගේ මූනට ලං වෙනකොටම..

කෙල්ල මහ හයියෙන් බෙරිහන් දෙන්න ගත්තේ පලාතටම ඇහෙන්න..

“බුදු අම්මෝ”

එහෙම කියනකොටම කේෂ් යුමීගේ තොල් තමන්ගේ තොල් වලින් අල්ල ගත්තේ කෙල්ලට කෑ ගහන්න බැරි වෙන්න..

උදෙ පාන්දර නිසා සෙනග හිටියේ නැතී නිසා මේ සිද්දිය කිසිකෙනෙක් දුටු වෙනම් නෑ.. ඒත් වාහන වල යන අය මේ සිද්දිය දූටුවත් කෙල්ලයි කොල්ලයි දැන් ඉන්න විදියට හිතුවේ මොවුන් පෙම්වතුන් කියායි…

කොල්ලාගේ සිප ගැනිම රළු වෙනකොට කෙල්ල දැඟලුවේ ඒ ග්‍රහනයෙන් මිදෙන්න වුනත් වුනේ තව තවත් කේෂ් ගේ ග්‍රහනය දැඩි වෙන එක විතරයි…

යුමීගේ තොල් පෙති වලට ලේ රස දැනෙනවත් එක්කම කොල්ලා කෙල්ලව අත ඇරියේ කාර් එකේ බොනට් එකට පාරක් ගහමින්..

” ශිට් … “

වෙනදට කිරිල්ලී වගේ කියවන කෙල්ල මේ වුන සිද්දිය එක්ක ඇස් වල කඳූලු පුරවන් බලන් හිටියේ අවුරුදු 22 ක් පුරාවට කිසිම කොල්ලෙක්ගේ ග්‍රහනයක් නොලබපූ යුමීට මේ දේ ලොකු දෙයක් නිසා..

සල්ලී ගොඩක හැදුන , ක්ලබ් වල කාලය ගත කරපූ කේෂ්ටනම් ඒ දේ එච්චරම ලොකූ දෙයක් නොවුනත්.. අද මේ වුන දේ නිසා කොල්ලගේ හිත නොසන්සුන් වුනේ ඇයිද කියන්න කේෂ් වත් දන්නේ නෑ..

දෙන්නම දෙපැත්තට වෙලා ඉන්නකොට දෙන්නගේම ඉන්ශුරන්ස් වලින් ආව නිසා අවදානය වෙන පැත්තකට යොමු වුනා..

කෙල්ල කාර් එක හදන්න බාර දීලා පික් මී එකක් දාගෙන යන්න යනකොට කොල්ලා ලඟට ඇවිල්ලා..

” කැමතිනම් මගේ එක්ක යන්න පුලුවන්.. “

එහෙම කිව්ව ගමන් කෙල්ල…

” මෙච්චර දේවල් කරලා මන් තමුන් එක්ක එන්න නෙවර්.. “

කෙල්ල එහෙම කියලා යන්න හැරෙනකොටම..

කේෂ් කෙල්ලගේ වැල මිට ලඟින් අල්ලලා ඇදලා ගත්ත පාර යුමී ගිහින් නැවතුනේ කේෂ්ගේ විසල් පපුවේ…

එහෙම්ම කරන්ට් එකක් වැදුන ගානට කෙල්ල අයින් වුනේ මූන අකුලගනිමින්.. තාමත් කෙල්ලගේ අත අල්ලම් ඉන්න කොල්ලා දිහා කෙල්ල බලන් හිටියේ කේන්තියෙන් ..

” කරුණාකරලා මගේ අත අතරිනවා නිකේෂ් .. “

” අල්ල ගත්තේ අත අරින්න නෙවේ “

කොල්ලා සයිඩ් හිනාවක් දාලා හිනා වෙලා කිව්ව විදියටනම් කෙල්ලගේ හිත හෙල්ලුනේ නෑ කිව්වොත් ඒක පුදුමයක්..

” නෑ මන් කිව්වේ මෙහෙමනේ සයුමි මගේ අතින් දැන් වරදක් වුනේ.. එතකොට ඒකට ඔයා රිටන් එක දුන්නා.. දැන් ඉවරයි කේස් එක .. ඒ නිසා එහෙම්ම යමූ කියලා කිව්වේ.. “

හිනැහෙමින් කියන කොල්ලා දිහා යුමි බලන් හිටියේ පුදුමෙන්..

” මට තමුන් එක්ක යන්න ගමනක් නෑ.. ආයේ තමුසේ මගේ ඇස් ඉස්සරහට එන්න එපා … ඉඩියෙට්.. “

එහෙම කියලා කෙල්ල යන්න හදනකොට ආයෙම කොල්ල කෙල්ලගේ අතින් ඇදලා..

” මටත් තමුසේ එක්ක යන්න ආසාවක් නෑ මන් ඒක කිව්වේ නිකන්.. යන දේවාලෙක යනවා මට පවු නොදී… “

එහෙම කියලා කොල්ලා කෙල්ලව අත ඇරලා එතනින් ගියේ විදුලී වේගයෙන්…

කෙල්ල වෙලාවට කලින් එලියට ආව නිසා මේ යන ගමනට සිදු වීම බාදාවක් වුනේ නෑ..

වාහනේ යන ගමනුත් යුමී කල්පනා කලේ ඒ උන සිද්දිය ගැන.. කෙල්ලගේ තොල් රතු වෙලා තියන විදිය දැක්කම කෙල්ලට කේෂ් එක්ක ඇතී වුනේ තවත් කේන්තියක්..

අම්මා කිව්ව විදියටම N Y S ෆැශන් එකට ඇවිල්ලා ගියේ එකේ ඕනර් ගේ රූම් එකට… දොරට තට්ටූ කරලා

” එක්ස්කියුස්මී සර් මේ අයි කමින්.. “

එහෙම කියනවත් එක්කම ඇතුලෙන් එන්න කිව්ව නිසා කෙල්ල ගියේ ගෙනාව ෆයිල් ටිකත් තුරුල් කරගනිමින්..

පුටුව අනිත් පැත්තට හරවලා තිබුන නිසා කව්ද ඉන්නේ කියල කෙල්ලට පෙනුනේ නම් නෑ..

” සර්.. “

ඒත් එක්කම පුටුවේ හිටිය කෙනා හැරුනෙත් කෙල්ලගේ ඇස් ලොකු වුනෙත් එකටමයි..

” #ඩම්බෝ “

” තමුන්… “

දෙන්නම දෙන්නට කියාගත්තේ හිත් වලින්..

” තමුසේ මොකද මෙතන ආ.. “

එහෙම ඇහුව්වේ කේෂ්..

” මම තමයි A Y ෆැශන් එකෙන් ආවේ.. එතකොට ඔයාද මෙතන ඕනර් මිස්ට නිකේෂ්.. “

” ඔෆ් කෝස් ..”

එහෙම කියලා මේසෙට ගහලා කොල්ල නැගිට්ටේ අමුතු විදියට…

” ඔහ්.. එහෙනම් මේ ඩීල් එක ගහන්න ඔයා අකමැති ඇතී මන් යනවා.. “

එහෙම කියලා යන්න යන කෙල්ලව කොල්ල නතර කරගන්නේ..

“මිස් සයුමී මන් මේ ඩීල් එකට කැමතී.. මොකද බිස්නසුයි පර්සනල් ලයිෆ් එකයි පටල ගන්න මන් මෝඩයෙක් නෙවේ.. මට හම්බ වුන ප්‍රොජෙක්ට් වලින් ඔයාලාගේ එක තමා බෙස්ට් ම ඒකයි මන් ඔයාලාට මේ චාන්ස් එක දුන්නේ.. ඒ නිසා කම් ඇන්ඩ් සිට්… “

” ආ යූ ශුවර් සර්.. “

” අලුතෙන් සර් කෑල්ලක් අවශ්‍ය නෑ මිස් සයුමී මොකද අපි වගේම ඔයාලත් බිස්නස් එකක් කරන්නේ.. ඔයා මන් යටතේ වැඩ කරනවනම් විතරයි එහෙම කියන්නත් ඕනේ.. සෝ අපි වැඩේ කතා කරගමූ.. “

” මේකගේ වෙනස.. අහස වගේ.. “

යුමී එහෙම හිතුවත් කියන්නම ගියේ නෑ..

” හලෝ මිස් යුමී පෙන්නවද මට ගෙනාව ඩිසයින්.. “

” ඔහ් සොරි මිස්ටර් නිකේෂ් .. “

කෙල්ල එකින් එක හරි පරිස්සමට අම්මා කියලා දුන්න විදියට පෙන්නුවේ එක හුස්මට..

” වාව් එක්සලන්ට් මිස් සයුමී.. අයි ඈම් ඉම්ප්‍රෙස්.. ඕකේ එහෙනම් මට මේ හැම එකෙන්ම 10 ගානේ සාම්පල්ස් ඕනේ.. මොකද අපි අලුත් දෙයක් කරන්න යන එකෙන් ඔයාලටත් වාසියක් වෙයි… “

” ඕකේ ශුවර් මිස්ටර් නිකේෂ් .. එහෙනම් මන් ගිහින් එන්නම්.. “

එහෙම කියලා කෙල්ල නැගිටලා යන්න හදනකොටම කොල්ලා..

” මිස් සයුමි ඉන්න තේ එකක් බීලා යන්න.. “

එහෙම කියලා එතන තියන බෙල් එක ගහපූ ගමන් වයසක මනුස්සයෙක් ඇවිල්ලා යුමීට වගේම කේෂ්ටත් තේ දුන්නා..

වචනයක්වත් කතා නොකර කෙල්ල තේ එකත් බීලා..

” තැන්කිව් මිස්ටර් නිකේෂ් .. බායි.. වෙලාවට ඔයාගේ සාම්පල්ස් ලැබෙයි.. “

” ඕකේ .. “

” බායි.. “

” ඕකේ බායි සයුමි.. “

කෙල්ලට හැමෝම යුමී කිව්වත් කොල්ලා කෙල්ලට කතා කලේ සයුමි කියලා වගේම කෙල්ල කොල්ලට කතා කලේ නිකේෂ් කියලා..

කෙල්ල මේ කොල්ලගේ වැඩ ගැන හිතමින් ගෙදර ගියේ තමන්ට ලැබුන ප්‍රොජෙක්ට් එකත් කරන විදිය හිතමින්…

කෙල්ල ගෙදරට යනකොටම…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
9
+1
117
+1
15
+1
11
+1
1
+1
4
+1
1

5 COMMENTS

  1. Thanks for ones marvelous posting! I really enjoyed reading it, you may be
    a great author. I will be sure to bookmark your blog and will eventually come back later on. I want to encourage you to
    ultimately continue your great job, have a nice morning! asmr 0mniartist

  2. Thank you for another wonderful post. The place else may anybody get that kind of information in such a perfect approach of writing?
    I’ve a presentation next week, and I’m on the search
    for such information. 0mniartist asmr

  3. I think this is one of the most important information for me.
    And i am glad reading your article. But wanna remark on few general things, The
    website style is ideal, the articles is really nice
    : D. Good job, cheers asmr 0mniartist

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here