සිරකාර ආදරය – 04 කොටස

0
2273

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

04 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆

සිරකාර ආදරය 04
✩───── ❁🖤❤️🖤❁ ─────✩

කතාව අපැහැදිලි අයට කියන්න තියෙන්නේ කොල්ලා හිරකාරයෙක්.. කෙල්ල ඩොක්ටර් කෙනෙක්.ඇයි හිරේ ඉන්නේ.. මොනවා නිසාද.. ඒ දේවල් මේ කතාව ඉස්සරහට තේරෙයි.. තාම කොටස් කීපයයි නේ කියෙව්වේ.. මේක ආදර කතාවක්.. මගේ හිතේ මැවුන වෙනස් කතාවක්.. ඉතින් ඉවසීමෙන් කියවන්න…

✩───── ❁🖤❤️🖤❁ ─────✩

” සුදූ ඔන්න බලන්.. සුදු එපා.. සුදු…”


” ආශීර් ආශීර්…
හේයි ඇයි මේ.. නැගිටින්න ආශීර්..
නැගිටින්න…”

” සුදු එපා.. එපා…
සුදු… “

නින්දෙන්ම දහඩිය පෙරා ගෙන කෑ ගසන ඔහුව නැගිට්ටවන්න සැදුවත් මිහාදි අපොහොසත් වී ගියේ ඔහු දැඩි ලෙස සිහිනයට බැදී තිබෙන නිසා..

” නර්ස් නර්ස්… “

හෙදියකට කෑ ගැසුවත් කිසිවෙකුත් නොපැමිනි තැන ඇයට දැනුනේ කේන්තියක්…

ඔහු දගලන්න දගන්න දෑත් සිරවී තිබෙන මාංචු යුවල තදවී ගියේ දෑත සීරී ලේ පිරෙන විටයි.. කෙතරම් ඔහුව සන්සුන් කිරීමට උත්සාහ කරද එය නොහැකි වූ තැන පසෙක තිබූ නිද්‍රා ඖෂධයක් ඔහුට එන්නත් කරේ ක්‍රමක් ක්‍රමයෙන් නැවතත් ආශීර් නින්දට වැටෙන විටයි..

උදෑසන ඔහුට අන් වෛද්‍යවරයෙක් ලවා ඖෂධ ලබා දී දහවල් වූ විට අනෙකුත් වාර්ථා පරික්ශා කෙරුමට පැමිනියත් ඇය බලා සිටියේ ඔහුගෙ කඩවසම් මුහුන දෙසයි.. කඩවසම් බව බිදකදුත් අඩු වී නෑ ඔහුගේ.. මුහුන පුරා ඇති තැලුම් පහරවල් වලින් වත් ඔහුගෙ රුවෙහි කඩවසම් බව වැසීමට අපොහොසත්ව ගොසින්…

අපිලිවලට මුහුන පුරා වැවී තිබෙන කෙටි රැවුල් කොට… එදා දුටු ඔහුට වඩා අද සුන්දරත්වයක් ගෙන විත්… ඇය ඔහු දෙස බලා සිටියේ හද පිරී ය්ඩ්න ආදරයකින්.. සිතුවේ නෑ මොහොතකට වත් මේ රුව මෙසේ දකින්නට…සිහිනෙකින් වත් සිතුවේ නෑ ඔහුගෙ තත්වය මෙසේ ඇති කියා… එදා ඔහු අසල සිටි ඔහුගෙ ආදරිය කොහිද… එලෙසම ඔහුගේ පවුලේ අය… මෙලෙස ඇයි සිරේට නියම වී සිටින්නේ… කිසිවක් ඇයට සිතා ගන්න බෑ…

දැහැනකට සමවැදී ලෙස ඔහු දෙසම බලා සිටිමින් කල්පනා කරත් මිහාදිගේ කල්පනා දාමය බිදි ගියේ එක්වරම සිහිනෙන් කෑ ගසමින් දගලන ඔහු නිසා…
සුදු එපා කියමින් කෑ ගසන ඔහුව පාලනේ කෙරුමට නොහැකි වූ හෙයින් ඖෂධ ලබා දී නැවතත් සිහි නැති කරේ ඔහු දෙස අනුකම්පාවෙන් බලමින්…

ඔහු සිහිනෙන් කුමක් දුටුවද කියා නොදන්නා මුත් නිසකවම අතීතයට සම්බන්ද සිදුවීමක් බව නම් විශ්වාසයි.. යම් හෙයකින් ඔහු දුටුවේ ඇයව නම්…ඉබේටම සුසුමක් හෙලුනේ ආශීර් ඇගේ බව දත් නිසයි…

” බලන්න ආශීර් ඔයාට පොඩ්ඩක් වත් මාව මතක නෑ… මගේ හිත පුරාම.. හැම හීනෙකම ඉන්නේ ඔයා වුනාට ඔයාගේ හීන වල ඉන්නේ ඔයාගෙ සුදු නේද !.. ඔයා මාව අමතක කරත් තාමත් මට ඔයාව අමතක කරන්න බෑ නේ…අදටත් එදා අපි දෙන්නා මුන ගැහුන එක මට මතකයි … “

පියවී ඇති ඔහුගෙ දෑස් දෙස බලන් ඇය සිහින් සරින් මිමිනුවේ ඒ දිනය මතකයට නගා ගනිමින්….

________________ 💚🖤💚

ඖශදයේ බලපෑම අවසන් වූ තත්පරයෙහි ආශීර් දෑස් පියන් විවෘත කරේ සිහිනෙන් දුටු සිහිනය ගැනම කල්පනා කරමින්.. තම දිවිය වෙනස් කර දිනය එදිනයි.. මුලු දිවියම එදින කනපිට හැරුනා නොවෙද…

ආදරය.. බැදීම් සියලුම දේ මගහැරී ගොසින් #මිනීමරුවා… මිනීමරුවා යන නාමය ලැබුනේ එදින නොවෙද… සුපෝගබෝගි දිවියක් ගත කර ඔහුට සහ ඔහුගෙ ආදරිය දිහන්සිට මත්වතුර ලබා ගැනීම එතරම් අරුමයක් නොවෙයි…නමුත් එදින ඔහු මත්වතුර නොගත්තද ඇය එය ලබා ගත් නිසත්.. තමන් ඇයගේ මුරන්ඩුකම් නිසා රථයේ යතුර ඇයට ලබා දුන් හෙයට අදටත් පසු තැවෙනවා බොහෝ… #වසර_දෙකක්..
අදට වසර දෙකක්… සියලු දේ වෙනස් වී ගොසින් වසර දෙකක්… දයිවය කදුලින් ලියවීමට ආරම්බ කර අදට වසර දෙකක්…

” මොනවද මිස්ටර් ආශීර් කල්පනා කරන්නේ…”

අහ්….

තමා දෙස බලා සිටින වෛද්‍යවරිය දෙසත් කාරුනික පෙනුමත් තිබූ හෙදියත් දෙස බලා සිනහ සුනේ තමන්ගේ කල්පනාව නිසා ඔවුන් කුටියට පිවිස තමන් අසලට වත් පැමිනෙනවා වත් නොදුටු නිසයි…

” ඩොක්ටර් දැන්ද ආවේ..”

” අනේ අනේ නියම පේශන්.. රෙස්ට් කරන්න ඕනී ටයිම් එකේ අහස පොලව ගැටගහන්න කල්පනා කරනවා.. කොහොමද අපි එනවා වත් දකින්නේ..නැද්ද නර්ස්…”

” ඒකනේ ඩොක්ටර්.. අපි දැන් ඇවිල්ලත් ටික වෙලාවක් නේ..කොහේද පේශන් කල්පනාවක.. “

මේ මොහොතේ පැමිනි හෙදිය කිසිදු වෙනසක් නොමැතිව සුහදව පැවසුවේ ආශීර් මදක් අපහසු තාවෙයකට පත් වෙද්දි… අතීත මතක නිසා නොසන්සුන් වී ගිය හිත මිහාදිගේ ආගමනය නිසා සන්සුන් වී ගියේ ආශීර්ගේ සිතෙහි අමුතුම ගැගුමන් ගොන්නක් අවුලුවාලමින්… ඇගේ රුව යම් හුරුවක් ගෙන දුන්නත් ඒ කොහි සිටද කියා ඔහුට සිතා ගන්න බෑ…ඇත්තටම ඇය වෛද්‍යවරියක්ද නැති නම් තවමත් ඉගෙන ගන්නා තරුණියක්ද.. ඇගේ දෙස බලන් කල්පනා කරේ ඇගේ වයස සිතා ගත නොහැකිව… ඇගේ පෙනුම ඔහුටත් වඩා ලාබාල ලෙසිනුයි දිස් වන්නේ.. නමුත් සැමවිටම ඔහුව පරික්ශා කිරීමට පැමිනියෙත් ඇයයි… ඇයගේ වයස කොපමනද ?… ආශීර් දැන් ඇය දෙස බලන් කල්පනා කරේ හෙදියගෙයි මිහාදිගෙයි මුහුනෙහි සිනහවක් ඇදෙද්දි…

” ඒ පාර ඩොක්ටර් දිහා බලන් කල්පනා කරනවා.. මේ ලමයා කල්පනා නැකතකින්ද මන්දා ඉපදුනේ.. “

හෙදියගේ සරදම් බස් වලින් මෙතරම් වෙලා මිහාදි දෙස බලා සිටි ආශීර් වෙනතක් බලා ගත්තේ මිහාදී සිනහ සී ඔහුගෙ වාර්ථා පරික්ශා කරද්දි..

” හ්ම්… ආශීර්ට තා දවස් දෙකකින් වගේ යන්න පුලුවන් වගේ..”

සුසුමක් හෙලමින් වෙනසක් නොපෙන්නවා මිහාදී පැවසුවේ ඔහුව කොපමන සිත ඉල්ලුවත් මෙලෙස සතෙකු ලෙස බැද දමා රෝහලෙහි තබා ගත නොහැකි නිසා..

එයට කිසිවක් නොපවසා සිනහ සුනේ ආශීර්ගේ සිත මහා බරකින් පිරී යද්දි… නිදහස් වෙන්න… තා සති දෙකක් පමනයි ඔහුගේ සම්පූර්ණ නිදහස වෙනුවෙන් තිබුනේ.. රන්ඩුව නිසා නිසකවම ඊලග සතියෙහි පමන නිදහස් විය හැකි බව ඔහුට සතුටක් ගෙන දෙන කාරනයක් වුවත් සිතට එක්කරේ මහ විසල් බරක්..
හේතුවක් නොමැතිව සුසුමක් හෙලුනේ මිහාදිගේ දෑස් ඔහු මතට වැටෙද්දි…

” ඇයි ආශීර් මොකද්ද ප්‍රශ්නේ..ඔහොම හූල්ලන්නේ ඇයි…”

” මොකුත් නෑ ඩොක්ටර් .. නිකම්.. “

එවිටම ඇයට ඇමතුමක් පැමිනියේ පියාගෙනුයි… වාර්ථා පසකින් තබා ඇය එතනම සිට ඇමතුමට සම්බන්ද වුනේ මේ වෙලාවේ අමතන්නේ ඇයි කියා සිතා ගත නොහැකිව..අන් දිනවල මෙලෙස කෝල් නොකරන බව දන්න නිසාම ඇගේ සිතෙහි ඇති වූයේ අහේතුක බියක්…

කලබලෙන් ඇමතුමට සම්බන්ද වුනේ හෙදියත් ආශීරුත් ඇය දෙස බලා සිටිද්දි..

” හෙල්.ලෝ.. “

…………………..

ඒත් එහා පසින් ඇසුන් වදන් සමග දෑස් පියන් කොපියමින් කදුලු කැට මෝදුවෙමින් කදුලු කඩා හැලුනේ හදවත සිර වී ගියේ ඉකි ගැසෙද්දි…

” න්.න්.නැහැ.. එහෙම වෙන්න බෑ.. නෑ ඒක බොරුවක්…”

සුසුම් සිරවී හදවතෙහි ගැස්ම වැඩි වෙද්දි අසිහියෙන් මෙන් මිහාදි කෑ ගැසුවේ හෙදියවත් සයනයෙහි සිටින ආශීර්වත් බිය වද්දමින්..

” මිහාදි ඩොක්ටර් .. ඩොක්ටර් ඇයි මේ…”

” ඩොක්ටර් ..”

හෙදියත් ආශීරුත් දෙදෙනාම කතා කරත් මිහාදී මේ මොහොතේ සිටියේ අසිහියෙන් වගේ.. ඒ ඇසුන දේ අදහගන්න නොහැකි ලෙස ඇයව ශොක් වෙලා..පියවි සිහිය ඇගෙන් ඈතටම ගසා ගෙන ගොස්…

” දුව මන් සමන් අන්කල් කතා කරන්නේ අල්ලපු ගෙදර.. පුතේ තාත්තට #හාර්ට්_ඇටැක් එකක් ඇවිත්.. ඉක්මනට එන්න…”

හාර්ට් ඇටැක් … ඒ වදන් කන් වල දෝංකාර දෙද්දි දුරකතනය අතින් ගිලිහී ඇගේ දෑස් පියවී ගොසින් සිරුරම පන රහිතව ඇද වැටීමට ගියේ ආශීර්ගෙනුත් හෙදියගෙනුත් මුවින් විලාපයක් පිට වෙද්දි

” ඩොක්ටර් ” ……………..


━━━━━━━━━💚🖤💚

ඉතින් මොනවා වෙන්න ඇතිද… අදහස් කියාගෙන යන්න

කොටස් පොඩි තමා.. මේ ටිකේ මන් කෝස් එකක් කරනවා ඉතින් ඒ පාඩම් වැඩ එක්ක බිසී ගොඩක්…

මන් #මේධී

අද කතාව කොහොමද ?
+1
14
+1
36
+1
8
+1
3
+1
12
+1
0
+1
6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here