මගේ දෙවනි මනමාලයා ඔහුයි – 05 කොටස

0
4050

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

05 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

කෙල්ල මේ කොල්ලගේ වැඩ ගැන හිතමින් ගෙදර ගියේ තමන්ට ලැබුන ප්‍රොජෙක්ට් එක කරන විදිය ගැනත් හිතමින්…

යුමී ගෙදරට යනකොටම දැක්කේ වාහන දෙකක් මිදුලේ නවත්තලා තියනවා..

” කව්ද යකෝ මේ මද්දහනේ.. ආ මස්සිනා කාරයත් ඉන්නෙ ඔය.. “

කෙල්ල හිමින් ගියේ එක අතකින් සාරියත් අල්ලන්..

” ආ නෑනෝ.. “

එහෙම කිව්වේ මනුජ ..

” ආ මස්සිනෝ.. “

යුමී එහෙම කියාගෙන ගෙදරට ආවේ හිනැහෙමින්..

” අම්මට සිරි මේ ඉන්නේ සෙට් එකම… “

යුමී එහෙම හිතාන සාලෙට ආවේ මනුජගේ අම්මටත් , හිනාවක් දාගෙන..

” චූටී දූ අයියගෙයි අක්කගෙයි වෙලාව බැලුවා.. “

” ඕ ඉතින් අද බලනවා කිව්වනේ අම්මා.. “

” නෑ දූ වෙලාව බැලුවම වෙලාවල්නම් 100ට 90වක්ම ගැලපෙනවා කියලා තමා හාමුදුරුවෝ කිව්වේ… ඒත් දූ… “

” ඇයි අම්මා ඒත් කියන්නේ.. “

යුමී කලබල වෙලා අමාටත් වඩා.. මොකද යුමීට අක්කා කියන්නේ එයාගේ පන.. කොච්චර රණ්ඩූ කලත් කෙල්ලගෙ පනත් හරී අමායාත් හරී.. ඒකමයි කෙල්ල අතේ තිබ්බ බෑග් ටිකත් බිමට දාලා දීපිකා ලඟට දුවගෙන ගියේ..

” අයියෝ ලමයෝ කලබල වෙන්න දෙයක් නෑ.. අක්කලාගේ වෙලාවල් වලට අනුව අක්කාටයි අයියටයි ලබන මාසේ 17 බැන්දේ නැත්නම් ආයෙ අවුරුදු 5කට නැකත් නෑලූ.. “

” ඒ කියන්නේ අම්මා සති තුනක් වගේ තියෙන්නේ ඔක්කොම කරගන්න.. “

යුමි කල්පනාකාරිව කිව්වා..

” ඒක තමයි දූ මෙ අපි කතා වුනෙ ඒ දිනේට කරමූ මොකද නැත්නම් මේ ලමයි දෙන්නගෙ කාලේ නිකන් අපරාදේ යනවනේ.. අදම ගිහින් ඔය ගන්න තියන ඒවා මන් කිව්වේ බලලා ගන්න කියලා.. “

එහෙම කිව්වේ මනුජගේ අම්මා..

” ම්ම්… ඒ කියන්නේ ආන්ටී අපේ වාතේ ඉක්මනට යනවා නේද.. මස්සිනා ලෑස්තී වෙලා ඉන්න තොන්ඩුව දාගන්න….. “

යුමී එ⁣හෙම කියලා හිනා වෙලා උඩ දිව්වේ අම්මාගෙන් බැනුම් අහන්න වෙන නිසා…

කෙල්ල ගිය ගමන් කාමරේ වහගෙන කල්පනා කරන්න ගත්තේ අද වුන සිදු වීම් ගැන.. එකින් එක කල්පනා කරද්දී කේෂ් ව මතක් වෙලා හිනා ගියේ ඉබේටමයි..

ඒත් එක්කම එතන තියන අමාගෙත් අම්මගෙත් තමන්ගෙත් ෆොටෝ එක අරගෙන කෙල්ල ඇස් වල කඳුලූ පුරව ගත්තේ තව ටික දවසකින් අමාගෙන් වෙන් වෙන එක මතක් වෙලා..

ඒත් එක්කම දොරට ගහන සද්දෙ නිසා කෙල්ල ඉක්මනට කඳූලු පිහදන් නැගිට්ටෙ අක්කාගේ කටහඬ නිසා..

” ඇයි ඕයි අක්කා වද දෙන්නේ.. “

” මොකෝ සුදූ මූන නිකන් දෙල් කරගෙන.. “

එහෙම අහගෙන ආව අමායා දකින්නේ ඇඳ උඩ තියන ෆොටො එක.. ඒ ෆොටෝ එක උඩ ති⁣යෙන කඳුලූ දැක්කම කෙල්ලගේ ඇස් වලටත් කඳුලූ පිරෙන්නේ හැම කෙල්ලෙක්ටම දැනෙන දුක හිතට එකතු කරගනිමින්…

” මුකුත් නෑ අක්කා ඇයි.. “

” අනේ මේ සුදූ කඳුලූ අස්සෙන් හිනා වෙන්න එපා උඹට ඒක හරි කැතයි නංගී… “

” අනේ මේ මන් ඇඬුවේ නෑ අප්පා …මොන මගුලක්ද.. අඬන්න මරනයක් නෑනේ මෙතන මගුලක් මිසක්.. “

යුමී බොරු තරහක් අරන් කිව්වේ හිතේ දුක හිරකරන්..

” හා හා ඒවා නෙවේ මේ වැඩ මෙච්චර ඉක්මනට කරගන්නෙ කොහොමද.. මටනම් හිතාගන්න බෑ.. අනික ඔයාලාගෙන් මෙච්චර ඉක්මනට ඈත් වෙන්න බෑ සුදූ.. “

” ම්ම්ම්.. මේ නංගා ඉන්නකන් කිසි දේකට බය වෙන්න එපා අක්කා .. ඇඟිල්ලට මුද්ද දාන හැටි මන් පෙන්නන්නම්..”

ඒත් එක්කම අමා ඇවිල්ලා යුමීව බදා ගත්තම යුමීට තවත් දුක හංගන් ඉන්න නම් බැරි වුනා..

දෙන්නම මෙහෙම බදාගෙන අඬ අඬ ඉන්නවා දැක්කේ මනුජ වගේම කේෂ් ..

” බලහන්කෝ අක්කගෙයි නංගිගෙයි ප්‍රේමේ.. “

එහෙම කියලා මනුජ කේෂ් ගේ අතට ගැහුව්වේ හිමින්..

කේෂ් කට කොනින් හිනා වෙලා නිකන් හිටියේ කෙල්ල දිහා බලමින්…

” ආ දැන් මගේ නෑනයි නෝනයි ඇඬුවා ඇතී යමූද වැඩ ගොඩක් තියනවනේ.. “

මනුජගේ ඒ හඬ ඇහුන ගමන් විදුලියක් වැදුනා වගේ යුමී අමාගෙන් ඈත් වුනේ කඳුලු පිසදමමින්..

ඒත් එක්කම ඈතින් කේෂ් ඉන්නවා දැක්කම කෙල්ලගේ ඇස් විශ්වාස කරන්න බැරි වුනේ කදුලු නිසා බොද වෙලා පේන රූපේ නිසා..

කෙල්ල ඇස් දෙක හොදට පිහදාගෙන බැලුවමත් කාමරේ දොරට හේත්තුවෙලා අත් දෙක බැදගෙන ඩෙනිමට රතු පාට ටී එකක් ඇඳගෙන අමුතුම ඇක්ශන් එකකින් ඉන්න කොල්ලව දැක්කම යුමීව ගැස්සිලා ගියා..

” නෑනෝ… 😂😂😂”

එහෙම කියලා මනුජ ගහපූ අත්පුඩිය නිසා තමයි කෙල්ල කේෂ් දිහා බලන් ඉන්න එක නතර කලේ..

” දැන් මගේ වෙන්න නෝනා කිව්වද නෑනට ලෑස්තී වෙන්න කියලා.. “

” අනේ ඒක කියන්න තමා මේ ආවේ.. “

අමා එහෙම කියලා සමාව ඉල්ලන බැල්මෙන් බැලුවෙ මනුජ දිහා..

” ඒක කියන්නේ නැතුව උබලා දෙන්න මෙතන හොටු පෙරනවා.. “

මනුජ කිව්වේ අමායාගේ කරට අත දාන ගමන්..

” දැන් ඔයාලා මෙතනින් යනවද මට ලෑස්ති වෙන්න ඕනේ.. “

යුමී එහෙම කිව්වේ මනුජට බොරුවට රවමින්..

” මේකී යකෝ මන් ලං කරගත්තේ මගේ වෙන්න ගෑනිවනේ.. මේකී රවන්නේ මන් ඒකිට ලන් වුනා වගේනේ.. නේද සුදූ.. “

එහෙම කියලා මනුජ අමායාගේ මූනට එබුනේ ආදරෙන්..

ලැජ්ජාවට අමායාගේ සුදු මූන රතු වෙන එක පොඩි කාලේ ඉදලම තිබුන දෙයක් නිසා ඒ වෙලෙත් රතු වුනේ ඇති වුන ලැජ්ජාවට..

මේ වෙන හැම දේම අත් දෙකත් බැඳගෙන කේෂ් බලන් හිටියේ හිනැහෙමින්..

” මේ නෑනෝ ඉක්මනට ලෑස්තී වෙලා වරෙම්.. මේ කේෂ්ව එක්කන් ආවේ අමාරුවෙන් උන් ඉතින් ලොකූ බිස්නස් මන්ලානේ…. “

මනුජ එහෙම කියලා හිනා වුනේ හයියෙන්..

” අනේ මනූවා මේ මගෙන් අහගන්න එපා උඹ.. “

” හා හා යමන් යමන්.. මූටත් ජෙල මේකිටත් ජෙල.. යමූ සුදූ නෝනා.. “

එහෙම කියලා යන්න යනකොටම යුමී..

” ආ අක්කා අම්මට කියන්න N Y S ෆැශන් එකේ ඕඩර් එක අපිට ලැබුනා කියලා.. ඒ ප්‍රොජෙක්ට් එකේ සාම්පල් මිස්ට නිකේෂ් නෙක්ස්ට් වීක් දෙන්න කිව්වා කියලත් කියන්න.. “

යුමී ඒ ටික කිව්වේ කේෂ් දිහා හොරෙන් බලන ගමන්..

” මොකක් නැනෝ.. මේ අපේ කේෂ් ගේ කම්පැනි එකෙන්ද.. “

” ඔව් මස්සීනෝ ඇයි මහ ලොකූ යාලුවා එක කිව්වේ නැත්ද.. “

” චූටී මොකද ඔය කතා කරන විදිය.. අනික මේ කේෂ්ගේ කම්පැනි එක කියලා ඔයාවත් මට කිව්වේ නෑනේ මනූ.. “

අමායා එහෙම කිව්වේ මනුජ දිහා බලන ගමන්..

” මන් දන්නේ නෑනේ නෑනා අද ගියේ කේෂ්ගේ කම්පැනි එකට කියලා.. හොදා හොදා.. අද මූට හොද පුඩියක් සෙට් වෙලා යනකොට වාහනේ වද්දගෙන.. “

මනුජ එහෙම කියනකොට යුමීව ගැස්සීලා ගියේ තමන් කරපූ දේ මතක් වෙලා..

” ආ කේෂ් ගේ කා එකත් වැදිලද අපේ චූටීගේ කාර් එකත් අද කවුද මන්දා බූරුවෙක් වද්දන් ගිහින්…ලොකු සල්ලී කාරයින්ගේ මොලේ අවුල්නේ.. එහෙනම් මේ දෙන්නටම අද මරු වැඩේ වෙලා තියෙන්නේ.. “

අමායා එහෙම කියනකොටම බූරුවා කියපු එකට බකස් ගාලා හිනා ගියේ යුමීට..

” ඔව් ඔව් අක්කා මෝඩ මැටි එල හරකෙක් ඌ.. “

එහෙම කියලා කෙල්ල කේෂ් දිහා බැලුවාම කොල්ල කෙල්ල දිහා රවලා බැලුවේ යුමීව පිච්චිලා යන තරමේ කේන්තියෙන්..

” මේ මනුජයා අද යනවද මන් යන්නද.. “

” මොකද යකෝ නිකන් එක පාරට.. හා හා යමන් නංගා ලෑස්තී වෙලා එන්න.. “

මනුජ එහෙම කියලා ඔක්කොම එක්කන් යන්න හදනකොටම..

” ඒ මනුවා මට වොශ් රූම් යන්න ඕනේ.. “

එහෙම කිව්වේ කේෂ්..

” ආ කේෂ් යන්න අර නංගී රූම් එකේ එකට.. “

එහෙම කිව්වේ අමා..

” අක්කා මෙයා දැන් මේකට ගියොත් මට ලෑස්තී වෙන්න වෙලා යනවා.. “

” කමක් නෑ චූටී කේෂ් ඕකේ පැලවෙන්නේ නෑනේ එහා පැත්තේ එක කැඩිලා.. “

” හ්ම්ම්ම්..”

” එහෙනම් අපි පහලට යන්නම් , කේෂ් වරෙන් ගිහින්.. නෑනො වෙලා ගන්නේ නැතුව ලෑස්තී වෙලා එන්න.. “

මනුජ එහෙම කියලා කේෂ් ටත් යුමීටත් ඇහක් ගහලා පහලට ගියේ අමායත් ඒක්කමයි..

” දැන් ඔතන ඉඳන් බක බුරුස් වගෙ ඉන්නේ නැතුව යන්න .. මට ඇඳුම් මාරු කරගන්න තියනවා.. “

කෙල්ල එහෙම කිව්වේ බාත්රූම් එක පැත්තට අත දික් කරලා..

කොල්ලා තොල අනිත් පිටිපස්සට නවාගෙන එක ඇහැක් උස්සලා කෙල්ල දිහා බලන ගමන් කෙල්ල ලඟට ආවේ කෙල්ලගේ හදවතේ වේගය වැඩි වෙද්දී..

” මන් යනවා.. “

යුමී යන්න යනකොටම කේෂ් යුමීව අල්ලා ගත්තේ වැලමිට ලඟින්..

එහෙම්මම අත් දෙකම පස්සට කරලා අල්ලලා පිටිපස්සෙන් කෙල්ලගේ කන ලඟට ලන් වුන කොල්ලා..

” උදව්වෙන්නද ඇඳුම් මාරු කරන්න.. “

කේෂ් එහෙම ඇහුව්වේ ආදරෙන් හිමීට

” අනේ මේ හලෝ තමුසෙගෙ උදව් ඕනේ නෑ.. අතාරිනවා මගේ අත් දෙක නැත්නම් මන්..”

කියනකොටම කොල්ලා කෙල්ලව හරවලා බිත්තියට හේත්තූ කරල අතින් කෙල්ලගේ කට අල්ලගත්තේ කෙල්ලගේ ඇස් වලට කඳූලූ පිරෙද්දී..

” තමුසෙගේ කට නම් වැඩී මිස් සයුමී… මම තමුන්ට ජීවිත කාලෙම මතක හිටින පාඩමක් උගන්නනවා.. “

කෙල්ල කොච්චර දැගලුවත් කොල්ලගේ ඒ හැඩි දැඩි අත් දෙකෙන් ඈත් වෙන්න කෙල්ලට බැරි වුනා..

කෙල්ලගේ මූන දිහා ඇස් රතූ කරන් බලන් හිටිය කොල්ලා කෙල්ලට ඇඟිල්ලත් දික් කරලා කියලා ගියේ..

” විනාඩී 10ක් දෙන්නම් තමුන්ට ලෑස්තී වෙලා පල්ලෙහාට එනවා.. 😡 “

එහෙම කියලා රවලා බලල විදුලි වේගෙන් එතනින් ගියේ යුමීට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරමින්..

” ආව් අප්පා මගේ කට.. මූ යකො මන් කරන්නම් මූට හොද වැඩක් හිටපන්කෝ.. මගෙන් තමා ඉගෙන ගන්නේ පාඩම.. “

යුමී කේෂ්ට කරදර කරන්න ප්ලෑන් කරමින් ඉක්මනින් වොශ් එකක් දාගෙන පල්ලේහාට ආවේ යන්න පරක්කු වෙන නිසා..

ඒ වෙනකොටත් කේෂ් කාර් එකට නැගලා හෝන් එක උඩම නැගලයි හිටියේ..

ඒත් යුමී ගියේ යුමීට ඕන වෙලාවට..

ඒ යනකොටත් අමායත් මනුජත් පිටිපස්සේ ඉඳගෙන හිටිය නිසා කෙල්ලට වුනේ අකමැත්තෙන් වුනත් ඉස්සරහ ශිට් එකෙන් ඉඳගන්න..

කෙල්ල කේෂ්ට රව රව ඉඳගත්තේ මූ එක්ක යන්න ඕනේනේ කියලා හිතින් හිතමින්…

කේෂ් කෙල්ල එක්ක තිබ්බ තරහට වේගෙන් කාර් එක අරගෙන යන්න ගියත් ඒත් ඒක්කම ආව ට්‍රක් එක දැකලා
යුමීට කෑ ගැහුනේ හයියෙන්..

ඒත් එක්කම වගේ කේෂ් ගහපූ බ්‍රේක් පාර නිසා යුමීව….

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

• හමුවෙමු සඳුදා කොටසින්.. 👉
• යුමීට මොනාවා වෙයිද…


#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
26
+1
133
+1
8
+1
9
+1
6
+1
2
+1
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here