සිරකාර ආදරය – 05 කොටස

3
2478

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

05 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆

සිරකාර ආදරය 05
✩───── ❁🖤❤️🖤❁ ─────✩

සිහි රහිතව වැටී ගිය මිහාදිව හෙදිව විසින් අපහසුවෙන් වාරු කර ගත්තත් මාංචුව මගින් සිර කර තිබූ ආශීර්ට තමන් ගැනම දැනුනේ කේන්තියක්.. ප්‍රෙථම වරට තමන් සිරකාරයෙකු වූ හෙයට ඔහුට දැනුනේ කේන්තියක්… කිසිදාක නොවූ ලෙස එදා ඔහු ගත් #තීරනය ගැන පසු තැවුනා…

” ඩොක්ටර් ඩොක්ටර් .. ඇස් අරින්න ඩොක්ටර් ..”

සිහි රහිත ඇගේ දෙකපුල් වලට තට්ටු කරමින් හෙදිය කතා කරත් ඇය නිහඩයි… පියා ගැන දැනුන බීතියට ඇගේ පියවි සිහිය ඇගෙන් ඉවත්ව ගොසින්…

” නර්ස්.. නර්ස්.. ඩොක්ටර්ව මෙතන පරිස්සමෙන් වාරු කරලා කාටහරි කතා කරලා එන්න… නැත්නම් ඩොක්ටව එක්ක යන්න බැරි වෙයි…”

ආශීර් කියූ දේ පිලිගෙන හෙදිය ඇයව පරිස්සමෙන් ආශීර් අසලට බර කරමින් කුටියෙන් ඉවතට දිව ගියේ කවුරුන්ට හෝ කතා කෙරුමටයි…

පාදයක් මෙන්ම දෑතත් බැද දමා ඇති නිසා ඇලයට හැරි කැනියුලාව සහිත දෑතින් සිහි රහිත ඇයව වාරු කර ගනිමින් ඇගේ හිස අත ගාමින් ඇයට කතා කරත් ඇය නිහඩයි… කිසිදාක නොමැති ලෙස ඔහුට දැනුනේ හදවත ගිනි ගන්නවා වගේ වේදනාවක්… අන් කිසි කෙනෙකු අයෙකු වෙනුවෙන් නූපන් මහ විසල් වේදනාවක් සිහි රහිත ඇය වෙනුවෙන් ඔහුගෙ හදෙහි හට ගෙන වගෙයි… හද ගැස්ම ක්‍රමයෙන් නොසන්සුන් වී මුලු සිතම විසිරී ගියේ ඇගේ නිහඩ බව ඇසුරෙයි…ඇය ගල්වා ඇති මෘදු විලවුන් සුවද නාස් පුඩු හරහා ඔහුගේ හදෙහි ගැඹුරු තැනම ලැගුන් ගත්තේ සසරෙහි හුරුවකට වගෙයි..

” අනේ මොනවා වුනත් නපුරක් නම් වෙන්න එපා…මන් දන්නේ නෑ ඩොක්ටර් මට පුදුම හුරුවක් දැනෙනවා ඔයාව… මන් ප්‍රාර්ථනා කරනවා මොකුත් වෙන්න එපා කියලා…”

හෙදිය සමග පැමිනි තරුන වෛද්‍යවරයෙක් මිහාදිව දෝතට ගෙන ආශීර්ගේ කුටියෙන් පිටව ගියත් ඔහුට දැනුනේ ඒ අඩි සටහන් ඔහුගෙ හද මත තබමින් පිටව ගියා වගෙයි…දිහන්සි ගැන වත් නොදැනුනු හරි අමුතු හැගීමක් ආශීර්ගේ #සිරකාර සිත ගිල ගෙන අවසානයි… අනාගතේ කුමක් සිදු වුවද ඇය වෙන්‍ය්වෙන් උපන් මේ හැගුම නම් ඔහුගෙ සිතෙන් මැකීමට නොහැකි වනවා නොවනුමානයි ..

පිටව ගිය ඇය දෙසම බලන් මද වෙලාවක් බලා සිටියේ සිතම අදුරෙන් බර වෙද්දි…

________________ 💚🖤💚

දෙකොපුල් පුරා කදුලු රටා මවද්දි මිහාදි උම්මන්තිකාවක් ලෙසින් පියා ඇතුලත් කර තිබූ රෝහල වෙත දිව ගියේ සිත දහස් වරම් තිගැස්සෙද්දි…

වටේ පිටේ අය ඇය දෙස පුදුමෙන් බැලුවත් නැහැ ඇයට කිසි සිහියක්… ඇගේ පියවි සිහිය ඇගෙන් ඈත්ව ගොසින්.. තම ආදරනීය පියණන් වෙනුවෙන් ඇගේ පියවි සිහිය නැත්තට නැතිව ගොසින්.. ඔහුයි ඇගේ දිවියේ හිරු… ඉපදුනා දා පටන් මේ වන තෙක් ඇයගේ සෙවනැල්ල ඔහුයි..දිවියේ වීරයා ඔහුයි.. හුස්මක් සමග බැදුන ඇගේ ප්‍රෙථම ආදරය ඔහුයි…
ඔහු නොමැති වූ ලොවක් ගැන ඇයට සිතන්නට වත් බෑ කෙසේවත්…

හදිසි ප්‍රෙතිකාර ඒකකය ඉදිරිපිට සිටින සමන් අන්කල් දුටුවම මිහාදි ඔහු දෙසට දිව ගියේ තව තවත් සිත වේගෙන් ගැහෙද්දි…

” අ.අන්කල් කෝ මගේ තාත්ති .. කෝ කොහේද ඉන්නේ මගේ තාත්ති…”

හුස්මක් කටක් නොගෙන අසන ඇය දෙස ඔහු බලා සිටියේ ඒ වියපත් සිතෙහි ඇගේ නමින් කදුලු වලාවක් ඉතිරි කරමින්.. ඇගේ මුහුන දෙස බලා කෙසේ පවසන්නද.. ඇගේ පියානන්ට අසාද්‍ය බව.. ඔහුගේ දිවිය පිලිවදව කිසිදු විශ්වාසයක් නොමැති බව කෙසේ පවසන්නද… වදනක් හෝ පැවසීමට මුව විවර කර ගත් නොහැකිව ඔහු මොහොතක් බලා සිටියේ මේ පියානන් සහ දියණිය අසල තිබෙන බැදීම හොදා කාරවම දත් නිසයි..මින් ඉදිරියට ඇයව කෙසේ පාලනේ කර ගන්නද…

” අන්කල් මොකද බලන් ඉන්නේ.. කෝ මගේ තාත්ති කියන්නකෝ මගේ තාත්ති කොහේද කියලා.. ඇයි කටවහන් ඉන්නේ.. අනේ බය නොකර කිය..න්න..කෝ. “

අවසාන වදන් පෙල පවසද්දි ඇගේ හඩ බිදී ගොසින් මුවින් ඉකියක් පිටවුනේ තවත් ඇයට දරා ගත නොහැකි නිසා… හදිසි ප්‍රෙතිකාර ඒකකය ඉදිරිපිට ඇය බිම වාඩී අඩා වැටුනේ වේදනා දෙන ලයත් තෙරපන්.. දැනෙනවා ඇයට ඔහුට අනතුරක් වග.. ඒ හදගැස්ම දැනෙනවා ඇයට… අමුතුම මූසල බවක් දැනෙනවා…

කිසිම කරදරයක් වෙන්න එපා ඔහුට.. දහස් වරක් පැතුවේ එයමයි ඇය… ඉකිබිදින නෙතු වලට විරාමයක් නොදීම ඇය පැතුවේ එය පමනයි…

” අඩන්න එපා පුතේ අඩන්න එපා.. තාත්තට මොකුත් වෙන්නේ නෑ.. නාඩ ඉන්න පුතේ… තාම ඩොක්ටලා ඇතුලේ ඉන්නේ.. පුතාත් ඉතින් ඩොක්ටර් කෙනෙක් නේ.. දන්නවා නේ ඉතින් පරීක්ෂණ කරන්න වෙලා යනවා කියලා .. බය නැතුව ඉන්න..”

හෝරා බාගෙකට අධික කාලයක් පමන ඇය දෑස් දල්වා බලා සිටියේ කුටියේ ද්වාරය විවෘත වන තුරුයි.. ඇගේ පැතුම ඉටු කරමින්කරමින් දොරටුව විවර කරමින් වෛද්‍යවරු පිටතට පැමිනියේ මුව අදුරු කර ගෙනයි… හදවතෙහි ගැස්ම අඩු වෙද්දි සිහිල් සුලන් රැල්ලක් ඇගේ සිරුර වටා දැවටෙමින් හමා ගියේ ඇගෙ සිරුරෙම හිරිගඩු නංවමින්… වෛද්‍යවරයාගේ මුහුන දුටු විට සිදු නොවිය යුත්තක් වී ඇති බව හැගුනත් ඇයට එය සිතන්නට වත් හැකියාවක් නෑ…

” ඩ්.ඩොක්ටර් ම.ග්.ගේ තාත්ති ..කෝ එයා.. එ.එයාට හොදයි නේද.. ම්.මගේ තාත්තිට හොදයි නේද..”

ඇගේ රුව දුටුවම ඇගේ වේදනාව අදුන ගන්නට අපහසු නෑ.. ඔහුත් පියෙක්.. ඔහුට සිටින්නෙත් දියනියක්..මැදි වයසේ වෛද්‍යවරයා ඇය දෙස බැලුවේ බොහෝ අනුකම්පාවෙන්.. ඇය දැන් ශක්තිමත් විය යුතුයි.. මෙය දරා ගැනීමට ඇය සවිමත් විය යුතුයි…

බර සුසුමක් මුවින් පිටව ගියේ අහේතුකවමයි… මෙවැනි සිදුවීම් දිවියෙහි කොතෙක් සිදු වූවත් මිහාදිගේ දෑසෙහි ඇගේ පියා වෙනුවෙන් තිබෙනා වූ ආදරේ.. එය හදුනා ගැනීමට ඕනෑම කෙනෙකුට හැකියි… එතරම්ම ඇගේ දෑසෙහි බලාපොරොත්තු පිරි ඉතිරී ගොසින්…

” ඩො.ඩොක්ටර් ඇයි මොකුත් කියන්නේ නැත්තේ.. සමන් අන්කල් ඩොක්ටර් ඇයි මොකුත් නොකියන්නේ…”

සමන් සමග දෑසින් ඉගි කරනා වෛද්‍යවරයා දෙස බලන් ඇය විමසුවේ කිසිවක් සිතා ගත නොහැකිව…

” හිත ශක්තිමත් කර ගන්න දුව.. මේ ලෝකේ හැමදේම අනිත්‍යයි.. ඒක ලෝක සොබාවේ නේ.. අපි හැමෝම මැරෙන්න එන මිනිස්සු නේ.. ශක්තිමත්ව මූන දෙන්න දුව..”

” ම්.මොකද්ද ..මොකද්ද කියන්නේ..”

” සොරි පුතේ.. අපි ගොඩාක් ට්‍රයි කරා.. ඒත් සොරි.. පුතාගේ තාත්තා ගෙනාව ආයුශ එච්චරයි .. බී ස්ට්‍රෝන්ග් ඩෝටර්…”

ඇයට ඒ වදන් ඇසුනේ සිහිනෙන් වගෙයි.. සමාවෙන්න.. රැගෙන ආ ආයුශ එපමනයි.. එය කෙසේද වන්නේ..මොහු විහිලු කරනවා වගේ… පිස්සු ඔහුට.. තාත්තිට බෑ එයාගේ සුද්දි දාලා යන්න.. එයා කොහොමද එහෙම තනියම දාලා යන්නේ.. නෑ ඒක බොරුවක්.. ඉපදුන දා සිට සැමදෙයක්ම කියා දී සෙවනැල්ල සේ ලග සිටි ඔහු මේ තරම් ලේසීයෙන් ඇයව කෙසේ දමා යන්නද.. නෑ ඒ බොරුවක්.. මොවුන් සැමව එකතු වී පවසන මුසාවක්…

” න්.නෑ.. මගේ තාත්තිට බෑ එහෙම යන්න..ඔ. ඔයා බොරු කියන්නේ.. මගේ තාත්ති මාව දාලා කොහේවත් යන්නේ නෑ..එයාට එයාගේ සුදු දූව දාලා යන්න කොහෙත්ම බෑ.. ඒක බොරුවක්.. ඔව් බොරු කියන්නේ ඔයා..”

” ශක්තිමත් වෙන්න දරුවෝ.. තේරෙනවා ඔයාගේ වේදනාව.. ඒත් අපි ඇත්තට මුහුන දෙන්න ඕනේ..”

දෙකොපුල් තෙමාලමින් දෑස් රත් පැහැ කරමින් තවත් වැඩියෙන් කදුලැලි ඇගේ දෑසෙන් නික්මුනේ මුලු ලොවම මොහොතකට නතර කරමින්… හදවත නතරව ගියා වගෙයි ඇගේ.. අඩි කිහිපයක් පිටු පසට විසි වී ගියේ ඒ ඇසුන දේ තවත් දරා ගත නොහැකිව… සිතුවම් පටයක් සේ ඇගේ දෑස් ඉදිරිපිට ඇදී ගියේ තේරෙන කාලයේ සිට සෑම මොහොතකම පියා සමග දිවි ගෙයු ආකාරයි… මව නැතු වූ මොහොතෙ ඇයව තුරුලු කර හඩා වැටුන සැටි.. එන්නතක් විශ වී රෝහල් ගත කර විට රාත්‍රීයේ පිටතට වී ඇය දෙස බලා සිටි අයුරු… අකුරෙන් අකුර කියා දෙමින් ඉගැන්වූ සැටි… මුලු ලොව තුලම නැගී සිටින්නට අත දුන් අයුරු… වැඩි වියට පත් වූ දින සතුටට ඇයව තුරුලු කරන් හඩා වැටුන අයුරු.. මගේ සුද්දි දැන් ලොකු ලමයෙක් කියමින් කොපුල් තල පුරා හාදු තැවරූ අයුරු…

කාලය නතර කරමින් නැවතත් අතීතයට යා හැකි නම්… සතුටින් දිවි ගෙවූ කාලයට යා හැකි නම්… තුරුලෙහි නින්දට වැටුන කාලයට යා හැකි නම්…

” සුද්දි උබ තමයි මගේ මුලු ලෝකෙම…මගේ හැමදේම.. මගේ රෝස මල.. කුලුදුලේම මාව තාත්තෙක් කරේ උබ.. එදා උබ මගේ අතට දුන්න වෙලාවේ මගේ අත් වෙවුලුවා.. මට දැනුනේ මන් දැන් රජෙක් කියලා.. පුංචි කුමාරිකාවගෙ රජා කියලා…”

අද නිවසෙන් පිට වෙන්නට පෙර පියා පැවසූ වදන් කන් පුරා දෝකංකාර දෙද්දි දෑත් වලින් කන් පියන් වසා ගනිමින් කෑ ගැසුවේ තවත් මොහොතක් හෝ ඉවසිය නොහැකි නිසයි…

” තාත්ති අනේ එන්නකෝ.. අනේ තාත්ති එන්නකෝ.. අනේ මට බෑ.. අනේ එන්නකෝ තාත්ති ..”

සමන්ගෙත් වෛද්‍යවරයගෙත් දෑස් ඇය නමින් අනුකම්පාවෙන් පිරී ගොසින්…දන්නවා පියෙකුගෙ මුලු ලෝකෙම දියණිව මෙන් ඇගේ ලෝකෙත් ඔහුම බව…දියනියක් හිමි පියෙකු යමු මුලු ලොවම දිනූ වීරයෙක්…

හදවත සිරවී යමින් ඇගේ දෑස් සෙමි සෙමින් පියවී සිහි රහිතව රෝහල් සීතල පොලව මත ඇදී වැටුනේ ඇය අසල සිටි අයගේ කෑ ගැසුම මැද… මිහාදිට දැනුනේ ඇගේ අය පැලී යයි කියායි…

තා..ත්..ති …

සිරි නැති වන අවසන් තත්පරෙත් ඇගෙ මුවින් පිට වුනේ ඒ වදන පමනයි……..


━━━━━━━━━💚🖤💚

ඇත්තටම මේ ටික හරි ටයිප් කරේ බොහොම අමාරුවෙන්.. මේ වගේ සිදුවීමක් මවන් අකුරු කරන එක… හ්ම්ම්ම්…
it is one of big pain in world

මන් #මේධී

අද කතාව කොහොමද ?
+1
6
+1
29
+1
6
+1
1
+1
20
+1
1
+1
15

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here