කෙටි කතාව – විරූපි

5
2203

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓


විරෑපි…

“ආ කලුච්චි ආවද පංතියට 😂”

“ඊයා හැටි මේකිගේ අපේ පංතියේ කියන්නත් ලැජ්ජයි බං😐”

අදත් වෙනදා වගේම මම පංතියට එද්දි දොර ගාවදිම මට හම්බුණේ වෙනදා හම්බුණ පිළිගැනීමමයි.මම වෙනදා වගේම බිම බලාගෙන පංතිය ඇතුලට ගියා.මම පංතියට යද්දිම හැමදාම වගේ අදත් ලමයි කුටු කුටු ගගා හිනාවෙනවා.පුරැදු ජීවිතේ මේක හින්දා මම ගිහිං පුටුවෙන් වාඩිවුණා.බෙල් එක ගහනකල් බෑග් එක මේස උඩ තියන් මම ඔලුව බෑග් එකට හේත්තු කරන් ඇස් පියන් හිටියේ ඔලුව කෙලින් කරන් ඉන්න ඉන්න පංතියේ ලමයි මාව තව තවත් විහිලුවට ගන්න නිසයි..

“ඒ ඒ කලු බබා නැගිටිනවා”

ලමයෙක් මගේ කොන්⁣ඩෙන් හයියෙන් අදින හින්දා මම තරහා ගිහින් පුටුවෙන් නැගිට්ටා.

“අනේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්නකෝ 😥”

මම අඩ අඩ කෑ ගැහුවා.මගේ කුදුල දිහා බල බල හිනාවෙවි හිටියේ සොනාල් ..

“අම්මෝ මෙයාට ඩෝං ගිහිං.මේ අහනවා අපේ අම්මා හොද ක්‍රීම් ජාතියක් ගානවා තමුසේ ඒකවත් අරන් ගානවකෝ .නම ආලෝකා වුනාට කිසිම එලියක් නෑනේ.කැතම කැතයි 😂”

සොනාල් එහෙම කියද්දි පංතියේ ලමයි හැමෝම හිනාවෙන්න පටන් ගත්තා.
මට දරාගන්න බැරිවුණා.මම සොනාල්වත් තල්ලු කරන් අඩ අඩම ගියේ ඉස්කෝලේ පිට්ටනියේ කෙලවරට..

“ඇයි දෙයියනේ මාව මෙච්චර කැතට මැව්වේ.මට දරාගන්න බෑ මේ දේවල්..සොනාල් කොච්චර ලස්සනද සොනාල්ගේ කෙල්ල මිහිකා ඊටත් වඩා ලස්සනයි.ඇයි මාවත් ඒ වගේ නොකලේ”

මම කෑ ගගහා ඇඩුවා.හැමදාම වගේ අදත් මම මගේ දුක කිව්වේ උඩ ඉදන් අහන් ඉන්නවා ඇති කියලා හිතුණ දෙවියන්ටයි.

ඇත්ත මම ආලෝකා වුනාට කිසිම ලස්සනක් නෑ කලුම කලුයි.ඒ අපේ අම්මයි තාත්තයිත් කලු හින්දා වෙන්න ඇති ඒත් එයාලා ලස්නනයි .මම කැතම කැතයි.පුංචි කාලේ ඉදන් මට උරැම වුනේ මේ ජීවිතේ විතරයි….
මම අඩලා අඩලා ඉවරවෙලා ආයමත් පංතියට ගියා..
පුටුවෙන් වාඩිවෙන්න යද්දිම මිහිකා ඇවිත් මගේ අතින් අල්ලගත්තා.

“අනේ අපිට සමාවෙන්න බබෝ “

මිහිකා එහෙම කියද්දි මට පුදුම හිතුණා.

“ඔව් ආලෝකා සොරි හොදද”

සොනාලුත් මගේ ලගට ඇවිත් සමාව ඉල්ලුවා.හිත කවදාවත් නැති තරම් සතුටු වුණා.හුගක්ම සොනාල් මගෙන් සමාව ඉල්ලුව නිසා .

“ඒකට කමක් නෑ සොනාල් .මම තරහා නෑ”

මම එහෙම කිව්වේ පුටුවේ වාඩිවෙන ගමන්.මම පුටුවෙන් වාඩිවෙච්ච ගමන්ම මුලු පංතියම එකපාර හිනාවෙන්න පටන් ගත්තා..

“හූ හු කලු බබා රැවටුණා…😂”

සොනාල් ආයමත් හිනාවෙන්න පටන් ගත්තා.මම ඉක්මනට පුටුවෙන් නැගිටලා පිටිපස්ස හැරිලා බැලුවේ මගේ ගවුම දිහා.ගවුම පිටිපස්ස කලුම කලු පාටයි.දිය සායම් වක්කරලා මගේ පුටුවට..තිබ්බ එකම ගවුමත් විනාසවෙලා ගියා.කවදාවත් නැති තරම් හිත බිදුණා.මම බෑග් එකත් පංතියෙම තියලා පංතියෙන් එලියට දිව්වා.ඉස්කෝලේ වැටෙන් පැනලා මම කෙලින්ම දිව්වේ වැව ගාවට..

“අනේ මට මේවා දරාගන්න බෑ.සොනාල්ම මට ඔහොම කරද්දි මට කොහොමත් දරාගන්න බෑ ..ආහ්…අනේ සොනාල් ඇයි මට මෙහෙම කරන්නේ”

මම අහස දිහා බලලා හයියෙන් කෑ ගැහුවා.පංතියේ ලස්සනම කොල්ලා සොනාල්.එයා ගැන ආදරයක් ඇතිවෙලා දැං හුගක් කල්.ඒත් මිහිකයි එයයි ලංවුණේ මම බලන් ඉද්දිමයි.දුර ඉදන් මම එයාට හැමදාම ආදරේ කලාට සොනාල් හැමදාම කලේ මට නපුරැකම් කරපු එකයි..ඒත් මගේ හිතේ තිබුණ ආදරේ අඩුවුණේම නෑ.

.අඩලා අඩලා ඉවරවෙලා මම ගෙදර ගියේ ආය ඉස්කෝලේ යන්නෑ කියලා හිතාගෙනයි.

“මොකද ආලෝකා අද කලින් “

“මට ඉස්කෝලේ යන්න බෑ අම්මා”

මම දුවගෙන ගිහිං අම්මව බදාගත්තා.

“ඇයි මගේ දෙයියා”

“බලන්න මගේ ගවුම .මට විහිලු කරනවා ලමයි.අද ගවුමත් විනාස කරලා දැම්මා.අනේ අම්මා මම ගෙදර ඉන්නම්”

අම්මගේ උණුහුමට වෙලා මම ඉකි ගගහා ඇඩුවා..

“දැං යන්නකෝ ගිහිං මගේ පුතා බත් කන්න හාද ..අපි මේ ගැන පස්සේ කතා කරමු.මගේ කෙල්ලව කාට නැතත් මට ලස්සනයිනේ”

අම්මා එහෙම කිව්වේ මගේ නලල ඉඹින ගමන්.
කාමරේට ගිහිං දොර වහගත්තු මම හෙව්වේ මගේ දිනපොත.. අද දවස නරකම දවසක් විදහට දින පොතේ ලියන්න මට ඕන වුණා.ඒත් පොත තිබුණේ නෑ.පස්සේ මට මතක්වුණා ඒක ඉස්කෝලේ දාලා ආව බෑග් එකේ කියලා.
මට දැන් ඔක්කොට වඩා දුකයි ඒ ගැන.

“ලමයි කියවයි ඒ පොත ඒකේ සොනාල් ගැනත් ලියලා තියෙනවා.”
ඇද පාමුලම වැටිලා මම ආයමත් අඩන්න පටන් ගත්තා.

කන්න බොන්න හිතක් නෑ.මම බලාගත්තු අත බලන් හිටියා.දවස් දෙකක් විතර ගියාට පස්සේ මම බලාපොරොත්තු නොවුනු දෙයක් වුණා.

“ආලෝකා”

“අැයි අම්මා”

“මේන් යාලුවෙක් ඇවිත් පොඩ්ඩක් බලන්න”

මට පුදුම හිතුණා කවදාවත් මාව හොයන් යාලුවෝ ඇවිත් නෑ .කොටින්ම මට යාලුවෝ හිටියේ නෑ.
මම එලියට යද්දි එතන හිටියේ සොනාල් මගේ බෑග් එකත් අතේ තියන්.
දැලි ගෑවිච්ච සායයි ඉදුල් පිහපු බ්ලව්ස් එකයි නිසා මාව වෙනදටත් වඩා කැතට පෙන්න ඇති කියලා හිතුණ නිසා මට ලැජ්ජ හිතුණා.

“ආලෝකා ඔයාගේ බෑග් එක”

“ඇ…ඇයි ඔයා මේක ගෙනාවේ”

“ඔයා ආවේ නෑනේ ඉස්කෝ⁣ලේ.අනික ඉතිං අපේ ගෙවල් ඔයාලගේ ගෙදරට ලගයිනේ ඒකයි මමම ගෙනාවේ”

“අනේ ගොඩාක් ස්තූතියි සොනාල්”

මම එහෙම කිව්වේ බෑග් එක මගේ අතට ගන්න ගමන්.අපිරිසිදු අැදුම් ඇදන් හිටපු නිසා මල්කුමාරයෙක් වගේ මගේ ඉස්සරහා හිටිය සොනාල් දිහා මට කෙලින් බලන්න ලැජ්ජ හිතුණා.ඒත් එයා මං දිහාම බලන් ඉන්නවා මම දැක්කේ අහම්බෙන්..

“ඔයා ඉස්කෝලේ එන්නැද්ද ආය”

“නෑ සොනාල්”

“ඇයි ඒ.අපි ආය විහිලු නොකර ඉන්නම් ඉස්කෝලේ එන්න”

“බලමු”

“හ්ම් මම යන්නම් එහෙනම් .ඉස්කෝලේ එන්න මම බලන් ඉන්නවා එනකල්”

එහෙම කියලා සොනාල් යන්න ගියා.

“මම එනකල්.එයා බලන් ඉන්නවා කිව්වා”

මම මටම කියාගත්තා.හිත සතුටින් පිරිලා ගියා..මම දූවගෙන කාමරේට ගියේ මගේ දිනපොත ගන්නයි.මුලු බෑග් එකම ඇදලත් මට දිනපොත හොයාගන්න බැරිවුණා..
කව්රැ හරි අරන් වගේ කියලා හිතුණා..ඒ හින්දා ඉස්කෝලේ යන්න හිතුණේ නෑ.ඒක කව්රැ හරි අරන්නම් ඒක කියවලා මට විහිලු කරයි ආය..
පහුවදා දවල් වෙලා මම ගියේ වැවට නාගන්න හිතාගෙනයි…

“ආලෝකා…”

සොනාල් මගේ පස්සෙන් දුවන් ඇවිත් මාව නවත්තගත්තා.

“ඇ..ඇයි සොනාල්”

“ඇයි අනේ ඉස්කෝලේ එන්නේ නැත්තේ .”

“ම..ම.මම එන්නම්”

මට එයා එක්ක කතා කරද්දි වචනත් පැටෙලෙනවා.

“මේන් ඔයාගේ දිනපොත”

සොනාල් එයාගේ බෑග් එකෙන් මගේ දිනපොත අරන් මගේ අතින් තිබ්බා.

“ඔයාට කොහෙන්ද මේක”

“මම ඒක ගත්තේ ඔයාගේ බෑග් එකෙන්.ඒක කියවන්න ආස හිතුණ හින්දා මම තියාගත්තා.ඒක වැරදි තමයි අනුන්ගේ දින පොතක් කියවන එක ඒත් අනේ මන්දා මට කියවන් යද්දි ආස හිතුණා.’

“හ්ම්..සොනාල් මම ඔයාගෙන් දෙයක් අහන්නද”

“අහන්න”

“ඔයා මිහිකට හුගක් ආදරෙයිද”

“ඇයි එහෙම අහන්නේ”

“නිකන් මට ආසයි දැනගන්න”

මම එහෙම කියලා බිම බලාගත්තා.

“ම්ම්ම් හුගක් ආදරෙයි”

“කොච්චරක්ද”

මම එහෙම අහද්දි සොනාල් මගේ අ⁣ත් දෙකෙන් අල්ලගත්තා.මම එයා දිහා බැලුවේ නෑ .ඒ ⁣මොකද මේ කළු මූණ ඒ සුදු මූණ දිහා කෙලින් බලන්න හුගක් බයයි.

“ඔයා මට ආදරේ තරම්ම මං මිහිකට ආදරෙයි.දිනපොතේ ඔයා මං ගැන ලියන තියෙන තරමටම මාත් මගේ හදවතේ මිහිකා ගැන ලියන් ඉන්නවා.හෙට ඉදන් ඉස්කෝලේ එන්න මම බලන් ඉන්නවා”

එහෙම කියලා සොනාල් යන්න ගියා.මගේ හිතට ආව සතුට කියාගන්න බෑ.මම ආයමත් හැරිලා ගෙදර දිව්වා.දින පොත බදාගෙන ඇදට වැටුණා .
දිනපොත පෙරලලා මේ හැමදේම ලියන්න යද්දි මම අවසන් කරපු තැනින් සොනාල් මොනාද ලියලා..!

“සමාවෙන්න ආලෝකා මම කොච්චර ඔයාට රිද්දුවත් ඔයා මට කවදාවත් වෛර කරලා නෑ ⁣.පොරොන්දු වෙන්නම් ආය රිද්දන්නේ නෑ කවදාවත්!”

ඒක ටික කියවලා මම ඒ අකුරැ ටික පොතට ගෑවී නොගෑවී සිපගත්තා.

පහුවදා උදේම මම නැගිට්ටා.
සුදු ගවුම වෙනදටත් වඩා හොදට මැදලා ඇදගත්තා.වෙනදා පාත් කරලා ගොතන කොන්ඩේ අද ටිකක් උඩට කරලා උස්සලා ගෙතුවා.සපත්තු දෙක සුදුම සුදු වෙන්න මැදලා දාගත්තා.මූණේ ක්‍රීම් ගාලා පවුඩර් ටිකකුත් ගා ගත්තා..පැත්තකට දාලා තිබුණ කරාඹු දෙක ආයමත් දාගත්තා.
ඒ හැමදේම කරගෙන මම කණ්ණාඩිය ඉස්සරහට ගියේ මගේ හැඩ බලන්නයි.

“ලස්සනයිනේ”

මම මටම කියාගත්තා.ඇත්තටම වෙනදට වඩා එලියක් මගේ මූණේ තිබුණා.

“අපේ අප්පෝ මගේ කෙල්ලගේ ලස්සන අද”

මම කාමරෙන් එලියට යද්දිම අම්මා මාව බදාගත්තා.අම්මගේ ඒ වචන ටිකම මට හයියක් වුණා බයක් නැතුව ඉස්කෝලේ යන්න..

ඉස්කෝලෙට ආවාත් පංතිය ලගට යද්දි බයක් දැණුනා.අදත් විහිලු කරයි කියලා ලමයි.ඒත් වෙනදා වගේ පංතියේ එලියේ හිටපු ලමයි මට විහිලු කලේ නෑ.පංතිය ඇතුලට යද්දි කව්රැත් හිනාවුණේ නෑ .මම ගිහිං වාඩිවුණා.මගේ ඇස් හෙව්වේ සොනාල්ව.පිටිපස්ස බලද්දි සොනාල් මං දිහා බලන් ඉන්නවා මම දැක්කා.මම ලැජ්ජාවට ආය අහක බලාගත්තා…ඒ ටිකකින්,

“ඒයි කලු කෙල්ල තමුසේ මොකද ආය ඉස්කෝලේ ආවේ”

එහෙම කියාගෙන මිහිකා මං ලගට ආවා..ඒත් එක්කම සොනාල් එතනට පැන්නා.

“මිහිකා මේ ලමයට පාඩුවේ ඉන්න දෙනවා”

“තමුසෙට මට වඩා මේ කලු එකි ලොකු වුනාද”

සොනාලුයි මිහිකයි හොදටම බැනගත්තා.මම බෑග් එකෙන් ඔලුව තියන් හොදටම ඇඩුවා…

දවල් ඉස්කෝලේ ඇරැණාම වෙනදට මිහිකා එක්ක කතා කර කර යන සොනාල් අද තනියම යනවා මං දැක්කා.

“සොනාල්”

මම දුවන් ගිහිං එයා ගාවින් නැවතුණා.

“ඔයා තරහද”

“නෑ අනේ.මට පාඩුවේ ඉන්න දෙන්න”

එහෙම කියලා එයා යන්න ගියා..

ටික ටික දවස් ගෙවිලා ගියා…දවසක් සොනාල් ඉස්කෝලෙදි පිට්ටනියේ ක්‍රිකට් ගගහා හිටියා.මම ඈත ඉදන් බලන් හිටියා.මිහිකත් ටිකක් එහාට වෙන්න බලන් හිටියා.
සොනාල් දුවන් එද්දි බිම ඇදගෙන වැටුණා මම දැක්කා.

“අනේ සොනාල්”

මම කෑ ගහන් එයා ලගට දිව්වා.මගේ ඔක්කුවෙන් එයාගේ ඔලුව තියාගත්තා.

“ආලෝකා මගේ කකුල අනේ කකුල”

“බයවෙන්න එපා මම ඉන්නවනේ “

මම එහෙම කිව්වේ සොනාල්ගේ ඔලුව අත ගාන ගමන්.

ඒත් එක්කම සර්ලා මිස්ලා ඇවිත් සොනාල්ව අරන් ගියා හොස්පිට්ල් එකට.
මට මගේ පපුව පැලෙන්න වගේ ආවා ඒත් මිහිකට ගානක්වත් නෑ එයා පංතියට වෙලා වෙන කොල්ලෙක් එක්ක කතාව..

මම බෑග් එකත් අරන් වැටෙන් පැනලා ගෙදර දිව්වා..

“අාලෝකා ⁣දැං ඇයි අද කලින් ආවේ”

“අම්මේ සොනාල්ව ඉස්පිරිතාලේ ගෙනිච්චා.මම යන්න ඕන එයාව බලන්න”

මම එහෙම කියලා ඇදුමක් දාගෙන ඉස්පිරිතාලෙට දිව්වා.ඉස්පිරිතාලේ ව⁣ටේම ඇවිදලා ඇවිදලා මම සොනාල්ව හොයාගත්තා..

එයා ඈත ඉදන්ම මම එන දිහා බලන් හිටියේ.

“ඇයි මේ ඉස්කෝලේ ඇරිලා එන්න තිබ්බනේ ආලෝකා”

“ඔයාට රිදෙනවද සොනාල්”

මම එහෙම කිව්වේ එයාගේ කකුල හිමිට අතගාන ගමන්.

“හ්ම් රිදෙනවා ඒත් ඔයා අතගාද්දි වේදනාවක් දැනෙන්නෑ”

මට ලැජ්ජ හිතුණා…

“මෙන්න මෙහෙට එනවා”

සොනාල් මාව ඇදලා අරන් එයාගේ ඇදේ පැත්තකින් වාඩිකරව ගත්තා.එයා විනාඩ් පහක් විතර මං දිහා බලන් හිටියා.මම ලැජ්ජාවට බිම බලන් හිටියා.

“තමුසේ මට ඇයි ඔච්චර ආදරේ”

“අනේ මන්දා”

“පිස්සි.මිහිකවත් ⁣ඔච්චර ආදරේ නෑ මට.එයාට ගානක්වත් නෑ.මම කොච්චර ඔයාට රිද්දුවද ඒ නිසා මට ඔච්චර ආදරේ කරන්න එපා.මට දරාගන්න බෑ”

එහෙම කියද්දි සොනාල්ගේ ඇස් වලින් කදුලු වැටෙන්න පටන් ගත්තා.
මම එයා දිහා බැලුවා හිමින් ඔලුව උස්සලා.

“ඔයා ඇත්තටම ආලෝකයක් වගේ එළියයි ආලෝකා.කලුයි කියලා විහිලු කලාට ඇත්තටම ආදරේ හැංගිලා තිබුණේ ඔයාගේ හදවතේ විතරයි..”

එහෙම කියපු සොනාල් මගේ අත අරන් එයා අතේ ඇගිලි මගේ අතේ අැගිලි මැද්දෙන් යවලා තද කරලා අල්ල ගත්තා.

“අදින් පස්සේ ඔයා මගේ..ඔයාව මං නැති කරගත්තොත් මට කිසිම දවසක ඔයා තරම් ආදරේ කරන කෙනෙක් ලැබෙන එකක් නෑ.සත්තයි පොරොන්දු වෙනවා අපි වෙන් වෙන්නේ නෑ කිසිම හේතුවක් නිසා.ඔයා තමයි මගේ ලෝකේ ඉන්න ලස්සනම අහිංසකම කෙල්ල”

මගේ ඇස් වලින් කදුලු වැටෙන්න පටන් ගත්තා.හැමදාම දුකට අඩපු මම අද සතුටට අඩන්න පටන් ගත්තා..

“සොනාල් ආදරෙයි රත්තරං”

මම අඩ අඩම බොහොම අමාරැවෙන් ඒ වචන ටික ගලපලා කිව්වේ…

_______________________¥_____________________

සොනාල් පොරොන්නදු වුනා වගේම මාව දාලා ගියේ නෑ.හැමදාම ආදරෙන් හිටියා.හුගක් අය හුගක් දේවල් කිව්වා ඔයා වගේ ලස්සන කොල්ලෙක්ට මේ තරම් #විරෑපි කෙල්ලක් ගැලපෙන්නෑ කිව්වා.ඒත් සොනාල් ඒවා ගණන්වත් ගත්තේ නෑ.අන්තිමට එයා මාව කසාද බැන්දා…..කිසිම දවසක මගේ අවලස්සන එයාට ප්‍රශ්නයක් වුනේ නෑ …
අපි හුගක් ආදරෙන් හිටියා…
එයාගේ ලෝකේ ඉන්න ලස්සනම කෙල්ල මම විතරක් වුණා හැමදාටම!
__________________________¥__________________

ඇත්තටම ඒ තමයි ආදරේ!හදවතට ආදරේ කරන්න පටන් ගත්තු දවසට රෑපේ කියන්නේ නිකම්ම නිකන් දෙයක් විතරක් වෙනවා.අපිට ආදරේ දැණුන තැන මුලු ලෝකෙන්ම කොන් වෙච්ච තැනක් වෙන්න ඇති ,එහෙම නැත්තනම් අවලස්සන තැනක් වෙන්න ඇති.ඒත් අපිට ගැලපෙන නියම ආදරේ ඒක කියලා දැණුනාම දෙපාරක් නොහිතා ඒ හිත ලග නතරවෙන්න.ආය කිසිම දවසක ඒ තරම් ආදරයක් ලැබෙන එකක් නෑ. ඒ නිසා පරිස්සම් කරගන්න.මුලු ලෝකෙන්ම කොන් වෙච්ච අවලස්සන රෑප පවා ලස්සනට දකින විදිහට හිත වෙනස් කරන්න ආදරේට පුලුවන්.එහෙම ආදර කතා හුගක් ශක්තිමත්…
රෑපේ,කුල මල භේද ආදරේට මනින දේවල් නෙමෙයි.විස්වාසය,කැපකිරිම් ,අවංකකම වගේ දේවල් වලින් තමයි ආදරේ හරියටම මනින්න පුලුවන්.
එතනදී රෑපේ කුලමල හැමදේම අමතක කරලා දැණුන තැන අනිවාර්යෙන් නතර වෙන්න. මොකද ජීවිතේ ඉදිරි කාලේ අපි ගෙවන්න ඕන ලස්සනම කෙනෙක් ලග නෙමෙයි සුන්දරම හිතක් තියෙන කෙනෙක් ලගයි!!!!

අද කතාව කොහොමද ?
+1
14
+1
83
+1
16
+1
1
+1
1
+1
0
+1
0

5 COMMENTS

  1. I blog quite often and I genuinely thank you for your
    information. The article has truly peaked my interest.
    I will bookmark your blog and keep checking for new information about
    once a week. I opted in for your Feed as well. asmr
    0mniartist

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here