කෙටි කතාවක් – අතින් අතට

3
2728

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓


“අඩෝ අන්න අරූ උබට ලයින් බං”

“දන්නෙ නෑ වගේ හිටපං😋”

“මාර හැන්ඩියා නේද බං”

“උබගෙනම් වාසනාව ආහ් බලපං උට ස්කූල් එකේම කෙල්ලො ලයින්”

“ඇහුවොත් හා කියනවා”

“උබත් ටිකක් පනාව දාපං”

පංතියේම හැඩකාර කටකාර දඟකාර චරිතයක් උන අනන්‍යා යශේන්ගෙ බැල්මට වශී උනා….ඕ ලෙවල් පංතියෙ හිටපු අනන්‍යාට වැඩිය සමාජය ගැන අවබෝධයක් නොවුනෙ පුංචි කාලේ ඉඳලම ගෙදරටම හිර වෙලා හුරතලේට හැදූන නිසා….

ඒත් අනන්‍යාගෙ ජීවිතේටම කලු කොඩි වැටෙන්න වැඩි දවසක් ගියෙ නෑ….

“මම ඔයාට ආදරේ කරන්නෙ ඇත්තටම මාව විශ්වාස නැද්ද අනූ”

“අවිශ්වාසය නෙමෙයි යශ්…. ඒත් මම කෙල්ලෙක්”

“හරි හරි ඕන නෑ”

යශේන්ට ඕන උනෙ කොහොම හරි අනන්‍යාව කාමරයක තනි කරගන්න…. ඒත් අනන්‍යතා අකමැති උනෙ තවම අනන්‍යාගෙයි යශේන්ගෙයි ආදරයට මාසයක් වත් නැති නිසා….

“මම ඔයා කියන තැනකට එන්නම් යශ්”

“අන්නේම ඉන්න එපැයි නිකන් තරහා අවුස්සන්නෙ මගෙ”

“ආදරෙයි නේද”

“ම්ම්ම් හූස්ම යනකම් ආදරෙයි”

පංති කට් කරපු යශේනුයි අනන්‍යයයි ගියෙ කාත් කවුරුවත් නැති යශේන්ගෙ යාලුවා ඔවින්ගෙ ගෙදරට….මනා සේ හැසිරෙන්න ඉඩ හැරපු ඔවින් ගෙදරින් එලියට ගියා….

අනන්‍යාගෙ හිතෙ යශ්ට තිබුන ආදරේ නිසා අනන්‍යාගෙ හැමදේම යශ්ට පුජා කලා….එදා යශ් එක්ක ඔවින්ගෙ ගෙදරට ආපු අනන්‍යා ගෙදරින් එලියට බැස්සෙ ගැහැණියෙක් විදියට….

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

“ඔයා පොරොන්දු උනා මාව තනි කරන්නෙ නෑ කියලා”

“ඒත් අපිට කවදාවත් එකතු වෙන්න බැරි නම් ආදරේ කරලා වැඩක් නෑනේ අනූ තේරුම් ගන්න”

“දැංද තේරුම් ගන්න කියන්නෙ මනුස්සයො”

“වැරැද්දක් උනා තමයි මට සමාවෙන්න අනූ”

“ආයෙනම් මගෙ ඇස් දෙකට වත් පේන්න එන්න එපා”

අනන්‍යා මහ වැස්සෙම තනි කරලා යශේන් යන්න ගියා….අනන්‍යා කොච්චර ඇඩුවත් කියෙව්වත් යශ්ට ආයෙම අනන්‍යාව ඕන නොවුනෙ ගන්න ඕන හැමදේම අරගෙන ඉවර නිසා….

“මොකද මෙ වැස්සෙ තෙමෙන්නෙ”

ඒ හඩට හැරිලා බලපු අනන්‍යා ලග හිටගෙන හිටියෙ උස මහත ටිකක් තලෙලු කොල්ලෙක් ….

“ඔයා මෙ අඩනවා නේද මොකද්ද ප්‍රශ්නෙ උදව්වක් ඕනනම් කියන්න”

සංකේත් අනන්‍යා දිහා උඩ ඉදලා යටට හොදට බැලුවා….අනන්‍යාගෙ ඇස් දෙක නිලංකාර වීගෙන එනකොට ලගම තිබුන බංකුවට වාරු උනා….

“මට යන්න දෙන්න”

“බය වෙන්න එපා කරදරයක් වෙන්නේ නෑ ඔයාට ෆේන්ට් උන නිසා මම කාර් එකට අරන් ආවෙ”

අනන්‍යා ආයෙම ඔලුව බිමට කරගෙන අඩන්න ගත්තා….

“පුලුවන් නම් මාව ගේ ලගින් දානවද”

“ඕකෙ ෂුවර්”

සංකේත් අනන්‍යාව ගේ ලගින් දාලා ෆෝන් නම්බර් එකත් දුන්නා . …අනන්‍යා ඒකත් අරගෙන ඇවිත් වොෂ් එකක් දාලා සංකේත් දීපූ නම්බර් එකට කෝල් එකක් ගත්තෙ ස්තූති කරන්න….

“අයියො ඕක සුලු දෙයක් නෙ”

“මට කිව්වෙ නෑනෙ ඉතින් මොකටද පාක් එකට වෙලා අඩ අඩ හිටියෙ කියලා”

අනන්‍යාට එක පාර හැමදේම කියන්න බය හිතුනත් ටික ටික සංකේත්ට විස්තර කලා….

කාලයක් යනකොට සංකේත් අනන්‍යාට ආදරෙයි කිව්වෙ යශේන්ගෙන් උන හැමදේම දැනගෙන….

“ඔයාට කමක් නැද්ද අයියෙ මං වගෙ කෙනෙක්….”

“මට පරන දේවල් ප්‍රශ්නයක් නෙමෙයි මැණික”

“ඔයත් මාව දාලා යයිද”

“නෑ”

ඒ වචන විශ්වාස කරන්න තරම් අනන්‍යා මෝඩ උනා…. සංකේත් කලෙත් යශේන් වගේම අනන්‍යාගෙන් අයුතු ප්‍රයෝජන අරන් මාරු උන එක …..අනන්‍යා අතින් අතට යන සෙල්ලම් බඩුවක් වගේ පිරිමි ලමයි හත් දෙනෙක් අතින් අනාත උනා….ඒ බොරුවට ආදරේ පෙන්නගෙන එන පිරිමින්ට රැවටිලා….ඉගෙනීමත් කඩාකප්පල් උන අනන්‍යාට ආදරේ වගේම ජීවිතෙත් එපා වෙන තැනට හැමදේම උනා….

💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

“අම්මට සිරි නංගි කොහෙද යන්නේ”

“එයාගෙ ගණන් බං”

“ගණන් බස්සවමුද”

එදා විහිළුවෙන් අනන්‍යාගෙ ජීවිතයට ආපු තරුෂ අනන්‍යාගෙ ජීවිතේට හයියක් උනා…. කවදාවත් ආයෙ ආදරේ නොකර ඉන්න තීරණය කරපු අනන්‍යාගෙ තීරණය තරුෂ වෙනස් කලා….

“මාව විශ්වාස කරන්න අනිත් අය වගේ මම ඔයාගෙන් ප්‍රයෝජන අරන් අතාරින්නෙ නෑ”

“මට කා ගැනවත් විශ්වාසයක් නෑ”

“මං ගැන විශ්වාස කරන්න”

අනන්‍යා අන්තිම වතාවට තරුෂව විශ්වාස කලා…. අම්මා තාත්තා පවා අනන්‍යාව අතෑරලා දානකොට තරුෂ විතරක් අනන්‍යාගෙ ජීවිතෙ රැදිලා හිටියා….

“එන්න යන්න මං එක්ක හෙට ගමනක්”

“කොහෙද”

“ප්‍රශ්න අහන්න එපා එන්න”

අනන්‍යාට බය හිතුනා ආයෙම කරදරයක් වෙයිද කියලා….එදා උදේම ලෑස්ති උන අනන්‍යා ටැක්සියක් අරගෙන ටවුන් එකට ගියා….අනන්‍යා එනකම් බලාගෙන හිටපු තරුෂ වීල් එකක් කතා කරගෙන අනන්‍යාව දාගෙන ගියත් අනන්‍යා හිටියෙ ගොඩක් බය වෙලා….ඒ පිරිමි ගැන තිබුන අවිශ්වාසය නිසා….

“බහින්න”

“කොහෙද මෙ”

අනන්‍යාගෙ අතින් අල්ලගෙන තරුෂ ගියෙ විවහ රෙජිස්ටර් කාර්යාලයට….

“අයියෙ .. “

“මං ගැන අවිශ්වාසෙන් නේද හිටියෙ”

“මට සමාවෙන්න”

“සමාව ඉල්ලන්න එපා අනූ ඒක ඔයාගෙ වැරැද්දක් නෙවෙයි අර වගෙ තිරිසන් පිරිමි ටිකක් හදපූ අම්මලගෙ තාත්තලගෙ වැරදි”

අනන්‍යා ඇස් වල කදුලු පුරෝගෙන තරුෂට පාත් වෙලා වැන්දා….අනන්‍යාගෙ අවිශ්වාස අට වෙනි ආදරය අනන්‍යාගෙ ජීවිතයම උනා…. කලුගල් අස්සෙ මැණික් ගල් හොයන්න එපා කිව්වට කලු ගල් වගෙ හිත් අස්සෙ ඉටි වගෙ උණු වෙන ආදරණීය හිතක් අනන්‍යාට ආදරේ කරන්න ගත්තෙ විවහය රෙජිස්ටර් කරලා….

සමාප්තයි
මීදුම් දහරා

උපුටාගැනීමකි. අයිතිය මුල් කතෲ සතුය.

අද කතාව කොහොමද ?
+1
8
+1
49
+1
5
+1
6
+1
4
+1
1
+1
5

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here