සිරකාර ආදරය – 06 කොටස

4
2204

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

06 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆

සිරකාර ආදරය 06
✩───── ❁🖤❤️🖤❁ ─────✩



සාලය තබා තිබෙන තම පියාගේ නිසල සිරුර දෙස දෑස් නොපියා බලා සිටියේ දෑස් කොපුල් තෙමාලමින් කදුලු ජැට කඩා වැටෙද්දි… ඇයට නම් මෙය සිහිනයක්.. පෙර දින සතුටින් සිටි ඔහු අද නිසලයි… බොහෝ නිහඩයි… ඇයව මේ ලොව අතරමං කර දමා ඔහු මෙලොවින් සදහටම සමු ගෙන ගොස් අවසානයි .. ඔහුයි ඇගේ දිවිය.. ඔහුයි ඇගේ වීරයා.. මුලු ලොවම තමාට දිනා ගැනුමට සවිය ලබා දුන්නේ ඔහුයි…

දියණිය පියා… ඒ ආදරේ මවක් දරුවත් අතර බැදීමටත් වඩා සුන්දරයි.. එය එසේම නොවෙද… දියණියකගෙ මුලු ලොවම තම පියානන් වන විට පියෙකුගෙ මුලු ලෝකෙම.. හැම හුස්මම ඔහුගෙ රෝස මලයි… මෙලොව ඇති පිවිතුරම බැදීම කුමක්ද කියා ඇසුවොත් ඔව්.. නිසැකයි එය දියණිය සහා පියා අතර තිබෙන බැදීම බව පවසනු නොවනුමානයි ..ඉදින් මිහාදිට කියා ඉන් වෙනාක් නෑ.. ඇගේ හිතේ බැදීම ඊට වඩා වැඩි බොහෝ.. ඒ ඇගෙ මව මියගිය පසු සිට ඇයගෙ කැත කුනු අතගා ඇයව බලා ගත්තේ ඔහුයි.. දෑතෙහි කරගැට.. බෝට්ටු ඇදීමෙන් කොන්දෙ කැකුම් සැදුනත්.. සම අවර්නව ගොස් විකුර්ති වී ගියද ඇයව මලක් මෙන් සුරැකියා ඔහු.. මිහාදිගේ මව මෙන්ම පියා වුනෙත් ඔහුම පමනයි… මව මිය ගිය පසු නෑයින් වත් ඔවුන් ගැන සොයා බැලුවේ නෑ.. එදා සිට ඔහු ඇය වෙනුවෙන් විදි දුක් ප්‍රෙමානය අපමනයි…

” තාත්ති මට පාලුයි දෙවියනේ .. ප්ලීස් ආයේ එන්නකෝ.. ඔහොම ඉන්න එපා.. ඔයාගේ සුද්දි අඩනවා.. මේ බලන්නකෝ.. ඔයාගේ සුද්දි අද ගොඩක් අඩනවා..ඔයා කොහොමද ඔහොම බලන් ඉන්නේ.. ඔයා මන් එක්ක තරහ වෙලාද.. අනේ මන් මොකුත් කරේ නෑ නේ.. අනේ නැගිටින්නකෝ අප්පා.. අනේ තාත්ති එන්නකෝ.. අනේ මන් පෞ නේ… “

වාඩි වී සිටි තැනින් නැගිට සෙමින් මුමුනමින් පියාගේ නිසල දේහය අසලට ගියේ නොනවත්වා කොපුල් තෙමාලමින් කදුලු ගලා යන විට…

“තාත්ති අනේ නැගිටින්නකෝ.. අනේ තාත්ති මේ මෙයාලා කියනෝ ඔයා ආයේ එන්නෙ නෑලූ. ඒ.. ඒ.ක බොරුවක් නේ.. තාත්ති එහෙම මාව දාලා යන්නේ නෑ නේ..”

දෑත් දෙකින් දෑස් පිසලමින් අවසන් ගෞරවය දැක්වීමට පැමිනි අයව පෙන්වමින් වෙව්ලන වදනින් පැවසුවේ සැමගේම දෑසට කදුලු නංවමින්.. කෙසේ ඉවසන්නද ඒ වේදනාව..බෑ ඉවසන්නට කෙසේ වත්…

” අනේ මැණික අඩන්න එපා.. මිහා අඩලා අඩලා උබ ලෙඩ වෙයි..”

අඩන ඇය අසලට ලං වුනේ ඇයට මෙතෙක් කල් සොයුරියක් ලෙස සිටි ප්‍රාන සම මිතුරියයි.. #දිල්කි.. වසර ගනනාවක සිට ඇයයි මිහාදිගේ හොදම මිතුරිය..

” අනේ දිල් තාත්ති බලන්නකෝ. අද එයා මන් එක්ක තරහ වෙලා.. එයා වෙනදා මෙහෙම තරහ වෙන්නේ නෑ නේ .”

” අනේ ඇති බන් ඇති.. අනෙ ඔහොම කියන්න එපා මිහා..උබ ඔහොම අඩන්න එපා මැණික ..”

” ඉතින් මාව අඩවන්නේ තාත්ති නේ.. එයානේ අද මාව අඩවන්නේ.. ඔ.ඔයා දන්නවා නේ මන් අඩන්න ආස නෑ කියලා ..”

” අනේ තේරුම් ගනින් මිහා.. අන්කල් ආයේ එන්නේ නෑ වස්තුවෙ.. “

” ම්.ම්.මොකද්ද ..න්.නෑ.. ඒ බොරු.. මගේ තාත්ති එනවා.. දිල් උබ බොරු කියන්නේ.. උබත් මේ අය වගේ බොරු කියන්නේ..”

” අනෙ මිහා…”

දිල්කි ඇයව තුරුලු කරන් අඩා වැටුනේ මිහාදි බිම වාඩී වී ඉකි ගසමින් හඩා වැටෙද්දී… සැවොම පවසන්නේ එකම දෙයයි.. එයයි සත්‍ය.. නමුත් කෙසේද එය පිලිගන්නේ… තමන් අනාථයෙකු වූ බව..අදින් පසු කුමක් සිදුවෙයිද… පියාගේ සරනත් නැති ඇයව කවුරුන් ආදරෙන් බලා ගනීවීද… අනාගතේ ඇගේ අදින් පසු කෙසේ වෙනස් වී යයිද…

________________ 💚🖤💚

” පෞ ඒ ඩොක්ටර්… කොච්චර වේදනාවක් ඒක…”

ආශීර් ඔහුව පරික්ශා කෙරුමට පැමිනි වෛද්‍යවරයෙකුගෙන් මිහාදිගේ පියාගේ වියෝවය ගැන දැන ගත් විට ඔහුගෙ දෑස් තෙත්වී ගියේ ඔහුට ඇගේ වේදනාව දැනුන නිසයි… ඔහුත් ඒ වේදනාව විදි අයෙක්.. වසර #23ක් වුන ඒ වේදනාව වින්දේ කුඩා කාලයේමයි..මවයි පියයි දෙදෙනාම ඔහුව මෙලොව තනිකර මිය ගියේ ආශීර්ව මේ ලෝකේ සදහටම තනි කරමින්…

ආශීර්ව බලා ගැනුමට සිටියේ ඔහුගෙ පියාගේ ලේඛම් වරයා පමනයි.. අවිවාහකයෙකු වූ ඔහු ආශීර් හට දැක්වුවේ ඔහුගෙ දරුවකු තරම්ම ආදරයක්.. අද සිරගෙට වී සිටියත් ඔහු ආශීර්ව නිදහස් කර ගැනුමට නොගත් උත්සාහයක් නෑ.. නමුත් ඔහුගේ දෛවයේ ලියවී තිබුනේ මෙයයි…

මට එදා අම්මයි අප්පච්චී නැති වුනත් #පියල් සිටි නිසා ඔහුට රැකවරනයක් ලැබුනත් හෙදියන් පැවසූ ලෙස මිහාදිට මෙලොව සිටි එකම කෙනා ඇගේ පියා පමනයි.. ඔහු මෙන් නොවේ ඇය සාමාන්‍ය පවුලක එකම දියනියයි.. ඇය මෙතරම් ඉහල ස්ථානයකට පැමින තිබෙන්නේ ඇගේම දක්ශතාවයෙන්ම පමනයි…

” ඩොක්ටර් එයාගේ තාත්තට නය නෑ.. ඩොක්ටව දාලා සදහටම ගියත් ඩොක්ටර් තාත්තට හැම යුතුකමක්ම කරලා… ඇත්තටම ඩොක්ටර් එයාගේ මහන්සියෙන් මේ තැනට ආවත් මන් මොකද්ද කරේ.. මන් පොඩි කාලේ තිබුන අම්මගේ හීන ඔක්කොම විනාස කර ගත්තා ..#ආදරයක්_නිසා_මිනීමරුවෙක්_වුනා..ඒත් ඒ ආදරේම අද මට නැති වෙලා ඉවරයි… ඔව් තා සතියයි.. තා සතියයි මේ හැමදේම.. ඊට පස්සෙ ආයේත් ආශීර් දේහංස එනවා.. පරන ආශීර් ආයෙත් එනවා…”

මිහාදි ඇගේ පියා වෙනුවෙන් කර කී දෑ ඇසු විට ආශීර්ට කිසිදාක නොමැති ලෙස දැනුනේ වේදනාවම්.. ඔහු ඔහුගෙන්ම ප්‍රශ්න කරා.. ඒ තමන් විසින් මියගිය දෙමාපිය හීන වෙන්‍ය්වෙන් කරේ කුමක්ද කියා…අතීතේ සිහිපත් වෙන වාරයක් පාසා ඔහුට දැනුනේ වේදනාවක්.. තමන් විසින්ම අද මේ පත්වූ ස්ථනය ගැන ඔහුට දැනුනේ කේන්තියක්.. මිහාදි කොතෙරම් අගහිග කම් මැද වුවත් ඇගේ පියාගේ හීනේ ඉටු කර බව වෛද්‍යවරුන් පැවසූ විට දැනුනේ බොහෝ පරාජිත බවක්.. ඒ ඔහු ඔහුගෙ දෙමාපිය හීන විනාශ කර නිසයි… ඇගේ සෑම කරුනක් අසලම ආශීර් ඔහු කර කී දෑ අසල පසුතැවුන වාර අනන්තයි… ඒ මිහාදි විසින් ඔහුට වෙන කෙනෙක් මතක් කරන නිසයි..ඒ රුවගෙ මුහුන අමතක වූවත් ඒ වදන් අදටත් ඔහුගෙ මතකයේ රැව්පිලි රැව් දෙනවා…

” දරුවනේ දකින්න හීනයක්.. නිකන්ම නිකන් හීනයක් නෙමෙයි ජීවීතේම වෙනස් කරන හීනයක්.. තමන් ගැන.. හීනේ ගැන විශ්වාස කරන්න…එතකොට අනිවාර්යයෙන් දිනන්න පුලුවන් ..”

ඔහුට මතක් වුනේ ඒ වදන.. මීට #වසර_5 පමන පෙර කෙනෙක් පැවසූ වදනුයි… ඒ මූසල දින ඇය පැවසූ වදන් සිහි වූවා නම් ආදරය මත හෝ මෙවැනි තීරනක් නොගනීවී… පියා ලෙස බලා ගත් පියල්ටත් එදා දුන් වේදනාව..කිසිදාක නොදේවී… නමුත් සියලු දේ සිදුවී හමාරයි.. එදා ගත් තීරනය නිසා ආශීර්ගේ දිවියම වෙනස් වී අවසානයි .. නමුත් මින් මතු එසේ නොවේවී… සිරකරුවකු ලෙස ලොවටම හංවඩු ගැසුනත් ඔහුගෙ දෙමාපියන් දුටු සිහිනය නිසකවම ඉටු කරන බවට පොරොන්දු දී ගත්තා…

ඒත් එක්කම ඔහු දෑස් පියන් හොවින් හුස්මක් ගත්තේ මිහාදී නිසා ඔහුට ඔහුවම තේරුම් ගත හැකි වූ බව පසක් වුන නිසයි…පියාගේ අසනීපය අසල ඇය සිහිසුන් වූ විට.. ඇගේ හිතේ ඔහු ගැන තිබූ ආදරය අසල .. ඇය සිහිසුන් වු විට අල්ලාගත නොහැකි වූ මොහොතේ… පසුතැවුනා ගොඩක්.. එදා ගත් තීරනය ගැන…. වෙනස් වෙයි.. නිසකවම බොහෝ සිදුවීම් මිහාදිගෙත්.. ආශීර්ගේ දිවියෙත් සිදු වෙයි… ඒත් එය කෙසේ සිදුවෙයිද.. කෙසේ සිදුවෙයිද එය නම් දෙවියන්ටවත් සිතා ගන්නට බැහැ…..

━━━━━━━━━💚🖤💚

කතාව කොහොම දැනෙනවද දන්නේ නෑ.. ඒත් කතාව ඇතුලේ එක රහසක් හැංගිලා තියේ… වෙනසක්.. ඔව් වෙනස් කතාවක්..අපි හිතන තරම් මේ ලෝකේ සුන්දර නෑ..

අදින් කතාව පටන් ගන්නේ හරියටම.. මේ සිරකාර ආශීර් ❤️ අනාථයෙකු වූ මිහාදි.. මේ දෙදෙනා වටේ එකතු වූ කතාවයි…

( පොඩ්ඩයි තමයි සමාවෙන්න ඒකට.. මට පැය 4ක් ඔන්ලයින් ක්ලාස් .. ඒවගේ හෝම්වර්ක් කරන්න පැය 5ක් 6ක් යනවා.. අනිත් කෝස් එකේ පාඩම් වැඩ වලට තව පැය ගානක් යනවා ඒ තරම් බිසී… ඒකයි පොඩි කොටස්…)

මන් #මේධී…

අද කතාව කොහොමද ?
+1
5
+1
36
+1
7
+1
1
+1
8
+1
0
+1
10

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here