සිරකාර ආදරය – 07 කොටස

5
2167

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

07 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆

සිරකාර ආදරය 07
✩───── ❁🖤❤️🖤❁ ─────✩

#සතියකට_පසු 💔💔💔

” ම්ම්ම් අදට හරියටම සතියක්.. ඔව් තාත්ති මාව දාලා ගිහින් හරියටම සතියක් අදට… දැන් මන් අනාථයෙක් වෙලා ඉවරයි.. අම්මි නැති වුන වෙලාවේ මගේ ලග ඔයා හිටියා ඒත් අද ඔයත් නෑ මන් තනි වෙලා… “

සුදු මල් මාලයක් දමා සාලයේ තබා තිබෙන පියාගේ රුව දෙස බලන් පැවසුවේ දෑසීන් කඩා වැටෙන කදුලු ගැනවත් සිහියක් නොමැතිව.. ඇගේ නිවස තුල වෙනදා පිරුනු සතුටු පියාගේ වියෝවෙන් පසු නැත්තටම නැති වී ගොසින්… පාලු මූසල නිහඩියාවකින් මුලු පරිසරයම වසා ගෙන වගෙයි… ඇගේ විසල් නිවස තුල ඇයට දැනුනේ වේදනාවක්.. හදවත සිරවී යන තරමේ මහ විසල් වේදනාවක්.. තනිකම… පාලුව.. නොලැබීම සෑම දෙයකින්ම අද ඇය පීඩිත වෙලා… හුදකලා ලෝකයේ අද ඇයව අනාථයෙකු බවට පත් වීලා..


” මට ගොඩක් පාලුයි තාත්ති.. ගොඩක්ම.. අද ඔයත් නෑ අම්මිත් නෑ.. කවුරුවත්ම නෑ මන් ලග..මේක මගේ ලැබීම වෙන්න ඇති… ඒත් මන් දන්නේ නෑ අද ඉදන් මන් කොහොම ජීවත් වෙන්නද කියලා.. මටත් මැරෙන්න හිතෙනවා.. ඒත් ඔයා කියුව වගේ මොන තරම් තනි වුනත් මැරෙන එක නෙමෙයි පිලිතුර.. ශක්තිමත්ව ජීවත් වෙන එක කියල.. මන් ඒක පිලි ගන්නවා. මන් උතසහ කරනවා ඔයාට ආඩම්බර වෙන විදියට ජීවත් වෙන්න.. “

පියාගේ රුවට දන ගසා වැද නිවසින් පිටතට ගියේ නැවත වරක් ඔහු දෙස බලමින්.. දෑසෙහි කදුලු පිසදා ගනිමින් නිවසින් පිටව ගියේ ඇගේ වේදනාබර සිතට නිදහස සොයන්.. ගිනි ගෙන දැවෙන ඒ සිත නිවිය හැකි එකම ඖෂධ සොයන්.. වේදනා බර සිතට සිසිල් දිය සිහිරාව සොයන්… රාජකාරියෙන් තවත් දින කිහිපයක් ඇය නිවාඩු ගත්තේ ඇගේ සිත මෙන්ම ගතත් ගිලන් වී තිබෙන නිසයි… ඇගේ වේදනා බර සිතට ආශීර්ගෙ රුවත් විටින් විට පැමින එබිකම් කරේ සිත තවත් ගිලන් බවට පත් කරමින්….

ආශීර් ඔහු රෝහලින් පිටව ගිය බව පෙරදිනක දැන ගත්තත් අද ඔහු සිරගෙයින් සම්පූර්ණයෙන් නිදහස් වන බව නම් ඇය නොදැන සිටියා.. ඔහු කුමක් නිසා සිර ගෙට නියම වූවත් ඇය පැතුවා ඔහු මතක් වෙන මොහොතක් පාසා #එදා .. #වසර_5 කට ප්‍රෙථම දුටු ආශීර් දේහංස බවට පත් වන්න කියා… ඔහුට ඇයව අමතක වුනත් ඇයට මේ වසර 5 පුරාම ඔහුගෙ රුව අමතක කෙරුමට නොහැකි වුනා.. නමුත් නිසකැයි කිසිදා ඇය ඇගේ සිතෙහි ඉපදී තිබෙන #අසම්මත_ආදරය ඔහුට නොපවසන බව නම්.. මන්ද යත් ආශීර්ගේ ආදරය එදා සිට ඇය පමනක් බව මිහාදි දැන සිටිය නිසයි…

තම රථයට නැගි ඇය කාරය පදවා ගියේ කැළණි විහාරය වෙතයි..ඇගේ සිත නිවන එකම සැනසීම එයයි.. ගිනි ගෙන දැවෙන හදවත නිවිය හැක්කේ කැළණි බෝ සමිදුගේ සිසිල් සුවදට බව ඇය දන්නවා.. එනිසයි ඇය සිත සනසා ගැනීමට එහි පිටව ගියේ… ඒත් ඇය නොදැන සිටියේ අද දින කැළණි පුද බිමේදී සංසාරගත ආදරයකට ආසිරි වැසි වැටෙන බවයි… එමෙන්ම ජීවන මං පෙතේ කටුක මාවතක ආරම්බය සිදු වෙන බවයි…

__________________ 💚🖤💚

” ඔන්න ආශීර් අද ඉදන් ඔයා #නිදහස්… ඇත්තටම දන්නේ නෑ ඔයා ඒ මර්ඩර් එක කරාද කියලා පුතා. මොකද ඔයාව දැක්කම මට හිතෙන්නේ ඔයා අහින්සකයෙක් කියලා.. “

සිරෙන් නිදහස් වෙන මොහොතේ ජේලර්තුමන් විසින් පැවසූ වදන් කන් තුල දෝංකාර දෙද්දී ආශීර් පිටතට පැමින හොද හුස්මක් ගත්තේ අතීත සිදුවීම්.. අතීත මතක සෑම දෙයක්ම අමතක කරමින්..

“අතීතේ ඉවරයි ආශීර්.. අතීතේ ඔක්කොම ඉවරයි.. ගිය කාලේ ආයේ ගන්න බෑ වගේම අතීතේ වෙනස් කරන්නත් බෑ.. ඒ හැමදේම වුනේ ලොකු හේතුවක් ඇතුව වෙන්න ඇති.. ඒ නිසා මන් ගොඩක් දේවල් තේරුම් ගත්තා නේ… අද ඉදන් ඒ හැමදේම අමතක කරලා අලුතෙන් පටන් ගමු… “

තමන්ටම එසේ පවසා ගනිමින් ඔහුව ගෙන යාමට පියල් විසින් එවා තිබූ රථය වෙත පිය නැගුවේ ආශීර් කුඩා කල සිටි රියදුරු විසින් ඔහුව සිනහවකින් පිලි ගනිද්දි…

අලුත් දිනයක්.. අලුත් දිවියක්.. නමුත් බාදා පැමිනේවී.. අතීතේ නැවතත් සිදු වේවී.. නමුත් කිසිදා දෛවය වෙනස් නොවේවී…

” පුංචි මහත්තයෝ .. වෙනස් වෙලා දෙවියනේ .. කෙට්ටු වෙලා රත්තරනේ…”

රියදුරු විසින් ඔහුගෙ හිස අතගාමින් පැවසුවේ ඒ වියපත් දෑස් කදුලින් තෙත් වෙද්දි.. ඔහුත් කුඩා කල සිට ආශීර් සමග සිටි නිසා ඒ හිතේ ආශීර් ගැන තිබෙන සෙනෙහස මහා විශාලයි…

” ඒවා අමතක කරන්න සුමනේ මාමේ.. මන් ආයේ ආවා නේ.. ඒක නිසා පරණ දේවල් අමතක කරලා අලුතින් පටන් ගමු නේ… “

” ඒත් පුංචි මහත්තයෝ … ඉවසන්නෙ කොහොමද ?”

” ඔන්න ඉතින්.. මන් කියුවනේ සුමනෙ මාමේ..ඒ හැමදේම අතීතේ.. දැන් ඉන්නේ වෙනස් ආශීර් කෙනෙක් ඒක නිසා ඒවා අමතක කරලා අලුතින් පටන් ගමු අපි…”

“ඒකත් හැබෑව.. දැන් අපි යමුකෝ ඉතින් පියල් මහත්තයා පුංචි මහත්තයා එනකම් බලන් ඉන්නවා..”

බයාදු ලෙස සිනහ වී ඔහු රියදුරු අසුනට නැග වාහනය පන ගන්වා ගත්තේ ආශීර් නැවතත් පහු පස හැරී සිරමැදිරිය දෙස මොහොතක් බලා සිටින විටයි.. සෑම දෙයක්ම වෙනස් කර ස්ථනය.. නව නාමයක් ඔහුට ලැබුන ස්ථනය.. ඔහු හට කිසිදා අමතක නොවේවී මෙය…

” හ්ම්ම්ම්…. ආශීර් හැම දෙයක්ම අලුතින් පටන් ගමු.. නතර වුන තැනින් දිනමු… “

තමන්ටම පවසා ගනිමින් ඔහු රථයට නැග දෑස් පියා ගත්තේ අදින් පසු ආරාම්භ කෙරුමට යන දිවිය ගැන බලාගොන්නක් සිතෙහි රන්දන්…

” පුංචි මහත්තයෝ අද අලුත් ගමනක් පටන් ගන්න නිසා පොඩි කාලේ වගේ කැළණි පන්සලට ගිහින් යමු නේද ? … “

දෑස් පියාගෙන සිටින ඔහුගෙන් බයාදු ලෙස ඇසුවේ ඔහුගෙන් බැනුම් ඇසීමට සිදු වේයැයි කියා වුවත් ආශීර් කිසිවක් නොපවසා සිනහ සී රථයෙන් බැස්සෙ ඔහුගේ දෑස් කදුලු වලින් දිලිසෙද්දි…පෙර සිටි ආශීර් නැවත පැමිනි වග නම් දැන් විශ්වාසයි ඒ වියපත් හිතට.. හිතට දැනුනේ සතුටක්.. ඒ අතරමග විනාශ වූ ඔහුගෙ දිවිය නැවතත් පෙර බවට පත් වන බවට ඉගි පල වන නිසයි…

සුදු ඕලූ මල් මිටක් අරන් ආශීර් කැළණි බෝ සමිදු තුරුලට සෙමින් පියමං කරේ ඔහුගේ සංසාරික ආදරිය ඔහුත් සමග සිටින බව නොදැනයි…

සිහින් වැලි කැට දෙපා අතරින් මිදී වැලි මලුවෙ පිය සටහන් තබමින් බෝදිය අසලට ගියේ සිත පුරා දැනුන අමුතුම මිහිරියාවකින්..ඒත් සමගම ඇතුලට පිවිසි ඔහු දුටුවේ….

━━━━━━━━━💚🖤💚

කතාව ලියන විදියේ වරදක් නෑ නේද.. අදහස් අදත් කියාගෙන යන්න..

දුක සතුට මුසු වුන ලස්සන ආදර කතාවක් කියවමු අපි…

මන් #මේධී

අද කතාව කොහොමද ?
+1
7
+1
68
+1
7
+1
2
+1
1
+1
1
+1
1

5 COMMENTS

  1. I really like your blog.. very nice colors & theme.
    Did you create this website yourself or did you hire someone to do
    it for you? Plz answer back as I’m looking to create my own blog
    and would like to know where u got this from. appreciate it
    asmr 0mniartist

  2. Hi, I do believe this is a great web site. I stumbledupon it 😉 I am going to return once again since I bookmarked it.

    Money and freedom is the best way to change, may you be rich and continue to help others.

    asmr 0mniartist

  3. Simply desire to say your article is as surprising.
    The clearness for your put up is simply cool and i can think you are
    a professional in this subject. Fine along with your permission allow me
    to clutch your feed to stay up to date with impending post.
    Thank you 1,000,000 and please keep up the rewarding work.
    asmr 0mniartist

  4. My programmer is trying to convince me to move to
    .net from PHP. I have always disliked the idea because of the expenses.
    But he’s tryiong none the less. I’ve been using Movable-type on a number of websites for about a year and am
    nervous about switching to another platform.
    I have heard fantastic things about blogengine.net. Is there a way I can import all my wordpress posts
    into it? Any help would be greatly appreciated! asmr 0mniartist

  5. It’s in point of fact a great and useful piece of information.
    I’m satisfied that you simply shared this helpful info with us.
    Please keep us informed like this. Thanks for sharing. asmr 0mniartist

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here