❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️
✍️ දවිත්රි ඉසංකා
08 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆
යුමී තිබ්බ කෙන්තිටට අත දිගැරලා කම්මුලට ගහන්නේ ඉන්නේ කව්ද කියලවත් බලන්නේ නැතුව..
යුමී ගහනවත් එක්කම දකින්නේ සුදු උස හැඩි දැඩි කොල්ලෙක් එතන තමන් දිහා රවාගෙන බලන් ඉන්නවා. .
” කොහෙද මනුස්සයෝ ඇස් කටේ දාගෙනද යන්නේ ආ.. “
යුමී කෑ ගැහුව්වේ වටේ පිටේ මිනිස්සු ගැනවත් නොබලා..
ඒ හිටියේ මහ ඇමති පාලිත විජේසිංහ ගේ ලොකු පුතා ඩිශාන් විජේසිංහ … ගාඩ් එකත් එක්ක ආව කොල්ලට කෙල්ලගේ මේ කම්මුල් පාර ලොකු ලැජ්ජාවක් වුනා..
” තමුසෙට කොච්චර හයියක් තියනවද කියනවා මට අත උස්සන්න.. ආ.. මන් කව්ද කියලා දන්නවද ආ.. “
ඩිශාන් ඇහුව්වේ මුලු මූනම රතු කරගෙන යුමීගෙ මූන ලඟටම මූන ලංකරගනිමින්…
” මට තමුන් කවුරු වුනත් කමක් නෑ.. පාර බලාගෙන යනවා.. තේරුනාද.. “
යුමී ඊට වඩා හයියෙන් කියනකොටම එතනට ආවේ කේෂ්..
ඒ වෙනකොටත් කේෂ් ඈත ඉඳන් මේ සිද්දිය බලාගෙනයි හිටියේ…
ඒ නිසාමයි කේෂ් එතනට ආවේ..
ඩිශාන් කියන්නේ කේෂ්ගේ බිස්නස් පාට්නර් කෙනෙක්.. ඩිශාන්ගේ තාත්තා ඇමති වුනත් කොල්ලා ඒ පවර් පාවිච්චි කලේ අඩුවෙන්.. පාවිච්චී කලේ නැත්තෙමත් නෑ.. එයාම වෙනම බිස්නස් කරන එක කොල්ලගේ ආසව වුන නිසා ඒ දේවල් කරගෙන හිටියේ පාඩුවේ.. ඒත් ඩිශාන් කියන්නේ හරිම ඉක්මනට කේන්තී යන කෙනෙක් වගේම එයාට ලැජ්ජ කරන කිසිම කෙනෙක් අත අරින කෙනෙක් නම් නෙවේ…
” මිස්ටර් ඩිශාන්… “
” ඔහ් මිස්ටර් කේෂ්.. “
” සයුමි වාහනේට යනවා.. “
“එතකොට මිස්ටර් කේෂ් මේ ඔයාගේ… “
ඩිශාන් එහෙම ඇහුව්වේ ප්‍රශ්නාර්ථයක් මූණේ තියාගෙන..
” අහ් මේ මගේ යාලුවෙක්.. “
” මේ කේෂ් මෙයා මගේ වඩේ ටික.. “
” සයුමි මන් එක පාරක් කිව්වා නගිනවා වාහනේට.. “
කේෂ් ඒ ටික නම් කිව්වේ මහා හයියෙන්…
යුමි සැලෙනවද ඒවට නෙවර්..
” අනේ මන් දැන් මගේ වඩේ ටික දාලා යන්නේ නෑ.. අරන් දෙනවා තමුන් වට්ටපූ මගේ වඩේ ටික.. “
යුමි කිව්වේ ඩිශාන්ගේ පැත්තට ඇඟිල්ල දික් කරමින්..
” තමුසෙට මම එක පාරක්.. “
කේෂ් එහෙම කියලා කෑ ගහනකොටම යුමී කරපූ දෙයින් ඩිශාන්ටවත් , කේෂ්ටවත් හිතාගන්න වෙලාවල් නම් තිබුනේ නෑ…
යුමී ඩිෂාන්ගේ සාක්කූවේ තියන පර්ස් එක උදුරලා අරන් එකෙන් සල්ලී අරන්..
” ඔහොම ඉන්න මිස්ටර් ඩිශාන්.. “
එහෙම කියලා එතන තිබ්බ වඩේ කරත්තෙන් තමන්ගේ වඩේ ටික අරගෙන ඉතුරු සල්ලී ආයෙම පර්ස් එකට දාලා යන්න හැරිලා ආයෙම ඩිශාන් ඉන්න පැත්තට හැරුනේ..
” ආ මිස්ට ඩිශාන් ඔය ඇස් චෙක් කරගන්න… නැත්නම් පාරේ යන්න ඉගෙන ගන්න…මට පාඩු කරගන්න අවශ්‍ය නෑ .. අනික මගේ කෑමට කවුරු හරි බාදා කරනවනම් ඒකට කවදාවත් ඉඩකුත් නෑ.. “
යුමි එහෙම කියලා කේෂ්ටත් රවලා එතනින් ගියේ ගස්සගෙන..
” මිස්ටර් ඩිශාන් අයි ඇම් වෙරි සොරි.. “
” අහ් ඉට්ස් ඕකේ මිස්ටර් කේෂ්.. “
” එයා ඔහොම තමා පිස්සූ කේස් එකක් මිස්ටර් ඩිශාන් .. “
” ඔහ් මට හිතුනා.. ඔකේ අපි ආයේ හම්බෙමූ.. ඩීල් එක ගැන කතා කරන්න.. හරිද.. “
” ඕකේ මිස්ටර් ඩිශාන්.. “
” එහෙනම් බායි.. “
ඩිශාන් එතනින් ගියේ කේෂ්ගේ වාහනේ ඉස්සරහා ඉදගෙන වඩේ කකා ඉන්න කෙල්ල දිහා බලමින්…
” මේකී ලෝක ලෙඩක් දාගන්නවා.. “
කේෂ් එහෙම හිතින් යුමීට බනින ගමන් යුමී ඉන්න තැනට ගියේ කේන්තියෙන්..
” තමුසෙට පිස්සුද ඔහොම කරන්නේ ආ? දන්නවද කව්ද ආවේ කියලා.. “
කේෂ් කෙල්ලගේ අතින් ඇදලා ගත්ත පාර කෙල්ල අතේ තිබ්බ වඩේ එක වැටෙන්න නොදී කෙල්ල බේරගත්තේ අනූ නවයෙන්…
“තමුසෙට පිස්සුද #ඩම්බෝ මෙහෙම ඒවා කරන්න..”
කෙල්ලට කේන්තිය එක්ක ඒ නම කියවුනේ නිකන්මයි..
” තමුසෙ මොකක්ද මට ඒ කිව්ව නම ආ.. කියනවා.. “
” #ඩම්බෝ 😂😂😂😂😂 “
” අ අ අ තමුසෙට මම.. 😠😠😠😠😠”
එහෙම කියලා කෙල්ල ලඟට ලං වුන කේෂ් මූන අල්ලන්නේ නැතුව මිරිකනවා වගේ අත් දෙක දික් කරලා එහෙම්ම හැරිලා කාර් එකේ බොනට් එකට ගැහුව්වේ වේගෙන්…
” 😂😂😂😂 “
යුමී හිටියේ හිනැහෙමින්..
වාහනේට ගහලා හැරෙනවත් එක්කම එතනට ආවේ…
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
• කව්ද ආවේ.. ➡️➡️
• හමුවෙමු තවත් කොටසකින්,
#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..
#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..
ඔයාලා හැමෝටම,
බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️
~~~~~~~~~~~~~~~
