සිරකාර ආදරය – 08 කොටස

78
2428

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

08 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆

සිරකාර ආදරය 08
✩───── ❁🖤❤️🖤❁ ─────✩




” ඩොක්ටර් ඔයා මෙහෙ.. “

එසේ විමසමින් දෑස් නොපියා තමා දෙස බලා සිටින ඒ රුව හේතුවෙන් වඩාත් බිය වූයේ ඇයයි.. මන්ද යත් මෙලෙස ඔහුව මුනගැසීමට සිහිනයකින් වත් සිතා සිටියේ නෑ ඇය.. ඇයට සිතුනේ ඇගේ සිත ඇය සමග ක්‍රීඩාවක් කරනවා කියයි… ආශීර් මෙලෙස සැබෑවට නොව මේ ඔහුගෙ මනෝ රුවක් බවයි ඇය සිතුවේ… ඇයිද යත් ඔහු මෙලෙස නිදහසේ සිටීම.. අපිලිවෙල රැවුල කපා අන් දිනයන්ට වඩා අද ඔහු කඩවසම්… නමුත් දෑස් නම් මලානික වී ගොසින්.. සිරුරෙහි තැනින් තැන කුඩා කුඩා තුවාල කැලල් තවමත් තිබෙනවා…

” ඩොක්ටර් ඇයි ඔයා ඔහොම බලන්නේ.. මාව අදුන ගන්න බෑ වගේම.. මන් ආශීර්..”

” අහ්..ම්.මේ..මේ.ඔයා මෙහෙම.. ඒත් කොහොමද ? ..”

ගොත ගසා අපහසුවෙන් වදන් අමුනන ඇය දෙස බලා ලා සිනහවක් පා කරේ ඇය ඔහුගෙ ආගමනයෙක් වික්ශිප්ත වී ඇති බව වැටහුන නිසා…

” මේ මන් තමා ඩොක්ටර්… ඔයා දන්න ආශීර් අද උදේ ඉදන් නිදහස් මනුස්සයෙක්… “

#ඔයා_දන්න_ආශීර්.. ඇය ඒ වදන සමග ගැස්සී ගියේ ඔහුට ඇයව මතකද කියා සිතුන නිසයි… මන්ද යත් ඇය දන්න අතීතේ ඔහුට අමතක බව නම් විශ්වාසයි .. එදා ඇය දුටු දෑස් අද වෙනකම් මතකය අස්සෙ තබා ගත්තත් ඔහු ඇයව ඒ මොහොතෙම අමතක කර ඇති බව නිසැකයි…

අහ් ම්.මේ…

අයියෝ ඩොක්ටර් මිහාදි පුදුම වෙන්න එපා..මගේ දඩුවම් කාලේ ඉවරයි..මාත් අද් ඉදන් සාමාන්‍ය නිදහස් මනුස්සයෙක්..

හදට දැනුනේ සතුටක් ඇගේ.. ඔහු දැන් සිරකාරයෙකු නොවේයි.. සාමාන්‍ය තරුණයෙක්.. පෙර වගේ දැන් ඔහුට විසිය හැකියි.. ඒත් ඇයත් ඔහුත් නොදැන සිටි කරුන තමයි ඔහුට අනාගතය ගොඩනගා ගැනීම පහසු නොවෙන බව.. මන්ද යත් ඔහු මෙතරම් කල් ගෙව්වෙ සිරේ.. අපගෙ මිනිසුන්ගෙ මානසික ස්වබාවය අනුව කෙසේද ඔහු නිදහසේ දිවි ගෙවන්නේ.. අනික ඔහුගෙ වරද මිනීමරු චෝදනාවක් වූ විට…

” ඇත්තටම මට පුදුම හිතුනා.. මන් අවසානෙට ඔයාව දකිද්දි හිටියේ හොස්පිටල් . ඒත් දැන් මෙහෙම ඉන්න එක ගැන සතුටුයි හදවතින්ම.. දන්නේ නෑ ආශීර් ඔයා මොකට හිරේ ගියාද කියලා.. ඒ අතීතේ වැඩකුත් නෑ ඒත් මේක මතක තියා ගන්න දැන් ඔයා නිහදස් කෙනෙක්.. ඉතින් හීනයක් තියා ගන්න ජීවීතේ.. ඒකට මහන්සි වෙලා ඒක හැබෑ කර ගන්න.. “

ඇයගෙ වදන් වලින් ඔහුයි ගැස්සුනේ.. ඔහු මුලින් පුදුම වූයේ ඇගේ පියාගේ වියෝව ගැන දත් නිසයි.. ඒ නිසයි ඒ ගැන වදනක් හෝ නොපැවසුවේ ඇයට.. ඒත් මේ දැන් ඇය පැවසූ වදන්.. ඒ වදන් වලින් ඔහුට මතක් වූයේ එකම කෙනයි..කොතෙරම් ආදරය කරත් ඒ දිහන්සි ලග වත් නොසෙල්වූ සිත සෙලවු #වැඩිමහල්_රුව.. ඇගේ රුව මතකයෙන් ගිලිහුනත් ඈ පැවසූ වදන් අදටත් කිසීම වෙනසක් නොමැතිව ඔහුට මතකයි.. ඒ වදන් වලිනුයි ඔහු වෙනස් වීමට සිතුවේ.. අතීතයේ අලු ගසා දමමින් නවමු දිවියකට එලබීමට සිතුවේ ඇගේ වදන් නිසයි.. මීට වසර දෙකකට පෙරාතුව ඒ වදන් මතක් නොවුනෙ ඇයිද කියා සිය දහස් වරක් පමන ඔහු පසු තැවුනා… ඒත් ඇගේ රුව අමතක වී ගියත් ඇගේ බාමය ඔහුට මතකයි.. #ආශී එයයි ඇගේ නාමය.. කිසිවක් සිතා ගත නොහැකිව ආශීර් මිහාදි දෙස බැලුවේ පුදුමයෙන්.. ඒ ඇයමද කියා සොයන්නට මෙනියි…

” ඩොක්ටර් ඔයාගේ නම මොකද්ද ? “

එක් වරම ආශීර්ගේ පැනය අසල මුව ගොලුව ගියේ ඔහු එයින් අදහස් කර දේ ගැන වැටහීමක් නොමැතිව.. නාමය.. ඔහු නොදනීද තම නාමය…

” අහ් මොකද්ද ?…”

” නෑ මන් ඇහුවේ ඩොක්ටර්ගෙ සම්පූර්ණ නම මොකද්ද කියලා.. ඔයා ඔය කිවුව දේ මීට කලින් වෙන කෙනෙකුත් මට කියල තියේ.. ඒත් එයාගේ නම විතරයි මට මතක.. මූන හරියටම මතක නෑ ..”

සැබෑවටම මේ ඇයද.. ඒ නිසාද සිත ඇය අසල අමුතුම මිහිරියාවකින් පිරී යන්නේ.. එවිට මැය…

” ඩොක්ටර් ඒක නෙමෙයි ඔයා මෙඩිකල් කොලේජ් නේද ආ.. “

හදිසියෙන් මෙන් ඔහු ඇසුවේ මේ ගැටලුව නිරාකරනය කර ගත යුතු නිසයි…

” එහෙමද මේ තරම් දවස් හිතා ගෙන හිටියේ.. මන් මෙඩිකල් කොලේජ් අවුට් වෙලා අවුරුදු 2ක් වෙනවා… “

“එතකොට ඩොක්ටර් ඔයා මේ.. මේ #අක්කා කෙනෙක්ද.. “

හදවත වේගෙන් ගැහෙද්දි ආශීර් වදන් ඇමිනුවේ අපහසුවෙන්..ගතට මෙලෙස දහඩිය දමන්මේ ඇයිද කියා වත් ඔහුට සිතා ගන්න බෑ..ඔහු නොදැනිම ඇය ගැන සිතෙහි හැගුමන් ඉපිද ඇති බව නම් නිසැකයි ..

“හ්ම්ම්.ඔව් ආශීර්. මට අවුරුදු 27ක් වෙනවා.. ඔයාට වඩා අවුරුදු 4ක් වැඩිමල්…”

මිහාදී සිනහ සී පැවසුවේ පියාගේ වියෝවෙන් පසු ගත් තීරනය නිසා.. ඇය දන්නවා පෙර ඔහු ඇගේ නාමය ඇසුවේ ඒ ඇයගැන මතක් වූ නිසා බව.. රුව මතක නැති වුවත් හදවතේ ඈ පැවසූ වාදන් ඉතිරිව තිබේ න්ංම් අන් කිසිම සතුටක් නෑ ඇයට.. එයම පමනක් ප්‍රෙමානවත්..මෙය අසම්මතයක්.. වැඩි මහලු බාල අසම්මත කොතෙක් තිබුනත් ඇගෙ අසම්නත අදහස් වලට ඔහුගෙ සිතෙහි ඉඩක් නෑ.. ඔහුගෙ සිතේ සිටිනුයෙ එදා සිට ඔහු ආදරය කර තරුණිය පමනයි..

“අහ්..ඒ.ඒත් මන් හිතුවේ නෑ ඔයාට 27ක් වෙනවා කියලා .. “

“ඒක හිත්න්න එපා ආශීර්.. එහෙනම් මන් යනවා ආශීර්.. මන් දැන් ඇවිල්ලත් ගොඩාක් වෙලා.. ඔයා එහෙනම් වදින්න..බුදු සරණයි ..”

ඔහුට කිසිවක් පවසන්නට නොතබා ඇය විගසින් ඉවත් වුනේ හදවතේ ගැස්ම එන්න එන්න නොසන්සුන් වී ඇති නිසා.. ඔහු අසලදි ඇගේ සිතට පාලනයක් නෑ.. ඒ සිතෙහි තෙරපී තිබෙන ආදරය.. එය සිර කර ගෙන නොදන්නා සේ සිටීම ඊටත් වඩා පහසු නෑ… ඒක පාර්ශික ප්‍රේමය සුන්දරයි.. නමුත් ඊටත් වඩා එහි වේදනාව හදවත දවා අලු කර දමනවා..එය එසේ නොවෙද.. දෙදෙනා දෙපසට ඉවත්ව ගියත් සංසාරේ සුවද රැදි ඒ අසම්මත ආදරය නිසැකයි එක් වේවී.. නමුත් කවදා කෙලෙස එසේ එකතු වේවිද.. සිරකාරයෙකු ලෙස නම් දැරූ ඔහු කුමක් සිදු කරාවිද !.. කුමක් සිදු වුවත් කදුලු මැදින් ලියවුන සුන්දර ආදරයක ආරාම්බය සිදු වූ බව නිසකැයි…

” අනේ මන්දා මට තේරෙන්නේ නෑ ඔයා අක්කා කෙනෙක් කියුවම මට ඇයි මේ තරම් රිදෙන්නෙ කියලා ..”

සුසුමක් හෙලමින් ආශීර් තමන්ටම පවසා කැළණි සමිදුන් වැද පුදා ගත්තේ හිතේ ඇතිවූ ගැස්මෙන් යුත්තවයි…

__________________ 💚🖤💚

කැළණි පන්සලෙන් නික්මී ඔහු කෙලින්ම ගියේ ඔහුගෙ දෙවෙනි පියා.. එසේත් නැතිනම් ආශීර්ව දෙමාපියන් මියගිය පසු හදා වඩා ගත් පියා.. පියල් දෙසටයි.. තමන් එනතෙක් මග බලා සිටින ඔහුව දුටුවම දෑස් තෙත්වී කදුලු කඩා හැලුනේ ඔහුගෙ ආදරය රැකවරනය දෑස් ඉදිරිපිට සේයා රූ මැවෙන විට…

මේ වසර දෙකම ඔහු කිසිවෙකුටත් ඔහුව මුන ගැසමට පැමිනෙන්න දුන්නේ නෑ.. ඒත් එක් අයෙකුට පමනක් ඒ අවස්ථාව හිමි වුවත් ඇය කිසි දිනක ඔහු සොයා පැමිනියේ නෑ.. අවසන් වරට ආශීර් හමුවට ඇය පැමින පිටව ගියේ ඔහුගෙ සිත වේදනාවෙන් දවාලමින්…

ආශීර් පුතේ…

ආශීර්ව වැලද ගෙන හඩා වැටුනෙ පියෙක් නොවූවත් පියෙක් වුනේ ඔහු නමින් නිසා.. සැබෑ දෙමාපියන් ඉල්ලා හඩන විට ඔහුව නැලවූයේ ඔහුයි.. සිරුරේ දුවන ලේ බිදුවක් ගානේ ඔහු ආශීර් වෙනුවෙන් පේ වී අවසානයි…

” කෝ දැන් ඇති.. කෝ පොඩි ලමයෙක් වගේ අඩන්න එපා ඉතින්..මන් දැන් ආවා නේ.. කෝ ඉතින් …”

” ඇදිලා ගිහින් ආශීර් ඔයා.. මට ඔයාව මෙහෙම දකිද්දි පුදුම තරම් දුකක් දැනෙන්නේ…ඊට වඩා මේ තුවාල.. පෞ මගේ කොල්ලා..”

ඔහුගෙ මුහුන අත ගාමින් පවසන පියල් ගැන දැනුනේ හද දවන විසල් වේදනාවක්.. මේ දෙස බලන් රියදුරුත් දෑසට නැගි කදුලු පිස දා ගත්තේ ආශීර් නොමැතිව ඔහු විසින් ගෙවූ දිවිය දැන දත් නිසයි..නිවසෙහි සතුට ආශීර් සමගම මීට වසර දෙකකට පෙර ගසා ගෙන ගියා… නමුත් දැන් ඔහුගෙ ආගමනය සමග එය නැවතත් ස්ථපනය වන බව විශ්වාසයි..

” කෝ දැන් මන් ඇතුලට එන්න එපාද.. අද දවසම මට මෙතන තමා ඉන්න වෙන්නේ..”

“අහ් හරි හරි කෝ අපි යමු ඇතුලට…”

පියල් සමග ඇතුලට ගිය ඔහු දුටුවේ…….

__________________ 💚🖤💚

අනේ සොරි සොරි සොරි… කතාව පොඩ්ඩක් වෙන්නේ වැඩ පිරිලා.. නිදා ගනිද්දිත් ගොඩක් රෑ වෙනවා.. මන් කැම්පස් යන්න ඉන්න කෙනෙක් ඉතින් ඒ නිසා කෝර්ස් දෙකක් කරනවා.. ඒ වැඩ එක්ක පුදුම තරම් බිසී… සොරි කියනවා ආයෙමත්

මන් #මේධී

අද කතාව කොහොමද ?
+1
7
+1
55
+1
7
+1
1
+1
4
+1
2
+1
1

78 COMMENTS

  1. 46790 168185Hi. Cool write-up. Theres an problem together with your website in firefox, and you might want to check this The browser is the market chief and a excellent section of folks will pass more than your fantastic writing because of this difficulty. 313359

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here