සිරකාර ආදරය – 09 කොටස

0
2227

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

09 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆

සිරකාර ආදරය 09
✩───── ❁🖤❤️🖤❁ ─────✩

යදම් බැද සිරකරපූ…
සිරකාර මගේ හිත…
නුබ ලගදි ගැහෙනවා…
නුහුරු හැගුමන් මවපු…
පුරුදු හැගුමක් දැනෙයි…
සංසාරෙ ලග හිටපු…
හිත ගොඩක් අසරණයි…
අතීතය ලග හඩපු….

🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗🔗

#ආශිර්….
(Nimesha Madushani අක්කි ගොඩාක් තැන්කිව් ආශීර් වෙනුවෙන් දුන්න ආදරේට.❤️ )


ඇතුල්ට පිවිසි ආශීර් දුටුවේ සුදු මල් මාලයකින් සැරසී සාලය මැද තේජවන්ථව සිටින පියාගේ රුවත් ඔහු අසලින්ම අහින්සක බැල්මෙන් සිනාසී බලා සිටින මවගෙ රුවත්ය… දෑසින් එකින් එක කදුලු බිදු වැටෙමින් පොලව මත රටා මැවෙද්දි සෙමි සෙමින් ඒ දෙසට දෙපා තබමින් දෑසින් වැටෙන කදුලු බිදි පිහිද නොගෙනම බලා සිටියේ හදවත වේදනාඒන් ගිනි ගනිද්දි… තමන්ව ලොව තුල තනි කර දමමින් ඔවුන් යන්නම යන්න ගිහින් වසර ගනනාවක් පසු වී තිබුනත් අදටත් ඒ හදෙහි වේදනාව සුලු පටු නෑ…හදවත පුරාම එදා මෙන්ම අදත් මහ විසල් වේදනාවක් නොවෙනස්ව තිවෙනවා..සිරුරේ සෑම අංශුවක් පුරාම නොසන්සුන් හැගුමන් දුවමින් හදවත සිරවී මුවින් ඉකියක් පිටවුනේ ඔවුන් නැති අඩුව සැම විටම ඔහුගෙ සිතට දැනෙන නිසා…

සිතන්න මදක් අද ආශීර් මෙලෙස හඩා වැටෙනවා නම්… මෙලොව ඉපදෙන එඉටම අනාථයෙකු ලෙස හංවඩු ගැසී ඉපදෙන දරුවන්… එසේත් නැති නම් බිත්ති හතරක් තුල එක් පැයකට පමන දිවියේ සතුට සොයමින් එක්වෙන්නා වූ පෙම්වතුන් නිසා ඉපදෙන කුඩා දරුවන්..ඔවුනුත් අනාතයන් ලෙස නොවෙද මේ ලොව තුල බොහෝ විට ජීවත් වෙන්නේ.. කිසිදා සිතුවද කවුරුන් හෝ ඔවුන්ගෙ සිතෙහි තිබෙන වේදනාව..කිසි වෙකුත් කිසි විටක ඔවුන් ගැන සිතා නොමැති බවට නිසකැයි… දහස් ගනන් මිනිසුන් ඔවුන්ගෙ සිත් වේදනා ගෙන දෙනවා ඇති… දෙමාපියන් සිට නැති වෙනවා ලෙස තරම් ඔවුන්ගෙ සිතත් කුඩා කල සිට දෙමාපියන් නොමැති නිසා විදවන්න ඇති බොහො…

” අම්මේ, තාත්තේ ඔයාලගෙ පුතා ආයේ ආවා.. ආයෙම ආවා.. මේ මිනීමරුවා ආයේ ආවා.. මට සමාව දෙන්න දෙවියනේ.. මේ පවුකාරයට සමාව දෙන්න.. “

විනාඩි ගනනාවක්ම ඔහු ඔවුන් දෙදෙනාගේ රුව බදා ගනිමින් හඩා වැටී ඔහුගෙ කුටිය තුලට ගියේ අදින් අරබන්න සූදානම් වන අලුත් දිවිය ගැන දහසක් පැතුම් හිත තුල පුරවා ගනිමින්…

හ්ම්ම්ම්….

“එදා ගිය ආශීර් ආයේ ආවා.. තාමත් මේ කාබරේ උබේ සුවද තියෙනවා දිහන්සි.. ඒත් උබ නිසාම ලෝකෙටම මිනී මරුවෙක් වුන ඒ ආශීර් නෙමෙ මේ ඉන්නේ.. ලේස්ති වෙලා හිටපන් උබ නිසා නැති වුන හැමදේම ආයේ මට අරන් දෙන්න… හැමදේම.. “

සයිඩ් කබඩ් එක මත තිබූ දිහන්සියෙ රුව දෙස බලන් තමන්ටම පවසා ගත්තේ කේන්තියෙන්.. ආදරය නිසා එදා ගත් තීරනේ නිසා ඔහුට අහිමු වූ දෑ බොහෝයි.. නමුත් එදා රෝහල තුලදි ආශීර් විසින් ඔහුට දී ගත් පොරොන්දුව ඔහුටම නැවත මතක් කර ගනිමින් නාන කාබරය වෙත පිය මැන්නේ සිතේ ඇතිවූ දැඩි අදිෂ්ඨානයෙන්… ඒ එදා අහිමි වූ සියල්ල නැවතත් ලගා කර ගන්න බව ඔහුටම පසක් කරමින්…

අතීතයේ ආදරයෙන් අන්ධ වී ගත් එක් තීරනයක් නිසා ආශීර්ගේ දිවිය උඩු යටි කුරු වී ගියා.. ඒ නිසා ඔහු අහිමි කරගත් දෑ බොහෝයි..මෙලොව සිටින බොහෝ අය ආදරය.. විශ්වාසය හේතුවෙන් යම් යම් අවස්ථවන්හී ගන්නා තීරන වලින් ඔවුන්ගේ ගමන් මග වෙනස් වී යනවා නොවෙද !..තවත් විටක ඒ තීරන මගින් මුලු දිවියම විනාශ වී යනවා නොවෙද !.. හදවතින් නොව මොලයෙනුයි අප තීරන ගත යුත්තේ.. ආශීර්ට මෙන් නොමැතිව කවුරුන්ට හෝ කිසි දිනක දෙවෙනි අවස්ථාවක් දිවියෙහි නොලැබී යාවී…

__________________ 💚🖤💚

නවමු දවසක් අලුත් ඉරක්.. නවමු දෛවයක්.. සුන්දර ආදර කතාවක්.. ඇරබුමට පා තබමින් ආශීර් ඔහුගෙ පියාගේ ඔෆිස් එක වෙතට පියල් සමග පිටව ගියේ ලය පුරා හොදින් හුස්මක් අරන්.. මුලු ලොවටම ඔහු මිනීමරුවෙක් .. ඉතින් තම කාර්‍යාලය තුල ඔවුන් ඔහුව කෙසේ පිලී ගනීවිද.. කඩවසම් තරුනයෙක් වුවත් ඔහුගේ නාමය ඉදිරියෙන් එකතු වූ කලු පැල්ලම.. එය කවදා නැති කර ගත හැකි වෙයිද..

කර්‍යාලය තුලට පිවිසි ඔහු දෙස සියලු දෙනාබලා සිටියත් ඔහුගෙ අතීතය මෙතන සිටින බොහොමයකය දන්න බව නම් ඔවුන්ගෙ මුහුනෙහි ඉරියව් වලින් ඔහුට මනාව පසක් වී ගියා..ඒ නිසයි ඔහු සුසුමක් හෙලමින් සියලු දෙනා දෙස විමසුම් බැල්මක් හෙලුවේ…

” හ්ම්ම්… ගුඩ් මෝනිං එවුරි වන්.. මන් තමයි අද ඉදන් ඔයාලගෙ බොස් ආශීර් දේහංස… එතකොට මේ මිස්ටර් පියල් මන් එනකම් තමයි මේ හැමදේම බලා ගෙන හිටියේ…ඉතින් අද ඉදන් මන් එක්ක එකට කලින් වගේ වැඩ කරයි කියලා හිතෙනවා.. “

ඔහු සිනහ සී පැවසුවත් සමහර අයගෙ දෑසෙහි ඔහු වෙනුවෙන් ඇදුනේ පිලිකුලක් පමනයි.. තරුනියන් නම් ඔහුගෙ රුවට බැදී ඔහු දෙස දෑස් නොපියා බලා සිටියේ ආශීර් අද එතරම්ම සුන්දර නිසා…

සැමගෙන්ම සමු ගෙන තමන්ට හිමි කුටිය වෙත ගිය ඔහු දෑත් වලින් නලලත තෙරප ගත්තේ පෙරදින සොයා බැලූ ආකාරයට ඔහුගෙ උරුමය මදින් මද අගාදයට යන බවයි.. ඔහු නොමැති වසර දෙකට ගොඩ ගත නොහැකි ලෙසම පාඩූ පිට පාඩු ලබමින් සම්පූර්ණය ව්‍යාපාරය අගාදයටම ඇද වැටී ගොසින්..

කුටියට පැමින තමන්ට හිමි පුටුව මත වාඩී වී කුටිය පුරාම දෑස් සිසාරා ගෙන ගියේ ලය පිරෙන්න හුස්මක් ගන්න ගමන්…

” ආශීර් ඔහොම හූල්ලන්න එපා..අන් දැක්කා ඔයා ඔෆිස් එක පුරාම බලනවා.. සම්පූර්ණයෙන් අපි කඩන් වැටිලා නෑ නේ.. අපි මේක කලින් තිබුන තැනට ගමු.. ඒ නිසා ඔහොම හූල්ලන්න එපා..”

ඔහුත් සමග කුටියට පිවිසි පියල් පැවසුවේ ආශීර් කඩා වැටේ යැයි බිය වූ නිසයි…

” මන් ඊයේ ඔක්කොම ෆයිල්ස් චෙක් කරා.. පාඩු පිට පාඩු විතරමයි.. ඔයාට මං මොකුත් කියන්නේ නෑ..මොකද මන් නැති අතරේ ඔයා නැත්නම් අද මේකත් මට නෑ.. දන්නවා මට ලොකු කට්ටක් කන්න වෙනවා කියලා.. මන් අනිවාර්යයෙන් මීට කලින් තිබුන තැනට ඔෆිස් එක ගේනවා.. ඩෝන්ට් වොරි අබවුට් ඉට්… ඒත් මට බයයි… ම්ම්ම්.. මන් අසාර්ථක වෙයි කියලා දැන් බය හිතෙනවා.. “

ඇත්ත ඔහුගෙ සිතට දැනෙන්නේ පුදුමාකාර බියක්.. මන්ද යත් මේ වසර දෙක පුරාවට ඔහුගෙ ව්‍යාපාරය සම්පූර්ණයෙන් බිද වැටී ගොස් අවසානයි.. සම්පූර්ණ පඩි පෙලෙන් ආශීර් බිම වැටී අවසානයි.. ඔහුගෙ හෙට දිවිය දැන් නම් අවිනිශ්චිතයි… තම හීන සාර්ථක කර ගත හැකි වෙයිද ඔහුට… අසීරූ බව දන්නවා බොහෝ මුල සිට සෑම දෙයක්ම ආරම්භ කරන එක.. මෙය සුන්දර කතාවක් වූවා නම් සිතූ ලෙසින් සැම දේ සාර්ථක වී පවතින්නට තිබුනා.. නමුත් මෙය සැබෑ ලොවයි.. සැබෑ ලොව තුල අපගෙ හීන කරා යෑමට අපහසුයි.. උත්සහ කර යුතුයි.. බොහෝ ලෙසින් මහන්සි විය යුතුයි දිනීමට නම්…

” බය වෙන්න එපා පුතේ පොඩ්ඩක් වත්.. මන් ඉන්නවා ඔයා එක්ක.. ඔයාට පුලුවන් අපි මහන්සි වෙමු.. ගොඩක් මහන්සි වෙමු අපි..මන් ඉන්නවා ආශීර් ඔයාත් එක්ක..”

ඒ වදන් වලින් ආශීර්ගෙ සිතට දැනුනේ සහනයක්.. ඒ සතුටින්ම තම අසුනෙන් නැගිට ගොස් ඔහු පියල්ව බදා ගත්තෙ පියලුත් පෙරලා ඔහුව බදා ගනිද්දි…

ඒත් ඔවුන්ගෙ දැහැනට බාදා කරමින් ඔහුගෙ කුටියෙ ස්ථාවර දුරකතනය මහ හඩින් නද දුන්නේ ආශීර් පියල්ව අත හැය එය සමග සම්බන්ද වෙද්දි…

” හෙලෝව් “

නමුත් එහා පසින් ඇසුන වදන් සමග දෑත් ඇදි කෝපයෙන් මිට මෙලවී දෑස් වලින් ගින්දර පිට වනවා මෙන් ආශීර් කෝපයෙන් ගිගිරුවේ හදවත වේදනාවෙන් දැවී පිලිස්සෙද්දි….

━━━━━━━━━💚🖤💚

කවුරු වෙන්න පුලුවන්ද ඒ… මේක ආදර කතාවක්.. ඒත් මන් හිතනවා මේකෙන් දෙන්න හදන දේ තේරුම් ගනී කියලා ඔයාලා.. අපි හිතන තරම් සාර්ථකත්වය ලගා කර ගන්න ලේසී නෑ.. කාට වුනත්.. ඒක හැමදාම මතක තියා ගන්න..මහන්සි වෙන්න වෙනවා ගොඩාක්

අපි බලමු ආශීර් සාර්ථක වෙයිද කියලා ඒ වගේම මිහාදී කොහොම ආයේමත් ආශීර් ලගට එයිද කියලා .. පැහැදිලි මදි අයට කියන්න තියෙන්නේ ඉවසීමෙන් කියවන්න.. තාමත් ආදරයක් කතාවේ ඇතුලට ආවෙ නෑ.. අනාගතේ අවිනිශ්චිතයි ..

මන් කියුවා ඔයාලට මන් ඉගෙන ගන්න කෙනෙක්. මන් කරන කෝස් එක නිසයි මෙහෙම පොඩි කොටස් කියලා.. ඒක තේරුම් ගනී කියලා හිතෙනවා..

මන් #මේධී…

අද කතාව කොහොමද ?
+1
4
+1
46
+1
13
+1
2
+1
2
+1
3
+1
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here