රැවටුනේ මා නෙමෙයි – කෙටි කතාවක්

5
3831

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

❤❤ කෙටි කතාව ❤

✍️ දවිත්‍රි ඉසංකා

❤️❤️ රැවටුනේ මා නොවෙයි.. ❤️❤️
☆━━━━━━━━ – ━━━━━━━☆
(#සත්‍ය_කතාවක්_ඇසුරෙන්)
☆━━━━━━━━ – ━━━━━━━☆

ශාන් පුංචිගේ ඩාන්සිං ක්ලාස් එක ලඟට ගියේ හදිස්සියේ වැටුන වැඩක් නිසා…

ඒත් යනකොටම ලස්සනට අඩි තිය තිය නටන ඇයව දැක්කම ඔහුගේ හිත ගැස්සුනෙ නෑ කිව්වොත් පුදුමයි… ඔව් වසර ගානකට පස්සේ ඔහුගේ හිත ගියේ ඇය ගැනයි…

ඔහු නමින් ශාන් විජේසූරිය… අම්මා තාත්තා නංගී මල්ලී එක්ක ඉන්න පවුලේ වැඩිමලා… මහ ලොකු සල්ලීයක් නැතී .. දුප්පත් පවුලක උත්සහ වන්ත කොල්ලෙක්… ඒ වගේම දුටුවන් සිත් වසඟයට ගන්න පුලුවන් කඩවසම් රුවක් ඔහු තුල තිබුනේ… ගානට කපපු රැවුල .. උසට සරිලන මහත.. ඔහුට ගෙනාවේ අමුතුම කඩවසම් බවක්..

ඇය ලක්ශානී සිල්වා.. කතා කරන ඇස් .. හිනා වෙනකොට වල ගැහෙන කම්බුල් ඇයට ගෙනාවේ අමුතුම ලස්සනක්.. ඉතින් ශාන්ගේ හිත ඇය වෙත නොගියා කිව්වොත් පුදුමයි අයියයි අක්කයි මැද්දේ හැදුන පවුලේ බාලයා ඇයයි..

” නංගී… “

” ඕ අයියා.. “

ශාන් මේ ලං වුනේ පුංචිගේ පන්තියේ හිටිය කෙල්ල ගැන නංගිට කියන්න..

” මේ මේ උදව්වක් කරනවකෝ . . “

” මොකක්ද අයියා.. “

” අර පුංචිගේ පන්තියේ හිටියෙ.. “

එහෙම කියලා කොල්ල කෙල්ල ගැන විස්තරේ නංගීට කියලා.. නංගිට කියනවා එයාට කතා කරන්න කියන්න කියලා..

දුප්පත් කම තදින්ම දැනිලා තිබ්බ නිසා ශාන් තීරණය කරලා තිබුනේ රට යන්න මොකද නංගී මල්ලී පවුලේ අය වෙනුවෙන් ශාන්ට කරන්න තිබුන එකම දේ එකයි…

ශාන් කොච්චර බලන් හිටියත් කොල්ලට කෙල්ල කතා කලේ නම් නෑ.. ටික කාලයක් ගෙවිලා ගියේ කොල්ලගේ රට යන ගමනට සියලූ කටයුතු සාර්ථක ලෙස නිම වෙමින්.. ඔය අතර කෙල්ල ගැන මතකය ටිකක් අයින් වෙලා තිබුනේ තිබුන වැඩ නිසා…

දිනෙන් දින ගෙවිලා ගිහින් රට යන දවසට දින ලං වෙලා තියනකොට ශාන්ගේ මැසේන්ජර් එකට මැසේජ් එකක් එන්නේ කෙල්ලෙක්ගෙන්..

” අයියා ඔයා රට යනවා නේද.. අපේ අයියා කෙනෙක්ගේ බඩු වගයක් තියනවා යවන්න ඕනේ පුලුවන්ද ගිහින් දෙන්න අයියා.. “

ශාන්ට මීටර් නෑ මේ අර ඇස් වලින් කතා කරන කෙල්ල කියලා.. පස්සේ ටික වෙලාවකින් තමා කොල්ලා දැන ගත්තේ මේ කෙල්ල කියලා..

ඔහොම ටික දවසක් මැසේජ් කර කර ඉන්නකොට ශාන් තමන්ගේ හිතේ තිබ්බ ඒ අදහස කෙල්ලට කිව්වේ හිතේ තියන් ඉන්න බැරිම තැන..

ඒත් කෙල්ලගෙන් පිලිතුරක්නම් ශාන්ට ලැබුනේ නෑ..

ඔහොම ටික දවසකින් කොල්ල යන දිනේ උදා වුනා..

“නංගී මම අද රට යනවා.. “

” මොකක් අයියා බොරු කියන්න එපා.. “

ලක්ශානී එහෙම කිව්වේ පුදුමෙන්..

” ඔව් නංගී .. ඉන්න මන් ටිකට් එකේ ෆොටෝ එකක් එවන්නම්.. “

එහෙම කියලා ශාන් ෆොටෝ එකක් යැව්වේ තමන් ලඟ සන්තකයටම තියන කසිකබල් ෆෝන් එකෙන්..

” ඒක නෙවේ නංගී මට ඔයාගෙන් උත්තරයක් ලැබුනේ නෑනේ.. “

ඒත් එක්කම කෙල්ලගෙන් කෝල් එකක් ආවා.. ෆ්ලයිට් එකට නගින්න හරියටම පැයක් තියෙනකොට තමයි කෙල්ල කෝල් කලේ..

” අනේ අයියේ මම ඔයාට ගොඩක් ආදරෙයි .. ප්ලීස් මාව දාලා යන්න එපා… “

ලක්ශානී අඬන්න මෙන් කිව්වත් ඔහු යායුතුමයි.. මොකද සියල්ල වී අවසන්..

ශාන්ට දැනුනේ ඒ වෙලාවෙ රටක් රාජ්‍යක් ලැබුනා හා සමාන හැඟීමක්.. සතුට වගේම ලොකු දුකකුත් හිතේ තිබුනේ මොකද කෙල්ලගෙන් ඈත් වෙන්න වෙන නිසා..

මහ ලොකුවට කෙල්ල ගැන විස්තරයක් නොදැන හිටියත් කෙල්ල කිව්ව හැම වචනයක්ම පවා ඕනවටත් වඩා විශ්වාස කලේ ශාන් ආදරෙන්…

ලක්ශානිට දහසක් දේ කියලා ශේප් කරගෙන කොල්ලා රට ගියේ දුක සතුට දෙක කැටිවයි..
දුප්පත් කමේ ඉහලම හිටිය ශාන්ට හරි හමන් ෆෝන් එකක් නොතිබුන නිසා ගිය ගමන් කෙල්ලට කතා කරන්න විදියක් තිබුනේ නෑ..

ශාන් ගිය දවසට පහු වෙනිදා වැලන්ටයින් එක යෙදිලා තිබ්බ නිසා කොල්ලා සෑහෙන්න කට්ට කාලා නොදන්න රටක විශ් එකක් දැම්මේ ෆේස් බුක් එකෙන්…

නෝමල් කෝල් ගන්න නිසා ශාන්ට සෑහෙන්න වියදමක් තිබුනත්… ඒ දේවල් අමතක වුනේ කෙල්ලගේ එකම එක ආදර වචන වලින්..

” ආදරෙයි මගේ අප්පච්චී… “

ලක්ශානී ආදරේට කිව්වේ එහෙම..

” අනේ අම්මී ඔය ආදරේ තිබ්බම මට පුලූවන් ඕන දෙයක් කරන්න.. “

ශාන් නොසෑහෙන දුක් වින්දා ඒ රටේ රස්සාවක් නැතුව.. ඒත් කෙල්ලට ආදරේ කරන එකනම් නැවතුනේ නෑ…

ඔය අතරේ ශාන්ට අලුත් රස්සාව ලැබෙනවා එක්කම වීසා මාරු කරන්න ලංකාවට යන්න වෙනවා කිව්වම ශාන්ගේ ඉහේ මලක් පිපුනා වගේ දැනෙන්නේ කෙල්ල එක්ක යාලූ වුනාට පස්සේ හම්බෙන්නවත් බැරි වුන නිසා..

කොල්ල ලක්ශානිට නොකියා හොරෙන් හැම දේම ලෑස්තී කරගෙන ලංකාවට යන්න කලින් කෝල් කරලා කියන්නේ..

” සුදු අම්මී ඔයා අපේ ගෙදරට යන්න.. එහෙට ගියාම වීඩියෝ කෝල් එකක් ගන්න පුලුවන්… මට ඔයා දිහා බලාගෙන කතා කරන්න පුලුවන්.. “

ඒ වෙනකොටත් ශාන්ගේ ගෙදරින් මේ සම්බන්දෙට කැමති වෙලයි තිබුනේ…

කෙල්ල ගෙදරට එනකොටම දකින්නේ කොල්ලව දැක්ක ගමන් කෙල්ලගේ ඇස් වලට කඳුලූ පිරෙන්නේ ඉබේමයි.. ඒ තරම් සතුටක් දැනෙන්නේ..

මාසයක් පුරාවට ශාන් , ලක්ශානි එක්ක කාලය ගත කලේ ගොඩක් සතුටින්.. ලංකාවට එනකොට ශාන්ට මහ ලොකු දේවල් ගේන්න බැරි වුනත් කොල්ල ආව එක ගැන සතුටක් තමයි කෙල්ලගේ හිතේ තිබ්බේ…

ඉතින් හරියටම මාසයක් යනකොට කොල්ලට වීසා එක එන්නේ හරියටම ශාන් ගේ බර්ත්ඩේ එකට දවස් තුනක් තියනකොට…

ලක්ශානීගේ අතීතේ ගැන කිසිම දෙයක් ලක්ශානී කොල්ලට කියලා තිබුනේ නෑ..

” මගේ ෆර්ස්ට් ලව් එක ඔයා අයියේ.. “

ඔහොම තමයි කියලා තිබුනේ..

ලංකාවට ආව මාසෙට දෙන්නට දෙන්න නැතිව බැරි තරමට ලං වුනා.. ඒ නිසාම කොල්ලා යනකොට ඒ දුක වාව ගන්න බැරුව ලක්ශානී ඉකි ගහ ගහ අඬන්නේ…

ශානුත් රට ගිහින් ගොඩක් අවුලෙන් හිටියත්.. ඒක අඩු වුනේ කෙල්ල එක්ක කතා කරන නිසා… අවුරුද්දක් පුරාවට හරිම ලස්සනට මේ ආදර කතාව ගලාගෙන ගියේ දවසට පැය දෙක තුන දෙන්නා කතා කරමින්…

ඔහොම ඉන්නකොට කෙල්ල ගැන වැරදී ආරංචී කොල්ලගේ කන වැකුනත් ඒ කිසි දෙයක් කොල්ලා පිලි නොගත්තේ කෙල්ල ගැන තියන දැඩි විශ්වාසය මත…

කාලයාගේ ඇවැමෙන් කොල්ලා ෆේස්බුක් එකේ එහා මෙහා යනකොට දකින්නේ ලක්ශානී කොල්ලෙක්ගේ තුරුලෙ ඉන්න ෆොටෝ එකක්.. ඒක දැක්ක විතරයි කොල්ලට යන කේන්තිය ඉවසගන්න බැරුව කොල්ල හදන්නේ මේ තියන සම්බන්ධය නවත්‍තලා දාන්න…

” නංගී මට දැන්වත් ඇත්ත කියනව කව්ද මූ.. “

” අනේ අයියේ මට සමාවෙන්න.. ඔය මම කලින් යාලු වෙලා හිටිය කෙනා.. ඔයාට කිව්වේ නැත්තේ ඔයාව මට නැති වෙයි කියලා සමාවෙන්න.. “

අතීතේ වර්ථමානෙට අදාල නෑ කියලා සමාව දුන්නේ කොල්ලගේ තියන හිත හොද කමට… .

කාලයත් එක්ක වැකේශන් එකට ලංකාවට ගිය වෙලාවකට ලක්ශානිගේ ෆෝන් එකට මැසේජ් එකක් එන්නේ අර රට ඉන්න එයාලාගේ අයියාගෙන්..

” පැටියො මොකද කරන්නේ.. “

” මොනවද සුදු අම්මී කව්ද මේ.. “

ශාන් එහෙම ඇහුව්වේ කේන්තියෙන්. .

” අනේ ඔය අර අපේ අයියා කෙනෙක් එයා මට කැමති ඒත් අපේ ගෙදරින් එයාට අකමැති නිසා මන් වැඩිය ගනන් ගන්නේ නෑ.. “

ඔව් ඇගේ ඒ වදන් පමණට වඩා ශාන් විශ්වාස කලේ ආදරේ නාමයෙන්…

අවුරුද්දක් දෙකක් පුදුම ආදරයකින් ගෙවෙන්නේ ශාන්ට ලක්ශානිව නැතිවම බැරි කරමින්…

ඒත් ටිකෙන් ටික ලක්ශානි වෙනස් වෙන්නේ ඔය අතරේ… නිතරම රණ්ඩු වෙන්න ගත්තේ ශාන්ට හිතා ගන්න බැරි විදියට.. ශාන් හම්බෙන හැම සතේම බාගයක්ම ලක්ශානිට වියදම් කලත් ඒකේ හොදක්නම් ලක්ශානී දැක්කේ නෑ..

” මටඕනේ දෙවල් අරන් දෙන්නේ නෑ මට එපා වෙලා ඉන්නේ මේක.. “

ශාන්ට මොනවා හරි දෙයක් කරගන්න බැරි වුනොත් ලක්ශානි කතා කලේ මහා කැතම විදියට..

කොල්ලා ඉවසගෙන හිටියේ තවත් හිතේ තියන ආදරේ නිසාමයි…

ඒත් ඉවසීමේ සීමාව පනීන්න ගන්නේ ලක්ශානී ගෙදර අයට එක එක ඒවා කියන්න ගත්‍තට පස්සේ.. කොල්ලට මොන දේ වුනත් අම්මට තාත්තට පවුලට මුකුත් කියනවටනම් කැමතී වුනේ නෑ..

ඉවසන් ඉන්නකොට කෙල්ල ගැන වැරදී ආරංචී ආවත් ඉවසන්නේ තමන්ගේ ආදරේ මහ ලොකුවට විශ්වාස කරල..

” හෙලෝ ශාන් මම යාලු වෙලා ඉන්නේ ලක්ශානී එක්ක.. “

ඒ කතා කලේ කෙල්ලගේ කැම්පස් එකේ කොල්ලෙක්..

” අනේ තියපන් ෆෝන් එක මගේ කෙල්ල ගැන එක එක ඒවා කියන්නේ නැතුව… “

ඌට බැනලා ෆෝන් එක තිබ්බේ තරහින්.. සැරෙන් සැරේ ලක්ශානිගේ බොරු අහු වුන නිසා කොල්ලා හිටියේ සෑහෙන කලකිරිලා වුනත් ආදරේ නිසා හැම දේම ඉවසන් හිටියේ ආදරෙන්..

කෙල්ලගේ මේ වෙනස දරාගන්න බැරි වුන තැන කොල්ල කලේ ලක්ශානී එක්ක තවත් ආදරේන් ඉන්න උත්සහ කරපූ එක..

ඉතින් කෙල්ලගේ ඊලඟ බර්ත්ඩේ එකට අලුත්ම වර්ගයේ අයි ෆෝන් එකක් යැව්වේ එයා යන තැන් හොයාගන්න පුලුවන් විදියට ශාන්ගේ ෆෝන් එකට කනෙක්ට් කරලා…

ඒ ගැන ලක්ශානි දැනගෙන හිටියේනම් නෑ.. ඒ ෆෝන් එක ලැබුනත් එක්කම ලක්ශානී පුදුම විදියට සතුටු වුනා විතරක් නෙවේ ශාන් එක්ක වුනත් ආදරෙන් ඉන්න ගත්තා .. ඒත් ලක්ශානී දන්නේ නෑ මේ එව්ව ෆෝන් එක නිසා එයාගේ ජිවිතේ වෙනස් වේවි කියලා..

” අප්පච්චියෝ බලන්නකෝ අපේ ගෙදරින් මේ සම්බන්දෙට පොඩ්ඩක්වත් කැමතී නෑ.. මට දැන් එපා වෙලා ඉන්නේ සුදු අප්පච්චී.. ප්‍රපෝසල් ගේනවා ඉවරයක් නෑ.. “

ලක්ශානී ඒක කිව්වේ වෙනද තරම්ම ආදරෙන්..

” කමක් නෑ සුදු අම්මී මට ඔයා ඉන්නවනේ.. අපි කොහොම හරි අම්මලාව හිමීට කැමතී කරගමූ… “

” ම්ම්ම්…සුදු අප්පච්චි ආදරේ මං .. “

” මාත් ආදරෙයි මගේ මැණිකට.. ඉක්මනට මන් එන්නම්කො මගේ සුදු අම්මී එක්කම ඉන්න… “

ලක්ශානිගේ ආදරෙන් අන්ද වෙලා හිටිය වුනත් ඒ වෙනකොට ශාන්ට කෙල්ලව ටික ටික එපා වෙලා තිබුනේ.. ඒ වුනත් ඔනවටත් වැඩියෙන් ලක්ශානීව විශ්වාස කලේ ආදරේ නිසාමයි…

ඔය අතරේ තමයි දවසක කෙල්ල කොල්ලට කෝල් කරලා කියන්නේ..

” අනේ අප්පච්චීයෝ ගෙදරින් බල කරනවා ගෙනාව ප්‍රපෝසල් එකේ එක්කෙනාව හම්බෙන්න යන්න කියලා.. මට යන්නම වෙනවා .. “

” කමක් නෑ සුදු අම්මී අම්මලා එක්ක රන්ඩුවට යන්න එපා .. ඔයා ගිහින් එන්න.. ඒත් මගේ එක්ක කතා කරන්න.. ඒ කොල්ලට කියමූ අපි ගැන.. “

එහෙම කියලා කෙල්ල ගියත් ගියේ කියපූ තැන නෙවේ කියලා දැනගත්තේ කෙල්ලට එව්ව ෆෝන් ඒකෙන්.. ඒ නිසාමයි දිගින් දිගට කොල් කලේ ලක්ශානීට..

(ඔයාලා ලගේ කතාව ලියනවට කැමතීනම් මට මැසේජ් එකක් දාන්න davithri isanka)

ඒත් ලක්ශානී නෙවේ ෆෝන් එක ආන්සර් කලේ.. ඒ දේවල් එක්ක ශාන්ට ලක්ශානීගේ මේ වැඩ ගැන ලොකු කලකිරිමක් ඇති වුනේ..

” අප්පච්චියෝ මම ගෙදර ඉන්නේ අම්මා ඉන්නවා…පස්සේ කෝල් කරන්නම්.. “

ඒ මැසේජ් එක ආවේ එක දවසක ශාන් කෝල් කරපූ වෙලාවෙ..

ඒත් ලක්ශානී ඒ වෙනකොටත් හිටියේ එයාගේ තවත් එක පෙම්වතෙක් ලඟ.. කාත් එක්කද ඉන්නේ කියලා දන්නේ නැතී වුනත් කොල්ල දැනගෙන හිටියා කෙල්ල ඉන්නේ ගෙදර නෙවේ කියලා.. මොකද ලක්ශානී ලඟ තියන ෆෝන් එකෙන් ඒ හැම දේම ශාන් දැනගෙන අවසන්…

” අප්පච්චී මම ක්ලාස් එකේ.. “

” හරි මැනික පරිස්සමෙන් .. “

ඒ ලක්ශානීගේ තවත් එක් බොරුවක්..

” හෙලෝ ශානයා.. “

” අම්මට දනුකයා කියහන්.. “

” කියන්න නම් ගත්තේ නරක ආරංචියක්.. “

” මොකක්ද බන් .. “

” ලක්ශානී ඉන්නවා බන් කොල්ලෙක් එක්ක කොටුවේ.. “

” ආ ඔව් බන් ඒ එයාගේ යාලුවෙක්.. “

” ආ එහෙමද එල බන්.. “

ශාන් එහෙම කියලා ෆෝන් එක තිබ්බේ තමන්ගේ යාලුවෙක්ටවත් කෙල්ල ගැන වැරැද්දක් නොකියන්න…

ඒත් එක්කම වගේ ශාන් ලංකාවට ආවේ කෙල්ල එක්ක කතා කරලා තීරණයක් ගන්න.. ඒ වෙනකොට කොල්ලා සෑහෙන්න දියුණු වෙලා හිටියේ.. එයා එක්ක එකතු වෙලා ලංකාවේ ලස්සනට ඉන්න හැම දේම ටික ටික ගොඩනගාගෙන තිබුනේ…

ඒත් ආව වෙලාවේ වෙනදා වගේ නෙවේ ලක්ශානීගේ ලොකු වෙනසක් තේරුණත් ශාන් ඒ හැම දේම අමතක කරලා කෙල්ලට සමාව දුන්නේ ආදරේ නිසා..

” සුදු අම්මී.. පරණ ඒවා වැඩක් නෑ මට.. අපි හැම දේම අමතක කරලා සතුටින් ඉමූ.. “

” ඔව් අප්පච්චියෝ මන් ඔයාට ගොඩක් ආදරෙයි සමාවෙන්න මගේ අතින් වුන වැරදී වලට ආයෙම එහෙම වෙන්නේ නෑ.. “

ලක්ශානී එහෙම කියලා ශාන්ගේ පපුවට තුරුල් වුනේ ආදරෙන්.. එත් ඒ මොනවා වුනත් ලක්ශානීගේ ෆෝන් එකට කෝල් එනකොට එහාට ගිහින් කතා කරන්න ගත්තා.. ශාන් එක්ක ඉන්නකොට ෆෝන් එක යූස් කරන්නේ නැති තරම්.. ඒ මොනව වුනත් කොල්ල කෙල්ලට සමාව දීලා ආදරෙන් ලන් වුනේ නිවට කමකට නෙවෙයි… ආදරේ වැඩිම කමට..

ලංකාවට ඇවිත් යනකොට වෙනද තරම් ලක්ශානී ඇඬුවේ නැති වුනත් කොල්ලා යන එකට දුකක් තිබුනා..

ශාන් ලංකාවෙන් ගියේ හැමදෙම හොදම විදියට හදලා වුනත් මාසයකට පසූ හැමදේම වෙනස් වෙන්න ගත්තේ නොහිතුව විලසින්..

” කව්ද අර කමෙන්ට් දාන කෙල්ල ආ.. “

ලක්ශානී ශාන්ට නැති වැරදී කියලා බනින්න ගත්තේ කැත විදියට…

” ඇයි සුදු අම්මී මේ.. මන් දන්නවද කව්ද කියලා.. “

” අපේ අම්මීලා කිව්ව කතාව ඇත්ත.. තමුසේ වගේ එකෙක් අපේ පවුලට ගැලපෙන්නේ නෑ .. ශිට් මගේ කරුමේ.. “

ලක්ශානී ලොකු කම් කතා කරන්න ගත්තමනම් කොල්ලගේ ඉවසීමේ සීමාව පැන්නා..

” අනේ මේ මගේ යකා අවුස්සගන්නේ නැතුව තියනවා ෆෝන් එක.. තමුසේට මන් කියන්න ගියොත් කන් දෙකේ ඇඟිලි ගහගන්න වෙනවා.. ඒ නිසා තියනවා.. “

එහෙම කියලා ලක්ශාන් ෆෝන් එක තිබ්බේ කේන්තියෙන්..

“කවදා හරි දවසක පසු තැවෙන්න වෙයි සුදු අම්මී ඔයාට .. මන් වැරැද්දක් කලේ නෑ කවදාවත්.. “

ශාන් එහෙම හිතලා හිත හදාගන්න උත්සහ කරනකොට දකින්නේ ෆ්බී එකේ කොල්ලෝ ටිකක් එක්ක ලක්ශානි ඉන්න ෆොටො එකක්..

” කොහෙද ගියේ.. “

ශාන්ට බලන් ඉන්න බැරිම තැන ඇහුව්වේ තවමත් හිතේ තියන ආදරේ නිසාත් ඒ වෙනකොට නැවතත් ශාන් එක්ක හොදට ලක්ශානී කතා කල නිසාත්..

” මල්ලීලා එක්ක ගියා මීගමූ බීච්.. “

එතනත් ලක්ශානී කිව්වේ බොරු..මොකද එයා එදා හිටියේ උනවටුනේ..

කොල්ලට ඒ ගැන හොයාගන්න කාලයක් ගියා…

ඒ ෆොටො එක අමුතු නිසා කොල්ලා කලේ ෆේක් එකවුන්ට් එකක් හදාගෙන අර එතන ඉන්න මල්ලීලා හැම කෙනෙක්ටම රික්වෙස්ට් දැම්ම එක..

ඒ කරපූ වැඩෙන් ශාන්ට ලක්ශානීව තිත්තම වුනා… මොකද ඒ ෆොටෝ වල තිබුනේ ලක්ශානි කොල්ලෙක්ගේ තුරුලේ ඉන්න ෆොටෝ…

ඒක දැක්කම ශාන්ට දැනෙන්නේ ලොකූ කේන්තියක් වගේම දුකක්.. මොකද මේ තරම් #රැවටීමක් කිසිම හේතුවක් නිසා කොල්ලා බලාපොරොත්තු වුනේ නෑ.. ඒ තරම් කෙල්ලට පැලෙන්න ආදරේ කලා…

ශාන් රට ඉදලා නිකන් ඉදන් නෙවේ සල්ලි හම්බ කලේ .. නොවිදිනා දුක් විඳලයි සල්ලී හම්බ කලේ.. ඒ හැම රුපියලකින්ම කෙල්ල වෙනුවෙන් දෙයක් කලේ ආදරේ නිසාමයි…

ඒත් මේ විදියේ දේවල් ඒ ශාන් ආසම කතා කරන ඇස් කරයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ..

ඒ නිසාමයි කොල්ලා හැම දෙම හොයාගෙන තීරණයක් ගන්නේ.. එක පාරක් දෙපාරක් ද නෑ ගනන් කරන්න බැරි තරම් කෙල්ල කරලා තියෙන්නේ කොල්ලව රවට්ටපූ එක විතරමයි … ඉතින් වරක් දෙවරක් නොව කිහිප වතාවක්ම ඇයට සමාව දුන්නත් දැන් ශාන්ට හැම දේම තිත්ත වි අවසන්..

” නංගී.. “

ශාන් කතා කලේ බැරෑරුම් හඬින්..

” මොකද අප්පච්චී නිකන් අවුලෙන්.. “

” මුකුත් නෑ.. බලන්න මන් එවලා ඇතී ඔයාට ෆොටෝ වගයක්.. “

එහෙම කියලා ෆෝන් එක තිබ්බේ කෙල්ල ගැන කලකිරිලා..

ඒ ෆොටෝ ටික දැක්කා විතරයි කෙල්ලගේ ඉහමොල රත් වෙන්න ගත්තේ දැන් හැම දේම අහු වෙලා කියලා දැනුන නිසා .. එ නිසාමයි තමන්ගේ වැරැද්ද වහගන්න කෙල්ල කොල්ලට නැති වැරදී කියලා බනින්නේ..

” තමුසේට හැමදාම මන් ගැන සැකයි ඒකනේ මෙහෙම කරන්නේ.. ශිට්.. තමුසෙට තමයි හැම තැනම ගෑනූ ඉන්නේ.. ශිට් .. ඔව් මම ගියා තමයි ඒ ගෙදරින් යන්න කිව්ව නිසා ගෙනාව ප්‍රොපෝසල් එක නිසා.. තමුන් වගේ බීබී කැරකෙන හිඟන්නෙක් මට එපා.. තමුන් වගේ එකෙක් මට හරි යන්නේ නෑ..”

කොල්ලා ඉවසීමෙන් අහන් හිටියේ තමන් පනටත් වඩා ආදරේ කරපු නිසා…

” අනික මම ඉල්ලන කිසි දෙයක් අරන් දෙන්න බෑ තමුන්ට ඕනේ තමුන්ගේ පවුලේ අය විතරයි .. මගෙන් වැඩක් නෑ.. මාව සැක කරන මිනිහෙක් මට එපා… බායි.. “

ඇය එසේ නික්ම ගියේ ඇයගේ වැරදී වහගන්න ඔහුට වැරදී ගොඩක් කියමින්…

දාලා යන්න හේතු දාහක් තිබුනත් ශාන් ඇයව දාලා නොගියේ අල්ල ගත්ත අත අතාරින්න නෙවේ නිසා..

ඒ හැම දේම අහගෙන හිටිය ශාන් කිසිවක් නොකියා ෆෝන් එක කට් කලේ හිතේ දුක තුරුලු කරන්..

ඒ වුන දේට ශොක් වුන කොල්ලාට ඇඬෙන්නේ ඇය සමඟ මැවු හීන බොඳ වුන නිසා.. කොල්ලෙක්ට දුක දැනේනේ නැත්ද .. දැනෙනවා .. ඒ වගේම ශාන්ගේ හදවතත් වේදනා වින්දේ ඒ ආදරේ මතක් වෙලා..

ඒත් ඔහු ඒ වුන දේ නිසා වැටුනේ නම් නෑ.. අවසන ඔහුගේ තීරණය වුනේ පිටරට සේවය කරන අම්මාව ලංකාවට යවන්න තමන් තවත් මහන්සී වෙලා වැඩ කරනවා කියලා…

කොල්ලා වෙනදට වඩා දෙගුණයක් වැඩ කලේ හිතේ තිබ්බ දුක තුරුලු කරන්..

ඇය අද ඔහු දුන්න ෆෝන් එකෙන්ම තවකෙකු සමඟ ෆොටෝ දාන්නේ කිසිම අපුලක් නොමැතිවයි…

ඒ දකින ශාන්ට හිනාවක් යන්නේ නොන්ඩියට මෙන්..

ඒත් එක්කම ශාන්ට මැසේජ් එකක් එන්නේ ඇයගෙන්..

” අනේ ශාන් ඔයා තරම් මාව තේරුම් ගත්‍ත කෙනෙක් නෑ.. අපි ලෝකෙට පේන්න හිනා වෙලා හිටියට හැමදාම රන්ඩූ.. “

ඇයගේ ඒ වචන දැන් මේ නැවත ඉපදිලා ඉන්න ශාන්ට ගෙනාවේ මදහසක්.. මන්ද යත් ඇයගේ හුලඟක්වත් වදින්න ඔහු දැන් අකමැතී නිසා..

ශාන් දැන් දුප්පත් නම් නෑ.. ඔහු ඔහුගේ හැම දේම හරියටම හදාගෙන අවසන් .. ඉතින් ඇය ගැන මතකය පයට පෑගෙන දු විල්ලක් සේ දමා අවසන්…

ඔහුගේ එක අරමුණ දුර රටක තවත් සේවය කරන අම්මාව ගෙදර යවන එක.. නංගී මල්ලී එක්ක සතුටින් අම්මා ඉන්නවා බලන එක..

ලක්ශානී යන්න ගියේ ඔහුට ආදරය කියන වචනය පවා එපා කරමින්.. ඒ නිසාමයි අම්මා ගේන එක ප්‍රොපෝසල් එකකටවත් කොල්ල කැමතී වෙන්නේ නැත්තේ..

ඔහූ ජීවිතේ විදිනවා රිසි සේ…තනිව..
බීලා කාලා යාලුවෝ එක්ක ෆන් එකේ ඉන්න එක තමයි කොල්ලගේ එකම සතුට.. ඇතී තරම් සල්ලී හොයන එකත් දැන් ශාන්ගේ විනෝදාංශ යක් වෙලා…

ඉදිරියේදී යම් දවසක ඔහු කෙනෙකුගේ පෙම්වතෙක් වීමට ඉඩ ඇත.. ඒ ලැබෙන කෙල්ල වාසනාවන්තම ආදරවන්තිය වනවා නිසැකවම..

~~~~~~~~~ නිමි ~~~~~~~~~~~~~~~

👉 සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ කෙටි කතාවකි නම් ගම් හා සිද්දී නිර්මාණාත්මක හේතු මත වෙනස් කර ඇත…..

👉 ඔහු ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම කියවයි අනිවාර්යයෙන් .. ඔහුට කියන්න දෙයක් තියනවනම් කොටාගෙන යන්න…

👉 කතාව කොහොමද කියලා කොටාගෙන යන්න අමතක කරන්න එපා..

👉 කෙල්ලනේ හිත් එක්ක සෙල්ලම් කරන්න එපා.. හොද විදියට වගේම නරක විදියටත් කොල්ලෙක්ට වෙනස් වෙන්න පුලුවන්.. මාත් කෙල්ලෙක්.. කොල්ලෙක්ගේ හැඟිම් කොයි තරම් දුරට සාර්ථකද කියන්න මන් දන්නේ නෑ.. ඔහුගේ කතාව ඇහුව්වම මට දැනුන දේ මන් ලිව්වේ..

👉 මගේ කතා එක්ක ඉන්න මගේ වස්තුලා තැන්කිව් …❤️❤️❤️❤️

➡️ මම දවිත්‍රී ඉසංකා..


බුදුසරණයි ❤️❤️
ජේසූ පිහිටයි ❤️❤️
දෙවි පිහිටයි ❤️❤️

අද කතාව කොහොමද ?
+1
11
+1
99
+1
17
+1
3
+1
5
+1
1
+1
2

5 COMMENTS

  1. It’s a pity you don’t have a donate button! I’d certainly donate to this outstanding blog!
    I suppose for now i’ll settle for book-marking and adding your RSS feed to my Google account.
    I look forward to new updates and will talk about this blog with my Facebook group.
    Chat soon! 0mniartist asmr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here