තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…
┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓
❤ කෙටි කතාව ❤
✍️ දවිත්රි ඉසංකා
❤️❤️ මා හැර ගියේ ඇයි ප්‍රියේ ❤️❤️
☆━━━━━━━━ – ━━━━━━━☆
(#සත්‍ය_කතාවක්_ඇසුරෙන්)
☆━━━━━━━━ – ━━━━━━━☆
” අඩෝ තිලිණයා A/L වලත් කෑල්ලක් දාගන්නේ නැතුව ඉන්න එකද කල්පනාව.. බලහන්කෝ උබට විතරයි කෑල්ලක් නැත්තේ.. “
එහෙම කිව්වේ තිලිණගේ යාලුවා සමිත…
” මට ඔනේ නැතී කෑල්ලක් නෑ බන්.. “
තිලිණ විජේමාන්න.. විජේමාන්න පවුලේ වැඩිමලා.. නංගී මල්ලී එක්ක ඔහු ගෙව්වේ හරිම දුක් කරදර මැදි වුන ජීවිතයක්.. කෙල්ලෙක් එක්ක ඔලුවක් උස්සලා කතා කරන්නේ නැති චරිතයක්.. ගොඩක්ම සුදු නැතත් ඔහුගෙන් දිස් වුනේ කඩවසම් බවක්..
කොල්ලා සී ටී බී බස් සීසන් එකෙන් තමා ස්කූල් යන්නේ.. මොකද අම්මා මොනා කරගන්නත් දෙන්නේ රුපියල් විස්සයි නිසා තිලිණ ඒ විස්ස පරිස්සම් කරන්න සෑහෙන්න කට්ටක් කෑවා.. ඒ නිසාමයි යාලුවෝ කතා කරන සමහරක් දේවල් වලට තිලිණ අකමැතී වුනෙ… ගෙදර තියන අඩු පාඩු ගැනම හිතලා ..
ඒ මොනවා වුනත් තිලිණට හොඳ ඉගෙනීමේ දක්ශකමක් නම් තිබුනා..
” මොකද බන් මනො ගහන්නේ අද ඉඳන් යමන් ප්‍රයිවට් බස් එකේ y m b එක ලඟින් කෙල්ලෝ තුන් දෙනෙක් නගිනවා මටයි හිරුශටයි දෙන්නෙක් සෙට් අනිත් එක්කෙනා උඹට සෙට් වෙයි යමන්…”
” අනේ මට බෑ බන් සමිතයා.. “
” බෑ කියලා බෑ බන්… යමන් යමන්.. ‘
යාලුවන්ගේ පෙරැත්ත එක්ක ඔහු ප්‍රයිවෙට් බස් එකේ යන්න ගන්නේ ගැලවෙන්නම බැරි තැන..
කිව්ව විදියට කෙල්ලෝ තුන් දෙනෙක් හැම දවසෙම බස් එකට නගින්නේ යාලුවන්ගේ කතා සනාථ කරමින්..
ඔහොම කාලයක් යනකන් තිලිණ වැඩිය කතා නොකරත් එතන ඉන්න එකම එක අහිංසක පෙනුමක් තියන කෙල්ලෙක්ට ඔහුගේ හිත යන්නේ හිතාගන්න බැරි තරම් වේගෙන්.. පිට මැදට තියන කොන්ඩේ කරල් දෙකට ගොතලා නිසා කෙල්ලගෙන් ගෙනාවේ අමුතුම ලස්සනක්.. තිළිණගේ හිත හෙල්ලෙන්නේ ඇස් දෙක පුංචී කරලා කෙල්ල හිනා වෙන විදිය දැක්කම..
ඇය නමින් උපේක්ශා සිංහවංශ ..
පවුලේ එකම කෙල්ල වෙච්ච ඇය.. රූ සපුවෙන්නම් හරිම ලස්සනයි… අහිංසක ලස්සනක් කෙල්ලට තිබුනේ..
මුලින්ම තිළිණ කතා කරලා ටික කාලයක් යනකොට නම්බර් එක ඉල්ලුවත් එකවර උපේක්ශා ගෙන් නම්බර් එකනම් ලැබුනේ නෑ..
(ඔයාලා ඔයාලගේ කතාව ලියනවට කැමතීනම් මට මැසේජ් එකක් දාන්න davithri isanka)
කොහොම හරි පස්සෙන් ගිහින් ගිහින් තිළිණ ට පුලුවන් වුනා උපේක්ශා ගෙන් නම්බර් එක ගන්න..
ඔහොම ටික කාලයක් උපේක්ශා එක්ක කතා කරපූ තිළිණ හිතේ තිබ්බ ආදරේ කෙල්ලට කියන්නේ හදවතින්මයි…
මුලින් මුලින් උපේක්ශා මුකුත් නොකිව්වත් කාලයත් එක්ක මේ දෙන්නා ආදරෙන් බැඳෙන්නේ හරිම ලස්සනට…
” බබා මං ඔයාට ආදරෙයි .. “
තිළිණ එහෙම කිව්වේ හිතට දැනුන අවංක හැඟීමෙන්..
” මාත් ආදරෙයි පැටියෝ.. “
කෙල්ල හුරතල් හඬින් කිව්වේ හදවතට දැනුන අවංක ආදරෙන්මයි..
පාසල් ප්‍රේමයක් වුන නිසා මේ ආදරේ ගලාගෙන ගියේ හැමෝටම හොර රහසෙ…
උපේක්ශා බැලුම්මහර ඉඳන් එනකන් තිළිණ බලන් ඉන්නේ කිරිබත්ගොඩට වෙලා.. හැමදාම පාන්දර කිරිබත්ගොඩ ට යන එක තිලිණට පුරුද්දක් වුනා.. හැමදාම දවල්ට ස්කෝලේ ඇරිලා තිළිණ කෙල්ලව බැලුම්මහරට එක්ක යන්නේ ආදර බස් දොඩමින්…
හරියටම අවුරුද්දකට කිට්ටූ වෙන්න ලං වෙනකොට කෙල්ලගේ ගෙදරින් මේ සම්බන්දේ ගැන දැන ගන්නේ කෙල්ලට පලවෙනි අවවාදය දෙමින්..
” දෝනී ඔය සම්බන්දේ නවත්තන්න.. “
ඒ උපේක්ශාගේ අම්මාගේ හඬ..
පලවෙනි පාර කියලා ඇහුව්වේ නැතී නිසා උපේක්ශා ගේ ෆෝන් එක පවා අම්මා සන්තක කරගත්තේ මේ ආදර කතාවට බාදා කරමින්.. මොකද මේ වයසේ ආදර කතාවකට ගෙදරින් ඔය විදියට කරන එක සාමාන්‍ය දෙයක්..අනිත් පෙම්වතුන්ට වගේම මොවුන්ටත් ඒ අභියෝගය එන්නේ තවත් ඔවුන්ව ආදරෙන් ලං කරමින්..
ඒ මොනවා වුනත් කෙල්ලයි කොල්ලයි හම්බෙන එකනම් නැවතුනේ නෑ…
” බබා අම්මා ෆෝන් එක ගත්තා .. මේ මගේ යාලුවෙක්ගේ එකක්.. පුලුවන් හැම වෙලාවකම මං මේකෙන් ගන්නම්… අපි හැමදාම හම්බෙනවනේ කොහොමත්.. “
උපේක්ශා එහෙම කිව්වේ තිළිණට ගොඩක් ආදරෙන්..
” කමක් නෑ පැටියෝ.. ඔයා පරිස්සමෙන් ඉන්නකෝ.. “
ඒ තිළිණගේ ආදරයයි…
ඔහොම ආදරේ ගලාගෙන යනකොට.. කොල්ලගේ ඒලෙවල් එක්සෑම් එකට මාසයක් තියලා ජීවිතේ උඩු යටිකුරු වෙන්නේ ගැස් එකක් පුපුරලා තිළිණව සතියක් සිහි නැති කරමින්.. ඒ වගේම තිළිණගේ කකුල් වලට ලොකූ හානියක් වුනේ හිතාගන්න බැරිම විදියට…
ඒත් උපේක්ශා ගේ ආදරේනම් අඩුවක් වුනේ නෑ.. මොකද සිහිය ආවට පස්සේ කෙල්ල හැමදාම වගේ යාලුවන්ගේ 4න් වලින් කතා කලේ ඇඬූ කඳුලින්..
” අනේ මගේ පන මොකද මේ වුනේ ඔයාට.. “
එහෙම කිය කිය කෙල්ල අඬන්න ගත්තේ ඉකි ගසමින්..
” අනේ රත්තරං මේ චූටී ඇක්සිඩන්ට් එකක්නේ පන.. අඬන්න එපා.. “
ඔහොම පුලුවන් හැම වෙලාවකම දෙන්නා කතා කලේ ආදරෙන්..
ඒත් දවසක් කෙල්ල තිළිණ ව බලන්න හොස්පිටල් එන්නේ තිළිණවත් පුදුම කරමින්.. එදා දවසේ ගෙදර ඔක්කොම හිටිය නිසා කොල්ල පත් වුනේ මාරම අපහසු තාවයකට..
අවසන තිළිණගේ ගෙදරින් අම්මා දැනගත්තත් කැමැත්ත නොපෙන්නුවේ දෙන්නටම තාම වයස තියන නිසා… කතා බහ කරත් කෙල්ල එක්ක කැමති බව නොපෙන්වා ඉන්නේ තාම දෙන්නම ඉගෙන ගන්න නිසා..
තිළිණ හැමෝගෙම විරෝධතා මැද අමාරුවෙන් වුනත් එක්සෑම් එකට යන්නේ තවත් වසර දෙකක් අම්මලාට බරක් වෙන්න හිතේ තියන අකමැත්ත නිසා..
තිළින එකවුන්ට් වලට පුදුම දක්ශ කමක් තිබුනත් ඇක්සිඩන්ට් එක එක්ක මාස එකහාමාරක් විතර පාඩම් නොකරපූ නිසා කොල්ලා ගොඩක් දුර්වල වෙලයි හිටියේ..
ඒත් හැම අමාරුකමක්ම මැද්දේ එක්සෑම් එක ලිව්වේ පුලුවන් විදියටයි…
ඔය අතර කෙල්ල කතා නොකරන එක කොල්ලට ප්‍රශ්නයක් වෙලා තිබුනා.. ඒත් එක්කම තිළිණට ආරංචී වෙන්නේ..
” අඩො තිළිණයා උපේක්ශා ට ගෙදරින් හෙන සීන්ලු බන්.. එලියටවත් බහින්න දෙන්නේ නෑලූ හිර කරලා වගේලූ.. “
ඒක ආරංචී වුනත් තිළිණ කරගන්න දෙයක් තිබුනේ නැ මොකද කොල්ලට ඇවිදගන්න බැරි නිසා වගේම ඉස්කෝලේ නිවාඩු නිසා. .
කෙල්ල දැන් ගොඩක් වෙනස් වෙලා කියලා හැමෝම කිව්වත් තිළිණගේ හිතනම් ඒක පිලි ගත්තේ නෑ..
ඔහොම මාස දෙකක් ගෙවිලා යනකොට කොල්ලා හොදටම හොද වුන නිසා කෙල්ලගේ ඉස්කෝලේ ලඟට යන්නේ බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන..
ඈතින් එන කෙල්ල තවත් ලස්සන වෙලා කියලයි කොල්ලට හිතුනේ.. ඒ නිසාමයි හිනා වී ගෙන කෙල්ල ලඟට ගිහින්..
” ඇයි බබා මට කතා කරන්නේ නැත්තේ.. “
කෙල්ලගෙන් ලැබුන පිලිතුර නිසා කොල්ලාට දැනෙන්නේ අඩි ගනනාවක් පල්ලෙහාට ඇදගෙන වැටුනා වගේ හඟීමක් ..
” ඔයා කව්ද.. මන් ඔයාව අඳුරන්නේ නෑනේ.. “
කෙල්ල එහෙම කියලා එතනින් ගියේ නාඳුනන ගානට…
” තිළින උපේක්ශා හරි වෙනස් දැන් අපි එක්කවත් වැඩිය කතා නෑ.. එයාලගේ ගෙදරින් මොනා හරි ගුරුකමක් කරලලූ.. අනේ මන්දා කෙල්ල දැන් සෑහෙන්න වෙනස් .. “
උපේක්ශා ගේ යාලුවෝ එහෙම කිව්වත් කොල්ලා කෙල්ලගේ පස්සෙන් ගියේ හිතේ තිබ්බ ආදරේ වැඩි කමට…..
කොයි තරම් පස්සෙන් ගියත් උපේක්ශා කලේ කොල්ලව මග අරින එක.. කොපමණ පස්සෙන් ගියත් කෙල්ලගේ වෙනස් වීම එක්ක දුක් වුන කොල්ල ඒ වෙනස දරාගත්තේ බොහොම අමාරුවෙන්…
තවත් නම් ඇය පසු පස යන එක ඵලක් නැති නිසා තිළිණ තීරණය කරන්නේ තමන්ගේ ජීවිතේ හදාගෙන ඉස්සරහට යන්න..
ඔය අතර කොල්ලා ජොබ් එකකට යන්නේ ඒලෙවල් රිසාල්ට් එනකන්..
ඒලෙවල් රිසාල්ට් එක කොල්ලා හිතපු නැති විදියට යාපනේ කැම්පස් එකට යන්න පාස් වුනත්.. පවුලට බරක් වෙන්න බැරි නිසා කොල්ලා ඉගෙනීමට එතනම තිත තියන්නේ පවුලේ අයට හයියක් වෙන්න හිතාගෙන..
අද ඔහු ඔහුගේ ජීවිතයේ ගොඩක් දේවල් ගොඩනගාගෙන සල්ලී, තත්වය ගොඩනගාගෙන හිටියත් ඔහුට ඇතී එකම පැනය ..
මොකක් ද අවුරුදු දෙකක ආදරේට වුනේ කියලා.. ඇයි ඇය හැර ගියේ??
ඒ නිසාමයි කොල්ලා අදටත් කල්පනා කරන්නේ ඇය බර්ත්ඩේ එකට දුන්න ලයිට් පත්තු වෙන සුරංගනාවී දිහා බලාගෙන.. අදටත් ඒ හැම දේම පරිස්සමෙන් අරන් තියාගෙන ඉන්නේ.. කවදාම හරි දවසක ඇය හේතුව කියයි දෝ කියලයි… .
කිමද මා දමා ගියේ.. ?
නැවත නුඹ මට එපා..
නමුත් එක වරක් පවසන්න..
ඇයි ද මා මෙලස තනි කලේ ඔයා..
~~~~~~~~~~~නිමි~~~~~~~~~~~~~~
👉 සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූ කෙටි කතාවකි නම් ගම් හා සිද්දී නිර්මාණාත්මක හේතු මත වෙනස් කර ඇත…..
👉 ඒ ගෑනූ ළමයාගෙන් ඉල්ලනේ එක දෙයයි මේක දැක්කොත් පුලුවන්නම් හේතුව විතරක් කියන්න ඔහුට…
👉 ඔහු ඔයාලා දාන හැම කමෙන්ට් එකක්ම කියවයි අනිවාර්යයෙන් .. ඔහුට කියන්න දෙයක් තියනවනම් කොටාගෙන යන්න…
👉 කතාව කොහොමද කියලා කොටාගෙන යන්න අමතක කරන්න එපා..
👉 මේ කතාවෙ කොල්ලෙක්ගේ හැඟිම් කොයි තරම් දුරට සාර්ථකද කියන්න මන් දන්නේ නෑ.. ඔහුගේ කතාව ඇහුව්වම මට දැනුන දේ මන් ලිව්වේ..
👉 මගේ කතා එක්ක ඉන්න මගේ වස්තුලා තැන්කිව් …❤️❤️❤️❤️
බුදුසරණයි ❤️❤️
ජේසූ පිහිටයි ❤️❤️
දෙවි පිහිටයි ❤️❤️
කෙටි කතාවක් – මා හැර ගියේ ඇයි ප්‍රියේ
අද කතාව කොහොමද ?
+1
9
+1
83
+1
2
+1
3
+1
5
+1
7
+1
9
Ane aththtm dukai oyt wechcha de gena…. Eth oy prshna walata muna deela jeevith idiriy gypu eka gena nm sathutui……
Puluwnd mge kathawath lssnt liyla denna
I am really grateful to the holder of this web page who
has shared this impressive piece of writing at at this time.
Feel free to visit my blog post – CBD gummies for sleep
Have you ever considered publishing an e-book
or guest authoring on other sites? I have a blog based upon on the same subjects you
discuss and would really like to have you share
some stories/information. I know my readers would value your work.
If you are even remotely interested, feel free to shoot me an email.
my blog – CBD gummies for sale
This is a topic which is near to my heart… Cheers!
Where are your contact details though?
Also visit my webpage – best delta 8 thc
Hi there, You’ve done a great job. I’ll definitely digg it and
personally recommend to my friends. I’m sure they will be
benefited from this website.
Review my web page delta 8 thc near me
Simply want to say your article is as surprising.
The clarity in your submit is simply spectacular
and that i could suppose you’re a professional on this subject.
Fine with your permission let me to clutch your RSS feed to stay up to date with coming near
near post. Thanks 1,000,000 and please carry on the enjoyable work.
my web blog :: best CBD gummies
This is very fascinating, You are a very skilled blogger.
I have joined your feed and sit up for searching for extra of your wonderful post.
Additionally, I’ve shared your site in my social networks
Simply desire to say your article is as amazing. The clearness
in your submit is just excellent and that i could suppose you are knowledgeable on this
subject. Fine along with your permission allow me to snatch your RSS feed
to keep up to date with imminent post. Thank you one million and please continue
the rewarding work.
My webpage; delta 8 thc carts