මගේ දෙවනි මනමාලයා ඔහුයි – 11 කොටස

5
3160

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

11 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

අමායලා නැකතට ගෙදරින් එලියට බහින්න හැම දේම ලෑස්තී කරලා ඉන්නකොට අමායා ළඟට ආවේ දීපිකා.. කෙල්ලෝ දෙන්නව දැක්ක දීපිකාගේ ඇස් වලට කඳුලු උනන්නේ සතුටට වගේම දුකට..

මගේ සුරංගනාවියො දෙන්නම අද ලස්සනයි . .

” අම්මී අම්මී මේ අනේ ටැප් එක අරින්න එපා මේකප් හේදෙනවා.. හුම්.. “

යුමි කිව්ව විදියට එතන හිටිය හැමෝටම හිනා ගියා..

අමායා ඇස් වල කඳුලු පුරවන් බලන් හිටියේ නංගිගේ මේ වැඩ දිහා..

” හා හා දැන් ඇතී සීරියස් වුනා යමුද වෙලාව හරී.. මස්සිනා බලන් ඉන්නෝ අපේ කෙල්ල එනකන්.. “

යුමි කිව්වේ හිනැහෙමින්..

අමායා එහෙම්මම පහත් වෙලා අම්මට වැන්දේ පුරුද්දට..
තාත්තගේ මල් මාලේ දාලා තියන ෆොටෝ එකටත් වැන්ද කෙල්ල කඳූලු පුරවගෙනම නංගී දිහා බැලුවේ ලඟට එන්න කියමින්..

අක්කයි නංගී දෙන්න බදාගත්තේ උතුරා ගිය සහෝදර ප්‍රේමයෙන්..

” හා හා සහෝදර ප්‍රේමය දැන් ඇති.. යමු යමු දෙන්න එක්කම.. “

එහෙම කිව්වේ අමායාගේ යාළුවෙක් වන ඕමී..

” මුන්ගේ ඉරිසියාව බලන්නකෝ අක්කී.. “

යුමි එහෙම කිව්වේ අමායට තවත් ළං වෙමින් . .

” හරි ළමයි දැන් නැකත හරි .. දකුණු කකුල තියලා යමූ මගේ ලොක්කී.. “

කෙල්ල අම්මගේ අතේ එල්ලීගෙනම එලියට බැස්සේ හිතේ දුක තුරුල් කරන්..

අමායා ඇතුලු පිරිස ආවේ ගංගාරාමේ පන්සලට..

කෙල්ල කාර් එකෙන් බහිනවත් එක්කම දැක්කේ ඇස් වල කඳුලු පුරවන් බලන් ඉන්න මනූව..

තනි සුදු ෆුල් කිට් එක ඇඳලා හිටිය මනූගෙන් පෙනුනේ වෙනස්ම ලස්සනක්..

එක එක ආකාරයට ෆොටො වලට හිටිය පිරිස දැනටමත් හිටියේ හෙම්බත් වෙලා..

” මොන මගුලක්ද අක්කා .. එපා වෙනවනේ එහෙට මෙහෙට ඇඹරෙන්න ගියාම.. “

යුමි එහෙම කිව්වේ පියවි , ඔමී ලඟට ලං වෙමින්..

” ඒකනම් ඇත්ත බන් මෙම වේදනාවක් විදින්නේ නැතුව පැනලා ගියානම් ඉවරයි.. “

ඕමිත් කතාවට එකතු වුනේ එහෙම..

” ඒක නම් ඇත්ත බං… දෙවැනි මනමාලි වෙන එක මෙච්චර වේදනාවක් නම්.. මනමාලි වුනාම කොහොම ඇද්ද.. “

එහෙම කිව්වේ පියවි..

මේ තුන් දෙනා කියව කියව හිටියෙ අමායාගේත් මනුජගෙත් ෆොටෝ ගන්න දිහා බලාගෙන…

කෙල්ලෝ තුන් දෙනා වගේම.. පුංචි මල් කුමාරියෝ, කුමාරයොත් හිටියේ මේ ටිකටම හෙම්බත් වෙලා..

ඔය අතර කේෂ් හිටියේ යුමී දිහා බලාගෙන..

” අඩෝ ගයානයා පැණි හැලියක සුවඳක් දැනෙන්නේ නැද්ද උඹට . . “

එහෙම කිව්වේ සමීර .. ඇහෙන් කේෂ්ව පෙන්වම්න්. .

” ඒ පැනිය දැන් කාලෙකට කලින් ඉදන් බන් පෙරෙන්නේ.. 😂😂😂”

ගයාන් එහෙම කියනකොටම කේෂ් ගයාන් දිහා බැලුවේ දවා අලු කරන බැල්මකින්..

ඔය විදියට කේෂ් යුමීට රවමින් , යුමී කේෂ් ට රවමින් ගයාන් සමීර වගේම ඕමී, පියවි එක්ක එක එක විකාර කර කර ෆොටො ශූට් එක නිම කලේ හැමෝම වෙහෙසට පත් කරමින්..

යුමි , කේෂ් එක්කම 4ටෝ වලට වැටුන එකටනම් යුමිගේ හිතේ තිබ්බේ කේන්තියක්..

ඒ සමහරක් තැන් වලදී යුමීගේ දිහා කේෂ් බලන විදිය හරිම ලස්සනට කැමරා කාචයේ සටහන් වුනා..

ඒ හැම දෙකින්ම පස්සේ පෝරුවේ චාරිත්‍ර වලට ආවේ හොටෙල් රෝයල් ග්‍රෑන්ඩ් පැරඩයිස් එකට .. කැලණියේ තිබ්බ ලස්සනම හොටෙල් එකක් තමයි අමායා තෝරගත්තේ…

පොරුවේ චාරිත්‍ර ටිකත් හරිම ලස්සනට නිම වෙලා .. ඊලඟට තිබ්බේ නීතී පොතේ අත්සන් කරන්න ..

අමායා වගේම මනුජගේ මූනෙත් තිබ්බේ අමුතුම ලස්සනක්..

යුමී අක්කා දිහා බලන් ඉන්නේ ආදරෙන්…

මනුජගේ පැත්තේන් සාක්ශියට අත්සන් කරන්න ආරාධනා කරලා තිබ්බේ මහ ඇමති පාලිත විජේසිංහ ට වුනත් ඇමති තුමාට විශේෂ වැඩක් තිබුන නිසා එවලා තිබ්බේ ඩිශාන්ව..

ඩිශාන් ආව ගමන් දැක්කේ යුමීව . .

විවාහයේ කටයුතු හොදින් සිදුවෙමින් තියනකොට යුමි වෙඩින් කේක් බෙදන ගමන් කේක් කෑල්ලක් කෙනෙක්ට දෙන්න යනකොටම යුමීගේ ඇඟේ වැදිලා වැටෙන්න යන්නේ තරමක් වයස කාන්තාවක්.. එත් ඒ කාන්තාව බේරෙන්නේ යුමී ඇයව අල්ල ගත්ත නිසා..

එතකොටම එතනට එන්නෙ කේෂ් …

” අම්මා මොකද වුනේ.. “

කේෂ් එහෙම ඇහුව්වේ අම්මාව අල්ලන ගමන්..

” නෑ චූටී පුතා මම මේ කලබලෙන් ආවේ දූව දැක්කේ නෑ.. “

“තමුසෙට සිහියක් නෑනේ.. ශිට් සයුමි අම්මට මොනා හරි වුනානම් බලාගන්න තිබ්බා.. “

කේෂ් එහෙම කිව්වේ තරහෙන් මූන රතු කරන්..

කෙල්ල තාමත් ඉන්නේ හිතා ගන්න බැරුව..

” ඒ ලමයට බනින්න එපා දරුවෝ මගෙයි වැරැද්ද .. සොරි දුවේ .. “

” ඉට්ස් ඕකේ අම්මා.. “

එහෙම කියලා කෙල්ල එතනින් ගියේ කේෂ්ට රවාගෙන..

” කොහෙද දන්නේ නෑ ඒකගේ චූටී.. බූරුවා.. හොයන්නේ බලන්නේ නැතුව කෑ ගහනවා .. මහ ලොකු චූටි පුතා.. “

කෙල්ල හිතින් බැන බැනම තවත් දෙයක් කල්පනා වුනේ එක වර.. හැමෝටම ආන්‍ටී කියන කෙනා මොකද අද කේෂ් ගේ අම්මට එහෙම කතා කලේ කියලා..

කෙල්ල එහෙම හිත හිත එනකොටම එතනට ආවේ කෙල්ලගේ හොදම යාලුවා සයුරි …

“යුමී මොකද බන් මනෝ පාර ගහගෙන.. “

” මුකුත් නෑ බන්. . යමන් අර පැත්තට.. “

අත්සන් කරල යන්න හිතන් ආව ඩිශාන් නැවතුනේ යුමීව දැක්ක වෙලෙ ඉදන් හිත හෙල්ලීලා වගේ තිබුන නිසාත් එදා කම්බුල් පාර හොදටම මතක තිබුන නිසාත්..

ඒ නිසාමයි කොල්ලා බාර් එක ලඟට ගිහින් බොන්න ගත්තේ..

ඒ බිබී ඉන්න අතර තුර තමයි ඩිශාන් දැක්කේ කේක් බෙද බෙද ඉන්න යුමිව..

ඔය අතර කේක් තියන තැනින් කේක් ගන්න ගිය කෙල්ල දිහා බලන් හිටිය ඩිශාන් යුමී යන මග අහුරලා හිට ගත්තේ යුමී දිහා බලමින්..

” ආ නම්කී.. අපිට කේක් නැත්ද.. “

ඩිශාන් එහෙම ඇහුව්වේ යුමීගේ උඩ ඉඳන් පල්ලෙහාටම මහ කෑදර බැල්මක් හෙලමින්..

” ඉවරයි ගේන්න යන්නේ.. අනික බේබද්දන්ට කේක් නෑ.. “

යුමි එහෙම කියලා එතනින් යනකොටම ඩිශාන් කෙල්ලගේ වැලමිට ලඟින් අල්ලල ,

” තමුසෙගේ කට වැඩී.. මම අඩු කරන්නම් ඔය කට.. මගෙන් තමයි පාඩමක් ඉගෙන ගන්නේ තමුසේ.. “

” ආවනම් කෑවනම් බිව්වනම් යන්න මෙතන පැල වෙන්නේ නැතුව.. “

කෙල්ල මූනට දමලා ගැහුව්වා වගේ එහෙම කියලා එතනින් ගියේ තරහෙන්..

ඔය අතර ඔය සිද්දිය බලන් හිටියේ කේෂ්..

ඩිශාන් ඔය විදියට කෙල්ල පස්සෙ ඉන්න එකටනම් කේෂ් චුට්ටක්වත් කැමති වුනේ නෑ…

යුමී යාලුවා එක්ක එක එක විදියට සෙල්ෆි ගහ ගහ හිනා වෙවී හිටියේ සතුටින්..

කේෂ් ගේ අම්මා යුමී දිහා බලන් හිටියේ කෙල්ලගේ මේ වැඩ ගැන සතුටු වෙමින් වගේම.. තමන්ටත් කෙල්ලෙක් හිටියනම් කියන හැඟීමෙන්..

” දූ “

එහෙම කිව්වේ කේෂ්ගේ අම්මා යුමිට..

” ආ අම්මා.. “

” අනේ දූ අපේ පුතා ඔහොම තමා කුකුල් කේන්තී කාරයා .. සමාවෙන්න දූ.. “

” අනේ අම්මා අවුලක් නෑ .. ඒක හිතන්න එපා.. “
(කොහොමත් ඒ ඩම්බෝ කොයි වෙලෙත් කුලප්පූ වුන ගමන්නේ.. ) කෙල්ල ඒ ටික කිව්වේ හිතින්..

” දූ මාව ඇල්ලුවේ නැත්නම් වැටෙනව. . මන් කලබලෙන් ආවේ දූ ඒකයි.. “

” ඒකනේ අම්මා පරිස්සමින් වැඩ කරන්න .. මන් චුට්ටක් අක්කී ලඟට ගිහින් එන්නම්.. “

” අනේ හරි දූ.. “

කෙල්ල අමා ලඟට යන්න හැදුවත් එක වර එතන තිබුන කනුව ලඟින් කෙල්ලව ඇදිලා ගියේ කේෂ් ඇද්ද පාරට කේෂ්ගේ පපුව ලඟට..

” පිස්සූ හැදිගෙන එනවද බූරුවා .. “

” ඔව් ඔව් පිස්සූ මට.. තමුසේ අර ඇමති ගේ පුතාට එක එක ඒවා කියලා ලෙඩ දාගන්න ලෑස්තී වෙන්න එපා.. “

” මන් මොනා කලත් ඔයාට වැඩක් නෑනේ .. අනික.. “

යුමී එහෙම කියන්න යනකොටම යුමීව ඇදල අරන් තොල් දෙක සිප ගත්තේ යුමීට කතා කරගන්න බැරි වෙන්න..

කෙල්ල කොච්චර ගැලවෙන්න දැඟලුවත් කේෂ්ගේ හැඩි දැඩි අත් වලින් ගැලවෙන්න යුමීට අමාරු වුනා..

ටික වෙලාවක් එහෙම හිටිය කේෂ් කෙල්ලව අත ඇරියේ කේන්තියෙන්..

” තමුසෙට පිස්සූ හැදිගෙන එනවද මොකෙක් හරි දැක්කනම් මන් ගැනයි වැරදියට හිතන්නේ.. “

” හිතපුදෙන් ඕන එක්කෙක් ඕන දෙයක් හිතපුදෙන්.. “

එහෙම කියලා කේෂ් එතන තිබ්බ බිත්තියට ගහපූ පාරට යුමීව ගැස්සිලා ගියා..

” තමුසේ එකම එක දෙයක් මතක තියාගන්නවා සයුමි තමුසේ මගේ වි…. “

එතනින් එහාට මුකුත් නොකියා කේෂ් එතනින් ගියේ යුමීට හිතන්න දෙයක් ඉතුරු කරමින්..

” මහා හිපටුවෙක්.. ඔනේ ඔනේ වෙලාවට ඉබින්න එන්නෙ.. හිටපන් මන් ඕකට කරන්න හොද වැඩක්.. “

යුමී තරහින් පුපුර පුපුර එතනින් ගියෙ කේෂ් එක්ක කේන්තියෙන්…

කේෂ් කේන්තියටම ගිහින් බොන්න ගත්තේ ඉන්නේ කොහෙද කියන එකත් අමතක කරලා..

ටික වෙලාවක් යනකොට එකවරම කරන්ට් එක ගියේ මුලූ හෝල් එකම කලුවර කරමින් …

” අනෙ මනූ මොකක්ද වුනේ.. “

” අනේ මන්දා අමා එක පාර.. “

ඒත් එක්කම වගේ දැකපූ දේ නිසා අමායට කෑ ගැහුනේ ….

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 අමායා ඇයි කෑ ගහන්නේ… ?

හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️

අද කතාව කොහොමද ?
+1
6
+1
130
+1
9
+1
2
+1
1
+1
0
+1
1

5 COMMENTS

  1. My partner and I absolutely love your blog and find a lot of your post’s to be just what I’m looking for.
    can you offer guest writers to write content available for you?
    I wouldn’t mind writing a post or elaborating on most of the subjects you write
    in relation to here. Again, awesome web site! asmr 0mniartist

  2. hello!,I love your writing very much! percentage we communicate
    more approximately your post on AOL? I need a specialist in this house to unravel my problem.
    Maybe that is you! Looking forward to look you.
    0mniartist asmr

  3. May I just say what a relief to discover an individual
    who really understands what they’re talking about over the
    internet. You definitely understand how to bring an issue
    to light and make it important. A lot more people ought to look at this and understand this side of your story.
    I was surprised that you are not more popular
    since you certainly have the gift. asmr 0mniartist

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here