සිරකාර ආදරය – 10 කොටස

177
2705

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

10 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆

සිරකාර ආදරය 10
✩───── ❁🖤❤️🖤❁ ─────✩


තව දුරටත් සිතැගි හැගුමන් පාලනේ කර ගත නොහැකි නිසා ආශීර් තම රථය ***** උද්‍යානය වෙත ගෙන ගියේ තවමත් පහ නොවූ කේන්තියෙන්.. කේන්තියකට වඩා ඔහුට දැනුනේ ඔහු ගැනම ආත්මානුකම්පාවක්… රථය නවතා දමා මද වෙලාවක් අරමුනකින් තොරව හිස් අවකාශය දෙස බලා සිටියේ හදවත පුරා දැනි හීන් රිදුමකින් සුසුමන් ගල් කරනවා මෙන් දැනෙද්දි…

” බලපන් ආශීර් හොදට බලපන්.. උබ අවුරුදු ගානක් පන වගේ ආදරේ කරත්.. හැමදේම ඒකී වෙනුවෙන් කරත් ඒකිම උබට කියපුවා.. පන වගේ බලා ගත්ත උබව අද පො### කරා… උඹ අවුරුදු ගානක් පරිස්සම් කර එකීම උඹව බල්ලෙක් ගානට දැම්මා.. “

මීට මද වෙලාවකට පෙර කාර්‍යාලය තුලදි ලැබුන ඇමතුමින් කොතෙරම් සිත ශක්තිමත් කර ගන්නවා කියා සිතුවත් තුවාල වී සුවවී තිබූ හදවතේ තුවාලය පෑරී ගියේ ඔහුගෙ සිත තවත් ටිකක් අගාදයට වට්ටමින්… ආශීර්ට මතක් වුනේ ඒ දුරකථනය සංවාදයයි.. දිහන්සිගෙන් ලැබුන ඇමතුමයි ඔහුගේ දෑස් ඉදිරියෙහි නැවත වරක් සේයා රූ ඇදී ගියේ…

” හේලෝව් මගේ ආශීර් බබෝ.. ආයේ ආවා නේද ඉතින් ඔයා.. “

දිහන්සිගේ හඩ දුරකථන රැහැන් ඔස්සේ සවන් පත් සිප ගන්ද්දි දැනුන කේන්තියට දෑත් කිටි කිටියේ මිට මෙලවී ගියේ ඔහුගේ සුසුම් හඩ වේගවත් කරමින්.. ආශීර්ට කේන්ති ගිය බව දැනුන විට දිහන්සි තවත් මොහොතක් ඔහුගේ කේන්තිය වැඩි කිරීමට වදන් ඇමිනුවේ ඔහුට පෙර පණ මෙන් ආදරේ කර බව සම්පූර්ණයෙන් අමතක කරමින්.. එසේ කර හැකිද ආදරය කරා වූ හදකට.. සැබෑවට ආදරේ කරා නම් මෙලෙස අනිකා වෙනුවෙන් ඒ සිත රිදවීමට එක් වදනක් හෝ නොපවසන බව විශ්වාසයි.. නමුත් දිහන්සි කිසිදා ආශීර්ට ආදරේ කරේ නෑ.. ඇය ආදරය කරේ ඔහුට නොවෙයි ඔහුගෙ මුදලටයි.. අවංක ආදරය මිල මුදලට යටවී යන ලොවක ආශීර් ඇගෙ ආදරය අවංක ආදරයක් කියා වසර ගනනක් මුලා වී දිවිය අගාදයට ඇද ගත්තා නොවෙද !.. අවංක ආදරය කරනා සිත් කොතෙරම් නම් එකිනෙකා රැවටී ඇතිද.. එදා ආශීර්ට වූවෙත් එයම නොවෙද !..

” උ.බ.. උබ මොකෝ දැන් කෝල් කරේ..මන් මැරුනද බලන්නද ආ.. කියපන් ඉතින් මොකද උබට මාව මතක් වුනේ කියලා.. කියපන් ඉතින්..”

ඔහුගෙ වදන් වලට ඇය සරදම් ලෙසින් සිනහ වූවා පමනයි.. ආශීර්ගේ කෝපවත් හඩ ඇයට ගෙන දුන්නේ සතුටක් පමනයි..

” ආ මැරුනේ නැද්ද ආශී.. ඕ..ඕ..ඕ..
ම්ම් . මට මතක් වුනේ නම් හිරෙන් නිදහස් වෙලා ආවා කියලා ආරංචිය ලැබුන නිසා.. කොහොමද ඉතින් ජීවීතේ.. සැපෙන් ඉන්නවද ආශී ?…”

” අහ්.. මැරුනා නම් තමයි..ඒ අර උබට රැවටිලා ජීවීතේ වෙනස් කර ගත්‍ත මෝඩ ආශීර්..ඌව මැරුවෙත් උබම නේ.. ඔව් නිදහස් වුනා තමයි.. ජීවීට්ජේ නිදහස් උබ වගේ බැ## නැති නිසා.. “

මුල් ටික සරදම් බසින් පැවසුවත් පසුබිමෙන් ඇසෙන ඇගේ නව පෙම්වතා.. ආශීර්ගේ මිතුරා.. #චේත්‍යගේ සිනහ හඩ ඇසුන විට අවසන් ටික කේන්තියෙන් පිට වුනේ අසල සිටියා නම් ඔවුන්ට පහර සිත්සේ දෙන බව හැගුන නිසා…

” අහ් මන්ද ආශීර් බැ##.. තමුසේ හලො එහෙම..තමුසෙ පිරිමියෙක්ද ආශීර්.. තමුන් මොන වගේද කියලා කියන්න ඕනේ නෑ නේ.. මන් වගේ කෙල්ලෙක් ලග තමුසෙ හැසිරුන විදියෙන්ම දන්නවා..”


ඇගේ සරදම් වදන්.. මෙතරම් වෙලා කේන්තියෙන් සිටි ඔහුගෙ හද වේදනාවෙන් දවාලුයේ දෑස් තුල ලා කදුලු පටලයකින් වැසී යද්දි.. ඇයව මලක් මෙන් සුරැකිය නිසාද තමන්ගේ පිරිමි කම ගැන ප්‍රශ්න කරන්නේ ඇය.. හාදුවකින් එහා නොගිය නිසාද මෙලෙස ඇය ව්දන් අමුනන්නේ… නිසි ලෙස නිසි කලට ඇයට සැමදේ ලබා දීමට උත්සහා කර නිසාද මෙලෙස ඇය පවසන්නේ..ආදරය යනු එයද.. රාගික හැගුමන් තුලින් මත් වී සයනයක් මත තාවකාලික සතුටක් ලැබීමද ආදරය යනු..සැබෑ ආදරය තම ආදරිය රකිනවා මිස කිසිදා විනාශ නොකරන බව ඇයි කිසි විටකත් තේරුම් නොගන්නේ…

” තෝ කටවහන් බැ##.. තෝව මලක් වගේ පරිස්සම් කර නිසාද මගෙන් ඔහොම අහන්නේ.. උබ බලන් හිටපන් මේ ආශීර් දේහංස දිහා.. දැන් ඔය උබ එක්ක හිනා වෙන එකාටත් කියපන් ලගදිම අඩන්න වෙනවා කියලා.. බලාගෙන හිටපන් උබ..”

එහා පසින් ඇසෙන සිනහ හඩත් නිසාම කාර්‍යාලය දෙදරනා තරමින් කෑ ගසා රථයේ යතුර රැගෙන කාර්‍යායෙන් පිටව ගියේ පියල් කෑ ගසමින් ඔහුව නවතාලන්නට උත්සහා දරද්දි…

” උබට ආදරේ කරලා මන් ලස්සන පාඩම් ඉගෙන ගත්තා.. උබ බලන් හිටපන් මේ ආශීර් කලින් කෙනාම නොවුනොත්…”

කෝපයෙන්, වේදනාවෙන්, කලකිරීමෙන් ගිනි ගෙන හදවත සංසුන් කර ගැනීමට රථයෙන් බැස උද්‍යානය තුලට පිය මැන්නේ සැනසීමක් බලාපොරොත්තුවෙන්.. ඒත් ආශීර් නොදැන සිටි කරුන නම් ඔහුට ඔහුගේ සැනසීම තා මොහොතකින් මුන ගැහෙන බවයි…

__________________ 💚🖤💚

මිහාදී සිටියේ අනාගතේ ගැන දැඩි තීරනයක් ගනිමින්..ඇය බිය ගුල්ලියක් වන්නට ඇති.. නමුත් ඇයට පියා නොමැතිව තනිව ජීවත් වීමට නොහැකි බව පසක් වුනේ පෙරදා රැයේ සිදු වූ එක් සිදුවීමක් නිසයි..අත්වාරුවක් ලෙස සැමවිටම පියා පසු පස සිටි නිසා ජීවීතේට ශක්තිමත්ව මූහුන දුන්නත් තවත් ඇයට ශක්තියක් නෑ..ඇගේ සිත හයිය නෑ ලොවට ශක්තිමත්ව මූහුන දෙන්න… දැනෙන්නේ දැඩි කලකිරීමක්.. අසා තිබුනත් මුහුන දුන්නේ ඇය ඊයේයි ඒ සිදුවිමට.. තනියම සිටිනා තරුණියකට.. එයටත් වඩා රුවෙන් සොදුරු ඇය වැනි තරුණියකට සමාජේ ජීවත් වීමට බොහෝ අපහසුයි… තම පියාගේ වයසෙ වැනි කාමාතුරයෙකු දෑතින් තව මොහොතක් ගියා නම් ගොදුරක් වනවා නොවෙද !..එය මතක් වන විටත් ඇයගෙ සිත ගැස්සී ගියේ පුදුමාකාර ලෙසයි…

දැනෙන්නේ දැඩි කලකිරීමක්..කුමක්ද මේ සමාජෙට වී තිබෙනුයේ… දියනියක්..මවක් .. සොහොයුරියක් නොහදුන ලෙසට සමාජේ විනාශ වී ගොසින්.. කුඩා දැරිවියකට හෝ තනිව ජීවත් විය නොහැකි ලෙසට වෙනස්ව ගොසින්.. සංස්කෘතියෙන් අග තැන්පත් රට තුලම දූශණය ශීඝ්‍රයෙන් වැඩිය ගොසින්…

” මට බෑ තාත්තී මට බෑ.. ඔයාගෙම වයසෙ වගේ ඒ මිනිහා.. ඒත්.. ඒත් ඌ මාව් ඇල්ලුවා.. මට බෑ.. මට ඔයා නැතුව ඉන්න බෑ තාත්ති.. ඉවසන්න බෑ මට.. මට පුස්සු හැදෙයි තාත්ති.. අනේ මන් යනවා.. ඔව් මේ හැමදෙයින්ම මන් යනවා.. මන් පැනලා යනවා..මේ සමාජෙන් පැනලා යනවා.. ඔයාගේ සුද්දිට බෑ තනියම ඉන්න.. අනේ මට බෑ…”

” ප්‍රශ්න වලින් පැනලා ගියාම හැමදේම ඉවර වෙනවද මිහාදි.. එතකොට හැමදේම හරිද ?…”

පිටු පසින් ඇසුන හඩ ඔස්සෙ හිර හැරවූ ඇගේ දෑස් නැවතුනේ දෑස් රතුකර ගනිමින් තමා දෙස බලා සිටින ඔහු දෙසයි. මෙතරම් වෙලා සිර කර ගෙන සිටි කදුලු දෑස් අගින් කඩා හැලුනේ තවත් දරා ගත නොහැකි තැනයි…….

අතීතයෙ මතක පොත…
හෙමි හෙමින් වසන්නම්…
වේදනා කදුළු අඩු…
දිනයක්ම පතන්නම්…
නැවුම් දිවියකට මං…
හීන මල් පුරන්නම්…
ඒ හීනෙ ලස්සනට…
සිතුවමට නගන්නම්…
සිතුවමට පාට දෙන…
පැතුම නුබ වෙනවනම්…
සදාකල් මගේ හිත…
නුබට මං පුදන්නම්….

🖤💚🖤💚🖤💚🖤💚🖤💚🖤💚
ආශීර්❤️🖤මිහාදි….

(Nimesha Madushani අක්කි ගොඩාක් තැන්කිව් ආශීර් වෙනුවෙන් දුන්න ආදරේට.❤️ )

━━━━━━━━━💚🖤💚

සමහර වෙලාවට අපි තනිවුනාම ගොඩක් දුර්වල වෙනවා..මොකද හැමෝම හිත ශක්තිමත් නැති නිසා..

මන් #මේධී..

අද කතාව කොහොමද ?
+1
4
+1
50
+1
10
+1
3
+1
1
+1
0
+1
2

177 COMMENTS

  1. I know this if off topic but I’m looking into starting my own blog and
    was wondering what all is required to get setup? I’m assuming having a blog like yours would cost a pretty penny?
    I’m not very web smart so I’m not 100% certain. Any suggestions or
    advice would be greatly appreciated. Thank you

  2. Hello, i think that i saw you visited my site thus i came to
    “return the favor”.I’m attempting to find things to improve my website!I suppose its ok to use some of your ideas!!

  3. Hey There. I discovered your blog the use of msn. This is an extremely neatly written article.

    I’ll make sure to bookmark it and come back to read extra of your helpful info.
    Thanks for the post. I will certainly return.

  4. Hey there would you mind letting me know which hosting company you’re utilizing?
    I’ve loaded your blog in 3 different browsers and I must say this blog loads a lot quicker then most.
    Can you suggest a good hosting provider at a fair price? Thank
    you, I appreciate it!

  5. Good day! I know this is kinda off topic but
    I’d figured I’d ask. Would you be interested in trading links or maybe
    guest authoring a blog post or vice-versa? My
    site addresses a lot of the same topics as yours and I believe we could greatly benefit from each other.
    If you happen to be interested feel free to send me an email.
    I look forward to hearing from you! Awesome
    blog by the way! quest bars http://bitly.com/3jZgEA2 quest bars

  6. Hey exceptional website! Does running a
    blog like this require a lot of work? I’ve virtually no understanding of computer programming however I had been hoping to start my
    own blog soon. Anyways, if you have any ideas or tips for new blog owners please share.

    I understand this is off topic nevertheless I just wanted to
    ask. Appreciate it! ps4 games https://j.mp/3z5HwTp ps4

  7. I know this if off topic but I’m looking into starting my own weblog and was wondering what
    all is required to get setup? I’m assuming having
    a blog like yours would cost a pretty penny?
    I’m not very internet savvy so I’m not 100% sure.

    Any suggestions or advice would be greatly appreciated.
    Thank you

  8. When I initially commented I clicked the “Notify me when new comments are added” checkbox and now
    each time a comment is added I get three e-mails with the same comment.
    Is there any way you can remove people from that service?
    Thank you!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here