මගේ දෙවනි මනමාලයා ඔහුයි – 12 කොටස

1
3053

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

12 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆


ඒත් එක්කම වගේ දැකපූ දේ නිසා අමායට කෑ ගැහුනේ කවදාවත් නොහිතන දෙයක් වෙන්න යන නිසා..

ඒ වෙන මුකුත් නෙවේ යුමී කේශ් එක්ක ඩාන්සිං ෆ්ලෝ ඒකේ ඉන්නවා දැක්කම අමායා ට කෑ ගැහුනේ ඉබේටමයි..

” මනූ මෙන්න මේ නයයි මුගටියයි එකට ඩාන්ස් කරනවා.. මේක වුනේ කොහොමද.. “

” ඒකනම් මටත් හිතා ගන්න බෑ අමා.. මේකනම් සිරා සප්‍රයිස් එකක්.. “

ඔව් කාටවත් හිතා ගන්න බැරි වුනා යුමී කේෂ් එක්ක කොහොමද මෙහෙම ඩාන්ස් කරන්නේ කියලා..

සින්දූ කිහිපයකට හරිම ලස්සනට ඩාන්ස් කරන දිහා හැමෝම බලාගෙන හිටියේ ආදරෙන් වගේම සතුටින්…

මනුජට වගේම අමායටත් හිතාගන්න බැරිව හිටියේ මේක වුනේ කොහොමද කියලා..

යුමී කොහොමත් නැටුම් වලට දක්ශ නිසා හරිම ලස්සනට දෙන්නා නර්ථනයේ යෙදුනා..

ඔය අතර ඩිශාන් මේ දිහා බලන් හිටියේ කේන්තිය පිරුනු දෑසින්..

ඒ දිහා හදවතින්ම ආදරෙන් බලන් ඉන්න කෙනෙක් ඉන්නවා ඒ තමයි කේෂ්ගේ අම්මා..

ඉතින් ඔය විදියට විනාඩි කිහිපයක රංගනය යුමී එක්කම කේශ් යෙදුනේ හරිම ආදරනීය විදියට අවසානයේ යුමීගේ ඉන ලඟින් අත දාලා කේෂ් කෙල්ලව අනිත් පැත්තට කරකවලා තමන්ගේ මූන ලඟට ඒ මූන අරන් නලල සිප ගත්තේ නම් නැටුමේ කොටසක් විදියට නෙවේ…

යුමී කොච්චර ඩාන්ස් කලත් ඒක කලේ හිතේ කැමැත්තකින් නෙවේ.. මොකද ඒ වෙලාවේ කේෂ් බීලා හිටිය නිසා ඒ ආව ගඳට යුමී පොඩ්ඩක්වත් කැමතී වුනේ නෑ..

ඒ තරම් ආදරණීය විදියට නර්ථනය අවසාන වෙනකොට දැහැනකට සම වැදිලා වගේ නට නට හිටිය යුමී වගේම කේෂුත් පියවි සිහියට ආවේ වටෙන් ඇහුන විසිල් පාරවල් කෑ ගැහිලී නිසා..

හැමෝම කෑ ගහන සද්දෙට යුමී කේෂ් ලඟින් අයින් වුනේ ගැරඬියාට බූමිතෙල් ගැහුව්වම දුවන තරම් වේගෙන්..

කේෂ් ලා හිනාවකින් මයික් එක අතට ගත්තේ මනුජගේ පැත්තට එල කියලා අතක් දික් කරමින්..

ඒත් එක්කම තවත් මයික් දෙකක් එක්ක එතනට ආවේ ගායාන් සමඟ සමීර…

එක යායේ කකා වැටී – එකා වගේ එකට ඉදී
එක පවුලේ උපන් ලෙසේ – කල ආරක්ෂා…
නාස් ලනුව දමනවාලු – කරත්තයක බදිනවාලු
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා…

ගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබරගොයා..
ලිදට ගියත් අවසරයක් ගන්නට වේවී..
දල ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
පනවාලා දරුණ දණ්ඩ බන්ධන නීති..

එක යායේ කකා වැටී….

වලට වැටුනු එකා යකා වලටම ඇද ගනු මිසකා
වලෙන් උඩ ට එන්නට අත දෙන්නට කැමති..
නෑදෑ හිතවතෙක් නැති ඒ ගැන හිතුවොත් යෙහෙකි
කසාදෙ නම් කසාය හරි තිත්ත බෙහෙතකි..

එක යායේ කකා වැටී…

සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, බන්දුල විජේවීර මහත්මාවරු ගායනා කරන සිංදුව හරිම ලස්සනට කේෂ් ගයාන් වගේම සමීරත් රංගනයේ යෙදෙමින් කිව්වේ මනුජව වට කරගනිමින්…

යුමී , පියවී ඕමීගේ ලස්සන නැටුමක්ද ඒ සිංදුවෙන් පස්සේ තියන්න තුන් දෙනා අමතක කලේ නෑ..

ඔය විදියට අමායලා පිටත් වෙන වෙලාව ලං වෙනකොට අමායා ලඟට ලං වුනේ යුමී…

ඇස් වල කඳුලු පුරවන් හිනැහෙන නංගිව දැක්කම අමායාගේ හැඬුම් පාලනය කරගන්න බැරි වුනා..

ඔව් ඒ තරම් ශක්තිමත් ඒ සහෝදර බැම්ම.. පුංචී කාලේ ඉඳන් එකට ඉදලා මේ විදියට ඈත් වෙන එක දෙන්නටම දරාගන්න අමාරු වුනා..

දීපිකාට වුනත් කඳුලු පිරුනේ අක්කාවයි නංගිවයි දැක්කම..

එතන හිටිය හැමෝගෙම ඇස් වලට කඳුලු එක් කරමින් යුමී අමායව බදාගෙන අඬන්න ගත්තේ උදේ ඉඳන් හිර කරගෙන හිටිය දුක පිට කරමින්..

අමායව බදාගෙන අඬන යුමීව දැක්කම මනුජගෙ ඇස් වලටත් හීන් කඳුලක් ඉනුවා..

ටික වෙලාවක් අඬපු අමායාගෙන් යුමී ඈත් වුනේ මනුජ කිව්ව කතාවක් නිසා..

” නෑනෝ මන් මෙයාව මරන්න ගෙනියන්නේ නෑ බන්.. 😂😂 “

ඒ කිව්ව කතාවටනම් මංගල සභාවේ ඉන්න අයටත් හිනා ගියා..

කේෂ් අත් දෙක බැදගෙන බලාගෙන හිටියේ මේ දිහා හිනැහෙමින්..

ඒහෙම හිටිය කේෂ් යුමීලා ඉන්න තැනට ඇවිල්ලා..

” ඔව් ඔව් මේ ගෑනුන්ගේ බොරු මායම්නේ බන්.. මේ ඒක නෙවේ උඹට හනීමූන් එක යන තැන මං ගානේ.. ආ මේක අරන් හොටෙල් එකට පලයන් ගිහින් දෙන්නා එක්ක චේන්ජ් කරගෙන හවස හයට ෆ්ලයිට් එක මැලේශියා වලට.. “

” අඩෝ කේෂ් උඹට පිස්සුද බන් මෙච්චර දේවල්.. “

” හා හා ඒවා වැඩක් නෑ සතියක් ඉඳලා වරෙන්.. එනකොට දෙවනි දවසේ වැඩ මෙහේ ගානට වෙලා තියෙයි.. “

” තැන්කිව් මචං.. “

මනුජ එහෙම කියලා කේෂ්ව බදාගත්තේ ලාවට ඇස් වල කඳුලු පුරවගෙන. . .

” පුහ් අපිටයි එක එක එවා කිව්වේ දැන් මෙයාලා හොටු පෙරනවා මල සමයම්.. “

යුමී එහෙම කිව්වේ කේෂ්ට රවමින්..

” මම තමුසෙට.. “

කේෂ් එහෙම කියාගෙන යුමීගේ පැත්තට හැරෙනකොටම එතනට ආවේ මනුජගේ තාත්තා..

“හා හා ළමයි දැන් ඇතී පිටත් වෙන්න තියන නැකත ලඟයි.. “

දෙපැත්තෙම කතා ඉවර වුනාට පස්සේ මනුජ ලඟට ආවේ අමායාගේ අම්මා වගේම යුමී..

” පුතේ මේ ඉන්නේ මගේ පන ටික.. මගේ ඇස් දෙක වගේ මම මේ කෙල්ලෝ දෙන්නව හැදුවේ.. මලක් තරම් පරිස්සමෙන්.. ඉතින් ඒ මල ඔයාට බාරයි.. මගේ කෙල්ල අතින් පොඩි පොඩි අඩුපාඩු වෙයි.. ඒවා හිමීට කියලා දෙන්න එතකොට අහනවා.. පොඩි කෙල්ල වගේ නෙවේ මගේ ලොකූ කෙල්ල හරී වෙනස්.. ඉතින් පුතේ මන් දන්නවා මගේ කෙල්ලට පුතා පන වගේ ආදරෙයි කියලා.. ඒ නිසා පුතේ ඔයාලාගේ ආදරේ මැරෙනකන්ම ඒ විදියට තියාගන්න.. මට මගේ මනුස්සයා එක්ක ගොඩක් කාලයක් ඉන්න බැරි වුනා අපේ අවාසනාවට ඒ මනුස්සයා කලින්ම නැති වුනා.. ඒත් පුතේ මෙයාලට මන් ඒ අඩුව දැනෙන්න දුන්නේ නෑ.. මගේ පුතාලා දෙන්නටම බුදුසරණයි .. පරිස්සමෙන් සතුටින් ඉස්සරහ ගමන යන්න පුතේ.. දැන් මට පුතෙකුත් ඉන්නවා ඒ නිසා බයක් නෑ.. “

දීපිකා ඒ ටික කිව්වේ ඇස් වල කඳුලු පිහදමමින් මනුජගේ ඔලුව අත ගාමින්..

” අනිවාර්යයෙන් අම්මේ මන් අමායාට කවදාවත් දුකක් දෙන්නේ නෑ අම්මේ.. මගේ පන වගේ බලා ගන්නවා.. “

එහෙම කියලා මනුජ දීපිකාට වැන්දෙ යන්න වෙලාව හරී නිසා..

දීපිකා එතනින් ගියේ කඳුලූ පිස දමමින්..

යුමී ඒත් එක්කම ලඟට ඇවිල්ලා..

” ඒයි මස්සීනා අද ඉදන් මං මේකී එක්ක වින්ද වේදනාවල් විදින්න ලෑස්තී වෙන්න හොදේ.. 😂😂 .. රෑට හීනේන් හූ තියනවා මේකී මස්සීනා… ඔන්න අපී දන්නේ නෑ.. 😂😂”

යුමී එහෙම කියලා මනුජගේ පැත්තට ගියේ අක්කගෙන් ගුටි කන්න වෙනවා කියලා දන්න නිසා..

” ඔව් ඔව් නෑනෝ මන් දැන ගෙන තමා මේක කරගහන්නේ.. මොනා කරන්නද බැඳගත්ත බෙරේ ගහන්නත් එපැයි “

අමායා යුමීටයි මනූටයි දෙන්නටම රැව්වේ ගස්සමින්..

” අන්න එහෙම තමා අමා ඉන්න ඔනේ ඔහොම රැව්වේ නැත්නම් මූව හදන්න බෑ.. පොඩි කාලේ ඉදලා මන් එක්ක ඉඳලත් මූ ඔහොම තමා හදා ගන්නම බැරි වුනා.. ගෑනූ පෙන්නන්න බෑ මූට අමායා ඒ නිසා බලාගෙන.. “

කේෂ් එහෙම කියාගෙන එතනට ආවේ මනූට හිනැහෙමින්..

මනුජ රව රව හිටියේ කේෂ් ගේ මේ කතා වලට..

“ආන්න දැක්කද කේෂ් මගේ පැත්තේ.. “

“එකෙන්ම අමා ඉතින්.. “

කේෂ් එහෙම කිව්වේ යුමී දිහා බලාගෙන ඔරවමින්..

” හැලි වඳුරා ඔරවන තාලේ හිපාටුවා.. “

මනුජට විතරක් ඇහෙන්න එහෙම කිව්වේ යුමී. ..

” 😂😂😂😂 මොනා වුනත් නියම නම නෑනො.. “

මනුජ හයියෙන් හිනා වෙලා අවසානෙට යුමීට එහෙම කිව්වේ හිමින්..

” මේ මේ ඒක නෙවේ අපිට ප්‍රශ්නයක් තියනවා අහන්න යුමී නංගි උඹෙන්.. “

එහෙම කියාගෙන එතනට ආවේ ඕමී එක්ක පියවි . .

” හෑ මගෙන්.. “

” ඔව් ඔව් අපිටත් තියනවා කේෂ් උබෙන් ප්‍රශ්නයක් අහන්න.. “

එහෙම කියාගෙන එතනට ආවේ ගයාන් එක්ක සමීර ..

” ලෙඩිස් ෆර්ස්ට් නේ ඔයාලා අහන්න මුලින්ම.. “

එහෙම කිව්වේ ගයාන්..

” මේකයි නයාට අඳු කොල වගේ ඉන්න මේ දෙන්නා කොහොමද මේ තරම් ලස්සනට නැටුමක් කලේ.. “

එහෙම ඇහුව්වේ ඕමී..

” නයි කයිද රෝස් පාන් තේ එකේ පොඟවම් කිව්වලූ අපිත් අහන්න හිටියේ ඕකනේ ඒයී..”

සමීර ඒක කිව්ව විදියටනම් එතන හිටිය හැමෝටම හිනා ගියා දෙන්නෙක්ට ඇර ඒ යුමී කේෂ්..

” දැන් දීපල්ලකෝ උත්තර.. “

එහෙම කිව්වේ මනුජ..

” මේකයි මට ඩාන්ස් එකක් කරන්න ඕනේ වුනා … ඉතින් උඹලා දන්නවනේ කොහොමත් මෙයයි මායිනේ හිටියේ දෙවනි මනාලිටයි මනාලයටයි.. ඉතින් ඒ නිසා මන් හිතුවා මෙයා එක්කම කරන්න.. දවස් තුනෙන් පුරුදු වුනා කලා එච්චරයි .. දැන් උඹලගේ ප්‍රශ්නෙට උත්තර හම්බුනානේ.. ඒ නිසා පාඩුවේ හිටපන්.. අනික තො දැන් යන වෙලාව හරි පලයන්.. “

කේෂ් එහෙම කිව්වේ කේන්තියෙන්.

අමායා මේ කේෂ් ගේ සැරෙන් සැරේ වෙනස් වෙන මූන දිහා බලන් හිටියේ පුදුමෙන්..

අමායාගේ වෙනස තේරුන මනූ අමායට හිමීට කිව්වේ..

” ඒ උගේ හැටී මූලග්ගින්න..”

” ම්ම්.. “

” ඔව් ඔව් අපේ නැකත හරි .. “

එහෙම කියලා මනුජ අමායත් එක්ක එලියට යන්න යනකොට කට්ටියම කෑ ගැහුව්වේ අමාට..

” අමා දැන් ඔය මල් බොකේ එක විසික් කරපන් ඊලඟට කව්ද බඳින්නේ බලන්න.. “

එහෙම කිව්වේ ඕමී..

එහෙම කිව්වම අමා හිමිට ඉස්සරහට ගිහින් මල් බොකී එක විසික් කලාම මල් බොකී එක අල්ල ගත්තේ යුමී…

” හෆ්ෆා නංගිත් බදිනකන් අපිට බදින්න වෙන්නේ නෑ වගේ නේද බන්..

එහෙම කිව්වේ පියවි.. 😂😂

අමා වගේම මනූ එලියට යනකොට ම මනුජගේ යාලුවන් ලෑස්තී කරලා තිබුනේ බයික් වලින් වැඩ දාන සීන් එකක්..

ඒකත් ඉවර වෙලා එලියට එනකොට
හොද වතුර වගේම බිත්‍තර වලින් රැග් එක හම්බුනේ මනාල ජෝඩුව ගඳ ගස්සමින්…

” තොපි වගෙ උන් ආස්රේ කරනවට මට ගහන්න ඔනේ යකු.. “

එහෙම කිව්වේ මනූ ..

” හොද වැඩේ බොට .. අනිත් උන්ට කරපුවා තමා.. “

හිනැහෙමින් කේෂ් එහෙම කිව්වේ මනුජට..

” ආ මල්ලී තෝත් ලෑස්තී වෙලා හිටහම්කෝ… “

ඒකටනම් කේෂ්ගේ මූන වෙනස් වුනා..

” මගේ කෙල්ලට ඔහොම ඒවා කලොත් තොපෙයි මගෙයි යාලුකම් නෑ. “

කේෂ් එහෙම කිව්වේ ඔක්කොටම රවමින්..

ඔය ඔක්කොම කෝලම් ඉවර කරලා හැමෝම ගෙවල් වලට ගියේ හවස් වෙලා..

ඔය අතරේ යුමී අක්කගේ උදව්වට ඇඳුම් මාරු කරගන්න උදව් වෙලා ගෙදර යන්න හැදුවේ අක්කලා අද රට යන නිසා..

” ඔන්න ලොක්කීයෝ ඔක්කොම හරි දැන් නාලාත් ඉවරනේ බඩුත් හරී.. මන් යන්නම්… අම්මිත් තනියමනේ.. “

” කොහොමද යන්නේ පොඩ්ඩී.. “

” ආ මට එක්ක යන්න පුලුවන් අක්කී.. “

එහෙම කිව්වේ සයුරි..

” ආ නංගත් ඉන්නවනේ දෙන්න එක්ක පරිස්සමෙන් යන්න එහෙනම්.. “

අමායවත් ඉඹලා එතනින් යන්න ගිය යුමීව නවත්ත ගත්තේ මනුජ..

” නෑනෝ කොහෙද යන්නේ.. “

” ඇයි මං මෙතන ඉන්නද ඔයාලා තව ටිකකින් යනවනේ.. “

යුමී එහෙම කිව්වේ හිනැහෙමින්..

” ඔව් ඔයත් යමු අපී එක්ක.. “

මනුජ එහෙම කිව්වේ අමායා දිහා බලාගෙන..

” මන් කොහේ යන්නද අයියා.. අම්මී තනියම.. අනික ඔයාලගේ හනිමූන් එක මිසක් මගේ නෙවේනෙ.. ඔයාලා රට යන්නේ.. “

” හරී ඉතින් එයාපෝට් දාන්න එන්න පුලුවන්නේ…කේෂ් එක්ක යන්නේ අපී.. “

” අනේ අයියා මේන් වැන්දා මටනම් බෑ ඔය #ඩම්බො එක්ක එන්න.. “

” 😂😂 නෑ නෑ මන් අම්මගෙන් පර්මිශන් ගත්‍තා ආ මෙන්න ඇඳුම් බෑග් එක යමූ… වොශ් එකක් දාගෙන ලෑස්තී වෙන්න.. “

” මට බෑ අයියා.. සොරි.. “

” අනේ මොකක්ද නංගා මන් වෙනුවෙන්.. “

එහෙම කිව්වේ අමා..

ඒත් එක්කම එතනට ආවෙ..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 කවුරුද ආවේ එතනට කවුරු ද ආවේ.. මොකද කියන්නේ දෙන්නවත් යවන්නද මැලේශියාම..

හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

~~~~~~~~~~~~~~

අද කතාව කොහොමද ?
+1
3
+1
136
+1
10
+1
6
+1
0
+1
0
+1
0

1 COMMENT

  1. අද කතාවනම් නියමයි.යාලුකම් සහොදර බැදීම දෙමාපිය ආදරය නියමෙට දැනුනා❤❤

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here