සිරකාර ආදරය – 11 කොටස

0
2048

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

11 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆

               සිරකාර ආදරය 11

✩───── ❁🖤❤️🖤❁ ─────✩

හද දවනා වූ වේදනාව කෙසේ නම් කදුලු වලින් දිය කර හරින්නද.. හදවත ගිලන් වූ වේදනාවෙන් මිරිකුන හදවතකට පමනයි අනෙකාගේ ඒ වේදනාව සිතා ගත හැකි වන්නේ.. ආශීර්ට මිහාදිගේ වේදනාව හැදින හැකියි හොදින්ම..මන්ද යත් ඒ දිගන්සි නිසාත් ඔහුගේ අතීතය නිසාත් ඔහුගෙත් හද දවනා වේදනාව සුලු පටු නොවෙන නිසයි…

සිත නිදහස් කර ගැනුමට උද්‍යානය වෙත පැමිනි ඔහුගෙ ඇස ගැටුනේ උද්‍යානය කෙලවර වාඩී වී සිටින ඇගේ රුව ඇස ගැටුන නිසයි… ඇයගෙ රුව දුටු විට ඔහිගෙ ගිනි ගෙන දැවුන සිත සුවපත් වී ගියෙ ඔහුට නොදැනීමයි… ගිනි ගන්නා ආශීර්ව නිවිය හැකි මෙලොව සිටින එකම කෙනා ඇය බව මේ මොහොතේ ඔහුට නොවැටුනා.. මන්ද යත් ඔහුගෙ සිතෙහි ඇය නමින් ඇදෙන සිතුවිලි කිසිම විටත් පැහැදිලි නොමැති නිසයි…

” මිහාදී.. “

තමන්ටම ඇගේ නාමය මුමුනා ගනිමින් ආශීර් ඇය වෙත පා එසවූයේ ලා හිනහ රැල්ලක් මුව මත ලැගුම් ගනිද්දියි.. ඒත් ඇය අසලට ගිය ඔහුගෙ සිනහව වියැකී ගියේ ඇය සෙමින් මිමිනූ වදන් වලටයි.. ඒ වදන් වල ගැබ්ව තිබුන වේදනාව..කලකිරීම ඔහුට හදුනා ගැනීම අපහසු වූයේ නෑ… අකුරක් නෑර ඇගෙහි වේදනාව මනාව කැටි වී තිබුනා ඒ සියුමැලි හඩෙහි…

ඔහුගෙ දෑස් ඇය නමින් කදුලක් එකතු වුනේ නමක් නොදන්නා අමුතුම හැගුමන් ගොන්නක් බැද දමමින්…

” ජීවීතේ දිනින විදිය කියලා දුන්න ඔයාම මෙහෙම ප්‍රශ්න වලින් පැනලා ගියාම හරිද.. එතකොට හැමදේම ඉවරද ආ… “

ඇගේ අනවසරෙන්ම ඇය සිටි අසුන මත වාඩී වී කදුලු ගලන ඇගේ දෙකොපුල් පිස දැම්මේ ඒ රලු අතැගිලි ස්පර්ශයෙන් ඇයව තිගැස්සී යන විටයි.. සිරුරෙහි කුඩා අංශුවක් දක්වාම විදුලියක් කොටනවා මෙන් හැගුමක් ඇති වී ගියේ කුලුදුලේම ලැබුනු ඔහුගෙ සියුම් ස්පර්ශය නිසයි..ඒ විටම පෙරදා සිදු වීම රූපරාමූ වී දැස් ඉදිරියේ ජීවමාන වෙද්දි සියුම් ඉකියක් ඇගේ මුවින් පිට වුනේ නොනවත්වා දෙකොපුල් කදුලින් රටා මවද්දියි..

ඇගේ කදුලු බැලිය නොහැකි තැන ඇයව ඔහුගෙ විසල් පපුව මතට කිටි කිටියේ තුරුලු කර ගත්තේ ඇගේ දෑතින් ඔහිගෙ කමිසය සිර වෙද්දි.. පියාගේ ලගින් දැනෙන උණුසුම ඔහුගෙ තුරුලින් දැනනා විට කදුලු පාලනය වීමක් නොව.. තවත් කදුලු කඩා වැටුනේ ඔහුගෙ ගත සීතල කරමින්…

” අඩන්න මිහාදී.. ඔය දුක නැති වෙනකම් අඩන්න..ඒත් ප්‍රශ්න වලින් පැනලා යන්න හිතන්න වත් එපා.. කවදාවත් එහෙම කරන්න එපා..”

දන්නවා නම් ඔහු ඇය තීරනයක් ගෙන ඇති බව.. ඒ තීරනය කිසිම හේතුවකට දැන් වෙනස් කල නොහැකි බව ..අඩුම ඔහුගෙ උණුසුමට වත්… සිත දුර්වල වුවත් ඇය කිසිදා ඇගේ තීරන වෙනස් කරන අයෙකු නොවෙයි..

” ඔයාමයි මට කියුවේ හීනයක් තියන් ඒකට මහන්සි වෙන්න කියලා.. ඉතින් එහෙම කියලා මගේ හිත වෙනස් කරපු ඔයා ඇයි මේ පැරදිලා..”

අද ඔහුට ඇය වැඩිමහල් බවත් අමතක වී ගියා.. ඔහුට දැනුනේ ඇය ඔහුගේ වස්තුවක් බවයි… ඇගේ වේදනාව ඔහුගේ වේදනාව බවයි.. එනිසයි ඇයව ඔහුව විසල් ලය මත හොවා ගත්තේ… පුරිසිදු හැගුමක් මිස අනෙක් කිසිම හැගුමක් ඔහුගෙ සිතෙහි නොතිබූ බව නම් නිසකැයි… කදුලින් තෙත බරිත වූ කොපුල් තලයෙහි උණුසුම ඔහුගෙ සිරුර හිරි වැට්ටුවේ සංසාර ගත හැගුමක සුවදක් ඔවු වටා ඇති කරමින්…

” දැන් ඇති මිහාදි.. ම්ම්.. දැන් ඇති.. ඔයා අඩන්න එපා..මේ දොස්තර නෝනගෙ ඇස් වලට කදුලු ගැලපෙන්නේ නෑ කොහෙත්ම.. කෝ ඉතින්…”

ඔහුම ඇගේ දෑසෙහි කදුලැලි පිස දමමින් පැවසුවේ ඇය ආයාසයෙන් කදුලැලි පාලනේ කර ගනිද්දි.. මිහාදිට ආශීර්ගේ උණුසුමේ දැනුනේ තම පියාගේ උණුසුම පමනයි.. නොසන්සුන් වූ සිතුවිලි ඔහුගෙ සුවද රැදි උණුසුමත් සමග සංසුන් වී ගියත් ඇය ගත් තීරනය ගැනත් ඇය හැඩූ කරුන ගැනත් වචනයක් වත් ආශීර්ට පැවසුවේ නෑ…

ඇගේ නිහඩ බව ඔහුට ගෙන දුන්නේ වේදනාවම්.. ඒ නිසයි ඔහුගෙ සිතෙහි හැගුම් ඇය ඉදිරියේ පවසන්නට සිතුවේ.. දිහංසිගෙ වදන් වලින් පෑරුන සිතින් ලොව සොදුරුම ගැගීම.. ඒත් ආශීර් වෛර කරන හැගීම ගැන කතා කරන්නට සිතුවේ.. ඇගේ සිතෙහි තියෙන හැගුම් වෙනස් කරන්නයි ඔහුට ඇවසි වුනේ…

” ඔයා අඩන්නෙ මොකද කියලා මන් දන්නේ නෑ මිහාදි ඒත් ඔයා නෙමේ අඩන්න ඕනී.. අඩන්න ඕනී මන්.. මට වෙලා තියෙන දේවල්.. නැති වෙලා තියෙන දේවල් එක්ක බැලුවම ඔයාට මොනවද අඩු…”

හ්ම්ම්…..

සුසුමක් හෙලමින් ඔහු පැවසුවේ ඇය කදුලින් තෙමුන දෑස් ඔහු මතට ගෙන යන විට.. එතරම් ඒ ව්දන් වල වේදනාව..කලකිරීම.. මොනවට ගැබ් වී තිබුනා…

” ආශිර්.. ඇ.ඇයි..මොකද්ද වුනේ… ඇයි ඔයා අඩන්නේ ආ..”

අඩන්නේ කිමද නොව..කිමද ඔහු නොහඩන්නේ කියයි ඇසිය යුත්තේ ඇය.. ඔහු තරම් තනිවී ඇති කෙනෙකු මින් පෙර ඇයට මුන නොගැසී ඇති බව නිසකැයි.. දිහංසි විසින් ඒ සිත අන්තෙටම කඩා ඇති බව ඇය දන්නවා නම්..ඇය ඔහුව රවටා ඇති බව දන්නවා නම්.. ඇගේ දෑසින් ඔහු වෙනුවෙන් කදුලු කැට කඩා වැටේවී…

” මන් ඔයාගෙන් දෙයක් අහන්නද මිහාදි.. මට ඔයා ඒ ගැන හිතන දේ කියන්න.. ම්ම්.. දැනෙන හැමදේම කියන්න.. ප්ලීස් ඒක මට උදවුවක් වෙයි.. “

වෙනතක හැරී සිටි ඔහු ඇය දෙසට හැරී ඇගේ දෑත් මත ඔහුගෙ දෑත් තබා ඒ ලා රත් පැහැති සිහින් දෑස් දෙසම බලමින් පැවසුවේ ඇයව මොහොතකට ගොලු කරමින්..

ආශීර්ගේ අලු පැහැති දෑස් ඇගේ දෑස් මතම යා වී ඔහුගෙ ඒ බැල්ම අසල ඇය අතරමං වුනේ ඒ සිතෙහි ඔහු නමින් සැගව තිබෙන විසල් ආදරයෙනුයි… ඒ දෑස් අද හරිම අමුතුයි.. ඒ දෑස් මත ලියවී තිබෙන කතාවෙහි අරුතක ඇයට සිතා ගත නොහැකි වුවත් ඒ අලු ඇස් මත තිබෙනා වේදනාව ඇගේ හද දවාලූවා… ඔහු ඇගේ ආදරය නොදන්නවා වුවත් ඇය පැතුවා මින් වසර 5 කට පෙර සිතම මේ අලු දෑස් මත සැගවී සිටින්නට… ඔහුට ඇගේ දෑස අමතක වුනත් ඇය සෑම මොහොතකම සිත අස්සෙ ඔහුගෙ දෑස් බැල්මන් සගවා තිබුනා…

ඇගෙන් පිලිතුරක් නොඅසාම ඔහු වදන් ඇමිනුවේ ඔහුගෙ දෑස් බැල්ම මොහොතකට හෝ ඉවත් නොකරමින්…

” මට කියන්න ආදරේ කියන්නේ මොකද්ද කියලා.. ඇත්තටම ආදරේ කියන්නේ මොකද්ද මිහාදි.. මට ඒක කියලා දෙන්න..”

සත්‍යම ආදරය.. ඔහු කුමකටද මේ ,මේ මොහොතේ ආදරයක් ගැන විමසන්නේ..ඇයට කිසිවක් සිතා ගන්නට නොහැකි වූවා.. නමුත් පිලිතුරක් දිය යුතුයි ඇය.. ආදරය.. කුමක්ද ඇයඒ ගැන පවසන්නේ… ඒකපාර්ශ්විකව හදවතේ ඔහු නමින් පිරී තිබෙන ආදරයද තමන් පැවසිය යුත්තේ…

ඇය මොහොතක් කල්මරා වදනින් වදන ඇමිනුවේ ඒ සිතෙහි තිබෙන සැබෑ හැගුමනුයි.. ඒත් අවාසනාවකට ආශීර්ට ඇගේ වදන් වලින් ඇගේ සිත හදුනා ගත නොහැකි වූවා.. එසේ එදා ඔහු හදුනා ගත්ත නම් ඒ දෛවයන් කෙතරම් නම් වෙනස් වන්නට තිබුනද.. නමුත් දෛවය යනු දෛවයමයි.. එය වන්නේ එයට ඇවසි ලෙස පමනයි.. අපගෙ සිතැගි ලෙස වූවා නම්… හ්ම්ම්ම්… ඔව් එසේ වූවා නම් බොහෝ දේ වෙනස් වන්නට තිබුනා…

” මං හිතන්නේ ආදරේ කියන්නේ ලබා ගැනීමම නෙමෙයි ආශීර්…
ආදරේ කියන්නේ පරිත්‍යාගයක්…
හදවතින්ම තමන්ට වඩා ආදරේ කරන කෙනෙක්ට දෙන තැග්ගක්…
හිමි වුනත් අහිමි වුනත් ගලාගෙන යන සොදුරු ගංගාවක්…
සමහර වෙලාවට හිමි වෙන්න වරම් අහිමි වුන හරිම ලස්සන හීනයක්..
වෙලාවකට මහ සුලි කුණාටුවක් වගේ.. තවත් වෙලාවක මහ මෝසමක් වගේ ..
මොන රූපෙන් ආවත් ඒක තමයි මේ ලෝකේ තියෙන ලස්සනම හැගීම…
ඒක ඇත්තද බොරුද දන්නේ නෑ… ඒත් මට දැනෙන විදියට ඔව්.. “

ඇගේ වදනින් වදන් ඒ කදුලු වලින් පෙරුන දෑස් සිනහ සෙන අයුරු ඔහු බලා සිටියේ ගල් ගැසී වගෙයි.. ඒ වදන්.. තම හදවතෙහි වේදනාව කෙමෙන් කෙමෙන් සුවපත් කරනවා නොවෙද !.. ඇගේ වදන් වලින් හරි ලස්සනට ආදරය විග්‍රහ කරත් ඇයි දිහංසිට කිසිදා ඔහුගේ ආදරේ තේරුම් ගත නොහැකි වුනේ.. ඇයි ඇය ඔහුගෙ මුදල් වලට පමනක් ආදරය කරේ.. ඇයි ඔහුගෙ හදවතට ආදරය කෙරුමට බැරිව ගියේ.. සෑම කැපකිරීමක්ම ඇය නමින් සිදු කරෙත් ඇගේ ආදරය නිසයි. ඒත් ආදරෙන් බලා ගනිමින් මලක් මෙන් රැකුවාවූ ඔහුගෙ ආදරයට ඇය කිසිදු වටිනාකමක් නොදුන්නා…

දිහංසි වගේ කොතෙරම් දෙනෙක් ආශීර් වගේ ආදරය පිරුනු හදවත් රවටනවා ඇතිද ! … ඒ සිත් කීයක් නම් මේ මොහොත වන විටත් කදුලු බොනවා ඇතිද ! .. තවත් හදවත් කීයක් නම් අංගොඩ මානසික රෝහලේ සයනයක් මත විලාප තියනවා ඇතිද ! .. තවත් කොතෙරම් අය දිවියම අගාදයට දා ගන්නවා ඇතිද !… ආදරය යනු ලොව සොදුරුම බැදීමයි.. ඒ බැදීම සොදුරු ලෙස විදින්න.. එමෙන්ම ආදරය කියන හැගුමත් සමග රාගය කියන හැගීමෙහි වෙනස වටහා ගන්න… එවිට බොහෝමයක් දේවල් ඔබට වැටහේවී… බොහොමයක් දේවල් වෙනස් වේවී…

” ඔව් ඔයා හරි මිහාදි.. ඒත් ආදරේ කියන දේ කොච්චර ලස්සන වුනත් හරි කෙනාට නැතුව වැරදි කෙනෙක්ට ආදරේ කරාමත් ගොඩක් විදවන්න වෙනවා නේද.. ආ ඒක එහෙම නේ.. අපී වැරදි කෙනයි තෝරන් ඉන්නේ කියලා නොදැන කොයි තරම් නම් දේවල් කරනවද ? හැබැයි ඒ ආදරය කියන අකුරු 4 ට රැවටිලා මුලු ජීවීතේම වෙනස් කර ගන්නවා නේද හදිසි තීරන අරන්..”

ඔව් එය නම් සැබෑවක්.. ආදරය ලගදි ගන්න සමහර තීරන අපේ මුලු දිවියම වෙනස් කරනවා.. ආශීර්ට වූවෙත් එයම නොවෙද..

” ම්ම් ඔව් ආශීර්.. ඒත් අපි ආදරේ ලගදි වුනත් සමහර වෙලාවට තීරන ගන්න ඕනී හදවතින් නෙමෙයි හිතෙන්.. එහෙම වුනා නම් ගොඩක් දේවල් වෙනස් වෙනවා..”

එය සත්‍යක්..එදා ආශීර් දිහංසිගේ ඉල්ලීම ලග හදවතින් නොමැතිව මොලෙන් තීරන ගත්තා නම්..

ටික වෙලාවක් ඇගේ වදන් කල්පනා කර ඔහු ඇගෙන් ඉල්ලුවේ ඇය කිසි මොහොතක සිතුව දෙයක් නොවෙයි…

ඔහු ඉල්ලුවේ……………..

━━━━━━━━━💚🖤💚

මොකද්ද ඉල්ලුවේ ආශීර්….

අනේ මගේ අම්මි හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉන්නේ.. පොඩ්ඩයි තමයි ඒ වගේම අද හරි මදිත් ඇති.. මාව තේරුම් ගනී කියලා හිතනවා..

මන් #මේධී 🖤

අද කතාව කොහොමද ?
+1
7
+1
51
+1
9
+1
1
+1
3
+1
0
+1
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here