මගේ දෙවනි මනමාලයා ඔහුයි – 14 කොටස

0
3463

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

14 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆


” චූටී කන පලාගන්න එපා ඔය වගේ බොරු කරලා මේ තාම මාව ගැහෙනවා.. “

අමායා ඒ ටික නම් කිව්වේ සැරෙන්..

අමායා එහෙම කියනවා එක්කම කේෂ් යුමී ලඟට ගිහින් මූනට එබෙන්න යනකොටම කෙල්ල ගිහින් මනුජගේ පිටිපස්සේ හැංගුනා..

” යකූනේ හැංගී මුත්‍තන් කලා ඇතී මිනිස්සූ බලන් ඉන්නවා.. “

එහෙම කිව්වේ 👦 මනුජ…

” චූටී ආයේ කියන්නෙ නෑ ඔය සෙල්ලම නවත්තගන්නවා පොඩි එකෙක් නොවී..”

අමායා ඒ ටික කිව්වේ රවමින්..

යුමී කලේ අක්කට ඇද කර කර හිනා වෙන එක..

මනුජ කලේ කට වහගෙන හිනා වෙන එක..

” මනූ ඔයත් මෙයාගේ මේ වැඩ වලට උල්පන්දම් දෙන්න.. “

අමායා රව රව කියනකොට යුමීගේ කර වටෙන් අත දාලා මනුජ කිව්වේ..

” එකෙන්ම ඉතින් මගේ නංගිට මං උදව් කරනවා.. නේ ද නංගා.. “

” නංගී නිසා අයියට ගුටි කන්න වෙනවා ලඟදිම.. “

අමායා එහෙම කිව්වේ බොරුවට රවමින්..

” මෙන්න පේනවනේ අයියලා.. ඒකට අපේ අක්කා ඉන්නවා මෙලෝ රහක් නෑ. “

යුමී එහෙම කිව්වේ අමායාව තව ටිකක් අවුස්සන්න හිතාගෙන…

මනුජ අමායාගේත් අතින් අල්ලන් ලඟට ගත්තේ ආදරෙන්..

” ඔහොම දෙන්නව දෙපැත්තේ තියාගෙන හිටපන් ෆොටෝ එකක් ගන්න.. පලවෙනි ෆ්ලයි එකනේ .. “

කේෂ් එහෙම කියලා තුන් දෙනාගේ ෆොටො එකක් ගත්තේ හිනැහෙමින්..

” කේෂ් ඔයත් එන්න හතර දෙනාම ගමූ.. “

අමායා එහෙම කිව්ව නිසා කේෂ් සෙල්ෆී කිහිපයක් ගත්තේ හිනැහෙමින්..

ඒත් එක්කම එතනට ආවේ ඩිශාන්..

” ආ මිස්ටර් ඩිශාන් පොඩි හෙල්ප් එකක් කරනවද.. “

” මොකක්ද මිස්ටර් නිකේෂ් .. “

” අපි හතර දෙනාගේ 4ටෝ එකක් ගන්නවද.. “

” ඕකේ ශුවර්.. “

ඩිශාන් එහෙම කියලා කේෂ් ගේ ෆෝන් එක ගත්තේ බොරු හිනාවක් මූනේ තියාගෙන..

කේෂ් ඩිශාන්ට ෆෝන් එක දීලා ගියේ යුමී ලඟට.. මනුජ අමායගේ කරට අත දාගෙන හිටිය නිසා කේෂ් යුමීගේ කරට අත දාලා තමන් ලඟට ලං කරගත්තේ අනවසරයෙන් මයි..

ඒකට කේන්තී ගිය කෙල්ල කරන්න හැදුවේ එතනින් අයින් වෙන එක.. ඒත් කේෂ් ගේ හැඩි දැඩි අත එක්ක යුමීට හෙලවෙන්නවත් වුනේ නෑ..

ඒ ඉරියව් වලින් ෆොටෝ කීපයක්ම ගත්ත ඩිශාන් සමු ගත්තේ හිතේ ලොකු ප්ලෑන් එකක් තියාගෙන..

ඒත් එක්කම මැලේශියා වලට එනවුන්ස්මන්ට් එක දුන්න නිසා ඔක්කොමලා ෆ්ලයිට් එකට යන්න ලැස්තී වුනේ සතුටින්..

ඔය අතර යුමී හිටියේ දරාගන්න බැරි ඔලුවෙ කැක්කුමකින්.. ඒත් විඳගෙන ආවේ ඒක කියලා අක්කව කලබල කරන්න බැරි නිසා..

බිස්නස් ක්ලාස් බුක් කරලා තිබුන නිසා අමායා මනුජ ලඟත් යුමී කේෂ් ලඟත් ඉඳගත්තේ අංක හම්බෙලා තිබ්බ විදියට..

යුමී මීට කලින් මෙහෙම නොගියත් කෙල්ලට දැනුනේ නෑ ඒ ආගන්තුක බව..

කේෂ් ජනේලේ අයිනේ ඉඳගෙන හිටිය නිසා කෙල්ලට එලිය බලන්න ආස වුනත් ඒක කරගන්න බැරි වුනා..

” කොහොමද මම දැන් මේ #ඩම්බෝට කියන්නේ මෙතන ඕනේ කියලා.. “

කෙල්ල හිත හිත හිටියේ කොහොමද කියන්නේ කියලා..

” මේ මේ අයියේ.. “

අයියේ කියනකොටම කොල්ලා දැන ගත්තා මොකක් හරි ඕනවෙලා තමයි කියලා..

” මොකද.. ? “

කේෂ් එහෙම ඇහුවේ ටිකක් තදින් ..

” මේ මේ.. මට.. “

” ඔව් ඔයාට ඉතින්.. “

කේෂ් එක ඇහැක් උස්සලා අහපු විදියට යුමීව ගැස්සිලා ගියා..

” නෑ නෑ මුකුත් නෑ .. “

එහෙම කියලා කෙල්ල .. ඇස් දෙක පියාගෙන.. ශීට් එකට හේත්තු වුණා. .

” #කූනිච්චී ඒයි.. “

කෙල්ල නෙවේ ඇහැක් ඇරලා බැලුවේ ..

” යුමි .. “

අන්න එහෙම කියන්නකො එහෙම හිතමින් කෙල්ල එක ඇහැක් ඇරලා කේෂ් දිහා බැලුවා..

” ඇයි.. 😏 “

” එන්න මෙතනට… “

කිව්ව ගමන් කෙල්ල නැගිට්ටේ හීයක වේගෙන්..

” තියන ලොකු කමට ඒක කිව්වේ නෑ.. මැට්ටී.. “

කේෂ් එහෙම කියලා හීනියට ටොක්කක් ඇන්නේ යුමීට..

” තැන්කිව් අයියා.. “

” තැන්කිව් විතරක් මදී.. “

” 😱 ඈ එහෙනම්.. “

” මුකුත් නෑ.. “

පැය ගානකට පස්සේ මැලේශියා වලට ෆ්ලයිට් එක ලෑන්ඩ් කරනකොට හැමෝම හිටියේ තෙහෙට්ටුවෙන්..

කේෂ් බුක් කරලා තිබ්බේ කේල් වල ශැන්ග්‍රිලා හොටෙල් එක.. සුපිරි හොටෙල් එකක් වුන නිසා හැම සැප පහසුකමක් ම තිබුනා..

එතනට ගියාට පස්සේ යුමීට වුනත් ඇඟට දැනුනේ අමුතුම සහනයක්..

කාමර තුනක් බුක් කරලා තිබුන නිසා ඔක්කොමලා තමන්ගේ කාමර වලට ගියා…

යුමී ගිය ගමන් කලේ හොට් වෝටර් එකකින් නා ගත්ත එක.. සැහැල්ලූ ඇඳුමක් දාගත්ත කෙල්ල ඇඳට වැටුන ගමන් නින්ද ගියේ ඔලුවට දැඩි වේදනාවක් දැනුන නිසා…

ඔය අතර කේෂ් හිටියේ බියර් එකක් බොන ගමන් කාමරේට වෙලා..

අමායාත් මනුජත් ඔවුන්ගේ ලෝක වල තනි වුනේ ඒ රැය ඔවුන්ගේ කරගනිමින්…

කේෂ්ට ආව ශනික සිතුවිල්ලක් නිසා එලියට ඇවිත් යුමීගේ කාමරේට තට්ටූ කලේ කෙල්ල එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන..

ඒත් දෙතුන් පාරක් කතා කරලත්, කෝල් කරලත් කෙල්ල නැති නිසා කොල්ලා පල්ලේහා රිසෙප්ශන් එකෙන් ඩෝ කී එකක් ගෙන්න ගත්තේ කලබලෙන්..

පිරිටන් එකක් බීලා නිදා ගත්ත කෙල්ලට නින්ද ගියේ මැරුනා හා සමානව..

” මොකද දන්නේ නෑ මූනත් මැලවිලා තිබ්බේ.. අහන්නත් බෑ යක්ශනී වගේනේ.. ඕනේ මගුලක් වෙන්න ඇරලා බලනවා.. “

කේෂ් දොර ඇරගෙන ඇතුලට යනකොටම දැක්කේ කෙල්ල ලොකූ ශීට් එකත් පෙරවගෙන නිදාගෙන ඉන්නවා.. ගුලි වෙලා .. හරියට නිකන් හා පැටියෙක් වගේ..

” හම්මීයෝ මේ #කූනිච්චී කරන වැඩ.. මෙතන සැපට නිදී.. “

එහෙම හිතලා කොල්ලා ගිහින් කෙල්ලගේ ඇඳෙන් වාඩි වුනේ කැලබුන සිතින්..

එහෙම්ම කෙල්ලගේ නලලට අත තියලා බැලුවේ කෙල්ලට අසනීපයක්වත් ද කියලා..

ලා රස්නයක් තිබ්බ නිසා කොල්ලට තේරුනා කෙල්ල ඉන්නේ ඔලුවේ කැක්කුමෙන් කියලා..

පොඩි ඩේබල් එක උඩ තිබ්බ පිරිටන් දැක්කම කේෂ්ට හිතුනා කෙල්ලට නින්ද යන්න ඇත්තේ ඒකයි කියලා..

කෙල්ලගේ උස් පහත් වෙන ලමැද කියා පෑවේ කෙල්ලට හොදටම නින්ද ගිහින් බව…

එහෙම්ම කෙල්ලගේ මූනට ලං වුන කේෂ් යුමීගේ නලල සිප ගන්නේ ආදරෙන් ..

” මට ඕනේ මේ දඟ කෙල්ල.. ඔව් මේ කේෂ් උඹට ආදරෙයි බං මහා ගොඩක්.. ඉක්මනින් මගේ #කූනිච්චිට ඒක මම කියනවා.. “

කොල්ල හීමීට මිමිනුවේ යුමීගේ මූන දිහා බලාගෙන..

එහෙම කියලා ආයෙම පාරක් කෙල්ලගේ නලල ඉබලා කොල්ලා තව ටිකක් කෙල්ලව පොරවලා එතනින් යන්නේ හෙට තියන වැඩේ නිසා නිදා ගන්න..

යුමී උදෙ පාන්දර ඇහැරෙන්නේ ගතට දැනුන සීතල නිසා..

ඒත් එක්කම කෙල්ල බැලුවේ.. වේලාව දිහා..

” බුදු අම්මෝ හතයි වෙලාව.. අට වෙනකොට ප්‍රසන්ටේෂන් එකට යන්න ඕනි. . මල මඟුලයි ශාන්ත.. මට නින්ද ගියානේ හත්තිලව්වේ.. අර ගෝතයා දැන් කෑ ගහයි.. වෙලාවට වැඩ කරනවනේ භූතස්… “

යුමි එහෙම කියව කියව කෙලින්ම ගියේ නාන කාමරයට…

හොට් වෝටර් වලින්ම නෑව කෙල්ල ඇන්දේ අම්මා දාලා තියන බ්ලැක් කලර් එකට සිල්ව මික්ස් වෙච්ච සාරිය.. විනාඩි 45 වෙනකොට කෙල්ලට පුලුවන් වුනා ලස්සනට ඇඳගෙන පල්ලෙහාට යන්න..

යනකොටත් කේෂ් පල්ලේහාට වෙලා ටී එකක් බොනවා ඉදගෙන කකුලක් පිට කකුලක් දාගෙන ලැප් එක දිහා බලාගෙන …

ඈත තියාම කේෂ්ව දැක්ක කෙල්ල ගැස්සිලා ගියේ කේෂ් ගේ කඩවසම් බව දැකලා..

සුදු කලිසමට කලු ශර්ට් එක අත වැලමිට ලඟට නවලා.. ඇඳලා කොන්ඩේ ගානට වැක්ස් කරලා.. කලු ටයි එකට සුදු මික්ස් වෙච්ච , ලූස් එකට ටයි ගැටේ දාලා.. රැවුල ගානට ශෙප් කරලා.. ඉන්න කේෂ්ගේ යුමී දැක්කේ පුදුම කඩවසම් බවක්..

ඒ නිසාමයි කෙල්ල ඈත ඉඳන් ටික වෙලාවක් බලන් හිටියේ..

එ දිහා බලාගෙන ඉදලා කෙල්ල ඉක්මනට ආවේ කේෂ් ඉන්න තැනට..

” ටී එක බීලා කාලා ඉක්මනට ලෑස්ති වෙන්න යුමී යන්න.. “

යුමී දිහාවත් නොබලා කේෂ් කිව්වම නම් කෙල්ලව ගැස්සිලා ගියා.. ඇයි යකෝ ආවා විතරයි බලන්නෙවත් නැතුව කොහොමද අඳුරගත්තේ කියලා…

” ම්ම්.. “

කෙල්ල වැඩිය මුකුත් නොකියා එතනින් ඉදගෙන කන්න පටන් ගත්ත…

” මිස්ටර් නිකේෂ් “

” අනේ හලෝ බොරුවට ඔය මිස්ටර් කෑල්ල දාන්න එපා.. නිකම්ම නිකේෂ් කියනවා . . “

” හරි මොකක් හරි… “

” ම්ම්.. කියන්න.. “

” අක්කීලා ආවේ නැත්ද පහලට.. “

” උන්ට මහන්සී ඇතී..”

කේෂ් එහෙම කිව්වෙනම් යුමී දිහා බලලා ඇහැකුත් ගහලා…

යුමී ඇඳලා ඉන්න විදිය දැක්කම කේෂ් ගේ හිතේ යුමී ගැන තියන ආදරේ තවත් වැඩි වෙනවා…

” ම්ම්… මම හරී .. යමුද.. “

” ඕකේ.. එතන ගිහින් කරන්න ඕනේ ටික ඕකේ නේද.. හරියට ප්‍රසන්ටේශන් එක කලොත් මේක අපිට ලැබෙනවා සයුමී අනිවාර්යෙන්ම… ඒ නිසා සීරියස් මේ වැඩේ කරන්න.. “

කෙල්ල මුකුත් නොකියා හිස වැනුවේ කේෂ් කියන දේ ඇත්ත නිසා..

එලියට යන්න යනකොටම කෙල්ලගේ හීල් එක පෙරලිලා වැටෙන්න යනවා එක්කම කේෂ් අල්ල ගන්නේ යුමීගේ බඳ වටෙන් අත දාලා..

එහෙම්ම යුමීගේ ඇස් කේෂ්ගේ ඇස් එක්ක පැටලෙන්නේ නොහිතුව මොහොතක…

ඔය අතරේ ඒක කැමරාවක සටහන් වෙන්නේ මේ අපූරු යුවලක් විදිහට ලස්සනට..

” වාව් කේෂ් එක පට්ට… මේ.. “

එහෙම කියාගෙන එතනට ඒන්නේ මනුජ…

ඒත් එක්කම යුමීගෙන් අයින් වෙන කේෂ් වගේම යුමිත් කලබලෙන්..

” අපි යන්න හැදුවේ මචං… “

” හරි හරි පලයං ආවම අල්ලගන්නම්.. “

මනුජ එහෙම කිව්වේ හිනැහෙමින්…

“පලයන් යන්න උලමා උඹව තමයි අල්ලගන්න ඕන කෝමද ඊයෙ රෑ.. 😉😉😉”

” ආවම කතා කරමුකෝ… දැන් අපේ නැනවත් එක්කං පරිස්සමින් පලයන්..”

” හරි එල අපි කැපුනා.. “

කේෂ් ලා ආවේ යෙලෝ කියන කම්පැනි එකට කාර් එකේ.

කාර් එකේ එන ගමන් දෙන්නම කිසිම කතාවක් තිබුනේ නෑ..

කාර් එකෙන් බැහැල එන මේ ජෝඩුව දිහා හැමෝම බැලුවේ ඒ තරම් ලස්සන නිසා..

මොකද දෙන්නගේ ඇඳුම් පවා හරිම ලස්සනට මැච් වෙලා තිබුනා..

ඉතින් එතන ලොකු ලොකු කම්පැනි ගනනාවක් ඇවිල්ලා තිබුනත් එතන හොදම ප්‍රසන්ටේශන් එක යුමී ඉදිරිපත් කරපූ නිසා , කේෂ්ට වගේම යුමීට ඒ ඩීල් එක ලැබෙන්නේ අත උඩින්..

ඩිශාන් ආවත් ඒක ගන්න බැරි වුන එකට හිටියේ කේන්තියෙන්.. ඊට වඩා ඔහු ගේ හිතේ තිබුනේ කේෂ් යුමී එක්කම ඉන්න තරහා..

හැමෝම යනකොට එතන ඉතුරු වුනේ කේෂ් යුමී වගේම ඩිශාන්..

” එහෙනම් මිස්ටර් ඩිශාන් ලංකාවේදි හම්බෙමූ .. අනිත් ඩීල් එක ගැන කතා කරන්න.. “

” ඕකේ ශුවර් මිස්ටර් නිකේෂ් .. “

” එහෙනම් අපි යනවා.. “

” ඕකේ මිස්ටර් නිකේෂ්.. මාත් අදම ලංකාවට යනවා.. හම්බෙමු.. “

ඩිශාන් එහෙම කියලා එතනින් ගියේ යුමී දිහා අමුතු බැල්මක් දාලා..

යන්න ගිය ඩිශාන් නැවතිලා යුමී දිහාවට හැරිලා..

” ආ මිස් සයුමී බෙස්ට් ඔයාගේ ප්‍රසන්ටේශන් එක.. ගුඩ් ලක්.. “

ඩිශාන් එහෙම කිව්වේ යුමී දිහා එක එල්ලේ බලන ගමන්. .

” තැන්කිව් මිස්ටර් ඩිශාන්… “

යුමී එහෙම කියලා අහක බලාගත්තේ ඩිශාන් ඒ බලන විදිය ඇල්ලුවේ නැති නිසා..

” මැඩම් යමුද.. “

එහෙම ඇහුව්වේ කේෂ් යුමී දිහා බලන ගමන්..

” ම්ම්.. “

කොච්චර මොන දේ වුනත් යුමී හිටියේ ඔලුවේ කැක්කුමෙන්..

” සයුමි.. “

කේෂ් ටිකක් බැරැරුම් විදියට ඒක කිව්වේ..

” කියන්න අයියා.. “

කොල්ලට හිනාවක් ගියේ කෙල්ල අයියා කිව්ව විදියට…

” මෙහෙමයි සයුමී අපිට මේ ලැබුන ඩීල් එක ගොඩක් ලොකූ එකක්.. ඉතින් වෙනදට වඩා ගොඩක් වැඩ කරන්න වෙනවා… ඒකට අපේ කම්පැනිස් දෙකටම එකතුවෙලා තමයි වැඩ කරන්න වෙන්නෙ .. ඉතින් මේ වැඩේ හොදටම කරන්න පුලුවන් වෙයි කියලා මම හිතනවා.. මොකද ඔයාලගේ අම්මාගේ අදහස් වුනත් පට්ට.. ලොකු දෙයක් කරන්න පුලුවන් ඉස්සරහට.. ඒ නිසා වගකීමෙන් වැඩ කරන්න නංගී.. “

කේෂ් ඒ ටික කිව්වම කෙල්ලගෙ හිතටම ඒ ටික දැනුනා… .

” ම්ම්ම්.. හරි අයියා.. කොලිටිම බඩු අපි දෙන්න බලන්න ඕනේ.. “

” එක හරි.. මොකද ලංකාවේ වගේ නෙවේ මෙහේ කම්පැනි වල නූල් කෑල්ල පවා බලනවා.. හරිම පරිස්සමෙන් අපි මේ වැඩේ කරන්න ඕනේ.. ඔය ඕඩර් එක හරියටම අපි කලොත් අනිත් ඕඩර් නිකන්ම අපිට එන්නේ.. ඒක නවත්තන්න බෑ කාටවත්.. ඔයා අම්මාගේ මේ කම්පැනි එක උඩටම ගන්න ඕනේ.. ඔයා ටැලන්ටඩ් ගොඩක් ඒ නිසා මම හිතනවා ඔයාට ඒක එහෙම කරන්න පුලුවන් කියලා.. “

” ම්ම් හරි අයියා.. “

” මොකෝ නිකන් මැලවිලා ගිහින් සයුමි මොකක් හරි අසනීපයක්ද.. “

යුමී වැඩිය කතා නොකරන නිසාත්.. මූනත් එක්ක වෙනස් වෙලා නිසයි කොල්ලා එහෙම ඇහුව්වේ..

” ඔලුව ටිකක් රිදෙනවා අයියා ඒක හරියයි.. “

” ම්ම්.. බෙහෙත් ගමූ ඕනේ නම්.. “

” ඕනේ නෑ අයියා.. “

කෙල්ල එහෙම කියලා කාර් එකේ දොරට හේත්තු වුනේ ඇස් වහගෙන..

” වැඩේ නම් ඉවරයි සයුමී.. මොකද ඔයා කරන්නේ ෆ්ලයිට් දාන්න ඕනේ කවදටද? මට තව වැඩක් තියනවා හෙට ඒකත් කරලා මම යන්නේ ඔයා මොකද කරන්නේ.. ඕනේ නම් ආව එකේ ඇවිදල කරලා යන්නත් පුලුවන් ඔයා තීරණය කරන්න ඕනේ.. ?? “

කේෂ් කතා කලේ හරිම සන්සුන්ව..

” ම්ම්…. මම හිතන්නේ යන්න

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 මොකද කියන්නේ ලමයි යුමී යයිද ?


👉ලස්සන කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා වස්තුලා හිතට දැනෙන දේ වචන දෙක තුනකින් කොටාගෙනම යන්නකෝ.. ආදරෙයි…




~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

යුමී… 💛💛💛

දඟකාරකම් පාන නුඹ හට
නොතේරෙයි බරපතළ කිසිවක… 😒😒😒
කොයිවෙලෙත් කියවන නුඹේ කට
පැටලෙන්නෙ රණ්ඩුවක හැමවිට… 🤨🤨🤨
මගේ සිත ආදරෙද නුඹ හට
නොතේරෙයි කිසි දෙයක් හරියට… 😑😑😑
නුඹ ගැනම වද වෙන මගේ සිත
නිතර එන්නේ නුඹේ පසුපස… 😘😘😘
තරහා වී නයි මුගටි විලසට
හැසිරුණත් අප දෙන්නා මේ ලෙස… 😁😁😁
දවයි හදවත නිතරෝම අද
කියාගන්නට බැරිව මගෙ පෙම… 😌😌😌

කේශ්… 💜️💜️💜️

( Dilakshani Chamodya තැන්කිව් මැනික මේ කමෙන්ට් එක දැක්කම ඇස් වලට කඳුලු ආවා .. ඒ තරම් සතුටක් දැනුනේ… මේ ඔයාලාගේ ආදරේ ඉතිම් .. ඒ ආදරේට ආදරෙයි දෙකට තුනට පැලෙන්නම… මේ වචන දැක්කම ලියන්න තවත් ශක්තියක් එනවා.. ගොඩක් පිං මහන්සීයට මේ විදියේ වටිනාකමක් දෙනවට… )

යුමීගෙන්
~~~~~~~~
පියා නොමැති දිනයේ සිට දුක් ව්දලා
අපි දැඩ් කලේ අම්මා පාගා මැෂිම
දිව රෑ නොබලා ඇය අප වෙනුවෙන් වෙහෙසිලා
ගොඩ නැගු දේ එක සැනකින් නැති කරන්න මට බෑනේ

තිබුනත් හිතේ ඔහු සමගින් අමනාප
යන්නට වේනව ඔහු සමගින් දුර රටක
හිත මගේ කිව මුත් යන්නට බෑම කියා
කොහොමද දෙව්යනේ මා වන සන්නේ අම්මාගේ සතුට

නෑ මගේ හිතට පොඩ්ඩක් වත් බය එන්නේ
නපුරු වුවත් මා රකිනා බව දන්නේ
පොජේට් එකේ වැඩ හින්දයි අද යන්නේ
මටනම් නැත්තම් මේ ඩම්බෝ පෙන්නන්නට බෑනේ
ලොකු කම හිස් මුදුනේනේ තියේන්නේ

සැරින් සැරේ පොඩි හිසේ කැක්කුමක් එන්නේ
ඉවසන්නට බැරි ව්ලායි නවතින්නේ
කාටද අනේ මා මේ ලෙඩ පවසන්නේ
අම්මා ලග හිටියනම් කියලා හිතේන්නේ

හිනහුනමුත් ලොකෙට පෙනෙන්නට
හදවත පත්ලේ මහ දුකකුයි තියෙන්නේ
කොහොමද අක්කේ මා එය පවසන්නේ
හිතට දැනේන දුක මෙහෙමයි පවසන්නේ

මතකද අක්කේ අපි දෙන්නා පෙර දිනයේ
ඇති දැඩි වුනා මවුගේ ඇකයේ
කිසිද නොමැත අපි තරහෙන් පසු වුයේ
ඒ තරමට අපි දෙන්නා එකමුතුනේ

මාල හතක් ඔබේ ගෙල අද පලදලා
හිර හද දෙක සිරසේ රදවාලා
පොරු මස්තකය උඩ දෑගිලි එක් කරලා
ඔබ අද නික්ම යන්නේ සනුහරේ අභිමන් රැකලා

ඔබ අද නික්මිලා අපගෙන් යනේන ව්ට
මගේ හදවත මට වාවනු බැරි වාය
කොහොමද ඉන්නේ ඔබ නැති ගේ මා තනි ව්
නුබ ගිය පසු අමු සොහොනකි මුලු ගේම

සතුටක් එනවා හද පත්ලෙම්ම මට
පියත් නොමැති අපි හැදුවා අම්මාට
යුතුකම් ඉටු කලා ඔබ නිසියාකර
අද ඇගේ සතුට ඔබේ දෙනෙතින් දුටුවාද

යන්න අක්කේ අපේ ආසිරි රැගෙන ඔයා
යුග දිව් අරභන්න සතුටින් හිනා වේලා
හෙට දින ලොව ඇති උතුම්ම පදව්ය ලබලා
වැජඹේවා ඔබ මුලු ලොව දිනලා

අයියට අවනතව හැමදා ඉන්න
දෑගිලි එක් කලා සේම මිය යන තුරු ඉන්න
සාමය සතුට ඔබේ කැදෑල්ලේ වෙන්න රජ
පතනවා නගි හදවතින්ම එක පැතුමක්

සතුට සමගිය නිතරම රැදෙවා
ලොව ඇති උතුම් පදව්ය ලැබේවා
තව තව කැදෑල්ලේ සෙනෙහස රැදේවා
ඔබ තව එක් පතිනියක් ලෙස ලොව බැබේලේවා…..

👉Saduni Mal Kumari Pathiranage අක්කීගෙන් මේ කමෙන්ට් එක නැත්නම් කෑවේ නෑ වගේ ඉතිම්… ඒ තරම් බලන් ඉන්නවා මන්… ආදරෙයි අක්කී…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


• හමුවෙමු තවත් කොටසකින්


#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

~~~~~~~~~~~~~~~

අද කතාව කොහොමද ?
+1
4
+1
122
+1
12
+1
4
+1
0
+1
0
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here