මගේ දෙවනි මනමාලයා ඔහුයි – 15 කොටස

31
3394

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

15 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

” වැඩේ නම් ඉවරයි සයුමී.. මොකද ඔයා කරන්නේ ෆ්ලයිට් දාන්න ඕනේ කවදටද? මට තව වැඩක් තියනවා හෙට ඒකත් කරලා මම යන්නේ ඔයා මොකද කරන්නේ.. ඕනේ නම් ආව එකේ ඇවිදල කරලා යන්නත් පුලුවන් ඔයා තීරණය කරන්න ඕනේ.. ?? “

කේෂ් කතා කලේ හරිම සන්සුන්ව..

” ම්ම්…. මම හිතන්නේ යන්න ඕනේ අම්මීත් තනියමනේ.. දන්නේ නෑ ඉතින් අක්කී කියන දෙයක් තමා.. “

එහෙම කියලා කෙල්ල එහෙම්ම කාර් එකේ දොරට හේත්තු වුනේ ඔලුවේ කැක්කුම වැඩි නිසා..

හොටෙල් එකට එනකන්ම කෙල්ලට නින්ද ගිය නිසා කේෂ් වැඩිය කෙල්ලට කතා කරන්න ගියෙත් නෑ..

” සයුමී අපි ආවා… “

කෙල්ල ගැස්සිලා නැගිට්ටේ කේෂ් ගේ කටහඬට…

” ම්ම්ම්.. “

එහෙම කියලා බැහැපු කෙල්ල හොටෙල් එකට ආවේ හිමින්..

කෙල්ලගෙ පස්සෙන් කේෂ් ආවේ රූම් එකට යන්න හිතාගෙන..

ඒත් එක්කම ඉස්සරහට ආවේ මනුජ එක්ක අමා..

” චූටී මොකද මූන මැලවිලා.. “

එහෙම ඇහුව්වේ අමා..

” මුකුත් නෑ අක්කා මහන්සී.. “

කෙල්ල ගිහින් අමායාගේ පිටිපස්සෙන් බදාගත්තේ ආදරෙන්..

” අද දවසෙන් බාගයක් ගියානේ බන් මේ වැඩේට.. අපිට වැඩේ හම්බුනා.. “

” අම්මට කේෂ් ඒක සමරන්න ඕනේ ඉතින්. . අපි යමූ එලියට අද.. “

එහෙම කිව්වේ මනුජ..

” අක්කී මම අද යන්නම්.. “

” ඇයි චූටී හදිස්සීයේ යන්න හදන්නේ.. ඉන්නකෝ අනික අම්මී කිව්වා ඔයාව තනියම එවන්න එපා කියලා.. “

” නෑ අක්කී අම්මී තනියම.. අනික ඔයලටත් කරදරයිනේ. “

යුමී එහෙම කිව්වේ අමායා ලඟින් ඈත් වෙන ගමන්..

” අනේ නෑනො තෝව වඩන් ඉන්නවනේ අපී.. “

මනුජ කිව්වේ යුමීට රවන ගමන් ..

” ඒකනේ නංගා ඉඳලා අපී එක්කම යමු.. “

” ම්ම්.. බලමු.. මන් චේන්ජ් කරන් එන්නම් එහෙනම්… මහන්සී.. “

යුමී යන්න යනකොටම..

” සයුමි .. “

ඒ කේෂ්..

” එක පාරට යන්න ඕනේ කියන්න එපා.. එහෙම යන්න මේ කොලඹ යන ගමනක් නෙවේ.. ඒ නිසා කලින් කියනවා.. “

කේෂ් හරියට අහස වගේ ඇයි යකො මේ හොදට කතා කරනවා ආයේ නෑ. .

” හරී හරී.. එහෙම බෑ කියලා දන්නවා . . මෙයාගේ මේ ගෑස් බල බල ඉන්නවට වඩා හොදයි අක්කා මම යන එක.. “

එහෙම කියලා යුමී යන්න ගියේ ඔක්කොටම ගස්සගෙන..

” මොකක්ද බන් උබලා දෙන්නගේ ඔය පරන කෝන්තරේ.. අනේ මන්දා කොයි වෙලෙත් ඇවිලුන ගමන්.. “

” උබලාගේ නෑනටනේ මට නෙවේ . . මන් යනවා චේන්ජ් කරගන්න.. උබලා මොකද කරන්නේ. . “

” අපි මේ යන්න කියලා බන් හැදුවේ පොඩ්ඩක් ඇවිදින්න.. උබලත් නැති නිසා .. ඒත් දැන් උබලා ආවනේ.. චේන්ජ් කරන් වරෙන් පොඩ්ඩක් යන්න එලියට.. “

” අර ඔයාගේ උදුම්බරා දේවී නංගී ගැන ටිකක් බලනවා අමා ඔලුවේ කැක්කුමයි කිව්වා.. “

එහෙම කියලා කේෂ් එතනින් ගියේ විදුලි වේගයෙන්…

” මූ නම් යකෝ . “

මනුජ එහෙම කියලා අත් දෙක ඉනට තියාගෙන බැලුවේ කේෂ් ගිය දිහා..

ඔය අතර කාමරේට ගිය යුමී ඇඳට වැටෙන්නේ ඇඳුමවත් මාරු නොකර..

කාමරේ දොර බාගෙට වැහෙන්නේ යුමී නොදැනුවත්වයි…

ඒත් එක්කම රූම් එකට යන්න ගිය කේෂ් දකින්නේ සාරිය ඇඳගෙන නිදාගෙන ඉන්න යුමීව.. සාරිය නිසා යුමීගේ බඩ නිරාවරනය වෙලා තියනවා දැක්ක කේෂ්ට කේන්ති යන්නේ ශනිකවමයි..

ඒ තරහින්ම කොල්ලා ගිහින්..

යුමීගෙ අතින් ඇදලා අරන් කට ලඟින් මූන අල්ලා..

සාරියේ පොටින් බඩ වහලා..

මූන මිරිකුවේ කේන්තියෙන්..


” මිනිහාට පෙන්නන්න ඕනේ එවා ඔහොම එලියේ දාගෙන දොර ඇරගෙන ඉන්නේ තමුසෙට පිස්සුද.. මතක තියාගනිං හැදියං කෙල්ලෙක් වගේ… “

එහෙම කියලා කෙල්ලව ඇඳට තල්ලූ කරලා දාලා ගියේ යුමී මුකුත් කියන්නට මත්තෙන් ..

” ආව් මේ ගස් නරියා මොකක් ද ඒ කිව්වේ .. ඇයි යකෝ.. මගේ කටත් රිදෙනෝ.. ඔලුව රිදෙනවා මදිවට.. ශෑ.. “

ඒත් එක්කම දොරට ගහන හඬ නිසා කෙල්ල හිතින් බැන බැනම බැලුවේ කව්ද කියලා..

” චූටී මේ දොර අරින්න.. “

ඇවිල්ලා හිටියේ අමායා එක්ක මනුජ..

” එන්න අයියා . .”

” මොකෝ නිකන් මූන චූටී.. අසනීපයක්ද.. “

” අසනීපයක් නෙවේ අර මී හරකා කට මිරිකලා ගියා වේදනයි කියන්න ද අයියට.. “

කෙල්ල හිත හිත ඉන්නකොට පියවී සිහියට ආවෙ අමායගේ හඬින්…

” චූටී මොකද මේ ඇදුමවත් මාරු කරල නෑ… “
” මන් මේ මාරු කරන්න හදනකොට තමා ඔයාලා ආවේ.. “

” මොකද නැනෝ ඔය සාරි පොටත් ඔහොම ගහගෙන නැටුමක් නටන්නද.. “

මනුජ කිව්වේ කේෂ් සාරි පොට ඉනට ගහලා ගිය විදියටම එහෙම තිබුන නිසා…

” ආ මේ නිකන්.. ඇයි දැන් ඔය දෙන්නා මට වද දෙන්න ආවේ ඇයි යකෝ හනීමූන් ආවනම් පලයම්කො යන්න… “

යුමී එහෙම කිව්වේ බොරුවට රවමින්..

” අක්කන්ඩිට කියාන් නම්කී.. මෙයාට නංගිලා එක්ක ඇවිදින්න ඕනෙලූ.. “

” ආපොයී මේන් වැන්දා.. කතා කරන්න එපා මන් එලියටවත් බහින්නේ නෑ අද නිදාගන්නවා.. “

” අනේ චුටී.. “

” අනේ පනේ නෙවෙ අක්කා.. මට බෑ..”

” අනෙ යමන්කෝ නෑනෝ.. “

” අද බෑ හෙට යමූ.. දැන් ඔයාලා යන්න.. “

” මේකීගේ මුරන්ඩු කම.. හාකෝ හාකෝ.. අපි යමූ සුදු නෝනා.. “

එහෙම කියලා අමායාගේ කරට අත දාගත්තේ මනුජ..

” චූටි පරිස්සමෙන් ඉන්නවා හොදේ.. කන්න මොනා හරී ගෙන්න ගන්න කාමරේට.. අනික තනියම කොහෙවත් යන්න එපා.. අපි මෙහේ ගැන කිසිම දෙයක් දන්නේ නෑනේ.. “

උපදෙස් ගොඩක් අමායා යුමීට දුන්නේ අම්මා හා සමානවයි…

” හරි හරි දැන් යන්නකෝ ඔයාලා.. “

” යමුද මැඩම් ඔක්කොම කියලා ඉවරනම්… “

එහෙම කිව්ව මනුජට තරවටු බැල්මක් හෙලුවේ අමායා ආදරෙන්…

අක්කලා ගියාට පස්සේ දොර වහගෙන කෙල්ල නාන්න ගත්තේ හිතට වගේම ගතටත් වෙහෙසක් දැනුන නිසා..

” කේෂ් උබ එනවද යන්න. . “

” මට බෑ බන් … හෙට ප්‍රොජෙක්ට් එකේ ඩිටේල් හදන්න තියනවා.. උබලා පලයල්ලා.. “

කොල්ලට ඕනේ වුනේ තනි වෙන්න..

” හා හා උඹලා දෙන්නම හිටහල්ලා.. “
එහෙම කියලා මනුජ ෆෝන් එක තිබ්බේ කේෂ්ට හිතන්න දෙයක් ඉතුරු කරමින්..

” ඒව්කියන්නේ #කූනිච්චී ගිහින් නෑ.. “

එහෙම හිතලා කොල්ලා යන්නේ හොටෙල් එකේ බාර් එකට..

” අමා මැනික.. “

” ම්ම්.. මනු.. “

” කේෂ් නංගිට කැමතී කියලා හිතෙනවා මට.. “

” ඕකම මටත් හිතුනා මනු.. “

” මුන් දෙන්න සෙට් වුනොත්නම් පට්ට.. 😆😆.. “

” ඒත් මනූ එයාලා නයයි මුගටියයි වගේනේ.. අනික අපේ එක්කෙනාත් සැරයිනේ.. කේෂ්ටත් හොස්ස ලඟින් මැස්සා යන්න බෑ.. “

” එහෙම උන් තමා සෙට් වුනාම පට්ට.. “

” ආ මගේ මහත්තයා දන්න ඒවා.. “

අමායා එහෙම කිව්වේ ඇස් පුන්චී කරන ගමන්..

” ඕකනේ ඉතින් ඔහොම බැලුවම ඇවිදින්න නෙවේ යන්න හිතෙන්නේ… මෙහෙම්ම උස්සන් ගිහින්.. “

එහෙම කියලා මනු ලං වුනේ අමායගේ මූනට..

අමායාගේ මූන ලැජ්ජාවෙන් රතු වුනේ පුරුදු විදියටමයි..

” අම්මේ ලැජ්ජාව.. ඔය ලැජ්ජාව මම යවන්නම්කෝ මගේ නෝනගේ.. “

එහෙම කියලා මනුජ අමායාගේ අතින් අල්ලන් එලියට ආවෙ ටිකක් ඇවිදින්න හිතාගෙන..

ඔය අතරේ යුමී අම්මට කෝල් කරන්නේ ගෙදර එන්න ඕනේ කියන්න..

” අම්මී බෝලේ.. “

” ආ චූටී… කොහොමද මගේ මැනික.. “

” හොදක්නම් නෑ ඉතින් මිසිස් දීපිකා නැතිව… “

” අනේ අනේ කෙල්ල.. “

දීපිකා කිව්වේ හිනැහෙමින්..

” අම්මී ඩීල් එක අපිට ලැබුනා.. “

” ඔව් මට කේෂ් පුතා කිව්වා .. “

” හෑ #ඩම්බෝ කිව්වද.. “

” මොකක් චූටී.. “

” නෑ නෑ අම්මා .. “

” අනේ මන්දා මේ ලමයා මොනා කියනවද කියලා… “

” මුකුත් නෑ අම්මා.. මන් එන්නද හෙට.. “

” නෑ නෑ අක්කලා එක්කම එන්න.. “

” අනේ අම්මා මට ඉන්න බෑ එන්න ඕනේ.. “

” එහෙම එන්න ඔනේ නම් කේෂ් පුතා හෙට අනිද්දා එයි.. එයා එක්ක එන්න.. නැත්නම් අක්කලා එක්ක එන්න.. “

” අපෝ ඒ ගොතයා එක්ක එනවට වඩා හොදයි ෆ්ලයිට් එකෙන් පැනලා මැරෙනවා.. “

” මොනවද චූටි ඔයා ඔය කියන කතා ආ.. “

” මුකුත් නෑ.. “

යුමී කිව්වේ ෆෝන් එකට රවමින්..

” අක්කලා එක්ක කතා කරලා හොද දෙයක් කරන්න චූටී .. දඟ වැඩ කරන්න එහෙම එපා.. “

අම්මා නිකන් කිව්වේ හය හතර නොතේරෙන පොඩි එකෙක්ට කියන ගානට.. සෑ වස නෝන්ඩිය..

” අම්මා හිතන්නේ මන් පොඩි එකෙක් කියලද..😂😂”

” ඔව් ඔව් පොඩි උන් හොදයි තව.. “

” හාකෝ හාකෝ.. 😂😂”

යුමී ටික වෙලාවක් අම්මා එක්ක කතා කර කර ඉඳලා ඇදේ ඉදගෙනම කෑමත් ඕඩර් කරලා බලන් ඉන්නේ කෑම ගේනකන්..

ඒත් එක්කම ඩෝ බෙල් එක වැදුන නිසා කෙල්ල හිතන්නේ කෑම ගෙනල්ලා ඇතී කියලා .. එ නිසාම කෙල්ල දොරෙන් නොබලම දොර අරින්නේ හිනැහෙමින්..

ඒත් කෙල්ලගේ මූන අඳුරු වෙන්නේ එතන ඉන්න කෙනා දැකලා..

“ඔයා ඔයා මොකද මෙතන කරන්නේ… “

ඒත් එක්කම ආව කෙනා කෙල්ල ලඟට එන්නේ කෙල්ලව තවත් අඩියක් පස්සට තල්ලූ කරමින්…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 කවුරුද ආවේ … ?

🎅 නත්තල සමරන මගේ යාලුවෝ හැමෝටම සුභ නත්තලක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…

➡️ සඳුදට බලමු ඒ කව්ද කියලා..


➡️ රන්දී දනු ආදරෙයි මැණික..

බලා ඉන්නේ හැමදමත් හිනාවෙන්…..
දුකක් නැතුවාම නෙවෙයි හදේ…..
සැහැල්ලුවෙන් ඉන්නේ මං හැමදාම…..
ආස හින්දා හිනාවෙන්න හැමදාම….
ඩම්බෝ එක්ක රන්ඩු කරාට…
නැතුවාම නෙවෙයි ආදරේ හිතේ….
අනාගතය කොහොම වෙයිද මා නොදනී…
ඩම්බෝ මාත එක්ක ඉමු නේ හැමදාම….

👉 මෙහෙම කමෙන්ට් එනවනම් හැමදාම ලියන්නම්කෝ.. ආදරෙයි මගේ අක්කා.. Saduni Mal Kumari Pathiranage👇👇

ඊර්ෂ්‍යාව රජ කරනා ව්ට මනසේ
බෑ තව කෙනෙකුගේ සතුටක් දකින්නට
නිතරම සිතෙයි අවැඩක් කරන්නට
ඒ සිතුව්ල්ල වැඩ කරවයි එතැන් සිට

දිගු කරනා ව්ට කෙනෙකුට ඇගිල්ලක්
ඉතිරි හතර තමන් දෙසට බව නෑ දන්නේ
කරනව අනුවන වැඩ නිතර හිතා
ඉන්නේ සෑම ව්ට ඔලුව උදුම්මා

කරනව ඇති සම හරක් චොදනා අනේ
රිදෙනව ඇති එව්ට ඔබගේ හදවතම
තෙත් වේනවා ඇති දෑසත් නොදනිම
අනුවන වුන්ට පහදා දෙන්නේ කොම

කිසි ව්ට එපා ඔබ ඒබස අසා පසුබට වෙන්න
තව තව ඔබේ දිරි ඇති බව පෙන්නන්ට
සුරතට ගත්ත පන්හිද බිම නොත බන්න
දිනේන් දිනම ඔබ දියුණුවේ වැජඹේන්න

බැරි වෙයි එව්ට ඔහුනට ඉවසන්න
ඔහුන්ගේ වචනේට ඔබ පන්හිදෙන් පිලිතුරු දෙන්න
එපා එවුන් ඔබ මායිම් කරන්නට
ඔබ යන ගමන ඔබ දිරි අරගෙන යන්න

එක්කෙනෙක් දෙන්නෙක් අමනයෝ වගේ හැසිරෙන්නේ
සිය දහස් දෙනාගේ පැතුමන් බිද ලන්නේ
කියනා දෙයක් නොතේරෙන මිනිස්සු අතරේ
දහසක් දෙනා ඉන්නව එය තේරෙන අතරේ

එපා ඒබස් අසා පන්හිඳ නවතන්න
දවසම ගත කරන්නේ සැන්දෑ වනතුරුය
ඉවසිලි නෑනේ ඔබේ ගෙතුමන් කියවන්න
අපි ඔබ සමග ඉන්නවනේ හැමදාම

නිතරම සෑදේන ඔබගේ හිස රුදාව
දුරකථනයේ ගිලි සෑදෙන ඇස් දැව්ල්ල
ඒ හැම දේම ඉවසා ඔබ කර දේය
තව කිසි කෙනෙකුටනම් කල නොහැක

අම්මා තාත්තා කෑ මොර තලද්දි
අපගැන සිතා පන්හිද සුරතට ගන්නේ
වරු ගනනක් වෙහෙසිලයි ගෙත්තම් කරන්නේ
කොහොමද මැණිකේ මං ඒ ගැන කියන්නේ

හදවත මගේ ව්ටකදි කරවයි සසල
ඔබ ලෙඩ යැයි කිව ව්ට අසරණය මම
කිව හැකි දෙයක් එන්නේ නැත ඒ ව්ට මට
දෙව්යන් බුදුන් ව්තරනේ සිහියට එන්නේ

හතවත එකලු පැතුමන් පතන්නේ
නිතරම ඔබේ සුවයයි මා පතන්නේ
දෙව්යෝ බුදුන් සිහි කර මා පතන්නේ
ඔබ රැක දෙන්න කියලා දිවාරෑයේ

ඔබගේ හදවතත් ව්ටකදි බ්දෙනු ඇති
පන්හිද බිම තබන්නට සිතේනු ඇති
අප ගැන සිහි ව් යලි ගෙත්තම් කරනු ඇති
ඔබේ ගෙත්තම් ගැන වචනයක් නොකිවුවොත් මා වැරදි

ඩම්බෝ ගෙන් කූනිච්චීට

කරනා ව්ටදි ඇස් ඉදිරියේ දග වැඩම
හදවත පත්ලේ හැගුමන් සිර ව්ය මාගේ
නොසිතා ඉන්න හැදුවත් නිතරම පහේ
ඇස් ඉදිරියේ මැව්ලා පේනවනේ ඔබ

සිටිනා අයුරු දුටු ව්ට සයනයට වැදි
හදවත මගේ ගිනියම් ව් ගියේ සැනිනි
සුරත අරන් ඔබේ නලලට තියන ව්ට
දැනුනේ ඔබ හිසරදෙන් බව

හදවතේ ගැඹුරේ ඇති හැගුමන් අවදි වුනා
ඔබ තුරුලට අරන් සනසන්නට හිතුනා
එනමුදු එක සැනින් මා හදවත දොරගුලු දැම්මා
ඔබ ඇහැ ඇරුනොතින් මා ඉවරයි සිතුනා

මේතුවක් කලක් කිසි කෙනෙකුට නොහැකි වුන
මගේ හද හෙල්ලුනේ ඔබේ දගකාර ලග
කෑ ගැසුවට යකේකුව මෙන් ඔයා හට
මගේ හදවතේ මුල් තැන දැන් ඔයානේ

කියනවා වැඩි කල් නොගෙන මාගේ ආදරය
බෑ තව තවත් හිතේ සගවා ඉන්න
පන නල දැන් ඔබමය මාගේ
සැනසිය යුතුය ඔබගේ ඔය තුරුල්ලේ

යන්නට ඕනද කියා ඔබගෙන් ඇසුව නමුත්
ඔබ රදවා ගන්න මගේ හිතම කියයි
නංගියේ මගේ හැගුමන් තේරිලා
ඉන්නකෝ තව දවසක් ලගට වේලා

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

~~~~~~~~~~~

අද කතාව කොහොමද ?
+1
8
+1
97
+1
11
+1
2
+1
4
+1
0
+1
1

31 COMMENTS

  1. I think that is among the such a lot important info for me.
    And i’m happy studying your article. However wanna statement on some general things, The
    web site taste is ideal, the articles is in point of fact excellent : D.
    Just right process, cheers asmr 0mniartist

  2. Superb website you have here but I was curious if you knew of any user discussion forums that cover
    the same topics discussed here? I’d really love to be a part of group where I can get feed-back from
    other knowledgeable people that share the same interest.

    If you have any recommendations, please let me know.
    Bless you! asmr 0mniartist

  3. What’s up everyone, it’s my first pay a quick visit at this
    web page, and paragraph is really fruitful for me, keep up posting these content.
    asmr 0mniartist

  4. Wow, marvelous blog layout! How long have you been blogging
    for? you make blogging look easy. The overall look of your site is
    magnificent, let alone the content!

  5. This is really interesting, You’re a very skilled blogger.

    I have joined your feed and look forward to seeking more of your
    fantastic post. Also, I’ve shared your web site in my social networks!

  6. I was wondering if you ever considered changing the structure
    of your website? Its very well written; I love what youve got to say.
    But maybe you could a little more in the way of content so people could connect with it
    better. Youve got an awful lot of text for only having
    1 or 2 images. Maybe you could space it out better?

  7. Excellent beat ! I would like to apprentice at the same time as you
    amend your website, how can i subscribe for a blog
    web site? The account helped me a appropriate
    deal. I were tiny bit acquainted of this your broadcast provided bright transparent idea

  8. Thank you for another informative website. Where else may I am getting that type of info written in such a perfect approach?
    I have a project that I am simply now working on, and I have been on the
    look out for such information.

  9. scoliosis
    Heya i’m for the first time here. I came across this board and I find It really helpful & it helped me out a lot.
    I hope to offer one thing again and help others such
    as you aided me. scoliosis

  10. dating sites
    Its like you read my mind! You seem to know so much about this, like you wrote the
    book in it or something. I think that you could do with a few pics to drive the message home a bit, but instead of that, this is great
    blog. A great read. I will certainly be back.
    free dating sites

  11. I do not even know how I ended up here, but I thought
    this post was good. I do not know who you are but definitely you’re going to a famous blogger if you aren’t already ;
    ) Cheers!

  12. This is very fascinating, You are an excessively professional
    blogger. I’ve joined your rss feed and look ahead to looking for extra of your magnificent post.
    Additionally, I have shared your web site in my
    social networks

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here