කෙටි කතාවක් – වෛරයක අවසානය

29
2105

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

වෛරයක අවසානය

“මම ඕකට දික්කසාදය දෙන්නේ නැහැ.” මම එහෙම සපත කලේ මීට අවුරුදු 21කට කලින්.

දෙමව්පියෝ ඉස්සරහ පොරොන්දු දීලා, අත්සන් කරලා මාව එයාගෙම කර ගත්තු සපුමල් වෙනස් වුනේ ඔෆිස් එකේදී මුණ ගැහුණු කෙල්ලෙක් නිසා. සපුමල් මගෙන් දික්කසාදය ඉල්ලුවා. හැබැයි මට ඕනේ වුනේ නැහැ දික්කසාදය දෙන්න. මට සපුමල් ගැන දැනුනේ මහා වෛරයක්.

සපුමල්ට මගේ කියන්න වරදක් තිබුනෙත් නැති නිසා ඔහුට ඕනේ වුනේ සාමකාමී දික්කසාදයක්. හැබැයි මම ඒකට කොහොමටවත් එකඟ වුනේ නැහැ.

මම දවසක් සපුමල්ගේ ඔෆිස් එකට ගිහින් ඒ කෙල්ලට හොඳටම බැන්නා. ඔෆිස් එකේ හැමෝටම ඒ දෙන්නගේ සම්බන්ධය ගැන කිව්වා. ඒ කෙල්ලගේ දෙමව්පියන්ටත් ඒ හැමදේම කිව්වා. මට ආරංචි වුනු විදිහට ඒ සම්බන්ධය නැවතුනේ නැහැ. ඒ කෙල්ලට අලුත් තැනක රස්සාවක් සපුමල්ම හොයලා දුන්නා කියලා මට ආරංචි වුනා.

මගේ හිතේ තිබුණු තරහව තවත් වැඩි වුනා. ඒ කෙල්ල අලුතින් වැඩ කරන තැන හොයා ගන්න මම ගොඩක් මහන්සි වුනා.
ඒ අතරේදී තමයි සපුමල් ගෙදරින් ගියේ.
“ඔයාට මම වරදක් තමයි කලේ. ඒත් මට දැන් ඔයා ගැන හැඟීමක් නැහැ.” යන්න කලින් සපුමල් එහෙම කිව්වා.
“මම තමුසෙට කීයටවත් දික්කසාදය දෙන්නේ නැහැ.” මම සපුමල්ට ඒ විදිහට උත්තර දුන්නා.

කාලය ගත වුනේ මගේ තරහව තවත් වැඩි කරමින්. සපුමල් ඒ කෙල්ල එක්ක දුර පලාතකින් ඇනෙක්ස් එකක් අරගෙන කියලා මට ආරංචි වුනා. මේ අතරේදී තමයි මගේ දෙමව්පියෝ කන් කෙඳිරි ගාන්න පටන් ගත්තේ.
“අනේ දුවේ, ඔන්න ඕකට දික්කසාදය දීලා දාන්න. අපි ඔයිට වඩා හොඳ කසාදයක් දුවට කරලා දෙන්නම්. නැත්තම් කවදාහරි දුව තනි වෙයි.”
එහෙම කියද්දී මට එයාලා එක්ක දැනුනෙත් තරහක්. මම ඒ දවස් වල පුළුවන් තරම් උත්සාහ කලේ සපුමල් ඉන්න තැන හරියටම හොයා ගන්න.

මේ අතරේදී තමයි මට අයියා අයියගේ හොඳම යාළුවව අඳුන්වලා දුන්නේ.
“නංගි, ඔයා ඩිවෝර්ස් වුනු කෙනෙක් කියලා මට නම් ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන් ඔයා එක්ක ජීවිතය බෙදා ගන්න.” ඔහු කරුණාවන්ත කෙනෙක් කියලා මට දැනුනා. මගේ හිතටත් ඔහු ගැන පුංචි කැමැත්තක් දැනුනා.

“ඩිවෝර්ස් වෙලා එන්න අපි බඳිමු.” ඔහු සැරින් සැරේ මට කිව්වා. ඒත් මට සපුමල්ගෙන් දික්කසාද වෙන්න ඕනේ වුනේ නැහැ.

“මම දික්කසාද වුනොත් සපුමල් අර කෙල්ලව කසාද බඳියි. මම උන් දෙන්නට කවදාවත් එකතු වෙන්න ඉඩ තියන්නේ නැහැ.” මම මටම පොරොන්දු වුනා.

අන්තිමේදී මම සපුමල් ඉන්න තැන හොයා ගත්තා. මම එයාලගේ ඇනෙක්ස් එකේ අයිතිකාරයන්ට, අසල්වැසියන්ට ගිහින් මගෙයි සපුමල්ගෙයි වෙඩින් ෆොටෝ පෙන්නුවා. සපුමල් එයාලට කියලා තියෙන්නේ එයා බැඳලා ඉන්නේ අර කෙල්ලව කියලයි. මම සපුමල්ගේ වංචාව හැමෝටම එලි කළා.

දෙන්නා වැඩ ඇරිලා එද්දී අනිත් අය එයාලා දිහා බැලුවේ පිළිකුලෙන්. එයාලා මාව දැකලා බය වුනා.

“ඔය වගේ දේවල් කළා කියලා මම කීයටවත් ඔයා ගාවට එන්නේ නැහැ.” සපුමල් තරහෙන් කිව්වා.

“තමුසේ ආවත් මම භාර ගන්නේ නැහැ. මේකි දාලා ගියාම තමුසෙට වෙන්නේ පාරේ හිඟා කන්න.” මම හයියෙන් කෑ ගැහුවා. ඒ කෙල්ල සපුමල්ගේ අත හයියෙන් අල්ලාගෙන බිම බලාගෙන හිටියා.

“තමුසෙට හැමදාම ඉන්න වෙන්නේ හොර ගෑණියෙක් විදිහට. තමුසෙලා කොහේ හැංගුනත් මම ඇවිත් තමුසෙලාගේ බොරුව ලෝකයටම හෙළි කරනවා.” මම තරහින් පුපුරමින් කිව්වා.

එදා මම ගෙදර එද්දී ගෙදර අය හිටියේ කලකිරීමකින් වගෙයි.
“අර රටක් වටිනා කොල්ලා අන්න ගෙදරින් හොයලා දීපු කෙනෙක්ව කසාද බඳින්න කැමැත්ත දීලා. ඒ කොල්ලා කිව්වා තමුසේ දික්කසාද වෙලා එනකම් අවුරුදු 6ක්ම බලාගෙන හිටියා. තවත් බලාගෙන ඉන්න බැහැ කියලා.” අයියා තරහෙන් කිව්වේ අයියගේ යාලුවා ගැන.

“පිරිමි ඔක්කොම වංචාකාරයෝ.” මම හිතට දැනුනු දුක වහගන්න තරහින් කිව්වා.

“මේකිට පිස්සු හැදිලද කොහෙද අම්මේ. මේකි හිතාගෙන ඉන්නේ ඒ කොල්ලා මේකි එක්ක ඉන්න ඕනේ කියලද කසාද බඳින්නේ නැතුව? ඌ මේකිට කොච්චර කිව්වද දික්කසාදය අරගෙන එන්න කියලා. මට නම් තවත් බැහැ අම්මේ මෙයා ගැන බලන්න.” අයියා කියවද්දී මම මගේ කාමරයට ගියා.

ඊට පස්සේ සපුමල් අර කෙල්ල එක්ක යන හැම තැනකටම මම ගියා. ඒ දෙන්නා කසාද බැඳලා නැහැ කියන එක මම එයාලා යන යන තැන හැමෝටම එලි කළා.

දවසක් මට ලියුමක් ආවා.
ඒ ලියුම එවලා තිබුනේ සපුමල්.
“මිනිස්සුන්ගේ කසාද සහතිකේ ගැන වධ නොවෙන රටකට යන්න අපිට අවස්තාව ලැබුනා. අපි එහෙට ගිහින් සතුටෙන් ජිවත් වෙන්න තීරණය කළා. කසාද සහතිකය නැති වුනාට අපේ හිත් සදහටම බැඳිලා ඉවරයි. ආයෙමත් ඔයාගේ හෙවනැල්ලක්වත් අපිට වැටෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.”

ඒ ලියුම මාව තවත් පිස්සු වැට්ටුවා. මම එයාලා කලින් වැඩ කරපු තැන් වලට, කලින් නැවතිලා හිටිය ගෙවල් වලට ආයෙමත් ගියා. ඒත් මට සපුමල් ගියේ මොන රටටද කියලා හොයා ගන්න බැරි වුනා. අර කෙල්ලගේ අම්මලාගේ ගෙදරට ගියා. ඒ මිනිස්සුත් ගෙවල් විකුණලා කොහේදෝ ගිහින් කියලා තමයි අසල්වැසියෝ කිව්වේ.

දැන් මට අවුරුදු 52ක්. මගේ අයියත් මීට අවුරුදු 7කට කලින් රට පදිංචි වුනා. මගේ දෙමව්පියොත් දැන් ජිවතුන් අතර නැහැ.
මම නවත්තන්න හැදුවට ඒ දෙන්නා කොහේ හරි සතුටින් ඇති කියන හිතුවිල්ල මට තාමත් වධ දෙනවා.
මාව බඳින්න බලාගෙන හිටපු, අයියගේ යාලුවාට දැන් තරුණ දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා.
ඒත් මම? මහා ගෙයක් ඇතුලේ මම තනි වෙලා. මට කවුරුත්ම නැහැ.

මට මේ වගේ ඉරණමක් අත් වුනේ මට අත් හරින්න බැරි වුනු නිසා. සපුමල් යන්න ඕනේ කියපු වෙලාවේ සපුමල්ට යන්න දීලා, මමත් මගේ ජිවිතේ හදා ගත්තා නම් අද මමත් සතුටින්. එහෙනම් මම මේ වෙද්දී ආයෙමත් විවාහ වෙලා, දරුවෝ දෙතුන් දෙනෙක්ගේ මවක් වෙලා සතුටින් ඉන්න තිබුනා.

සපුමල්ට රිදවන්න දික්කසාදය නොදී හිටපු එකේ ප්‍රතිඵලය රිදෙව්වේ මටමයි.
සපුමල්ට ඒ ගෑනු කෙනාව කවදාවත් කසාද බඳින්න බැරි වුනා තමයි. මට පුළුවන් උපරිමයෙන් මම එයාලට ලැජ්ජා කළා තමයි. ඒත් දැන් මට හිතෙනවා, මම කවදාවත් දිනුවේ නැහැ කියලා.

ඔබව ප්‍රතික්ෂේප කරන කෙනාව අත්හරින්න. පළිගැනීමේ අරමුණින්වත් අල්ලාගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ.
දතක් නරක් වුනාම, දුකින් වුනත් දත උගුල්ලලා දානවා වගේ අනෙකාව නිදහස් කරන්න. එතකොට ඔබත් නිදහස්.
අනෙකාට නිදහස ලැබීමෙන් ඒ කෙනා ලබන සතුටට වඩා, ඔබට ආපිට ලැබෙන නිදහස අනර්ඝයි.

කෙටි කතාවක් පමණයි

-සමාධි ඩයස්-

අද කතාව කොහොමද ?
+1
4
+1
53
+1
12
+1
8
+1
1
+1
4
+1
12

29 COMMENTS

  1. Please let me know if you’re looking for a author for your site.
    You have some really great posts and I feel I would be a good asset.

    If you ever want to take some of the load off, I’d love to write some articles for
    your blog in exchange for a link back to mine.
    Please send me an email if interested. Cheers! 0mniartist
    asmr

  2. Definitely believe that which you stated. Your
    favorite reason appeared to be on the net the easiest
    thing to be aware of. I say to you, I definitely get irked while people consider worries that they
    plainly don’t know about. You managed to hit the nail upon the top and defined out the whole
    thing without having side-effects , people can take a signal.
    Will probably be back to get more. Thanks 0mniartist asmr

  3. I have to thank you for the efforts you have put in penning this website.
    I’m hoping to check out the same high-grade blog posts
    from you later on as well. In truth, your creative writing abilities has motivated me to get my own website now 😉 0mniartist asmr

  4. Hello there, just became aware of your blog through Google, and found that it’s
    truly informative. I’m gonna watch out for brussels. I’ll be grateful if you continue this in future.
    Numerous people will be benefited from your writing.
    Cheers!

  5. Awesome issues here. I’m very happy to look your post.

    Thank you so much and I’m taking a look ahead to contact you.
    Will you please drop me a mail?

  6. My partner and I stumbled over here by a different page and thought I might as well check things out.
    I like what I see so now i am following you. Look forward to
    finding out about your web page again.

  7. scoliosis
    Its like you read my mind! You appear to know a lot about this, like you wrote the book in it or something.
    I think that you could do with a few pics to drive the message home
    a little bit, but other than that, this is wonderful blog.
    A fantastic read. I’ll certainly be back. scoliosis

  8. dating sites
    Greate pieces. Keep writing such kind of info on your page.
    Im really impressed by it.
    Hello there, You have done a great job.

    I will definitely digg it and individually recommend to my friends.

    I’m sure they will be benefited from this web site. free dating sites

  9. Hi there I am so thrilled I found your blog page,
    I really found you by error, while I was looking on Aol
    for something else, Regardless I am here now and would
    just like to say kudos for a remarkable post and a all round thrilling blog (I also love
    the theme/design), I don’t have time to read through it all at the
    minute but I have bookmarked it and also added in your RSS
    feeds, so when I have time I will be back to read a great deal more, Please do
    keep up the awesome jo.

  10. Its like you read my mind! You seem to know so much about this, like you wrote the book in it or something.

    I think that you could do with a few pics to drive the message home a little bit, but instead of that,
    this is fantastic blog. An excellent read. I will definitely be back.

  11. Hey there! I realize this is sort of off-topic but I
    had to ask. Does operating a well-established blog like yours take
    a lot of work? I’m brand new to blogging but I do write in my diary everyday.
    I’d like to start a blog so I can easily share my personal experience and feelings online.

    Please let me know if you have any kind of suggestions or tips for brand new aspiring blog owners.
    Thankyou!

  12. Hi! I’ve been reading your website for some time
    now and finally got the courage to go ahead and give you a shout out from
    Dallas Tx! Just wanted to say keep up the good work!

Leave a Reply to asmr https://0mniartist.tumblr.com Cancel reply

Please enter your comment!
Please enter your name here