තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…
┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓
කසාදය
කාගේ හෝ අතකොලු වූ රස්සා ජීවිතයක් මට දැන් හිමිය. පවුලක් නඩත්තුවට තරමේ මුදලක් අත රැදෙයි. අකුරුත් අමතක වී මහන්සිය දළු ලා වැඩෙන කලක අලසකම එලා නිදා ගන්නට මා හරි ජගතෙක් වී ඇත.
මහගෙයි උළු උඩ ඇවිදින කලවැද්දෙකු මට කතා කරයි. උළු එහෙ මෙහෙ කරයි.
” නැගිටපන් බූරුවා… උඹ වගේ කම්මැලි සතෙක්…. ඇවිත් හදාපන් මේ තෙමෙන වහල…”
සිංහල උළු වහලක උළු සකසනවාට වඩා වහලය ගලවා පිලිකා කාර ඇස්බැස්ටෝස් තවරා ගන්නවා හොඳ යැයි මට සිතෙයි. සතිඅන්තයක් වූ බැවින් මට ඉර පෑව්වේ 10 පහුවීය.
” පුතේ…. ගිහින් කොන්ඩේ ටිකක් කපාගෙන වරෙන්කෝ… දවල් වෙන්න කලින්…මොනා වුනත් ගෑනියෙක්වනේ බලන්න යන්නේ….”
” මට බලන්න ඕනේ නෑ…. අම්මලට හොඳනම් එච්චරයි….”
” එහෙම කියලා බෑනේ…. හොඳ එකානේ ලෑස්ති වෙලා යන්න එපැයි. ගිහින් වරෙන් මයේ පුතේ….”
පාරිභෝගික සමාජ රටාව තුළ කසාදය මට වුවමනා නොවුනත්, මේ ගෙදරට අඩුපාඩු සපුරන කලමනා අතර හිඩස ලේලිය බව අම්මා තාමත් මට ඇගිල්ලෙන් ඇන උගන්වයි. තිස් වසරක් පුරාවට ඔවුන්ට අවැසියි කියූ ලෝකයක් තුළ මට මගේ කියා ඉතුරු වූයේ පෑන සහ සුදු හාෆ්ශීට් පමණි. ඒත් දැන් එයද නැවතී ගොඩ කලක් වෙයි.
” කොහොමද සර් කපන්නේ….? “
” වෙනදා කපන විදියට තමයි ශිවා…”
” සරි…. සර් අද මොකද මේ කොණ්ඩේ ගොඩක් වැවෙන්නත් කලින්….”
” ශිවා…. උඹ බැදලද….? “
” ඔව් සර්…. මම මේ නෙමෙයි නේ…. බදුල්ලේ…. වයිෆ් ළමයි ඔක්කොම ඒ තමා….”
” ඉතින් ශිවා යන්නෙම නෑනේ ගමේ…. බැලුවොත් උඹ සැලුන් එකේමනේ….”
” ඔව් සර්…. මොනා කරන්නද…? සල්ලිත් එපැයි…. මම මේන් සල්ලි හොයනවා. නොනා එහෙන් හොයනවා. පොඩි අය ස්කෝලේ යවන්න ක්ලාස් යවන්න ගියාම ඒම නොකර බෑ….”
” ළමයි කීයක් ඉන්නවද ශිවා….? “
” තුනයි සර්…. කෙල්ලෝ දෙන්නයි කොල්ලයි…. තුන් දෙනාම ස්කෝලේ යනවා…. දෙවෙනියා මේ පාර ශිස්සත්තේ එක්සෑම් එක තමා කරනවා….”
” යකෝ…. තමුසේ ගමේ ගියාම නිකන් ඉඳලා නෑනේ බලං ගියාම….”
” හිහි…. සර් මට නක්කලේ දානවා…. සර්…. එතකොට සර් අද යන්නේ මැරේජ් එකක් බලන්ඩද…? “
” ආන්…. ශිවා උඹට තේරුණා….”
” සරි සරි…. දෙවි පිහිටයි…. සර්ට හරි යාවී….”
ශිවා වගේ මට නම් වද විදින්නට බැරිය. ඒ නිසා මට තාමත් මේ තිත්ත කසාය ඕනෑම නැත. ” කුමක් කරනද ? කරුම වේ නම් ගෙවා ඉවරයක් කළ යුතුය” කියලාම හිත කියයි. කොණ්ඩය කපා ගෙන , ගේකට යන්නට ඕනෑ කියා මට හිතෙනා බඩු මුට්ටු දෙක තුනකුත් රැගෙනම ගෙට ගොඩවුණි.
” මේ මොනාද පුතේ උස්සන් ආවේ ගෙදර බඩු තියෙනවනේ….? “
” ඇයි දැන් කොහෙද යනවා කිව්වා නේ….? අත වන වන යනවද…? උන් හිතයි අපි මහ කුම්මැහියෝ කියලා. ඉතිං මං මේ අරන් ආවා…”
” පිස්සුද පුතේ හාල් පොල් උස්සන් යන්න… උඹ හිතුවද නෑදෑ ගමනක් යනවා කියලා… මේන් බලන්න මහත්තයා…. මේ බිත්තර ත් තියෙනවා…”
” අම්මලා ඕන දෙයක් කරගන්න එහෙනම්… මඟුල…”
දොරරෙදි ඉවත් කරගනිමින් යළි මම මගේ ලෝකයට එකතු විය. භාගයක් අවසන් කළ මකර තොරණ කෙටිකතා සංග්රහය යළි මගේ අතේ ඇලෙයි. හිතින් කියවා ගන්නට දැන් මට කතාවක් නොමැත. මම කතාවක් ගොතන්නට විය.
” ඔයාගේ වයස කීයද…? “
” ඇයි කපු මහත්තයා කිව්වේ නැද්ද…? “
” මම ඕවා අහන්න ගියේ නෑ…. ඒකනේ ඔයාගෙන් ඇහුවේ…? “
” හරි…. ඉතින්…. මට 26 යි….”
” ආහ්…. ඉස්සෙල්ලා මම මේක කියන්නම්…. බොරුවට හුරතල් වෙවී කතා කරන්න ඕනේ නෑ…. මේ කසාදේ වෙනවනම් මට දැනගන්න ඕන දේවල් ටිකක් මම අහන්නම්. මට ඒවට ඇත්තම කියන්න. ඔයාටත් මගෙන් ඕන ප්රශ්නයක් අහන්න පුලුවන්. හැබැයි…. මට හරියට උත්තරයක් දෙන්න…”
” හ්ම්…. හරී….”
” ඔයාගේ ලේ වර්ගේ මොකක්ද ? “
” මොකක්… ලේ වර්ගේ…. ඒ මොකටද…? “
” මම කිව්වනේ ඉස්සෙල්ලා උත්තර… පස්සේ කියන්නම් ඇයි කියලා….”
” A පොසිටිව්…. ඔයාගේ….? “
” B නෙගෙටිව්… මොනාහරි ලෙඩ තියෙනවද ඔයාට…? “
” ලෙඩ….? නෑ….. “
” ඉස්සර තිබිලා දැන් හොඳ වෙච්ච ලෙඩ මොනාහරි… නැත්තම් කාලයක් බෙහෙත් බිපූ ලෙඩ මොනාහරි තියෙනවද…? “
” පොඩි කාලේ නම්.. මට වීස් එක තිබුණා. දැන් නම් නෑ….”
” අම්මට තාත්තාට මොනාද තියෙන ලෙඩ…? “
” මේ අයියේ…. ඔයා ආවේ කසාදයක් ගැන කතා කරන්නද නැත්තම් බෙහෙත් දෙන්නද…? “
” මේවා මට දැනගන්න ඕනේ…. මං කියන්නම් ඇයි මේවා අහන්නෙ කියලා අන්තිමට…”
” තාත්තට සීනී තියෙනවා. අම්මට කොන්දේ අමාරුව තියෙනවා…”
” හරී…. ඒක ඉවරයි… ඔයා නිදාගත්තහම ගොරවනවද…? “
” මොකක්… නෑ… අයියේ…. මම ගොරවන්නේ නෑ… මොන වගේ ප්රශ්න ද මේවා…”
” ඔයාට කිචිද…? “
” කිචිද…? ඔයා…. අනේ මන්දා අයියේ…. ඔව් ටිකක් කිචි….”
” මේක මං ඇහුවට තරහා වෙන්න එපා. මට දැනගන්නයි අහන්නෙ….”
” අහන්නකෝ බලන්න….”
” ඔයා වර්ජින්ද….? “
” ඔයා ඕක අහන්නද… ඔච්චර වටේ ගියේ…. කෙළින්ම අහන්න තිබ්බනේ…”
” නෑ…. අපෝ නෑ….. ඔයා මගෙන් ඕක ඇහුවොත් මට දෙන්න තියෙන උත්තරේ නෑ කියන එක. නිකමට හරි මට කන්යා පටලයක් තිබ්බනම් මම ඒක ගොඩක් පාරක් නැති කරගෙන….”
” ආහ්… ඒකත් එහෙමද….? හරි… එහෙනම් මමත් කියන්නම්…. ඇත්තටම මම වර්ජින් නෑ…. “
” හරි….. එහෙම ඇත්ත කියනවනම් මම ගොඩක් සතුටුයි…. හරි ඊළඟ ප්රශ්නේ…. සිගරට් අරක්කු ගංජා මොනා හරි බිලා තියෙනවද බොනවද..? නැත්තම් බොන එක පේන්නවත් බැරිද…? “
” අපෝ…. මට බොන එක පේන්නවත් බෑ….. එතකොට ඔයා බොනවද…? “
” ඔව්…. මම බොනවා…. හැබැයි අම්මලා වත් ඒක දන්නේ නෑ….”
” කසාද බැන්දොත් රස්සාවක් නොකර ගෙදර ඉන්න පුලුවන් ද…? “
” ආහ්… ඒක….. මම එහෙම දෙයක් හිතලා නෑ….”
” මම කිව්වොත් ඔයා ගෙදර ඉන්න ඕනේ කියලා…. ඔයා නවතිනවද නැද්ද…? “
” ආහ්…. හරි මම නවතිනවා…..”
” ළමයි කීයක් හදන්න කැමතිද….? “
” දඩස්…..”
මකර තොරණ කඩාගෙන මූණ උඩට වැටුණි. මම ගෙතූ හීනය ගැන දැන් මටම හිනා යයි. කෙසේ හෝ අවසානයට මනමාලිය බලන්නට ඒ ගෙට ගොඩවිය. දෙපසේ පුරාජේරු කතා ඇහෙයි. සම්මුඛ පරීක්ෂණයකට වගේ ඉඳහිට මගෙනුත් ප්රශ්නයක් දෙකක් ඇහෙයි. එකෙක් මගේ රස්සාව ගැන අහයි. එතැන අදුරන එකෙකුගේ නමක් කියා ඒකාව දන්නවාදැයි අසයි. මම කට දෙපැත්තට ඇඳ හිනා වී නැහැයි කියා උත්තර දෙමි. තව එකෙක් අනාගතය ගැන අහයි.
” දැන් පුතා ඉස්සරහට මොකද කරන්න හිතන් ඉන්නේ….? “
මම ඒකාව ජිවිතේටම දැක නැත.මගේ අනාගතයට ඒකාගෙන් ණයක් ඉල්ලුවේද නැත. ඒත් ඒකා එහෙම අහන්නේ මොකක් නිසාදැයි ප්රශ්නයකි.
” කසාද බඳින එක තමයි අංකල්…”
හිනා වී රවාගත් ඒකා ආයේ කටක් හෙල්ලුවේ නැත.බවලත් උන් කතා කළේවත් නැත. ඔහේ බලා සිටියා පමණි. පොඩි කෙලි පොඩ්ඩියක් කාමරයටත් සාලයටත් දුව දුව මා ගැන ගතු කේලම් කළාය. එකෙක් මගෙන් බැඳලාද කියා ඇහුවේ නැත. පරීක්ෂණය අවසන් ය.
අර හංඟාගෙන උන් කෙල්ලව එළියට දැම්මේ ඊට පසුවය.ඒ කෙලීගේ අම්මා මෙච්චර කාලයක් ඒ කෙලීව ඉටිකොළේකින් වසා කැබිනෙට්ටුවේ දමා තිබ්බ ගානය. ඇත්තෙන්ම ඒ කෙලී ලස්සනය. මම හෙප්පුව භාරගතිමි. ඇහි බෝල උඩට කර ඒ බලන බැල්ම මම මීට පෙර දැක තිබුණේ ශබ්ද කපා හල බලන විඩියෝ වල පමණි. අපේ අම්මාටත් අප්පච්චිටත් වැඳ සත්කාර කළ ඈ පසෙකින් ඉඳගත්තාය. ලේලිගේ හැඩරුවට අපේ අම්මාගේ ඇස් වල කදුලු පිරෙයි. මගේ මුවට සිනහා පහළ වෙයි.තේ පානය සඳහා කෑම මේසයට ආරාධනා ලැබුණි.
මේ මේසයේ ඉඳන් තේකක් තියා කෑම වේල් දෙක තුනක් වත් කා නොමැති බව පෙනෙයි. පුටුවලට පවා කවර දමා තිබී අද දහවල් ඉවත් කළා වගේ දිලිසි දිලිසී ඇත. මට කැට තබා කියන්නට පුළුවන, මේ කසාදය සිදු වුණොත්, මේ මේසය සහ පුටු හය අපේ ගෙදර ගෙනත් බාන බව.
” අපි එහෙනම් දෙන්නට පොඩ්ඩක් කතා කරගන්න කියමූ නේද…? “
” ඔව් එහෙම හොඳයි….”
කෑම මේසය ළඟ මමත් අර කෙලීත් තනි වුණි. මොනවා අහන්නදැයි සැලසුම් කර ගත් සිහිනය පවා දැන් මට අමතකය. කියන්නටත් අහන්නටත් දෙයක් නොමැතිව මා ළතැවෙයි.ඇයත් බිම බලා ගත් ගමන්මය.
” නංගි…. ඔයා මට කැමතිද…? “
” හ්ම්….. අයියා….? “
” එන්න…. එන්න….. මෙහෙ එන්න…. ඔව් ඔව්…. “
දොර රෙද්දක් අස්සෙන් බලා සිටි පොඩි එකීට මම කතා කරද්දී, මට සිනාවක් පා හැංගී ගියාය.
” අයියේ…. “
” ඔව්…. කියන්න…..”
” ඔයා මට කැමතිද…? “
” ඔව්…. ඇයි… ඔයා මේකට කැමති වුණේ අම්මලගේ කීමටද….? එහෙම නම් මට කියන්න… “
” අනේ එහෙම නෑ අයියේ…. ඒත්….”
” ඇයි ඒත්….. කියන්නේ…. කියන්නකෝ….”
” නෑ මේකයි…. ඇත්තටම මම ඔයා ගැන දන්නේ නෑනේ… ඔයා දන්නෙත් නෑනේ මං ගැන…. ඉතින් දැන් කැමතියි කිව්වොත් අපේ අම්මලා මේකට දින දාගනියි…”
” හරි මට තේරුණා…. නංගි කියන්නේ අපි ටික කාලයක් ආශ්රය කරලා බලමු කියලා නේද…? “
” ඔව්…. අයියේ…. මම ඕක කිව්වොත් අම්මලා මට බනියි. ඔයාට බැරිද මේ ගැන කියන්න….”
” හරි…. මම ඒක කියන්නම්…. ප්රශ්නයක් නෑ… කෝකටත් හොඳයි දෙන්නා කසාද බඳින්න කලින් අපි ටිකක් දැන අඳුන ගෙන ඉන්න එක…”
” හ්ම්…. හරි…. එහෙමනම් ඔයාම කියන්න….”
සියල්ල හොඳින් අවසන් විය. හඳහන් පවා ගැලපී තිබූ අපට කසාද දිනයක් පමණක් ඉතිරිය.
” ඉතිං පුතන්ඩියා…. යන්න කලින්ම අපි මේක ඉවරයක් කරගමූ… මොකද කියන්නේ අපේ කෙලී ගැන….”
” මගේ නම් අකමැත්තක් නෑ…. අම්මලා කැමති නම්….”
” ආහ්…. එහෙනම් එච්චරයි….. හරි සන්තෝසයි…..”
” අංකල් හැබැයි පොඩි දෙයක්… අපි කසාද දින් දාගන්න එක පොඩ්ඩක් පහු කරමු. මම හිතනවා නංගියි මායි පොඩ්ඩක් හඳුනගත්තොත් හොඳයි කියලා. ඒ නිසා ටික කාලයක්….”
” හරි හරි කොල්ලෝ…… ඒවා කොහොම කරගන්න බැරිද….? එහෙනම් දැන් මටත් මස්සිනා පොඩ්ඩක් ඉන්නවා….”
කෙලීගේ ලොකු අයියා මගේ කරට අත දමාගෙන සිනහා පෑවේ අපේ පවුල් අතර නෑදෑකම් පටන් ගත්තේ කසාද සහතිකයක් නොලියාමයි.
” පුතේ…. කොහොමද කෙල්ල…. ඇත්තටම
උඹ කැමතිද. ඒ කෙල්ලට….?”
” අම්මලා කැමතිනේ… මට ඒ ඇති….. “
” මම දන්නවා පුතා කැමතියි නේ…. ඒකනේ අර කිවේ ටික අදුරගන්න ඕනෙයි කියලා…”
” ඒ… ඒ කෙල්ලට එහෙම ඕනෙයි කිව්ව නිසා මම එහෙම කිව්වේ….. නැතුව මට උවමනාවකට නෙමෙයි….”
” ඉතිං ඒක කියන්න එපැයි… මම හිතුවේ පුතා එහෙම කිව්ව කියලා. ඉන්නකෝ ගෙදර ගියාම මම කෝල් කරලා කියන්න…”
” මැණිකේ…. පිස්සුද…? ඔන්න ඔය කමක් නෑ…. ඕවා කියන්න යන්න ඕනේ නෑ….. අපේ එක්කෙනාටත් ඒක හොඳයිනේ….”
දින කිහිපයක් ගෙවා දැම්මේ පුරුදු තනිකම සමඟයි. ඇසුරු කරන්නට කල් ඉල්ලූවත් මට ඇය හමුවීමටවත් කතාවක් දැමීමටවත් නොසිතුණි. සතියේ කරදර වලට යට වී දවස් ගෙවා දැම්මෙමි. නොහඳුනන අංකයක් මා අමතයි.
” හෙලෝ…..”
” හෙලෝ… දේවින්ද අයියේ.. මේ මම…. ජානකී…”
” ජානකී…. කිව්වේ… ආහ් හරි හරි…. කියන්න නංගි….”
” අයියා මෙහෙ ඇවිත් ගියාට පස්සෙ කිසිම කතාවක් නෑ කියලා අම්මලා කිව්වා…. ඒ නිසා මම මේ ගත්තේ….”
” වැඩ නිසා ගන්න තරම් වෙලාවක් තිබ්බේ නෑ…. අනික මං ළඟ ඔයාගේ නම්බර් එක තිබ්බෙත් නෑනේ….. ඔයාට කොයින්ද මගේ නම්බරේ….”
” මම ඔයාලගේ අම්මගෙන් ඉල්ල ගත්තා…..”
” ඉතින්…. කොහොමද අපේ අම්මා හොඳයිද…? “
” හොඳයිද නැද්ද කියන්න බෑනේ…. ෆෝන් එකෙන්නේ කතා කළේ…”
” ඒකත් ඇත්ත…. එහෙනම් වෙලාවක අපේ ගෙදර ඇවිත් යන්න….”
” ඒකත් හොඳයි තමා….. මම එන්නම්කෝ වෙලාවක….”
” ඔයා එන්න ඕනේ නෑ…. වෙලාවක් කියන්න මං එන්නම් එක්කන් යන්න…..”
” හරි අයියේ…. මමත් වැඩපලේ ඉන්නේ…. පස්සේ ගන්නම්කෝ… බුදුසරණයි. “
” බුදුසරණයි නංගි…..”
හිතේ මල් පිපුනා වගෙයි. පොඩි සතුටක් දැනුනා. කෑම කන්නට ගියත් ෆෝන් එක තියා යන මං අද එය අරන් ගියේ නැවත ඇමතුමක් ඒවි යැයි බලාපොරොත්තුවෙන්. ආවේ නැති තැන මම ඒ අංකය ෆෝන් එකේ අමතක නොවන්නට නම් කළා. ජානකී නංගි කියලා.
එක අතකින් මහන්සියත් අනික් අතින් රාත්රියත් අරන් මම ගෙදර ආවේ. අම්මා ගෙට ගොඩවුණු ගමන් ඇහුවේ ජානකී කතා කළාද කියලා. මොන කරුමෙකටද මන්දා ඒ නම කීව ගමන් මට අමතක වෙන එකක් තිබ්බා.
” කවුද….? “
” ජානකී දුව…. අර අපි බලන්න ගියේ…..? “
” ආහ්…. ඔව් ඔව්… ලන්ච් එකේ ගත්තා….”
” අනේ ඒ කෙල්ල හරි හොඳ පාටයි…. මට කතා කරලා පුතාගේ නම්බරේ ඉල්ලගත්තේ… අප්පච්චි ගැනත් ඇහුවා…. “
” අම්මේ. කෝ අප්පච්චි…. ? “
” ආං පිටිපස්සේ ඇති….”
” මම හෝඳන් එන්නම්….”
කෑම මේසේ ඉඳන් එකට කෑම කන පුරුද්ද අපේ ගෙදර ඒකාලේ ඉඳන්ම තිබුණා. කෑම බෙදාගෙන කන්න ගනිද්දී කාමරයෙන් මගේ ෆෝන් එක රින් වෙන සද්දෙට අම්මත් අප්පච්චි ත් මං දිහා බැලුවේ අමුතු බැල්මකින්. වෙනදට කෝල් එකක් නැති මේ ෆෝන් එකට දැන් සිග්නල් අහු වෙලා වගේ කෑමොර දෙනවා.
” ගිහින් බලන්න.. අර ජානකී දුවද දන්නේ නෑ…”
” මං පස්සේ ගන්නම් අම්මේ දැන් කනවනේ….”
” නෑ නෑ පුතා…කෝකටත් ගිහින් බලන්නකෝ….”
පුටුවෙන් නැගිටි ගමන ඒ සද්දය නතර වුණි. අනෙක් අතට ගෙදර දුරකතනය නාද වෙයි. කාමරයට යාම පසක තියා මම ඒ දුරකතනය කනේ තබා ගත්තෙමි.
” හෙලෝ මේ දේවින්ද පුතාගේ ගෙදර නේද…? “
” ඔව් මං දේවින්ද…”
” අනේ පුතේ… බලන්නකෝ අපේ කෙල්ල ජානකී තාම ගෙදර ආවේ නෑ… ඔහේවත් ආවද…? “
” නෑ අංකල් මෙහෙ ආවේ නම් නෑ. හැබැයි මට දවාලේ කෝල් කලානේ. “
” එහෙමද…. බලන්නකො පුතා ෆෝන් එකත් ඕෆ් නේ…. ලොකු පුතා ඔෆිස් එකටත් ගියා…. එහෙන් වැඩ ඇරිලා ඇවිත් තියෙනවා…. මම මේ බැලුවේ පුතාලාගේ ගෙදරවත් ආවද කියලා….”
” නෑ…. අංකල්…. මෙහෙ ආවේ නෑ ඉන්නකෝ මම ඇදුමක් දාගෙන එන්නම් ඔහෙට….”
මට එකවර ඔලුවට ආවේ අඳුනගන්න කල් ඉල්ලූ කතාවයි. මේ කෙලී කා එක්ක හරි පැනලාවත් ගියාද…? හිතාගන්නට ගොඩක් දේවල් ඉතිරි කරන් මම දුරකතනය විසන්ධි කළා.
” කවුද පුතේ…”
” අන්න අම්මගේ ජානකී දුව ගෙදර ඇවිත් නෑලු….”
” මොකක් කිව්වා….”
” ඔව් අද වැඩ ඇරිලා ගෙදර ඇවිත් නෑලූ. තාම හොයනවා. මෙහෙට කතා කරලා තියෙන්නෙ මෙහෙ ආවද බලන්න. “
” පුතා එහෙට පොඩ්ඩක් ගිහින් බලන්න එහෙනම්…”
” ඔව් මම එහෙට ගොඩවෙලා එන්නම්…”
අම්මලගේ බලාපොරොත්තු බිඳවැටුණු මුහුණු මට අදත් මතකය. ඒකී හරියන එකක් නොවන බව කටින් නොකිවාට හිතින් කියා අවසන් බව මට තේරෙයි. කමිසයක් ඇඳ මම පාරට වැටුණි. දෙනෝ දාහක් යනෙන පාරේ මා තනි වූ බව මට හැගෙයි. පාරේ වාහනයකවත් සද්දයක් නැති සිහින් පිටියක ඇවිද යනවාක් වගේ මට දැනෙයි. පාළුව තනිකම මගේ දෛවය බව මම වටහා ගත්තෙමි.
මමත් වෙන්න මස්සිනා පොඩ්ඩත් පොලිසියට ගොඩවී පැමිණිල්ලක්ද දැමූහ. ජානකිගේ ඇහිපිල්ලමක් වත් දැන් නැත. හිස් දෑතින් හැමෝම රාත්රිය වැළඳ ගත්හ. අම්මාත් අප්පච්චි ත් මගේ අනාගතය ගැන තීරණ ගන්නා හඬ නොනින්දේම මට යාන්තමට ඇසෙයි. තව නම් මට කාවවත් ඕනෑ නැතැයි කියා කෑගහන්නට හිතයි. ඒත් ඕනෑ නෑ කියා මම නිදාගතිමි.
” සර්…. සර් ව හම්බෙන්න විසිටර් කෙනෙක් ඇවිත්…. මම ඔෆිස් එකට එවන්නද…? “
” එපා…. එයාව විසිටින් බෙන්ච් එකට ගන්න මම එන්නම් විනාඩි දහයකින්.”
මේ නම් ජානකී ම විය යුතුය. තමන්ගෙන් සිදු වූ වරද ගැන කියා යන්නට විය යුතුය. මට වෙන අතක් බලාගන්න කියාවී. එයාට කෙනෙක් ඉන්නවා කියාවී සමහර විට මට පෙන්නාවී. මම හිතින් හිතාගන්නට වුණි. කාර්යාලයෙන් බේරුමක් නැති ප්රශ්න වලට උත්තර ඉන් පසු සැපයීම ගැනත් දැන් දැන් මට සිතෙයි.
” අයියේ…. මොකද මෙහෙ….”
” මල්ලි… අනේ බං මං මෙහෙම ඇවිල්ලා කරදර කළානම් සමා වෙන්න…”
” පිස්සුද එහෙම ප්රශ්නයක් නෑ…. ජානකී ව හම්බුණාද…? “
” මං මේ ඒ ගැන කියලා යන්න තමයි ආවේ මල්ලි…”
” මොකක්ද… ඇයි මොකක් හරි අවුලක් ද අයියේ…”
” නංගි ඊයේ පැනලා ගිහින් කසාද බැඳලා මල්ලි…”
” මම ඒක දැනන් හිටියා අයියේ… “
” මොකක්… “
” ඔව් අයියේ…. පළවෙනි දවසෙම මට මට කතා කරපු හැටියෙන් මට තේරුණා කෙල්ලගේ අකමැත්තෙන් මේ මඟුල් හොයලා තියන බව අයියලා….”
” ඒ කියන්නේ ඒකි මල්ලිට සේරම කිව්වද…? “
” අපෝ නෑ අයියේ…. එයා මුකුත් කිව්වේ නෑ හැබැයි එයා තමයි ටික කාලයක් ආශ්රය කරලා බලන්න ඕනේ කියලා මට කියලා ඔයාලට කියෙව්වේ. එහෙම කියද්දිම මට හිතුණා මොකක් හරි අවුලක් තියෙනවා කියලා. මම මුකුත් නොකියා හිටියේ අපේ අම්මලගේ හිත රිද්දන්න බැරි නිසා….”
” උඹ මාර කොල්ලෙක්නේ බං…. අනේ මට සමාවෙයන් මල්ලියේ…. ඇත්ත අපි තමා වැරදි…. “
” පිස්සුද අයියේ…. එහෙම කිසිම ප්රශ්නයක් නෑ මට අයියලා එක්ක… දැන් අයියලා කොහොමද දැනගත්තේ මේ ගැන…. ජානකී කෝල් කළාද…? “
” මොන කෝල්ද ආන් දවල් ගෙදර ආවා… දෙන්නා එක්කම… මම බැනලා පන්නගත්තේ…. උන්ට ඕන විදියට ඒවා කරගත්තනම් තනියම හිටපුවාවේ…”
” හරි හරි… අයියේ… මේ අපිට මේවා මෙහෙම කතා කරන්න බෑ… මාත් දැන් වැඩනේ… මෙහෙම කරමු…. නංගිගේ කසාදෙටත් යන්න බැරි වෙච්ච එකේ… මොකද කියන්නේ හවසට කසාද පාටියක් දාමුද….? “
” මල්ලි උඹ නම් මාර මිනිහෙක් බං. වෙන මිනිහෙක් නම් මටත් බැනලා පන්නගෙන. උඹලා වගේ කොල්ලන්ට අපේ නංගිලා හරියන්නේ නෑ බං…. එහෙනම්… හරි…. මම අපේ ගෙදර සේරම ලෑස්ති කරන්නම්…. මල්ලි එහෙනම් හවසට එන්න ඕනේ….”
” අනිවාර්යයෙන්…. මම එනවා…. හරි අයියේ මම ඔෆිස් එකට යන්නම්…. අයියා එහෙනම් පරිස්සමට ගෙදර යන්නකෝ….”
” හරි මල්ලි එහෙනම් හවසට…. මතක ඇතුව එන්න ඕනේ….”
එදා හවස මම කසාද බැන්දෙමි. ඒ රතට හුරු ලෝකල් vx කෙලි බඩුවකි. අයියා ගානේ ගෙනා දෙවරක් පෙරන ලද පොල් අරක්කු බෝතලේ භාගයක් යද්දීම මම ඒකලාගේ බෑණා වුණි. මගේ ඇදුම් බුරුල් කර ඇඳක නිදිකර තිබුණේ ඒ තාත්තාය. අයියාගේ බිරිය මගේ වමනේ පවා ඇද තිබුණි. කසාදය කෑවේ එහෙමය. මනමාලියක් නැතිව කසාද බඳින්නට දැන් දැන් මම හරි ආසා කරමි. ජිවිතේ කියාගන්න බැරි ආදරය ඇල්කොහොල් වලට උරාගන්නා අපූරුව විඳ ඇත් නම්…. උඹත් මගේම (ක)සාදයේ සාමාජිකයෙකි.
නිමි….

Hello everyone, it’s my first pay a visit at this web site, and paragraph is actually fruitful
in support of me, keep up posting such posts.
0mniartist asmr
Thanks designed for sharing such a nice opinion, article is pleasant, thats why i have read it fully
0mniartist asmr
Excellent way of explaining, and good article to get information about my presentation subject,
which i am going to deliver in academy. 0mniartist asmr
Hi mates, its fantastic article on the topic of cultureand entirely defined, keep
it up all the time. 0mniartist asmr
Hey there! Someone in my Myspace group shared this website with us so I came to check it out.
I’m definitely loving the information. I’m book-marking and will be tweeting this
to my followers! Exceptional blog and fantastic design and style.
0mniartist asmr