සිරකාර ආදරය – 13 කොටස

5
1660

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

13 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆


සතියක් එක් දිගට තවත් මිහාදි නිවාඩු දැමුවේ ආශීර් පෙර දා රාත්‍රීයේ ඉල්ලූ ලෙස ඔහුගෙ කාර්‍යාලය වෙත යෑමටයි… ආශීර්ගෙ කාර්‍යාල අසලට ගොස් ලය පිරෙන්න හොද හුස්මක් ගත්තේ ඇය කරන්නට යන දේ ගැන කුඩා දෙගිඩියාවක් සිත පුරා හොල්මන් කරද්දි…

කුමක් අද සිට සිදු වූවත්..කවුරුන් කුමන අවලාද නැගුවත් ඔහු වෙනුවෙන් ඔහු පසුපස සිටින බව ඇය ඇයටම සපථ කර ගත්තා..

” එස්කියුස් මී… “

පිලි ගැනීමේ නිළදාරිනිය වෙත ගිහින් ඇය කතා කරේ ආශීර් කවුරුන් වුවත් ඇගේ කාර්‍යාල භූමියට ඇතුලු විය යුත්තේ පිළිවලට බව..

” යෙස්… කැන් අයි හෙල්ප් යූ මෑම්..”

” අයි වෝන් ටූ මීට් මිස්ටර් ආශීර් “

” මිස් ඔයා එපොයිමන්ට් එකක් දාලද ආවේ.. මොකද නැතුව අපිට මිස්ටර් ආශීර්ව මීට් වෙන්න දෙන්න බෑ…”

මිහාදි යමක් පවසන්නටත් මත්තෙන් ආශීර් ඔවුන් අසලට පැමිනියේ ඇය දෙසට සුන්දර සිනහවක් පා කරමින්.. ඒ සිනහව.. ඒ සිනහව ඇගේ නොසන්සුන් කරා..ඒ හිනාව වශීකෘතයි… ඔහුගෙ අලු ඇස්.. එහි බැල්ම මොහොතකට මිහාදිව ගල් කරා වගෙයි…

” මිහාදි මොකද්ද ලමයෝ මෙතන කරන්නේ ආ.. මන් ඔයා එනකම් ඉන්නවා මෙයා මෙතන…”

ඇය දෙසට පැමින ඇගේ දෑත් අල්ලා පවසන ආශීර් දෙස පිලි ගැනීමේ නිලධාරිනිය පුදුමයෙන් බලා සිටියේ ඔවුන් කවදාවත් ආශීර්ගේ මේ සිනහව දුටුවෙ නැති නිසයි..ඔහුගෙ රුව බෙහෙවින්ම කඩවසම්.. ඇයටත් දැනුනේ පුදුම ලෝබ කමක්… එමෙන්ම මිහාදි ගැන ඊර්ශාවක්..ලොවෙහි ස්ව්භාවය එයයි.. අන්සතු දෙයකට ඇලුම් කරමින් ඔවුන්ගෙ සමීපතමයන් හට ඊර්ශා කරනවා.. මිනිස් සිතෙහි ස්ව්භාවය එයයි.. අපට කිසිදා ඒ මිනිස් සිතෙහි හැගුම් කිසිදාක වෙනස් කරන්නට බෑ…

” මිස් නතාලි ආයේ මේ මැඩම් ආවොත් කිසි දෙයක් අහන්න එපා එවන්න මගේ කැබින් එකට හරිද.. එහෙනම් කෝ මැඩම් සැපත් වෙන්න මගේ මාලිගාවට..”

පිලිගැනිමේ නිලධාරිනියට පවසා ඉන්පසු මිහාදි දෙස හැරි යටහත් පහත්ව පැවසුවේ ඇය සිනහ සෙමින් ඔහුගෙ ඉල්ලීම පිලි ගනිද්දි…

කාර්‍යාලය තුල සිටි සැවොම බලා සිටියේ ආශීර් සිනහ සෙමින් සුන්දර තරුණියකගෙ දෑත අල්ලන් ඔහුගෙ කුටිය වෙත පිට වන අයුරුයි.. ආශීර් විසින් ඇගේ දෑත අල්ලා ගත් විට ඇගේ මුලු හිතම තිගැස්සී ගියේ හදවත ගැහෙනා වේගයත් ක්‍රමයෙන් වැඩි වෙද්දි.. ඉබේම ඇගේ දෑස් නැවතුනේ ඔහු හා පැටලී තිබුන ඇගේ අතැගිලි වෙතයි… ආශීර්ගේ ස්පර්ශය නිසා දැනෙන හැගුමන් ඇයට තෝරා බේරා ගන්නට බැහැ… නුපුරුදු මිහිරියාවකින් ඇගේ සිත පිරී යද්දී ඒ හා සමානය ඇගේ සිත බර වී ගියේ මේ බැදීම හුදෙක් මිතුරුකමක් පමනක්ම නිසයි.. ඇගේ සිතෙහි සැබෑ හැගුමන් කෙසේ වත් ඔහුට පවසන්නට වත් දැනෙන්නට වත් දිය නොහැකියි…

ආශීර්ට දැනුනේ එදා මුලින්ම ඇගේ දෑස් දුටු මොහොතෙ මෙන් තිගැස්මක්.. ඔහුගෙ රලු අතැගිලි අතර ඇගේ සීතල සිනිවු අතැගිලි තෙරපී යද්දි දැනුන හිරි වැටීම අන්කිසිදා නොදැනුන බව නම් නිසකැයි… හිතම මිහිරියාවකින් පිරී යනවා.. දැනනෙන්නේ සැහැල්ලුවක්..මුලු ලොවින්ම සැගවුනා වැනි හැගීමක්..

ඔහුගෙ කුටියට ඇයව රැගෙන විත් ඔහුගෙ අසුනෙහි ඇයව වාඩි කරවූයේ ඇය වට පිට බලමින් දගලද්දි..

” ඒයී ඒයි පොඩ්ඩක් දගලන්න නැතුව ඔතන වාඩි වෙලා ඉන්නවකො.. මොකාද එකා වගේ වටේම හැරි හැරි දගලන්නේ..”

” ආශීර් මේ ඔයාගේ සීට් එක..මොකද්ද අනේ මේ කරන්නේ ඔයා..කෝ මට නැගිටින්න දෙන්න…”

” අනේ මේ.. අද ඉදන් මගේ නෙමේ මේක ඔයාගේ.. ඔයා පොරොන්දු වුනා මන් එක්කම ඉන්නවා කියලා..ඉතින් ඔයා ඉන්න ඕනී මෙතන..මන් එක්ක..”

ඇගේ දෑස් දෙස බලන් ඔහු පැවසුවේ ඇය වශීවී ඔහුගෙ දෑස් දෙස තුල අතරමංව යද්දි…

” #ඉතින්_ඔයා_ඉන්න_ඕනි_මෙතන.. #මන්_එක්ක “

ඒ වදන් ඇගේ හදවත තුල නතර වී ගියේ
දෑස් තෙත්වී කදුලක් දෑසින් රූරා වැටෙද්දී..

━━━━━━━━━💚🖤💚

කාලය ඉගිලී ගියේ ආශීර්ගේ මෙන්ම මිහාදිගෙත් දිවියෙහි අපූරූ රූප රාමු ඇති කරමින්.. මිහාදි නිරතුරුවම ආශීර් අසල සිටිමින් සමාජෙන් ඔහුට එල්ල වන විවේචන අභියෙස් නොසැලී ඔහුව ශක්තිමත් කරේ ආශීර් ඔහුගෙ අරමුණට යා යුතු නිසයි…

කාලය ඉගිලී යන්නට මත්තෙන් මිහාදී ගැන ආශීර්ගේ සිතෙහි නමක් නොමැති අපුරූ බැදීමක අත්තිවාරම් ගොඩ නැගුනේ ඔහුටත් හොර රහසෙයි…

පුංචි පුංචි රන්ඩු.. මුරන්ඩුකම් එක්ක ආශීර් සමග ඇය සූදානම් වුනේ ආශීර්ගේ දිවියෙහි අලුත් පිටුවක් පෙරලීමටයි..

අදයි ඒ දිනය… ආශීර් ඔහුගෙ කම්පැනිය සදහා විශාල ව්‍යාපෘතියක් සදහා මහන්සී වී එය ලබා ගැනීමට සූදානම් වූ දිනයයි…

” ආශීර් මට විශ්වාසයි අද ඔයා දිනිනවා.. ඔයාගේ ජීවීතේ අද අලුත් පිටුවක් පෙරලෙන්නේ යන්නේ.. හිත සතුටින් යන්න..මන් ඉක්මනින් එන්නම්..”

මිහාදි විසින් එවූ කෙටි පනිවිඩය කියවා ඔහු ගිවිසුම අත්සන් කරනා හෝටලය වෙත ගියේ සිතෙහි හීන කන්දක් පොදි බැදන්…

නමුත් ඔහුත් සමග ගිවිසුමක් අත්සන් කෙරුමට තිබූ කම්පැනිය ඉදිරියේ ඔහුගෙ විරුද්ද වාදී නිලධාරින් විසින් ඔහුගෙ අතීතයෙහි කුණු උලුප්පමින් එය ඔහුගෙන් උදුරා ගත්තේ ආශීර්ගෙ සිත බොහෝ තලා පෙලමින්.. අද ඔහුට දැනුනේ ඔහු සම්පූර්ණයෙන් පරජය වී ගියා කියලයි.. මන්ද මේ සදහා ඔහු දිවා රෑ නොබලා මහන්සි වූවා.. සමහර දිනයන්හි කුසට අහරක් නොමැතිව මේ සදහා බොහෝ මහන්සි වූවා..නමුත් අද ඔහුට ඒ සෑම දෙයක්ම නැති වී ගිය විට දැනුනේ පුදුමාකාර පරාජිත හැගීමක්..

” සොරි මිස්ටර් ආශීර් ඔයා වගේ කෙනෙක් එක්ක අපිට මේ කර්ට්‍රෑක්(ට්) එක සයින් කරන්න බෑ.. රියලි සොරි…”

මේ මොහොතේ මිහාදි සිටියේ රෝහල තුලයි.. සවියට ඇයත් ඔහු අසල නොසිටි විට තවත් ඔහුගෙ පරාජිත හැගුම් වැඩි වී ගියා පමණයි…

සෑම දෙයක්ම අහිමි වූ විලසින් ආශීර් පිටව පැමිනියේ ඔහුගෙ නිවස වෙතයි.. කිසිවෙකු නොමැති නිවසෙහි දැනුන නිහඩ බව ඔහුගෙ හදවතට එක්කරේ තවත් පාලුවක්ම පමණයි… නමුත් ආශීර් නොදැන සිටි කරුන නම් අද ඔහුගෙ මේ පරාජය පිටුපස අදිසි හස්ථයක් ක්‍රියාත්මක වූ බවයි…

අප දෙයක් බොහෝ බලාපොරොත්තු වෙමින් එයටම කැපවී එය වෙනුවෙන් දිවා රෑ වෙහස වී උත්සහ දැරුවත් එය අපිට නොලැබී අපි පරාද වී ගිය විට කුමක්ද හදට දැනෙන්නේ.. මුලු ලොවම දෙපා මුල කඩා වැටී ගියා දැනෙනවා නොවෙද !.. මුලු ලොවෙන්ම සැගවෙන්නට සිතෙනවා නොවෙද !.. ආශීර්ටත් දැනෙන ඒ හැගුමන් වල කිසිදු වෙනසක් නෑ.. ඔහුට දැන් ඇවසි මුලු ලොවෙන්ම සැගවෙන්නයි.. ශක්තිමත් තරුනයෙකු වුවත් ඔහුගෙ සිත දුර්වල වී ගොසින්…

” උබ පැරදුනා ආශීර්.. උබ පැරදුනා.. උබගෙ අතීතේ නිසා උබ පැරදිලම ගියා..”

අදුරු කුටිය තුල සයනය පාමුල වැටී ඔහු නිවසම දෙදුරුම් කන ලෙස කෑ ගැසුවේ දෑතින්ම හිස කෙස් ඇද ගනිමින්… ඉවසන්නේ කෙසේද නැවතත් සෑම දෙයක්ම නැති වී ගිය බව.. මිහාදිත් මේ සදහා කෙතරම් කැප වූවාද..ඇගේ රාජකාරිත් අතපසු කරන් ඇය කෙතරම් ඔහු සමග මහන්සි වූවාද..නමුත් කුමක්ද සිදු වුනේ.. මිහාදිගෙ දෑස් වල බලාපොරොත්තුවේ හැගීම් මතක් වන විට ආශීර්ට දැනුනේ ඔහු ගැනම කේන්තියක්.. පනපිටින් හදවත දවා ලනවා වගේ වේදනාවක්… පරාජිත බවින් ඔබ්බට ගිය තමන් ගැනම හීනමානයක්…

කේන්තියෙන්ම ඔහු මුලු කුටියම ඇද කෑ ගසමින් බඩු බාන්ඩ කුඩු කර දැමුවේ දෑසින් කදුලැලි වැටෙද්දි….

බිද දැමූ වීදුරු බදුනක් පා මුලම ඔහු වාඩි වුනේ වීදුරු කටු වලට පාදය කැපී යන වග ගානක් නොමැතිව…

” උබ.උබ අර කෙල්ලගේ බලාපොරොත්තු නැති කරා යකෝ.. ඒකි කොච්චර මහන්සි වුනාද..උබ නිසාම ඒකිගෙ මහන්සියත් නැත්තටම නැති වෙලා ගියා..”

අත මිටි කරමින් ඇද විට්ටමට ගසා ගෙන ගියේ අත පැලී රුධිරය පිට වනවා වත් නොදැනෙන ලෙසයි.. වේදනාවක් දැනෙන්නේ නැ ඔහුට..හිතම පරාජයේ වළාවන් වලින් වැසී ගොසින්…

බලාපොරොත්තු කන්දක් සිතෙහි රන්දන් ඒ සෑම දෙයක්ම අතීතයෙහි ගත් එක් තීරනයක් හේතුවෙන් විනාශ වී යන විට.. කෙසේද හැගෙන්නේ සිතට… විනාශ වී යන්නට සිතෙනවා නොවෙද !.. හදවත කකියමින් දැනෙන වේදනාවට හුස්ම සිරවී යනවා නොවෙද !.. අතීතය වෙනස් කෙරුමට නොහැකි වූවත්..අතීතයෙහි අලු ගහා දමා නැගී සිටින්නට සදන විටත් එය කර නොහැකි වන විට මිය යන්නට සිතෙනවා නොවෙද !…විශාදය වැනි රෝග වලට මිනිසුන් ගොදුරු වන්නේ අපේ සමාජය නිසාම නොවෙද !.. කෙනෙකුව විවේචනය කරමින් ඔහුව පාගා ගමන විට ඒ පුද්ගලයා සිනහවෙන් ඒ දේ වසා ගත්තා ඔහුගෙ හදවත හඩා වැටෙනවා බොහෝ.. උත් ඔවුන් සිනහවකින් ඒ සියලුම දේ වසා ගන්නවා.. ඒත් ඇතුලතින් විදින වේදනා පිටතට පෙන්නුවා නම් ඔවුන් තවත් එයින් සතුටක් ලබනවා පමණයි..

ආශීරුත් අද අනෙක් අය ඉදිරියෙහි ඔහුගෙ පැරදුම සිනහවකින් දරා ගත් බව පෙන්නුවත් ඔහුව පරාජයේ වලාවන්ගෙන් ඒ මොහොතේ වසා ගෙනයි සිටියේ.. ඒ බව එහි සැගවී බලා සොටි අයෙකුගේ දෑස් වල හොදින්ම සටහන් වූවා.. ඒ, ඒ ආගන්තුක රුවගෙ දෑස් සතුටින් පුරවාලමින්…

අදුරු කුටියෙහි දෑත් දෙපා තුවාල කර ගනිමින් කල්පනා ලොවෙහි නිමග්ගව සිටි ඔහු කල්පනා ලොව බිදී ගියේ කුටියෙහි ද්වාරය අසල ඇසුන ඉකිබිදුම නිසයි .. දෑස් හරවා බැලු ඔහු දුටුවේ…..


───── ❁🖤❤️🖤❁ ─────

ඔව් ඔහු දුටුවේ මොකද්ද ?

ඇත්තටම කතා ලියන්න එපා වෙනවා.. වෙනදා මන් එක්කම හිටිය ගොඩක් අය මගේ මේ කිසිම කතාවකට කැමති නෑ වගේ..මට නම් මාරම දුකයි..

හ්ම්ම්..කමක් නෑ ඉතින් කතාව..මගේ අදහස් ලස්සන නැති නිසා වෙන්න ඇති නේ ඒ..

පුලුවන් නම් පේජ් එකට ඉන්වයිට් ටිකක් දාලා කතාව ශෙයා කරන්න.. කැමති නැත්නම් එපා 🤗🤗

මන් #මේධී..

අද කතාව කොහොමද ?
+1
8
+1
72
+1
13
+1
3
+1
2
+1
1
+1
1

5 COMMENTS

  1. The other day, while I was at work, my sister stole my apple ipad and tested to see if
    it can survive a forty foot drop, just so
    she can be a youtube sensation. My iPad is now destroyed
    and she has 83 views. I know this is completely off topic
    but I had to share it with someone! asmr 0mniartist

  2. You actually make it seem really easy together with your presentation however I to find this matter to be really something which I think I might never understand.
    It sort of feels too complicated and very extensive for
    me. I am having a look ahead for your subsequent post, I will attempt to get the grasp of it!
    0mniartist asmr

  3. Hey very nice website!! Man .. Excellent .. Superb ..
    I will bookmark your website and take the feeds additionally?
    I’m glad to search out a lot of useful info right here within the submit, we need work out extra techniques in this regard, thanks for sharing.

    . . . . . asmr 0mniartist

  4. Please let me know if you’re looking for a article author for your blog.
    You have some really good posts and I believe I would be a good asset.
    If you ever want to take some of the load off, I’d really like to write some articles for your blog
    in exchange for a link back to mine. Please send me
    an email if interested. Thank you! asmr 0mniartist

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here