තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…
┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓
අරුම පුදුම හනිමූන් එක.. 😉😉😉
“අත තියන්න එපා මගෙ ඇගට”
“මොනාද බබා ඔයා මේ කියන්නෙ?..අද අපේ හනිමූන් එකනේ……”
මේකිට මොන යකෙක් වැහිලද ඇත්තටම..?
මං බැලුවෙ ඇස් දෙකත් දොඹ ගෙඩි වගේ කරගෙන මං දිහා බලන් ඉන්න සනුලි දිහා.
“මැඩම් මේ….ලොකු සීන් දෙන්න එන්න එපා ඉතින් අද හරිද…..දැන් ඔයා මගෙ වයිෆ්…මම ඔයාගෙ හස්බන්ඩ්….මේක අපේ ෆස්ට් නයිට් එක….ඕකේ……”
කෙල්ලගේ උරහිසෙන් අත තියලා මම මගෙ දිහාවට ඇද ගත්තා…
“උම්මා වැස්සක් දෙන්නද..?”
“උඹව මරනවා…අත ගනින්..අත ගනින්…….තමන්ගෙ අම්මගෙ වයසෙ ගෑනියෙක් ගෙ ඇගට අත තියන්න ලැජ්ජ නැද්ද තමුන්ට…….අත ගනින්න්…….”
“ඈ……..” වෙනදට නම් උම්මා එකක් දුන්නෙ නැත්තම් මැරෙන්න හදන මේකි.අනේ අයියේ අනේ හුයියේ ගගා…
කෙල්ලගෙ ඇස් දෙක මම දැක්කෙ ඒ වෙලාවෙ…ඇත්තටම මම බය උනා….කෝකටත් කියලා අඩි දෙකක් පස්සට පැන්නා.
“සනූ…..ජෝක් කරන වෙලාවක්ද මේක…..මොන අන්ඩර දෙමළයක් ද කියවන්නෙ ආ……”
කෙල්ල නෙවෙයි මාව සතේකට ගණන් ගත්තෙ…ඇඳ උඩ තියෙන ටවල් එකත් අරන් බාත් රූම් එකට ගියා..
ඇවිදින විදියෙත් අවුලක්ද…..?මම ඇස් දෙකත් පොඩි කර කර බැලුවෙ මගෙ ඇස් වල අවුලක්ද කියලා……නෑ…..සනූ කොර ගහ ගහ යන්නෙ.
යකෝ මේකිට මොනා වෙලාද….වෙඩින්ග් එකේ ස්ට්රෙස් එකට මේකි මොංගල් වෙලාද අප්පා…..
මම ඇද උඩ වාඩි වෙලා සපත්තු දෙක ගැලෙව්වෙ මුළු දවසෙම දාගෙන ඉදලා කකුලුත් රිදෙන නිසා..තාමත් ඒ සිද්ධිය හිතට වද දෙනවා..මොකක්ද අර අම්මගෙ වයසෙ කතාවක් කිව්වේ…….😫…නාගෙන ආවම ඔය වයර් මාරු වුණ ගතිය ඇරිලා යයි.
අද තමයි අපේ වෙඩින්ග් එක තිබ්බේ…සනූ කියන්නෙ කැම්පස් කාලෙ මගේ ලව් එක😑.මම සීනියර් එයා ජූනියර්…..අන්තිමට ඉතින් කැම්පස් අවුට් වෙද්දි මට ඩිග්රියත් එක්ක වයිෆ් කෙනෙකුත් ලැබුණා.ඔව්..ඔව්ව්….ඩබල් බෝනස්.😁
අඩි පහයි අගල් 7ක් උස මමයි අඩි 4 මේ කොට කෙල්ලයි කැම්පස් එකේ ෆේමස් කපල් එකක් ඒ කාලෙ😅..සනූ හරි හුරතල් අප්පා..ආදරේ කරපු පළවෙනි දවසෙ වගේම අපි තාමත් ආදරෙයි…මම වගේ ජොලි පොරකට හරි යන කෙල්ලෙක් මට ලැබුණෙ මගෙ වාසනාවට.අපි දෙන්නා ඉතින් තකට තක.
“ඒ යෝදියේ..බාත් රූම් එකට ගිහින් පැයකටත් වැඩි…එන්නෙ නැද්ද..මට මේ මගුල ඇදගෙන ඉදලා එපා වෙලා වොෂ් දාන්න ඕන……එනවා……..”
පැයක් විතර තිස්සේ මේකි ඇතුළේ.මං දොරට තඩි බෑවෙ බලන් ඉදලා බැරිම තැන.
නෝ කතා.
“සනූ…සනූ….ඇත්තටම තමුසෙ දියබරියෙක්ද ඕයි….තමුසෙලගෙ අම්මලා මට දුන්නෙ දිය බරියෙක් ද..?”
ඒකටත් උත්තරයක් නෑ කිහාංකො..ඔන්න බොලේ එන්නයි හදන්නේ…
මං දොර ඇරෙන පැත්තෙන් බිත්තියට හේත්තු උනේ ලොකු සීන් දෙනවට හොද පාඩමක් උගන්නන්න මේකිට..මොංගලී….ආවදෙන්කෝ..උස්සලා පොළවෙ ගහනවා ටවල් එක පිටින්….මේ සිහින එක්ක හැප්පෙන්න හහ්…
දොර ඇරුණා…මාත් පැන්නා ඉස්සරහට…..
හුටා……..
“මොකක්ද උඹ කරන්නෙ හිච්චි එකෝ……මැරුම් කන්න ආසද……”
“ස….ස…නූ……මොකක්ද ඔය ඇදගෙන ඉන්නේ………..”
මල් මල් චීත්තෙකට බෝරිච්චි අත් දාපු ලොකු හැට්ටයක් ඇදගෙන මේකි බලියක් වගේ….මේක කොහෙන්ද බාතෲම් එකට ගියේ….
“මොකක්ද බන් මේ කරන විකාරෙ හැබෑටම….?”
ආයෙත් උත්තරයක් නෑ……යකෝ දවසෙම වෙඩිමෙ කට්ට කාලා රිලැක්ස් වෙන්න ආවා මදැයි..මෙතන නරලොව හොලමන්..
“එන්නයි තොටාරික්කල්……එන්නයි තොටාරික්කල්……..”
අර කුණ්ඩවාලෙත් ඇදගෙන පිස්සු හැදිච්ච එකියක් වගේ මේකි මගෙ ළගට එන්න ගත්තනෙ….කොණ්ඩෙත් කඩලා දාලා….සිරාවටම මෝහිනී වගේ දෙයියනෙ..බෙල්ල මිරිකන්න ද එන්නෙ අත දික් කරන්.
ළග පාතක ආරක්ෂිත ස්ථානෙකට කියල තිබ්බෙ බාතෲම් එක විතරයි බන්.මං ඒක ඇතුලට පැන ගත්තා.
“ඉතිපිසෝ භගවා…ඉතිපිසෝ භගවා…..”
ගෑනු යකින්නියො වගේ කියලා කතාවට හිනාවෙවී කිව්වට ප්රැක්ටිකල් දැක්කම ඕන එකෙක් බය වෙනවා..
මොකක්ද යකෝ මේ වෙන්න යන්නේ..මොකක්ද දැන් මං කරන්නෙ.
ටසිරි..ෆෝන් එක..
ෆෝන් එක අතට අරන් මං කල්පනා කලේ කාටද කෝල් කරන්නෙ කියලා…අම්මට කියනවද…නෑ……..නෑ….ඒ මනුස්සයා බය වෙයි…..එහෙනම්…..කාටද දෙයියනේ කියන්නේ……….
ආ……………
මතක් උනා..මලිතයට ගන්නවා…..මලිතගෙ නම්බර් එක ඩයල් කළා.
මලිත කියන්නෙ කැම්පස් එකෙ බොක්කක්..ඌත් ජූනියර් බැජ් එකේ….සනූගෙ ගමේමයි…සනූගෙ යාලුවා අන්තිමට මගෙත් යාලුවා උනා.
“හෙ…හෙ….ලෝ…..මලිතයා……”
“අඩෝ…..මොකද බන් සිහින….තෝ හනිමූන් ගිහින් ෆෝන් එක බදාගෙන මගුලක් කරනවද……”
ඔය ඉතින්..ගත්ත ගමන් මේ යකා මගුලක් කියවනවා කියන්න හදපු එක අහගන්නෙ නැතුව..
“දෙයියන්ගෙ නාමෙට කට වහගෙන කියන එක අහපන් හු@#$…”
“අඩ්ඩේ…..හරි හරි කියපන්කො බලන්න….”
“සනූ….සනූ ට යකෙක් වැහිලද කොහෙද බන්…….” මේවා කියලත් බෑ නොකියත් බෑ…කරන්නම දෙයක් නෑ.මං ඉතින් කිව්වා.
“ඈ……😅 ඔහොම තමයි බන්.ඔය දවසට ගෑනු යකෙක් වැහිලා වගේ තමයි ඕයි ඉන්නේ…..මිනිහා දැනගන්න ඕන පූසෙක් වගේ කරගන්න😁තෝ නම් අනේමන්දා..”
“යකෝ @#$%# තොට ඩෝප් ද….එහෙම එකක් නෙවෙයි මිනිහෝ….. මං කියන්නෙ……”
මූ නම් මගෙ ඉවසීම පන්නන්නයි යන්නෙ…ඒ අස්සෙ අරකිගෙ සද්දයක්වත් නෑ…..මොන කෙංකෙඩියක් කරගෙනද දන්නෙ නෑ ඒ පැත්තෙ.
හෙමීට දොර ඇරලා ඔළුව දාලා බැලුවා..මොනවා උනත් මගෙ ගෑනිනෙ….
යකෝ පිහියක් අරගෙන මොනවද කපනවා…දෙහි නේද….?
“හෙලෝ……හෙලෝ…..කෝ යකෝ තෝ…..ඔය ෆෝන් එක තියලා ගෑනි ලගට පලයන් දැන්වත්….”
ආයෙ කෝකටත් කියලා දොර වැහුවා මම.
“මිනිහෝ ඒකි දෙහි කපනවා…..මොනවද යකෝ මේ වෙන්නෙ….?”
“ඉතින් යකෝ තෝ මෙතනට වෙලා ෆෝන් එකේ එල්ලිලා ඉද්දි මොන ගෑනිද දෙහි කපන්නෙ නැත්තේ…හනිමූන් එකනේ මනුස්සයෝ අද..”
මුගෙ ආච්චිට…….
“මං කියන එක හොදට අහපන්..තෝව මරනවා තව මොකක් හරි ගොන් කතාවක් කිව්වොත්….”
බාතෲම් එකත් හෙල්ලිලා ගියා ද කොහෙද මගෙ සද්දෙට.
“ඈ….කියපන්…..කියපන්…”
මං අකුරක් නෑරම වෙච්ච සිද්ධිය කිව්වා….ඒ පාර නම් පොර සයිලනට් වුණා..
“මලිතයා…..කෝ උඹ….මොකෝ කතාවක් නැත්තේ……….”
“ම……මචං…….උඹ කලබල..වෙන්න එපා මේක අහලා……මේ……..”
“මොකක්ද මිනිහෝ…කියපන් ඉක්මනට….උඹ දන්නවද මොනවා හරි……”
“මේකයි බං….සනූලට හිටියලු ආච්චි කෙනෙක්…..අවුරුදු සිය ගාණකට විතර ඉස්සර……මං අහලා තියෙන විදියට ඒ ආච්චි ටිකක් අමුතුයිලු..එයා ගුරුකම් එහෙමත් කරනවලු ඒ කාලෙ….කොහොමහරි ගෙදර අය එයාව බලෙන්ම කසාද බන්දලා……බැදලා ඉතින් ඒ මනුස්සයගෙ ගෙදර එක්කගෙන ගිහිල්ලනේ………..හැබැයි…………..”
“මොකෝ යකෝ නැවැත්තුවෙ….කියපන්….හැබැයි මොකද……?”
“උදේ බලද්දි ඒ මිනිහා මැරිලා හිටියලු…..ඇගේ නම් කිසිම තුවාලයක් තිබ්බෙ නෑලු….දෙහි අනන්මනන් තිබුණලු ගේ ඇතුලේ..පූජාවක් කරපු තැනක් වගේ……ටික දවසකට පස්සෙ ඒ ආච්චි ත් මැරිලා හිටියලු කැලේ…මං හිතන්නෙ සියදිවි නසාගෙන ද කොහෙද…මට පේන විදියට ඒ හොල්මන සෙනූගෙ ඇගට වැහිලා…ආ බන් මේ..කකුලෙ කොරේකුත් තිබ්බලු…හෙලෝ….උඹ අහගෙනද……සිහිනයා?”
මම ඩිම් වෙලා ගියා…..කියන්න දෙයක් මතක් උනෙත් නෑ..ගල් ගැහිලා වගෙ ෆෝන් එක කනේ තද කරගෙන.
පුදුම හනිමූන් එකක්නෙ සිහින තොට ලැබුණේ….ගුරුකම් කරන ආච්චි අම්මා කෙනෙක් එක්ක හනිමූන්.උඹේ ලක් එක නම් කියලා වැඩක් නෑ…
මං මටම කියාගත්තා.
“හෙලෝ…..හෙලෝ….කෝ යකෝ උඹ..?”
මං කෝල් එක කට් කලා..
දෙයියන්ට ඔප්පු වෙච්චාවෙ..දැන් මං මොකක් කරන්නද…
ටැප් එක ඇරලා දාලා මූණ අල්ලගෙන හිටියා..මට පිස්සු හැදෙන්න ඔන්න මෙන්න…
කරන්න දෙයක් නෑ..සනූගෙ අයියට කෝල් කරනවා…..මෑන් ආච්චි එලවන ක්රමයක් දන්නවා ඇති…
මම පොරට කෝල් එකක් ගත්තා…පුලුවන් ඉක්මනට එන්න කියලා විතරයි කිව්වෙ….ආච්චිගෙ කතාව කිව්වොත් ඕකා එන්නෙ ගෙදරත් ගිනි තියලනේ..
ටක්….ටක්…..ටක්…..
දොරට තට්ටු කරන සද්දයක්….ශුවර් එකට මෑන් වෙන්න ඇති…….
හත්තිලව්වයි…අර ආච්චි…නෑ නැ සනූ ගිහින් දොර අරියිද….
මං එළියට ගියොත් මාව මරයි….මග හිටියොත් අඹු නසී ගෙදර ගියොත් තෝ නසී…
එක්කෝ මාලන් අයියට කරදරයක් කරන එකක් නෑ…මුණුබුරෙක්නේ….මං එක්ක තමයි ගෑනිට ප්රශ්නෙ ඇත්තෙ…යකෝ….මං හනිමූන් යන්න ආවෙ සනූ එක්ක තෝ එක්ක නෙවෙයි ආච්චියේ..
කල්පනා කරලා තීරණයක් ගත්තා..මාලන්ම ඇවිත් දොර ඇරපුවාවෙ.බාතෲම් එකේ දොර බදාගෙන මං අහගෙන හිටියේ එලියෙ වෙන්නෙ මොනාද කියලා.
“අයියා….ඔ……යා ඇයි මෙහේ….”
“හක්ක පටස්….ඒ සනූ නේද…ආච්චි ගිහින්ද එතකොට……..” යකෝ ඒ මොකක්ද උනේ.
“කෝ නංගි සිහින….මිනිහා මට කෝල් එකක් දුන්නනෙ එන්න කියලා..ප්රශ්නයක් ද මොනාහරි..”
“වට්…..සිහින බාතෲම් එකේ අයියා…..අයියෝ…..එයා මෝඩ ජෝක් එකක් තමා කරලා තියෙන්නේ😅..ඔයාට මරු බයිට් එක දීලා තියෙන්නේ…….”
යකෝ මේකි….මුකුත් උනේ නැති ගානට කතා කරන හැටි…තාමත් අර ආච්චි ඇදුමෙන්ද දන්නෙ නෑ.එක්කො නැතුව ඇති..එහෙනම් මාලන් අහනවනේ ඔය මොකද කියලා…අර්ර්ර්…දොර ඇරලා බලන්නත් බයයි…මාලන් මාව මරයි එහෙන්…කොහොමහරි කමක් නෑ සනූට දැන් හොදයි නම් එච්චරයි😫
“බයිට්….අනේ අම්මපා මම ඕකට…..අල්ලගන්නම් කෝ මං…..”
“හිකිස්…අයියා දැන් යන්න….පස්සෙ අල්ලගන්නකෝ සිහිනව…අද එයා මගේ…..”
සනූගේ පරණ පුරුදු කිංකිණි හිනාව…දැන් තමයි සැනසීමක් දැණුනේ….හැබැයි පුතෝ මාලන් නම් උඹට දෙයි හොද පරිප්පුවක්….වෙලාවට තොපි දෙන්නා පරණ යාලුවො උනේ..ගොඩින් ශේප් කරගන්න පුලුවන් වෙයි😒
“හරි….මං කැපුනා එහෙනම්…සිහිනයට කියන්න මම ඌව අල්ලගන්නම් කියලා….උඹටම හරියන මොංගලයෙක්….”
“යනවකෝ අයියා කරදර කරන්නෙ නැතුව….ඩිස්ටර්බ් කරනවනෙ හලෝ ඔයා…..ඉඩියට්……”
“දඩාස්..”
දොර වහන සද්දෙ.කට උල් කර කර කියවලා මාලන්ව තල්ලු කරලා දොර වහන හැටි මට මැවිලා පෙනුනා.
හුරතලේ වගෙද මේකි කලින් කරපුවා….
හුටා…..ආයෙත් ඇගට එයිද ඒ ආච්චි….කපටිකමක් කරලා මාලන්ව යැව්වාවත්ද….හොල්මන් විස්වාස කරන්න බෑනෙ යකෝ සිහින..මේක ඇතුලට වෙලා හිටියෙ නැතුව මාලන් ආපු වෙලාවෙ එලියට පැනගන්න තිබ්බේ……දැන් නම් උඹට ජීවිත කාලෙම මෙ ලැට් එක අස්සෙ තමයි ඉන්නෙ වෙන්නෙ😫
“සිහින………….සිහින……එන්නෙ නැද්ද ගොනෝ ඕකෙන් එලියට……..”
හම්මට….මගෙ හොල්මන් සුරංගනාවි කතා කරනවා මට..
උඹ උත්තර නොදී හිටපන්…ඕවා ආච්චිගෙ මායම්ද දන්නෙ නෑ..
හිත එහෙම කිව්ව නිසා මං සද්ද නැතුව හිටියා.
“සිහින………එන්න ළමයෝ දැන්වත්…….බලනවා වෙලාව……”
යකෝ දහයයි වෙලාව…මේකිට දැන් තමා වෙලාව මතක් වෙලා තියෙන්නේ…මෙච්චර වෙලා පිස්සු කෙලලා…
“කමන්නෑ….මං මෙහෙම ඉන්නම්..ඔයා නිදාගන්න…..”
මට ඇඩෙන්න ඔන්න මෙන්න..තාම රෑට කාලත් නෑ…වොෂ් දාන්න විදියකුත් නෑ..හපෝ මේක නම් කරුමයක්.
“හිකිස්…….”
කැකිරි පලනවා ඇහෙන්නෙ සනූ නේද….මොකද මේකි ඒ සැරේ හිනාවෙන්නේ…
“අයියෝ…..මගෙ ගොං අලියා…..මෙහෙ එනවා දැන් එළියට…………….රැවටෙනවා කියලා ඔහොමත් රැවටෙනවද අනේ……..”
මොකක් කිව්වා…..රැවටුණා….ඒකෙනම් ගතයුත්තක් තියෙනවා පුතේ….මේකි රගපෑමක් ද කලේ එතකොට..
“සනූ….ජෝක් ද……”
“එනවකෝ සං එළියට……හිකිස්……..ආච්චි ගියා……..”
ඕන මගුලක් කියලා මං එලියට ආවා…දෙහිත් නෑ…ආච්චි ඇදුමුත් නෑ……චූටි පටි තියෙන රතු පාට කොට ගවුමක් ඇදගෙන සනූ නම් හිනාවෙවී ඉන්නවා….හද එළියට දිලිසෙන සුරංගනාවියක් වගේ…..ඇත්තටම.
ඒත් මං ආයෙත් අඩියක් පස්සට ගත්තෙ ආච්චි මතක් වෙලා.
“මොකෝ සීනියර් මහෝත්තමයා….බය වෙලා ඉවරද………………?”
මේකි හිනාවෙනවා.
“සීනීයර් මොකා…..”
සනූ නැගිටලා මගෙ ළගට ආවා…..දිගම දිග කොණ්ඩේ අඩිය තියන තාලෙට ලස්සනට දෙපැත්තට වැනෙනවා….චීස් බෝලෙ මගේ…..හරිම ලස්සනයි…..ඇස් පුරාම මං ඒ ලස්සන විද ගත්තා.
“මගෙ සීනියර් අයියේ…..ආච්චි කෙනෙක් ටත් බයයි නේද……දෙහි කපලා ඉවරයි…..බබා…..හිකිස්……”
මේකි මාව ගොනාට ඇන්දුවද එතකොට….
“කියනවා කියනවා මොකක්ද දැන් ටිකකට කලින් නටපු නාඩගම…”
මටත් මලපැනගෙන එන්නෙ.
“හෝ…හෝව් සීනියර් මහෝත්තමයා…….හිකිස්……ඔබතුමාට මතකද ඔබතුමා මා දුටු මුල්ම දිනයේ මා හට ලබා දුන් රැග් එක……….පවසන්න…”
“නෑ….”
“අන්න බලන්න ඉතින්…..අපිට නම් හොදට මතකයි……මතකද භූත ගුහාවක් වගේ එකක් හදලා ජුන්නෝ ටික ඒකට දාලා බය කළා අපිව……”
ටසිරි……ඔව්මයි..එහෙම කලා තමයි…මේකි බය වෙලා කලන්තෙත් දැම්මා එදා……ඒකෙන් තමයි අපි සෙට් උනෙත්😒…ඒත් මේකි දැන් මොකද ඒක මතක් කරන්නෙ……”
“මතක් උනා නේ😒😅……දැන් හරි….රිටර්න් එක දුන්නා…මලිතයත් සප් එක දුන්න නිසා ගොඩ….”
“යකෝ…එතකොට මේ ඔක්කොම කලේ මාව බය කරන්නද මෝඩියේ……….😠”
“ඔව් ඔව්…ඇයි මොකද සීනියර් ලොක්කා….මම එදා බය උනාම මට හිනා උනානේ ඕවට බය වෙනවද කියලා…..පම්පෝරි ගැහුවනේ යකෙක්ටවත් බය නෑ කියලා…..හූ………….එක්කෙනෙක් අපේ අයියටත් කෝල් කරලා………”
මේ ඔක්කොම රගපෑමක් කිහාන්කෝ…මලිතයත් හවුලේ….ඕකවත් රැග් කලානෙ අපි…..තොටත් හොද වැඩේ සිහින අම්මපා…..මිලාන් අයිය හිනාවෙයි සීන් එක දැනගත්තම..ගොනා වගේ කෝල් කලාම සීන් එක කිව්ව නම් බොරුව එවෙලෙම අහුවෙනවනේ……සැක්
“සනූ තමුසෙට මම…….ඉන්නවකෝ……”
මේකි දුවන්න ගත්තෙ නැතැයි කාමරේ වටේ…..
අල්ලගත්තා…..හම්මෝ හති බන්.
“ඉන්නවකෝ මැණික උඹට අද මම නියම යකා පෙන්නන්නම්…..වොෂ් එකක් දාගෙන එනකල් ඉන්නවා……….”
“හූ……හූ…………..බයගුල්ලා……හූ……………….”
“ඉන්නවා එනකල්……යක්ෂණී……”
මං කෑ ගැහුවෙ වොශ් දාන ගමන්..
හිනාවෙන්න එපා බන්…..ගෑනු ඔහොම තමයි….හත් අවුරුද්දකට කලින් උඹෙ අතින් වෙච්ච දෙයක් උනත් මතක තියන් ඉදලා පළිගන්නවා….එක්කෝ හින්ට් එකක් හරි ගහනවා….පරිස්සමෙන් ඈ….එහෙනම් කොල්ලෝ අපි ගියා….අරකි කෑගහනවා බඩගිනියිලු…දැන් ඉතින් කාලා නිදාගන්නවා…මොන හනිමූන්ද😒💔
බායි.
ප:ලි…යකාගෙ හනිමූන් එක ඒක.😫😂
වෙනස් කතාවක් ලියන්න හිතුනා ලමයි🙊❤️
හංසි✍
උපුටාගැනීමකි.

Its like you read my mind! You appear to know so
much about this, like you wrote the book in it or something.
I think that you could do with a few pics to drive the message home a little bit, but instead of that,
this is fantastic blog. An excellent read.
I will certainly be back. asmr 0mniartist
Thanks for your marvelous posting! I definitely enjoyed reading it, you could be a great author.I will make sure to
bookmark your blog and may come back later in life. I want to encourage yourself to continue your great job, have
a nice afternoon! 0mniartist asmr
I was extremely pleased to uncover this web site.
I want to to thank you for ones time just for this fantastic read!!
I definitely liked every bit of it and i also
have you bookmarked to check out new information in your website.
asmr 0mniartist
Thanks for sharing your thoughts about asmr.
Regards asmr 0mniartist
If you are going for best contents like I do, simply pay a quick visit this site everyday because it offers
feature contents, thanks 0mniartist asmr
Hi there! I know this is kinda off topic nevertheless I’d figured
I’d ask. Would you be interested in trading links or maybe guest writing a blog article
or vice-versa? My website discusses a lot of the same subjects as yours and I think we could greatly benefit from each other.
If you are interested feel free to send me an e-mail. I look forward
to hearing from you! Fantastic blog by the way!
Also visit my web site :: delta 8 THC area 52