සිරකාර ආදරය – 14 කොටස

0
1778

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

14 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆

” ආශීර්…”

ඇය ඔහුගෙ නාමය පවසමින් ඔහු දෙසට ඇවිද ගියේ කදුලු බිදු දෙකොපුල් පුරා රූරා වැටෙද්දි.. ඔහුගෙ දිනුම අද ඇය බලාපොරොත්තු වුවත් ඔහු නොසිතූ ලෙස ඔඅරාජ වී තිබුනේ ඇගේ හදත් කම්පා කරමින්.. දන්නවා ඔහුගෙ මහන්සිය අපතෙ ගිය බව නමුත් එය පැරදි ගියාට මුලු දිවියම එකම තැනක නතර කර සිටින්නට බෑ නොවෙද.. වැටුන තැනින් නැගටිය යුතුයි.. එවිටයි ඕනේම බාදකයන් දිනිය හැකි වන්නේ.. ඈ හොද හුස්මකින් ලය පුරවා ගත්තේ ඔහුගෙ අභියස ඇයටත් කඩා වැටිය නොහැකි නිසා.. දෙකොපුල් පුරා රූරා වැටුම කදුලු බිදු පිස දා ගෙන ඇය ඔහු අසලට පැමිනියේ ඔහු විනාශ කල කුටිය පුරා දෑස් ගෙන යමින්..

” ආශීර් ඇයි මේ ඇයි මේ වගේ ඉන්නේ ආ…”

ඔහු දෙස පහත් වී ඇය විමසුවේ ඇගෙ පාදයෙහි වීදුරු කටුවක් ඇනී සිදුරු වන කොටයි.. ඒ ගැන වත් වගක් නොමැතිව ඇය ඔහු අසලට ගියා..

ඒත් ඔහුට මතක් වුනේ බිම වීදුරු කටු පිරී ඇති බවයි.. ඒ නිසා පහත් වූ ඇයව අල්ලන් ඇද දෙසට ගියේ ඇගේ කකුල් වලින් වීදුරු කැබලි ඉවත් කරමින්.. ඒත් ඇගේ පාදය මේ වන විටත් මදක් කැපි ගොස් අවසානයි..

” මිහාදි එ.එපා..ඔතන වීදුරු කටු ..කෝ පරිස්සමෙන් එන්න…”

” මන් නෙමේ ආශීර් ඔයා පරිස්සමෙන් බලන්න කැපිලා ඔයාගේ කකුල..”

“අහ්..ඒක මොකද්ද ..කකුල කැපුනට ඒකේ වේදනාවක් නෑ අද මන් පැරදිලා ඉවරයි…”

අශ්වින් ඔහුටම උපහාසයෙන් සිනහ සෙමින් පැවසුවේ මිහාදිගේ දෑතින් අල්ලා ඇයව පරිස්සමෙන් යහන මත වාඩි කරවන විටයි…

ඔහුගෙ වදන් වේදනාවට පත් කරන්නේ මිහාදිගෙ සිතයි.. නමුත් හැකිද ඔහුට පැරදීමට දීමට..කෙසේ වත් බෑ එසේ වීමට දීමට නම්..මන්ද දිවියෙහි අපි ලබන පැරදුම් තමයි දවසක අපගේ ජයග්‍රහනයේ මාවතට දොරගුලු විවර කර දෙන්නේ..#පැරදුමක්_යනු_අවසානයක්_නොවෙයි..#පැරදුමක්_යනු_ආරම්භයයි..
කිසිදාක සිතන්නට හොද නෑ පැරදුමක් යනු සෑම දෙයකම අවසානය වග..අප සිදු කල යුත්තේ පැරදුම ආශීර්වාදයක් ලෙස දිවියට ගෙන එයටත් වඩා ඉදිරි අනාගතය සදහා මහන්සි වී වැඩ කිරීමටයි…

” ආශීර් පොඩ්ඩක් ඉන්න ඔයා ඔහොම.. එකටම තුවාල වලට බෙහෙත් දා ගමු..”

” එපා මිහාදි..ඒවා ඕනේ නෑ.. දැන් මොනවා වුනත් එකයි…”

ඇයව වලක්වමින් ඔහු පැවසුවත් ඔහුගෙ අත අත ඇර කුටියෙහි කබඩය අසල තිබූ ප්‍රෙථමාදාර පෙට්ටිය ගෙන ඔහු අසලට පැමිනියේ කෙසේද ආශීර්ගෙ සිත හදන්නේ කියා සිතමින්..දන්නවා මෙය ඔහුට දරුනු පහරක් වන්නට ඇති බව..සැකයක් නෑ ඒ ගැන නම්..මන්ද ඔහු මහන්සි වූ අයුරු ඈ ඇගේ දෑසින්ම දුටුවා..
නමුත් කෙසේද එක් පැරදුමකින් සියල්ල අවසන් කරන්නේ.. එය නම් කෙසේවත් සිදු වීමට දිය නොහැකියි…

ඔහුට ඖෂධ ගැල්වීමට සැදුවත් ඔහු ඇගේ අත ඈත් කරේ ඇයගෙ සිතට කෝපයක් එක් කරමින්.නමුත් ඔහුගෙ තත්වය දන්න නිසා කෙසේවත් බෑ ඔහු සමග කේන්ති ගැනුමට..මේ මොහොතේ ඔහු සමග කේන්ති ගතහොත් සිදු වන්නේ තවත් ඔහුගෙ සිත පෑරී යෑම පමනයි…

ආශීර් කෝ හොද ලමයා නේ.. බලන්න ඔයාගෙත් තුවාල..මගේ කකුලත් තුවාල වෙලා.ප්ලීස් ඒ නි.ස්.සා….

” මොකද්ද කියුවේ..කොහේද .කොහොමද වුනේ..ගොඩක් තුවාලද ආ..”

ඇය අවසන් කිරීමටත් ප්‍රෙතම ඈ මතට පහත් වී ඇගේ පාදය පරික්ශා කරේ කේන්තියෙන්..මදක් කැපී ලේ ගලන ඇගේ පාදය දුටුවම කෝපයෙන් ගිගිරුවේ මිහාදි ගැස්සී යන විටයි..

” තමුසෙට කියන්න බැරි වුනාද යකෝ තුවාල වුනා කියලා ආ.. බලනවා කොයි තරම් නම් ලේ ගලනවද කියලා..මහලොකු ඩොක්ටර් ඒත් මෙලෝ වැඩකට නෑ.. මෙන්න මෙහෙ දෙනවා ඔය බෙහෙත් ටික මගුල…”

ඇය ඔහු දෙස පුදුමයෙන් බලා සිටින විට ඔහු ඇගේ අතින් ඖෂධ උදුරා ගෙන ඇගේ පාදය ඔහුගෙ පාදයක් මත තබා ගෙන ඖෂධ ගැල්වීමට ආරම්බ කරේ ඇගේ විරෝදතා වත් ගනනට නොගෙන..

” ආශීර් මේ එපා..කෝ.එකටම ඔයාගේ දාමු අපි…”

” අනේ මේ කටපියාගෙන ඉන්නෝ තමුසෙ..මෙලෝ සියක් නැහැ.. ඔය කට පියාගෙන ඉන්නෝ මන් මේක ඉවර කරනකම්..”

ඇයට නැවතත් ගුගුර ඔහුගෙ කාර්‍ය ආරම්බ කරේ ඇයත් ඔහුට ඇවසි දේ සිදු කර ගන්නට කියා පවසමින් නිහඩව ඔහු දෙස බලා සිටිද්දි.. මේ සැමදේම සිදු කරේ ඔහු බව වත්.. මතක නෑ වගෙයි ආශීර් මේ මොහොතේ ඈ ඉදිරියේ හැසිරෙන්නේ… ආශීර්ගේ මේ සොයා බැලීම ලග ඇත්තටම මිහාදිට දැනෙන්නේ පුදුමාකාර ලෝබ කමක්..මන්ද ඔහුගෙ වදනක් වදනක් ගානෙම තිබෙන්නේ සෙනෙහස නොවෙද ?.. නමුත් මේ සෙනහස… ආදරය..බැදීම.. සියලුම දේ මිතුදම නිසා පමනයි… හදවතෙහි සිරවී තිබෙනා ඔහු නමින් පිරී තිබෙන ආදරය දිනෙන් දින වැඩි වී යනවා පමනයි.. ඇයට වත් පාලනය කර නොහැකි තරම් එය දිනෙන් දින වැඩි වෙනවා…

ඔහු කාර්‍ය අවසන් කරනකම්ම ඇය ඔහු දෙස බලන් සිටියේ දැහැනකට සම වැදී වගේ.. හැකි නම් කතාවක් ලෙසින් සැබෑ ජීවිතෙත් අප පතන ආදරයම හිමි කර ගැනීමට.. එසේ නම් මේ ලොව කොතරම් නම් ලස්සන වී යාවිද..

” හ්ම් ඉවරයි කෝ.. ඉතින්..”

ඈ ගැස්සී පියවි සිහියට පැමිනියේ ඔහුගෙ හඩිනුයි. ඈ කිසිත් නොපවසා ඔහුගේ පාදයට ඖෂධ ගැල්වීමට සූදානම් වුනේ ආශීරුත් කිසිත් නොපවසා පාඩුවෙ සිටින විටයි..කුටිය පුරාම තිබුනේ පුදුමාකාර නිහඩ බවක්.. ඒ ලෙසින්ම දෙදෙනාගේම සිත් හැගීම් අලින් දොඩමලු වුනේ කාටත් රහසෙ..නමුත් මේ නිහඩියාව බිද ඔහුගෙ සිත සෑදිය යුතුයි..කල් යල් බලා මිහාදි සූදානම් වුනේ එයටයි…

” ආශීර්..ඔයා දන්නවද දෙයක්..”

” ම්ම් මොකද්ද “

පරාජයේ සිතුවිලි දැලක් තුල පැටලී සිටි ආශීර් දෑස් උස්සා ඈ දෙසට හැරුනේ ඈ පවසන්නේ කුමක්ද කියා අසමින්…

” මන් එතකොට 3 වසරෙ හොදද..හා හා පුරා කියලා මන් දහම් පාසල් ගිය අවුරුද්ද.. තාත්ති ගොඩක් පන්සල එක්ක නිසා මටත් ආස හිතුනා දහම් පාසල් යන්න.. “

ඇය ඒ දිනය මතකයට නගා ගෙන අතීත මතක පොත ඔහු ඉදිරියේ දිග අරින්නට සූදානම් වුනේ ප්‍රෙථම වරටයි..කිසි දිනක ඇය මිතුරෙකු ඉදිරියේ වත් සිතෙහි හැගුමන් දිග ඇර නෑ.. නමුත් මේ මොහොතෙ තවත් මතක පොත අගුලු දා ගෙන සිටිය නොහැකියි…

ඔහුත් ඈ දෙසට හැරී හොදින් අහන් සිටියේ ප්‍රෙථම වරට මේ ඇය පවසන අතීතය ලග ඇගේ සිතත් මොනවට දිග ඇරෙන නිසයි..

ඔහුගෙන් මදකදු හෝ ඉගියක් මුවින් නොමැති වුනත් ඈ ඔහු දෙස නොබලා කාර්‍යය කරන විටම අනෙත් කොටසත් පවසමින්..

” ඉතින් ගියා.. යාලුවෝ කියලා මහ ගොඩක් නැ..මන් ගියේ ගමේ ස්කෝලෙට වුනාට මට ගමේ යාලුවොත් නෑ.. ඒත් හිටියා එක ලමයෙක් හංසි කියලා.. එයා තමා මාත් එක්ක හිටියේ.. ඔහොම ඉතින් ඉගෙන ගන්න අතරේ අපේ දහම් පාසල් තරග ආවා.. මන් ගියේ දහම් දැනුමට හරිද ?..මාත් වගේම හංසිත් තරගෙට තෝරන එකට ආවා “

” ඉතින් මොකද්ද වුනේ..”

ඈ මදකට කතාව නතර කර ඉදිරියෙහි හිස් අවකාශය දෙස බලා සිටින නිසා ආශීර් ඇසුවේ ඒ කතාව දැන ගැනීමට දැනුන කුතුහලය නිසා..

” මාත් එක්ක හංසි තරගෙට තෝරන එකට ගියාට මාන්ඩලික යන්න තේරුනේ මම.. හංසි පැරදුනා.. හංසි කියන්නේ ගමේ සල්ලි තියෙන කෙල්ලෙක්.. එයා පැරදුනාට පස්සෙ ක්ලාස් එකට ඇවිත් මන් එක්ක කතා කරේ නැ..මාත් ඉතින් වැඩිය ඒ දේ ගැන හිතන්නේ නැතුව සර් දුන්න පේපර් ටික කියෙව්වා…”

” ඊට පස්සෙ ඊලග සතියෙ දහම් පාසල් ගියාම…”

මදකට නවත්වා ඈ ලය පිරෙන්න හොද හුස්මක් ගත්තේ එදා කුඩා කාලයෙදීම විදින්න ලැබුන අභියෝග ගැන පවසන්න..

මොකද්ද වුනේ.. ඇයි මොකෝ වුනේ…


───── ❁🖤❤️🖤❁ ─────

මොනවා වෙන්න ඇතිද… අනේ සමාවෙන්න කතාව පරක්කු වෙන්නේ ක්ලාස් වැඩ නිසා.. දැන් අලුත් අවුරුද්දක් නිසා ගෙදර වැඩ ගොඩයි..මොකද මන් මේ වැඩිමලා .

මන් #මේධී

අද කතාව කොහොමද ?
+1
1
+1
58
+1
9
+1
3
+1
2
+1
2
+1
3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here