මගේ දෙවනි මනමාලයා ඔහුයි – 19 කොටස

0
3165

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

19 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━

කේශ්… ❤️❤️❤️

මෑත සිට නුඹෙ බැල්ම
දරන්නට බැහැ සිතට
හිරිවට්ටමින් සිතම
රැගෙන යයි වෙන ලොවට…

දෑස් කියනා කතා
නොතේරෙයි හදවතට
නව හැඟුමකින් සිතම
පිරී ඇත නුඹ ගැනම…

රණ්ඩු කෙරුවට නිතර
තුටින් මම නුඹ එක්ක
වෙනස් කරනට නුඹව
ඉතින් වෙහෙසෙමි මතුව…

යුමී… 🧡🧡🧡
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Dilakshani Chamodya තැන්කිව් පැට්ටා.. ~~~~~~~~~~~~~~~~~~~~~~~~

අමුතු බය හැඟීමක් කෙල්ලගේ හිතට ආවත් යුමි හිත තද කරගෙන ලයිට් එක දාලා කාමරේ එලිය කරනකොට යුමීට කෑ ගැහෙන්නේ හයියෙන්…

” දෙයියනේ.. “

කේෂ් ඇඳ ලඟ බිම වැටිලා හිටියේ ශෝට පිටින්මයි..

කෙල්ල කෑ ගහලා එතනට ගියේ කේෂ්ට මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න..

කේෂ් ලඟට ගිය කෙල්ල

” අයියා.. “

එහෙම කියලා මූන ඇල්ලුවේ ගැහෙන හිතින්..

” හත් දෙයියනේ මේ මනුස්සයාට හොදටම උණනේ.. දැන් මොකද කරන්නේ.. “

යුමී කොච්චර කේෂ්ට කතා කලත් කේෂ්ට සිහියක් තිබුනේ නැ.. කේෂ් ගේ හැඩි දැඩි වත එක්ක ඔට්ටු වෙන්න බටු ඇටේ වගේ ඉන්න යුමීට පුලුවන් වුනේ නෑ..

කේෂ් තවමත් එතන ඒ විදියටම ඉන්න විදිය දැක්කම කෙල්ලට කියාගන්න බැරි දුකක් දැනුනා..

ඒ නිසාමයි යුමී ඉක්මනින් හොටෙල් ඒකේ කෙනෙකුට කෝල් කරලා ගෙන්න ගත්තේ ඩොක්ටර් කෙනෙක්ව..

කේෂ් ගේ ඇග ගිනි කබලක් වගේ රස්නේ නිසා යුමි ඩොක්ටර් එනකන් හිටියේ කලබලෙන්.. යුමී ගේ හිතට අමුතු දුකක් දැනුනේ ඇයි කියන්න යුමීවත් දන්නේ නෑ..

හැඩි දැඩිව, කොයි වෙලෙත් ගාම්භීරව ඉන්න කේෂ් කෙසෙල් කඳක් වගේ වැටිලා ඉන්නවා දැක්කම යුමීගේ පපුව හෝස් ගාලා යන්නේ ඒ තරම් ඒ මූන මැලවිලා වගේ නිසා..

ඩොක්ටර් එනකන් කෙල්ල රොහල් සේවකයෝ දෙන්නෙක් ගෙනල්ලාල්ලා කේෂ් ව ඇඳට දාන්නේ ඩොක්ටර් ට පෙන්නන්න පහසු වෙන්න..

ටික වෙලාවක් යනකොට ඩොක්ටර් ඇවිල්ලා කේෂ්ව පරික්ශා කරලා ඉන්ජෙක්ෂන් එකකුත් ගහලා කිව්වේ කේෂ්ගේ ප්‍රෙශර් එක අඩු වෙලා උන වැඩි කමට සිහි නැති වෙලා කියලා.. ඇල්කොහොල් ඇඟේ තියන නිසා ලොකුවට බෙහෙතක් දෙන්න බෑ කියලා ඩොක්ටර් කියනකොට යුමීට කේෂ් එක්ක තරහක් ආවේ…

ඉන්ජක්ශන් එක ගහනකොට යුමීට හිනා ගියේ එදා තමන්ට ඉන්ජෙක්ෂන් එක ගහනකොට කේෂ් හිටිය විදිය මතක් වෙලා..

” දැන් ඇහැරල හිටියනම් මෙතන දෙක කරයි.. ඕක දැකලා සිහි නැති වෙනවා මේ #ඩම්බොට.. “

යුමී පියවි සිහියට ආවේ ඩොක්ටර් කතා කරපූ නිසා.. ..

” ඩොන්ට් වොරී මිස් .. හී ඉස් ඕකේ නව්… “

” ඕකේ ඩොක්ටර් තැන්කිව් වෙරිමච් ඩොක්ටර් .. “

කෙල්ල ඒ ටික කිව්වේ හදවතින්මයි…

කේෂ්ට දෙන්න බෙහෙතුත් දීලයි ඩොක්ටර් එතනින් ගියේ..

කෙල්ල හිමීට කේෂ්ගේ කාමරේ තියන පොඩි ශීතකරණයෙන් අයිස් වතුර ටිකක් අරගෙන ඒකට ඔඩික්ලොන් ටිකක් දාලා ලේන්සුව තෙත් කරලා කේෂ්ගේ නලලෙන් තියන්නේ අම්මා එහෙම කරල උන අඩු වෙන එක අත්දැකීමෙන් දන්න නිසා..

එහෙම්ම යුමී බලන්නේ කේෂ් ගේ මූන දිහා..

” නිදා ගත්‍තමනම් පූසා වගේ.. අහිංසක කම.. අනිත් වෙලාවට හිපාටුවා.. “

කෙල්ල එහෙම හිතලා ලොකු බෙඩ්ශීට් එකකින් කේෂ් ව පොරවලා යන්න හදනකොටම කේෂ් කියවන්න ගත්තේ අමාරුවෙන් ..

” අම්මා අම්මා ඉන්න “

උණ විකාරෙන් ඉන්න කේෂ් යන්න යන යුමීගේ අතින් අල්ලන්නේ යන්න එපා අම්මේ කියමින්..

කෙල්ල එහෙම්ම එතන තියන පුටුවෙන් ඉඳගත්තේ කේෂ් දිගටම අතින් අල්ලන් ඉන්න නිසා..

ටික වෙලාවක් එහෙම හිටිය කෙල්ල කේෂ් අල්ල ගත්ත අත අතාරින්නේ නැති නිසා පුටුවේ ඉඳගෙනම කේෂ්ගේ ඇඳට ඔලුව තියාගෙන නින්ද ගියේ ඇඟට දැනුන වෙහෙස නිසා…

තත්පර විනාඩි පැය වෙමින් අලුත් දවසට ඉර පායන්නේ කේෂ් වත් අවදි කරමින්..

කේෂ් ගේ හිස බර වැඩි කමට ඔලුව උස්සන්න හැදුවත් අමාරු වෙන්නේ තවත් පුපුරන්න ඔලුව රිදෙන නිසා..

කෙල්ල සැරෙන් සැරේ ඇහැරි ඇහැරි කේෂ්ගේ නලලේ පටිය පොඟවලා දැම්මේ උණ අඩු වෙමින් තියන නිසා.. එහෙම හිටිය කෙල්ලට නින්ද යන්නේ පාන්දර… කේෂ් නැගිටිනකොටම යුමී ඉන්න විදිය දැක්කම තමා ඊයේ රෑ වුන සිදුවීම එකින් එක මතකෙට එන්නේ..

අම්මගෙන් පස්සෙ මේ තරම් කැපකිරීමක් කරපු එකම කෙල්ල යුමී කියලා හිතෙනකොට තවත් යුමී ගැන හිතෙ තිබ්බ ආදරය වැඩි වෙනවා..

මොකද කොල්ලා ඉන්න සමාජයේ ඉන්න කෙල්ලෝ කරන ඒවා දැක්කම ඒ හැමෝටම වඩා ඉහලින් යුමීගේ හැදියාව තියන එක ගැන නම් කේෂ් ගේ හිතේ ඇති වුනේ ආඩම්බරයක්..

ටික වෙලාවක් එහෙම යුමී දිහා බලාගෙන හිටිය කොල්ලා හිමින් ඇඳෙන් බැහැලා වටෙන් ඇවිල්ලා කෙල්ලව උස්සලා අරන් ඇඳ උඩින් තියන්නේ මලක් තරම් පරිස්සමට…

එහෙම්ම නාන කාමරේට ගිහින් හොට් වෝටර් වලින් නාලා එලියට එන්නේ ඇදුමකුත් මාරු කරගෙන..

තෙත කොන්ඩේ අතින් පිහද පිහද කොල්ල එනකොටම දකින්නේ ඇදේ ගෙම්බා පොලේ ගැහුව්වා වගේ නිදාගෙන ඉන්න යුමීව..

” අම්මේ මේකිනම් නින්දෙනුත් කිරි පණු ගායද කොහෙද… නිදියන් ඉන්න හැටි විතරක් #කූනිච්චී .. “

කොල්ලා එහෙම හිත හිතම යුමී ලඟට ගිහින් මූන දිහා බලන්නේ ආදරෙන්..
ඒත් එක්කම ආව සිතුවිල්ලක් නිසා කොල්ලා යුමීගේ මූනට එබෙන්නේ නලල සිප ගන්න හිතාගෙන..

ඒත් එක්කම යුමී ඇස් අරින්නෙ කොල්ලට අයින් වෙන්නවත් වෙලාවක් නොදී..

එක පාරටම මූනට එබිලා ඉන්න කොල්ලව දැක්කම කෙල්ල කෑ ගහගෙන නැගිටින්නේ මහා හයියෙන්..

ඒත් එක්කම කොල්ල කෙල්ලගේ කටට අත තියනවා එක්කම කෙල්ල දඟලන නිසා සමබරතාවය නැති වෙලා කෙල්ලවත් පෙරලගෙන ඇදට වැටෙන්නේ හිතන්නවත් කාලයක් නොදී..

” මොනව ද හිවලියේ කරන්නේ ඔහොම කෑ ගහනවද මන් අහන්නේ යකෝ තෝව රේප් කරනවා කියලා හිතයි වටේ මිනිස්සූ.. “

එහෙම කිය කියම කොල්ල ඇඳෙන් අයින් වුනේ යුමීට බැන බැනමයි..

තාමත් මොකද වුනේ කියලා හිතා ගන්න බැරුව හිටිය යුමී ඇඳට වැටිච්ච විදියටම ඉන්නේ හොල්මන් වෙලා වගේ..

” හලෝ “

කොල්ලා අත්පුඩියක් ගහලා කතා කලාමයි යුමී පියවි සිහියට එන්නේ..

” ආ මේ ඉන්නේ නැගිටලා.. මට නිදාගන්නත් නෑ ඊයේ හරියට.. බූරුවෝ වගේ බොනවා ඊට පස්සේ අපී දුක් විදින්න ඕනේ.. “

” තමුසේ මොකටද ඉතින් ආවේ.. “

” අහ් ආවේ නැත්නම් අද මහ ලොකූ කේෂ්ගේ මරනේ තමා ගන්න තියෙන්නෙ එලියට.. 😏😏 “

කෙල්ල රවාගෙනම කියවන්න ගත්තේ කේන්තියෙන්..

” ඉතින් මැරෙන්න අරින්නනේ තිබ්බේ.. “

කේෂ් නවත්තන්න ලෑස්තී නැහැ මේ කතාව.. ඒ නිසාමයි කොල්ලා එක එක ඒවා කියලා කෙල්ලව අවුස්සන්න බලන්නේ ..

” ඔව් ඔව් මට පිස්සූනේ .. මන් යනවා යන්න.. 😏😏😏 “

යුමී එහෙම කියලා ගස්සලා යන්න යනකොටම කේෂ් අතින් ඇදලා අල්ලගෙන යුමීව බිත්‍තිය ලඟට හේත්තු කරලා යන්න බැරි වෙන්න උරහිස් දෙකට උඩින් අත තියලා එබුනේ යුමීගේ ඇස් දෙකට..

කේෂ් ගේ ඒ බැල්ම දරාගන්න බැරුව කට කාරිගේ කටත් වැහිලා බිම බැලෙන්නේ කෝල බවකින්.. …

කේෂ් ඒ එක්කම නිකටෙන් අල්ලලා යුමීගේ මූන උස්සන්නේ තමන්ගේ ඇස් දිහා බලන්න කියනවාක් මෙන්..

” තැන්කිව් .. “

එහෙම කියලා හරිම සියුම් විදියට යුමීගේ නලල සිබින්නේ ආදරෙන්..

කොල්ලා එත් එක්කම විදුලි වේගයෙන් එතනින් අයින් වෙලා බැල්කනී එකට යන්නේ යුමී ඉන්නවා කියලවත් වගක් නොවී..

තවමත් වෙච්ච දේ හිතාගන්න බැරුව යුමි කාමරේට යන්න හදනකොට කේෂ් කතා කල නිසා ඒ පැත්ත නොබලම නැවතුනේ කේෂ් දිහා බලන්න තරම් ශක්තියක් නැති නිසා..

” වෙලාවට ලෑස්තී වෙලා එනවා පහලට. . “

යුමි මුකුත් නොකියම කාමරෙන් එලියට ගියේ හිතේ ප්‍රශ්න ගොඩක් ඉතුරු කරගනිමින්..

කෙල්ල නාලා කලු පාට දිග ගවුම ඇදලා බෑග් ඔක්කොම රෙඩි කරගෙන පහලට ආවේ වෙලාවටත් කලින්..

ඒ එනකොටත් අක්කවත්, අයියවත් , කේෂ් වත් නැති නිසා කෙල්ල ලොබි එකට වෙලා ඉඳගෙන ඉන්නේ ෆෝන් එක ඔබමින්..

ඊට මද වෙලාවකට පස්සේ ඔක්කොම ආව නිසා අමායලා ලන්කාවී යන්නත් , කේෂ් ලා ගෙදර යන්නයි සුදානම…

” නංගා පරිස්සමෙන් ගිහින් කෝල් එකක් දෙන්න .. “

එහෙම කියලා අමායා යුමීව බදාගත්තේ ආදරෙන්..

” එහෙනම් බායි බුදුසරණයි මස්සිනා.. හැපි හනිමූන්.. 😉😉 කෙල්ල එහෙම කිව්වේ ඇහැකුත් ගහලා.. “

අමායලා එතනින් ගියේ යුමී කේෂ් සමඟ තනි කරමින්..

” යමුද මැඩම්.. “

කේෂ් එහෙම අහන්නේ ලා හිනාවක් මූනේ රදවගෙන..

” ඕකේ බොස් යමූ… “

දෙන්නා සියලුම දේවල් අමතක කරලා එතනින් යන්නේ හිතේ මුල්ලක මතකයන් ගොඩක් පොදි ගහගෙනයි..

පැය ගානක ගමනින් පස්සේ කේෂ් ගේ ගෙදරින් කාර් එක එවලා තිබුන නිසා ලේසියෙන්ම ගෙදර යන්න පුලුවන් වුනා..

” මම යනවා අයියා.. “

” හරී. . අම්මට කියන්න වෙන දවසක ඇතුලට එන්නම් කියලා දැන් මට මහන්සී… “

” හා නපුරු #ඩම්බෝ “

කෙල්ල එහෙම කියලා කොල්ලට දිවත් දික් කරන් ගෙදරට දිව්වේ කේෂ් වත් හිනස්සමින්..

” පිස්සී.. “

කේෂ් එහෙම හිත හිතම ගෙදර ගියේ ඉක්මනින්ම මේ දඟකාරිව එයාගෙම කරගන්නවා කියලා හිතමින්..

ඉක්මනින්ම දවස් දෙකක කාලයක් ගෙවි යන්නේ යුමී වගේම කේෂ් වත් වැඩ ගොඩකට හිර කරමින්..

අමායලාගෙ දෙවනි දවස තනිකරම කේෂ් ගේ වියදමින් කරන්නේ තමන්ට සහෝදරයෙක් නැති නිසා හැමදේටම ඉන්න මනුජ වෙනුවෙන් කරනවා කියන සිතුවිල්ලෙන්..

ඉතින් අමායා මනුජ ලංකාවට ආවම නවතින්න හොටලය පවා හරිම ලස්සනට , ප්ලෑන් එකකට අනුව ලෑස්ති කලේ කේෂ් ..

දෙවනී දවස උදා වුනේ හැමෝගෙම හිත් සතුටු කරමින්..

අමායා රතු ඔසරිය ඇඳලා මාල හත දාලා හරිම ලස්සනට හැඩ ගැන්වුවේ ලංකාවේ ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් අතින්..

මනුජවත්, අමායවත් තාම දන්නේ නෑ කොහෙද දෙවනී දවස ගන්නේ කියලවත්.. ඒකත් සප්‍රයිස් එකක් විදියට දෙන්න තමා කේෂ් ප්ලෑන් කලේ..

හොටෙල් කිංග්ස්බරි එකේ හැමදේම ලස්සනට ලෑස්තී කලේ කේෂ්ගේ අනු දැනුම ඇතිව..

යුමි එදා දවසේ සැරසුනේ රෙඩ් ඇන්ඩ් ගෝල්ඩ් මික්ස් වුන ලස්සන ලෙහෙන්ගා එකක්.. එකෙන් කෙල්ලගේ ලස්සන තවත් කැපිලා පෙන්න ගත්තා.. ..

කේෂ් සුදු ශර්ට් එකට, රෙඩ් බ්ලේසර් එක දාලා කලු බො එකක් දාලා නිසා කොල්ලගේ ගාම්භීර මූනට ගෙනාවේ අමුතුම ලස්සනක්..

ෆොටෝ ශූට් එකෙන් පස්සේ ගලදාරී එකේ ඉඳලා කෙලින් ම හෝල් එකට යනකොට තමයි අමායලා දැන ගත්තේ කිංස්බරි එකේ උත්සවේ ලෑස්තී කරලා තියෙන්නේ කියලා..

” අමා මේ බලන්න මේ කේෂ්ගේ වැඩ.. “

” ඒක තමා මනූ මාර කොල්ලෙක්.. “

අමාය කිව්වේ පුදුම වෙමින්..

” ඌ එහෙම තමා අමා.. අනේ මන්දා.. ඕකව අල්ල ගන්නම්කො මන්.. “

හොටෙල් එක ඇතුලට අමායගේ අම්මා ,යුමී ඇතුලු නෑදෑයෝ ජෝඩුව එක්ක ගියේ චාරිත්‍රානූ කූලව..

උත්සවයේ වැඩ හැම එකක්ම පිලිවෙලටම තිබුන නිසා හරිම ලස්සනට හැම දේම සාර්ථකව කරගන්න කේෂ්ට පුලුවන් වුනා..

අවශ්‍ය චාරිත්‍ර කරලා හැමෝ එක්කම කතා කරලා අමායා වගේම මනුජ හිටියේ මහන්සියෙන්..

” මචන් මනුවා කොහොමද “

” කේෂ් උබ ඇයි බන් මෙච්චර වියදම් කලේ.. “

” මගේ සහෝදරයාගේ වෙඩින් එකට මන් කරන්නේ නැතුව වෙන කවුරු කරන්නද යකෝ.. කටවහන් හිටහන්.. “

කේෂ් එහෙම කියනකොට මනුජ කේෂ් ව වැළඳගත්තේ ආදරෙන්..

එතකොටම එතනට ආවේ යුමී..

” අප්පට සිරී මගේ නෑනගේ ලස්සන.. “

මනුජ එහෙම කිව්වේ හිනැහෙමින්..

” අපෝ බන් ඕවා කියන්න එපා.. සමහරු උඩ ගිහින් මේ වහල වලටත් ගෙවන්න වෙයි කැඩුනම.. “

කේෂ් කිව්වේ යුමීව කේන්තී ගස්සන්න හිතාගෙන.. 😂😂

” දන්නවද අක්කී ඕකට කියන්නේ පැලියාව කියලා.. “

යුමී කේෂ්ට රව රව අමායා දිහා බලන් කිව්වේ බොරු කේන්තියකින්..

” අනේ මේ උඹලා දෙන්නම මෙතන මරාගන්නේ නැතුව පැත්තකට පලයන් ගිහින් ඇති තරම් මරාගනින්.. නේද සුදූ.. “

එහෙම කියලා මනුජ අමායාගේ කරට අත දැම්මේ හිනැහෙමින්..

යුමී ඔක්කොටම ගස්සලා එතනින් ගියේ වේගෙන්..

” ඕක තමා දන්නේ එයා.. “

කේෂ් එහෙම කියලා යන්න යනවත් එක්කම ඇහුන කටහඬ නිසාත් එකවර මුලු හෝල් එකම නිහඬ වුන නිසාත් නවතින්නේ ඒ පැත්ත බලමින්..

ඒත් එක්කම කේෂ් දකින්නේ..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 මොනවද දකින්නේ.. ?

👉 මම දන්නේ නෑ ඔන්න.. 😂😂 .. මාව මරන්න හදපු අය වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ද තාවය.. 😂😂😂 ඔය බෝම්බ 💣 තියාගන්න ඉස්සරහට ඕනේ වෙයි.. 😂😂

➡️ ආයේ කතාව ලබන අවුරුද්දේ ගේන්නේ වස්තුලා.. එහෙනම් මේ ලැබන්නා වූ නව වසර හැමෝටම සුභ එකක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා…

👉 දිග කමෙන්ට් එකක් ඕනෙමයි.. හාද..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

කේෂ් යුමිට

දඩබ්බර මගේ හිතට
ඇව්ත් නුබ ටික ටික
හදවතම හොරාගෙන
ගිය හැඩයි….

දගකාර නුබේ ලගේ
පිරිම් හිත් අතරමං
මට වුනේත් එකමයි
කියා මට සිතේනවා

රණ්ඩු ව් විටින් ව්ට
රවද්දි මා දෙසට
තව තවත් නුබ කෙරෙහි
ආදරේ වැඩ් වුනා….

බයත් දැනේනවා
හිතත් රිදේනවා
නුඹ මගෙන් මිදි
දුර ඈත යයි කියා

අහන්නකෝ මගේ මැණික
තරහ ටිකකට නැතුව
මගේ අතේ වැරදි බොහෝ තියේනවා
පුලුවන්ද රත්තරනේ මට සමා දෙන්නට

හිත මගේ දවන එක පැතුමයි තියෙන්නේ
කවදාද හිතේ හැමදේ කියන්නේ
කොයි ලෙසට නුබ පිලිගනිදො
හිතේ බය සැක තියේන්නේ

ඔබ මගේ පන වේලා
මගේ නින්ද නැති කරා
හැම තිස්සේ හීන ගෙන
මගේ හද ලෙඩ කරා

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ තැන්කිව් මගේ අක්කා Saduni ~~~~~~

➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
4
+1
122
+1
3
+1
1
+1
0
+1
1
+1
0

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here