කෙටි කතාවක් – අසම්මතේ

33
2479

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

අසම්මතේ…

“මැණික මං නුවර බස් එකට නැග්ගා”

“හ්ම්ම් පරිස්සමින් යන්න අයියේ බුදු සරණයි”

නිසෙල්‍යා හෙලුවේ දිග සුසුමකි. වචන දාහකින් වුවත් පිට කල නොහැකි ඇගේ හිතේ තිබුනු හැම වේදනාවක්ම ඒ සුසුමේ ගැබ් වී ඇති බව ශෙහාරට තේරුනේ ඒ සුසුමේ එකම අයිතිකාරයා එකම හේතුව තමා බැවිනි.

“හරි මැණික මං නුවරින් බැහැලා මැසේජ් එකක් දාන්නම් ඊට පස්සෙ ගෙදරට තව ටික දුරයිනෙ යන්න තියන්නේ.”

කෙල්ල අඩන බව ශෙහාරට හොදින් තේරේ.ඒත් මේ වෙලාවේ ඒ හිත සැනසීමට ඔහුට කල හැකි දෙයක් නැත.මේ වෙලාවේ තමන් යමක් කිවුවොත් ඒ හිතේ තියෙන දුක තවත් වැඩි වනවා මිස අඩුවීමක් නම් නොවන බව ඔහු අත්දැකීමෙන්ම දනී.නිවාඩුවට කෑම්ප් එකේ ඉදන් ගෙදර යන හැමදාකම නිසෙල්‍යාගේ ඇස් වලට මේ කදුලු අඩුවක් නැතිවම උරුම බව ශෙහාර හොදින්ම දනී.

“මං එහෙනම් තියන්නම් දරුවෝ බුදු සරණයි මගෙ මැණිකට පුලුවන් වෙලාවට කතා කරන්නම් මේ දවස් ටික පරිස්සමින් ඉන්න මං කෑම්ප් එකට ආව ගමන් කෝල් එකක් දෙන්නම්”

“හ්ම්ම් බුදු සරණයි අයියේ මගෙ අයියත් පරිස්සමින් ඉන්න”

නිසෙල්‍යා දුරකථනය තැබුවේද බරැති සුසුමක් පිට කරමිනි.ඇගේ මේ වේදනාවට වැරදිකාරයා කවුරුන්දැයි ඇයම දන්නේ නැත.විටෙක ඒ හැමදේටම වැරදි තමන්‍ යැයි නිසෙල්‍යාට නොසිතෙනවාම නොවේ.එහෙම වෙලාවට අමාරුවෙන් හරි මේ බැදීමෙන් ඈත් වීමට සිතුවත් ඇගේ වේදනාවටත් වැඩියෙන ඇගේ හිතට වඳ දෙන්නේ ඔහුගේ වේදනාව නිසා ඇය රිදෙන බව දැන දැනම ඇය මේ බැදීමේ සිරවී සිටී.

ඇගේ ආදරය ශෙහාර රත්නායක යුද හමුදා නිලධාරියෙකි.ඇයට වඩා අවුරුදු 8ක් වැඩිමහල් ඔහු ඇගේ එකම ආදරය වුවද ඔහුගේ එකම ආදරය ඇය නොවේ.ඔහු විවාහක පුද්ගලයෙකි.ශෙහාර දැන දැනම පෙම් කරන්නේ අන්සතු හදකටය.නැත…. අන්සතු හදකට කියා කිව නොහැකිය.ඒ ආදරය බොරුවක් රැවටීමක් බව ඇගේ සිත පිලිනොගනී.එලෙස සිතීමට තරන් ඔහුගෙන් ඇයට කිසිම වරදක් වී නැත.හිත පිරෙන්නම ලැබෙන ඒ ආදරය හැර අනිකුත් කිසි දෙයක් ගැන ඇය සිතන්නේ නැත.ලෝකයක් ඉදිරියේ ඒ ආදරයේ අයිතිය තමාට නොලැබෙන බව ඇය හොදින්ම දනී.

ඉතින් ඇය පෙම් කරන්නේ අන්සතු පුද්ගලයෙකුටය.නීතියෙන් තව කෙනෙකුට ලියා අත්සනකින් තව කෙනෙකුට බාරදුන් ඔහුටය.ඉතින් ඒ හදවත් අන්සතු යැයි කිසිවිටෙකත් ඇගේ සිත පිලිගන්නේ නැත.ඒ හදවතේ අයිතිය ඇයට මෙන්ම තමන්ට අයිති බව ඇගේ සිතට හැගෙන එකම කරුණයි.ඉතින් ඇය පෙම් කරන්නේ අන්සතු හදකට නොව නිතීයෙන් ලියා වෙන කෙනෙක්කුට අයිති කර දුන් පුද්ගලයෙකුටය.

`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´“´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´´`´`´`´`´`´`´`´

නිසෙල්‍යා ඔහුට පෙම් කලේ ඔහු අනීතාට නිතීයෙන් අයිති වෙන්නට පෙරය.අනීතා ශෙහාරගේ කලින් පෙම්වතියයි.ඒ සම්න්ධයෙන් රිදවුම් ලැබූ ශෙහාර අනීතාගෙන් වෙන්වී නිසෙල්‍යාට ලංවූයේ නිසෙල්‍යාගේ මුලු ජීවිතයම ඔහු කරවමිනි.නිසෙල්‍යාට එදා පටන් ශෙහාරගෙන් තොර ලොවක් තිබුනේ නැත.ඔහුද ඒ ආදරය ඇයට නොඅඩුව ලබාදුන්නේ ඇගේ හිතේ බලාපොරොත්තු රැසක් පොදිගසමිනි.

“කෑවද දෙයියෝ”

“නෑ අයියේ ඔයා එනකන් හිටියේ”

“බඩගින්නේ ඉන්න එපා දරුවෝ දැන් කන්නකෝ”

“ඔයත් කනවා නම් කන්නම්”

“හරි මැණික දැන් කමුකෝ”

ඇය ඔහුට ආදරය කරන්නට පටන්ගත් දවසේ සිට ඔහුට පෙර බත් කටක් කෑ දවසක් නැත.ඔහු එය හොදින්ම දනී.

“දැන් කන්නෙ මැණික මං”

“බොරු කිවුවා නේද එහෙනම් ඉස්සරලා කනවා කියලා”

“ඔයා බඩගින්නෙනෙ හිටියෙ දරුවො ඒකයි ඉතින් කිව්වේ”

සුන්දර රණ්ඩු දෙදෙනාගේ ජීවිතයේ හැමදාමත් අඩුවක් නොවිනි.කොහෙ හරි යනකොට කලින් කියලා යන්න,කෑ ගහලා කතා කරන්න එපා,මං කියන්දේ අහන්න…එවැනි නීතී ඒ ආදරය සුන්දර කලේ නිසෙල්‍යා ඔහුගේ ඒ ආදරණීය නීතිරීති වලට යටත් වී ජීවත් වීමට කොහොමත් කැමති නිසාය.ශෙහාරද හැමවිටම ඇය රැකගැනීමට වෙහෙසුනේ ඔහුත් ඇයට ඒ ලෙසම ආදරය කරන බැවිනි.

ශෙහාර රාත්‍රීයේ රාජකාරී කරනවිට ඇයගේ නෙතටද නින්දක් තිබුනු දවසක් නැති තරම්‍ ය.

ක්ලාස් ඇරිලා රෑ වෙලා තනියම එන්න එපා මැණික.පුලුවන් දවසටවත් මං ඔයාව ගෙනත් දාන්නම්කෝ.
නිවාඩුවට ගෙදර පැමිණි විට ඔහු ඇයට තනියම ගමනක් බිමනක් යාමට නම් දුන්නේම නැත.

ඒ ආදරේට වැඩි ආයුශ නොතිබුනේ කාගේ වරදින්දැයි දෙදෙනාම නොදන්නවා වුවද ශෙහාර එදා ඒ තීරණය නොගත්තානම් අදත් දෙදෙනාම සතුටින් බව ශෙහාර හොදින්ම දන්නා සත්‍යයකි.ශෙහාරගේ ජීවිතයෙන් ගිය අනීතා නැවතත් ශෙහාරගේ ජීවිතයට ආවේ කවුරුත්ම නොසිතුව මොහොතකය.ඇය ආ විගසින්ම තමාව අතහැර ඇය ලගට යාමට තරම් තමන්ගේ ආදරේ තිබුනු හිස්තැන නිසෙල්‍යාට තාමත් සොයාගැනීමට හැකිවුනේ නැත.

“සුදූ මං එයාට ආදරෙයි.මං ඔයාට බොරුවට ආදරේ කලේ නෑ.ඒත් ඒ මගේ අවුරුදු හතරක ආදරේ.මට එයාව අතාරින්න බෑ…”

ඒ ආදරේ ගැන හැමදෙයක්ම දැනසිටි නිසෙල්‍යාට ඔහුගේ මේ වචන පුදුමයක් නොවුනද ආයෙමත් අනීතා ඔහුගේ ලෝකය එතැයි කවදාවත් ඇය සිතුවේ නැත.කෑ ගසා අඩන්න ඕනෑ වුවද කදුලක් වත් ඇසින් නොවැටෙන තරමට ඇගේ වේදනාව ඇයට බර වැඩි විය.ඇය කෙසේ ඒ දේවල් දරාගත්තාදැයි ඇයටම සිතාගත නොහැකිය.එදා කාලයෙන් ආදරය මැන මාස තුනක නිසෙල්‍යාගේ ආදරය අතහැර දමා අවුරුදු හතරක අනීතාගේ ආදරය ශෙහාර තෝරාගත්තේ ඇයිදැයි අද ශෙහාරටම සිතෙනවා විය හැකිය.

“මං ලබන මාසේ අනීතව බදිනවා”

ඒ වචන නිසෙල්‍යාගේ ජීවිතේ ඇහුනු වේදනාත්මක වචන කීපය වුවද ඇය ඔහුට ඔහුගේ ආදරය ලගට යන්නට දී ඈත් වුනේ හැමදේටම වඩා ඇයට ඔහුගේ සතුට වැදගත් වූ නිසාය.

`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`´`

“මැණික”

කාලයකට පසු ශෙහාරගෙන් ලැබුනු කෙටි පණිවිඩය ඇයව පුදුමයට පත් කලා කීවොත් නිවැරදිය.

එදා ශෙහාරගේ කතාවේ ඇයට ලොකු වෙනසක් දැනුනේ ඇය ඔහුගේ හුස්මක් පවා හොදින් අදුනන නිසාය.

“ඔව් දෙයියෝ මං ගත්තේ වැරදි තීරණයක් කියලා හිතෙනවා”
ඒ ගැන විමසූ විට ශෙහාරගෙන් ඇයට ලැබුනේ එවැනි උත්තරයක් විය.ඒ උත්තරය නිසෙල්‍යාගේ ජීවිතය නැවතත් කනපිට හැරවූවාය.

එදා පටන් ඇය ශෙහාරගේ අසම්මතයේ පෙම්වතිය විය.

ශෙහාරගේ ප්‍රශ්න තමන්ගේ කරගෙන ඒ හිතට සැනසීම දෙන්නට ඇය හැමවිටන උත්සහ කලාය.එහෙත් පෙර දේවල් මතක් කර ඒ සිත රිදවීමට ඇය කිසිවිටෙකත් උත්සහ නොකලාය.ඒ ආදරේට කොතරන් ලෝභ වුවද කවදාවත් ඔහුව අනීතාගෙන් ඈත් කිරීමට ඇය වචනෙකින් වත් උත්සහ කලේ නැත.ඒ වෙනුවට හැම මොහොතක උත්සහ කලේ ඔහු තව තවත් අනීතාට ලං කිරීමටය.ඒ වෙන කිසිවක් නිසා නොව අනික් හැමදේටම වඩා ඇයට වැදගත්වූයේ ඔහුගේ සැනසීම නිසාමය.
.
.
.
“මැණික”

“අයියේ ඔයා ගෙදර නේද ඉන්නේ.කොහොමද මේ කතා කරන්නේ”

“මං පොඩ්ඩක් යාලුවොත් එක්ක එලියට ආවා”

“ඔයා බීලා නේද ඉන්නෙ අයියේ”

“ඔව් ඉතින් පොඩ්ඩක් විතර”

“ගෙදර ඉන්න දවස් ටික ඔහොම ඔහොම බීලා පිස්සු නටන්න එපා අයියේ.අක්කි වුනත් කොච්චර දුක් වෙයිද.ඔයා ඔහොම කරනකොට”

“එයා හින්දා තමයි මට මෙහෙම කරන්න වෙලා තියෙන්නේ දෙයියෝ.එයා හරියට හිටියා නම් මං මෙහෙම වෙන්නේ නෑනේ.ඔයා දන්න්වනෙ දෙයියෝ එයා මට කොහොම කලත් මන් එයාට පොඩිම වැරැද්දක් වත් වෙන්න දෙන්නෙ නෑ.පොඩි වෙනස්කමක් වත් කරන්නෙ නෑනේ.අන්තිමට අපේ ප්‍රශ්න වලින් මං උඹවම තමයි පුච්චන්නේ නේද මැණික..”

ඇත්තය….ඔහු ඕනෑම ගෑහැණියක් පතන විදියේ පිරිමියෙකි.එවැනි පිරිමියෙක් ලැබෙන්නේ ගැහැනියකගේ වාසනාවටය.එහෙත් ඔහුව අද මේ තත්වයට පත් වී ඇත්තේද ඔහුව ලබාගත් ගැහැණිය නිසාමය.තියෙන කෙනාට වඩා නැති කෙනාට තමයි දෙයක අගේ තේරේන්නේ කියන්නාක් මෙන්ම අනීතාට ඔහුගේ වටිනාකම නොතේරුනද නිසෙල්‍යා ඔහු කවදාවත් අයිති නොවෙන බව දැන දැනම ඔහු වෙනුවෙන් කැපවුනේ ඒ හිත ඇයට හොදින්ම තේරුම් ගත හැකි නිසාය.

“අයියා දැන් ඔයා ගෙදර යන්නකෝ අක්කා බලාගෙන ඇතිනේ.”
නිසෙල්‍යා හැදුවේ ඔහුව කෙසේ හෝ ගෙදර යැවීමටය.

“නෑ මට අද කතා කරන්න ඕනේ මැණික ගොඩාක්.ඇයි මං කතා කරන එක කරදරයක්ද ඔයාට”
ශෙහාරගේ වචන වලට නම් නිසෙල්‍යාගේ හිත පෑරුනේ ඇය ගැන දැන දැනම ඔහු එලෙසින් ඇසූ නිසාය.

“ඇයි අයියේ ඔයා ඔහොම කියන්නේ.අයිතියක් නැති වුනත් ඔයා මගේ පණ අයියේ ඒ ගැන ඔයා හොදටම දන්නවා මෙච්චර දවසක් මං ඔයාගේ ලගින් හිටියේ ඔයා කවදාවත් මගේ වෙන්නේ නෑ කියලා දැන දැනමයි.ඒත් කවදාවත් මං ඔයාව කරදරයක් කියලා හිතලා වැඩ කරලා තියෙනවද අයියේ.නෑ නේද මගෙ හිතත් රිදෙනවා.ගොඩක් රිදෙනවා.ඔයා වචනයක් කතා කරන ගානේ මං මැරි මැරී උපදිනවා රත්තරන්.මේ මගේ ආදරේ කියලා කාගෙවත් ඉස්සරහ පිලිගන්න බැරුව මං කොච්චර අසරණ වෙලා තියෙනවද අයියේ….එහෙම කියලා ඒ කිසි වෙලාවක මං ඔයාව කරදරයක් කරගෙන තියෙනවද…එහෙම කරලා නෑ නේද එහෙනම් දැන දැනත් තවත් රිද්දන්නේ ඇයි අයියේ…”
නිසෙල්‍යා පැවසුවේ ඉකිගසමිනි.

“තවත් මට පවු පුරවන්න එපා දෙයියෝ.මං තනියෙන් පිච්චෙන්නේ නැතුව උඹවත් මේ ගිනි ගොඩට ඇදලා දාලා මං කරගත්තේ ලොකු පවක්.ඒ මදිවට තවත් ඔය ඇස් වලට කදුළු පුරවලා මං තවත් පවු පුරෝගන්නවා.මගේ හිතට ඔය ආදරේ බර වැඩියි රත්තරනේ.හොද කෙනෙක්ගේ ආදරක් එක්ක ඔයා සතුටින් ජීවිතේ පටන් ගන්නවා නම් මහෙ හිතට පොඩි හරි සැනසීමක් දැනෙයි.මං ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඒ දවස එනකන්…උඹට ලං වෙලා මං මේ උඹට කරන්නේ ලොකු වැරැද්දක්…”

නැත…හීනෙකින් වත තවෙකුගේ වන්නට නම් බැරිය.නීතියෙන් ගතින් ඔහුගේ නොවුනත් මුලු හිතින්ම ඔහුගේ වී ඉවරය.ඉතින් හීනෙකින් වත් තවත් කෙනෙකුට හිතේ ඉඩ දිය නොහැකිය.ඔහු කියන අයුරින් ලස්සන ජීවිතයක් ගත කල නොහැකිය…

“එහෙනම් මං කියන විදියෙ කෙනෙක් හොයලා දෙනවද මං බදින්නම්”
එසේ සිතමින්ම නිසෙල්‍යා ශෙහාරට කීවාය.

“කියන්නකො බලන්න උඹ විද්වන්නෙ මං නිසා මැණික.මගෙ හිතට ඒක මාර බරක්.කියන විදියෙ කෙනෙක් මං කොහෙන් හරි හොයලා දෙන්නම්.එදාට මගෙ හිත හදන්න කෙනෙක් මං වැටෙනකොට නැගිට්ටවන්න කෙනෙක් මට නැති වෙයි.ඒ උනාට මං වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්ති කෙල්ලගෙ සැනසීම අරන් දුන්නොත් මට ඒ ඇති..”

ඇගේ සිත රිදෙන්නෙ ඔහු ඇයව හොදින්ම තේරුම් ගෙන ඇති නිසාමය.හුස්මකින් පවා ඇයව අදුරගන්නා නිසාමය.තමන් පහතට දමා ගනන් නොගෙන කතා කලා නම් මේ තරම් දුකක් දැනෙන්නේ නැත.එහෙත් හිතේ හැගීම් හොදින් තෙරුම් ගෙන වචනෙකින් පවා මුලු හිතම ස්පර්ශ කරන විට සිත ගිනිගෙන දැවෙන්නේ ඒ ගින්දර නීවීමට ඇති සියලු මංද අවහිර කරමින්මය.

“එහෙනම් මට හොයලා දෙන්නකෝ ඔයා වගේම කෙනෙක්.ඒ ඇස් දෙක දිහා බැලුවම මගෙ ජීවිතේ මුලු සැනසීමම ඒ ඇස් දෙකේ ලියවිලා තියෙන්න ඕනෙ හරියට ඔයාගේ ඇස් දෙකේ වගේ…මගේ හුස්මක් පවා තේරුම් ගන්න පුලුවන් වෙන්න ඕනේ හරියටම ඔයා වගෙ…ඒ පපුවට තුරුල් වුනාම මුලු ලෝකෙම මට ලැබුනා වගේ දැනෙන්න ඕනෙ හරියට මං ඔයාගේ පපුවට තුරුල් උනාම දැනෙනවා වගේ..මං මේ ලෝකේ වැඩියෙන්ම ආස කරන තැන ඒ පපුව වෙන්න ඕනේ…හරියට දැන් මං වැඩියෙන්ම ආස කරන තැන ඔයාගේ පපුව වගේ…පුලුවන්ද ඔයාට එහෙම කෙනෙක් හොයලා දෙන්න”

“ඔහොම කිය්ද්දී හැමදේම අතෑරල උඹ ගාවට එන්න හිතෙනවා මැණික ඒත් බැදීමක් ඇතුලෙ තවත ගෑනියෙක් අසරණ කරන්න මට බෑ.අනීතව අතාරින්නට මට බෑ”

හැමදාමත් වාගේම ඒ ප්‍රශ්නය නතරවූයේ එතනමය.

“එයාව දාලා ඔයාට මං ගාවට එන්න කියන්නේ නෑ අයියේ.ඒත් ඔයා දන්නවනේ මේ ලෝකේ මං ආසම තැන ඔය පපුව කියලා.ඒ හැගීම ගැන කියන්න මට වචන නෑ.මැරෙන්න මොහොතකට කලින් හරි ඔයාගේ පපුවට ඔලුව තියාගෙන මට මේ හැමදුකක්ම ඉවර වෙනකන් අඩන්න දෙන්න..එතකන් ඕනේම දේකට මං ඔයාගේ ලගින් ඉන්නම්”
.
.
.
.
.
.
“මැනික මං කෑම්ප් එකට යනගමන්”

“හරි අයියේ පරිස්සමින් ගිහින් මැසේජ් එකක් දාන්න මට”

නිසෙල්‍යා මෙන්ම ශෙහාරද විදවන්නේ තමන්ගේ සැනසීම ජීවිතයට සොයමින්ය.තම තමන්ගේ සැනසීම ඇත්තේ කා ලගද කියා දන්නා නමුත් දැන් ඒ සැනසීමට ලං වීමට ප්‍රමාද බැවින් ඔවුන්ම ඔවුන්ගේ සිත් රවට්ටා ගනිමින් ගිනිගොඩක දැවෙනවා ඇත.
`´`´`´`´´´`´`´´`´“´`´`´`´`´`´´´`´`´`´`´`´`´`´`´`´`´`´`´´`´`´´`´`´`´´´`´´´´`

ප්‍රේමයට කොහිද අසම්මතයක්… එක මොහොතක් ඒ පපුවට තුරුලුවන විට අයිතියක් නැතුවත් ජීවිතයම ලැබේනම්….කොලයක අත්සන් තබා බැදීමකට හිරවී ලබාගන්නා අයිතියට වඩා ඒ ප්‍රේමය සම්මතය….

ශෙහාර අනීතාව අතහැර දමා නිසෙල්‍යා ලගට කවදාවත්ම යන්නේ නැත.නිසෙල්‍යාටද ශෙහාර අතහැර දමා තව කෙනෙකුට ආදරය කලහැකිවේයැයි කිසිවිටෙකත් සිතෙන්නේ නැත.ජීවිතයේ ගත් එක් වැරදි තීරනයක් නිසා නිසෙල්‍යාත් ශෙහාරත් ජීවිත කාලයම අසම්මත බැදීමක හිරවී ගිනිගෙන දැවෙනු නොඅනුමානය.ඒ කතාවේ අවසානයක් ශෙහාරවත් නිසෙල්‍යාවත් තවම දන්නේ නැත.ඒ කතාවට අවසානයක් කවදාවත නොලැබෙනු ඇත.

අනීතා ලෝකය ඉදිරියේ ශෙහාරගෙ බිරිද වී ඔහුගේ ලෙයින් දරුවන් ජනිත කර ජීවිතේ ගෙවන විට,,,,ශෙහාරව මුලු ජීවිතේම කරගෙන හදවතේ අයිතිය පමණක ලබාගෙන ඔහු වෙනුවෙන්ම කැපවී සිටින නිසෙල්‍යාට සිදුවන්නේ ලොවෙන් වසන් වී ඔහුගේ ආදරය විදින්නටය.

බැදීමක සිරවී තීරනයක් ගත නොහැකිව ලෝකයට පෙනෙන්නට පෙම් කරනා ශෙහාරත් නීතියෙන් තව කෙනෙකුට ලියා ඇති ඔහුට අයිතිවාසිකමක් නොඉල්ලාම පෙම් කරනා නිසෙල්‍යාත් ලෝකයා ඉදිරියේ වැරදිකාරයන්‍ ය.

එහෙත ශෙහාරගේ හුස්මකටත් පවා පෙම් කරන නිසෙල්‍යාගේ ආදරය කවදාවත් අසම්මතයක් නොවනු ඇත.

නිමි.
Sumudhu lakshani✍️
උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
3
+1
37
+1
9
+1
4
+1
9
+1
1
+1
16

33 COMMENTS

  1. I am really impressed along with your writing talents as smartly as with the layout in your blog.
    Is that this a paid subject matter or did you modify it your self?
    Anyway keep up the excellent high quality writing, it is uncommon to peer a nice weblog like this one
    today.. 0mniartist asmr

  2. Heya i am for the primary time here. I found this board and I in finding It truly helpful & it helped me out much.
    I’m hoping to give one thing back and help others such
    as you aided me. 0mniartist asmr

  3. Greetings I am so excited I found your webpage,
    I really found you by mistake, while I was researching
    on Google for something else, Anyhow I am here now and would
    just like to say thank you for a remarkable post and a all round
    exciting blog (I also love the theme/design), I don’t have time
    to go through it all at the minute but I have book-marked it and also included your RSS feeds,
    so when I have time I will be back to read much more, Please do
    keep up the excellent b. 0mniartist asmr

  4. I was suggested this web site by my cousin. I am not sure whether
    this post is written by him as no one else know such detailed about my difficulty.

    You are amazing! Thanks!

  5. I’m not that much of a internet reader to be honest but your sites really
    nice, keep it up! I’ll go ahead and bookmark your website to come back later.
    All the best

  6. We absolutely love your blog and find many of your post’s to be precisely what
    I’m looking for. can you offer guest writers to write content available for you?
    I wouldn’t mind composing a post or elaborating on a lot of the subjects you write
    in relation to here. Again, awesome weblog!

  7. Having read this I thought it was rather informative. I appreciate you taking the time and energy to put this short article together.

    I once again find myself spending way too much time both reading and leaving comments.
    But so what, it was still worthwhile!

  8. Hi there, I found your blog by way of Google whilst looking for a comparable matter, your site came up, it appears good.
    I’ve bookmarked it in my google bookmarks.
    Hello there, just was aware of your blog through Google, and found that it’s really
    informative. I am gonna watch out for brussels. I will be grateful in case you continue this in future.
    Numerous folks can be benefited from your writing.
    Cheers!

  9. Heya i am for the first time here. I came across this board and I in finding It really helpful
    & it helped me out much. I hope to offer one thing back and help others such as you aided me.

  10. Wow, superb blog layout! How long have you ever been blogging
    for? you made blogging glance easy. The full look of your web site is
    fantastic, let alone the content!

  11. scoliosis
    My developer is trying to persuade me to move to .net from PHP.

    I have always disliked the idea because of the costs.

    But he’s tryiong none the less. I’ve been using Movable-type on a variety of websites for about a year and am concerned about switching to another platform.
    I have heard fantastic things about blogengine.net. Is there a way I can transfer all
    my wordpress content into it? Any kind of help would be really appreciated!
    scoliosis

  12. scoliosis
    What i don’t understood is if truth be told how you are no longer really a lot more smartly-favored than you may be right now.
    You are very intelligent. You realize thus considerably with regards to this
    topic, made me individually consider it from numerous various angles.
    Its like women and men aren’t interested unless it
    is something to accomplish with Woman gaga! Your own stuffs outstanding.
    Always take care of it up! scoliosis

  13. scoliosis
    You made some decent points there. I checked on the net for more information about the issue and found most individuals will go along
    with your views on this site. scoliosis

  14. dating sites
    Attractive part of content. I just stumbled upon your website and in accession capital
    to claim that I acquire actually enjoyed account your weblog posts.

    Any way I’ll be subscribing on your feeds or even I fulfillment you get admission to consistently
    rapidly. dating sites

  15. Hey there! I know this is kind of off topic but I was wondering which
    blog platform are you using for this site? I’m getting tired of WordPress because I’ve had issues with hackers and I’m looking at alternatives for another platform.
    I would be awesome if you could point me in the direction of a good platform.

  16. Oh my goodness! Amazing article dude! Thanks, However I am having issues
    with your RSS. I don’t understand why I am unable to join it.
    Is there anyone else having the same RSS issues? Anyone
    that knows the answer can you kindly respond?

    Thanx!!

  17. I’m not sure the place you are getting your information, but good
    topic. I needs to spend a while finding out more or figuring out more.
    Thank you for fantastic information I was in search of this info for my mission.

  18. Hey! This is my first visit to your blog! We are a
    collection of volunteers and starting a new project in a community in the same niche.
    Your blog provided us useful information to work on. You have done a outstanding job!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here