කෙටි කතාවක් – ඇරයුම් පත

0
1863

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓


ඇරයුම් පත💌


“නඩුවට මොකද කරගත්තෙ අක්කේ…”

නිලන්ති සමඟ කතා කරමින් සිටි ප්‍රමිතා එසේ ඇසු පසු

“මං මේ ආවෙත් ලොකු උදව්වක් ඉල්ලගෙන…”

“ඒ මොකද්ද අක්කේ…”

ලෝය හමුවීමට ගිය විට ලෝය නිලන්ති සමඟ කතිකා කරගත් සියලුම දේවල් අකුරක් නෑර ප්‍රමිතා සමඟ පැවසුවා

“එහෙනම් ලෝය කියන විදිහට ඒ ටිකත් කරලා බලමු…
අපිට ඕනා මොනවා හරි කරලා අයියව එළියට ගන්නනෙ…”

“ඒක තමා කොලුවත් කිව්වේ…
නැති දේකටනෙ සෙනරත් අහු වුණෙ දෙයියනෙ …”

නිලන්ති අඬමින් පවසද්දී ප්‍රමිතා ඇයව සනසන්න අපමණ වෙහෙසක් දැරුවා තම ස්වාමීයා දේපළ ආරවුලකදී කාන්තාවකට මරණ තර්ජයන කළ බව පවසා ඔහුට විරුද්ධව පොලීසියට ඒ කාන්තාව පැමිණිලි කළ නිසා ඔහුව අත් අඩංගුවට ගත්තා. ඔහුව බේරා ගැනීමට අපහසු නිසා ඔවුන් දැන් වෙනත් පිළියම් සොයනවා

නිලන්ති කියන්නෙ ප්‍රමිතාගෙ සැමියා වු චමින්දගෙ එකම අක්කයි. ඉතින් ඇයට මේ වේලාවෙ උදව් ඉල්ලන්න සිටින එකම පුද්ගලයා ඔහු නිසයි ඔහුව සොයා පැමිණියෙ. ඇය ආ කාරණාව ප්‍රමිතට පැවසු පසු ඇය එයට කැමති වුයෙ ඉදිරිය ගැන එච්චර නොසිතයි.

තවත් කාලය මාස දෙකකින් ඉදිරියට ගිය පසු සෙනරත්ව නිදහස් කරගන්න පුළුවන් වුණා ඔවුන් ඉදිරිපත් කළ ප්‍රබල කරුණු නිසයි.සෙනරත් ගෙදර ආ පසු නිලන්ති සමඟ ප්‍රමිතලාගෙ ගෙදර ගියෙ ඔවුන්ට ස්තුති කරන්න

“උඹලා අපිට කළෙ කියලවත් කරගන්න බැරි උදව්වක් මල්ලීයෙ…
උඹලට පින්…”

සෙනරත් හැගිම්බරව දෑත් එකතු කර චමින්දට වඳිමින් පවසද්දී චමින්ද ඔහුගෙ අත පාතට දමා

“පිස්සුද අයියේ අපිට අපි නැතුව කවුරු උදව් කරන්නද …
ඒක දැන් අමතක කරමු…
ඔයා නිදහස් වුණ එකම ඇතිනෙ අපිට…”

ප්‍රමිතා සියල්ලටම තේ හදන් ආවේ මේ වේලාවෙ ඉන්පසු සියලු දෙනා තේ බොන්නට විය.

“හෙට අපේ දෝණිව බලන්න මනමාලයෙක් එනවා අක්කේ…
ඔයාලත් එන්න ඕනා…”

ප්‍රමිතාත් පුටුවේන් ඉඳගන්න ගමන් පවසද්දී එතන සිටි හැමෝම සතුටු විය.ඒත් එක්කෙනෙක් හැර

“අනෙ අපේ කෙලි පැටික්කි දැන් ලොකු කෙල්ලෙක් නෙ එහෙනම්…”

නිලන්ති සත්සරණිව ළඟට ගමින් පැවසුවා ඇයට ලැජ්ජයි ඉතින් හැමෝම ඇයට විහිලු කරනවා

සත්සරණි කියන්නෙ චමින්දගෙත් ප්‍රමිතාගෙත් එකම දරුවා ඇය අවුරුදු 21ක තරුණියක් A/L කළාට පස්සේ ඇය රැකියාවක් කරනවට චමින්ද අකමැති වූ නිසා ඇය අම්මත් සමඟ නිවසේ රැදුණෙ ප්‍රමිතට පැළ තවාන කිරිමට උපකාර කරමින්. චමින්දගෙ මිතුරෙක්ගෙ පුතෙක් තමා හෙට කෙල්ලව බලන්න එන්නෙ ඉතින් අද කෙල්ලගෙ ගෙදර අය බරටම වැඩ

පසුදා උදාවුණෙ චමින්දලාව තවත් කාර්‍යබහුල කරමින් චමින්දගෙ මිතුරා මඟ එනගමන් කියලා පැවසුවත් දැන් ගොඩක් වෙලා ගිහින් ඒත් ඔවුන් තවම පැමිණියෙ නෑ

“චමින්ද මඟදී මොකක් හරි කරදරක් වුණාද දන්නෙ නෑ…
දැන් කෝල් කරලා පැයක් විතර වෙනවනෙ…
ආයෙ කෝල් එකක් අරන් බලන්න කෝකටත්…”

ප්‍රමිතා කල්පනාවෙන් සිටින චමින්දගෙ උරහිසෙන් අත තබා පවසද්දී

“ඒක තමා ප්‍රමිතා මාත් මේ කල්පනා කළෙ…
ආයෙ කෝල් එකක් දීලා බලමුකෝ…”

ඉන්පසු චමින්ද තම මිතුරට දුරකථනය ඇමතුමක් දුන්නා ඒත් ඔහු කී දේ අසුණු පසු ඔහුට මාරයා ආවේෂ වුණා

“චමින්ද ඇයි මේ…
කතා කරන්නකෝ…”

අතමිට මොලවලා බිත්තියට පරහක් ගැසුවේ ඔහුගෙ කේන්තිය වාව ගන්න බැරි වුණ නිසාමයි.

“ජගත්ලා ආයෙ ගෙදර යනවලු…
මේ කසාදේ වෙන්නෙ නෑ කිව්වා…”

චමින්ද එසේ පවසා කාර් එකට නැඟ වේගයෙන් යන්නට වුයෙ ප්‍රමිතා ඔහුව නවතන්න පිටු පසින් දුවන් එද්දීයි. ඒත් වැඩක් වුණෙ නෑ ඔහු වේගයෙන් යන්නට වුයෙ කෙනෙකු සොයන්ය.චමින්ද යන විට ඔහු අපේක්ෂා කළ තැනැත්තා නිවසෙ සිටි නිසා චමින්ද ඔහු අසලටම ගොස් ඔහුගෙ ෂර්ට් එකෙ කොරල් එකෙන් තද කර අල්ලාගෙන

“ලැස්ති වෙයන් වෙඩින් එකට…
උඹට ඕනා වුණෙ මේකනෙ…
දැන් ලැස්ති වෙයන් සත්සරණිව කසාද බදින්න…”

එපමණක් පැවසු චමින්ද නිවස බලා නැවත පැමිණෙන විට ප්‍රමිතා හැඬු කදුළින් ඉස්සරට වෙලා චමින්ද පැමිණෙනකන් මඟ බලන් සිටිනවා එක පාරම ඔහුව දුටු ඇය

“චමින්ද මොකද වුණෙ කියන්න…
ඇයි මෙච්චර තරහින් ඉන්නෙ…
කතා කරන්න ඇයි සද්ද නැතුව ඉන්නෙ…”

“කෝ දෝණි…”

ප්‍රමිතා ඇසු ප්‍රශ්න වලට පිළිතුරු නොදී වෙනත් ප්‍රශ්නයක් ඇසු නිසා ඇයට තවත් තරහා ගියා

“දෝණි කාමරෙ ඉන්නවා…
දැන් මං අහපු දේට උත්තර දෙන්න දෙයියනෙ…”

“කෝ අතනින් ගිහින් ඉඳගන්නකෝ…”

චමින්ද ප්‍රමිතාව සෝෆාවෙන් ඉන්දවලා වුණ දේ කියද්දී ඇයගෙ ඇස් ලොකු වුණෙ ඔවුන් කවදාවත් මේවැන්නක් නොසිතු නිසයි. ඒත් ඔවුන් දෙදෙනා නොදැක්කා වුණාට මේ කතාව තවත් කෙනෙක් අසන් හිටියා ඔව් ඒ සත්සරණියි. ඇය ඒ කතාව ඇසුණු පසු ඇයට දැනුණෙ මහත් කේන්තියකි.
.
.
.
.
.
කාලය මාස පහක් ගෙවී ගොස් මේ උදාවුණෙ සත්සරණිගෙත් සසංකගෙත් විවාහයයි.

සියලුම චාරිත්‍ර වාරිත්‍ර අවසන් කළ දෙදෙනා මදුසමය බලා පිටත් වුණෙ සුන්දර නුවරඑළියටයි. යන මඟ දිගට ඔවුන් දෙදෙනාගෙන් එක්කෙනෙක්වත් කතා කළෙ නෑ දෙදෙනාම නිහඬ පිළිවෙත අනුගමනය කළා හෝටෙල් රූම් එකට ගිහින් ඉස්සෙල්ලාම සසංක වෝෂ් දාගත් පසු සත්සරණි පසුව ගොස් වෝෂ් දැම්මා

“නංගී මට කතා කරන්න ඕනා…”

එතකොට නම් සත්සරණිගෙ යටපත්ව තිබු කේන්තිය ඉස්මතු උනා

චටාස්

ඇය ඔහුගෙ කම්මුලට ගසා ඔහුගෙ ෂර්ට් එකෙ කොරල් එකෙන් තදින් අල්ලාගෙන

“තමුසෙගෙ ආසාව හරිද …
තමුසේට ඕන උනේ මේක කරගන්නනෙ…
තමුසේ මහා ජරා මනුස්සයෙක්…
අපේ අම්මලා තමුන්ගෙ තාත්තාව නිදහස් කරගන්න උදව් කළාට දුන්නු තෑග්ගනෙ මගෙ චරිතෙ ඝාතනය කරලා…
ආ…
කතා කරනවා…
ඇයි කටවහන් ඉන්නෙ…”

සසංක දිගු සුසුමක් හෙළා කතා කරන්නට වුණෙ තවත් කටවහන් හිටියොත් වෙන දේ හිතාගන්නවත් බැරි නිසයි.

“මං මේ හැම දෙයක්ම කළෙ හේතුවක් ඇතුවයි…”

ඇය කටකොනෙන් සිනහා වී සමච්චලෙන් විමසුවා

“හේතුව…
මොකද්ද හේතුව…”

“ඉස්සෙල්ලාම මෙතනින් ඉදගන්නකෝ…
මං ඊට පස්සෙ කියන්නම්…”

ඉන්පසු දෙදෙනාම සෝෆාවෙන් ඉඳගත්තා

“හරි දැන් කියනවා බලන්න මහා ලොකු කතාව…”

සසංක කියන්නෙ සත්සරණිගෙ මස්සිනා එහෙමත් නැති නම් චමින්දගෙ අක්කා වු නිලන්තිගෙ පුතයි.

“අපේ තාත්තව බේරගන්න අපිට තිබ්බ විලප්ප ක්‍රම තමා තාත්තගෙ අසනීප රිපෝට් පෙන්නන එක…
ඒත් ලෝය කිව්වා ඒක විතරක් මදි දරුවගෙ වෙඩින් එක වගෙ වැදගත් අවස්ථාවක් නැද්ද කියලා ඇහුවා…
ඉතින් අපිට කිව්වා වෙඩින් එක ගන්නවා වගෙ වෙඩින් කාඩ් ගහලා හෝල් බුක් කරපු රිසිට් ඒවා පෙන්නන්න පුළුවන් කියලා…
වෙඩින් කාඩ් ගහන්න කෙල්ලෙක්ගෙ නමක් දාන්නත් ඕන නිසා අම්මාට එකපාරම මතක් වුණෙ ඔයාවා නංගී ඉතින් අම්මා මාමාට විස්තරෙ කියලා මාමාව කැමති කරවගෙන අපි වෙඩින් කාඩි හදලා ඒ ඔක්කෝම උසාවියට පෙන්නනුවා තාත්තාගෙ රිපෝට් එක්කම ඒකෙන් තාත්තාට ඇප ගන්න පුළුවන් වුණෙ…
ඒ වගෙම…”

සසංකගෙ කතාවට බාධා කරමින් සත්සරණි

“මං ඔය හැම දේම දන්නවා මට දැනගන්න ඕන තාත්තගෙ යාළුවාට කියපු දේවල්…”

ඇයගෙ ඇස් දෙක තරහටම රත් පැහැ වෙලා ඇය ඉන්නෙ කේන්තිය දරාගන්න බැරුවයි.

“ඒක කළෙ ඔයාගෙ හොදටමයි…”

“මොකද්ද ඒකෙන් මට උන හොදේ…”

ඇයට සසංකව පෙන්නෙ තමන්ගෙ මුළු ජිවිතයම විනාස කරපු කෙනෙක් වගෙයි.

“ඔයා මගෙ කතාව ඇහුවට පස්සෙ ඔයා කැමති තීරණයක් ගන්න…
මං මුකුත්ම කියන්නෙ නෑ…”

“මං නෙ තීරණෙ කරන්නෙ…
ඔයාගෙ මහා ලොකු කතාව කියන්නකෝ එහෙනම්…”

සසංක ටිකක් වේලා කල්පනා කරමින් හිද මෙච්චර කල් ඔහු සගවා සිටි සත්‍ය පවසන්නට විය.

“ඔයාව බලන්න එන්න හිටිය කොල්ලා මගෙ යාලුවෙක්…
ඌ දන්නෙ නෑ මාමා අපේ නෑදෑයෝ කියලා
ඌ රූම් ගානෙ කෙල්ලෝ අඳින එකෙක්…
මං ඒකයි කිව්වේ මං ඔයාව බදින්න ඉන්නෙ ලබන මාසෙ අපි දෙන්නාගෙ වෙඩින් එක ගන්න ඉන්නෙ කියලා වෙඩින් කාඩ් එකත් පෙන්නුවා…
ඒත් ඔයාගෙ තාත්තා කැමති නෑ…
ඔයාව මං බදිනවට ඒක නිසා ඔයාව බලෙන් කසාද බන්දන්න හදන්නෙ කියලා…
ඌ විශ්වාස කළා ඇරත් මං ඌගෙ යාලුවෙක් නිසා ඌ කැමති වුණෙ නෑ මගෙ ආදරේට බාධාවක් වෙන්න…
ඒකමයි ඌ ආපහු අම්මලා එක්කම ගෙදර ගියෙ…
ඌගෙ තාත්තාට මේ විස්තරෙ කියලා ඔයාට කැමති නෑ කියන්න කියලා ඌ…
ඌ තාත්තට මේ හැම දේම කිව්වට පස්සේ ඌගෙ තාත්තා මාමාට මේ හැමදේම කියලා…
ඔන්න ඕක තමා උනෙ…
මං උඹේ අයියා මං කැමති නෑ මගෙ නංගීගෙ ජිවිතෙ විනාස වෙනවට මං දැන දැනත් ඒකයි මං මේ හැමදේම කළෙ…
මගෙ අතින් වැරැද්දක් උනා නම් මට සමාවෙන්න…
ඔයා කැමති තීරණයක් ගන්න මගෙන් කිසිම බලපෑමක් නෑ…”

සසංකගෙ වචන හමුවේ සත්සරණිගෙ හිස මත අකුනක් ගැසුවාක් මෙන් ඇය ඉද සිටි තැනින් නැගිට්ටා

“මේ… මේ… මො…මොනවද…
අයියෙ ඔයා කියන්නෙ…”

“මං කවදාවත් බොරු කියලත් නෑ බොරු කරලත් නෑ…
මං කිව්ව හැම දේම ඇත්ත…
ඔයා මාත් එක්ක ඉන්න කැමති නම් ඉන්න නැත්තම් ඔයාට මගෙන් වෙන් වෙන්න පුළුවන් මගෙන් කිසිම බලපෑමක් නෑ…”

සසංක එපමණක් පවසා ඇඳට ගොස් නිදාගත්තා. ඒත් සත්සරණිගෙ නින්ද සොරු අරන් ගිහින් වගෙ ඇයට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. ඇයට ඉදිරියට කුමක් කරන්න ඕනද කියල වැටහිමක් නෑ.ඇය මුළු රෑම සිතා තීරණයක් ගත්තා. පසු දා එළි වුණෙ ඔවුන්ගෙ ජිවිතයද වෙනස් කරමින්

“අයියේ…
මං තීරණයක් ගත්තා…”

ඇයගෙ වදන් හමුවේ ගැස්සුනෙ ඔහුගෙ සිතයි. ඒ බවක් ඇයට නොපෙන්වා ඔහු ඇය සමඟ කතා කළා

“ම්ම්ම්…
කියන්න ඔයාගෙ තීරණෙ…”

ඇය ටිකක් වෙලා ඉඳ

“අපි දෙන්නා ඉස්සරහටත් මෙහෙම ඉමු…
තාත්තනෙ හොයලා දුන්නෙ ඔයාව මට…
ඉතින් තාත්තා කවදාවත් මට වැරැද්දක් කරන්නෙ නෑ ඒක මට ඉර හඳ වගෙ විශ්වාසයි…
ඒ විශ්වාසෙ නිසාම මං ඔයාවත් විශ්වාස කරනවා…”

ඇය පැවසුවේ ඔහුගෙ දෑස් දෙසම බලාගෙන ඔහුගෙ අවුරුදු 10ක ඒකපාර්ශ්වික ආදරේ තමන්ගෙම යැයි පවසනකොට ඔහුට දැනෙන සතුට කොහොම ඇතිද

“ඔය ඇත්තමද මැණික…
මං ගාවට වෙලා ඉන්නවා නෙ හැම දාම…”

ඔහු මෙපමණ කාලයක් සඟවා සිටි ආදරේ ඉස්මතු වී ඇයව තම තුරුලට ගෙන ඇයගෙ හිස මත දෙතොල් තබා ඔහු අසන විට ඇය අන්දුන් කුන්දුන් වුණා.

“#මං_ආදරේයි_චුටි_මැණික…
#උඹ_මගෙ_පණ_බන්…
#මට_උඹව_වටිනවා…
ඒකයි මං මේ හැමදේම කළෙ…”

සසංක ආදරේ ප්‍රකාශ කළාම ඇයව නිකන් ෂොක් උනා වගෙ ඇය කිසි දෙයක් නොපවසා නිහඬවම සිටියා.

“මං දන්නවා උඹ මට ආදරේ කරන්නෙ නෑ කියලා…
කමක් නෑ…
මං ආදරේ කරන්නම් උඹටත් එක්කම…
මගෙ ආදරේ ඇති අපි දෙන්නටම…”

❤️🍀❤️🍀❤️🍀❤️🍀❤️🍀❤️🍀❤️🍀❤️🍀

කායය අවුරුදු 2ක් ගත වුණෙ සත්සරණි සසංකගෙ ආදරේ සමඟම ඔහුව තේරුම් ගෙන ඔහුට ආදරේ කරන තැනට පත් කරමින්

“චුටි දෝණි ඇහෙනවද අප්පච්චිව…
අම්මට වද දෙන්න එපා මගෙ මැණික අප්පච්චි ගිහින් එනකම්…”

“අනෙ මහත්තයෝ…
ඔයා මගෙ ළඟට ආවොත් මේ කෙල්ල හොඳ පාරක් දෙනව මේ…”

මාස 7ක් වු කුසක් දාරගෙන සිටින සත්සරණි සසංකගෙ අත ඇයගෙ කුසින් තබා දරුවගෙ දැඟිලිල්ල ගැන කියවන්න වුයෙ මහත් සතුටින්

“එහෙම තමා මගෙ චණ්ඩි දෝණියානෙ මේ…
මගෙ පැටියා ඉක්මනට එන්නකෝ…
අපි අම්මට වද දෙමු එකතු වෙලා…”

සසංක දරුවා සමඟ කතා කරනකොට ඇයට ඔවුන්ගෙ අතීතය මතක් වුණා

“මැණික…
මොනවද අනෙ ඔච්චර හිතන්නෙ…”

“හිතන්න දේවල්ද මහත්තයෝ නැත්තෙ…”

“මටත් කියහන්කෝ බලන්න…”

“තාත්තව බේරගන්න හැදුව වෙඩින් කාඩ් එක නිසා අද මගෙ ජිවිතය විනාස වෙන්නෙ නැතුව බේරුනෙ ඔයා නිසයි…
ඔයා වේලවට තමා ඔයාගෙයි මගෙයි වෙඩින් කාඩ් එක ඔයාගෙ යාළුවට පෙන්නුවේ…
නැත්තම් එහෙම…

ඇයට එතනින් එහට වචනයක්වත් පැවසිමට නොහැකි වුණෙ ඔහු ඇයගෙ දෙතොල් මත ඔහුගෙ දෙතොල් තැවරු නිසයි.

“ආයෙ ඔය කතාව කියන්න එපා මැණික…
හරි කොහොම හරි අපෙ #ඇරයුම්_පත නිසා අද අපි සතුටින්නෙ මැණික…”

නිමි

ඔයාලට මගෙ කතාවෙන් දැනුන දේ කියන් යන්න එහෙනම්.

උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
2
+1
55
+1
5
+1
6
+1
1
+1
0
+1
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here