කෙටි කතාවක් – මොඩ් ලේලි

71
2589

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

මොඩ් ලේලි..😉

👵 ” විනාසයි….විනාසයි….අපේ හත්මුතු පරම්පරාවෙම දැලි ගාන්න යන්නේ ඔය…”

කාන්ති කිව්වේ පෝරුවේ චාරිත්‍ර පටන් ගන්න ඔන්න මෙන්න තියෙද්දි….උඩරට පෙනුමට ක්‍රීම් පාට ඔසරියක් ඇදලා ඉන්න තිසාලි කාන්තිට පෙනුනේ යකින්නක් වගේ….

👴 ” දැන්වත් ඔහේගේ කියවිල්ල නතර කරගන්නවා නෝනේ…😖 “

සේනාධීර කිව්වේ අහන් ඉදලා බැරිම තැන..

👵 ” ඔව් ඔව් උඹලා ඔක්කොටම මගේ කට වහන්න ඕනි උනේ….ඕකි කැරකිලා ඔතනම වැටුණම ඔක්කොගෙම රෙදි ගැලවෙයි…”

ඉහින් කනින් දාඩිය පෙගිලා වෙවුලන කාන්තිව දැකපු සේනාධීරට ආවේ හිනාවක්….

👵 ” දැන් ඉන්නේ හොර කපුවෝ…ඕකුන් අෂ්ඨක කියන්නේ භාගෙට…හරියට අශ්ඨක කිව්වනන් ඕකි මෙතන දපනේ වැටිලා….”

කාන්ති කිව්වේ චාරිත්‍ර අවසන් කරලා පෝරුවෙන් බහින තිසාලියි මේනකයි දිහා බලලා…..

👴 ” අනේ ඇත්තටම ඔහේ අම්මෙක්ද නෝනේ…තමන්ගේ දරුවටයි ලේලිටයිනේ ඔය ගරහන්නේ….”

සේනාධීර කිව්වේ බැරිම තැන…මංගල්ලේ ඉවර වෙනකන්ම කාන්ති හැමෝම එක්ක තිසාලිගේ සායම ඇරියා…

👵 ” අපේ එකාට බඩට මොනවද දිලා….ගලවගන්නම බැරි උණානේ…..”

🧓 ” හරි සෝබන පාටයි කාන්තියෝ…උඹේ කොල්ලට අබ සරණයි…”

👵 ” සුදිය විතරයි පුංචිඅක්කේ….වැඩක් පලක් බැරිලු….එහෙම කියලා මගේ එකා අයින් කරන්න බෑනේ…”

කාන්ති කිව්වේ හූල්ල හූල්ල….

කෙල්ලයි කොල්ලෝ දෙන්නයි ඉන්න පවුලේ මේනක පවුලේ මද්දුමයා…අනිත් දෙන්නම බැදලා වෙනම හිටියේ…මේනක කලේ විධායක ශේණියේ රැකියාවක්….තිසාලිව හම්බවෙන්නේ රාජකාරි වැඩකදි…

තිසාලි ෆැශන් වලට ගොඩක් කැමති කෙනෙක්… කොට දිග ඕනම විදිහකට ලස්සනට ගලපලා අදින්න කෙල්ල කැමතියි… ඒ හින්දම තමයි කාන්ති මේ කසාදෙට අකමැති වෙන්නේ….කොහොමෙන් හරි මේනකගේ උවමනාවට මේ කසාදේ වෙනවා…


******************

👩 ” ගුඩ් මෝනිං අම්මේ……”

තිසාලි හිනාවෙලා ආවේ කුස්සියට…එනකොටම කාන්ති බරටම වැඩ…උදේට කෑමට ආප්ප පුච්චනවා..තිසාලිව දැක්කත් කාන්ති හිටියේ නොදැක්ක ගානට….

👩 ” අම්මා මන් තේ හදන්නද….”

තිසාලි කිව්වේ පැන්ටියට බර වෙලා…

👵 ” පුහ්…තේ හදන්න දන්වෑ….ඕනි නෑ මන්ම කර ගන්නම්….”

👩 ” අම්මා….කෝ දෙන්න මන් පොල් ගාන්න….”

තිසාලි බලෙන් වැඩ ඉල්ලනවා…

👵 ” ඔය ළමයා පැත්තකට වෙලා ඉන්න…ඔය පාට කරපු අත් වලින් මේ වැඩ කරන්න බෑ…ගෑණියෙක් උනාම රූපේ විතරක් මදි…”

කාන්තිගේ අතොරක් නැති කියවිල්ලේ නම් අඩුවක් තිබ්බේම නෑ….. ඒත් තිසාලිට මේවයේ ගානක් තිබ්බේ නෑ… සතියක් විතර යනකොට ඉදලා හිටලා තේ එකක් හදන්න චාන්ස් එකක් නම් හම්බඋනා…

👵 ” මහත්තයාට සීනි අඩුවෙන්…මේනකට වැඩි කහට…උකුවට නැත්තම් මේනක බොන්නෑ…..”

කාන්ති උපදෙස් දෙනවා….තිසාලි හිනාවෙනවා…

සතියට දවස් දෙක තුනක් තිසාලි ටවුන් එකේ කේක් ඩිසයින් ක්ලාස් එකක් කලේ වියදම හොයාගන්න… ලස්සනට ඉන්න ඕනි උනාට හැමදේටම මේනකට කරදර කරන්නත් බෑනේ…..

👵 ” දවල් කෑමට රට ඉන්න ලොකු අම්මලා එනවා…”

කුස්සිය පැත්තේ එකම යුද්දයක්… මේනකගේ අක්කත් ඇවිත්…පොඩි ලේලිත් උදේම වැඩ පටන් අරගෙන…ඉරිදා දවස හින්දා මේනකත් ගෙදර…

👩 ” අම්මේ….මටත් පුලුවන් උදව් වෙන්න…තියන වැඩක් කියන්නකෝ…මන් කරන්නම්….”

තිසාලි කිව්වේ බරටම වැඩ කරන නෑනලා දිහා බලලා….

👵 ” ඔය ළමයාගේ උදව් ඕනි නෑ….මට ඉන්නේ මේ බොරු සෝබන නැති රත්තරං වටින කෙල්ලෝ දෙන්නෙක්…”

රසිකා මේනකගේ පොඩි නෑනා…තිසාලි දිහා බලලා උපාහාසෙට හිනා උනා….රසිකා කොන්ඩේ දිග පැහැපත් උස මහත පෙනුමක් තියන කෙනෙක්…දිගටි සාය කැටි කරගෙන මැශිමක් වගේ නැන්දම්මා පස්සෙන්මයි….
අවුරුදු විසි පහක් උනාට රසිකාට තිබුනේ වයස මුහුකුරා ගිය පෙනුමක්…

🙍” ආ අම්මේ….අම්මලට බැරි වෙනකොට කවුද කරන්නේ…ගෑණුන්ට සැප…මේහේ අම්මා තම්බ තම්බ දෙනවා….”

මාලිකා කිව්වේ තුන් වෙනි ලෝක යුද්දේ පටන් ගන්න මුල් ප්‍රහාරේ එල්ල කරන ගමන්…

🙍 ” මේ ගෙවල් දොරවල් එහෙම ලියනවා එහෙම නෙවෙයි…”

මාලිකා කියන්නේ වට පිට බලලා….

නැදෑ සනුහරේම දවල් එක වෙද්දි ගෙදරට ආවා..

👵 ” ලොකු අක්කා……”

කාන්ති හිටියේ හරි සතුටින්…..

🧓 ” කෝ අලුත් ලේලි ?…..”

ප්‍රියන්වදා කිව්වේ ගේ ඇතුළට ඔලුව දාලා…

🧓 ” කෙල්ල නම් හැඩ පාටයි….ඔය ඉන්නේ පෙනුමට….”

👵 ” ඔපේ විතරයි අක්කේ….මෙලෝ වැඩක් බෑ…”

කාන්ති කිව්වේ ටිකක් සද්දෙට….

👴 ” උඩ බලන් කෙලගහන්න එපා නෝනේ…”

සේනාධීර කිව්වේ ඉවසලා බැරිම තැන…කාන්තිට තිසාලිව දැක්කත් ඇති එකපාර හෙන පුපුරන්න වගේ බනින්න ගන්නවා…

ගේ ඇතුලේ ඉන්න ඉඩක් නැති හින්දම තිසාලි හිටියේ වත්ත පිටිපස්සේ අඹ ගහ යට බංකුවට වෙලා….

🧔 ” සුදු නෝනා…මන් ටවුමෙන් ගෙයක් බැලුවා…ලබන සතියෙම යමු එහෙට…”

මේනක කිව්වේ කල්පනාවේ හිටපු තිසාලිට…

👩 ” ඇයි…මේ හදිස්සියෙම….”

🧔 ” ඔයා නොකිව්වට මන් හැමදේම දන්නවා මැණික….අපේ අම්මලා අක්කලා ඔයාට වෙනස්කම් කරනවා….”

👩 ” එහෙම දෙයක් නෑ අයියෝ….අපි මෙහේ ඉමු හරිද…”

තිසාලි හිනාවෙලා කිව්වේ මේනකගේ අත් දෙකෙන් අල්ලගෙන…මෙච්චර දේවල් වෙලත් මේ තරම් ඉවසන එක ගැන මේනකට වෙලාවකට පුදුමත් හිතුණා…කල් යන්න කාන්තිගේ ආඩපාලි වලට තිසාලිත් හුරු උණා…

*************************

🙍 ” අනේ අම්මේ….හැමදේම ඉවරයි…”

මාලිකා අඩාගෙන ආවේ ගේට්ටුව ළඟ ඉදලම..පුංචි එකා වඩාගෙන අනිත් දරුවා අතින් ඇදගෙන වැළහින්නක් වගේ අඩනවා…එක අතකින් රෙදි දාපු මලු කෑල්ලක්….

👵 ” අනේ මාලිකෝ…. ඇයි කියපන්කෝ…”

කාන්ති හතර අතට වදිනවා…මාලිකා කෑ ගගහා අඩා වැටෙනවා…

🙍 ” මට ජීවත් වෙලා වැඩක් නෑ අම්මේ…මේ පැටව් දෙන්නත් එක්ක වහ ටිකක් කාලා මැරෙනවා…”

👴 ” උන දේ කියපන් ලොකු පුතේ….”

සේනාධීර කිව්වේ ඉවසලා බැරිම තැන..

🙍 ” කල්පට වෙන සම්බන්ධයක් තියනවා අප්පච්චී ….ඉස්සර වගේ නෑ….”

සේනාධීර වගේම කාන්තිගේ ඇස් උඩ ගියේ මාලිකාගේ කතාවට….

🙍 ” කල්ප මගෙන් ඩිවෝස් එක ඉල්ලනවා අම්මේ….මන් ඒ මිනිහට අඩුපාඩුවක් කලේ නෑ දෙයියනේ….”

පොළොවේ හැපි හැපි අඩන මාලිකාව දැකලා කාන්තිගේ පපුව කඩා වැටුණා…

👵 ” අනේ….හත්තලාමේ….කාට කරපු අපරාධද මේ පඩිසන් දෙන්නේ….”

කාන්ති හූලලනවා…දරුවෝ දෙන්නෙක් එක්ක ගෑණියෙක් තනි වෙනකොට මොන අම්මටද උහුලන්න පුලුවන්….

ක්ලාස් ඉවර වෙලා තිසාලි ගෙදර එන්නේ මේ වෙලාවෙම…හතට ළං වෙලත් ගේ ඇතුළෙන් එළියක් පේන්නෑ…තිසාලි අඩි ඉක්මන් කලේ කරදරයක්ද කියලා බයට….

හතර අතේ වැටිලා හූල්ලන කාන්තියි මාලිකයි දැක්කේ එතකොට….පොඩි උන් දෙන්නා බඩගින්නේ අඩනවා…විස්තරේ දැනගත්තේ සේනාධීරගෙන්…

👩 ” අක්කේ මන් දරුවා ගන්නද….”

තිසාලි ඇහුවේ ටිකක් බයෙන්…මොකද කොයි වෙලේ ඇගට කඩා පනීද දන්නැති හින්දා….මාලිකාගේ අකමැත්තක් නැති හින්දා තිසාලි පැටව් දෙන්නත් අරගෙන ගිහින් සෝදවලා ඇදුම් ඇන්දුවා….

පොඩි උන් දෙන්නට සෙල්ලම් කරන්න දීලා තිසාලි ආවේ කුස්සියට….

👴 ” පුතේ…..”

සේනාධීර කුස්සියට ආවේ ඒ එක්කම…

👩 ” තාත්තේ….”

👴 ” අපිට නම් නැතුවට කමක් නෑ…අර දරුවො දෙන්නට මොනවහරි හදලා දෙන්න පුතේ…අම්මා හරි වේදනාවෙන් ඉන්නෙ…”

තිසාලි මුකුත් නොකියා හිනාවෙලා ඔලුව වැනුව….සේනාධීර කෙල්ලගේ ඔලුව අතගාලා හැරුනේ ගැඹුරු හුස්මක් පිට කරන ගමන්….

පොඩි උන් දෙන්නා බඩගින්නේ හින්දා නූල්ඩස් එකට වතුර රත් කලේ ඉදිආප්ප වලට පිටි අනන ගමන්…

නූල්ඩස් එකට එළවලු දාලා තෙම්පාරාදු කරලා බිත්තර බුල්සයි දෙකක් දාලා පැටව් දෙන්නට කවලා හිටියා…

ඉදිආප්ප ටික තැම්බෙන්න තියලා ෆ්‍රිජ් එක බැලුවේ මොනවද තියෙන්නේ කියලා…මොකද කෙල්ල මේ කූස්සියේ වැඩකරන පළවෙනි පාර…

විනාඩි හතලිහක් යනකොට ඉදිආප්ප තම්බලා, චිකන් කලුවට උයලා , අල කිරට හදලා , පොල්සම්බෝලයක් එක්ක මේසෙට ඇරියා…

ඒ වෙනකොට මේනකත් ආවේ හින්දා දෙන්නත් එක්කම වොශ් දාගන්න ගියේ අනිත් අයට කන්න කියලා… වෙනදා පේන කාන්තිගේ ඔරොප්පු ගතිය මූනේ පෙනුනෙ නෑ….සේනාධීර නම් කෑම වල වර්ණනාව…කාලෙකින් රහට කෑවලු….

🙍 ” ළමයි දෙන්නා කෝ නංගි….”

ඒ මාලිකා තිසාලිත් එක්ක හොදින් කතා කලාමයි…

👩 ” දෙන්නම නිදිකලා අක්කේ…චූටියට නම් ඉක්මනට නින්ද ගියා…”

🧔 ” අක්කා……”

මේනක කතා කලේ පිටුපාලා යන්න හදන මාලිකාට….

🧔 ” තමුසේ ඕවා හිතන්න එපා…මන් හෙට කල්ප අයියා එක්ක කතා කරනවා….”

මාලිකා ඇස් වල කදුලු පිටිඅල්ලෙන් පිහදාගෙන කාමරේට උණා….

***********************

🤵 ” ගෑණියෙක් උනහම පිළිවෙලක් තියෙන්න ඕනි බන්…අපිත් මිනිස්සු…”

කල්ප කිව්වේ කේන්තියයි වේදනාවයි ඔක්කෝම එකතු කරලා…

🤵 ” රෑ ඇදපු එක ගලවන්නේ ඊට පස්සේ දවසේ හවසට… ඔලුවක් පීරන්නෑ…නියපොත්තක් කපන්නෑ….ශික්…”

🧔 ” ළමයි දෙන්නත් එකක් වැඩ කරගන්න බැරුව ඇති බන්…තේරුම් ගනින්…”

මේනකට ඕනි උනේ ප්‍රශ්නේ ගොඩින් විසදන්න…

🤵” ඇත්ත…ඒකි උයනවා..ළමයි බලනවා…ඔක්කොම කරනවා…මාත් පුලුවන් හැමදේම කරලා දෙනවා…ඒත් මාලිකාට පිරිසිදුව ඉන්න උවමනාවක් නෑ…..මට ඩිවෝස් එක ඕනි මල්ලී…මන් දරුවෝ දෙන්නත් බාර ගන්නවා…”

මේනකගේ ඔලුව කම්මලක් වගේ කල්ප කවදාවත් නැති විදිහට මාලිකාව රිජෙක්ට් කරනවා….

👩 ” අක්කා….”

🙍 ” එන්න නංගි…..”

නිදාගෙන ඉන්න පැටියාගේ ඔලුව අතගාලා තිසාලි වාඩි උනේ මාලිකා ළගින්…

👩 ” තාම දුකෙන්ද…..”

🙍 ” එයාට මාව එපා වෙලා නංගී….”

මාලිකා අඩනවා…

👩 ” අක්කට මාව විශ්වාසද….”

තිසාලි ඇහුවේ ඒ අත් දෙක තද කරගෙන…ඒ ඇස් වල විශ්වාසයක් වගේම බලාපොරොත්තුවක් පැහැදිලව පෙනුනා….

සතියක් දෙකක් යනකොට මාලිකා වෙනස් වෙන්න එකට වැටුණා…සතියට දෙපාරක් ස්ක්‍රබ් එකක්, ෆේස් මාක්ස් එකක් දාලා තව නැචුරල් ටීට්මන් කරනකොට මූණට අමුතු එළියක් ආවා…

කොන්ඩේ ඩැමේජ් අයින් කරලා හෙයා කට් එක දැම්මේ තිසාලි අදුරන සැලොන් එකකින්….

මේ අතරේ මාලිකාට පොඩි ඩයට් ප්ලෑන් එකකට වැඩ කරන්නත් උණා….මාස දෙකක් වගේ යනකොට එහෙන් මෙහෙන් පැනපු ටයර් ටික නැති උනේ බලා ඉද්දි….

තිසාලි මහලා දුන්න ඇගේ ශේප් එකට හරියන ඇදුම් ටික ඇන්දම මාලිකාගේ හැඩ හිතාගන්න බැරි තරම්….

මාස තුන හතරක් ඩිවෝස් එක පස්සට ඇද්දේ මේනකගේ උවමනාවට…. ඒ අතරේ කල්ප ගෙදරට ආවේ දරුවෝ බලන්න….

🤵 ” මාලි…….”

කල්පට අදහාගන්න බැරි උනා…මොකද කෙල්ල ඒ තරමට වෙනස් වෙලා…මාලිකාත් වෙනසක් නැතුව කතාකලේ තිසාලිගේ උපදෙස් වල විදිහට….

හැමදේම අමතක කරලා කල්ප දරුවෝ දෙන්නත් එක්ක ආයේත් මාලිකාව බාර ගන්න පොරොන්දු උනේ ආයේ කවදාවත් වෙනසක් කරන්නෑ කියලා සේනාධීරට වගේම කාන්තිට දිවුරලා පොරොන්දු වෙන ගමන්….

👵 ” මට සමාවෙන්න පුතේ….”

කාන්ති කිව්වේ තිසාලිගේ අත් දෙක තදකරගෙන….

👩 ” ඇයි අම්මේ මේහ්……”

👵 ” මම ඔයා ගැන හිතාගෙන හිටියා වැරදියි පුතේ….ලස්සනට ඉන්න එක ගෑණියෙක් කරන වැරැද්දක් කියලා මට හිතුනේ….මටයි වැරදුනේ….”

👩 ” දැන් හැමදේම හරිනේ අම්මේ…ඇයි ඉතින් අඩන්නේ….”

👵 ” කැඩිච්ච පවුලක් එකතු කරලා පුතා කරගත්තේ ලොකු පිනක්…”

කාන්ති තාමත් අඩනවා…සේනාධීර බලන් හිටියේ හිනාවෙන ගමන්… ‘ මට ඉන්නේ මේ ලෝකේ ඉන්න හොදම ලේලි ❤ …ඊළග ආත්මේ මගේම දරුවෙක් වෙන්න ඔනි…’ කාන්ති එදා ඉදලා තිසාලි ගැන කියන්නේ ආඩම්බරෙන්…. #ඉවසීමෙන්_ලබා_ගන්න_සැනසීම_අසීමිතයි කියලා තිසාලිට දැනුනේ කාලයත් එක්ක පවුලේ හැමෝගෙම ආදරේ ලැබෙද්දි…❤

❤~~~~~සමාප්තයි~~~~~❤

පසුවට…….

‘ ලස්සනට ඉන්න එක ගෑණියෙක්ට අකැප දෙයක් නෙමෙයි…විවාහය, දරුවෝ, රස්සාව, මේ හැමදේම එක්ක තමන් ගැන,ලස්සන ගැන, නිරෝගීකම ගැනත් හිතන්න….ආදරේට ‘ ලස්සන ‘ වචනයක් විතරක් උනාට, පිළිවෙල පිරිසිදුකම කියන්නේ සාර්ථක පවුල් ජීවිතයක අවශ්‍යතාවන්….❤

✍️ චමලී ලියනආරච්චි

උපුටාගන්නා ලදි…..

අද කතාව කොහොමද ?
+1
5
+1
101
+1
5
+1
6
+1
0
+1
1
+1
2

71 COMMENTS

  1. fantastic issues altogether, you just won a brand new reader.
    What may you recommend in regards to your submit that you just made a few days in the past?
    Any positive?

  2. It’s a shame you don’t have a donate button! I’d definitely donate to this outstanding blog!
    I suppose for now i’ll settle for book-marking and adding
    your RSS feed to my Google account. I look forward to brand new updates and will share this
    website with my Facebook group. Talk soon!

  3. Thank you a bunch for sharing this with all folks you actually recognize what you
    are speaking approximately! Bookmarked. Please additionally seek advice from my web
    site =). We will have a link change agreement among us

  4. I’m impressed, I have to admit. Seldom do I encounter a
    blog that’s both educative and amusing, and let me
    tell you, you have hit the nail on the head.
    The issue is something which not enough men and women are
    speaking intelligently about. I am very happy that I found this during my search for something
    regarding this.

  5. My programmer is trying to persuade me to move to .net
    from PHP. I have always disliked the idea because of the expenses.

    But he’s tryiong none the less. I’ve been using WordPress
    on numerous websites for about a year and am concerned about switching to another platform.
    I have heard fantastic things about blogengine.net.
    Is there a way I can transfer all my wordpress posts into it?

    Any help would be greatly appreciated!

  6. 861096 403750I dont agree with this particular article. Even so, I did researched in Google and Ive discovered out that you are correct and I had been thinking inside the incorrect way. Continue producing quality material comparable to this. 3432

  7. hello there and thank you for your info – I have definitely picked up anything new from right here.
    I did however expertise some technical points using this web site, since I experienced to
    reload the website lots of times previous to I could get it to load
    correctly. I had been wondering if your web host is OK?
    Not that I am complaining, but sluggish loading instances times will very frequently affect your placement in google
    and could damage your high-quality score if advertising and
    marketing with Adwords. Anyway I am adding this RSS to my email
    and can look out for a lot more of your respective fascinating
    content. Ensure that you update this again soon. scoliosis surgery
    https://coub.com/stories/962966-scoliosis-surgery scoliosis surgery

  8. I’m really loving the theme/design of your blog. Do you ever run into any web browser compatibility problems? A handful of my blog audience have complained about my website not operating correctly in Explorer but looks great in Chrome. Do you have any solutions to help fix this issue?|

  9. Have you ever thought about writing an e-book or guest authoring on other blogs? I have a blog based upon on the same subjects you discuss and would love to have you share some stories/information. I know my visitors would value your work. If you are even remotely interested, feel free to send me an e mail.|

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here