කෙටි කතාවක් – ආශා

6
2516

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

ආශා…🔥

“ඒ බන් ,මම මේ දකින්නෙ හීනයක්ද යකෝ…අර බලහන්කෝ…අර කෑල්ල මම මෙච්චර කාලයක් මේ ක්ලබ් එකට එනවා යනවා දැක්කෙ නැහැනේ…මේ සංජය හොදට බලලා කියපන් උඹ දැකලා තියෙනවද කියලා…”

එදිනත් සුපුරුදු විදිහටම නයිට් ක්ලබ් එකට සෙට් වෙච්ච සදුන් තමන්ගෙ හොදම මිතුරාට කියන්නෙ තරුණියක් දෙසට ඇගිල්ල දික් කරලා…සදුන් කියන්නෙ මුළු ලොවක් දන්න ඩොක්ටර් විමලනාථගෙ එකම දරුවා…හැම අතින්ම සදුන් ඉහලින් හිටියත් සදුන්ගෙ තිබුන එකම දුර්වල කම වෙන්නෙ මේ නයිට් ක්ලබ් යෑම…විමලනාථ මොන තරම් උත්සහා කලත් ඒක නතර කරන්න බැරි වෙද්දි අවසානේදි ඔහු ඒ අදහස හිතින් අයින් කරලා දැම්මා…

හැබැයි ඔහු හිටියෙත් දුකින්…ඒ රෝගින් දහස් ගානක් සුව කරපු ඔහුට තමන්ගෙ දරුවාව මේකෙන් මුදව ගන්න බැරි වෙච්ච එක ගැන…ඒ අවසරයෙන් සදුන්ගෙ ක්ලබ් යෑම එන්න එන්නම වැඩි උනා…හැබැයි ඔහු මේ තාක් කාලයකට කිසිම තරුණියක් අශ්‍රය කලේ නම් නැහැ…ඒක ඇත්තක්…

ඉතින් වෙනදා වගේම සදුන් තමන්ගෙ අතිජාත මිතුරා වෙච්ච සංජය එක්ක පුරුදු විදිහටම ක්ලබ් එකට ආවත් මෙච්චර දවසකට කිසිම තරුණියක් දිහා ඇහැක් ඇරලා නොඹලපු සදුන්ට මේ තරුණිය දිහා නිකම්ම බැලුනා…

සිහින් ඉඟ ,දිගු වර්ණ ගන්වන ලද කොණ්ඩය…ඇගට කිටි කිටියෙ හිර වෙන්න ඇදන් හිටපු ඇදුම …තරමක් උස්ව තිබුන පියයුරු…මේ සියල්ලත් එක්ක ඇගෙ රුව සුන්දරව සදුන්ගෙ ඇස් වලට පෙනුනා…

“බලපන්කෝ හු@@@ අර ,අර..තොගෙ ඇස් කණවෙලාද…?”

සංජය ගෙන් උත්තරයක් නැතිම තැන ආයි වතාවක් සදුන් සංජයට කතා කලේ හොදින් නම් නෙවෙයි…

“ඒක දිහා තමා යකු මමත් මේ බලන් හිටියෙ…මේ සදුනා…පට්ට ෆිගර් එක නේද මචන්…ටෝක් කරලා බලමුද …?බැරි වෙන එකක් නැහැ ඇදගන්න…ඒ උනත් බන් ඕකි මොනවා කියයිද…?”

“මේ මටත් ඕකම හිතුන…බලහන්කො ලස්සන විතරක්..ටිකක් ඇහැ දාලා බලපන් …සමහර විට මේකි ඇව්ත් ඉන්නෙ මිනිහා එක්කද කියන්න කවුද දන්නෙ…”

සදුන් සහා සංජය යන⁣ දෙදෙනාම ඇය දියා උනන්දුවෙන් බලන් හිටියා…ඇය හිටියෙ තනියම…ඒ වගේම ඇය තනියම බියර් එකක් තොල ගගා පෝන් එක ඔබ ,ඔබා හිටියෙ…විනාඩි දහායක් විතර කාලයක් ඔවුන් දෙන්නා ඇය දිහා බලන් හිටියා…එතකොටම තමා සංජයගෙ පෝන් එකට කෝල් එකක් එන්නෙ…සංජය පෝන් එක අන්සර් කලා…සදුන් දිගටම තරුණිය දිහාම බලන් හිටියා…

“මචන් ,මට යන්න වෙනවා…අප්පච්චිට අමාරු වෙලා හොස්පිටල් අරන් ගිහින්..මේ ටෝක් කරලා බලපන්…මටත් චාන්ස් එකක් තියහන් හරි…”

එහෙම කියපු සංජය එතනින් හරි ඉක්මනට යන්න ගියා…සදුන් තනි උනා…නමුත් සදුන් ඇය දිහාම බලන් හිටියා…එක පාරටම ඇය සදුන් දිහා බැලුවා…දෙන්නාගෙ ඇස් මොහොතකට හමු වෙද්දි සදුන්ට ඒ බැල්ම දරා ගන්න බැරිව අහක බලා ගත්තා…නමුත් ඉලග මොහොතෙදි සිද්ද උනෙ සදුන් හීනෙකින් වත් නොහිතු දෙයක්…ඒ එම තරුණිය වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා සදුන් හිටපු තැනට ඇවිදගෙන ආවා…අඩිය තියන තාලයට ඇගෙ පියයුරුත් පැද්දෙද්දි සදුන් ඒ මිහිර ඇස් වලින් විඳගත්තා…

“හෙලොව්…මම නදිශා…මම දැක්කා ඔයා මම දිහා බලන් හිටියා…ඉතින් …මම මෙතනින් වාඩි වෙන්නද…?”

ඇය අහන්නෙ සදුන්ගෙ ඇස් දෙක දිහාම බලාගෙන…ඔහු අපහාසුවෙන් වචන ගලපන්න ගත්තා…

“ආ..මේ වා..ඩි වෙන්න…කමක් නැ..”

ඇය සදුන් එහෙම කියන්නත් කලින්ම පුටුවේ වාඩි උනා…වාඩි වෙච්ච ඇය අතේ තිබුන බියර් විදුරුව තොල ගාන ගමන්ම සදුන් එක්ක කතා කරා…ඒ අතරත් සදුන්ගෙ ඇස් ගියෙ ඇගෙ පියයුරු දෙසට…

“ඉතින්…ඔයා කවුද …?මම නම් මේ අදමයි මේ ක්ලබ් එකට ආවේ…මොකද මම ගියෙ අනෙක් එකට..අර මරදානේ තියෙන්නෙ…අන්න ඒකට…අද නිකමට හිතුනා මේකට ඇවිත් බලන්න…මම දැක්කා හොරා වගෙ මගෙ දිහා බලන් හිටපු හැටි…මොකද හොරෙන් බැළුවේ…ආ…”

සදුන්ට පුදුමයි…තමන් පිරිමියෙක් වෙලත් බයෙන් හිටියෙ ඇයත් එක්ක කතා කරන්න..නමුත් ඇය නම් ඒ වගක් වත් නැතිව ගිරවියක් වගෙ කතා කරනවා…ටිකෙන් ටික කාලය ගෙවෙද්දි සදුන්⁣ගෙ හිතෙ තිබුන කෝල බව නැති උනා…පැයක් විතර ගත වෙනකොට ඔවුන් දෙන්නා හොදම මිතුරන් වගෙ කතා බහා කරමින් හිටියා…ඒ අතර ක්ලබ් එකේ ඩාන්ස් කරන තැනට ගියපු සමහර කපල් ඩාන්ස් කරන්න පටන් ගත්තා…මේක දිහා බලාගෙන හිටපු සදුන්ට හිතුනා නදිශාට යෝජනා කරන්න ඩාන්ස් කරන්න යමු කියලා…නමුත් සදුන් ඒකට මැලි උනා..ඒ ඇය කුමක් කියා විද කියලා හිතමින්..

ඒ අදහසත් නැති වෙන්න නදිශා ඉඩ ති⁣බ්බේ නැහැ…සදුන් නොහිතපු විදිහට ඇය සදුන්ට ඩාන්ස් කරන්න යන්න කතා කරනවා…

“එන්න ,අපිත් යමු ඩාන්ස් කරන්න…මේ විදිහට මෙතනට වෙලා ඉදලා හරියන්නෙ නැහැ…කෝ එන්න ළමයෝ…”

නදිශා සදුන්ගෙ අතකින් අල්ලගෙන පිරිස අතරට එකතු වෙද්දි පසු බිමෙන් ඇහෙන සංගිත රාවයට මත් පැන් පානයෙන් වෙනම ලෝකවල හිටපු තරුණ තරුණියන් ඩාන්ස් කරමින් හිටියා…

නදිශා සදුන් සමගින් ඩාන්ස් කලෙ පෙම්වතයි ,පෙම්වතියයි වගෙ..විටෙක සදුන්ගෙ ඇස් නතර වෙච්ච ඇගෙ හංසයින් සදුන්ගෙ ඇගෙ හැප්පෙද්දි විටෙක එකිනෙකා තරුළු වෙම්න් දෙන්නා ඩාන්ස් කලා…පැයකට විතර පස්සෙ නදිශා සදුන්වත් ඇදගෙන යන්නෙ ක්ලබ් එකෙ තිබුන අදුරු මුල්ලකට…

එහෙමම සදුන්ව තුරුළු කර ගත්ත නදිශා සදුන්ව සිප ගන්න පටන් ගත්තා…පිරිමි හැගිම් අවදි වෙන්න වැඩි කාලයක් ගත උනෙ නම් නැහැ…ගින්දරයි ,පුළුනුයි එක ලග තියන්න බැහැ කියන දේ ඇත්තක් කරමින් නුපුරුදු උණුසුමෙන් සදුන්⁣ගෙ ඇගෙ හැගිම් ටිකෙන් ටික අවදි වෙද්දි එකිනෙකාගෙ දෙතොල් පැටලි යන්නෙ හරි ඉක්මනින්…

“ඕ ඩාර්ලිං….මට ඔයාව ඕන…ම්ම්හ්..කෝ එන්න අපි යමු…”

එහෙම කියපු නදිශා සදුන්වත් ඇදගෙන හෝටලය ඇතුලට දිවුවෙ හදිසියෙන් වගෙ…රිසෙප්ෂන් එකෙන් කාමරයක් බුක් කරන්නෙ නදිශා…කාමරයෙ යතුරත් අතට ගත්ත ඇය හදිසියෙන් වගෙ සදුන්වත් ඇදගෙන කාමරය ඇතුලට ගියා…එතැන් සිට අරම්භ උනෙ කාමයේ උපරිම අවස්ථාවක්…නදිශි හැසිරුනෙ හරියට රස කෑමක් ලැබිල වගේ…

සදුන් හැදගෙන සිටි සියළු ඇදුම් ගැලවෙන්නෙත් නදිශාගෙම අතින්…මේ හැම දෙයක්ම වෙන්නෙත් හරි ඉක්මනින්…කාමරය පුරා පැතිරිලා ගියෙ හීන් කෙදිරිලි හඩ විතරයි..

නදිශාගෙ සිරුරේ සෑම තැනකම සදුන්ගෙ උණුසුම් වි තිබු දෙතොල් දිවුවේ ජිවිතේ පල වෙනි වතාවට ගැහැණියකගෙ සිරුරකින් උණුහුම් වෙච්ච ලක්ෂණ වලින්…

පැයකට විතර පස්සෙ දෙන්නා දහාඩිය පෙරාගෙන එකිනෙකාගෙ සිරුරු වලින් මිදුනා…ඒ අවසරයෙන් සදුන් ඇද විට්ටමට හේත්තු උනා….ඒ අතර තුර නදිශා ඇගෙ අත් බෑගය තුල තිබි පිටතට ගත්ත සිගරට් එකක් පත්තු කර ගත්තා…

“අම්මෝහ් …සදුන් ඔයාට තැන්ක්ස් හොදද..කාලෙකින් මේ විදිහට හිටියෙ…ඉතින් …සදුන් මොනවද කියන්නෙ …ආ..මට බැරි උනානේ ඔයාගෙ විස්තර අහන්න..කියන්න බලන්න ඔයාගෙ විස්තර ටිකක්…”

සදුන් තමන් ගැන හැම දෙයක්ම කිවුවත් ,තමන්ගෙ පියා ගැන වචනයක් වත් කිවුවෙ නැහැ…මොකද මොනා කලත් සදුන්ගෙ හිතෙ තමන්ගෙ පියා ගැන තිබුනෙ ලොකු ගෞරවයක්…

“හම්…හරි දැන් කියන්න බලන්න ඔයා ගැන විස්තර ටිකක්…”

සදුන් අහන්නෙ නදිශාගෙන්…ඒ එක්කම ඇය ආයි පාරක් සිගරට් එකක් පත්තු කර ගත්තා…විනාඩි කිහිපයක් ගත වෙද්දි ඇය වේගයෙන් දුම් ගුලි කිහිපයක්ම මුදා හැරලා අවසන්…

“කෝ,ඇයි අනෙ සද්ද නැතිව ඉන්නෙ ,කියන්නකෝ..”

“හම්…කියන්නම්…හැබැයි සදුන් මම නම් ටිකක් අමුතුයි…මගෙ නම ඔයා දන්නවනේ…මම මැරිඩ් කෙනෙක්…එතකොට මගෙ මහත්තයා මේ රටේ ඉන්න ⁣ගොඩක් ලොකු බිස්නස් මන් කෙනෙක්…මට දරුවෝ නැහැ…මොකද මගෙ මහත්තයට දරුවෝ හදන්න උවමනාවක් නැහැ…ඉතින් මම ම⁣ගෙ උවමනා මේ විදිහට සපුරා ගන්නවා…තව දෙයක්…අදින් පස්සෙ ආයි මාව ඔයාට හම්බ වෙන්නෙ නැති වෙයි…ඒ නිසා කාලය කන්න එපා …මෙන්න මෙහෙට එනවා…”

එදින මුළු රෑය පුරාවටම නදිශා ඇයගෙ උවමනා එපාකම් සදුන්ගෙන් පිරිමසා ගත්තා…පසු දින උදේ අටට විතර සදුන් ඇහැරිලා බලනකොට නදිශා පේන්න හිටියෙ නැහැ…ඔහුට මතක් උනා ඇය කියපු කතාව …ඒ නැවත ඇය දකින්න ලැබෙන්නෙ නැති වෙයි කියපු කතාව…ඒ නිසාම සදුන් ඇයව හොයන්න ගියෙත් නැහැ…එදා තමා සදුන් තරුණියක් ඇසුරු කරපු පලවෙනි වතාව වගේම අවසන් වතාවත්…

වසර පහකට පසුව…

සදුන් දැන් වැඩිහිටියෙක්…සදුන්ගෙ තාත්තාගෙ උත්සහායෙ ප්‍රතිපලයක් විදිහට සදුන්ව හොද මිනිහෙක් කර ගන්න පුළුවන් උනා…ටිකෙන් ටික සදුන් යහා මගට ගියා…අවසානේදි සදුන් ව්‍යයාපාරිකයෙක් විදිහට ජිවිතය ජය ගත්තා…

මේ අතරම තමා සදුන්ට පෙම්වතියෙක් හමු වෙන්නෙ …ඇය නමින් රුවන්තිකා…දෙපැත්තෙම අශිර්වාදය මත ඒ සම්බන්ධයට කැමැත්ත ලැබුනා…

මේ අතරම සදුන්ගෙ සිරුර වෙනස් වෙන්න ගත්තා…නිතර නිතර ලෙඩ වෙන්නත් පටන් ගත්තා…මේ හේතුව නිසාම සදුන් වෛද්‍යය ප්‍රතිකාර වලට යොමු වෙනවා…සදුන්ව පරික්ෂා කරන්නෙත් වෙන කෙනෙක් නෙවෙයි…ඔහුගේම පියා…

පරික්ෂන කිහිපයක්ම කලා…නොහිතු විදිහට සදුන්ගෙ රෝග තත්වය ගියෙ වෙනත් දිශාවකට…සදුන්ගෙ පියාටත් පුදුමයි…මොකද තමන්ගෙ දරුවා මේ වගේ රෝගයකින් පෙලෙනවද කියන එක ගැන…

දෛවයෙ සරදම් කියන්නෙ මොන වෙලාවේ වෙන දෙයක්ද කියන්න දන්නෙ දෙයියො විතරයි…ඒ වගේම හරි නපුරු සෙල්ලමක් සදුන්ගෙ ජිවිතයත් එක්කත් සිද්ද වෙලා තිබුනා…ඒ සදුන්⁣ පෙළුන රෝගි තත්වය HIV බවට සහාතික විමත් සමග…

සදුන්ගෙ තාත්තා ඇඩුවා…කොහොමද දෙයියනෙ ලෝකයට මුහුණ දෙන්නෙ…අවසානේදි ඔහුම සදුන්ට මේ ගැන කිවුවා…

“පුතේ…ඔයාට ,ඔයාට තියෙන්නෙ HIV කොහොමද පුතෙ ඔයාට මේ ලෙඩේ හැදුනෙ…දැන් හොද කරන්න අමාරුයි මගෙ පුතේ ඇග පුරාම දුවලා..”

“අප්පච්චි..බො..රු නේ..ද කියන්නෙ…දෙයියනෙ..ඉහි ඉහි ඉහි..”

සදුන්ගෙ ඇස් ඉස්සරහා වලලා දැමු අතිතය ආයි වතාවක් මතක් වෙන්න ගත්තා..එදා නදිශා එක්ක අශාවට යහන්ගත වෙච්ච හැටි සදුන්ට මතක් උනා…සදුන් හැඩුවා…නදිශාව හෙවුවා…අවසානේදි සදුන්ට දැන ගන්න ලැබුනා ඇයත් මේ රෝගයෙන්ම මිට වසරකට කලින් මිය ගිය බව…

වේදනාය දරා ගන්න බැරිව සදුන් තමන්ගෙ ජිවිතය ගැන තීරණයක් ගත්තා…ඔවු සදුන් සිය දිවි හානි කර ගත්තා…සමාජයට ලස්සන තරුණ ජිවිතයක් අහිමි උනා…අම්මෙකුටයි ,තාත්තා කෙනෙකුටයි දරුවෙක් අහිමි උනා…මේ හැම දෙයක්ම මොහොතක අශාවක් නිසා සිදු වෙච්ච දෙයක්…

නිමි..

පසු වදන…

මොහොතක් හිතන්න…අශාවන් පස්සෙ ගිහින් සිද්ද වෙන්නෙ කුමක්ද..?වේයා අත්තටු ලැබෙන තුරු අරක්ෂිතයි…නමුත් අත්තටු ලැබුනාම ,ජිවිතය විනාශ වෙලා යන්න ගත වෙන්නෙ කොයි තරම් සුළු මොහොතක්ද..?මොහොතක් හිතන්න …තරුණ ජිවිතයක් කියන්නෙ රටට,පව්ලට⁣ මොන තරම් වටිනවද..?තීරණය ඔබ අතේ…ඔබට ජය ….

උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
0
+1
37
+1
4
+1
1
+1
13
+1
0
+1
7

6 COMMENTS

  1. This is very interesting, You are a very skilled blogger.
    I have joined your feed and look forward to seeking more of your fantastic post.
    Also, I’ve shared your site in my social networks!

    0mniartist asmr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here