මගේ දෙවනි මනමාලයා ඔහුයි – 21 කොටස

127
3488

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

21 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━

යුමී… 💙💙💙

කිසිදාක නොසිතු ලෙස
නුඹ ඇවිත් මගෙ හදට
හුරතල්ම සිනහවෙන්
වසඟ කර මුළු සිතම…

ආදරේ නුඹ ගාව
බයයි මට පවසන්න
නවතින්න ඉඩ දෙනුද
ඔය සොඳුරු සිත ගාව…

තවත්නම් මේ ලෙසට
බැහැනෙ මට හංඟන්න
නුදුරේම මගෙ සෙනෙහෙ
හැකි නේද පිළිගන්න…

කේෂ්… 💚💚💚

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~තැන්කිව් මැනික හැමදාම මෙහෙම කමෙන්ට් කරනවට Dilakshani Chamodya .. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

මුලු හෝල් එකම ඔල්වරසම් දෙන්න ගත්තේ සින්දුවක් අවසානේ වුන ඒ සිදුවීම නිසා…

ඈතින් එන ඒ තරු තුන දැක්කම හයියෙන් කෑ ගැහුව්වේ යුමී…

හේමාල් , දනුක, කාවිංග…

යුමීගේ ෆේවරිට් වගේම අමායාගෙත් ෆේවරිට් ඇක්ටස් ලා තුන් දෙනා නිසා අක්කයි නංගී ඉඳගෙන හිටිය තැනින් නැගිට්ටේ මගුල් ගේ කියලා අමතක වෙලා… 😂😂

“ඕ වාව් ඒකනම් සිරාම ස්ප්‍රයිස් එකක් … “

යුමී එහෙම කියලා ෆලයින් කිස් එකක් දුන්නේ දනුකලගේ දිහාවට..

දනුක ඒක දැක්ක ගමන් අරන් පපුවට තියලා අත තද කලේ හිනැහෙමින්..

මේක දැක්ක කේෂ් නම් හිටියේ ඉරිසියාවෙන් පුපුරමින්..

ඔහොම ටික වෙලාවක් ඩාන්ස් කරලා දනුක එක පාරටම යුමී ලඟට ඇවිල්ලා අත දික් කරාම යුමී දෙපාරක් නොහිතමා අත දුන්නේ හිනැහෙමින්..

දනුක එක්ක සිංදුවේ අවසානේ ඩාන්ස් කලේ මුලු හෝල් එකේම ඔල්වරසම් හඬ මැද්දේ..

අන්තිම ස්ටෙප් එකෙන් දනුක යුමීව කරකවලා අරන් තමන්ට පිටු පාලා ඉස්සරහට හරවලා ඉවර කලේ හරිම ලස්සනට..

ඒත් එක්කම එතනට ආව කේෂ් යුමීගේ අතින් ඇද්දේ සුපුරුදු කේන්තියෙන්මයි..

ඊට විනාඩි ගානකට පස්සේ ප්ලේ වුනේ සාරිකේ ෆෝර සා සෝන්ග් එක..

එකට යුමී එක්ක කේෂ් කතා කරගත්ත විදියට ඩාන්ස් කලේ තරහින්මයි…

” මේ යකාට මොනා වෙලාද.. මගේ අතත් රිදෙනවා මීමා.. “

යුමී මෙහෙම හිත හිත තමා ඩාන්ස් කලේ..

කේෂ් ඩාන්ස් එක නැවැත්තුවේ යුමීව කරකවලා අරන් තමන් ලඟට ලන් කරගනිමින්..

දෙන්නට දෙන්නගේ ඇස් එකට ගැටුනේ නොහිතුව මොහොතක..

ටික වෙලාවක් මූනට මූන දිහා බලාගෙන හිටිය දෙන්න ගැස්සෙන්නේ වටේ හිටිය අයගේ කෑ ගැහිල්ලට..

” සිංදුව ඉවරයි බන්.. ඕ ඕ හූ හූ”

කොල්ලාගේ යාලුවන්ගේ කෑ ගැහිල්ලට කෙල්ල කේෂ් ලඟින් අයින් වුනේ ලැජ්ජාවෙන් මූන රතූ කරගෙන..

” ආව් ආව් අපේ නංගිගේ මූන.. “

එහෙම කියලා යුමීව වට කරගත්තේ පියවී, එක්ක ඕමී වගේම සයුරී…

” අනේ මේ අක්කලා නිකන් ඉන්නකෝ අප්පා.. මේ යමුකෝ හේමාල් ලා ඉන්න තැනට.. “

එහෙම කියලා යුමී කෙල්ලෝ ටික එක්ක ගියේ හේමාල් , දනුක කාවිංග ඉන්න තැනට..

” හායි හේමාල්.. “

” හායි හායි කෝමද “

” මගෙ ෆේවරිට් ඔයා .. “

එහෙම පටන් ගත්‍ත කතාව ඉවර වුනේ සෑහෙන වෙලාවකින්.. මුලූ හෝල් එකේම අය කොල්ලෝ තුන් දෙනාව වට කරගෙන.. අමායටත් මතක නෑ තමන් මනමාලී කියලා.. 😂😂..

මනුජ මේ දිහා බලන් හිටියේ හිනැහෙමින්..

එහෙම ගිහින් එක එක විදියට සෙල්ෆී ගහන්න අමතක කලේ නම් නෑ යුමී ඇතුලු පිරිස..

යුමී සෙල්ෆි ගහන දිහා කේෂ් බලන් හිටියේ තරහින්..

” දැන් ඉතින් ෆ්බී එක ඉවරයි.. ශී මෙයා මෙච්චර මුන්ට කැමතී කියල දන්නවනම් ගෙන්නන්නේත් නෑ මේ පැත්‍ත පලාතේ.. ශිට්.. “

කේෂ් තනියම හිතුවට කියන්න ගියේ නෑ…

ඔය විදියට දෙවනි දවස ඉවර වෙන්න මහ රෑ වුනා..

අන්තිමට ඔක්කොමලා තම තමන්ගේ ගෙවල් වලට ගියේ සතුටින්..

අමායා මනූ එක්ක මනූගේ ගෙදර ගියෙත් සතුට වගේම දුකත් තුරුල් කරන්…

කේෂ් ඔක්කොම ඉවර කරලා බිල් පේ කරලා ගෙදර ගියේ මහ රෑ වෙලා..

යුමීත් ගෙදර ගිය ගමන් ඇඳට වැටුනේ ඇඟට දැනුන දැඩි වෙහෙස නිසා…

ඇඟට කොච්චර මහන්සී වුනත් කේෂ් පහු වෙනිදා උදේම නැගිටලා ලෑස්තී වුනේ කම්පැනි එකට යන්න.. කොල්ලා ලා දම් පාට ශර්ට් එක ඇඳලා , කලු කලිසමට යට කරලා අත වැලමිට ලගට නවලා , කොන්ඩෙත් සුපුරුදු පරිදි වැක්ස් කරල ලෑස්තී වෙලා පල්ලෙහාට ආවේ ඉක්මනින්..

” ගුඩ් මොනිං පුතා.. “

එහෙම කිව්වේ කේෂ්ගේ තාත්තා..

“ගුඩ් මෝනිං තාත්තා.. “

කේෂ් හිනා වේගෙනම ගියේ අම්ම ලඟට..

” අම්මා මොනාද අද උදේ කෑම.. මාර මහන්සී අම්මා.. “

” ඔව් ඊයෙත් මේ කොල්ලා එනකොට කී‍යද මම නම් හිතුවේ අද යන එකකුත් නෑ කියලා.. “

” බෑ අම්මා අද ලොකූ ඕඩර් එකක් ඕකේ කරන්න තියනවා මන් ගිහින් එන්නම්.. “

” කෝ කාලා යන්න නැත්නම් දැන් මෙතන දුවයි.. “

” අම්මා කවන්නකෝ.. “

” අනේ මන්දා මේ කොල්ලනම්.. “

එහෙම කියලා කේෂ්ගේ අම්මා කේෂ්ගේ ඔලුව අත ගෑවේ ආදරෙන්..

” පුතා.. “

ඒ කේෂ්ගේ තාත්තගේ කටහඩයි..

” ඕ තාත්තා.. “

” පුතා සති දෙකක ට්‍රේනිං එකක් තියනවා ඉංලන්ඩ් වල.. මට චාන්ස් එක ආවේ.. ඒත් මට වැඩක් නෑනේ පුතා ඔයා යන්න ඒකට.. “

” මොකක්ද තාත්‍තා ඒ.. “

” බිස්නස් ගැන පුතා.. ඒක ටිකක් හාඩ් ට්‍රේනිං එකක්..ඔයාට හුඟක් වටිනවා.. ඒ නිසා අනිවා යන්න .. හෙට ෆ්ලයිට් එක.. “

” ඕකේ තාත්තා.. “

” මන් හිතන්නේ ඒකේදී ෆෝන් යූස් කරන්න බෑ ..”

කොල්ලා දිහා බලන් එහෙම කිව්වේ කොල්ලා අම්මා කවනකන් ෆෝන් එක දිහා බලන් ඉන්න නිසා..

” ම්ම්.. තාත්තා.. අම්මා මන් යනවා.. “

කොල්ලා කාර් එකට නැග්ගේ හිතේ සෑහෙන්න දේවල් ටිකක් තියාගෙන..

කාර් එක පාරට දානකොටම වගේ කෝල් එකක් ආවේ ඩිශාන්ගෙන්.. ඒ නිසා කේෂ් වාහනේ අයිනට කරලා නවත්තලා බ්ලූටූත් එකත් කනේ ගහගෙන ආයේම පාරට වාහනේ දැම්මේ ඩිශාන් එක්ක කතා කරමින්..

” ඕකේ මිස්ටර් ඩිශාන් ඩීල් එක හරිනේ.. “

” හරී මිස්ට කේෂ්.. ඒක නෙවේ අපි දැන් මේ මිස්ටර් කෑල්ල අයින් කරමු බන්.. මට උඹට පොඩි ආරාධනාවක් කරන්න තියනවා.. “

” ඕ ඒ මොකක්ද.. “

” මේකයි මන් තව සති දෙකකින් මැරි කරනවා.. මට ගැලපෙන දෙවනි මනමාලයෙක් නෑ ඒ නිසා උඹව ගන්න හිතුව.. “

” ඒත් ඩිශාන් මන් හෙට ඉංගලන්ඩ් යනවනේ එන්නේ සති දෙකකින්.. “

” කමක් නෑ බන් සතී දෙකකින් එනවනේ.. ඇඳුම් එහෙම ඉක්මනට රෙඩි කරගන්න පුලුවන්.. “

” ඕකේ ශුවර් මන් එන්නම්.. “

එහෙම කියලා සංවාදේ ඉවර උනාම කේෂ් කෝල් කලේ යුමීට.. ඒත් තාම නිදාගෙන ඉන්න යුමීට කේෂ්ගේ කෝල් එක නම් ඇහුනේ නෑ..

කේෂ් එහෙම්ම වාහනේ අරන් යන්නේ ඔෆිස් එකට..

කේෂ් කල්පනා කලේ යුමීට කොහොමද තමන්ගේ හිතේ තියන ඒ ආදරේ කියන්නේ කියලා.. කොල්ලා එහෙම හිත හිත යුමීගේ කෝලම් වැඩ ගැන හිත හිත තමයි වාහනේ අරගෙන ගියේ..

ඔය අතරේ නිදාගෙන හිටිය යුමී ඇහැරෙන්නේ ගැස්සිලා ඔලුවට දැනුන සීතල ස්පර්ශය නිසා..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 කව්ද ආවේ… ?

👉 හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

~~~~~~~~~~~

අද කතාව කොහොමද ?
+1
6
+1
133
+1
6
+1
0
+1
5
+1
1
+1
3

127 COMMENTS

  1. Hi, I do believe this is a great website. I stumbledupon it 😉 I am going to return yet again since
    i have bookmarked it. Money and freedom is the greatest way to change, may
    you be rich and continue to help others.

  2. Wonderful work! That is the kind of info that are meant to be shared around
    the net. Shame on Google for not positioning this post higher!

    Come on over and discuss with my web site . Thanks =)

  3. Hi there just wanted to give you a quick heads up. The text
    in your post seem to be running off the screen in Firefox.
    I’m not sure if this is a formatting issue or something to do with browser
    compatibility but I figured I’d post to let you know.

    The layout look great though! Hope you get the issue fixed
    soon. Kudos quest bars http://tinyurl.com/49u8p8w7 quest bars

  4. Thanks for a marvelous posting! I seriously enjoyed reading it, you may be a great author.I will be
    sure to bookmark your blog and may come back at some point.

    I want to encourage one to continue your great writing,
    have a nice holiday weekend! ps4 https://j.mp/3z5HwTp ps4 games

  5. Admiring the commitment you put into your site and
    in depth information you offer. It’s awesome to come across
    a blog every once in a while that isn’t the same outdated rehashed
    material. Fantastic read! I’ve saved your site and I’m adding
    your RSS feeds to my Google account. cheap flights
    http://1704milesapart.tumblr.com/ cheap
    flights

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here