තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…
┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓
මගේ නර්ස් නෝනා. 👩🔬
වෙලාව උදැසන 7.30යි.
එලි වෙච්ච වෙලේ ඉදන්මයි මහි මේ වෙලාව එනකන් බලන් හිටියේ. ඈතින් ට්‍රොලියෙ සද්දෙ ලාවට වගේ ඇහෙද්දී මහිගෙ මූනට හරි ලස්සන හිනාවක් ආවා.
“අපෝ බෙහෙත් ගේනවා. ඔය බෙහෙත් වඩිය ගිලින එක තමා කරන්න අමාරුම.”
වයසක සියා කෙනෙක් ලග ඇදක කාට හරි කියනව මහි අහගෙන.
ඒ සීයා විතරක් නෙවෙයි වාට්ටුවෙ හැමෝම මේ වෙලාවට අකමැති. මොකද මේ බෙහෙත් වෙලාව නිසා.ඒත් බෙහෙත් වෙලාවට මහි නම් හරි ආස කලා. ඒ බෙහෙත් බොන්න නම් නෙවෙයි බෙහෙත් ට්‍රොලිය තල්ලු කරන් එන සදළිගෙ හිනාව දකින්න.
“මහි නිර්මාල් රණසිංහ. “
ඒ ඔහුගේ නම. දරුවන් තිදෙනෙක්ගෙන් යුත් පව්ලෙ බඩපිස්සා. ඒ වගේම පව්ලේ එකම පිරිමි දරුවා. දීප ව්‍යාප්ත සුපිරි වෙලදසැල් ජාලයක කලුතර ශාකාවේ කලමනාකරු විදිහට පත්වීම ලැබිලා මාසයයි. හදිස්සියේ සෑදුනු උණක් නිසා මහිට දැනට දින දෙකකට කලින් රෝහල්ගත වෙන්න සිද්ද උනා.
කොහොම හරි ටිකට් කපන් යන්න උත්සහ කලත් ඔහුට අන්තිමේ රෝහල්ගත වෙන්නම සිද්ද උනා.ඒත් ඒ නිසාමයි මහිට සදළිව මුනගැහෙන්නෙත්.
“විතාරනලාගේ සදළි කේතකී .”
ඇය හෙදියක්. මහි ප්‍රතිකාරගන්න රෝහලේමයි සෙවය කලේ. කැරලි කොන්ඩෙත් අහින්සක හිනාවත් සදළිව ඇත්තෙන්ම රූමතියක් කලා.
මහි කොයිතරම් හැඩිදැඩි පිරිමියෙක් උනත් කටු ගහනවට නම් ගොඩක් බයයි. මහිව රෝහල්ගත කලාට පස්සේ ඔහුගේ රුධිර සාම්පලයක් ලබාගන්නෙ එන්නේ සදළි.
ඇත්තෙන්ම පලමු බැල්මෙන්ම මහිගෙ හිත සදළිට බැදෙනවා.
“ගුඩ් මෝර්නින් මිස්ටර්”
මුලින්ම කතාවට ඉස්සර වෙන්නෙ ඇය.
“ගුඩ් මෝර්නින් මිසී.”
“දැන් කොහොමද සනීපයක් දැනෙනවාද ඇගට?”
කොල්ලත් එක්ක කතා කරන ගමන්ම සදළි රුධිර සාම්පලය අරගන්නවා.
“මිසී නම් මාර බයානක කෙනෙක්නේ..”
“ඒ මොකෝ.”
“කතාවෙන් කතාව මගේ ලේ ටිකත් ගත්තා නේද?”
කොල්ල එහෙම කියද්දි කෙල්ල සාම්පල් එකත් අරන් යන්න ගියේ හිනා වෙවීමයි. එදා ඉදන් වාට්ටුව මහිට සුරපුරයක් උනා.එන්නත් කටුවක් දැක්කත් බය වෙන ඔහු එන්නතක් දෙන්න හරි බෙහෙත් දෙන්න හරි වෙලාව එනකන් බලන් හිටියා. කොල්ලගෙ හිත හොරෙන්ම කෙල්ල හොරකම් කරගෙනයි තිබ්බෙ.
“සීයේ දැන් කොහොමද අමාරු.”
“කැස්ස අඩු නෑ මිසී. ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ. “
” මෙන්න බෙහෙත් ටික ගන්නකො.
තව ටිකකින් ලොකු මහත්තයා එනවා. ආවම අමාරුව කියන්නකො.”
ඇදෙන් ඇදට ගිහින් බෙහෙත් දෙන සදළි දිහාමයි මහි බලන් හිටියේ. ඒ කරුනාවන්තකම මහිගෙ සිත්ගත්තා.
“අහ් මිස්ටර් මහි. ගුඩ් මෝර්නින් “
“ගුඩ් මෝර්නින් මිසී.”
“දැන් කොහොමද? ඊයේ රෑ අමාරු තිබ්බද?.
මහිගෙ බෙහෙත් ටික ගන්න ගමන්ම සදළි කතා කලේ වෙනසක් නැතුව. ඒත් හැමවෙලේම තමන් දිහා බලන් ඉන්න. දගකාර හිනාවක් තියෙන මහි සුහාරටත් විශේශ උනා.
කෙල්ල බෙහෙත් ටික දීලා යන්න හදනකොටම මහිට හොද අදහසක් ආවා.
“අනේ මිසී මට කෝල් එකක් ගන්න පුලුවන්ද?”.
“අහ් මෙන්න මේකෙන් ගන්න”
සදළි තමන්ගේ ජංගම දුරකතනය මහිට දුන්නා.
සුදීශ ගත්තේ එයාගෙම හෑන්ඩ් ෆෝන් එකටයි. ඉස්පිරිතාලේ නිසා ෆෝන් එක වෛබ්රෙශන් දාලා තිබ්බෙ. බොරුවට ආන්ස්වර් නොකරපු බවක් පෙන්නලා ආපහු කෙල්ලට ෆෝන් එක දුන්න.
සදළි ට්‍රොලියත් තල්ලු කරන් ඉස්සරහ්ට ගියාට පස්සෙ ටග් ගාලා ෆෝන් එක අරන් නම්බර් එක සේව් කරගත්තේ ලොකු ජයග්‍රහණයක් ලැබුවා තරම් සතුටකින්.
ඊට දවස් දෙකකට පස්සෙ මහිගේ ටිකට් කැපුවා.
“මීසී එහෙමම් මං යනවා”
කෙල්ලට සමු දීලා ආවත් කොල්ලගෙ හිතට ලොකු පාලුවක් දැනුනා. නොපෙන්නුවට කෙල්ලටත් එහෙමයි. දෙන්නගේ හිත දෙන්නටම හොරෙන් ආදරේ කරන්න අරන්.
මහි එදා රෑම සදළිට කෝල් එකක් ගත්තා.
“හෙලෝ.”
“හෙලෝ කව්ද මේ”
“මං ඔයා අදුරන කෙනෙක් නර්ස් නෝනා.”
“හ්ම්ම්ම් කව්ද.”
“නිකන් කියන්නකෝ බලන්න.”
“හ්ම්ම්ම් අදිශද?”
“නෑ…”
“එහෙනම් කව්ද?. මං අදුරන වෙන පිරිමි අය නැහැනෙ.”
ඇය අදුරන එකම පිරිමියා අදිශ කියල කෙනෙක් නම් ඒ එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්ද?
තප්පරේකට කොලු හිත හෙල්ලුනා.
“ඒ කියන්නෙ මාව අදුරන්නෙ නෑ.”
තිගැස්ම දරාගෙනම කොල්ල කිව්වා.
“නෑනෙ අප්පා”
අනේ මගේ නර්ස් නෝනාගෙ හුරතලේ. කොල්ලට ආස හිතුනා.
” මේ මං මිස්. මහි.”
ඒ පාර නම් ගැස්සුනේ කෙල්ල. මහි නම කිව්ව ගමන්ම කෙල්ල අදුරගත්තා. ඒත් කොහොමද ……
“අනෙ සොරි මිස් එදා මං මිස්ගෙ ෆෝන් එකෙන් මගේ එකටමයි ගත්තේ. තරහ වෙන්න නම් එපා හොදේ.”
කොල්ලගෙ දග වැඩේට කෙල්ලට හිනා.
‘ඒත් බුරුලක් පෙන්නන්න හොද නෑ.’ සදළි හිතාගත්තා.
“කරල තියෙන වැඩේ නම් අන්තිම නරකයි මිස්ටර්”
“අයියෝ ඉතින් සමාවෙන්නකෝ. අනික මට මිස්ටර් කියන්නෙපා. මං හෙන නාකි වගේ එතකොට.”
“ඇයි එහෙම නැද්ද? දැක්කම නම් අව්රුදු හැටක් වත් කියතැහැකි”
දෙන්නම හිනා උනා.
එදා ඉදන් හැමදාම.
කාලයක් ගතවෙද්දි දෙන්නා ආදරවන්තයෝ උනා. දෙමව්පියන්ගේ ආශිර්වාදය මැද අද මහිත් සදළිත් විවාහ වෙනවා.
පෝරුවේ චාරිත්‍ර ඉවර කරල දෙන්නම ලස්සනට සරසල තිබුනු ආසනයේ වාඩි උනා.
“ඒයි නර්ස් නෝනා. මට බඩ්ඩක් කියන්න තියෙනවා.”
කොල්ල කියන්න යන්නෙ මොකද්ද කියල කෙල්ල දන්නවා. මනමාලියක් විදිහට තමන්ගේ පෙම්වතියව දකින ඕනෑම පෙම්වතෙක් ඇය මංගල දවසේ ලස්සනයි කියල කියනවා. ඒත් ඇය ඒක දන්නෙ නැහැ වගේ කතා කලේ.
” ඒ මොකද්ද අයියේ “
“ඔයා අද ලස්සනයි. ඒත් හුගක් ලස්සන නෑ.”
කොල්ලගෙ කතාවට කෙල්ල ගැස්සුනේ නෑ ඒත් මේ දගය මොකක් හරි විහිලුවක් කරන්නයි හදන්නෙ කියල හිතුවා.
“අනේ විහිලු නොකර ඉන්න අයියේ. හැමෝම කිව්වා මං අද ලස්සනයි කියලා”.
” ඉතින් මං නෑ කිව්වේ නැහැනෙ. ඔයා අද ලස්සනයි. ඒත් කොන්ඩේ නමලා කට්ට ගහලා සුදු ඇදුම දාලා ඉන්න තරම් නම් නෑ. ලෙඩින් ඉන්න මිනිස්සුන්ගෙ හිත් නිවෙන විදිහට හිනාවෙන කතාකන නර්ස් නෝනාව තමා මට හුගක්ම ලස්සන. “
මහි එහෙම කියද්දි සුහාරා කොල්ලා වෙනුවෙන් උපන්න ආදරේ වෙනුවෙන් කදුලු බෝල දෙකක් ඇස් දෙකේ පුරවන් ඔහුගේ උරහිසට බර උනා.
“මගේ නර්ස් නෝනා.”.
කොල්ලා එහෙම කිව්වේ කෙල්ලගෙ අත අරන් පුංචියට හාදුවක් දෙන ගමන්මයි.
නිම්….
උපුටාගැනීමකි.
කෙටි කතාවක් – මගේ නර්ස් නෝනා
අද කතාව කොහොමද ?
+1
14
+1
84
+1
4
+1
7
+1
1
+1
1
+1
Thank you for any other excellent article. Where else may
just anybody get that kind of information in such a perfect method of writing?
I’ve a presentation subsequent week, and I am at the look for such information. asmr 0mniartist
Definitely believe that which you said. Your favorite reason appeared to
be at the web the easiest factor to remember of.
I say to you, I certainly get annoyed whilst other
folks consider issues that they just do not recognise about.
You controlled to hit the nail upon the top
and outlined out the entire thing without having
side effect , other people can take a signal. Will likely be again to
get more. Thank you 0mniartist asmr
First off I would like to say terrific blog!
I had a quick question in which I’d like to ask if you don’t mind.
I was curious to find out how you center yourself and clear your mind
prior to writing. I have had a hard time clearing my thoughts in getting
my ideas out. I truly do take pleasure in writing however it just seems
like the first 10 to 15 minutes are lost simply just trying to figure out how
to begin. Any recommendations or tips? Kudos!
0mniartist asmr
I do not even understand how I stopped up
right here, but I assumed this put up was great.
I do not recognise who you might be but definitely you are going to a
well-known blogger when you are not already. Cheers!
asmr 0mniartist
When someone writes an article he/she keeps the idea of a user in his/her brain that how a user can know it.
So that’s why this paragraph is perfect. Thanks! asmr 0mniartist