මගේ දෙවනි මනමාලයා ඔහුයි – 22 කොටස

108
3388

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

22 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆


යුමී… ❤️❤️❤️

නුඹ එක්ක දුර යන්න
දුටුව සොඳුරුම සිහින
සැබෑ කර මා එක්ක
ඉතින් නුඹ එනවාද…

මගෙ ලොවේ මනාලිය
නුඹ පමණි ප්‍රියාවිය
පතිකුලය වෙත විගස
බලා ඉමි එනකල්ම…

වචනින්ම නොකීවට
ආදරෙයි මං නුඹට
නුදුරේම නුඹ වෙතට
එන්නෙමී පවසන්න…

කේෂ්… 💚💚💚

Dilakshani Chamodya tnq menika..
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඔය අතරේ නිදාගෙන හිටිය යුමී ඇහැරෙන්නේ ගැස්සිලා ඔලුවට දැනුන සීතල ස්පර්ශය නිසා..

මොන ස්පර්ශය ආවත් යුමී කෙල්ලව ඇහැරවන එකනම් ලේසී දෙයක් නෙවේ…

කෙල්ල එකවර නැගිට්ටේ වතුර වලින් මූන නෑවුන නිසා…

” මොකාද යකෝ මාව නෑව්වේ.. “

එහෙම කියාගෙන ඇස් අරිනකොටම දැක්කේ හිනා වෙවී කෙල්ල දිහා බලන් ඉන්න සයුරී.. 😂😂😂

” තෝ මොකද මේ උදේ පාන්දර.. ගස් හිවලී ශැක් මාව නෑව්වා.. “

යුමී සයුරිට බැන බැන ඇඳේ ඉද ගත්තේ ටෙඩීවත් තුරුල් කරන්..

” මොන උදේද යකෝ දැන් වෙලාව 12 යි… මේකී පස්සත් උඩ දාගෙන නිදී.. “

” අම්මපා කියහන් සිරාද 12 යිද වෙලාව.. කෝ මගේ ජාතික වස්තුව.. “

එහෙම කියලා යුමී හොයන්න ගත්තේ ෆෝන් එක..

කොහොම හරි ඇදේ මෙට්ටේයි ඇදේ ඇන්දයි අතර කොටසේ මැදි වෙලා තියන ෆෝන් එක යුමී හොයාගෙන හිනා වුනේ හරියට යුද්දෙකින් දින්නා වගේ… 😂😂

” හම්මට #ඩම්බොගෙන් මිස් කොල්.. “

” මොකා ගෙන්? “

සයුරි එහෙම අහලා බැලුවේ ප්‍රශ්නාර්ථයක් මූනේ තියාගෙන..

” කේෂ් හිවලා බන්.. “

” 😂😂😂 ඌ හැන්ඩියා.. “

“😈🤬😡😡 වෙන නැත්තන් හොදයි හිපාටුවා.. “

” අනේ උඹට ඉතින් කොල්ලෝ ඔක්කොම ඇලජිනේ.. මන් සෙට් කරගන්නවා කේෂ් ව.. කෝමද ඒක.. “

” අනේ පලයම් යන්න..ඌ හරියන්නේ නෑ උඹට.. 😏😏 “

” ඇයි ඇයි උඹ මොකෝ.. “

” මට මොකෝ.. “

යුමි එහෙම කියලා සයුරි දිහා රවලා බැලුවේ..

” හරී හරී මන් දන්නවා උඹ හැරෙනකොට.. “

” ඇයි මම හැරෙද්දී මොකෝ වෙනස් ද බන්..උබලා වගේ නෙවේද.. 😆😆”

යුමී හිනා වුනෙ නෝන්ඩියට මෙන්..

” අනේ මේ බන් මට කොකා පෙන්නන්න එපා.. මන් ආව හේතුව කියන්නත් බැරි වෙනවා තෝ එක්ක විකාර කර කර ඉඳලා .. මම මැරි කරනවා.. ඒකත් තව සතී දෙකකින්.. උඹ තමා දෙවනි මනමාලී.. “

” මොකක් කිව්වා.. උඹ මැරී කරනවා.. ඒකත් මෙච්චර ඉක්මනට.. 😈😳😳😳😳😳 “

” හා හා උඹේ කටට මැස්සෝ යයී.. යමන් මට ශෝපින් යන්න තියනවා… තව වැඩ ගොඩයි බන්.. “

යුමී තාමත් ඇස් දෙක ලොකු කරන් බලන් හිටියේ සයුරි මෙච්චර ඉක්මනට බඳිනව කිව්ව නිසා..

ඒත් එක්කම එතනට ආවේ දීපිකා..

” මොකෝ අපේ එක්කෙනා ව ඇහැරව ගන්න පුලුවන් වුනාද දූ.. මන් කිව්වේ පස්සත් උඩ දාගෙන නිදි ඇතී කියලා.. “

” ඔව් ආන්ටී පස්ස උඩ දාගෙන නිදී.. මම වතුර ගැහුව්වා.. 😂😂 “

සයුරි හිනා වුනේ යුමී දිහා බලාගෙන..

” ඒකනේ දූ හොද වැඩේ මේකිට.. දැන් දීග යන්න ඕනේ වයසේ කෙල්ලෙක් පේනවනේ.. “

” අම්මා අම්මා මේ ඕන දෙයක් කියන්න ඔය කතාව විතරක් කියන්න එපා.. මොකද අවුරුදු 22 කෙන් මාරක වලට පනින්න මට බෑ.. ඒ මෝඩ වැඩේනම් මන් කවදාවත් කරන්නේ නෑ.. 😏😏 මේකිට පිස්සූ වුනාට මට පිස්සූ නෑ.. “

යුමී කිව්වේ සයුරිට රව රව..

” හා හා දෙන්න එක්ක කතාව ඇතී දැන් යන්න චූටි මේ ලමයා එක්ක ගිහින් එන්න.. “

“අයියෝ අක්කීගේ එක ඉවර වුනා විතරයි උඹ .. මහන්සී බන් සෙද්ද.. “

යුමී එහෙම කිව්වේ සයූ දිහා බලාගෙනමයි..

” එහෙම තමා බන් ඉතින්.. ඊට පස්සේ ඉවරයිනේ.. පලයන් වස්තෝ ඔය කුනු කෙල ටික හෝදම් වලෙන් මයේ අම්මා.. “

” හා වදේ….. “

යුමී එහෙම කියලා එතනින් ගියේ සයූ ගැන හිතමින්..

කෙල්ල කොට ප්ලෙයාඩ් ගවුමට කොන්ඩේ පොනීටේල් එක දාලා ලෑස්තී වුනේ බෝනික්කියෙක් වගේ..

” ඔය ඉන්නේ නිකන් ලස්සනට.. අහ් #ඩම්බොට කෝල් එකක් අරගන්න ඕනේ.. “

එහෙම හිතලා කෙල්ල පල්ලෙහාට යන්නේ නැතුව කෝල් එකක් ගත්තේ කේෂ්ට..

රිංස් දෙක යනකොටම කොල්ල කතා කලේ යුමීව පුදුම කරමින්..

” මූ ෆෝන් එක අතේම තියන් ඉඳලාද කොහෙද.. “

යුමී එහෙම හිතුවට කියන්න ගියේ නෑ..

” ගුඩ් මෝනිං #ඩම්බෝ “

” මොන මොනිං ද බන් #කූනිච්චී මේ මහ දවාලේ.. “

කේෂ් කිව්වේ හිනැහෙමින්..

” මට මෝනිං දැන් ඉතින් ඒ වෙලේට කිව්වා.. “

” හරී ශෝක් කෙල්ලෙක් ඇහැරෙන වෙලාව.. “

” මන් නැගිටින වෙලාවේ දිග පලලින් තමුන්ට වැඩක් නෑනේ.. ඒ නිසා පාඩුවේ ඉන්න.. ඇයි ඔබ තුමා මට කෝල් කලේ.. “

” ආ ඒක දැන් මතක නෑ.. අද මොකද කරන්නේ.. “

” ආ මේ දැන් එලියට යන්න හදන්නේ.. “

” ඒ කොහෙද.. . “

” මගේ යාලුවා මැරි කරනවා සතී දෙකකින් ඉතින් ඇඳුම් ගන්න යනෝ.. “

” කොහෙටද යන්නේ.. “

” මෙයා බලාම්කෝ නිකන් හරියට සී අයි ඩී එකෙන් වගේ ප්‍රශ්න අහන්නේ.. මම දන්නේ නෑ අප්පා ඒකී යන ඕනෙම තැනකට මං යනවා ඉතිම්.. “

” ආ නිකන් ඇහුව්වේ ඉතින්.. මං හෙට ට්‍රේනිං එකකට යනවා ඉංගලන්ඩ් සතී දෙකකට.. මන් හෙන වේදනාවෙන් අප්පා ඉන්නේ ෆොන් යූස් කරන්නත් බෑ.. තාත්තී කිව්වම යන්න බෑ කියන්නත් බෑ.. සෝ හෙට හවස මං යනවා.. “

” හෑ ෆෝන් යූස් කරන්න බෑ.. මාව නම් චකබ්ලාස් වෙයි අප්පා ෆෝන් එක යූස් කලේ නැතී වුනාම.. “

” ඒකනේ නම්කී කියන්නේ.. එපා වෙනවා.. එනි වේ ඔයා යන්න එහෙනම්.. මන් තියනවා පොඩි වැඩ වගයක් තියනවා හලෝ.. “

” හා හා එල.. බුදුසරණයි ❤️”

” හරි බුදුසරණයි .. “

කතාව ඉවර කරලා යුමී පල්ලෙහාට බැස්සේ සයුරී එක්ක යන්න හිතාගෙන.. ඒත් පල්ලේහා හිටියේ ඩිශාන්…

” මේ යකා මොකටද මෙහේට ඇවිල්ලා ඉන්නේ.. “

යුමි එහෙම හිත හිත ආවේ පහලට..

” යුමී .. “

එහෙම කියාගෙන එතනට ආවේ සයුරී…

” කියපන්.. “

යුමී එහෙම කිව්වේ ඩිශාන්ට ඔරවන ගමන්..

” යුමී මේ ඉන්නේ ඩිශාන් ..”

එහෙම කියලා ඉවර වෙන්න කලින් යුමි කිව්වේ..

” ඔව් ඔව් මම මෙයාව දන්නවා.. ඉතින් මෙයා මොකටද දැන් ඇවිල්ලා ඉන්නේ මෙතන.. “

යුමීට කොහොමත් ඩිශාන්ව පෙන්නන්න බෑ.. ඩිශාන්ගේ බැල්ම යුමීට දිරවන්නේම නෑ..

” මම මැරි කරන්නේ මෙයාව යකෝ.. “

” වට් ද .. “

යුමී එහෙම කියලා කියන්න ගිය දේ ගිල ගත්තේ එතනට දීපිකා ආව නිසා. .

” තුන් දෙනා එක්ක ගිහින් ඉක්මනට එන්න.. රෑ වෙන්නේ නැතුව.. චූටී මන් යනවා ෆැක්ට්‍රි එකට.. ඔයා මට කලින් ආවොත් යතුරු දෙකෙන් එකක් ආ අරන් යන්න.. “

එහෙම කියලා දීපිකා යුමී අතට යතුර දුන්නේ හිනැහෙමින්..

” අපි ගිහින් එන්නද ආන්ටී එහෙනම්.. පරක්කූ වෙනවා.. “

ඩිශාන් එහෙම කියලා දීපීකාට දන ගහලා වැන්දේ යුමීව පුදුම කරමින්..

” හම්මට මූ මේ වගේ සිරිත් දන්නවා.. “

යුමී එහෙම හිතුවට කියන්න ගියේ නෑ.. ඒත් එක්කම යුමී හැරුනේ සයුරී දිහාවට.. ඩිශාන් එතනින් ගිය නිසා මේක තමයි හොදම වෙලාව සයුරිව අල්ලගන්න..

” උඹ දැන් අහන්න හදන ප්‍රශ්න වලට උත්තර මන් දෙන්නම්…දැන් යමන් අරයා කුන්චනාද කරයි නැත්නම්.. “

සයුරි එහෙම කියලා යුමීවත් ඇදගෙන එතනින් ගියේ පරක්කූ වෙන නිසා…

කාර් එකේ පිටි පස්සට යුමිත් , ඉස්සරහට සයුරිත් යන්න ගත්තත් තිදෙනා අතරම කතාවක් නම් තිබුනේ නෑ…

ඔහොම ටික වෙලාවකින් ඩිශාන්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ නිහඬ තාවය බිඳ දමමින්..

” ඕකේ මන් දැන් එන්නම්.. “

ඩිශාන් එහෙම කියලා කෝල් එක කට් කලේ සයුරි දිහා බලන ගමන්..

” සයූ මට යන්න වෙනවා.. ඔයා ඕන ඒවා අරන් කැන්ගරු එකක් දාගෙන යන්න .. “

එහෙම කියලා වාහනේ පාර අයිනෙන් නවත්තලා සයුරිලා බැස්සම ඩිශාන් වාහනේ අරන් ගියේ වේගෙන්..

යුමී සයුරි එක්ක ඇවිදලා ඕන දේවල් අරන් එලියට එනකොට 7 වෙලා නිසා මුලු පරිසරයෙම තිබුනේ ලොකූ අඳුරක්..

කෙල්ලෝ දෙන්නා කැබ් එකකට කෝල් කරලා එතනින් යන්න හදනකොටම එතනට ආවේ කේෂ් ..

” #ඩම්බෝ “

” කෝ බන් කව්ද.. “

” කේෂ් අයියා බන්.. “

” හම්මට එහෙනම් මෙකෙම යන්න පුලුවන්.. “

සයුරි එහෙම කිව්වේ යුමීට..

” අනේ මේ බෑ.. නිකන් හිටහන්.. “

” ආ නංගිලා කොහෙද යන්නේ.. “

එහෙම කියාගෙන කේෂ් එතනට ආවේ හිනැහෙමින්..

” යනවා නාන්න අයියත් එනවද.. 😏😏 “

යුමී එහෙම කිව්වේ කේෂ්ට රවමින්..

” නාන්න යන තැනකට මට පුලුවන් ඩ්‍රොප් කරන්න.. යමූ.. “

” අවශ්‍ය නෑ අපි කැබ් එකක යන්නම්.. “

යුමී කතා කරන්නෙම කැත්තට පොල්ල වගේ..

” අනේ මේ යමන්.. මන් කැබ් එක කැන්සල් කලා.. “

යුමී කියන්නත් කලින් සයුරී වාහනේ පිටිපස්සට නැග්ගේ යුමීවත් ඇදගෙන..

ඒත් එක්කම කේෂ් ඇවිල්ලා වාහනේ අරන් ගියේ සයුරිගෙන් පාර අහන ගමන්..

සයුරිව දාලා කේෂ් පිටිපස්ස බැලුවේ යුමී දිහා..

” මැඩම් කරුනාකරලා එනවද ඉස්සරහට මන් තමුන්ගේ ඩ්‍රයිවර් කියලා හිතුවද.. “

” මට බෑ ඇයි ආයෙම මගේ ඔලුව වද්දන්නද.. “

යුමී එහෙම ඇහුව්වමනම් කේෂ් ට යකා නැග්ගා..

ඒ නිසාමයි කොල්ලා වේගෙන් වාහනේ පාරට දැම්මේ..

” මේ තමුන් විතරක් නෙවේ යන්නේ මේ වාහනේ.. මාත් යනවා.. මට මැරෙන්න බෑ දැන්ම ඒ නිසා හිමින් යනවා.. “

යුමී එහෙම කිව්වේ මහා හයියෙන්..

ඒත් එක්කම කේෂ් ගහපු බ්‍රේක් පාර නිසා කෙල්ලව විසික් වෙලා ගිහින් ඔලුව වැදුනේ ඉස්සරහා ශීට් එකේ..

” ශිට් බූරුවෙක් මහා.. “

කෙල්ල එහෙම කිව්වේ ආයෙම ශීට් එකේ ඉඳ ගන්න ගමන්..

ඒත් එක්කම කේෂ් වාහනෙන් බැහැලා ඇවිල්ලා යුමීගේ පැත්තේ දොර ඇරලා යුමීගේ අතින් ඇදලා අරන් කාර් එකේ බදට හේත්තු කරන්නේ තරහින්..

ඒත් එක්කම..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 මොනවා වෙයිද..

👉 හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

~~~~~~~~~~~~~~

අද කතාව කොහොමද ?
+1
4
+1
155
+1
8
+1
5
+1
2
+1
0
+1
2

108 COMMENTS

  1. I really like your blog.. very nice colors & theme. Did you create this website yourself or did you hire someone to do it for you?
    Plz answer back as I’m looking to design my own blog and would like to know where u got this from.
    thank you

  2. 712298 901261This douche bag loves his illegal bretheren because hes a itiaen with the world and we really should be ashamed of ourselves I got news for you Asswipe get your asswiping ass back to the craphole exactly where you came from with all of your illegal beaners 117534

  3. Hey There. I discovered your weblog the usage of msn. That
    is an extremely neatly written article. I’ll make sure to
    bookmark it and return to read extra of your helpful info.
    Thanks for the post. I’ll definitely return.

  4. A person essentially lend a hand to make critically articles
    I’d state. This is the first time I frequented your web page and so far?
    I amazed with the analysis you made to make this actual submit amazing.
    Fantastic job!

  5. This is the right website for everyone who wants to understand this topic.

    You understand so much its almost hard to argue with you (not that I really will need to…HaHa).
    You definitely put a fresh spin on a topic that’s been discussed for years.
    Great stuff, just wonderful! quest bars http://j.mp/3jZgEA2 quest
    bars

  6. Thank you for every other wonderful article.
    The place else could anyone get that kind of
    info in such a perfect means of writing? I’ve a presentation next week, and I’m at the look for such information.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here