සිරකාර ආදරය – 15 කොටස

0
1340

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

15 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆



” එයා දහම් පාසලෙන් අස් වෙලා ආශීර්.. අස් වෙලා අපේ අනිත් දහම්පාසලට ගිහින්.. ගමේ පන්සල් 4 ක් තියේ අපේ.. අපේ පන්සල් 4 න් දහම්පාසල් තරග වලට යන්නේ අපේ එකයි හංසි අස් වෙලා ගිය එක විතරයි…”

ඇය පවසන කිසිවක් ඔහුට සිතා ගත නොහැකි වුනා..ඇනෙක් තරග කාරිය දහම් පාසලෙන් අස්ව ගියා නම් කුමක්ද එහි ඇති ගැටලුව.. ආශීර්ට කිසිවක් සිතා ගන්නට බැහැ..

“ඉතින් එයා ගියා කියලා ප්‍රශ්නයක් නෑ නේ ඔයාට..”

ඇය ඔහුගෙ වදන් වලටයි සිනහ සුනේ..ඇත්තටම ප්‍රශ්නෙ පටන් ගත්තේ ඉන් පසුයි..

” නෑ ආශීර්..ඊට පස්සෙයි හැමදේම පටන් ගත්තේ..මන් අපේ එකින් වගේම හංසි තමයි අනිත් එකෙන් තරග වලට යන්න ඇවිත් හිටියේ..කොහොම වුනාද දන්නේ නෑ ඉතින්.. ඒත් දන්නවද ආශීර් ඔයා ඒ දහම් පාසලේ නායක හාමුදුරුවෝ තමා ලේඛම් හාමුදුරුවෝ… ඉතින් හිතා ගන්න පුලුවන් නේද ඊට පස්සෙ වුනේ මොකද්ද කියලා… “

ඔහුට යමක් තේරුනත් සැබෑවටම එයද් කියා සැක සහිතයි.මන්ද එසේ සිදු ජරාවිද කුමක් වූවත්…

” ඉන්න කියන්නම් ඒ ටිකත්…මට තාම මතකයි ඒ පේපර් එක.. ඒකේ එක ප්‍රශ්නයක් නෑර මන් ලියුවා..මොකද ඒ හැම එකක්ම මට කට පාඩම්..ඉතින් පේපරේ ලියලා එලියට ඇවිත් තාමත් අතේ එල්ලුනේ පුදුමාකාර සතුටකින්.. “

ඇය නැවතත් ලය පිරෙන්න හුස්මක් ගත්තේ ඒ කටුක අතීතය ඔහුට පවසන්නයි.. එදා ඉකි ගගහා ඇඩූ අයුරු තමන්..තමන් නිසා ජයග්‍රහන ගිලිහී ගියා කියා කීපදෙනෙකු පැවසූ අයුරු… එදා තම මිතුරිය විලස සිටි ඇය එරවූ අයුරු.. අදටත් කිසිම වෙනසක් නෑ.. ඒ මතක අදටත් හිතෙහි ජීවමානයි…

” ඔයා දින්නා නේද මිහාදි.. ඔයා නේද ෆස්ට් ප්ලේස්..”

ඔහු බලාපොරොත්තු රන්දන් ඇසුවත් මද වෙලාවක් ඈ බලා සිටියේ ඒ දිලිසෙන අලු ඇස් දෙසයි… කෙතරම් ආකර්ශනීයද ඒ දෙඇස්.. සැබෑවටම මේ අලු ඇස් වල සදා හිමි කාරිය වීමට ඇත්නම්.. එයයි ඇගේ සිතට පැමිනියේ…
සමහර ආදර කතාවන් බොහෝ වෙනස්.. ඔවුන් ආදරය කිසිදා අනෙකාට පවසන්නේ නැති වුවත් ඒ කෙනා වෙනුවෙන් සැමදෙයක්ම සිදු කරනවා.. ඔවුන්ගෙ සතුටෙදි මෙන්ම දුකදිත් කිසිදු වෙනසක් නැතිව සවියක් වී සිටිනවා.. ඒත් අපට හදුනා ගැනීමට අපහසු වී යන්නෙත් එවැනි ආදරයන් සොයා ගැනුමටයි.. බොහෝ ආදර කතාවන් මෙලොව තිබුනත් ඒ ආදර කතාවන් තුල තිබෙන්නේ ආදරයද.. එසේත් නැතිනම් හුදෙක් සුලු කාලයක් පමනක් පතන රාගයද !.. සැබෑ ආදරය යනු දුකේදිත් සැපේදිත් අසල සිටීමයි..

” මිහාදි ඇයි මොකුත් නොකියන්නේ..ඔයා නේද ෆස්ට් ප්ලේස්..”.

තනා දෙස බලා සිටින ඇගෙන් ඇගෙන් නැවතත් පෙරලා ප්‍රශ්න කරේ ඇය මදක් ගැස්සී යන විටයි.. හිස දෙපැත්තට වනා ඇය ඔහු දෙස බැලුවේ ඈ පැවසූ කතාවෙහි ඉතුරු කොටස පවසන්නයි…

” නෑ ආශීර්..මන් ෆස්ට් වුනේ නෑ ..”

පලමු ස්ථානය හිමිවූයේ නැතිද ඇය හට.. එසේ නම් ඇය දෙවෙනි ස්ථානයද ලබා ගත්තේ… සිතට දැනුන පැනට ඔහු වදන් වලට පෙරලුවේ ඒ පැනය අසල ඇගේ සිනහව තවත් තීව්‍ර වන විටයි…

” නෑ ආශීර් නෑ.. කිසිම ප්ලේස් එකක් නෑ..මට කිසිම ප්ලේස් එකක් නෑ.. අඩුම 5 වත්… “

” මොකද්ද කිසිම ප්ලේස් එකක් නෑ “

ඔහුගේ දෑස් පුදුමයෙන් විසල් වෙල..තමා සිතුවේ ඇයට මුල් ස්ථාන හිමිව ඇති කියායි..නමුත් එකදු ස්ථායක් හෝ ඈට හිමිව නැති අයුරු .කෙසේද එසේ වන්නේ..නිසකැයි ඈ බොහෝ දක්ශ බව නම්..එසේ නැති නම් කෙසේද ඇය මෙතරම් දක්ශ වෛද්‍යවරියකු වී සිටින්නේ… එසේ නම් ඈට ස්ථානයක් නොමැති නම් ඇගෙ මිතුරිය වි සිටි හංසි හට ස්ථානයක් හිමිව ඇතිද !…

ඔහු අසන්නටත් පෙර ඈ වදන් ඇමිනුවේ ඔහුගෙ දෑසෙහි ඇති පැනය හදුනා ගෙනයි..ඔව් ඔහු සිතන දෙය නිවැරදි.. ඇයට ස්ථානයක් හිමි වූවා පමනක් නොවෙයි ඇයයි එහි ප්‍රෙථම ස්ථානය…

” ඔයා අහන්නේ හංසි ගැන නම් ආශීර් හංසි තමා ෆස්ට් ප්ලේස් එක…”

” ඒ..ඒක වෙන්නේ කොහොමද .. එයා එදා ඔයාට දහම් පාසලේ එකින් පැරදිලා මේකින් දින්නේ කොහොමද ?…”

” මොකද ඉතින් හංසි ගිය දහම් පාසලෙන් තමා මේකට උදව් කරන්නේ.. හංසිලගෙ ලොකු හාමුදුරුවෝ තමයි මාන්ඩලික වල ලේඛම් හාමුදුරුවෝ “

” ඒ කියන්නේ එයාලා හොර කරලද… හිතුවෙන්ම ඔයාගේ ප්ලේස් එක නැති කරලද ? උන් කොහොමද එහෙම කරේ ආ…”

එසේත් සිදු කල හැකිද කාටහෝ.. කෙනෙක්ගේ දක්ශතාවය එසේ නැති කල හැකිද… ඇයි එසේ සිදු කරන්නේ.. එවිට ඒ පුද්ගලයට දැනෙන වේදනාව.. එය කෙසේද දරා ගන්නේ..දැනෙන පරාජිත හැගීම.. එය විද ගැනුමට ලේසිද..කෙසේ වත් නෑ.එය විද ගැනුම කෙතරම් අපහසුද කියා ඔහු හොදින්ම දන්නවා..ලොව ඇති දරුනම වේදනාවක් බය කියුවොත් එය.. එය නොවෙද සත්‍ය… ඔව් එයයි සත්‍ය…

” එහෙම තමා ඉතින් ආශීර්.. එයාට සල්ලි තිබුනා මට් නෑ.. ඒත් මාට දක්ශතාවේ තිබුනා.. ඒත් එදා මන් පැරදුනා… “

” එදා ඇත්තටම දුක හිතුනෙ නැද්ද මිහාදි..පොඩ්ඩක් වත් දුක හිතුනේ නැද්ද..”

” දුක… ! දුක නෙමේ ආශීර් ඇඩුවා..ඉකි ගගහා ඇඩුවා මන්.. තාත්තිට පරක් ජර ගන්න බැරි තරමට මන් ඇඩුවා.. කවදාවත් එහෙම පැරදිලා.. අන්තිමට තාත්තිට කේන්ති ගිහින් හාමුදුරුවෝ එක්ක රන්ඩු වෙන්නත් ගියා.. ඒත් වැඩක් වුනාද..හ්ම්ම්.නෑ ආශීර්.. කිසිම වැඩක් වුනේ නෑ… “

මතකයි ඇයට හොදින්ම ඒ දවස.. දින ගනනක මහන්සියේ ප්‍රෙථිපල එක් මොහොතකදි සම්පූර්ණයෙන් නැතිව ගිය අයුරු.. කෙතරම් ඒ විභාගය සදහා මහන්සි වුනාද්..කුඩා ලමයෙක් කියා එදා නෑ තමන් අත ඇරියේ මහන්සි වී පාඩම් කෙරුම..පාලි ගාථා ඒ සියල්ලම හොදින්ම කට පාඩම් කර ගනිමින් එදා සූදානම් වූ අයුරු..නමුත් සියල්ල එක මොහොතකින් උඩු යටි කුරු වුනා..නමුත් එදා ඇඩුවත් සිත හදා ගත්තා නොවෙද ඒ සදහා…වසරක් නිමව නව වාඅරක් ගෙවී ගියේත් ඒ වසරෙත් මෙවැන්ම තීරනාත්මක දිනයක් ඒ වසරෙත් උදා කරමින්..වසරක් වැඩිමහලු වී ගිය විලසම දැනුමත් මුහුපුර ගියේ පෙරටත් වඩා ශක්තිමත්ව ඒ සදහා මුහුන දීමටයි.. නමුත් වාසනාවකටද.. අවාසනවකටද එදිනත් තමන් පැරදී ගියා නොවෙද.. දෙවෙනි වතාවෙදිත් තමන් පැරදී ගියා නොවෙද !

ආශීර්ට ඇයට කිසිවක් පැවසීමට් සිත් හදා ගන්න නොහැකි වුනා..ඔහු නිහඩව අසා සිටියෙ ඈ කතාව අවසන් කල නොමැති බව වැටහුන නිසයි..

” මෙහෙම ඉතින් දවස් ගෙවිලා ගිහින් 4 වසරටත් ගියා..ඒ පාරත් අපේ දහම්පාසලෙන් තේරුනේ මන්..ඉතින් ඊට පස්සෙ ගිය අවුරුද්දෙ වුන දේම දෙවෙනි පාරටත් වුනා.. පිට පිට දෙවෙනි වතාවටත් කිසිම ප්ලේස් එකක් මට ලැබුනේ නෑ…”

” මොකද්ද දෙවෙනි පාරටත්…”

ආශීර්ට දැනුනේ තඩි පොල්ලකින් හිස මතට අත හැර ගැසුවා වගේ හැගීමක්.. දෙවෙනි ලෙසටත් එලෙසම පැරදී යන්නට..ඇය කෙසේද දරා ගත්තේ එය ඒ තරම් කුඩා වයසකින් ඒ සියලුම දේ… තමන්ට මේ කුඩා පරාජයක් දරා ගන්නට නොහැකි තැන.. ඒ කුඩා වයසෙදි ඈ සියල්ලම දරා ගත්තද..

” ඔව්.. දෙවෙනි පාරටත්…ඒත් ඒපාර මන් ඇඩුවේ නෑ.. හිතේ තිබුනා මේ පාරත් මෙහෙම වෙයි කියලා… “

” කොහොමද ඔයා දර ගත්තේ මිහාදි ඉවසුවේ කොහොමද එහෙම..අර වගේම දෙවෙනි වතාවෙදිත් පැරදුනාම… “

ආශීර් සිතේ පවතිව දේ වදන් කරේ ඈ එය අපේක්ශාවෙන් සිටියා මෙන් ඈ සිනහ සෙද්දි..

” ඔව් පැරදුන තමා ආශීර්.. ඒත් මට ඉලක්කයක් තිබුනා 5 වසරට යන්න තිබුනේ මාස කීපයයි…මේ විභාග වගේ නෙමෙයි නේ ශිෂ්‍යත්වේ.. මන් හිතා ගත්තා ශිෂ්‍යත්වෙන් ගමෙන්ම තැනකට එනවා කියලා… “


එදා ඇය පැරදුනු දේ ගැන සිතන්නේ නැතුව ඇය උත්සහ කරේ රජය මතින් පවත්තන විභාගයෙයි ප්‍රෙදාන ස්ථනයක් ගැනීමටයි…

” ඒත් එතකොට අරක…”

” ඉතින් ආශීර් ඒකින් පන් පාඩමක් ඉගෙන ගත්තා සල්ලි වලට දැනුම යටයි කියලා.. ඒත් මන් ලංකාවේ ප්‍රෙධානම එක්සෑම් එක කරා හොදට. ඒ වගේ දැනුම විතරයි සල්ලි ප්‍රශ්න නෑ…එදා මන් පැරදුනේ නැත්නම් මන් ටාර්ගට් එකක් තියා ගන්නේ නැ නේ දිනිනවා කියලා ශිෂ්‍යත්වෙන් .. එදා පිට පිට දෙවෙනි වතාවටත් මන් පැරදුන නිසා තමා මන් ඊට වඩා අමාරු ප්‍රෙධාන ටාර්ගට් එකක් තියා ගත්තේ… “

” ඒ කියන්නේ ඔයා දින්නා..”

” ඔව් ආශීර් මන් දින්නා .. ඒ විතරක් නෙමේ මන් තමා ගමේ ස්කූල් එකේ වැඩිම ලකුනු…දැන් බලන්න ඔයා.. අද වුන දේ හරියට මට වුන දේ වගේමයි ඒ කාලේ.. ඒත් මන් දෙවෙනි වතාවෙත් ඉදිරිපත් වුනා ඒ හිත යටින් ටාර්ගට් එකක් තියන්.. හිතන්න අද වුන දේ වුනේ හොදට කියලා.. ඊට පස්සෙ දිනින්න… “

ඇගේ වදන් අසා සිටි පසු ඔහු කියූ දෙයට ඇත්තටම ඇයට දැනුනේ සතුටක්..

ඔහු කියුවේ….

───── ❁🖤❤️🖤❁ ─────

මිහාදි කියපු කතාව ඇත්ත කතාවක් කියුවොත්… ඔව් ඒක ඇත්තම ඇත්ත කතාවක් .. මේ මේධීගේ ජීවීතේ වුන ඇත්තම ඇත්ත කතාවක්..

එදා පැරදුනාට මන් ආයේ කිසිම දවසක පැරදුනේ නෑ .. දැන් මන් කැම්පස් සිලෙක්ට් වෙලා ඒකට රෙජිස්ටර් වෙලා ඒක පටන් ගන්නකම් ඉන්නවා.. එදා සල්ලි බලින් දිනපු මන් හංසි කියලා කියුව කෙනා මැරි කරලා… ඉතින් ඇත්තටම කවුද දින්නේ එයාද මමද …

හිතන්න එපා එක පාරක් පරිදිවී දෙපාරක් පරදීවී ඒත් තුන්වෙනි පාර අනිවාර්යයෙන් ඔයා දිනීවී…

මන් #මේධී…..

අද කතාව කොහොමද ?
+1
3
+1
49
+1
10
+1
2
+1
0
+1
1
+1
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here