මගේ දෙවනි මනමාලයා ඔහුයි – 23 කොටස

5
2844

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

23 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆


යුමී… 💙💙💙

ආදරේ බව නුඹට
දැනෙන්නේවත් නැතිද
මේ තරම් පාරමින්
දවන්නේ ඇයිද හද…

බැහැ ඉන්න නුඹ නොදැක
ආවෙ ඒකයි මෙහෙම
යන්නට කළින් එතෙර
දැකගන්න නුඹේ මුව…

රණ්ඩු කෙරුවත් නිතර
ආදරෙට නොවෙද පණ
ඩම්බො කූනිච්චි හට
ආදරෙයි සදහටම…

කේෂ්… 💛💛💛

Dilakshani Chamodya තැන්කිව් මැනික

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ඒත් එක්කම කේෂ් වාහනෙන් බැහැලා ඇවිල්ලා යුමීගේ පැත්තේ දොර ඇරලා යුමීගේ අතින් ඇදලා අරන් කාර් එකේ බදට හේත්තු කරන්නේ තරහින්..

ඒත් එක්කම කේෂ් යුමීගේ මූනට එබුනේ ඇස් දෙක කේන්තියෙන් රතු කරගෙන.. යුමීගේ කටින් අල්ල ගත්තේ යුමීට රිදෙන්නමයි..

” තමුසෙගේ මේ කට හොදටම වැඩී.. හරිද.. එදා මන් හිතලා වැද්දුවේ නෑ . . තමුසේ කවදා හරී මට්ටූ වෙන්නේ මේ මගෙන් .. තේරුනාද.. “

” ආව් අත අරිනවා බූරුස් මගේ කට රිදෙනවා.. “

” රිදෙන්න තමයි ඇල්ලුවේ තමුසේගේ කට වැඩී.. “

” මගේ කටේ වැඩී අඩු එක මන් බලාගන්නම්.. අම්මී බලාගෙන ඇති මාව ගෙදරට දානවා.. මොන මගුලක්ද මේ.. “

” ඒක මම අඩු කරන්නම් කෝ ගානට.. “

කේෂ් එහෙම කිව්වේ යුමී ඇදලා තමන් ලඟට ගනිමින්..

ඒත් එක්කම යුමීගේ ඇස් දිහා බලාගෙන කේෂ් කිව්වේ

” මම මේ කට අඩු කලේ නැත්නම් කේෂ් නෙවේ .. මන් රට ගිහින් එනකන් පරිස්සමෙන් ඉන්නවා.. “

” 😏😏😏😏 “

යුමී කේෂ්ට රවල දැගලුවේ කේෂ් ලඟින් ඈත් වෙන්න..

” එහෙම ඈත් වෙන්න බෑ සුදූ මේ කේෂ්ගෙන්.. හරි.. “

කේෂ් එහෙම කියලා යුමීව ඇදගෙන වගේ ගිහින් ඉස්සරහා ශීට් එකෙන් ඉන්දලා ශීට් බෙල්ට් එකත් දාලා අනිත් පැත්තෙන් ඇවිල්ලා වාහනේ අරන් යන්න ගත්තේ යුමිට හිතන්නවත් වෙලාවක් නොදී..

” බහිනවා මැඩම් මනෝ ලෝකෙන් එලියට ඇවිල්ලා.. ගේ ගාව ඉන්නේ.. “

කේෂ් එහෙම කිව්වේ තාමත් කල්පනාවේ ඉන්න යුමී දිහා බලන ගමන්..

” හෑ ශී වස නොන්ඩිය ඇවිල්ලත් එක්ක .. මාත් මොන ලෝකේ ඉන්නවද මන්දා.. “

කෙල්ල එහෙම හිතමින් එතනින් යන්න දොර අරිනකොටම කේෂ් කෙල්ලව අතින් ඇදලා අරන් ලිප් කිස් කලේ කෙල්ලට හිතන්නවත් කාලයක් නොදී.. එකපාරට වෙච්ච දේ නිසා සමබරතාවය නැති වෙලා ගිහින් යුමී නැවතුනේ කේෂ්ගේ පපුවේ.. එහෙම්ම ලිප් කිස් කරන කේෂ්ගේ මූන දැක්කම යුමීගේ ඇස් දෙක ජිල් බෝල තරමට ලොකු වුනේ පුදුමෙන්..

එහෙම කරපූ කේෂ් කෙල්ලව අතඇරලා දැම්මම ඒ ලැබුන අවසරෙන් යුමී කාර් එකෙන් එලියටත් ගිහින් ඉවරයි..

ඒත් එක්කම හෝන් එක ගහලා කේෂ් කෙල්ලට කිව්වේ හිතාගන්නවත් බැරි දෙයක් ..

” පරිස්සමෙන් ඉන්න මන් එනකන් ආවම කියන්න ලොකු දෙයක් තියනවා.. එතකන් මගේ හැමදේම පරිස්සම් කරනවා හරී .. ඔය දැඟලිල්ල මන් ලඟ විතරක් තිබ්බම ඇතී.. “

කොල්ලා එහෙම කියලා එක ඇහැක් යුමීට ගහලා එතනින් ගියේ යුමීට හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරමින්..

යුමී ගෙදරට ගියේ කේෂ් කිව්ව දේවල් ගැන හිතමින්…

” චූටී මොන ලෝකෙද ළමයෝ ඉන්නේ තව ටිකෙන් මාවත් වැටෙනවා.. “

දීපීකා කෑ ගැහුව්වේ යුමී කල්පනා කර කර ඇවිල්ලා ඇඟේ වැදුන නිසා..

” අනේ අම්මා මේ මන් වෙන කල්පනාවක් පිට ආවේ සොරී අම්මා.. “

” හොද කල්පනාව ඒක.. යන්න යන්න වොශ් දාලා එන්න කන්න.. “

” මට කන්න බෑ අම්මා මන් මෙහෙම්ම වොශ් දාලා දෝ බබා කියනවා.. මගේ ඔලුව රිදෙනවා අම්මා.. මහන්සී අරකි එක්ක ඇවිදලා.. “

යුමී ඒ ටික කිව්වේ දීපිකාව බදාගෙන ..

” හා හා එහෙනම්…අක්කීත් කතා කලා.. ඔයාට ගත්තා කිව්වා ඒත් ෆෝන් එක ආන්සර් කලේ නෑ කිව්වේ.. “

” ආ ඔව් අම්මා සයිලන්ට් දාලා තිබ්බේ.. අක්කී මොකෝ අම්මා කිව්වේ.. “

” මුකුත් විශේෂයක් නෑ චූටී නිකන් කතා කරලා තියෙන්නේ.. “

” ම්ම්.. මන් ගන්නම් අම්මා අක්කට කෝල් එකක්. . මන් යනවා උඩට අම්මා.. උම්මා.. 😍😍 “

එහෙම කියලා යුමී එතනින් ගියේ දීපිකාට කිස් එකකුත් දීලා..

ඔය අතරේ කේෂ් හිටියේ ගෙදර යන ගමන්…

” පිස්සූ මගුල.. ඔය කේන්තිය අඩු කරන්නම්කෝ මම ඉන්නවකෝ උලමී.. “

කේෂ් යුමී ගැන හිත හිත ගෙදරට වාහනේ දැම්මේ සතුටින්.. කොල්ලා හිතා ගත්තේ මේ ආදරේ ඉංගලන්ඩ් ගිහින් ඇවිල්ලාම යුමීට කියනවා කියලා..

” අම්මා බඩගිනි.. “

කේෂ් එහෙම කියාගෙන හොයාගෙන ගියේ අම්මාව..

” බඩගිනි වුනාම විතරයි මාව මතක මේ කොල්ලට.. “

” මගේ සුදු අම්මා.. උම්මා 😍😍”

” නාකී හුරතලේ .. දැන් කසාදයක් බැදලා අපිව ආච්චි ලා කරලා අපිට ඒ දරුවන්ගේ සුරතල් බලන්න දෙන්න ඕනේ කාලේ මෙයා පොඩි එකා වෙන්න හදනවා.. “

” මන් කවදත් පොඩි එකා තමා .. අනික ඔකුන් ඉපදුනා කියලා මගේ තැන දෙන්න බෑ.. ඇයි යකෝ මේක හරි මගුලක්නේ.. “

කේෂ් එහෙම කිව්වේ අම්මව අවුස්සන්න හිතාගෙන..

” හරිම ලස්සනයි කතා කරන තාලේ මහ ලොකු බිස්නස් මන් .. කතා කරන්න දන්නේ නෑ.. යනවා මගෙන් ගුටි නොකා වොශ් දාලා එනවා කන්න.. “

කේෂ් ගේ අම්මා ඒ ටික කිව්වේ බොරුවට කේෂ්ට රවමින්..

” උම්මා මගේ සුවිටී.. ආදරෙයි ඉතින්.. ❤️❤️”

කේෂ් එහෙම කියලා අම්මවත් ඉබලා ගියේ වොශ් එකක් දාගන්න..

ඔය අතරේ අමායා එක්ක මනුජ හිටියේ එයාලගේ කාමරේට වෙලා..

” අමා මැනික මන් කල්පනා කලේ කේෂ් එක්ක ජොයින් වෙලා බිස්නස් එක කරන්න.. අනික චූටි ටත් හෙල්ප් එකක් දෙන්න පුලුවන්.. මගේ දෙයක් කරන්න මන් හිතුවේ… මොකද ඔයා හිතන්නේ.. “

” මනූ ඔයා හොදට හිතලා හොදම තීරණය ගන්න මනූ.. මගේ මහත්තයාට කවදාවත් වරදින්නේ නෑ.. මන් මොනා කියන්නද මනූ.. “

” අපිට තව ඉස්සරහට මේ ජොබ් එකේන් ජීවත් වෙන්න අමාරුයි බබා ඒ නිසයි මන් හිතුවේ බිස්නස් එක කරන්න.. එකෙන් කීයක් හරී ඉතුරු කරගන්න පුලුවන්.. “

” මෙච්චරයි මහත්තයෝ මට කියන්න තියෙන්නෙ…මට මහ ලොකූ දේවල් ඕනේ නෑ.. මෙන්න මේ සතුට තිබ්බනම් හොදටම ඇතී.. අපි එකතු වෙලා හොදම දෙයක් කරමූ.. මගේ මහත්තයා මොන දෙ කලත් මන් ඉන්නවා.. “

අමායා එහෙම කියලා මනුජට තුරුල් වුනේ ආදරෙන්…

” එහෙනම් මන් කේෂ්ට කතා කරලා සෙට් කරගන්නම් වැඩේ.. . “

” ම්ම්ම්… හා මහත්තයෝ .. ❤️❤️”

ඔය අතරේ යුමී හිටියේ කල්පනා කර කර..

” මේ යකාවනම් තේරුම් ගන්න හරිම අමාරුයි ..මොනවා කියනවද හිතා ගන්න බෑ.. “

යුමී තනියම හිතුවේ ලොකූ ටෙඩීවත් තුරුල් කරගෙන..

යුමීගේ ඒ දැහැන බිදුනේ ෆෝන් එක රිං වුන නිසා…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 කව්ද කෝල් කරන්නේ. . ?


👉 චුට්ටයි කියලා නොකිය දිග කමෙන්ට් එකක් දෙන්නකෝ ලමයි.. චුට්ටයි කියලා ටයිප් කරන වෙලේ අගය කිරීමක් කරන්නකෝ වස්තුලා.. ලියන අපිට ඔච්චරයි සතුටට තියෙන්නේ..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
13
+1
163
+1
14
+1
3
+1
2
+1
0
+1
4

5 COMMENTS

  1. What i do not realize is if truth be told how you are no longer really much more well-favored than you may
    be right now. You are very intelligent. You know thus considerably with regards to this matter,
    produced me individually believe it from so many various angles.
    Its like women and men don’t seem to be interested except it is one thing to do with Lady
    gaga! Your personal stuffs nice. At all times
    deal with it up! 0mniartist asmr

  2. Hi there everyone, it’s my first pay a visit at this web site, and
    piece of writing is in fact fruitful for me, keep up
    posting such articles. 0mniartist asmr

  3. Superb blog! Do you have any helpful hints for aspiring writers?
    I’m planning to start my own website soon but I’m a little lost on everything.
    Would you suggest starting with a free platform like WordPress or go for a paid option? There are so many options out there that I’m totally confused ..
    Any tips? Appreciate it! asmr 0mniartist

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here