සිරකාර ආදරය – 16 කොටස

3
1586

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

16 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆

එදා වූ සිදු වීමෙන් පසු සතියක්ම වේගයෙන් ගෙවී ගියේ ආශීර් ඔහුගේ නව ව්‍යාපෘතියක් සදහා කැපවෙන විටයි… සැම මොහොතකම ඔහු මතකයට නගා ගත්තේ ඇයට ලබා දුන් පොරොන්දුවයි.. එදා ඇයට පැවසූ වදනුයි..දුරකථනය ඉදිරියේ තිබෙන ඇගේ රුව දෙස බලාසිටි ඔහුගෙ මතකය ඇදී ගියේ දිවියට නවමු පැතුම් එකතු කල ඒ දිනය වෙතටයි…

” මන් පරදින්නේ නෑ මිහාදි.. ආයේ මොන බාදක ආවත් මන් දුක් වෙන්නේ නෑ..මන් පොරොන්දු වෙනවා ඔයාට.. අනිවාර්යයෙන් පොරොන්දු වෙනවා…”

එදා ඇය දෙස බලා පොරොන්දු වන විට ඒ දෑස්හි තිබුන දිලිසීම.. තවමත් ඒ දෑස් කැල්ම මතක් වන වාරයක් පාසා සිත තිගැස්සී යනවා නොවෙද.. කිසිදාක දිහන්සි අසල වත් නොගැස්සුන දෑස් ඇය ඉදිරියේ සෑම මොහොතකම ගැස්සී යන්නේ එදා ඒ දෑස් දුටු දින මෙනුයි.. සමහර මොහොතවල් වල දැනෙන්නේ ඒ ඇයම කියා නොවෙද..මීට වසර 5 ප්‍රෙථම දුටු ඒ තරුනිය ඇය කියා නොවෙද සිතෙන්නේ..ආශීර් ගේ සිත එය නම් සූදානම් අලුත්ම පිටුවකට ඔහුගේ ජීවිතය පෙරලීමට නම්.. නමුත් දෛවය.. එය කෙසේද විසදීමට සූදානම් වන්නේ… අප පතන දෙයමද සිදු වන්නේ… දෛවය.. ඉරනම යනු අප සිතන දෙය නොවෙන නොසිතූ දේවල් සිදු කරනා දෙයක් බැවින් සැබෑවටම කිසිවෙකුට අනාගතය නම් සිතා ගත නොහැකි බව නම් නිසකැයි.. එය කදුලු අනාගතයක්ද… එසේත් නැති නම් සතුටු අනාගතයක්ද… එය දන්නේ ඉතින් උඩ සිටින දෙවියන්ම පමනයි…


ඈතින් පෙනෙන කොලඹ අහස දෙස බලන් මිහාදී සිටියේ මේ වන තෙක් ඇගේ දිවියෙහි සිදු වූ සිදුවීම් ගැන කල්පනා කරමිනුයි…

ජීවීතය.. එය නම් ගංගාවක් වැනියි.. විටක නිසලවත්.. තවත් විටක සැඩ පහරක් ලෙසත්.. එය ගලා යන්නේ එයට ඇවසි ලෙස මිස අප පතන ලෙසින් නොවෙයි.. නොසිතූ මොහොතවල් වල අපගේ දිවිය වෙත පැමිනෙන … නොපැමිනෙන.. නොසිතෙන.. සිතූ බොහෝ කාර්‍යන් සිදු වනවා නොවෙද !… එදා ආශීර්ව දුටු මොහොතේ සිට ඔහු ගැන විස්තර නොදැනම.. ඔහුව නොදැකම ඇහි පිල්ලමයක් යට තබන් මෙන් ඔහුට ආදරය කලා නොවෙද !… කිසිවක් නොලබාම ඔහු වෙනුවෙන් ඇගේ සිත පේ කරා නොවෙද !.. ආදරය එයටද එක් විටකදි එක් නිර්වචනයකුත්.. තවත් විටක තවත් නිර්වචනයකුත් ලබා දිය හැකියි.. ඒත් කුමන ලෙසින් අර්ථ කතනය කලද එය නොවෙද ලොව ඇති සොදුරුතම බැදීම..කිසිවක් නොලබා..නොපතා කරනා ඒක පාර්ශික ආදරය.. එය විටෙක බොහෝ සොදුරුයි.. තවත් විය්ම්ටක එයින් තරම් වේදනාවක් ගෙන දෙන්නේ නැහැ නිවෙද අන් කිසිවකින්ම… නමුත් අප කුමක් සිදු වුවත් කිසිම මොහොතක ආදරය කිරීම නතර නොකරනවා මෙන්.. ඇගේ දිවි ඇති තුරාම නිසකැයි ඈ ඔහු නමටම පෙවී සිටින බව නම්..ඒ ඉදිරියේදී කුමක් සිදුවත් එය නොවෙනස් වන බව නම් නිසකැයි…

” ආශීර්.. ඇත්තටම ඇයි මන් මේ තරම් ඔයාට ආදරේ කරන්නේ.. මන් දන්නෙත් නෑ ඒකට හේතුවක්.. ඒත් මන් මැරෙන තුරාවටම ඔයාට ආදරේ කරයි.. ඒත් ඒක මන් නොකියා ඉදිවී ඔයාට…”

ඒත් ඇගේ සිතුවිලි වෙනස් වුනේ හඩ නගන ඇගේ දුරකථනයෙහි හඩ නිසයි.. එහි මුහුන මත ඇය බලාපොරොත්තු වූ නාමය වැටෙන විට බරැති සුසුමක් මුවින් ගිලිහී ගියේ සිත බොහෝ තිගැස්සෙන විටයි… එහා පසින් තමා සිතා සිටිම වදන ඇසෙන විට ඈ උත්සහ කරේ දෑසින් එකදු කදුලක් හෝ නොවට්ටා සිටීමට වුවත් දෑසින් උණු කදුලු පේලී දෑස් කෙවෙනි තෙමමින් ගලා ගියේ ඇගේ පැතුම් සියලුම දේ උඩු යටි කුරු කරමින්…

ඇමතුම විසන්දි කර ඈ එය ලය මත තෙරපන් මද,වෙලාවක් බලා ගත් දෙසම බලා සිටියේ මුලු ලොවම අහිමු වූ වකු විලසින්.. සැබෑවටම තවත් ඇයට නැති වන්නට දෙයක් තිබෙනවද.. එය නම් සැකයි.. දෙවියන් ආරම්බ කර ඇති හැඩැයි ඇගේ ඉරනම් ගමන ඇයව ගෙන යෑමට මේ මොහොතේ සිට…

” මිහාදි ඇයි අඩන්නේ මේ.. අඩන්න එපා.. අඩන්න එපා.. සතුටු වෙන්න මේ විදියට දෛවෙ විසදෙන්න යනවා කියලා…”

ඈ ඇයටම පවසා ගනිමින් කදුලු පිස දා ගත්තේ රිදුම් දෙන ලයෙහි ගැස්ම පාලනේ කර ගැනුමට අසාර්ථක උත්සහයක යෙදෙමින්… කෙසේ නම් පාලනේ කර ගන්නද වැටෙනා කදුලු බිදු… සිතූ දෙයම නොවන්න කියා පැතුවත් ඒ දෙයම සිදු වනා විට.. කෙසේ නම් සිත සදා ගන්නද ?..
තවත් රෝහල තුල සිටිමට නොහැකි බව දැනෙන විට ඈ සූදානම් වී රෝහලින් පිටව ගියේ පියාගේ සොහොන වෙත යෑමටයි.. සිතේ දුක අවසන් වන තුරුම ඔහුගෙ තුරුලේ සිට ඇඩීමටයි ඇයට ඇවසි වන්නේ මේ මොහොතේ..

සොහොනට යන අතර මග ආශීර්ගෙන් ඇමතුමක් ලැබුනත් ඈ එය මහ හැර දුරකතනයෙහි හඩ නිශ්ෂබ්ද කර දැමුවේ ඔහුට කතා කිරීමට වත් සිත හදා ගත නොහැකි නිසයි… නිසකැයි ඔහුගෙ ඇමතුමට සම්බන්ද වූවොත් ඇගේ සිතෙහි වේදනාව ඔහු අභියෙස පුපුරා යන වග නම්..

අතර මගදි ගත් සුදු රෝස මල් මිටත් රැගෙන ඈ පියාගේ සොහොන අසලට ගමන් කරේ ඔහු සමග ගෙවුන මතක නැවතත් දෑස් අතරෙ සිත්තම් වන විටයි.. ඔහු මෙලොව සිටින හොදම පියානන්.. එක් අතකින් දැන් ඇගේ ඉරනම ලියවී තිබෙන අකාරයට ඇයට ඔහු අසලට යෑමට හැකි නිසා සතුටු විය හැකියි..නමුත් ඔහුව දමා යන්නේ කෙසේද.. මුලින් ආශීර්ගෙන් සැමගෙන්ම සැගවී ආරාමයකට යාමට සිතා ගත්තත් දැන් නම් කෙසේ වත් ආශීර්ව දමා යන්නට අපහසුයි… ඒකපාර්ශ්වික ඇගේ ආදරය ඔහු ඉදිරියේ නොපෙන්වා සිටියත් ඒ ආදරෙන් හුස්මක් දුරින් ඉවත් වෙන්නට සිත අකමැති බව නොවෙද සත්‍ය….


” තාත්ති… ඔයාව බලන්න මන් ආවා..ඔයාගේ සුද්දි ආවා තාත්ති..”

සුදු පාට සොහොන් කොත මත ඇය රැගෙන පැමිනි රෝස මල් මිට තබා ඈ එහි තිබෙන පියානන්ගේ සේයා රුව අත ගෑවේ දෑසින් කදුලු කඩා හැලෙන විටයි..දියනියකට ඇගේ පියාගේ ආදරේ කෙතරම් වටිනවද.. ඊටත් වඩා මිහාදි හට ඇගේ පියාව වටිනවා..මන්ද යත් ඔහුයි ඇයට සිටි එකම කෙනා මෙතුවක් කාලෙකයකටම…

” තාත්ති ඔයා දන්නවද මන් හිතපු දේම තමා මට වෙලා තියෙන්නේ.. සතුටුයි ඔයා ලගට ඉක්මනින් එන්න පුලුවන් නිසා.. ඒත්.. ඒත් එයාව දාලා යන්න හිත හදා ගන්නෙ කොහොමද තාත්ති..මතක් වෙනකොටත් මගේ පපුව පැලෙන්න වගේ දෙවියනේ…”

ඇයගෙ කදුලු වලින් පියාගේ සොහොන සේදී ගියත් ඇගේ කදුලු නතර කෙරුමට වත් කිසිවෙකුත් නෑ මේ මොහොතේ.. අදුරු වලාවන්ගෙන් වැසී තිබෙන පරිසරයම පමනයි.. සිසිල් සුලං රැලි හමා යන පාලු මූසල සුසාන භූමිය තුල ඇගේ ඉකිබිදුම ඇසීමට වත් කිසිම ප්‍රානියකු නැහැ මේ මොහොතේ… මේ තනිකම මේ මොහොතේ ඈට ගෙන දුන්නේ නිදහසක්.. නිදහසේ කදුලු වැගිරිය හැකියි ඈ හට..

” තාත්ති ඔයා දන්නවද මන් ඔයාව වත් නොකියපු දෙයක් තියෙයි.. අද වෙනකම් ඔයා වත් ඒ කතාව දන්නේ නෑ තාත්ති… “

මෙතුවක් කල් ඈ සිතේ සිරකර ගෙන සිටි කතාව පැවසීමට මේ සුදුසුම කාලයයි.. සැබෑවටම මෙතරම් කල් කිසිවෙකුටත් තම සිතැගි හැගුමන් එලි කරේ නෑ නේද.. නමුත් තවත් එසේ සිටිය නොහැකියි..මින් පෙර මිතුරෙකුත් නොමැති ඈ හට මෙය පැවසීමට හැකි එකම පුද්ගලයා ඇගේ පියානන් පමනයි.. ආශීර් හට කොයිම මොහොතක වත් කිසිවක් පැවසිය නොහැකියි..මන්ද යත් මේ රහස ඔහු ගැනම පමනක්ම වන නිසයි..වසර 5 පුරා සිතේ සිර කර ගෙන සිටි එකම රහස එයයි… මේ ඇගේ සූදානම ඒ බව පියානන් හට පැවසීමටයි…

ඇගේ හඩත් සමග ඇගේ මතකය ඇදී ගියේ අතීතයටයි……


───── ❁🖤❤️🖤❁ ─────

ඉතින් මිහාදිගෙ අතීත කතාව අහමු අපි.. බෝම්බේ කතාව හෙට දෙන්නම් අනිවාර්යයෙන් …

මේකත් ඉවර වෙන්න කිට්ටුයි ඉතින්..

මන් #මේධී…

අද කතාව කොහොමද ?
+1
3
+1
42
+1
2
+1
0
+1
1
+1
1
+1
4

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here