සිරකාර ආදරය – 17 කොටස

5
1697

💘 සිරකාර ආදරය 💘

✍️ මේධී භාෂිනී

17 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ හවස 06 ට
☆━━━━━━━━ – ━━━━━━━☆

” #ආශී උබ රෙඩිද ආ… “

කොන්ඩය පීරමින් සිටි ඈ අසලට පැමින ඇගේ බෝඩිමේ මිතුරියක් වූ නිශාදි ඇසුවේ අද දේශන සදහා ඇවසි සටහන් ඇය බෑගයක් තුල පුරවා ගනිමිනුයි…

#ආශී..මිහාදි යන නාමය නැතිව සරසවිය පුරා ඇගේ නාමය ප්‍රෙසිද්ද ආශී ලෙසයි.. බොහෝ අය ඇගේ පලමු නාමය දන්නවාද කියාත් සැකයි…

” හ්ම්ම්..හරි..”

කොන්ඩය කඩා දමා කටුවක් ගසා ගත් ඈ ඇගේ පෙරදා සූදානම් කල සටහන් පිරවූ බෑගය දෝතට ගෙන පැවසුවේ නිශාදිත් ඈ සමග බෝඩිමෙන් පිට වන්නට සූදානම් වෙද්දි..

” නිශා මට නම් බයයි වගේ බන් ටිකක්… ඒක මික්ස් එකක් වුනාට ඉන්නේ කොලඹ සල්ලිකාර පවුල් වල ලමයි නේ.. “

සරසවිය බලා පිටව යන මොහොතේ ඈ නිශා හට පැවසුවේ කිසිදාක නොමැති ලෙස හදවත අමුතුම ලෙස ගැහෙන නිසයි.. අමුත්තක් !.. අමුතුම කතාවක් !… අද උදෑසන සිටම ඇයට දැනෙනවා වගේ..කුමක් වන්නට යනවද.. ඇයිද මෙලෙස… කිසිවක් ඇයට සිතා ගන්නට බෑ…අද කොළබ පුරා හමන සුලගත් ගලා යන්නේ අමුතුම ස්වරයකට වගෙයි… කිමද මේ හදවතට දැනී යන්නේ.. මෙලෙස ගැහෙන්නේ කිසිදා නොමැති ලෙසින්…අදින් පසු කිසිවෙකුත් ඇතුල් නොවූ ඇගේ හදවතට අසම්මතක පෙමත් නොමැකෙන ලෙස ලැගුම් ගන්නට යන බව නොදැන ඈ මේ ගමන් කරන්නේ ඇගේ ඉරණම් ගමනයි…අමුතුම ආදරයක අඩි තාලමයි මේ ඇරබුමට සූදානම් වන්නේ..

” ඒක නම් ඇත්ත ආශී.. ඔක්කොම සල්ලි කාට වුන් ඉන්නේ.. ඒත් බන් අපිට වඩා බාලයි නේ ඔක්කොම.. ඒම වුනත් වුන්ගෙ හැසිරීම් හොද වෙයි කියලා හිතන්න බෑ..”

” ඒකනේ බන්…අපි අනාගත ඩොකාලා කියලවත් උන් අපිට ගරු කරයි නේ බන්..”

” ඔව් ඔව් කරයි. අනේ බන් ආශීයෝ තෝ කට ඇරන් බලන් හිටුකෝ..”

” අනේ පල පල..”

” අඩේ ඒක නෙමේ ආශීයෝ.. කොහොමද නේ මල්ලි බබෙක් සෙට් වුනොත් අද ගමනින්..”

” නෙදකින් අම්මපා නිශා..මල්ලි බබෙක්.. ඊයා ගෙම්බියේ.. අල්ල ගනින්කෝ අයියා බබෙක්.. සර් කෙනෙක් වගේ..මල්ලිලා අල්ල ගන්නේ යන්නේ..”

නිශාදිගේ බහට එසේ පැවසුවේ ඇගේ හදින්ම ඇතිවූ නොරිස්සුමෙන්..මල්ලි කෙනෙක්.. අසම්මතයක් !.. අකමැති හද අසම්මතයන්ට බොහෝ ඇගේ… අසම්මත ආදරයන් සුන්දර නැති බවයි ඇය පිලි ගන්නේ.. වයසින් බාල කෙනෙක් සමගින් ආදරෙන් බැදෙන්නට කවදාහෝ.. එය නම් ඉතින් සිහිනයක්…

” ඔව් ඔව්.උබට ඉතින් මල්ලිලත් එපා අයියලත් එපා නේ.. ඔහොමම ඉදහන්.. අනේ ඉතින් මගේ කට…”

ආදරය..ප්‍රේම සබදතා වෙනුවෙන් ඈ දරන ප්‍රෙතිපත්තිය නිසා නිශාදි, මිහාදි හට නෝක්කාඩුවෙන් පැවසුවේ ඈ කිසිවක් නොකියා නිහඩ වන විටයි…

කතාවෙන් කතාව ඔවුන් බස් හෝල්ටය වෙත පැමිනියේ ඉක්මනින් පිටව යෑම සදහායි…

” හ්ම්ම්ම්… එහෙනම් ලමයි ඔයාලා මේ සෙමිනාස් හොදට කරයි කියලා හිතනවා මන්… ඩූ යුවර් බෙස්ට්..”

ඔවුන්ගේ ප්‍රෙධාන දේශක තුමා විසින් ඔවුන් හට සුභ පතා පිටව යෑමට අවසර ලබා දුන්නේ 10 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය සිසුන් කන්ඩායම ඔවුන්ට යෑමට තිබෙන කුඩා වෑන් රථය වෙත පියමං කරද්දියි…


” අඩෝ ආශීර්…”

කැන්ටිමේ සිටි ආශීර්ගේ මිතුරන් ඔහුට කෑ ගැසුවේ ඔහුත් සිනහ වෙවී කැන්ටිම තුලට පැමිනෙද්දියි…. මේ වසරේ තිබෙන අපොස උසස්පෙල විභාගයට පෙනී සිටින්නට බලා සිටින ආශීර් ඇතුලු මිතුරන් පිරිස පාසල ආරම්භ කෙරුමට ප්‍රෙථම කැන්ටිම තුලට පැමිනියේ ඔවුන්ගේ සුපුරුදු දින චර්‍යාව සදහායි…

” අඩෝ ඒක නෙමේ මේ අද මෙඩිකල් ස්ටුඩන්ට්ලා එනවා නේද අපිට සෙමිනා වගයක් කරන්න.. “

කැන්ටිමේ බනිසක් මුව තුල රුවා ගනිමින් ආශීර්ගේ ලගම මිතුරෙක් ඇසුවේ ඔහුටත් අද කනින් කොනින් ඇසුන කසු කුසු වදන් නිසයි…

” අඩෝ අම්මපා කියපන්.. ඒකනන් නම් පට්ටයි කොල්ලෝ ආ…”

” පට්ටයි..ඇයි බොට මොකෝ පට්ට.. “

” පට්ටයි කියන්නේ බොල ලස්සන ඩොක්ටර් අක්කිලා ඇතිනේ.. අම්මේ ඒක නැද්ද ආශීර්..”

එක් මිතුරෙක් පපුවටත් අත තබා බොහෝ සංවේදී ලෙස ආශිඋර් දෙස හැරි පැවසුවේ ආශීර් අතෙහි තිබුන බනිස් කැබැල්ලෙන් ඔහුට දමා ගසද්දියි..

” තොපි නම් ගැදෙන්නේ නෑ බ##… මට නම් ඉතින් මගේ මැණික් කැටේ ඉන්නවා නේ…”

ආශීර් ඔහුගෙ පෙම්වතිය දිහන්සව මතක් කරන් පැවසුවේ අනිත් කොලු රැල මුවින් සූ ශබ්දයක් පිට කරද්දි..

” අඩේ අම්මේ මැණික් කැටේ… අම්මනන් කැටේ උබේ..”

කොල්ලන්ගේ විහිලු කතා මැද්දේ ආහාර ගෙන අවසන් වුනේ පංතිය තුලට යෑමටයි…නමුත් අද කිසිදාක නොමැති ලෙස ඔහුටත් හිතට දැනුනේ අමුත්තක්.. ඇයි මේ එකපාරම…පංතිය තුලට පිය මනින ඔහුගෙ හදවත් ගැහී ගියේ පුදුමාකාර නොසන්සුන් ලෙසයි.. අමුතුම සුලගක් ගත වටා හමා යනවදෝ කියලත් ඔහුට දැන් සිතී ගියා.. එතරම්ම ඔහුගෙ ගත වටා හමා යන සිසිල් සුලගත් අමුතුම මිහිරියාවක් ගෙන දෙනවා…අමුතුම සිතුවිල්ලකින් සිත පිරී යනවා වගෙයි..අමුතුම ප්‍රෙබෝදයක්.. හදට දැනි අමුත්ත සමගම ආශීර් පිටු පස හැරී බැලුවේ පිටු පස සිටින්නේ කවුරුන්ද කියයි.. ඔහුගේ අලු දෑසට අසුවුනේ විදුහල්පති කුටිය වෙත ඇදෙන කහ පැහැති ගවුමක සායෙහි කොටසකුයි.. මුහුන නොපෙනුනත් ඔහු ඒ දෙසම බලා සිටියා කවුරුන්ද කියා වත් ඔහුට දැක ගැනීමට නොහැකි වුනේ විදුහල්පති කුටිය ඝන තිර රෙදි වලින් ආවරනය කර තිබෙන නිසයි..

හේතුවක් නැතුව ඔහු ඒ දෙස හැරී බලා සිටියා…අන් දිනවලට වඩා අමුතුම ස්වරයකට ගැහෙන හද ගැස්ම..කුමක්ද මේ අද පවසන්නට යන්නේ අන් කිසිදාක නොමැති ලෙසින්… ඇත්තටම කුමක්ද මේ සිදු වන්නේ…

මද වෙලාවක් ඇසි පිහ නොගසා බලා සිටි ඔහුගෙ සිතුවිලි දාමය ඉසිරී ගියේ දිහන්සිගේ ආමන්ත්‍රණයෙනුයි… සුසුමක් හෙලා ඔහු ඈ දෙසට පිය මැන්නේ සිතින්ම මේ අමුතුම හැසිරීමට පිලිතුරු සොයමිනුයි…


” ආශී එහෙනම් බෙස්ට් ඔෆ් ලක් මචී… 13 B2 නේ.. වැඩේ හොදට කරපන්…”

විදුහල්පති කුටියෙන් ඉවතට පැමිනි අය ඇයටත් එකිනෙකාටත් සුභ පතා ගනිමින් අද සිදු කෙරුමට පැමිනි කාර්‍යන් සදහා නිකම ගියේ ඔවුන්ට ලබා දුන් පැවරුම් සටහනුත් තුරුලු කර ගනිමින්…

” එස්කියුස් මී මිස්.. මට 13 B2 ක්ලාස් එක කොහේද කියලා කියනවද ? .. “

කොරිඩෝවෙහි සිටි එක් ගුරුවරියකගෙන් සුහදව ඇය විමසුවේ කෙසේද මේ විසල් පාසලේ 13 වසර සොයා ගන්නද කියා සිතා ගන්නට බැරිව…

” ආ ඔය පේන කොරිඩෝ එකෙන් ගිහින් පෆි පෙල නැගලා තර්ඩ් ෆ්ලෝ එකට යන්න..ඒකේ කොනේම රූම් එක..”

පෙරලා ඇයට සුහදව සිනහ සෙමින් ගුරුවරිය විසින් යා යුතු නිවැරදි මාර්ගය පැවසුවේ ඈ ගුරුතුමියට ස්තූති කරමින් පැවසූ මග ඔස්සේ ගමන් ආරම්භ කරමින්… හරි බරට අද පිය සටහන් තැබෙනවාද කියාත් ඇයට සැකයි. හරි වේගෙන් ගැහෙන ලයෙහි ගැස්ම පාලනේ කරන් ඈ ඇයට හිමි පන්ති කාමරය වෙතට පිය මැන්නේ දුටුවන්ට සුහදව සිනහ වෙමින්…

ලය පිරෙන්නට ලොකු හුස්මක් ගත් ඈ 13 B2 ක්ලාස් එක වෙතට පිය මැන්නේ මෙතරම් වෙලා කඩි ගුලක් මෙන් ඇවිස්සුන පන්ති කාබරය ඇගේ ආගමනයෙන් පසු සම්පූර්ණයෙන්ම නිශ්ෂබ්ද කරවාලමින්……………………………………………………………………………………………..


───── ❁🖤❤️🖤❁ ─────

අතීත කතාව ඔන්න පටන් ගත්තා.. එතකොට ආශීර්ගේ මිනී මැරුම් රහසත් ඉක්මනින් දැන ගන්න පුලුවන් වෙයි…

මන් #මේධී…

අද කතාව කොහොමද ?
+1
3
+1
53
+1
5
+1
2
+1
1
+1
0
+1
2

5 COMMENTS

  1. Hi there! This is my first visit to your blog! We are a collection of volunteers and starting a new initiative in a community in the same niche.
    Your blog provided us valuable information to work on. You have done a outstanding job!
    0mniartist asmr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here