මගේ දෙවනි මනමාලයා ඔහුයි – 25 කොටස

78
4202

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

25 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

යුමී… 💖💖💖

පිරුණාට සිත ආදරෙන් අද
දැනෙන්නේ මට බියකි නුඹ ගැන
පැහැදුමක් නැහැ නුඹට මා වෙත
බයයි නුඹ පිළිගනීදැයි මම…

බැහැනෙ දෙන්නට වෙනකෙකුට නුඹ
හුස්ම ගානේ ඉන්නෙ හද තුළ
ඇයිද නුඹ මට මේ තරමටම
රිද්දවන්නේ නපුරු විලසට…

දනීනම් ආදරෙ තරම් මම
සත්තමයි නුඹ දුක් වේවි සිත
සැනසීම මගෙ දෙන්න නුඹ හට
හැකිද එන්නට මගේ දිවියට…

කේෂ්… 🖤🖤🖤
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Dilakshani Chamodya ආදරෙයි මැනික..

කොල්ලා කාර් එකෙන් බහිනකොට දකින දසුනින් ගැස්සිලා යන්නේ පුදුමෙන්.. අතේ තියන මල් බොකේ එක ගිලිහිලා බිම වැටෙන්නේ කේෂ් හිතන්නටත් මත්තෙන්..

කේෂ් ගේ ඇස් වලින් කේන්තියක් එක්ක දුකක් පිට වෙන්නේ කවදාවත් නොහිතපූ ඒ දසුන නිසා..

ඈතින් හිටියේ වෙන කවුරුත් නෙවේ තමන් පන වගේ ආදරේ කරන කේෂ්ගේ මැණික් කැටේ…

යුමී මාල හත දාලා පියෝ වයිට් සාරී එකට උඩරට මනමාලීයෙක් වගේ සැරසිලා ඉන්න හැටි දැක්කම කේෂ්ගේ අතේ තිබ්බ මල් බොකී එක බිම වැටුනේ අදහගන්න බැරි වුන නිසා..

ඒ නිසාමයි කොල්ලා තාමත් කෙල්ල දිහා ගල් ගැහිලා බලන් ඉන්නේ..

ඒත් එක්කම වගේ යුමී කේෂ් දිහා බලන් හිටියේත් ඇස් වල කඳුලු පුරවගෙන…

දෙන්නට දෙන්න හිතා ගන්නවත් බැරි වුනේ මේ වුන සිදු වීම.. කේෂ් නම් හිටියේ තරහක් මිශ්‍ර දුකකින්..
ඒත් යුමී නම් හිටියේ හදවතින්ම වැලපෙමින්..

ඔවුන් දෙපලගේ දෛවය හරි ලස්සන සරදමක් කරලා තිබුනා.. ඒ හැම දේම සිදු වුනේ දෛවයට ඕනේ විදියටයි… අද ඇය මනමාලියක් හැබැයි කේෂ්ගේ නෙවේ…

කේෂ් හීන දැක්කේ මේ විදියට යුමීව තමන්ගේ පතිනිය කරගන්න.. ඒත් අද ඒ හැම දේම උඩු යටිකුරු වෙලා.. ප්‍රමාදය පසු තැවිල්ලට හේතුවක්ද.. නෑ දෙන්නට දෙන්නා ආදරේ කලා මහා ගොඩක්.. හැමෝටම හොරෙන් කෙටියෙන්ම කියනවනම් දෙන්නගේ හිත් වලටත් හොරෙන්.. ඒත් අද මේ හැම දේම වෙනස් වෙලා..

කෙෂ් යුමීගේ කසාදෙම දෙවනි මනමාලයා වෙලා.. ඉතින් දෛවය ඇයි මේ තරම් අසරන කලේ මේ ආදරනීය යුවලව…

#මීට_පැය_කිහිපයකට_පෙර
~~~~~~~~~~~~~~~~~~~~

යුමී හිටියේ තද නින්දක.. ඒත් යුමී ඇහැරුනේ සයුරි ලාගේ අම්මාගේ කෑ ගැහිල්ල නිසා..

” අනේ ඇයි සුද්දී මෙහෙම දෙයක් අපිට කලේ අයියෝ.. “

යුමී ඒ විලාපය නිසා නැගිටලා බැලුවේ තමන්ගේ ඇඳේ එහා පැත්තේ හිටිය සයුරී කෝ කියලා.. එතකොටත් පාන්දර දෙකට විතර ඇතී…

” සයූ කොහේ ගිහින් ද ආන්ටී ඇයි මේ කෑ ගහන්නේ.. “

යුමී හිටියේ හිතේ ප්‍රශ්න ගොඩක් එක්ක සටන් කරමින්..

කෙල්ල තවත් නොහිතම ඇඳෙන් බැහැලා ගියේ එලියට..

” ආන්ටී මොකද මේ”

යුමී එහෙම ඇහුව්වේ සාලෙට වෙලා අඬ අඬ ඉන්න සයුරිගේ අම්මා වජිරාගෙන්.. ඒත් එක්කම පිටි පස්සේ හිටියේ සයුරිගේ තාත්තා විජේරත්න යුමීට දික් කලේ කොලයක්..

යුමී ඒ කොලෙ අතට අරගෙන කියවන්න ගත්තේ කුතුහලෙන්..

“ආදරණීය අම්මී තාත්තී ,

“මට සමාවෙන්න .. මට බෑ මේ කසාදේ කරන්න .. මන් විහාරට විතරයි ආදරේ කරන්නේ… මම යනවා විහාර එක්ක.. මාව හොයන්න එපා මගේ පාඩුවේ ඉන්න දෙන්න.. යුමි මට සමාවෙන්න උඹටවත් මේ කිසි දෙයක් නොකිව්ව එකට.. බුදුසරණයි ඔයාලට.. “



මම ඔයාලාගෙම
ආදර සයුරි…

යුමීට ඒක දැක්කම කරන්නේ මොනවාද කියලා හිතාගන්න බැරුව ඉන්දුනේ එතනම තියන පුටුව උඩ.. මේ තරම් දෙයක්.. අනික හැම දේම ලෑස්තී කරලා තියනකොට.. මේ අම්මටයි තාත්තටයි මොන තරම් ලැජ්ජාවක් ද.. දෙයියනේ…

යුමී හිටියේ දාහක් සිතුවිලී එක්ක හිර වෙලා..

ඒත් එක්කම ගේ ඇතුලට ආවේ පාලිත විජේසිංහ එක්ක ඩිශාන්.. ඒ වගෙම ඩිශාන්ගේ අම්මා දිස්නාත් හිටියේ කැලබුන දෑසින්..

” විජේරත්න මෙතන මොකක්ද වෙන්නේ.. “

මහ සද්දෙන් කතා කරපූ පාලිතගේ හඬ මුලු ගේ පුරාම දෝං කාර දුන්නේ ඒ වෙනකොටත් මුලු ගෙදරම නිහඬ වෙලා තිබ්බ නිසා..

” මේකයි පාලිත.. මේ මගුල වෙන්නේ නැ.. “

” තමුසේ හරි ලේසියෙන් එහෙම කියන්නේ යකෝ අන්තිම මොහොතේ.. “

” ඉඳගන්නකෝ පාලිත මෙතනින්.. “

” මට ඉඳගෙන මෙතන සතුටු සාමීචියේ යෙදෙන්න බෑ.. කෝ තමුන්ගේ මහ ලොකු දුව.. එන්න කියනවා.. “

පාලිත එහෙම කිව්වේ කේන්තියෙන්..

පාලිත වගේම ඩිශාන් හිටියෙත් පුදුම තරම් කේන්තියකින්..

” දුව නෑ පාලිත.. ඒකී ගිහින්..”

සයුරි ගේ තාත්තා එහෙම කිව්වේ කේන්තිය මුසු වුන දුකකින්.. වෙනදට සිංහයෙක් වගේ ඉන්න මේ මනුස්සයා අද තමන්ගේ දුව නිසා මහ ගොඩක් අසරණ වෙලා..

” මොකක් හොයපල්ල ඒකීව.. අද මේ මගුල වෙන්න ඕනේ.. “

පාලිත කෑ ගහලා කිව්වේ තමන්ගේ වටේ ඉන්න ගෝලයන්ට..

ඒත් එක්කම ඩිශාන් කිව්ව දේ නිසා හැමෝගෙම දෑස් විසල් වුනේ පුදුමෙන්..

” එපා තාත්තා ගිය එකියක් මට ඕනේ නෑ.. “

“මොකක්ද පුතා ඔයා මේ කියන්නේ.. මේක මගේ නම්බුව ගැන ප්‍රශ්නයක්.. ඇයි යකෝ අද ජනාධිපතිත් එනවා.. මොකක් කියන්නද ඒ මිනිස්සුන්ට ආ පුතා.. “

පාලිත කතා කලෙත් ඩිශාන් එක්ක කේන්තියෙන්…

යුමී මේ වෙන දේවල් දිහා බලන් හිටියේ තවමත් පුදුමෙන්..

” තාත්තා මාව දාලා ගිය එකියක් මට ඕනේ නෑ.. මනමාලී නැති වුනාට දෙවනි මනමාලී ඉන්නේ ඔය.. එයාව බඳින්න පුලුවන්නේ.. අනික ඒකනේ සාමාන්‍යයෙන් වෙන්නෙ.. 😏😏 “

ඩිශාන් එහෙම කිව්වේ යුමී දිහා බලන ගමන්..

” නෑ එක වෙන්නේ නෑ කීයටවත්.. මන් මේ මනුස්සයාව බඳින්නේ නෑ කීයටවත් . . මල විකරයක් වුනානේ මේක.. ශිට් .. මන් යනවා යන්න.. “

යුමී එහෙම කිව්වේ මහ හයියෙන්…

යුමීට යන්න බැරුව නතර වුනේ පාලිත යුමී යන මග හරස් කරලා නවත්තපූ නිසා..

” මගෙ පුතාව බඳින්න බෑ කියන්න තරම් තමුන් කව්ද ආ.. “

එහෙම කියලා යුමීට අත දිග ඇරලා පහරක් ගහන්න යනකොට ඒ මැද්දට පැන්නේ ඩිශාන්ගේ අම්මා දිස්නා මැද්දට පැන්නේ තවත් මේ දේවල් බලන් ඉන්න බැරි නිසා..

” පාලිත මේ ලමයාට ගහලා හරි යන්නේ නෑනේ.. අනික මේ ලමයා කියන දේ ඇත්ත.. මෙහෙම කසාද කරන්න පුලුවන්ද … “

දිස්නා කතා කලේ කේන්තියෙන්..

ඩිශාන්ගේ අම්මා හොද කෙනෙක් කියලා යුමීට වුනත් හිතුනේ මේ වුන දේ නිසා… ඒ වගේම ආව වෙලේ ඉදන් දිස්නා හිටියේ අසරණ දැසින්.

” දිස්නා උඹ අයිනට වෙලා හිටපන් මේකට මැදට පනීන්නේ නැතුව.. “

පාලිත එහෙම කියලා දිස්නව තල්ලූ කරපු විදියට දිස්නා නොවැටී බේරුනේ යුමී අල්ලගත්ත නිසා..

දිස්නා යුමී දිහා බැලුවේ සමාව ඉල්ලන දෑසින් ..

“මේ අංකල් ඔයා මහ ඇමතී නෙවේ.. රටේ ජනාධිපති වුනත් කරන්න දෙයක් නෑ.. මන් බඳින්නේ මට ඕන කෙනාව.. නැතුව මේ වගේ කාලකන්නියෙක් නෙවේ.. “

යුමී හිතේ කේන්තියෙන් ඩිශාන්ට බැන්නේ එක දිගට..

ඒත් එක්කම ඩිශාන් කාට හරී කෝල් එකක් දීලා කිව්වේ. .

” ඔකිව ඉක්මනට අරන් වරෙන් යකෝ.. “

ඩිශාන්ගේ ඒ වචන වලට යුමී බැලුවේ ඩිශාන් ඊලඟට මොකක් ද කරන්න යන්නේ කියලා..

” මෙයාගේ කට කොහොමත් වැඩී තාත්තා.. තව ටිකකින් මේකීගේ කට වැහෙයි.. 😏😏 “

ඩිශාන් එහෙම කිව්වේ ලා හිනාවක් මූනේ තියාගෙන..

” තමුසෙට මම.. “

එහෙම කියලා කෙල්ල නැවැත්තුවේ ඈතින් එන රුව දැකලා..

සිහියක් නැතුව කලු පාට ඇඳගත්තූ මිනිස්සූ දෙන්නෙක් උස්සගෙන එන දීපිකාව දැක්කම කෙල්ලගේ කටේ කෙල හිඳුනේ ඉබේටමයි..

යුමීගේ වික් පොයින්ට් එකට හරිම ලස්සනට ඩිශාන් ගහලා තිබුනා.. කෙල්ලගේ ලෝකේ වටිනම සම්පත තමයි අම්මා.. ඒ අම්මා මේ විදියට සිහියක් පතක් නැතුව එනවා දැක්කම කෙල්ලගේ හිත වාවගන්න බැරි වුනා.. ඒකයි කෙල්ල මහ හයියෙන් අඬාගෙන අම්මා ලඟට යන්නේ..

” අම්මා අම්මා.. අනේ නැගිටින්න රත්තරං අම්මා.. “

සයුරිගේ අම්මා තාත්තා වගේම දිස්නාත් මේ දිහා බලන් හිටියේ ඇස් වල කඳුලු පුරවගෙන.. මහ ඇමතී පාලිතගේ බලය ඉස්සරහා ඒ අයට කරන්න පුලුවන් දෙයක් තිබුනේ නෑ..

යුමී තාමත් විලාප දෙන්න ගත්තේ අම්මා ඉන්න විදිය නිසා..

එතන තිබ්බ පුටුවක් උඩින් දීපිකාව තිබ්බ ගමන් කෙල්ල දීපීකා ලඟට ගිහින් මූන අත ගගා කෑ ගැහුව්වේ මහ හයියෙන්..

” උඹලා මහා තිරිසන්නූ යකෝ මගේ අම්මට මොකක් ද මේ කලේ.. හිටපන් මන් යනවා පොලීසී. . “

එහෙම කියලා කෙල්ල නැගිටිනකොටම ඩිශාන් කෙල්ලගේ වැල මිට ලඟින් අල්ල ගත්තේ යුමීට රිදන තරමට හයියෙන්..

” තමුසේ කොහෙවත් යන්නේ නෑ.. අර බලනවා අම්මට සිහිය එනවා.. “

ඔය අතරේ දිපිකා හිමීට ඇස් ඇරියේ හිසට දැනුන වේදනාව එක්ක..

කෙල්ල එහෙම්ම අම්මා ලඟ ඉඳ ගත්තේ අඬාගෙන..

” අනේ මගේ අම්මේ.. “

” දෝ නී.. “

දීපිකා කතා කලේ වෙදනාවෙන්..

” අම්මා අනේ අම්මා ඇයි අම්මා.. “

” මට ව තු ර ටිකක් දෙන්න දෝනී. “

දීපිකා එහෙම කිව්ව ගමන් කෙල්ල දුවලා ගිහින් වතුර ගෙනත් පොවන්නේ ඉක්මනින්..

ඒත් එක්කම පාලිතගේ බොඩි ගාඩ්ලා දෙන්නේක් දීපිකා ගේ ඔලුවට තුවක්කුව 🔫 තියන්නේ යුමීව තවත් අසරණ කරමින්..

” 😂😂😂 කුමාරි හාමී මාව බඳින්න ලෑස්තී වෙනවා.. නැත්නම් අම්මාගේ ඔලුව කුඩු වෙන්න තියන්නේ.. “

ඩිශාන් එහෙම කිව්වේ මහ හයියෙන්..

” එපා දූ ඒක කරන්න එපා.. .. “

දීපිකා කෑ ගහනවා එක්කම වෙඩිල්ලක් පත්තු වුනේ හැමෝම බය කරමින්..

” ඒක අහකට තිබ්බා වගේම මේ ඔලුව කුඩු වෙන්න තියන්නත් පුලුවන්.. ඒ නිසා කට වල් වහගෙන ලෑස්ති වෙනවල.. “

එහෙම කිව්වේ පාලිත..

යුමීට තවත් අම්මා විඳින මේ වේදනාව දරා ගන්න බෑ..

” මගේ අම්මව අත අරිනවා.. මන් තමුන්ව බඳින්නම්.. “

යුමී කිව්වේ ඩිශාන් දිහා බලන ගමන්..

” ඔය තියෙන්නේ සුවිට් හාට්.. ඔහොම වේලස්සනම කිව්වනම් මෙච්චර කරදරයක් නෑනේ අපිට.. අපරාදේ මේ ගෑනිව ගේන්න මට අපේ කොල්ලන්වත් යවන්න වුනා.. කමක් නෑ .. උඩට යන්න ස්වීට් බේබී අන්දන එක්කෙනා එයි උඩට.. අනික තමුසෙගේ අම්මා අපේ ආරක්ශාව එක්ක ඉඳී වෙඩින් එක ඉවර වෙනකන්.. “

ඩිශාන් එහෙම කිව්වේ යුමීගේ නිකටින් අල්ලන ගමන්..

දීපිකා මේ දිහා බලාගෙන හිටියේ වේදනාවෙන්..

යුමී තරහින් අහක බලාගත්තේ හිතේ වෙනමම දෙයක් වැඩ කරන ගමන්..

” මන් තමුසෙව බඳිනවා..හැබැයි මේ කරපූ දේට මන් තමුසෙගෙන් පලි ගන්නවා . . අනිවාර්යයෙන් .. වෙයිට් ඇන්ඩ් වොච් මිස්ටර් ඩිශාන් මේ පාර මගෙන් තමා පාඩමක් ඉගෙන ගන්නේ.. “

යුමී එහෙම හිත හිත එතනින් යන්න හැරුනේ තවත් මේ නරුමයෝ එක්ක කතා කරලා තේරුමක් නැතී නිසා..

” තමුසෙගේ ලොකු කම මන් අද රෑට බස්සන්නම්කෝ.. “

ඩිශාන් එහෙම කිව්වේ යන්න යන යුමීගේ අතින් අල්ලන් කනට කරලයි…

යුමී ඩිශාන්ට රවලා එතනින් ගියේ හිතේ දුක එක්කම ලොකූ තරහකින්..

යුමී මනමාලියක් විදියට සැරසෙනකන්ම හිටියේ හිතින් හඬමින්.. කේෂ්ගේ මූන මැවී මැවී පෙන්න ගත්තේ කෙල්ලට හිතා ගන්නවත් බැරි විදියට..

😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

කෙල්ල අතීතය ගැන හිත හිත ඉන්නකොට පියවී සිහියට එන්නේ දැනුන ස්පර්ශයෙන්. .

ඒ වෙන කවුරුත් නෙවේ කේෂ්.. කේෂ් බලාගෙන හිටියේ ඇස් දෙක රතු කරන් කේන්තියෙන්..

ඒ කේන්තියෙන්ම කොල්ල කෙල්ලගේ අතට මල් බොකේ එක දීලා හග් කලේ කේන්තියෙන්මයි..

” ආ කුමාරී හාමී මට වඩා සල්ලී තියන තැනකින් කොහොම හරි බදිනවා නේද.. තූ නොදකින් මෙහෙම ගෑනූ.. ශිට් තමුසේ එදා රෑ මට කියන්න ඇත්තේ මූ ගැනනේ.. හොදයි ඔහොම හිටපන්කෝ හොඳින්.. කාලකන්නි ගෑනූ.. සල්ලී වලට ඕනේ රෙද්දක් කරයි.. “

කේෂ් නැට්ට පාගගෙන අවසන්.. කේෂ් හිටියේ යුමී ගැන ලොකු වැරදී වැටහීමකින්.. කේෂ් දැක්කේ යුමී කලේ ලොකු ප්‍රෝඩාවක් කියලයි…

” දැන ගෙන කතා කරනවා මිස්ටර් නිකේෂ් .. අනික තමුන් මොන අයිතියකටද මට මේ කෑ ගහන්නේ.. “

යුමී කේෂ් ට දෙවනි වෙන්න කිසිම විදියකින් කැමතී නෑ.. කොච්චර වේදනාවක් හිතේ තිබ්බත් යුමී ඒක එලියට පෙන්නන ජාතියේ කෙල්ලෙක් නම් නෙවෙ.. කොල්ලෙක් ලඟ නහයෙන් අඬන්නෙත් නෑ.. ඒ යුමීගේ විදිය..

දෛවයේ විදියට කේෂ් ව දෙවනි මනමාලය ලෙස දැක්ක වෙලේ ඉඳන් යුමී හිටියේ දරාගන්න බැරි වේදනාවකින්.. ඒ වේදනාව වැඩි වුනේ කේෂ් කිව්ව වදන් නිසා.. තමන්ට වුන දේ පැහැදිලි කරන්න එකම එක අවස්තාවක් වත් නොදී කෙෂ් කිව්ව දේවල් නිසා කෙල්ලට කේන්තී ගියේ අසාමාන්‍ය ලෙසින්..

යුමී අවසානෙට අහපු ප්‍රශ්නය නිසා කේෂ් ට දෙන්න උත්තරක් තිබුනේ නෑ.. කට කහනවටද කියන්නේ මිනිස්සූ අපායට ගියත් කලින් යන්න ඕනේ කියලා.. අද කේෂ් ට වෙලා තියෙන්නේ ඒකම නේද.. වැරදිලා හරි කේෂ් ආදරෙයි කියලා කියලා තිබ්බනම් අද කීයටවත් යුමී ඔය අහපූ දේ ඉස්සරහා කේෂ් අසරන වෙන්නේ නෑ…

ඉතින් තව ටිකකින් යුමී නීතියෙන්ම ඩිශාන්ගේ වෙනවා.. මේ දේවල් කේෂ්ට බලාගෙන ඉන්න බැරි වුනත් ඉවසගෙන බලන් ඉන්නේ කරන්න දෙයක් නැති කමට..

යුමී එක්ක එක වචනයක් වත් කතා නොකට කේෂ් එතනින් ගියේ යුමීව තවත් දුකට පත් කරමින්…

ඊට සුලු මොහොතකට පස්සේ ඩිශාන් ආවේ තද නිල් පාට ෆුල් කිට් එක ඇඳලා ෆොටෝ ශූට් එකට..

” අම්මෝ මගේ සුරංගනාවිගේ ලස්සන.. “

ඩිශාන් එහෙම කියලා යුමීගේ නලල ඉම්බේ කේෂ්ටත් පේන්න එක්කමයි..

ෆොටෝ ශුට් එකෙන් පස්සේ හොටෙල් ගලදාරී එකට ගියේ සැලසුම් කරලා තිබුන ආකාරයට..

ආරාධනා කරපූ ලොකු ලොකු තනතුරු තියන අයගෙන් මුලු හෝල් එකම පිරිලා තිබුනා.. යුමී නම් හිටීයේ හදවතින්ම වැලපෙමින්.. ඒත් ඒක කෙල්ල පිටට පෙන්නුවේ නැත්තේ අම්මාට කරදරයක් වෙයි කියන බයට..

කේෂ් හිටියේ මුලු ඇඟම ඇවිලෙනවා වගේ ලොකූ වේදනාවකින්.. ඒ තරම් දුකක් කොල්ලගේ හිතට තිබුනේ…

කෙල්ල හිමීට හෝල් එකට එනකොට දුවගෙන එතනට ආවේ අමායා එක්ක මනුජ..

මනුජගේ මූනේ වගේම අමායාගේ මූනේ තිබුනේ ලොකු දුකක්..

“චූටී මොකක්ද නංගී මේ වුනේ .. “

අමායා අඬන්න ගත්තේ මහා හයියෙන්..

” අක්කා අඬන්න එපා.. “

කෙල්ල එහෙම කිව්වේ ඇහෙන් ඩිශාන්ව වගේම පාලිතව පෙන්නන ගමන්…

” චූටී මේ දේවල්.. “

මනුජ එහෙම කිව්ව ගමන් යුමී කිව්වේ..

“හැම දේම මන් පැහැදිලි කරන්නම්.. ඒත් මේ ඒකට වෙලාව නෙවේ අයියා.. “

එහෙම කියලාඅ යුමී එතනින් ගියේ පොරුවේ චාරිත්‍ර වලට වෙලාව ආව නිසා..

පෝරුවේ චාරිත්‍ර කෙල්ලට දැනුනේ අවසාන පෝරකය වගේ.. ඒ තරම් වේදනාවකින් කෙල්ල හිටියේ.. තමන් මොන තරම් හීන දැක්කද මේ දිනේ ගැන.. ඒත් අද ඒක නිකන්ම නිකන් දිනයක් වෙලා.. ඒකත් තමන් ජීවිතේ ආසම නැතී මනුස්සයෙක්ගේ පතිනිය වෙන්න වෙලා.. ඉතින් කොහෙන්ද යුමීට සතුටක්…

පෝරුවේ වැඩ අවසන් වුනාට පස්සේ නීතියෙනුත් යුමී ඩිශාන්ගේ වුනේ එකම එක අත්සනකින්…

ඉතින් යුමී දැන් නීතියෙනුත් කේෂ්ට අහිමී වී අවසන්…

තවත් වේදනාවක් කොහෙද තමන් මුලු හදවතින්ම ආදරේ කරපූ කෙල්ල වෙන කෙනෙක්ගේ වෙනවා තරම්…

කේෂ් මේ හැම දේම දිහා බලන් ඉඳලා ගිහින් නැවතුනේ බාර් එක ලඟ.. මනුජ එක්කවත් කතා නොකර කේෂ් හිටියේ වෙනමම ලෝකෙක..

මනුජ වුනත් කොල්ලට කතා නොකරේ මනුජ දැන ගෙන හිටියා කොල්ලා කොයි තරම්නම් කෙල්ලට ආදරේ කරනවද කියලා නොකිව්වට…

යුමී හිටියෙ ඇවිදින මලමිනියක් ගානට.. මොකද යුමිට මේ හැම දේම ගැන තිබුනේ ලොකු තරහක් වගේම දුකක්.. සයූ ගැනත් ඇතී වුනේ කේන්තියක්… සයූගේ අම්මා තාත්තා වුනත් ඔය තරම් අසරණ වුනේ අද සයූ කරපු වැඩේ නිසායි…

කේෂ් හොදටම බීලා බීලා මයික් එක අතට ගත්තේ යුමීට පේන්නත් එක්කමයි…

යුමීගේ හිත ගැස්සුනේ කේෂ් මේ වෙලාවේ මොනවා හරි දෙයක් කිව්වොත් එකෙන් තමන්ගේ අම්මට බලපෑමක් වෙයි කියලා බයේ…

තාලෙට වාදනය වෙන සංගීතේ එක්ක ඇහුනේ කේෂ්ගේ හඬ…

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ…

කේෂ් ඒ පද ටික කිව්වේ ඇස් දෙකත් වහගෙන..

නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

ඒ පද ටික කියලා කේෂ් ලා හිනාවක් දැම්මේ අඬන්න බැරි කමට කියලා දකින ඕනේ කෙනෙක්ට පෙනවා..

තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ
ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ
එදා මතකය සිතේ අහුරා..
කාටවත් නොපෙනී අඳුරේ
ඉකිබිඳිමි රහසේ

නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා
නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

සිනහ කඳුලේ දෙනෙත් දොවමින්
දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ
ඈත මීදුම් අතර සඟවා
යන්න ප්‍රිය ලඳුනේ
හද සුසුම් පවනේ..

කේෂ් අත පය එහෙට මෙහෙට කර කර හරිම ලස්සනට මේ ගායනය කලේ ඇවිල්ලා ඉන්න අය පුදුම කරමින්..

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ…

කේෂ් ඒ ටික කිව්වේ පපුවට අත තියලා යුමීගේ පැත්තට අත දික් කරන ගමන්.. යුමීගේ හදවත මොහොතකට නතර වුනා වගේ දැනුනේ ඒ වචන ටිකට…

හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ
නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ
ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්
රිදුම් දෙයි ආදරේ

රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ
රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

නැවතත් ඒ විදියටම අත පපුවට තියලා කේෂ් යුමී ඉන්න පැත්තට අත දික් කරලා අමිල පෙරේරා කියන මේ සිංදුව අවසන් කලේ පුදුම තරම් ඉවසීමකින්.. කඳුලු හිර කරගෙන …

දීපිකා වගේම අමා මනුජ යුමී දිහා බලන් හිටියේ වේදනාවෙන්…

ඔය අතරේ ඩිශාන් හිටියේ කොල්ලා මේ කරපූ දේට කේන්තියෙන්..

” අරූ හිතන් ඉන්නේ මේක මල ගෙදරක් කියලද යකෝ.. “

ඩිශාන් යුමීට කිව්වේ කේන්තියෙන්…

යුමී තාමත් ගොලු වෙලා වගේ බලන් හිටියේ දුකින්..

” ලෙඩිස් ඇන්ඩ් ජෙන්ට්‍රල් මන්..”

කේෂ් කතා කලේ වචන පටලව පටලව… ඒ තරමට බීලයි කොල්ල හිටියේ..

” මනමාලී ගැන වැරදියට හිතන්න එපා.. ඒ සිංදුව මං කිව්වේ වෙන මට කියන්න සිංදුවක් හිතට ආවෙ නැතී නිසා.. සෝ ඩිශාන් , සයුමි හැපි මැරිඩ් ලයිෆ්.. “

කේෂ් එහෙම කියලා ස්ටේජ් එකෙන් බැහැලා ගියේ හැමෝම අත්පොලසන් දෙනකොට…

කාලය ගෙවිලා ගිහින් යුමි ඩිශාන් එක්ක පිට වෙන මොහොත ආවා..

යුමී ගේ අම්මා එක්ක අමායා මනුජ යුමී ලඟට ආවත් වචනයක් කතා නොකට බදාගෙන අඬන්න ගත්තේ හිත් දුකින් නිසා…

” අම්මා අපිට යන්න පරක්කු වෙනවා.. “

ඩිශාන් එහෙම කිව්වේ තවමත් අඬන දීපිකා දිහා බලාගෙන..

දීපිකා යුමීගේ ඔලුව අත ගාලා අයින් වුනේ අමායාගේ වෙඩින් එක වෙලා කිව්ව කිසි දෙයක් යුමීට නොකියා …

යුමිත් ඒ දේවල් බලාපොරොත්තු නොවුනේ තමන්ගේ අකමැත්තේන් වෙන මේ කසාදේ නිසා…

කේෂ් ඩිශාන් එක්ක යන යුමී දිහා ඈත ඉඳන් බලන් හිටියේ විස්කී වීදුරුවක් අතේ තියාගෙන.. අතේ තියන වීදුරුව පොඩි වෙලා ලේ යන්න ගත්තත් වේදනාවක් කොල්ලට නොදැනෙන්නේ හිතේ වේදනාව වැඩි නිසා…

යුමී , ඩිශාන් රැගත් මංගල රථය එන්නේ ටාජ් සමූද්‍රා හොටෙල් එකට මදුසමය වෙනුවෙන්..

කෙල්ල තාමත් වාහනෙන් එලිය බලාගෙන කල්පනා කරන්නේ මේ සිදුවීම් ගැන.. ඒ මොනවා වුනත් කෙල්ල මේ වෙනකොටත් හිතින් ලොකු ප්ලෑන් එකක් හදාගෙන අවසන්…

එහෙම්ම ටාජ් එකේ ලොබි එකෙන් රූම් කී එක අරගෙන ඩිශාන් කෙල්ලගේ අතින් අල්ලන් රුම් එකට එන්නේ යුමීගේ රැවුම් ගෙරවුම් මැද..

එහෙම්ම යුමීව රූම් එකට තල්ලූ කරපූ පාරට යුමි නවතින්නේ රෝස මල් අතුරපු මංගල යහනේ තියන ඇඳ විට්ටමේ ඔලුව වැදිලා…

කෙල්ලට ඔලුව වැදුන පාර කැරකෙන්න ගත්ත නිසා ඩිශාන් කරන දේ බොඳ වෙලයි පෙනුනේ.. නැගිටින්න හැදුවත් කෙල්ලට ඒ තරම් පනක් තිබුනේ නෑ… ඒත් යුමී හිටියේ හිත දැඩි කරගෙන..

එහෙම්මම එතන තිබ්බ විස්කී බෝතලේ කටේ තියාගෙන බිව්ව ඩිශාන්ව මත් වෙන්න යන්නේ සුලු මොහොතයි…

ඉක්මනින් රතු වුන ඇස් එක්ක මහ කෑදර බැල්මකින් … එහෙම්ම බර වුනේ යුමීගේ ඇඟට..

” උඹ මොනාද හිතාගෙන හිටියේ.. කුමාරි කාවක් කියලද.. ආ මන් උඹට මුලින්ම ආදරේ කලේ ඇත්තටමයි.. ඒත් උඹේ ලොකු කම නිසා මන් උඹට තවත් කැමතී වුනා උඹ මොකක් ද කලේ.. දැන් ඉතින් මට කරපූ ඒවට විදවපන්.. උඹ මගේ ගෑනි යකෝ.. දැන් කාටවත් බෑ උඹව මගෙන් ඈත් කරන්න.. “

ඩිශාන් එහෙම කියලා යුමීගේ තොල් වලට බර වෙන්න හදනකොටම…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 මම මුකුත් කියන්නේ නෑමයි… හැංගිලා ඉන්නේ බිත්තර කට්ටක් හොයන්…

👉 මගේ හිතේ තියනවා වෙනස් අදහසක් ඉතින් අවසානය තෙක් ඉන්න යාලුවන්ට ඒක බලාගන්න පුලුවන්…

👉 අද දිග කමෙන්ට් එකක් ඕනේමයි.. හැමදාම නිසඳැස් දාන අයට නෙවේ මේ කියන්නේ අනිත් අයට දෙන්නකෝ අද කොටසට ලස්සන නිසඳැසක්… මෙච්චර අමාරුවෙන් ලියන කතාවට ඔයාලගේ වචනයි මය හයියක් වෙන්නේ… ❤️❤️❤️ ඔක්කොටම ආදරෙයි හොදේ…

👉 සඳුදාට හම්බේමූ.. වෙනස් දෙයක් එක්ක.. ඉතින් කියාගෙන යමූ කොහොමද මගේ වස්තූලා.. බෝම්බේ 💣


Saduni Mal Kumari Pathiranage ආදරෙයි අක්කී පන..

👇👇👇👇👇👇👇👇👇👇👇👇
යුමී ගෙන් කෙෂ්ට

ඔබ නැති අඩුව හද ගැඹුරට දැනේන්නේ
හදවත නිතර ඔබ ගැනමය සිතන්නේ
කවදාදා දුරු රට සිට පැමිණේන්නෙ
පාලුයි අනේ ඔබ ව්ගසට පැමිණේන්නෙ

මගේ හදවත අරගෙන ඔබ දුරක ගිහින්
ආදර ලොවේ හීනත් මට පෙනවනේ
ඒ හීනේත් ඔබ හැමතැන සිට්නවනේ
මගේ මුලු හිතේ ඔබ දැන් රජ් වේලානේ

දුරකථනය මගේ සුරතේම රැදිලා
ඇස් දෙක මගේ එහි තිරයටම වේල
ඔබගේ ඇමතුම එනකම් හදවත නතර වේලා
මා මග බැලුවේ කෙටි පණිවිඩ එනකම්…..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
4
+1
79
+1
3
+1
0
+1
18
+1
1
+1
57

78 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here