කෙටි කතාවක් – නොපිපි කුසුම්

3
2518

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

නොපිපි කුසුම්

හැමදාම වගෙම නිවාඩුවට මං ගමේ යන්න අනුරාධපුර යන බස් එකට නැග්ගෙ අම්මා, නංගි ආස කරන කෑම ජාති එහෙම ගොඩක් අරගෙන.යුධ හමුදාවෙ සේවය කරන මම දවස් හතලිස් පහක් ගෙවිලා යනකල් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නෙ ඒ අහිංසකයො දෙන්නගෙ මූණ බලන්න.

කෙල්ලෙක් වුනත් අප්පච්චි නැති වුනාට පස්සෙ ගෙදර බර මගේ කරට ගත්තෙ අම්මටයි නංගිටයි මම හැර පිහිටක් නෑ කියලා මං දන්න නිසා.

“අනේ පුතේ උඹ කියන දේ අහන්නෙම නැද්ද අපි මේ තියන හැටියකට කීයක් හරි හම්බ කරන් කාලා ජීවත් වෙමු මයෙ පුතේ..”

අද වගෙම මට මතකයි මං හමුදාවට බැඳෙන්න ඇප්ලිකේශන් එක දාලා ඒකට පිළිතුරු විදියට කැඳවීම් ලිපිය ආවාම අම්මා මගෙ ඔළුව අතගගා කිව්ව කතාව.

“එහෙම කොහොමද අම්මෙ.අපි නංගිට උගන්නන්න ඕනෙ..මට පුලුවන් මේ ජොබ් එක කරන්න.අනික මේක මගෙ හිතේ ඉස්සර ඉඳන් තිබුනු ආසාවෙක් නේ..”

එදා මම අම්මට කිව්වෙ එහෙම.දැනට මම රැකියාවට ඇවිත් අවුරුදු දෙකක්.මේ ජොබ් එකට පින් සිද්ධ වෙන්න අම්මයි නංගියි කිසිම දුකක් නැතුව ජීවත් වෙනවා අද.ඉතින් ඒකම ඇති මට සැනසෙන්න.

බස්සෙක හෙමින් ගමට ලං වෙනකොට හිතට දැනෙන සැනසීම කියලා නිම කරන්න බෑ මට.

ඊයෙ මං එන බව කෝල් කරලා කිව්වත් වෙනදා වගේ අම්මයි නංගියි ඇවිත් හිටියෙ නෑ මාව ගන්න.වෙනදට නොවරදවාම බස් හෝල්ට් එකට එන අම්මයි නංගියි නැති වුනාම මගේ හිත කළබල වුනේ ඒ දෙන්නා කවදාවත් මේ විදියට කරලා නැති නිසා.

මම හිතේ බයෙන් පය ඉක්මන් කරලා ගෙදරට ඇවිදගෙන ගියේ ඒ දෙන්නට කරදරයක් වත් දෝ කියලා හිතමින්.

ඈත තියා මම ගෙදර දොර ඇරලා තියනවා දැක්කත් අම්මා වත් නංගී වත් පේන්න හිටියෙ නෑ.

“අම්මේ…”

මම කලබලෙන් ගෙට දුවගෙන ගියේ අම්මට කතා කරගෙන.

“අනේ ලොකු දුව ඇවිත්..”

අම්මා කුස්සියේ ඉඳගෙන පොල් ගානවා දැක්කාම තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ.

“කෝ අම්මෙ පොඩ්ඩී..”

මම එහෙම ඇහුවාම අම්මා මං දිහා බැලුවෙ කලබලෙන්.

“පොඩ්ඩි ගියානෙ පුතේ ඔයාව එක්ක එන්න කියලා.මම එන්න හැදුවාම අම්මා ඉන්න මම අක්කා එක්ක එන්නම් කියලා ගියේ ඔය.අනේ කෙල්ලට මොකක් වුනාද..”

“මොකක්…නංගි බස් හෝල්ට් එකේ හිටියෙ නෑනෙ අම්මේ..අම්මා ඉන්න මං බලලා එන්නම්..”

මම ආපස්සට දිව්වේ බස් හෝල්ට් එක පැත්‍තට.

“කොහෙද දුවේ මේ ආ පයින්ම යන්නේ..”

මගේ ඉස්සරහට හම්බුනු සිරිදාස මාමා ඇහුවෙ කලබලෙන් දාඩිය දාගෙන දුවන මං දිහා බලන්.

“අපෙ නංගි දැක්කද මාමෙ..”

“ම්ම් නෑනෙ.ඇයි නංගි කොහෙ ගිහින්ද..”

සිරිදාස මාමාට උත්තර දෙන්න ප්‍රමාද නොවුනු මම බස් හෝල්ට් එකට දුවගෙන ගියේ නංගි හොයාගෙන.ඇස් වලින් හෝ ගාලා වැටෙන කඳුලු නවත්ත ගන්න බෑ මට.මොන තරම් හිත හයිය වුනත් පොඩි එකීට මොනවා වෙන්න ඇතිද කියලා හිතෙනකොට කොහොම නාඬා ඉන්නද මම.

නංගි නැතුව කොහොමද ගෙදර යන්නෙ මම.

ඈත බලනකොට සිරිදාස මාමා වේගෙන් බයිසිකලේ පැදන් මං ඉන්න පැත්තට එනවා දැක්කාම මට හිතුනෙ එයා මොකක් හරි දෙයක් දැනගෙන මාව හොයාගෙන එනවාදෝ කියලා.

“දුවේ.. දුවේ.. අපේ කොල්ලා දැකලා තියනවා අර කඩේ මුදලාලියගෙ පුතා පොඩි එකී මෙතන ඉද්දි කෙල්ලව ඇදන් අර කැලේ පැත්තට යනවා..ඕකා නාහෙට නාහන එකා.දැනටමත් කෙල්ලට මොනවා කරලද දන් නෑ “

“මො…කක්…..”

දාඩිය පෙරාගෙන ආපු සිරිදාස මාමා එහෙම කිව්වාම මගේ මුලු ඇඟම පණ නැති වෙලා ගියේ යන්තම් අවුරුදු දාසයක් වෙන මගෙ නංගිගේ මූණ මතක් වෙලා.

මං ෆෝන් එක අරගෙන පොලිසියට කෝල් කරේ පුලුවන් තරම් ඉක්මනට එන්න කියලා.එයාලා එනකල් හිටියොත් මට මගෙ පොඩ්ඩිව බේර ගන්න බැරිවෙයි කියලා හිතුනු නිසා මම හිත හයිය කරගෙන කැළේට ඇතුල් වුනේ සිරිතුංග මාමයි තව දෙතුන් දෙනෙකුයි මගේ පිටිපස්සෙන් එද්දි.

“අම්මේ… මාව බේර ගන්න අම්මේ..”

පොඩ්ඩිගේ කටහඬ ඈතින් ඇහුනාම මම කට්ටියත් එක්ක දුවගෙන ගියේ ඒ පැත්තට කිසිම ආයුධයක් වත් නැතුවම.

මගෙ පොඩ්ඩි අර නරුමයා එක්ක පොර බදනවා දැක්කාම හිතට ආවෙ ඌව මරලා දාන්න තරම් කේන්තියක්.ගමේ අය වට වෙලා ඒ තිරිසන් මනුස්සයට හොඳටම ගහලා ගහක බැන්දෙ පොලිසිය මෙතනට එනකල්.

“පොඩ්ඩී…ඔයාට කරදරයක් නෑ නේද නංගී”

“මට බයයි අක්කේ..”

“අඬන්නෙපා මගෙ නංගි මං ඉන්නවා නෙ දැන්…”

හොඳටම බය වෙලා හිටපු පොඩ්ඩි මාව බදාගත්තෙ අඬමින්මයි.ඒ හීරුනු අත පය බාගෙට ඉරුනු ඇඳුම දැක්කාම මගෙ ඇඟ හීතල වෙලා ගියේ මගෙ අහිංසකීට මොනවා හරි කරදරයක් වුනා නම් මං ජීවත් වෙලා වැඩක් නෑ නේද කියලා හිතෙද්දීමයි.

නිමි..

මිනිස්සු විවිධාකාරයි.ඒ නිසා පරිස්සමෙන්.ඒ වගේම ඔයාගෙ ආදරනීයයන් පරිස්සම් කරගන්න.ඒක ඔයාගෙ යුතුකමක්.

බුදුසරණයි

මං – බ්ලැක් හාර්ට්
උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
5
+1
47
+1
10
+1
1
+1
15
+1
1
+1
6

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here