කෙටි කතාවක් – පුපුරා ගිය බෝම්බය

4
1623

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

පුපුරා ගිය බෝම්බය


Happy birthday to you

Happy birthday to you

Happy birthday Dear මදුෂිකා

Happy birthday to you

“ඔන්න මැනික මං ඉටි පන්දම නිවනවා🎂

“හු…………..වු………ෆ්🎂

“හ්ම්ම්ම්ම් හරි

“ඔන්න මැනික මං කේක් එක කපනවා.

“හ්ම්ම්ම්ම් එකත් හරි

“හ්ම්ම් ඔන්න මං ලොකුම කේක් කැල්ලක් ඔයාට කැපුවා🍰

“කෝ… කට අරින්න …. හ්ම්….තව ටිකක්🍰

🌷💦🌷💦🌷💦🌷

“මචන් නිමේෂ්… උබ ඔහොම බලන් හිටියොත් මදූව වෙන එකෙක් දා ගනියි

“මට අහන්න බයයි බන්

“පිරිම් ගට්ස් ගනින් බන්.. දැන් උබ කී දවසක් පස්සෙන් ගියාද

“එක නම් ඇත්ත බන්…. මං පල්ලි යන්න ගත්තෙත් මදු නිසා බන්

“එකී උබට කැමතියි බන්.. එකී උබ දිහා හොරෙන් බලනවා..

“ඒ උනාට මට බයයි බන්.. මේ මගේ පලමු ආදරේ බන්

“උබ මෙතන කෙකර ගාගා ඉන්නකොට වෙන එකෙක් අරන් යයි

“හරි මං උබ කියන නිසා මේ ඉරිදා පල්ලියේ දේව මෙහෙයෙන් පස්සේ අහනවා.

“අන්න එහෙම වරෙන් බන් පිරිමියෙක් විදිහට

🌷💦🌷💦🌷💦🌷

මං උදෙන්ම නැගිට්ටා අද මගේ ජිවිතේ වැදගත් දවසක්.. මගේ කුලුදුල් ආදරේ ප්‍රකාශ කරන්න යන්නේ අද..

මීට මාස කිපයකට පෙර මං කොච්චිකඩේ පල්ලියට ගියේ යාලුවෙක්ගේ උවමනාවකට.

එදා අහම්බෙන් දුටු ඒ රුව, ඒ ඇස් දෙක මගේ හුස්ම මොහොතක් නතර කරා.. පපුව හයියෙන් ගැහෙන්න ගත්තා.. එදා ඉදන් හැම ඉරිදම පල්ලි එන්නේ ඒ රුව දකින්නමයි.

දේව මෙහෙය ඉවර වෙනකන් එයාගේ පිටුපස බංකුවට වෙලා ඒ සුවද විදගෙන මං මාස ගානක් හිටියා.. මට කවදාවත්ම ඔන උනේ නෑ එයාගෙන් යාලු වෙන්න අහන්න.

හැම ඉරිදම ලගට වෙලා ඒ සුදු මුන, ඒ ඇස් දෙක බලලා මං අපහු එනවා. එයාටත් තෙරෙන්න ඇති මං ඇයි පස්සෙන් එන්නේ කියලා.

එයාගේ නම දැන ගත්තෙත් මං මාස ගානකට පස්සේ.. මට ඔන උනේ එයාගේ ලගට වෙලා ඉන්න විතරයි.

මගේ යාලුවගේ බල කිරීම නිසා මං ගත්තා රෝස මලකුයි🌹 ලස්සන මුද්දකුයි💍

මං අද ලස්සනට ඇද ගත්තා.. කවදාවත් නැතිව බයිසිකලයත් හෝද ගත්තා..

කොටහේන ඉදන් පල්ලියට ගොඩක් දුර නැති නිසා මං හිටියා වෙලාව බල බලා..

ඉදලා ඉදලා මං යන්න හැදුවා විතරයි බයික් එකේ හුලං නෑ.. අම්මෝ මගේ කරුමේ… මං තල්ලු කරගෙන ආවා කොටහේන හංදියටම.

“මල්ලී පැච් එකක්.. ටිකක් ඉන්න වෙයි… මුලින් වැඩේ කරලා ඉන්න ඔනේ..

අම්මෝ දැන් මොකද කරන්නේ.. අද මට දේව මෙහෙය මිස් වෙනවා.. අද එයා ලග බංකුවේ වාඩි වෙන්න බැරි වෙයි..

කමක් නෑ.. මං කොහොමත් දේව මෙහෙයෙන් පස්සෙනේ එයත් එක්ක කතා කරන්න හිටියේ.. බයික් එක හදාගෙනම යනවා..

🌷💦🌷💦🌷💦

මම පල්ලිය ලගට යනකොට දේව මෙහෙය පටන් අරන්.. දොරටුව ලගම ගොඩක් අය හිටියා.. මම අමාරුවෙන් එයාලා අතරින් ඇතුලට ගිහින් ඇය හැමදාම වාඩි වෙන බංකු පේලිය බැලුවා.

ඇය සුරංගනාවියක් වගේ ලස්සනට ඇදලා අද ඇවිල්ලා.. එතන හිටගෙන ඉන්න බැරි නිසා මම පල්ලියේ එළියට ඇවිත් ලග පෙට්ටි කඩයකින් තේ එකක් බිව්වා.

මං ඔන නම් තේ එකෙන් දෙපාරක් බොන්න ඇති ඒ ආව විශාල හඩත් සමග මගේ අතේ තිබුන විදුරුව බිම වැටුනා..

පල්ලිය වහලෙන් දුම් පිටවෙන්න ගත්තා.. ඇතුලේ ඉදන් කට්ටිය එළියට දුවගෙන ආවා. මහා හයියෙන් මිනිස්සු කෑගහන්න ගත්තා.

පල්ලිය ඉදන් ලේ පෙරාගෙන කට්ටිය එළියට ආවා.. මට හිතා ගන්න බැරි උනා මේ මොකද උනේ කියලා.. මං මොහොතක් බලන් හිටියා කිසිවක් හිතා ගන්න බැරිව

දෙයියනේ මදු… එයා ඇතුලේනේ..

මං දුවලා ගියා පල්ලිය ඇතුලට.. ඇතුලේ දකින දකින තැන මිනුස්සු ලේ පෙරාගෙන එකම ලේ ගංගාවක් වගේ.. පල්ලිය වහල කඩන් වැටිලා.

මං අර විසිරිලා තිබුනු බංකු උඩින් පැනලා ගියා මදු හිටිය තැන හොයාගෙන.. මුනවල් පිච්චිලා ලේ පෙරාගෙන මහා ලතෝනියක් විතරයි ඇතුලේ තිබුනේ..

එතන වැටිලා හිටිය විශාල පිරිස අතරින් මං මදුව හොයන්න ගත්තා.. අන්තිමට බංකුවකට යට වෙලා හිටපු මදුව මට හොයා ගන්න පුලුවන් උනා..

මං බංකුව අයින් කරලා එයාව ගත්තා මගේ උකුල උඩට..

“මදු… මදු… කතා කරන්නකෝ… මැනික

ඇය අමාරුවෙන් තොල් සොලවා කතා කරා.

“නිමේෂ් …

“මදු.. ඔයාට මොනවත් වෙන්නේ නෑ.. මං ඔයාව බෙර ගන්නවා.

“නිමේෂ්

“කියන්න මැනික

“ඉන්න බෑ නිමේෂ් මුලු ඇගම දැවිල්ලයි. පිච්චේනවා වගේ..

“ඉන්න මං ඔයාව ඉස්පිරිතාලේ ගෙනියන්නම්

“නිමේෂ්

“මදු

“ඔයා මට ආදරේ කරනවද

“ඔව් දෙයියනේ. මං අද ඔයාගෙන් අහන්න ආවේ.. මේ මුද්දකුත් ගෙනාවා.

“නිමේෂ්

“කියන්න මදු

“මං ආසාවෙන් බලන් හිටියේ ඔයා මගෙන් අහනකන්

“දැන් හරිනේ…. ඉන්න මං ඔයාව එලියට එක්කන් යන්නම්

මං ඇයව උස්සන් පල්ලිය ඉස්සරහට අරන් ආවා.. එතන තිබුන ගිලන් රථයක දාගෙන ජාතික රෝහලට මාත් එක්කම ආවා..

“නිමේෂ්

“කියන්න මැනික

“මං මැරෙයිද?

“පිස්සුද අනේ දැන් ඉස්පිරිතාලේ කිට්ටුයි

“ඔයාගේ මුද්ද මට දානවද

“ඇයි මේ වෙලාවේ මදු..

“මං මැරුනොත් මට සතුටෙන් මැරෙන්න පුලුවන්

“අනේ එහෙම කියන්න එපා

“ඔයාගේ ආදරේ ලැබෙනකන් මං ගොඩක් දවසක් බලන් හිටියා.. ඉතින් අද ලැබුන ගමන් දාලා යන්න උනෝත්.

“ඇයි … ඔවා… කියන්නේ

“ඒ නිසා ඔයා මට මුද්ද දාන්නකෝ

ඇයගේ බලවත් ඉල්ලිම මත මම ගිලන් රථය තුලම අර ලේ බෙරෙන අතේ ඇගිල්ලකට ඒ මුදුව දැම්මා.

ඇයට මහා මෙරක් ලැබුනා වගේ සතුටු උනා අර සියලුම වේදනාවන් යටපත් කර ගනිමින්.

ඇයව හදිසි ප්‍රතිකාර සදහා යොමු කලා. මම රෝහල ලගම හිටියා.. දින තුනක් එක දිගට බලන් හිටියා.

මට ඒ දවස් තුන එක තැන් ඉන්න බැරිව පිස්සුවෙන් වගේ හිටියේ. ඇයව කාටවත් බලන්න දුන්නේ නෑ..

🌷💦🌷💦🌷💦🌷

කෝ… මැනික කට අරින්න… ඔන්න මං කේක් කවන්න යන්නේ ඔයාට…

මං එයාගේ සොහොන උඩ ඒ කේක් කැල්ල තිබ්බා..

මගේ කුලුදුල් ආදරේ පටන් ගත්ත දවසෙම ඉවර උනා ජරා අන්තවාදී මිනුස්සු හා ප්‍රහාරය වලක්වා නොගත් මෝඩ පාලකයෝ නිසා.

මං එයාට දැම්ම මුදුව එයාගේ සිරුරටයි මට දාන්න උනේ.. එදා බයික් එකේ පැච් එක නොගියා නම් මාත් අද ඔයත් එක්ක එනවා මේ දුක දරාගෙන ඉන්න නැතිව.

ඔයා හරි නරකයි මැනික… මාව දාලා ගියා.. ලබන ආත්මේ නම් ඔයා මගේ වෙන්නම ඕන

ඔයාට සුබම සුබ උපන්දිනේ වේවා.

l LOVE YOU මදු

නිමි.

🌷💦🌷💦🌷💦🌷💦🌷💦🌷💦🌷💦🌷💦


අදහසක් දාගෙනම යන්න

ස්තුතියි 🙏

එරන්ද රත්නසේකර
උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
0
+1
37
+1
2
+1
2
+1
12
+1
1
+1
8

4 COMMENTS

  1. I am really impressed with your writing abilities as neatly as with the structure for your blog.
    Is that this a paid subject or did you modify it your self?

    Anyway keep up the excellent high quality writing, it is rare to
    look a great blog like this one today.. 0mniartist asmr

  2. Hiya very cool blog!! Guy .. Excellent .. Wonderful ..
    I will bookmark your blog and take the feeds additionally? I am
    satisfied to find a lot of useful information here within the submit,
    we need work out more techniques in this regard, thank you for sharing.
    . . . . . asmr 0mniartist

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here