කෙටි කතාවක් – අනියම් පෙම්වති

0
3019

තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…

┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓

අනියම් පෙම්වතී

යාන්තමට ඉර එළිය බැස ගිහින් රාත්‍රිය අලෝකමත් කරන සඳ කුමාරිය ලෝකයට එඹ්කම් කරමින් හිටියෙ…ගම්මානය පුරා පැතිර ගිහින් තිබුනෙ දැඩි නිහඩතාවයක්…ඒ නිහඩතාවය බිදුනෙ වරේක රැහැයියෙකුගෙ නාදයෙන් හෝ වන සිවුපාවන්ගෙ කෑ ගැසිම් හඩකින් පමනයි…

සියළු නිවෙස් වල විදුලි පහන් තිබුනෙ නැත…යාන්තමට මිල මුදල් අත ගැවසුන ගෙවල් වල පමනක් ලයිට් තිබුනා…අනෙක් ගෙවල් වල කුප්පි ලාම්පු එලිය විතරක් දැල් උනත් මේ වෙද්දි ඒ නිවෙස් වලත් සියළු ලම්පු නිවා දමා තිබුනෙ රුපියල උනත් ඉතුරු කර ගන්න මිනිසුන් උත්සහා කරන බව පසක් කරමින්ය…

ගම්මානයෙ කෙලවරට වන්නට තිබුන පොල් අතු සෙවිලි කරන ලද කුඩා නිවසකි…එහි ජිවත් වෙන්නෙ තුන් දෙනෙක් විතරයි…ධර්⁣මසේන ,සහා ස්වාර්ණලතා කියන්නෙ සැමියයි බිරිඳයි…උපන්දා සිටම හේන් පිටි එක්ක ඔට්ටු උනත් ඔවුන් තාමත් එක තැනම හිටියෙ වර්ථමාන සමාජයේ ගොවියාට ඇත්තෙ එවැනි තත්වයක් නිසාවෙනි…

රංජනි කුමාරි ධර්මසේන…වයස අවුරුදු විසි හතරක් වෙච්ච ඇය ධර්මසේනගෙ සහා ස්වර්ණලතාගෙ එකම දරුව…ගමේ තිබුන එකම පාසලෙන් අට වසරට යනකල් පමනක් ඉගෙන ගත්ත ඇය එතනින් පස්සෙ ගෙදර නතර උනෙ ඇයට ⁣ඉගෙන ගැනිම තරම් නීරස දෙයක් තවත් නැති උන නිසාවෙන්මය…

ඒ ඉන්න අතර ඇය තම මිතුරියක් එක්ක එකතු වෙලා මැහුම් පාඨමාලාවක් හැදැරුවා…රංජනි රුවැති තරුණියක්…ඇය ප්‍රේම සම්බන්ධතා කිහිපයක්ම පැවැත් උවත් ඒවා වැඩි දුර දිග ගියෙ නැහැ…

“දුවේ…හෙට අරන් යන්න ඕන හැම දෙයක්ම බෑග් එකට දා ගත්තා නේද …?අමතක කරලා යන්න එපා…ආයි එන්න නෙමෙයිනේ..එතකොට දුවෙ දැන් කොහෙද ඔය නවතින්න තියෙනවයි කිවුවේ…”

අනෙක් ගෙවල් වල අය නිදි උනත් රංජනිගෙ ගෙදර අය හිටියෙ තාමත් අවදියෙන් …මොකද හෙට පාන්දරම රංජනි දෙයියනෙ කියලා ඇගෙ මිතුරියත් එක්ක කටුනායක ගාර්මන්ට් එකක රෑකියාවට පිටත් වෙලා යනවා…ඒ නිසා තමා ඔවුන් තුන් දෙනා තාමත් ඇහැරිලා හිටියෙ…

“ආ…ඔවු අප්පච්චි ,හැම දෙයක්ම දා ගත්තා…නවතින්න යන්නෙ බෝඩිමක අප්පච්චි …කුමාරි නම් කිවුවෙ එතන එක කාමරයක හත් අට දෙනෙක් ඉන්නවා කියලා…බය වෙන්න දෙයක් නැනේ…කුමාරිත් ඉන්නවනේ…අප්පච්චි බය නැතිව ඉන්න…”

රංජනි හැම දෙයක්ම දන්න විදිහට අම්මාටයි ,අප්පච්චිටයි තේරුම් කරලා දුන්නා…කෙමෙන් කෙමෙන් මධ්‍යයම රාත්‍රිය උදා වෙද්දි රංජනි විතරක් ඇහැරගෙන හිටියෙ හිතේ තිබුන අශාව නිසාමයි…මේ ඇය ජිවිතෙ පලවෙනි වතාවට ගෙදරින් පිටත ජිවත් වෙන්න යන්නෙ…ඇයට තාමත් හිතා ගන්න බැහැ හෙට ඉදන් ජිවත් වෙන්නෙ කොහොමද කියලා…මොනවා උනත් ඇය රෑකියාවට යන්න පුදුම තරම් අශාවකින් හිටියෙ…ඒක තමා ඇත්ත…

පාන්දර වෙනකල්ම ඇහැරගෙන හිටපු රංජනිට යාන්තම් ඇහැ පියවේගෙන එනකොටම ඇගෙ මව ඇයට කතා කරනවා…

“දුවේ …නැගිට්ටානම්…හතරට බස් එක තියෙන්නෙ…තුනයි දහායයි වෙලාව…ලැස්ති වෙන්නකො…අප්පච්චි දුවව බස් එක ලගට ඇරලවලා එන්න යයි…කුමාරි දුවත් එයිනෙ…”

නිදි වර්ජිතව හිටියත් රංජනිට ඒ ගැන වගක් වත් තිබුනෙ නැහැ…ඇයට අවශ්‍යය වෙලා තිබුනෙ ඒ නුපුරුදු අත්දැකිම හරි ඉක්මනින් විඳගන්න…

තුනයි හතලිහ වෙද්දි ඇය ලෑස්ති උනා…ලෑස්ති වෙලා ඉවර වෙලා ඇය අම්මාටයි අප්පච්චිටයි දණ ගහලා වැන්දා…ඒ දෙන්නාගෙම ඇස් වල කදුළු…

“මම ගිහින් එන්නම් අම්මේ…අඩන්නෙ නැතිව ඉන්නකෝ..මම පුළුවන් වෙලාවට කෝල් එකක් අර ගන්නම් ඉහල ගම කඩේට…මාසේකට සැරයක් ගෙදර එන්න පුළුවන්නෙ…”

නමුත් ඒ ඇගෙ දෙමාපියන්…දුවෙක් හදන්නෙ ඇස් දෙක වගෙ අරක්ෂා කරගෙන…ඉතින් ඔවුන්ට දුකක් දැනෙන්නෙ නැති වෙයිද…

රංජනි අප්පච්චිට වදිනකොට ඔහු ඇස් අග්ගිස්සට උනපු කදුළු රහසේම පිස ගත්තෙ සුභ මොහොතින් රංජනි පිටව යන්නට සුදානම් වෙලා ඉන්න වෙලාවේ ,ඇගෙ හිත දුකින් පුරවන්න බැරි නිසාම වෙන්නත් ඇති…

“රත්නත්තරේ පිහිටයි මයේ දුවට ,පරිස්සමට ගිහින් එන්නකෝ…”

ඒ අනුව රංජනි සිය අප්පච්චි එක්ක බස් රථය ඇති ස්ථානය වෙත පිටත්ව ගියා…අතර මගදි කුමාරිත් ඔවුන්ට එකතු උනා…

බස් රථය පාන්දර හතරයි පහට ගමන් අරම්භ කල…කුමාරි මෙන්ම රංජනිත් විස්තර කතා බහා කරමින් ගමන් කලෙ සතුටින් උනත් හෙට සිට ගෙවන්න යන ජිවිතය ගැන බියක් හිතෙ නැති උනාමත් නෙවෙයි…මන්ද යත් මේ නිවසින් පිට වෙලා ගත කරන්න යන ජිවිතෙ මුල්ම අඩවිය…අනික තරුණියන් ඔවුන්…

උදෑසන නමයට දහායක් තියෙද්දි බස් රථය කොලොම්තොට වෙත ලන් වෙද්දි කටුනායක නගරය වෙත ලන්වෙමින් හිටියා…

“කටුනායක බහින්න ඉන්න අය බැහැ ගන්න…සීට් වලින් නැගිටලා ඉස්සරහට එන්න …ඉක්මන් කරන්න ,ඉක්මන් කරන්න…”

කොන්දොස්තරගෙ කට හඩින් නින්ද ගිහින් හිටපු රංජනි සහා කුමාරි අවදි උනා…

“යමු යමු බැහැගමු…නැත්තම් ඉතින් ආයි එන්න වෙනවා..ඉක්මන් කරපන්…”

දෙන්නත් එක්ක දොර ලගට ලන් වෙද්දිම බස් රථය කටුනායක නගරයෙන් නතර කලා…ඉක්මනින් බස් එකෙන් බැහැපු ඔවුන් දෙන්නා තමන්ගෙ බෑග් දෙකත් අරගෙන නාදුනන පරිසරයෙ තනි වෙද්දි දෙන්නාගෙම හිත් වලට ටික ටික බිය මුසු වෙන්නෙ තාමත් ඒ පරිසරය ඔවුන්ට නුහුරු හින්ද…

“ඒ මෙතන බස් තියෙනවා කිවුවා කම්පැණි එකෙන් එවලා ටිකක් බලහන් ,දීපක් පුද්ගලික සමාගම කියලා ගහලා ඇති…”

කුමාරිගෙ කතාවෙන් පස්සෙ දෙන්නා එක්කම එකතු වෙලා ඒ නම තිබුන බස් එකක් තියෙනවද කියලා හෙවුවා…අවසානේදි ඔවුන්ට ඒ නමින් තිබුන බස් රථයක් හොයා ගන්න හැකි වෙද්දි දෙන්නත් එක්කම බස් එකට නැග්ගා…එතකොට තමා ඔවුන් දැක්කෙ ඔවුන් වගේම තවත් තරුණියන් තිහක් විතර පිරිසක් බස් රථය තුල වාඩි වෙලා ඉන්නවා කියලා…අත් වල තිබුන බෑග් වලින්ම ඔවුනුත් තමන් වගේම දුර ඉදන් ඇවිත් තියෙන අය කියලා තේරුම් ගන්න පුලුවන් උනා…

බස් රථය කම්පැණි එකට ගියෙ උදේ නමයත් පහු වෙලා…විශාල ගොඩ නැගිලි වලින් සමාන්වීත කම්පැණි එක රංජනිගෙ සහා කුමාරිගෙ මනසට එක් කලෙ අමුතු හැගිමක්..එහි බිය මෙන්ම කුතුහලයත් උපරිමයෙන් තිබුනා…

දහාවල් දොලහ වෙන කොට හැම කෙනෙක්වම ඉන්ටවු කරලා ඒ අයට ⁣කරන්න තියෙන වැඩත් නියම කරලා අවසන්…කුමාරි සහා රංජනි මැහුම් පාඨමාලාවක් හදාරා තිබුන නිසාවෙන් ඔවුන් දෙන්නාම කෙලින්ම මහන්න වැටුනා…

“හරි එහෙමනම් ඔය ලමයි දැන් යන්න …ගිහින් නවතින තැන් හදා ගන්න..හැමදාම උදේ හත වෙනකොට බස් එක එනවා එතනටම …පහට වැඩ ඉවරයි…පහෙන් පස්සෙත් වැඩ කරන දවස් එයි…එදාට අපි ඕටි ගෙවනවා…හැමෝම හොදින් වැඩ ටික කරගෙන යන්න අමතක කරන්න එපා…”

ලැබුන අවවාද එහි සිටි සෑම කෙනෙක්ම හොදින් හිතට දා ගත්තා…නවතැන් පලට ගියාට පස්සෙ නම් රංජනිට හිතුනා මේක මොන ජිවිතයක්ද කියලත්…නමුත් අපාහාසුවෙන් උනත් ඔවුන්ට මේ ගමන යන්න සිද්ද වෙනවා…දුප්පත් කම කර පින්නාගෙන ජිවත් වෙච්ච ඔවුන්ට මේක මහා ඉහලින් දැනුනා…

එදින සිට දිනෙන් දින රංජනි සහා කුමාරි ඒ ජිවිතයට හුරු වෙද්දි නොදැනිම මාසයක කාලයක් ගත වෙලා ගියා…පලවෙනි මාසේ වැටුපත් අරගෙන ⁣සිය පලවෙනි නිවාඩුවට ඔවුන් ගෙදර යනවා…නිවාඩු දවස් කීපය හරි ඉක්මනින් ගෙවිලා ගිහින් ආයි පාරක් ඔවුන්ට රෑකියාට යන්න සිද්ද උනා…

රංජනි කිසිම දවසක නොහිතන්න ඇති එදායින් අරම්භ උන දවස් කීපය රංජනිගෙ ජිවිතය කණපිට හරවයි කියලා…

නැවත රෑකියාව කරන ස්ථනය වෙත ගියපු රංජනි දැක්කා අලුතින් කෙනෙක් ඇවිත් ඉන්නවා…ඔහු නමින් සුපුන් අමරතුංග…පෙනුමත් සිත් ඇදගන්නා සුළුව තිබුනා…රංජනි සිටි එරියා එක බැලුවෙ සුපුන්…දවස් ගත වෙද්දි රංජනිට තේරුනා සුපුන් තමන් දිහා උවමනාවටත් වඩා බලනවා කියලා…ටිකෙන් ටික රංජනිත් සුපුන් වෙත ඇදිලා ගියා…

“රංජනි..ටිකක් මගෙ ඔෆිස් එකට එනවද …?මට ටිකක් කතා කරන්න ඕන..”

දිනක් දහාවල් කෑම වෙලාවේදි සුපුන් ඇය අසලට ඇවිත් කියද්දි ඇය හෙමින් සිය හිස සෙලෙවුවා…ඉට පස්සෙ ඇය සුපුන්ගෙ ඔෆිස් එක තුලට ගියා…

“ආ..එන්න ,මම මේ බලන් හිටියෙ..වාඩි වෙන්නකෝ..”

සුපුන් රංජනිව එ විදිහට පිලි ගත්තා…විනාඩියෙන් විනාඩිය ගෙවිලා යනකොට රංජනි සහා සුපුන් ගොඩක් කාල් ඉදන් දන්න යාළුවෝ දෙන්නෙක් වගෙ සමීප උනා…එදායින් පස්සෙ දෙන්නා අතර නිදහස තියෙන හැම වෙලාවකම කතා බහා සිද්ද උනා…දැන් දැන් රංජනිගෙ හිතට සුපුන් ගොඩ වෙලා අවසන්…දිනක්…

“රංජනි…මට ඔයාට කියන්න දෙයක් තියෙනවා…හැබැයි මම ගැන වරදවා හිතන්න නම් එපා ඕන්න…”

“අනේ නැ සර් ..කියන්න සර්…මොකක්ද…?”

“රංජනි ,මම ඔයාට ආදරය කරනවා…මේක කියන්න මම හිතුවෙ මුල් දවස් වලම …ඒ උනත් ඔයා මම ගැන වරදවා හිතයි කියලා මම නොකිවුවේ…”

ජිවිතෙ පලවෙනි ආදර යෝජනාව ඒ විදිහට ඇයට එනකොට ,ඇය හිටියෙ ලැජ්ජාවෙන්…මොකද ඇය මිට පෙරදි ඒ වගෙ අවස්ථාවකට මුහුණ දිලා තිබුනෙ නැති හින්දා….ඇයට සුපුන්ගෙ යෝජනාවට අකමැති වෙන්න හේතුවක් තිබුනෙ නැහැ…

“අනෙ සර්…මම ගොඩක් දුප්පත්…ඒ උනත් සර් සල්ලි තියෙන හොද කෙනෙක්…ඉතින් සර් මම කොහොමද සර්ගෙ ජිවිතේට එන්නෙ…”

“දරුවෝ මට සල්ලි වලින් වැඩක් නැහැ…මට ඕන අවන්ක ආදරය විතරයි…ඔයා කැමති නම් කියන්න…”

එදා ඇය සුපුන්ට කැමැත්ත දුන්නා…එදායින් පස්සෙ රංජනි මෙන්ම සුපුන්ද කාලය ගෙවුවෙ සතුටින්…නමුත් කුමාරි මේ ගැන රංජනිට අණතුරු ඇගෙවුවා…

“රංජනියෝ…මේක කොළඹ …අනික ගාර්මට් එකක් …ටිකක් හිතලා බලලා කරන දෙයක් කරහන්…පවු ,නැන්දයි මාමායි…උඹ ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නෙ…ඒ නිසා කරන දෙයක් පරිස්සමට කරපන්…”

“අනේ නැ බන් ,සුපුන් සර් හරි හොදයි…වෙන උන් වගෙ නෙමෙයි..මට සුපුන් සර්ව විශ්වසයි බන්…”

රංජනි දැක් වුවේ එවන් අදහසක්…එදායින් පස්සෙ කුමාරි ඇයට කිසිම දෙයක් කියන්න ගියෙ නැහැ…දවසින් දවස ගත වෙද්දි රංජනිගෙ හැසිරිමත් වෙනස් උනා…ඇය ගෙදරට කතා කරන එක අඩු උනා…කුමාරි එක්ක උනත් වැඩිය කතා කරන්න ගියෙ නැහැ…අදින ඇදුම් පවා වෙනස් උනා…ඒ සුපුන් ඇයට අළුත් ,අළුත් ඇදුම් අරන් දුන්න හින්දා…ඒ වගේම ඇය නිවාඩුවකට වත් ගෙදර ගියෙ නැහැ…ඒ දවස් බිකත් බෝඩිමට වෙලා ගත කලේ සුපුන්ව දකින්න ලැබෙන හින්දා…

මේ කාලය තුලදි සුපුන් ඇයව කිහිප වාරයක් එලියට එක්කගෙන ගිහින් තිබුනා…නිවාඩු සහිතව හිටපු එවන් දිනෙක සුපුන් ඇයට ගෙනාවේ අමුතුම යෝජනාවක්…

“කෙල්ල ,නිවාඩුනෙ…බෝඩිමෙන් හොයන්නෙත් නැහැනේ…අපි යමු මගෙ ගෙදර…ආ…සොරි සො⁣රි අපේ ගෙදර…ගිහින් හවසට එමු…”

“ම් ම් ම් හා යමු…හැබැයි මහත්තයො හවසට මාව ගෙනත් ඇරලවන්න ඕන ..හරිද…”

“අයියෝ ඕක මොකක්ද …?මම ගෙනත් ඇරලවන්නම්..දැන් නගින්න වාහනේට…තව පරක්කු වෙනවනේ…”

එදා ඒ දවස රංජනිගෙ ජිවිතය සෑහෙන්න වෙනස් කලා…කාන්තාවක් උපන්දා සිට රෑකගෙන ඉන්න පිරිසිදු කම ඇයට එදා නැති වෙලා ගියා..ඇය හැඩුවා…ඇද රෙද්ද මත සටහන් වෙලා තිබුන ඇගෙ පිරිසිදු කමේ සංකේතය දිහා බලාගෙන ඇය හැඩුවා…මුළු රෑයක් පුරාවට සුපුන් අතින් ඇය දුෂණය උනා…හැබැයි ඒ ඇගේම කැමැත්තෙන්…ගින්දර සහා පුළුන් එක ලග තියන්න බැහැ කියන කතාව සත්‍යය කරමින් මහා අනෝරා වැස්සෙ රංජනි තමන්ගෙ පිරිසිදු කම සුපුන්ට පුජා කලා…

“අනේ මහත්තයෝ…මාව අතරමන් කරන්න එපා…මට දැන් කිසිම කෙනෙක් නැහැ..අම්මා ,අප්පච්චි ගැන මම හෙවුවෙ නැහැ…මාව අතරමන් කරන්නෙ නෑ නේද…?”

“පිස්සුද රංජනි…මම ඔයාව බදිනවා …පොරොන්දු වෙනවා…”

මේ වෙද්දි කුමාරි රෑකියාවෙන් නතර වෙලා හිටියෙ…මාස ගානක් ගෙදර ආවේ නැති තමන්ගෙ දුවව හොයාගෙන ඒ අම්මයි තාත්තායි කොළඹ එන්නෙ කුමාරිත් එක්ක…එදා සිද්ද උන දෙයින් ඔවුන් දෙන්නා හැඩුවා…ඒ චාම් විදිහට ජිවත් වෙච්ච තමන්ගෙ දරුවා දැන් ඉන්න හැටි දැකලා…භාගෙට ඇග වැහෙන්න ඇදන් හිටපු ඇදුම් පාට කරන ලද කොණ්ඩය තම දියණියව හදුන ගන්න වත් බැරි තරම් වෙනස් කරලා තිබුනා…

“අනේ මයෙ දුවේ…ඇයි ගෙදර ආවේ නැත්තෙ…යමු මේ ජොබ් ඕන නැ ,අපි ගෙදරට වෙලා ඉමු…”

“මේ අම්මේ ,අප්පච්චි ,ඇයි මෙහෙ ආවේ මාව හොයාගෙන …ඔයාලට පිස්සුද …?මාවත් අර ගොඩේ ගම්මානෙ ඇතුලෙ හිර කරන්නද හදන්නෙ…කරුණාකරලා යන්න …ආයි මෙහෙ එන්න එපා…එච්චරයි..එතකොට කුමාරි ඇයි මේ දෙන්නම එක්කන් ආවේ…බලනවා ඇදන් ඉන්න ඇදුම් වල හැටි ,සුපුන් දැක්කොත් මොනවා හිතයිද..?චික් ,ආයි නම් එන්න එපා…මම යනවා…”

ඒ කතාවේ මොන තරම් ගින්දරක් තියෙන්න ඇතිද ,දසමාසයක් කුසෙ තියන් මේ ලෝකෙට බිහි කරපු තමන්ගෙම දරුවා එහෙම කියද්දි…ඒ අප්පච්චිට මොන තරම් දුකක් දැනෙන්න ඇතිද …?ඔවුන් ඇස් වල කදුළු පුරෝගෙන රංජනි යන දිහා බලන් හිටියා…

අවසානේදි දුවව හොයන් කොළඹ ආව ඔවුන්ට ආපහු යන්න උනේ හිත් වේදනාවෙන් සහා හිස් අතින් විතරයි…

මේ අතර තමා රංජනිට අරන්චි ලැබෙන්නෙ සුපුන් විවාහක කෙනෙක් කියලා…ඒ වගේම සුපුන්ට දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා කියලා…හරියටම එදාම රංජනි සිහි නැතිව වැටෙනවා…ඇයව පරික්ෂා කරපු ⁣⁣වෛද්‍යය වරුන් කියන්නෙ ඇය අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා…ඇය සතුටින් ගියෙ සුපුන්ව හම්බ වෙන්න..ඈත තියාම ඇය දැක්කා සුපුන්ගෙ ඔෆිස් කාමරය තුල දරු දෙන්නෙකුත් වඩාගෙන ගැහැණියක් ඉන්නවා කියලා…

“මම ඇතුලට එන්නද සර්…?”

එතන හිටපු ගැහැණියගෙ සහා සුපුන්ගෙ ඇස් ඇය දිහාට යොමුවෙද්දි ඇය දැක්කා සුපුන්ගෙ ඇගත් එක්ක වෙවුලන හැටි….

“ආ…එතකොට තමුන්ද රංජනි කියන්නෙ…”

ඒ හිටපු ගැහැණිය අහන්නෙ ඇගෙ නම ගහලා තිබුන ටැග් එක දැකලා…

“ඔවු..මම තමා රංජනි..මොකක්ද වෙන්න ඕන…”

“වෙන්න ඕනද ,උඹ පට්ට වේ@@ දරු දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්ම අල්ල ගන්න ලැජ්ජා නැද්ද..ආ…තොට නිකමට වත් හිතුනෙ නැද්ද මේ ඉන්නෙ තාත්තා කෙනෙක් කියලා..ඇ යකෝ… කියපන්…මම තෝව ඉතුරු කරන්නෙ නැහැ…”

එක දිගට තිත්ත වචන වලින් රංජනිට බැනගෙන බැනගෙන ගියපු එම කාන්තාව රංජනිට පහර දුන්නා…එතකොටම රංජනි ඇයට පහර දෙන්න ලෑස්ති වෙනකොටම කම්මුල හරහා වැදුන වේගවත් කම්මුල් පහරකින් රංජිගෙ ඇස් නිලාංකාර වෙද්දි ඇය දැකපු දෙයින් මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි උනා…

“චටාස්…පට්ට වේ@@ තෝ කොහොමද මගෙ වයිෆ්ට අත අත උස්සන්නෙ…ආ…පල යන් යන්න දැන්ම මෙතනින්…”

කම්මුල් පහරින් දැනුන වේදනාවටත් අන්ත⁣ වේදනාවක් ඒ වචන වලින් රංජනිට දැනුනා…

“ඇයි එහෙම කියන්නෙ…මහත්තයො..ඔයාගෙ දරුවෙක් ඉන්නවා මගෙ බඩේ…ඇයි ඔහොම මට සලකන්නෙ…”

“මේ වේ@@ තෝ ව⁣ටේ ගිහින් දරුවෝ හදා ගත්තට මම පලිද…ගිහින් නිදා ගත්ත එකාට කියපන් ඕක…දැන් මෙතනින් පලයන් යන්න…නැත්තම් මම දන්නවා කරන්න ඕන මොකක්ද කියලා…”

නමුත් ඇය හඩ හඩාම එතනම හිටියා…ඉලග මොහොතේදි සුපුන් සිකියුරිටි එකට කතා කරලා ඇයව එලියට ඇදලා දැම්මා…ඇය දිහා එතන වැඩ කරපු හැම කෙනෙක්ම බලන් හිටි⁣යා…නමුත් පහුගිය කාලේදි ඇගෙ හැසිරිම ගැන දැන ගෙන හිටපු කිසිම කෙනෙක් ඇයට අනුකම්පාවක් කලේ නැහැ…

අවසානේදි ඇයට රෑකියාවත් නැති උනා…මේක වෙන්න කලින් ඇය කුමාරි කියපු දේවල් ගැන,තමන්ගෙ අම්මා අප්පච්චි ගැන හිතුවානම් මේ දේ වෙයිද…නැහැ අවසානේ පණුවන් ගහලා පස් වෙලා යන ශරිරය පිනවන්න ගියපු ඇයට මේ වෙද්දි සියල්ල අහිමි වෙලා තිබුනා…

රෑකියාවක් කරන්න කොළඹට ආව රංජනි අවසානේදි දරු ගැඹකුත් එක්ක මේ ලෝකෙ අසරණ උනා…මොන අතකින් වත් ඇයට විසදුමක් ලැබුනෙ නම් නැහැ…අවසානේදි ඇය තීරණය කලා දරුවාව හදා ගන්නවා කියලා…ඒ වගේම ඇය ගමට යන බසයට ගොඩ වෙන්නෙ සියල්ල නැති කර ගත්ත කෙනෙක් විදිහටයි…

ගම්මානයට ඇය ආවේ අවුරුද්දකටත් කිට්ටු කාලයකට පස්සෙ…ගොඩක් දේ වෙනස් වෙලා තිබුනා…⁣බෑග් එකත් එල්ලගෙන පාර දිගෙ ගම මැදින් යන ඇය දිහා ගමේ මිනිස්සු බලන් හිටියෙ පුදුමයෙන්…ඒ ඇයි කියන්න ඇයටත් පුදුමයි…එතකොටම තමා කුමාරි හම්බ වෙන්නෙ…

“දෙයියනේ රංජනි…උඹ මෙහේ…”

රංජනි අඩ අඩාම කුමාරි අතින් සිද්ද වෙච්ච හැම දෙයක්ම කිවුවා…

“රංජනි නැන්දයි මාමායි ගොඩක් දුකින් හිටියෙ…මිට මාස හතරකට කලින් දෙන්නම අසනීප උනා…මම මට පුළුවන් විදිහට ඒ දෙන්නට සැලකුවා…ඒ උනත් සමාවෙයන් ඒ දෙන්නාව බේර ගන්න බැරි උනා…නැන්දයි ,මාමයි නැති උනා…”

“මොකක් දෙයියනෙ මගෙ අම්මයි ,අප්පච්චියි ඉහි ඉහි මට ,ඒ දෙන්නා එක්ක කතා කරන්නවත් බැරි උනා…ඉහි ඉහි …”

ඇය හැඩුවා …නමුත් සියල්ල සිද්ද වෙලා අවසන්…

“මැරෙන්න කලිනුත් ඒ දෙන්නා උඹව මතක් කලා රංජනි…පවු…”

“කුමාරි මාව එක්කන් යන්න සොහොන ලගට …මට ඒ දෙන්නව බලන්න ඕන…ඉහි ඉහි…”

කුමාරි විසින් රංජනිව දෙමාපියන් දෙන්නාගෙ සොහොන ලගට එකකන් ගියා..පැය දෙකක් විතර ඇය සොහොන් දෙකට හිස තියාගෙන හැඩුවා..තමන් කරපු පවු ඇයට එකින් එක මතක් වෙද්දි ඇය සිය හිතින්ම ලොකු තීරණයක් අර ගත්තා…කුමාරි බලන් ඉන්නකොටම ඇය ගියෙ ඇය ජිවත් වෙච්ච ගෙදරට…ගේ ඇතුලට ගිහින් දොර වහාගත්ත ඇය කාටත් හොරා බඩේ හිටිය දරුවා ගැන වත් නොහිතා අවසන් තීරණය ගෙන තිබුනා…ඒ සිය ජිවිතයෙන් සමුගෙන යන්න…

පාළු රාත්‍රිය තුල ඇය ගෙදර බාල්කය මත සිය ජිවිතය අවසන් කලෙ සිය දිවි හාණි කර ගනිමින්ය…

කතාව කියවලා ජිවිතයට ගන්න දෙයක් ඇති කියලා මට හිතෙනවා…තමන්ට හිමි නැති දේ පස්සෙ යන්න එපා…එහෙම උනෝතින් වෙන්නෙ රංජනිට වෙච්ච දේමයි…මොහොතක් හිතන්න ඒ දෙමාපියන් මොන තරම් දුක් වෙන්න ඇත්ද..?තමන්ගෙ දරුවා එයි කියලා කොච්චර බලාන ඉන්න ඇතිද …?කාමය කියන්නෙ ගින්දරක්…ඒ ගින්දරට දැන දැනම පනින්න එපා…එච්චරයි ඉල්ලන්නෙ ..ඔබට ජය…

අවසානයි…

– සුගත් නුවන් –
උපුටාගැනීමකි.

අද කතාව කොහොමද ?
+1
3
+1
13
+1
9
+1
0
+1
7
+1
3
+1
2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here