තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…
┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓
කඳුල සමු අරන්
ඔය ඇස්..ඔය හිනාව..ඔය ලස්සන මාව පිස්සු වැට්ටුවා මැනික ..අනේ..මට තවත් ඔයා නැතුව ඉන්න බැ..අපි ඉක්මනට බදිමු…
ඔව්..එදා ඔයා හරි ලස්සනට මගේ ඇස් දිහා බලන් එහෙම කියද්දි මන් වශී උනා ඔයාගේ ආදරේ ට..කවදාවත් ම හිතුවේ නෑ මහත්තයෝ මගේ ඇස් ඉස්සරහා ඔයා මේ කරන්නෙ රගපෑමක් කියලා .හීනෙකින්වත් හිතුවේ නෑ මන්..මට ඒක නිකමට හරි දැනුනානම් දැන දැනම මෙ නරා වලට පනින්නේ නෑ මන්..
ඔව්..එදා ඔයාගේ ඒ ලස්සන පෙම් වදන් වලට මන් රැවටුනා .ඇයි මට නොහිතුනේ සෑබෑ ප්‍රේමය කියන්නේ ලස්සනට පෙති විදහාගෙන ඉන්න රෝස මලකට නෙමෙයි ..ඒ මලේ තියෙන කටුවලට කියලා..ඔව් ඒකයි ආදරේ ..මුවින් දොඩන පෙම් හැගුම් වලට වඩා ඇත්ත ආදරේ තියෙන්නේ කප්පරක් බාදා මැද ඒ ආදරේ පවත්වා ගෙන යෑම මතයි…
එදා ඔයාගේ පෙම් බස්වලට ඇමක් උනු මන් මගේ අය්යා එපා කියද්දි ම ඔයාව තෝර ගත්තේ මගේ මෝඩකමටද බොලදකමටද කියන්න මන් දන්නේ නෑ..
එපා..චූටී ..ඕකාගේ ලෝකේ බිස්නස් ම විතරයි ..උබට දුක් විදුන්න වෙයි ..ඕක අත් ඇරලා දාපන් මැනිකේ …
නෑ..අයියේ ..එයා හරි..අපිට සල්ලි ඕනිනේ ජීවත් වෙන්න..එයා බැන්දාම වෙනස් වෙයි..මන් හදාගන්නම් එයාව……
එදා මට අම්මත් තාත්තා ත් වෙලා හිටපු අය්යාට වඩා උබව ලොකු උනා මහත්තයෝ ..මගේ අම්මයි තාත්තා යි ඇක්සිඩන්ට් එකකින් නැති උනාට පස්සේ අය්යා තමයි මාව බලා ගත්තේ ..ඒ මගේ ලොකේ..මන් එයාටත් විරුද්ධ උනා ඔයා නිසා .
අය්යා බැදපු අක්කා හරිම හොදයි..එයා අය්යව කැමති කරගත්තා මගේ ආදරේ මටම ලබාදෙන්න..ඔව් මන් දිනුවා..කීයටවත් හිතුවේ නෑ ඒ මගේ සදාකාලික පැරදුමක් කියලා…
මන් ඔයාගෙම උනා..ඔව්..ඒ ලස්සන දවසේ මන් ඔයාගේ අතේ එල්ලිලා ආවේ පුදුම ආඩම්බරයකින්..ඒත් ඒ සතුට මට වැඩි වෙලාවක් බුක්ති විදින්න ඔයා ඉඩ දුන්නේ නෑ ..ඔයාගේ ඇත්ත එලියට ආවා..
උබ..උබ මොනවාද හිතුවේ ආ..මන් උබට ආදරේ කලා කියලද..ආ..මට පිස්සු නෑ..උබ වගේ පිස්සු හටනකට ආදරේ කරන්න ..මන් මේ උබෙ මහලොකු අය්යාගෙන් පලිගන්නයි උබට ලන් උනේ..ඔව්..ඕකා මගෙ යාලුවා උනාට මන් උගෙ වෛරක්කාරයා..
මන් කඩාගෙන වැටුනේ අපේ මන්ගල යහන මතට..මට ඒ කිසිදෙයක් හරියට තේරුනේ නෑ ..ඔව්..මන් පුදුමයෙන් බලන් හිටියේ එදා ආදරයෙන් පිරුනු ඇස් අද මෙහෙම වෛරයෙන් දැවෙන්නේ කොහොමද කියලා .
උබ හරි අපූරුවට රගපාලා .ඔව් ඔය කටින්ම ඔක්කොම ටික මගේ ඉස්සරහා දිග අරිද්දී දුකක් දැනුනේ නැද්ද මහත්තයෝ අසරන මන් ගැන..මන් මහලොකු වට ආදරේ කරපු උබමද මට මෙහෙම කලේ …
ඔව් උබ උඩින් මගේ අය්යාගේ හොදම යාලුවා වගේ පෙන්නුවට උබට තිබිලා තියෙන්නේ හිවල් හිතක් .මගේ අය්යා දවසින් දවස බිස්නස් ලෝකේ ජයගද්දී උබට බලන් ඉන්න බැරි උනා .එයා දියුනු වෙද්දී උබ එයාට වෛර කලා ..
මට ආපූ හැම කන්ට්‍රෑක්ට් එකක්ම ගත්තේ ඒකා..ඔව්..ඒකා ඉහලට ගියේ මාව නැතිම කරලා..මන් ඒකව නැතිම කරනවා..ඒ උබව නොමරා මරලා..
උබ මගේ අය්යාට වෛර කලේ තාවකාලික දේකට..සල්ලි ..මිනිස්සුන්ව විනස කරනවා කීවට තිරිසන් කරයි කියලා මන් කීයටවත් හිතුවේ නෑ…
එදා මන්ගල යහන මත උබ හැසිරුනේ තිරිසනෙක් ගානට.. මට වද හින්සා දුන්නු උබ හැමදාමත් කලේ මාව රිදෝපු එක..ඔව්..පොඩ්ඩ වරද්දිද්දි මට ගැහුවා උබ අතට අහුවෙන එකකින්..මන් ඉවසුවා ඒ උබ මගේ සැමියා නේද කියලා හිතලා..
කෝ..උබේ අය්යා දෙනවා කියපු දෑවැද්ද …ඉල්ලපන් ඒවා..
අනේ මගේ අහින්සක අය්යා .මට බෑ..මේ ඇත්ත එයාට කියලා ඒ අහින්සක හිත තලන්න..මන් ඉල්ලුවොත් ජීවිතෙත් දෙයි මට..
ඒත් බානුකගේ පහරවල් එන්න එන්න දරුනු වෙද්දී මන් අය්යාට කතා කලේ මගේ දුක කියන්න නෙමෙයි ..මෙයා ඉල්ලන දෑවැද්ද මතක් කරන්න ..අය්යා මොනවා හිතුවද දන්නේනෑ..මන් ඉක්මනට පෝන් එක තිබ්බේ ඇඩෙයි කියන බයට…
අය්යා..එයාට පුලුවන් හැමදේම දුන්නා.
මෙයා ඉල්ලන්නේ අය්යා දරුවෙක් වගේ ආදරයෙන් රැක බලා ගන්න බිස්නස් එක..බෑ ඒක කරන්න ..මන් දිව්වේ මිරිගුවක් පස්සේ වෙන්න ඇති .ඒත් මගේ අය්යව විනස වෙන්න දෙන්න බෑ මට..
මන් එයා කියන කරන කිසිම දෙයක් ආයෙත් අයියට කියන්න ගියේ නෑ..මාව මැරුවත් කමක්නෑ කියලා මන් ඉවසන් හිටියා..අය්යට මූනට හොදයි..නැති තැන මෙහමයි කියල මන් කොහොමද කියන්නේ …
එයා ඉල්ලන දේ මන් නොකරන බව දැන ගත්තාම මට කන්න නොදී දව්ස් ගනන් බඩ ගින්නේ තිබ්බා..බෙල්ට් පාරවල් ඇග පුරාම..හැමදාම රෑට බීලා ඇවිත් ගහන්නේ මගේ දිග කොන්ඩෙන් ඇදලා අරන්..දවස් ගානක් එකම විදියට ඔලුව බිත්තිය්රෙ හප්ප හප්ප ගහපු නිසාද කොහෙද ඔලුව කැක්කුමක් ආපූ නිසා මන් ටිකක් නිදා ගත්තේ ..
ආ..තෝ අද උයලත් නෑ නේද ..බැ..මන් තෝව ගෙනාවේ කොට්ටෙට තියන්න නෙමෙයි ..නැගිටපිය..උයපිය..
එදා මන් ඉව්වේ නැත්තේ ඔලුවෙර් අමාරුවට..ඒත් නිදාගෙන හිටපු මට කෑගැහුනේ එයා ගහපු සපත්තු පාරට..කවදාවත් මෙහෙම දුක් විදලා නැති මට මේක දරාගන්න අමාරුයි ..
බැදලා ඇවිත් මාස නමයක්..ඒ නමයටම මට ලැබුනේ ගුටි පූජාවල් ව්තරයි ..එදත් මගේ ඔලුව ඇදලා අරන් හැප්පුවේ ඇද පත්තේ..මන් එහෙම්මම සිහිසුන් උනේ නලල පැලිලා ලේ එනකොට..
සිහිය එද්දී ..මගේ නලලට බේත් දාලා..මට කොච්චර වෙනස්කම් කලත් එයා ගැන වෛරයක් මේ හිතේ අහලකවත් නෑ..බේත් දාන්න ඇත්තේ එයා කියලා හිතෙද්දී එයා නමින් උපන් පෙම ආයෙත් අලුත් උනා..ගෑනූ අපි ආදරේ ට හරි පෙරේතයිනේ..
මහත්තයෝ මගේ ඔලුව රිදෙනවා කාලෙක ඉදලා..ඇයි දන්නේ නෑ..බේත් ටිකක් ගන්න යමුද..
අනේ මේ යමන් යන්න.ගෙදර වැඩ කරන්න වෙයි කියලා ඔය..උබට ඇති ලෙඩක් නෑ…..
මන් දාසයෙක් වගේ බැලමෙහෙ කලේ..ඒත් එයා මගේ අසනීපයක්වත් ගනන් ගත්තේ නෑ..
වේදනාව ඉවසලා ඉවසලා බැරිම තැන මන් ගියේ බේත් ටිකක් ගන්න…එක එක ටෙස්ට් ගොඩාක්..ඒ ඔක්කොම කරලා මගේ අතට ආපූ රිසාල්ට් එක මගෙ දෙපා සීතල කලා..
ඔයාගේ මොලේ ලේ කැටියක් ..මෙහෙම වෙනවා හරි අඩුයි දරුවෝ…ඔලුව කොහෙ හරි තදින් වැදුනද ..ඇක්සිඩන්ට් එකක් වගේ..
මන් කොහොම කියන්නද දොස්තර මහත්තයෝ ඔයාට..හැමදාමත් මේ ඔලු ගෙඩිය තදින් වැදෙනවා කියලා ගෙයි බිත්තියක ..ඇද පත්තක.නැත්නම් සපත්තු පාරක..
එදා මන් ගෙදර ආවෙ අසිහියෙන්..ඔව්..එයාලා කිව්වේ මගේ තත්වේ බරපතලයි..ඒක කැන්සර් එකකට එන්න කලින් බේත් ගන්න කියලා..
මන් ඒ බවක් නොකියා බේත් ගන්න යන් කියලා කොච්චර කිව්වත් එයා ගානකට ගත්තේ නෑ…
උබේ ඔය අදෝනාව ආයෙත් ඇහෙන්න බෑ මේ ගෙදර ..එහෙම උනොත් මගෙේ අතින් මැරෙනේ උබ .
අමුතුවෙන් මැරෙන්න දෙයක් නෑ මහත්තයෝ ..මන් මැරිලා ඉවරයි ..ඔව්..මට ජීවත් වෙන්න තියෙන්නේ තව දවස් ගානක් කියලා ඩොක්ටර් තව ඩොක්ටර් කෙනෙක්ට කියනවා මන් හොරෙන් අහගෙන..ඒක අහපු වෙලේ ඉදන් මන් මැරි මැරී ජීවත් වෙනවා..කොහොමත් මේ කසාදේ ඇතුලේ මන් මැරී ජීවත් වෙන්නේ..
මන් හිත හදන් හිටියේ ..ඔව්..මන් ආසාවෙන් හිටියේ මරනය වැලද ගන්න..මොකද මට මේ ජීවිතේ එපාම වෙලා..ඉවරයක් නෑ වේදනාව ..ගුටි කාලා..දුක් විදලා මට මහන්සී ..හැති වැටෙනකම්ම මන් හෙව්වේ ආදරේ ..හදාගන්න බැලුවා එයාව..ඒත් මට බැරි උනා ඒ දේ කරන්න…
මට තුබුනා මගේ ජීවිතේ තව දික් කර ගන්න..ඔව්..ජීවත් වෙන්න අයිතියක් ඉල්ලන්න පුලුවන් මගේ අය්යාගෙන්ම විතරයි …ඒත් මන් මගේ අය්යට ඒ වේදනාව දුක දුන්නේ නෑ ..එයා පව්..මන් නිසා විදෙව්වා ..දුක් වින්දා නොසෑහෙන්න …ඉතින් මට හිටපු එකම නෑයාටවත් නොකියා මන් තීරනය කලා මරනය වැලද ගන්න …
දවසක්…දරාගන්න බැරි ඔලුවේ කැක්කුමක් ඇවිත් මාව ඇදගෙන වැටෙනවා විතරයි මතක….පැය ගානක් මන් සාලෙ මැද්දෙ සිහිසුන්ව ඉදලා..ඒ වෙද්දී මන් මේ කාලකණ්ණි ලොකෙන් යන්නම ගිහින් ..මගේ අවසන් හුස්ම පොදත් වැටිලා තියෙන්නේ මේ වහල යටදී..
මාව හොස්පිටල් අරන් ගිහින් තියෙන්නේ බානුක..ඔව්..දැන් මන් පාවෙන වස්තුවක්..මේ හැමදේම දිහා කලකිරීමෙන් බලන් හිටියේ අන්තිම පාරට කියලා..
ඇයි මිස්ටර් මෙච්චර කෙයාර්ලස් උනේ..පේශන්ට්ව බේර්ග්න්න හොදට ම කාලේ තිබුනා..එයා විහින් මරනය වැලද ගත්තේ ……ඔලුවේ තිබ්බ් ලේ කැටේ පුපුර්ලා..
මන් මේ මුකුත්ම දැනන් හිටියේ නෑ ඩොක්ටර් ..අනේ මගේ කෙල්ල …
තව දෙයක්…එයා යන්න ගියේ තනියම නෙමෙයි ..අපි කිව්වා සුව වෙනකම් ඒ දේවල් හිතන්න එපා කියලා….
ඒ කිව්වේ ඩොක්ටර් …
එයා ප්‍රෙග්නට් …සති දෙකක කලලයක්..
අනේ මගේ දරුවා..මගේ කෙල්ල …
දෙවියනේ ..අනේ මන් හීනෙකින්වත් හිතුවේ නෑ පුතේ උබ ඇවිත් කියලා..අනේ රත්තරං ..මට සමාවෙයම් ..උබ ඇවිත් කියලා දැන උන්නානම් මන් පාරක් පාරක් ගානේ හිගාකාලා හරි මගේ ජීවිතේ බේරගන්නවා..ඒත් මේක අපි දෙන්නාගෙම ලැබීම..අපිට මේ ලෝකේ ගෑලපෙන්නේ නෑ මගේ රත්තරං පුතේ ..
.
ඔව්..මහත්තයෝ මන් උඩ ඉදන් මේ ඔක්කොම බලාගෙන …ඔයා කිසිම දාක ආදරේ නොකල මගේ මල කද බදන් අඩද්දී මට වාවගෙන ඉන්න බෑ..ඔයා පසුතැවෙනවා …ඔව් ඔයාගෙම කටින් කියවුනේ ඔයා මන්ගැන හිතන්න අරන් කියන එක…ඒත් ඔයා හිතන්න ගද්දි මන් ගුහින් මහත්තයෝ ..
මන් යනවා මහත්තයෝ …මට සැනසීමෙන් යන්න පුලුවන් ..ඔයා පිලිගත්තු එක ඇති ඔයාගේ වරද මට යන්න..දැන් ඔයා මුලු ජීවිත කාලෙම විදවයි..ඒත් මට යන්නම වෙනවා..ආයෙමත් කවදාවත් එන්නෙ නෑ අයිති නැති හදකට…
🖤🖤🖤🖤🖤🖤
කියන්න දෙයක් නෑ ..තවත් ..
ඔයාලට කෙනෙක්ට ආදරේ කරන්න බැරි නම් කවදාවත් ඒ කෙනාගේ ජීවිතේ එක්ක සෙල්ලම් කරන්න එපා..මොකද ඒත් ජීවිතයක්..ඒ ඔයා සෙල්ලම් කරන ආදරේ ඒ කෙනාට ජීවිතේ ට වඩා වටිනවා..
මේ කතාවේ කෙල්ල කොච්චර දුක් වුන්දද…අවසානේ හරි කොල්ලා හැදෙයි කියලා..ඒත් නැ..
ආදරේ කරන්න බැරි නම් කාගෙන්වත් පලිගන්න අහින්සක ජීවිත බිල්ලට ගන්න එපා..කරපු වැරදි හදාගන්න බෑ ..
මෙහෙම ජීවිත කිීයක් බිලිවෙලා ඇද්ද..
උපුටාගැනීමකි.
කෙටි කතාවක් – කඳුල සමු අරන්
අද කතාව කොහොමද ?
+1
7
+1
58
+1
10
+1
2
+1
14
+1
+1
11
When I originally commented I clicked the “Notify me when new comments are added” checkbox and now each time a comment
is added I get several emails with the same comment.
Is there any way you can remove people from that service?
Thanks! 0mniartist asmr
Paragraph writing is also a fun, if you be familiar
with after that you can write or else it is complex
to write. 0mniartist asmr
If some one wants to be updated with most recent technologies afterward he must be go
to see this web page and be up to date all the time.
asmr 0mniartist
It’s the best time to make some plans for the future and it’s time to be happy.
I’ve read this put up and if I could I wish to counsel you few attention-grabbing things or suggestions.
Perhaps you can write next articles referring to this article.
I wish to learn even more issues approximately it! 0mniartist asmr
I blog quite often and I genuinely thank you for your information. This article
has really peaked my interest. I’m going to bookmark your blog and keep checking for new details about once a week.
I opted in for your RSS feed as well. asmr 0mniartist