මගේ දෙවනි මනමාලයා ඔහුයි – 26 කොටස

34
3281

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

26 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

” උඹ මොනාද හිතාගෙන හිටියේ.. කුමාරිකාවක් කියලද.. ආ මන් උඹට මුලින්ම ආදරේ කලේ ඇත්තටමයි.. ඒත් උඹේ ලොකු කම නිසා මන් උඹට තවත් කැමතී වුනා.. ඒත් උඹ මොකක් ද කලේ.. ආ.. මාව පාගලා දැම්මා.. දැන් ඉතින් මට කරපූ ඒවට විදවපන්.. උඹ මගේ ගෑනි යකෝ.. දැන් කාටවත් බෑ උඹව මගෙන් ඈත් කරන්න.. “

ඩිශාන් එහෙම කියලා යුමීගේ තොල් වලට බර වෙන්න හදනකොටම… යුමී ඩිශාන්ව තල්ලූ කලේ අත් දෙකෙන් පුලුවන් උපරිම වේගෙන්..

කෙල්ල එහෙම්ම එතන තිබ්බ හිස් වොට්කා බෝතලේ කඩලා ගත්තේ ඩිශාන්ගේ පැත්‍තට දික් කරමින්..

ගැහැනියකට හැකී තමන්ගේ ආත්මගරුත්වය වෙනුවෙන් සටන් කරන්න.. මේ යුමී පතන පිරිමියා නෙවේ.. යුමී තවමත් මේ සටන අතහරින්න ලෑස්තී නෑ..

යුමී කියලා කියන්නේ හොටු පෙරාගෙන අඬන ජාතියේ කෙල්ලෙක් නම් නෙවේ.. ඒ වගේම යුමී මේ මගුල වුනත් හිතා ගත්තේ කිසිම විදියකින් තමන්ගේ ඇඟට අත තියන්න ඩිශාන්ට ඉඩක් දෙන්නේ නෑ කියලා…

” තමුසේ එක අඩියක් ඉස්සරහට එන්න එපා.. ආවොත් මන් මේකෙන් තමුසෙට ඇනලා මරන එක මරනවා.. “

යුමී හිටියේ යක්ශාවේස වෙලා..

කෙල්ල දිහා බලන්න පවා බය තරමට යුමීගේ ස්වරූපය වෙනස් වෙලයි තිබුනේ..

” තමුසේ… මගේ ගෑනී යකෝ.. මගේ අයිතිය යකෝ ඒ.. මන් උඹව මගේ කරගන්න එක නවත්තන්න බෑ.. “

” හ හ හ හ හා 😂😂😂😂😂 “

යුමී හිනා වුනේ වියරුවෙන් වගේ..

” මොකද සයුමී තමුසේ ඔහොම හිනා වෙන්නේ.. “

එහෙම කියලා ඩිශාන් ඉස්සරහට ඇවිල්ලා යුමී අතේ තියන වොඩ්කා බොතලේ කෑල්ල ඇදලා ගත්තේ යුමීගේ අත කැපිලා ලේ ගලද්දී…

එහෙම්ම කෙල්ලගේ කම්මුලට ඩිශාන් ගහපූ පාරට යුමී ව වැටිලා එතන තියන ස්ටූල් එකේ කොනේ ඔලුව වැදිලා ලේ එන්න ගත්තේ යුමීගේ හිසෙන් ආව වේදනාව වැඩී කරමින්…

කෙල්ලව එහෙම්ම ඇදලා ගත්‍ත ඩිශාන් එහෙම්ම ඇඳට තල්ලූ කලේ කිසිම හිතක් පපුවක් නැති ගානට..

යුමීගේ හිතේ තිබ්බ කේන්තීය එක්ක වේදනාව මොහොතකට අමතක කරලා මේ නරුමයාගෙන් ගැලවෙන්න කෙල්ල එහෙම්ම ඩිශාන්ව තල්ලූ කලේ වෙරි මතින් ඉන්න ඩිශාන්ගේ ශක්තිය අඩපන කරමින් බිමට වැටිලා එතන තිබ්බ බිත්තියේ වේගෙන් ඔලුව වද්දමින්..

” තමුසේ මේක හොදට මතක තියාගන්නවා මම අනිත් ගෑනූ වගේ තමුසෙට ඔනේ විදියට නටවන්න පුලුවන් රූකඩයක් නෙවේ.. ගෑනියෙක්ට ගහලා පො&*#ක් වෙන්න එපා.. අනික කසාද ගෑනිට වුනත් මේ විදියට හිංසා කරන්න තමුසෙට බෑ.. මතක තියා ගන්නවා මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්.. ඊටත් මගේ රටේ කාන්තාවන්ට හිංසා කරනවනම් ඒ වෙනුවෙන් කතා කරන්න ඕන තරම් තැන් තියනවා.. අනික මං දැන් මෙහෙම්ම මානවහිමිකම් එකට ගියොත් තමුසෙට වෙන දේ හිතා ගන්නවත් බැරි වෙයි… මේ විදියට ගෑනියෙක් ට ගහන්න තමුසෙට බෑ.. නීතියෙන් නිදියන්න අවසර තිබ්බට තමුසෙට මට ගහන්න අවසර නෑ.. ඒ නිසා තමුසේගේ තාත්තගේ මහ ලොකූ නම්බුව තියාගෙන පාඩුවේ මේ රුම් එකට වෙලා ඉන්නව.. මන් යනවා වෙන රූම් එකකට.. මට තමුන්ගේ මූනවත් බලන්න අප්පිරියයි.. ශිට්.. සක්කීලි බල්ලෙක් තමුසේ… “

කොයි තරම් දේශපාලන බලයක් තිබ්බත් ඩිශාන් කට වහගෙන හිටියේ තමන්ගේ තාත්තා ගේ නමට තමන් නිසා හානියක් නොවෙන්න.. ඒ වගේම මේ වගේ දේකදී ගෑනියෙක්ට ඉමෝශනලි කරන්න පුලුවන් දේවල් ප්‍රමාණය වැඩී කියලා ඩිශාන් දැනගෙන හිටියා.. ඒ නිසාත් ඩිශාන් හොදටම බීලා වෙරි වෙලා නිසාත් කට වහගෙන යුමිට යන්න දුන්නේ මේ වෙලාවේ යුමී එක්ක වාද කරලා තේරුමක් නැතී නිසා.. තමන්ගේ අතේ වැරැද්දක් තියෙන නිසා…

” උඹ ඔහොම පලයන්කො.. යන්නේ මගේ ගෙදරටනේ.. මෙතන මෙහෙම නැටුවට මන් ගෙදර ගියාම උඹව අල්ල ගන්නම්.. නොමරා මරනවා මන් උඹව.. මේ කරපූ දේට.. බලන් හිටපන් සයුමී… “

ඩිශාන් එහෙම හිතන ගමන් ඇඳට වැටුනේ දැනුන දැඩි නිදි මත නිසා…

සයුමී දොර ඇරගෙන එලියට ගිහින් රිසෙප්ශන් එකෙන් වෙන රූම් එකක් ඉල්ලූවේ අතේ ගලන ලේ වලට ටිශූ එකක් තද කරගනිමින්..

” මට රූම් එකක් ඕනේ.. “

සයුමී කිව්වේ ස්ථීර හඬින්.. ඒත් රිසෙප්ශන් එකේ කෙල්ල බලන් හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන පුදුමෙන්..

මොකද පාලිත විජේසිංහ කියන කෙනාව නොදන්න කෙනෙක් නෑ වගේම… ඩිශාන් මහ ඇමතිගේ පුතා කියන එකත් ගොඩක් දෙනා දන්න දෙයක්.. අද ඩිශාන්ගේ වෙඩින් එක ගැන වුනත් හුඟ දෙනෙක් අතර කතාවට ලක් වුනා… ඒ නිසයි රිසෙප්ශන් එකේ කෙල්ල පුදුමෙන් බලන් හිටියේ.. ඒ වගේ කොල්ලෙක් එක්ක එකට රූම් එකේවත් ඉන්නේ නැතුව මොකද යුමී මේ වෙන රූම් එකක් ඉල්ලන්නේ කියලා. .

අනික විවාහ වුන නව යුවලකගේ මේ දවස කියන්නේ විශේෂ දවසක් නිසාත්.. ඒත් මේ කවුරුත් මේ විවාහය වුන විදිය නොදන්න නිසා එහෙම පුදුම වෙන එක සාදාරනයි…

” හලෝ මන් දිහා කන්න වගේ බලාගෙන ඉන්නේ නැතුව රූම් එකක් දෙනවා…. වට් ද හෙල් ආ යූ ඩුයිං… “

” සෝ සොරී මෑම් …

රිසෙප්ශන් එකේ කෙල්ල කිව්වේ ගොත ගහමින්..

කී එක උදුරලා ගත්‍ත කෙල්ල ගියේ රූම් එකට… ඒ යන අතර මග කෙල්ල දැක්කේ කෙල්ලෙක්ට වාරු වෙලා වෙරී මතේ එන කේෂ් ව..

” මේ මනුස්සයාව නම් හදන්න බෑ.. ශිට්.. මේ පිරිමී ඔක්කොම එකයි.. “

යුමී හිතුවට කියන්න ගියේ නෑ..

~~~~~~~~~

යුමීලා ගිය වෙලේ ඉඳන් කේෂ් හිටියේ පුදුම තරමක වේදනාවෙන්..

අත කැපිලා හිටිය කොල්ලා එහෙම්ම හිටියේ අතේ වේදනාවවත් ගනන් නොගෙන..

එතකොටම එතනට ආවේ මනුජ..

” කේෂ් යකෝ අතින් ලේ එනවා.. “

එහෙම කියලා මනුජ කොල්ලා අතේ තිබ්බ ලේන්සුවෙන් කේෂ් ගේ අත ගැට ගැහුව්වේ ලේ එන වේගය අඩු කරන්න..

” මොකක් ද යකෝ මේ කරන්නේ.. ඇයි උඹ මෙහෙම හැසිරෙන්නේ.. “

” හැසිරෙන්නේ ද.. හැසිරෙන්නේ උඹේ නෑනට මන් පනට වඩා ආදරේ කරපූ නිසා.. ඒකිත් මට ආදරෙයි වගේ පෙන්නපූ නිසා.. අද ඒකී වෙන එකෙක් එක්ක ගියාම මෙන්න මෙතන මහ ගොඩක් රිදෙන නිසා බන්.. “

කේෂ් එහෙම කිව්වේ පපුව පෙන්නමින්. .

” අනේ මන්දා කේෂ්.. තෝ ඕක හිතේ තියන් ඉඳලා හරියනවද.. මටවත් කිව්වද උඹ නෑනේ.. අනික උඹ දන්නවා ද නෑනා එහෙම කලේ ඇයි කියලා.. “

” නවත්තගනින් මනුවා.. මට හේතු ඕනේ නෑ… මන් යනවා.. “

වෙරි මතින්ම කේෂ් නැගිටලා ගියේ විසික් වෙවී..

මනුජ කේෂ් පස්සෙන් නොගියේ කේෂ්ට දැන් මොනවා කිව්වත් වටහාගන්න පුලුවන් මානසික මට්ටමක කේෂ් නැතී නිසා…

කේෂ් එහෙම්ම ගියේ සුපුරුදු ක්ලබ් එකට.. එතනින් කෙල්ලෙක් එක්ක ටාජ් එකට ආවේ සුපුරුදු සෙල්ලක්කාර ගතී මතු කරගනිමින්..

~~~~~~~~~~

යුමී එහෙම හිත හිත කේෂ් ව පාස් කරගෙන යන්න යනකොට වෙරි මතින් හිටියට කේෂ්ට යුමීව අඳුර ගන්න මහ වෙලාවක් ගියේ නෑ..

මොකද කේෂ්ගේ හිත අල්ල ගත්ත දෙයක් කිසිම වෙලාවක හිතින් අමතක වෙන්නෙ නෑ..

කේෂ් දැක්කේ යුමී ගේ නලලින් ලේ එන එක එකවරම..

කාමරේට යන්න ගිය කෙල්ලව අතින් ඇදලා නවත්‍තන්නේ කේෂ්..

කෙල්ලව ඇදලා ගත්‍ත පාර කැරකිලා ගිහින් නවතින්නේ කේෂ් ගේ පපුවේ..

කෙල්ල හිටියේ වුන දේ හිතා ගන්න බැරුව.. කේෂ් කලේ වැරදී දෙයක් කියලා කේෂ්ටම තේරුන නිසා කේෂ් එක වර විදුලියක් වැදුනා වගේ කෙල්ලගෙන් ඈත් වෙලා අත තිබ්බේ යුමීගේ නලලින්..

” මේ මොකද මේ ලේ ගලන්නේ යුමී.. කියනවා.. අරූ මොනවද කලේ ආ.. කියනවා මට දැන්වත්.. මොනවද මේ වෙන්නේ.. මේ තමුසෙගේ අතින් ලේ එනවා මේ බලනවා..”

එහෙම කියලා කොල්ලා සාක්කුවෙන් ලේන්සුව අරගෙන අත ගැට ගැහුව්වේ ඉක්මනින්…

එතකොට තමයි යුමී දැක්කේ කේෂ්ගේ අතේ තියන වෙලුම් පටිය..

” කියනවා මොකක් ද වුනේ.. “

යුමී උත්තර දෙන්න යනකොටම එතනට ආවේ ඩිශාන්.. යුමීට හම්බුනේ ඩිශාන්ගේ රූම් එකටම අල්ලපූ රූම් එක.. ඩිශාන් නිදාගන්න ඇස් වහගත්තත් බඩගින්නක් දැනුන නිසා එලියට ආවේ පල්ලෙහාට යන්න හිතාගෙන.. ඒ එනකොට තමයි දකින්නේ කේෂ් වත් යුමීවත්..

” ආ ඩාලිං මන් මේ බලන්න ආවේ මොකද පරක්කූ කියල.. අනේ මැනික මේ මොකද මේ වුනේ.. වැටුනද මගේ පැටියව.. “

එහෙම කියලා ඩිශාන් යුමීගේ කර වටින් අත දාලා තුරුල් කරගත්තේ බොරු ආදරයකින්..

” අනේ නිකේෂයා.. මන් දැක්කේ දැන් උඹව.. මෙයාව දැක්කම මන් කලබල වුනා.. උඹ මෙහෙ.. ආ හරි හරි එන්ජෝයි කරපන්.. “

එහෙම කිව්වේ කේෂ් ගේ එහා පැත්තේ බාගෙට ඇඳුමක් ඇඳගෙන ඉන්න කෙල්ල දිහා බලන ගමන් ඇහැක් ගහමින්..

” ඕකේ එල.. “

කේෂ් එහෙම කිව්වේ යුමීව දවා අලු කරන තරමේ බැල්මකින් බලන ගමන්.. අර කෙල්ලගේ කරට අත දාගෙන එතන එහා පැත්තේ රූම් එකට ඇතුලු වෙමින්..

කේෂ් ගියා විතරයි යුමී ඩිශාන් ලගින් අයින් වුනේ මහ අපුලකින්..

” තමුසෙට මම.. “

යුමී එහෙම කියලා නවත්තලා එතනින් ගියේ කේන්තියෙන්..

ඩිශාන් හිතින් සතුටු වෙමින් පල්ලෙහාට බැස්සේ වෙනමම ප්ලෑන් එකක් හිතින් නිර්මාණය කරගනිමින්..

~~~~~~~~~

යුමී කාමරේට ඇවිල්ලා දොර වහගත්තේ හිතේ වගේම තුවාල වල දැඩි වේදනාව එක්ක..

එහෙම්මම කෙල්ල කේෂ්ට කෝල් කලේ වෙච්ච හැම දේම කේෂ්ට කියනවා කියලා හිතාගෙන..

” හෙලෝ “

ඒ හඬට කෙල්ලගේ හිත ගැහෙන්න ගත්තෙ අසාමාන්‍ය වේගයකින්..

” හෙලෝ අයියේ.. “

” ආ තමුසේ මොකටද මට ගත්තේ .. අරූට අයිතී කියලා ආයේ ආයේ පෙන්නද.. යකෝ තොපි සල්ලී වලට නැවුනට මේ කේෂ් එහෙම නෑ.. තියපන් ෆෝන් එක ආයේ මට ගත්තේ නැතී වුනාට කමක් නෑ.. මට තමුසෙගේ මූනවත් බලන්න ආස නෑ.. “

කේෂ් සුපුරුදු තරහින් ෆොන් එක කට් කලේ යුමීට වචනයක්වත් කියන්න නොදී..

කේෂ් ෆෝන් එක කට් කලාට කට් නොවුන නිසා කෙල්ලට ඊට පස්සේ කේෂ් ගේ කතාවත් ඇහුනා..

” බබා කේන්තී ගන්න එපා.. අපි එන්ජොයි කරමූ. . මන් ඔයාව අද වෙනස් විදියකට සතුටු කරන්නම්.. “

ඒ වචන ටික ඇහුනම යුමීට දැනුනේ තමන් පණ පිටින් වැළලිලා හුස්ම හිර වෙනවා වගේ හැඟීමක්.. තමන් වෙන කෙනෙක්ගේ පතිනියක් කියන එක මොහොතකට අමතක වුනේ කේෂ් යුමීගේ හිතේ හැම අස්සක මුල්ලකම ඉන්න නිසා..

ඒත් එක්කම කේෂ් කිව්ව කතාව නිසා කෙල්ලට නැවත දැනුනේ වැලි කතරක ඉන්න මනුස්සයෙක්ට වතුර උගුරක් ලැබුනා වගේ ප්‍රබෝධයක්..

” පලයන් ගෑනියේ යන්න එහාට.. ආ ඉඳා ගනින් මේ උඹගේ ගාන.. 😏😏 උඹලා වගේ සල්ලී වලට විකිණෙන ගැණු එක්ක මන් නිදාගන්නේ නැ කියල තීරණේ කලේ මගේ කෙල්ලට ආදරේ කරන්න ගත්ත දවසේ.. එකී වෙන එකෙක් එක්ක ගියාට මන් ඒකීට තාම ආදරෙයි.. මට මගේ අහිංසකීව මතක් වෙනවා යකෝ ඒක මතක් වෙන නිසයි මන් බිව්වේ.. වෙරී මිනිහෙක් ව අරන් බුදිය ගන්න එක උඹලගේ ගතියනේ.. පලයන් මෙතනින් මේ සල්ලී අරන්.. උඹට යන්න බෑ වගේනම් අන්න සෝෆා එක නිදාගෙන හෙට උදේ පලයන්.. මට මගේ පාඩුවේ ඉන්න දීපන් … “

කේෂ් එහෙම කිව්වේ සුපුරුදු සිංහ ලීලාවෙන්..

යුමී ඒ වචන ටිකත් අහගෙන ෆෝන් එක කට් කලේ අමුතූ ප්‍රබෝධයකින්..

” වෙලාවකට මේ #ඩම්බෝගේ කේන්තියත් හොදයි.. ඒත් ඉතින් දෙයක් තේරුම් කරන්න තමා බැරී.. උරුලෑවා.. “

කෙල්ල එහෙම හිත හිත උදේ පාන්දර ඇන්ද ඇඳුම ගැලෙව්වේ සැලොන් එකේ මනුස්සයට බැන බැන..

එහෙම්ම ගිහින් නාගෙන ආවේ හිතෙ වගේම ගතේ තියන වේදනාව අඩු කරගනිමින්..

එතන තිබ්බ ෆර්ස්ට්ටේඩ් බොක්ස් එකෙන් අමාරුවෙන් අතට බෙහෙත් දාගෙන නළලටත් බෙහෙත් දාගෙන කෙල්ල කෝල් කලේ දවසටම හරියටම කෑමක් නොකාපූ නිසා කෑම ගෙන්න ගන්න හිතාගෙන..

” හෙලෝව් අයි වොන්ට් වන් චොප්සී විත් සී ෆුඩ් රයිස් ඇන්ඩ් චොකලට් මිල්ක්ශේක්.. “

කෙල්ල ඕඩර් එක දැම්මේ මොනවා නැතත් කාලා හොදට ෆිට් එකේ ඉන්න ඕනේ නිසා..

කෑම හම්බුනාට පස්සේ යුමී ඔක්කොම ටික කාල නිදාගත්තේ සැහැල්ලුවෙන්..

උදේ පාන්දරින් ඇහැරුනේ දොරට ගහන සද්දේ නිසා..

” මොකාද යකෝ මේ දොර කඩන්න හදන එකා”

යුමී එහෙම හිත හිත දොර අරිනකොටම දැක්කේ..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 මොනවද දැක්කේ ළමයි..

👉 කතාව හිතේ ඇඳිලා තියෙන්නේ ළමයි.. වෙනසක් කරන්නයි ඕනේ මට.. ඉවසීමෙන් බැලුවොත් මොකක්ද මන් කරන්න යන්නේ කියලා තේරෙයි.. ඒ නිසා ඉවසීමෙන් කතාව කියවන්න වස්තුලා.. ආදරෙයි ඉතින්..

👉 හිතපූ නැති තරම් කමෙන්ට් ගොඩක් ආවා 25 කොටසට ඒ හැමෝටම මන් රිප්ලයි එකක් දැම්මා වස්තුලා.. ඉතින් දිගටම ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා..

👉 පල්ලෙහා ලස්සනම නිසඳැස් කිහිපයක් තියනවා ඉතින් ඒවත් කියවන්න. .

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
හඩන්නට ඇවැසිමුත්
නොමැත ඉඩ හසර රිසිසේ..
හිතපුරා සිරවී සිටින සිතිවිලි සයුර
වෙර දරයි පිටාර ගලන්නට…
දෙනෙත් සිත් සිර කර ගත්තද
නොහැක උණු කදුළැලි
සිර කර තබන්නට නම්…
කාත් කවුරුවත් නොමැති ඉසව්වකට
යා හැකිනම් මට
නුඹට කිව හැක
සිත දවන දුක් ගින්න..
කදුලු ගග පිටාර යවා
නිවා දමන්න ලෙස
….මේ දුක් ගින්න….
❤️❤️❤️❤️යුමී❤️❤️❤️❤️
Janani Karunasena නංගා තැන්කිව් ..


හීනයක් දැක්කා නුබේ පතිනිය වෙන්න
ඒත් ඒක හීනයක්ම වුණා
පෙර කරපු පවකට අද
මට නුබව අහිමි වුණා
නිකන්ම නෙමේ නුබේම ඇස් ඉස්සරහ

යුමී👉💔

ප්‍රසාදී සඳමාලී ගෙන්.. තැන්කිව් මැනික..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
කේෂ්… 💜️💜️💜️

සිතුවෙ නෑ මං ඔහුගෙ වෙන්නට
නොසිතු දෙයකිනෙ වුණේ මෙලෙසට
මැවෙනවිට නුඹ ඇස් ඉදිරිපිට
බැහැනෙ මේ දුක දරාගන්නට…

ඕනෙ වුණෙ මට මවව රැකුමට
එපා වැරදිව වටහගන්නට
නොපිදුවත් මම සෙනෙහෙ නුඹ හට
සිතින් පෙම් කළෙ නුඹට සදහට…

අයිති වී අද මං වෙනකෙකුට
ගියත් වෙන් වී නුඹෙන් දුරකට
දන්නවද නුඹ සිතේ සදහට
ඉඩක් ඇත්තේ පමණි නුඹ හට…

යුමී… 💛💛💛

Dilakshani Chamodya ගෙන් තැන්කිව් නංගා..


පෙර දින පිදුව සෙනෙහස මහ සයුර තරම්..,😭😭😭
අද මම වැළපෙන්නේ දුක හදවතේ දරන්…..😭😭😭
දිවියට එලිය දෙන්නට සිටි කිරුළ දරන්…..😭😭😭
සොඳුරියෙ ඇයි ගියේ මගේ ඉරණමට හොරෙන්….😭😭😭

😭 😭 කේෂ් 😭😭

දේදුන්නයි ආදරේ ගෙන් තැන්කිව් නංගා..

~~~~~~~

යුමීගෙන් කේශට…..

සිහින මැවුවා ඔබ හා ඇවිදන් යන්නට මේ පාරේ…..
අද ඒ සිහිනය බොදව ගියා දෑස් මානේ……
කියාගන්න බැරි උනාට හිතේ ආදරේ…..
තාමත් ආදරෙයි නුබට මං…..
මේ බවේ නුබේ වෙන්න මදි උනාට පිං…..
එන හැම බවයක මා වෙන්නම් නුබේ…..
සමාවෙන්න කුමරුනේ මා හට….
නොදන්නවාට නුබ….
මේ සිත අඩනවා හැම රෑකම…

Randi danu ගෙන්ගෙන් තැන්කිව් නංගා..

~~~~~~~

මගේ සිත මටත් හොරා ඔබ දුර රට ගෙන ගියා
එය ඔබ ලග පරිස්සමට තිබෙනා බව මා දනිමි.
ඔබ මා හට පරිස්සමි කරන්නට දුන් ඔබේ හද ගැස්ම මා ලග එලෙසම තිබේ මා ඔබට කෙසේ පවසන්නද
නුබට මා ආදරෙයි කියා
~~~❤️යුමී❤️~~~

Darshi lakmali ගෙන් තැන්කිව් නංගා..

පායන ස‍ඳයි නුඹ මාගේ සිත් අහසේ…….හැඟුමන් ගෙනා කුමරිය ලොවටම රහසේ……අඳුරු වෙලා අද ඔබ නැති මා ලෝකේ……..දරාගන්න බැරි බර කඳුලකි දෑසේ……….
නුඹෙයි මගෙයි මතකය පෙර තියාන…….වාවන්නට බෑ මේ දුක දරාන……..සිත ඇවිලෙයි පපුවම ගිනි තියාන…..මියැදෙනු හිතයි සෙනෙහස හද දරාන……

Nimesh krishantha ගෙන් තැන්කිව් ගොඩක්..

👉 හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
4
+1
115
+1
6
+1
1
+1
0
+1
1
+1
7

34 COMMENTS

  1. Pretty great post. I simply stumbled upon your weblog and wished to say that I’ve really loved browsing your blog posts.

    After all I will be subscribing on your rss
    feed and I hope you write again very soon! 0mniartist asmr

  2. I do believe all the concepts you’ve offered for your post.
    They are really convincing and will certainly work.
    Still, the posts are very quick for novices.

    May just you please prolong them a bit from subsequent time?

    Thank you for the post.

  3. I’m amazed, I have to admit. Seldom do I come across a blog that’s both equally educative and interesting, and let me tell you, you’ve hit
    the nail on the head. The issue is something that too few people are speaking intelligently about.
    Now i’m very happy I came across this during my hunt for something relating
    to this. asmr 0mniartist

  4. Wow that was odd. I just wrote an incredibly long comment but after I
    clicked submit my comment didn’t appear. Grrrr…
    well I’m not writing all that over again. Anyhow, just
    wanted to say great blog!

    my blog post kebe.top

  5. I wanted to compose you a very small word in order to give thanks over again just for the breathtaking views you’ve provided on this page.
    It is so tremendously open-handed with you to allow unreservedly what numerous people could possibly have offered
    for sale as an e book to help with making some dough on their
    own, particularly considering that you might well have done it in case you considered necessary.
    Those principles also acted to be a good way to be aware that the rest have a similar passion just
    as my own to figure out more and more with regard to this issue.

    Certainly there are lots of more fun opportunities in the future for people who start reading your blog post.

    my blog post … geegram.net

  6. My spouse and i felt quite fulfilled that John could carry out his studies out of the precious recommendations he grabbed through your
    site. It is now and again perplexing to just possibly be giving for free helpful hints that other folks
    have been selling. Therefore we already know we have
    got you to thank for that. These illustrations you made, the easy blog navigation, the friendships you can help
    to engender – it’s everything extraordinary, and it is facilitating our son and our family do think that topic is fun, which is
    certainly extremely fundamental. Many thanks for all!

    Also visit my web blog: fidofuntv.com

  7. Saya akan segera genggam rss Anda karena saya tidak bisa
    Ahaa, ini menyenangkan percakapan tentang posting
    di sini di blog ini, saya sudah membaca semua itu, jadi saat ini saya juga berkomentar di sini .

    My web page; Download apk joker123net (Jurgen)

  8. With havіn so much content and articles do you ever run into any issuеs of plagorism or copyright infringement?
    My site has a lot of completeⅼy սnique content I’ve either aᥙthored myself
    oor outsourced but itt appears a lot of it iss poppіng it
    up all over the internet without my permissi᧐n.
    Do youս know any ways tо help redսce content from being ѕtolen? I’d genuinely
    appreсiate it. http://eastnorfolkmilitia.co.uk/forum/index.php?action=profile;u=177704

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here