මගේ දෙවනි මනමාලයා ඔහුයි – 30 කොටස

2
3032

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

30 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

යුමී… 💜️💜️💜️

ඔය පුංචි සිත තුළ
මේ තරම් ගින්දර
සඟවාන ඇයි නුඹ
දුක් වින්ඳෙ තනිවම…

නොසඟවා මේ ලෙස
පැවසුවානම් මට
සෙවනැල්ල විලසට
රැඳෙනවනෙ නුඹ ලඟ…

ආදරේ නුඹට මං
මේ තරම් මුළු සිතින්
දන්නවානම් ඉතින්
නැහැ ඉන්නෙ ඇස් වහන්…

එනකල්ම මඟ බලන්
මා වෙතට ඉක්මණින්
ආදරේ සිතෙ දරන්
මඟ බලමි රත්තරන්…

කේෂ්… 💚💚💚
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Dilakshani Chamodya තැන්කිව් මැනික..

” පුතා මේ ඉන්න සිටුවේශන් එක තේරෙනවා එත් පුතා අපි අපේ උපරිම උත්සහ කලා.. දැන් ඉතුරු වෙලා තියෙන්නේ දුවට සිහිය එනකන් බලන් ඉන්න තමයි මොකද දැන් එයා ඉන්නේ ආව ශොක් එක එක්ක අපි දුන්න බෙහෙත් එක්ක සිහි නැතිව.. එයා ඉක්මනට රිකවර් වෙයි හෙමින්.. අනූ නවයෙන් බේරිලා ඉන්නේ …මොකද තව චුට්ටක් එහෙ මෙහේ වුනානම් අපිට එයාව බේරගන්න අමාරූ වෙනවා…අපි අපේ උපරිමය කලා පුතා.. දැන් ඉතින් දෙවියෝ අතේ තමයි තියෙන්නේ හැම දේම.. මොකද පුතා කෙල්ල ගොඩක් වීක් ඒකයි මෙතන තියන ලොකුම ගැටලුව… “

ඩොක්ටර් කිව්වේ කේෂ්ගේ පිටට තට්ටුවක් දාන ගමන්..

කේෂ්ට ඒ වචන ටික ඇහුන ගමන් හිතට දැනුනේ කියලා නිම කරන්න බැරි සතුටක්..

” ඩොක්ටර් මට සයුමිව බලන්න පුලුවන්ද.. “

කේෂ් ඉන්න තැනින් නැගිට්ටේ කලබලෙන්..

” අනිවාර්යයෙන් පුතා පුලුවන් යන්න ගිහින් බලන්න.. ඒත් එක්කෙනා එක්කෙනා.. ගොඩක් යන්න එපා.. අපි බලමූ සිහිය ආවම නෝමල් වාට්ටුවකට දාන්න.. එතකන් ඔහොම අයි සී යූ එකේ තමයි ඉන්න වෙන්නේ.. “

ඩොක්ටර් එහෙම කිව්වේ කල්පනාකාරීව..

ඒ ලැබුන අවසරයෙන් කේෂ් ඉන්නේ කවුද කියලවත් බලන්නේ නැතුව කඩාගෙන ගියේ අයි සී යූ එක ඇතුලට..

මැශින් ගොඩක් මැද්දේ ඉන්න කටකාරීව දැක්කම කේෂ්ගේ පපුවට දැනුනේ උල් පිහිතුඩකින් අනිනවා වගේ වේදනාවක්..

කොල්ලාගේ ඇස් වලට කඳුළු පිරුණේ හිතාගන්නවත් බැරී වේගෙකින්..

ඒ කඳුලු පිරි දෑසින් කේෂ් බලන් හිටියේ කඳුලු ඔහේ ගලාගෙන යන්න ඉඩ ඇරලා.. කලු ගලක් වගේ හිත හයිය කරගෙන හිටිය නිකේෂ් යශ්මිත සිංහවංශ ගේ හිත වෙඬරු වගේ උනු වුනේ මේ තමන් පනට වඩා ආදරේ කරන කෙල්ල නිසා..

කේෂ්ගේ කඳුළු රූටලා ගිහින් යුමීගෙ අතට වැටුනේ හරී වේගෙන්..



ඒත් එක්කම යුමී ඇස් හිමින් හෙලෙව්වේ කේෂ්ව පුදුම කරමින්.. .

කේෂ් ගයාන්ට කෑ ගැහුව්වෙත් එකමයි..

” ගයානයා ගයානයා මචන්. . “

ඒත් එක්කම ඇතුලට ආවේ ගයාන්..

” මොකද බන් කෑ ගහන්නේ.. “

” අනේ මචන් යුමී ඇස් අරින්න ට්‍රයි කලා.. “

කේෂ් කිව්වේ යුමී දිහා බලමින්..

” කෝ අයිනට වෙයන්.. “

ගයාන් එහෙම කියලා එතනට ගිහින් කෙල්ලව චෙක් කලේ හිමින්…

ඒත් එක්කම යුමී ඇස් ඇරියේ වේදනාවෙන්…

” ශී ඉස් ෆයින් මචන්.. “

කේෂ් ගේ පැත්‍තට හැරිලා ගයාන් කිව්වම කේෂ්ට දැනුනේ සතුටක්..

” නංගී ඔයා දැන්ම කතා කරන්න උත්සහ කරන්න එපා.. හිමින් හිමින් කරමූ.. හෙට ඔයාව නෝමල් රූම් එකකට දානවා..”

ගයාන් එහෙම කිව්වේ යුමී දිහා බලන ගමන්..

” කේෂ් උඹත් කතා කරන දෙයක් කතා කරලා ඉක්මනින් මෙතනින් වරෙන් එලියට . . “

ගයාන් එහෙම කියලා ගියේ එලියට..

කේෂ් බලන් හිටියේ යුමී දිහා..

වේදනාවෙන් ඉන්න කෙල්ල දැක්කම කොල්ලගේ හිතට දැනුනෙත් ලොකු වේදනාවක්.. කේෂ් කිසිම දෙයක් නොකියා යුමීගේ ඔලුව අත ගෑවේ ආදරෙන්..

කිසිම දෙයක් නොකියා කෙල්ලගේ නළල ඉඹලා කොල්ලා එලියට ගියේ යුමී බලාගෙන ඉද්දිමයි..

ගයාන් කතා කරන්න එපා කිව්ව නිසා යුමී කිසිම දෙයක් කතා නොකලේ තවමත් පපුවෙන් දැනෙන ලොකු වේදනාව නිසා ..

කේෂ් එලියට ගියාම එලියේ හිටිය සියලු දෙනාම එක එක්කෙනා ඇතුලට ඇවිත් යුමී දිහා බලලා ගියේ වේදනාවෙන්..

” මගේ දු.. “

කේෂ් ගේ අම්මත් කෙල්ල ලඟට ගිහින් කතා කලේ දුකින්..

” පරිස්සමෙන් රත්තරං “

එහෙම කියල කේෂ්ගේ අම්මා ගියේ කඳුළු පිහදමමින්..

” මනුවා මට අරූව මරන්න හිතෙනවා බන් .. කාලකන්නීයා ..”

කේෂ් කිව්වේ දත් මිටි කාගෙන..

” ගැරඬි මරලා පව් පුරෝ ගන්න ඕනේ නෑ කේෂ්.. අපේ නෑනා කරපූ දේ තමයි හරිම දේ.. අනික ඔවුන්ට දැන් ලේසී වෙන්නේ නෑ.. “

” ම්ම්.. හසරැල් ට කෝල් එකක් අරන් බලන්න ඕනේ මොකද එයා ආව දවසේ ඉදන් දේශපාලුවොත් බයයි.. “

කේෂ් කිව්වේ මනුජට..

ඒත් එක්කම කේෂ් ගේ තාත්තා එක්ක අම්මත් ආවේ කේෂ් ලඟට..

“පුතා අපි යනවා.. ඔයා මොකද කරන්නේ.. සයුමිගේ අම්මටත් අපී අපේ ගෙදර යමූ කිව්වා.. මොකද පුතා සේෆ් නෑනේ තනියම ඉන්න එක.. ඒත් එයා කැමතී නෑ මෙතනින් යන්න.. මනුජ පුතා පොඩ්ඩක් කතා කරලා බලන්න.. “

කේෂ් ගේ තාත්තා කිව්වෙ කල්පනාකාරීව ..

” අම්මා ඔයා යන්න අපේ ගෙදර මන් ඉන්නවා මෙතන.. “

කේෂ් එහෙම කිව්වේ යුමීගේ අම්මට..

“ඔව් අම්මා.. අමාවත් එක්කන් ඔයාලා කේෂ් ලගේ තාත්තලා එක්ක යන්න.. මන් කේෂ් එක්ක ඉන්නම්.. අමාව ගන්න මන් එන්නම් රෑ වෙලා.. “

මනුජ එහෙම කිව්වේ කේෂ් මෙතනින් දැන්ම යන්නේ නෑ කියලා දන්න නිසා..

” චූටී පුතා ඔයත් යමූ ලමයෝ.. තාත්තට ඉන්න කියලා ඔය ඇඳුම මාරු කරන් එමුකෝ.. අනික දැන් ගොඩක් රෑ වෙලා ලමයෝ… “

කේෂ් ගේ අම්මා එහෙම කිව්වේ කේෂ්ගේ ඇඳුම යුමීගේ ලේ වලින් නෑවිලා නිසා..

” බෑ අම්මා මන් එන්නම් මෙහෙම ඉඳලා.. “

කේෂ් එහෙම කියලා එතන තිබ්බ පුටුවෙන් ඉඳ ගත්තේ කරන්නේ කුමක්ද කියලා හිතන ගමන්..

කේෂ් එහෙම කිව්වට පස්සේ ඔක්කොම එතනින් ගියේ කේෂ් වත් , ඩිශාන්ගේ අම්මා දිස්නාවත් , මනුජවත් එතන ඉතිරි කරමින්..

” පුතා මාත් යන්නම්.. පාලිත දැන් බූමිතෙල් ගෑවුන ගැරඬියා වගේ දඟලනවා ඇතී … මන් මේ කෙල්ලව බලන්න ආවේ.. මන් හෙට එන්නම් පුලුවන් වුනොත් පුතා.. මේ තියෙන්නේ මගේ නම්බර් එක මේකට හදිස්සියක් වුනොත් ගන්න.. “

දිස්නා එහෙම කියලා කේෂ්ට නම්බර් එකත් දීලා එතනින් ගියේ ඉක්මනින්..

දිස්නා ගෙදරට යනකොටත් පාලිත ගෙදර ඇවිල්ල හිටියේ කේන්තියෙන් පුපුරමින්..

” දිස්නා “

පාලිත කෑ ගැහුව්වේ මහා හයියෙන්..

දිස්නා ඇහෙන්නේ නෑ වගේ එතනින් යන්න යනකොට දිස්නගේ වැලමිට ලඟින් අල්ලලා පාලිත නැවැත්තුවේ කේන්තියෙන්..

” දිස්නා මන් කතා කරනවා තමුන්ට ඇහුනේ නැත්ද.. “

” ඇහුනා මහත්තයා කියන්න.. “

” තමුන් කොහෙද ගියෙ.. “

” මම ගියේ මේ ගෙදර ලේලීට නරුමයෙක් වෙඩී තිබ්බනේ මගේ ලේලිව බලන්න..”

දිස්නා එහෙම කියනවා එක්කම පාලිත දිස්නට ගැහුව්වේ අත දිගඇරලා කම්මුල් පාරක්..

ඒ පාර එක්කම දිස්නාව ගිහින් ඔලුව වැදුනේ එතන තිබ්බ ටීපෝ එකේ දාරේ..

එහෙම්ම වේදනාවෙන් නැගිට්ට දිස්නා එතනින් යන්න ගියේ වේදනාවෙන්.. ඒත් පාලිත යන්න නොදී නවත්ත ගත්තේ තිබුන කේන්තියෙන්මයි..

” ඒකී මේ ගෙදර ලේලී නෙවේ.. මල යක්ශනියක් .. ඒකි දන්නේ නෑ මේ පාලිතගේ හැටි.. එකී මෙහෙ එන්නේ නෑ කිසිම හේතුවක් නිසා.. “

පාලිත එහෙම කේන්තියෙන් කියනකොට දිස්නා කිසිම දෙයක් නොකිව්වේ මේ මනුස්සයට කිසිම දෙයක් කියන එකේ ඵලක් නැතී නිසා..

ඒ නිසා දිස්නා එතනින් ගියේ හිතේ දුකයි තරහයි අසරණකමයි තුනම දරාගෙන..

~~~~~~

ඔය අතර කේෂ් හිටියේ තවමත් අයි සී යූ එක ලඟට වෙලා කල්පනා කරමින්..

” කේෂ් බීපන් මේ කොෆී එක.. කාලත් නෑනේ.. “

මනුජ එහෙම කියලා කෝෆි එකක් දුන්නේ කේෂ් තවමත් ඔහේ කල්පනා කරන නිසා..

” මට එපා බන් උබ බීපන්.. “

කේෂ් එහෙම කියලා පුටුවට ඔලුව තියාගෙන අත් දෙකත් බැදගෙන කල්පනා කලේ කෙල්ලව හම්බුන තැන ඉඳන් මේ වෙනකන් හැම දේම..

” ශිට් මට ඔයාව තේරුම් ගන්න බැරි වුනානේ.. “

කේෂ් එහෙම කියන ගමන් නැගිටලා කොන්ඩේ පිටි පස්සට ඇද ඇද එහෙට මෙහෙට ඇවිද්දේ කලබලෙන්..

” මනුවා වරෙන් යන්න මගේ එක්ක.. “

කේෂ් එහෙම කියලා මනුජ මුකුත් කියන්නත් කලින් එතනින් ගියේ වේගෙන්..

” අනේ මන්දා මූට එක පාරට මොනවා වෙනවද මන්දා.. මූලග්ගින්න හැදිලා වගේ.. “

මනුජ එහෙම හිතලා කොෆි එක ඉක්මනට බීලා දුවගෙන වගේ ගියේ කේෂ්ගේ තරම දන්න නිසා..

” කොහෙද යකූ යන්නේ.. “

මනුජ ඇහුව්වේ කාර් එකට නැගලා ශීට් බෙල්ට් එක දාන ගමන්..

කේෂ් කිසිම උත්තරයක් නොදී වේගෙන් ගියේ කල්පනාවෙන්..

” උඹෙන් ප්‍රශ්න අහනවට මට ගහන්න ඕනේ.. “

මනුජ එහෙම කියලා කට වහගත්තේ තව මොනවා කිව්වත් කේෂ් කතා නොකරන බව අත්දැකීමෙන් දන්න නිසා..

පාන්දර වේගෙන එන වෙලාවේ කේෂ් ආවේ කොටුවේ තියෙන සී අයි ඩී ඔෆිස් එකේකේ හතර වෙනි තට්ටුවට.. හසරැල් එතන ඉන්නවා කිව්ව නිසා කොල්ලා එතනට ගියේ ඩිශාන් එතන ඉන්නවා කිව්ව නිසා වගේම ඩිශාන්ව උසාවියට අද දිනයේ පාන්දර දානවා කිව්ව නිසා..

කොල්ලා කෙලින්ම ගිහින් නැවතුනේ හසරැල් ලඟ..

” මිස්ටර් නිකෙෂ් ඉඳගන්න.. “

හසරැල් එහෙම කිව්වේ සුහදව..

කේෂ් එතන ඉඳ ගත්තේ හිතේ පහව නොගිය කේන්තිය එක්ක.. මනුජත් කේෂ් පස්සෙන් ආවේ වෙන්නේ මොකක් ද කියලා නොදැන…

” මිස්ටර් හසරැල් මට ඩිශාන්ව හම්බෙන්න පුලුවන්ද.. “

” ඔව් අනිවාර්යයෙන් පුලුවන්.. වමට යන්න එතන ඇතී කාමරයක් වගේ තැනක් එකේ ඇති.. “

” තැන්කිව් සර්”

කේෂ් එහෙම කියලා එතනින් ගිහින් ඩිශාන් එක්ක කතා කලේ කේන්තියෙන් ..

” උබ මොකක් ද යකෝ මේ කලේ මගේ කෙල්ලට කාලකන්නීයා. . “

කේෂ් එහෙම කියලා ඩිශාන්ගේ බෙල්ලෙන් ඇල්ලුවේ ඩිශාන්ට කතා කරන්න බැරි වෙන්න..

” යකෝ මේක පොලීසිය අතඇරලා යමන්.. මෙතන තව මගුලක්.. අනික අර කෙල්ල අරහේ තනියම..”

කේෂ්ට අමතක වෙලා තිබුන දෙයක් මනුජ මතක් කලේ ඉක්මනින්..

එහෙම්ම ඩිශාන්ව අතඇරලා කේෂ් හසරැල් එක්ක අවශ්‍ය විස්තර කතා කරගත්තේ මින් ඉදිරියට තමන් කෙල්ලට ශක්තියක් වෙමින් ඉන්නවා කියන අධිෂ්ඨානයෙන්..

කොල්ලා එලියට ආවේ කලබලෙන්..

” මට පොඩ්ඩක් වත් මතක් වුනේ නෑනේ බන් කෙල්ල තනියම කියලා.. ශිට්..”

කේෂ් වාහනේ වේගෙන් යන ගමන් කිව්වේ මනුජට..

” කොහේ මතක තියෙන්නද පස්ස කැඩිච්ච කඩියා වගේ උඹ අරූගේ බෙල්ල මිරිකන්න ගියාම.. “

කේෂ් කිසිම දෙයක් නොකිව්වේ තමන්ගේ අතේ වරදක් තියන නිසා..

කොල්ලා ආව වේගෙට නවලෝකේ කාර් පාක් එකේ කාර් එක දාලා ගියේ අයි සී යූ එක ලඟට.. ඒත් කෙල්ල හිටිය ඇඳ හිස් වෙලා තියනවා දැක්කම කොල්ලගේ හිතට දැනුනේ බයක්…

” නර්ස් මෙතන හිටිය පේශන් කෝ.. “

” ආ එයාව රූම් නම්බර් 30 වලට මාරූ කලා.. “

එහෙම කිව්ව ගමන් මනුජ එක්කම කොල්ලා ගියේ යුමීව දැම්මා කියන රූම් එකට..

රූම් එක අරිනකොටම දැක්කේ යුමී ලඟ ඉන්න …………….

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 මොකක් වෙයිද?

👉 සඳුදා හම්බවෙමු වස්තුලා

➡️ පල්ලේහා තියනවා ලස්සන නිසඳැස් ටිකක් කියවන්න වස්තූලා.. මේ වගේ කමෙන්ට් හැමදාම එනවනම් ලියන අපිට ලොකූම ශක්තියක් ඒක.. ආදරෙයි හැමෝටම පැලෙන්න..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

ජිව්තේ මරණ අතරෙයි මගේ පන
හිත නෑ සැනසෙන්නේ නුබ දකිනා තුරුම
ආදරේ කරේ මාගේ පන දෙවැනි කොට
ඔබ රැක ගන්න බැරි වුනේ මගේ පවට

මේ ලෝ තලේ වැඩ ඉන්නා දෙව්වරුනේ
අත් දෙක එකතු කර මා අයදින්නේ
මාගේ පනයි රැකලා මා ඉල්ලන්නේ
ඔබ හැර මේවලේ අන් සරණක් මට නෑනේ

දුටු ව්ට නුබේ වේදනාබර ඔය දෑස
දැවුනා පන පිටින් මා රත්තරන
මගේ පන වුව පුදා මා දෙවරක් නොසිත
රැක ගමි මගේ රත්තරනේ නුබේ පන කෙන්ද

කේෂ්

සඳුනී මගේ අක්කා තැන්කිව් .. ❤️❤️ ☝️

~~~~~~~

රන්දී දනු තැන්කිව් ➡️

දැනෙයි හදවත නතර උනු බවක්…..
නුබේ ඔය සුන්දර හිනාව…..
දගකාර ඇස් දෙක….
නොදැක ඉන්න බෑ මගේ රත්තරන් ……
තවත් නොදී දුක්…..
වෙන්න මගේ විතරක්ම…..
මේ බවයේ මෙන්ම…..
උපදිනා හැම බවයකම……

~~~~~~

නිමේශ් ක්‍රිශාන්ත තැන්කිව් .. ➡️➡️

🌹🌹රාත්‍රිය නිසලයි අඳුර බන්දා…….සුසුම් ගෙනයයි පවන කැන්දා………නෙතඟ බොඳවේ කඳුලු රන්දා……..සිතම මියැදේ ඔබම හන්දා………💘

~~~~~~

කාන්තී විජේතුංග තැන්කිව් මැණික..➡️
💕💕
කේෂ්ගෙන් යුමීට,
කදුලු මල් පීදිලා
තනිකමට හඩනවා
නෙතු පියෙන රෑ යාමේ
නුඹේ සුවඳ දැනෙනවා
පාළුවයි තනිකමයි
මුළු හදම පෙලෙනවා
උපදිනා හැම සසර
මා ඔයාව පතනවා
සිහිනයෙන් සිහිනයට
නුඹේ රුව පෙනෙන්නයි
ජීවිතේ පුරා ඔය
සෙනෙහසේ රැදෙන්නයි
නෙතු කදුළු පිසදමා
සිනාමල් පිපෙන්නයි
මගේ පැතුම සැමදා
ඔබේ ළඟම හිදින්නයි
❤️❤️❤️❤️❤️❤️
මගේ රත්තරන් යුමී
ඇයි රත්තරන් ඔය විදිහට ඉන්නෙ ඔහොම
කොහොමද මේ දුක දරාගන්නෙ මා
ඔයා ගැන මතකය අවදි වෙනවිට
මං වෙන මොනවා කරන්නද මැණික,අඩනවා මිසක
මගේ ලොවට හැමදාමත් පායා ආ පුංචි තාරකාව ඔබයි..
කවදාවත් එන්නෙ නෑ පතන්නෙ නෑ වෙනින් කවුරුවත්ම…
මගේ ළඟ ඉදන් තුරුළු වෙලා
පෙම් වදන් කියා සනසන්නට බැරිනම්,මා එක්ක රණ්ඩු වෙන්න හරි නැගිටලා වරෙන් මගෙ මැණික..
ඉන්න නම් එපා ඔය විදිහට
බැරි වෙයි මට නුඹ නැතුව ජීවත් වෙන්නවත්,මිය යන්නවත් මගේ මැණික..💕💕💕🌼🌼🌼🌹🌹🌹🌸🌸🌸❤️❤️❤️🌻🌻🌻💕💕💕

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
2
+1
111
+1
5
+1
2
+1
6
+1
0
+1
2

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here