තවත් ලස්සනම ලස්සන
කෙටි කතාවක්…
┏━━━━━°❀•°:🎀 – 🎀:°•❀°━━━━━┓
අද වාගේ මතකයි.
මම හීතනව ඔයාට මතක ඇති කියල..
2016 සැප්තැම්බර් මාසේ ලස්සන සදුදා දවසක මාතර ස්ටෑන්ඩ් ඒකේදි කලබලෙන් දුවගෙන ආපු කොල්ලෙක් ඔයාගේ අගේ හැප්පුනා..
අද වාගෙ මතකයි මට
මගෙ ගම අකුරැස්ස.මම වැඩ කලේ මාතරමයි.මහ ලොකු ජොබ් එකක් නෙවෙයි.කුලී වැඩ තමයි. දුක හොදට හුරු නිස අව්ව වැස්ස ගානක උනේ නෑ.නොකා නොබී වැඩ කරන්න පුරුදු වෙන්න දේකුත් තිබුනේ නැහැ.බඩගින්නත් හොදට හුරු වෙලා තිබුනෙ.
කුලී වැඩ කරන එක කෙසේ උනත් මම ආසාවෙන් හිටියෙ graphic desing කෝස් එකක් කරන්න … මට මගේම හීනයක් තිබුනා කවදා හරි studio එකක් දාන්න.වෙඩින් එහෙම ශෝට් කරන්න.එක මගේ තිබුන ලොකු ආසවක්. ඒ නිසයි graphic design කෝස් එකට ඇතුලු උනේ.ඒ මාතර ටෙක් එකේ.
වෙලාව 8ට විතර ඇති.ටෙක් එකට යන්න බස් එකට නගින්න යද්දී තමයි බස් එකක් අද්දනව දැකල මන් දුවගෙන ගියේ..බස් එක් ලගටම යද්දි කාගේ හරි ඇගේ වැදුනා වගේ කියල දැනුන නිසයි මන් හැරිලා බැලුවේ.
අම්මෝ ඔයගේ මූන තව හෛයෙන් වැදුනනම් මෙතනම තප්පරෙන් පුපුරනවා.
කොහෙද තමුසෙ පිස්සෙක් වගේ දුවන්නේ…?
පාරේ තව මිනිස්සු යනවා තමුසෙට ඇස්පේන්නෙ නැද්ද …?
ඔයාගෙන් එදා උදේ පාන්දර මන් අහපු සුන්දර වචන ටික.මොනව කරන්නද මගේනෙ වැරැද්ද.
අනේ sorry නoගි …..බස් එක අල්ලගන්නයි පස්සෙන් දිව්වෙ ..
අහින්සක මන් කියපු පලවෙනි වචන ටික ….
ඔයගෙ පොත් ටික වැටිලා පිටු තැන්වල ..මගේනෙ වරද.ඔයා අහුලද්දි මාත් උදව් කරා මතකද. ඔයා තවත් මොනා හරි හොයනවා වගේ දැකපු නිසයි මාත් ඉතින් වටපිට බැලුවේ… මටත් පිටිපස්සේ දම්පාට කුඩයක් තියෙනවා දැකලා මන් ඒකත් අරගෙන ඔය ලගට අවා …
නoගි ඔයා කුඩේද හෙව්වෙ
හ්ම්ම් …..
නපුරුකමේ තරම කිව්වොත් දෙන්න කලින් ඔයා කුඩේ ඇදල ගත්තා ….
ඔයා ඇදලා හිටියේ pink colour blouse එකයි නිල් ඩෙනිම් කලිස්මය.
ඉන ගාවටම කොන්ඩෙ දිගයි.හුලගට විසිරුනු කොන්ඩෙ මූනෙන් අයින් කරපු හැටි මට තාම මතකයි..
ඊ ලඟ බස් එකේ හරි යනවා කියල හිතාගෙනයි හෝල්ට් එකට අවෙ ආයෙත්.හෝල්ට් එකේ ඉද්දි තමයි ආයෙත් ඔයා මම ඉන්න පැත්තට එනව දැක්කෙ.මොකක් හරි අව්ලක්ද කියල හිතුනත් අනෙ ඕන මගුලක් කියල පාඩුවෙ හිටිය.ඒ අතරෙ තමයි අනිත් බස් එක ආවෙ.
ඒ පාර බස් එකට නැගල උනේ මොකද්ද කියල කල්පනා කරා..ඒම කල්පන කර කර ඉද්දි තමයි පුරුදු කටහඩකින් මැද්දවත්තට ටිකට් ඉල්ලුවෙ.ශේප් එකේ ඔලුව දාල බලද්දි තමයි ඔයගේ මූන හරියටම දැක්කේ …මාරම සුදුයි.නපුරුකම් කරාට පට්ටම අහින්සක පාටයි.මම හිටියෙ වෙනම ලෝකෙක.විසිරී ගිය කොල ටික පිලිවෙලකට දානව ෆයිල් එක හරි ගස්සනව.
මෙයා කොහෙද යන්නේ..මම මගෙන්ම ඇහුවෙ එයාගෙන් අහන්න බැරි කමට.
ගෙදර යනවද.පංතියකට යනවද.
මන් කල්පනා ලෝකෙක
කොන්දා කෑ ගහන්න ගත්තා මැද්දවත්ත හන්දිය බැහැගන්න කියල.බස් එක බහින තැනට එනකන්ම මම දන්නෙත් නෑ..
පලවෙනි දවසෙම පරක්කු වෙලා 8.30ට පටන්ගන්නවා. දැන් දැන් 9.30යි.බස් එකෙන් බැහැල ඉක්මනට දිව ගියේ lectures එකට පරක්කු උන නිසා .මන් ගිහින් වාඩි වුනා…එත් කල්පන වුනේ ඔයා ගැනමයි.වෙලාවත් 4.00.නොදැනිම දවසත් ගෙවිල ගිහින්.කොහෙඩ පිස්සියෙක් උඩෙ පාන්ඩර මාවත් පිස්සු වැට්ටුවනෙ.class ඉවර වෙලා කොරිඩෝව දිගේ යද්දි තමයි දැක්කෙ වෙන පංතියක ඔයා ඉන්නව
දෛවයට කියන්නෙ මොකද්ද කියල තේරුම් ගියේ ඒ වෙලාවෙ.…ඔයත් එක්ක කතා කරන්න ඕන කියල හිතුනා .ඒත් කොහෙද මගේ කරුමෙට අපේ පංතිය කලින් ඉවර උනානෙ.කමක් නෑ ඉවරවෙනකන් ඉන්නව කියල හිතාගෙන එනකන්ම හිටිය.විනාඩි 30ක් විතර කට්ටක් කන්න උනා ඉතින්.පංතියේ ලමයි මැද්දෙන් ලමයි අතරෙ එනව දැක්කත් කතා කරන්න විදියක් තිබුනෙ නෑ.පංතියෙම ලමයි හිටියනෙ.ඔහොම ඉද්දි තමයි ආපු බුස් එකට නැග්ගෙ.ඊට පස්සෙ තමයි කතා කරන්න හිතුවෙ.
ආ නoගියෝ…..
ඔයා හැරිලා බැලුවේ පුදුම වෙලා.
ඔයා ….
හ්ම්ම් ඔව් මන් තමයි.ඔයත් ටෙක් එකටද ආවෙ උදේ..
හ්ම්..ඇයි කතා කලේ
තරහද අහන්න කතාකලේ උදේ අගේ හැප්පුනාට…
ඒක අතරලා දාන්න … පිස්සෙක් වගේ දුවන්න එපා අයේ පාර පුරා..
හ්ම්ම් sorry.ආයෙ එහෙම වෙන්නෙ නෑ…
වෙලවට මගේ හැප්පුනේ වෙන කෙනෙග්ගේ හැප්පුනනම් ගුටිත් කාල තමයි කන්න වෙන්නේ …
වෙලවට ඔයගේ හැප්පුනේ ….
………………….
එදායින් පස්සේ මගේ හිත ඔයා ගැන ගොඩාක් හිතන්න ගත්තා ඔයගේ නම ගම මුකුත්ම නොදැන …හැම දවසකම මන් ඔයා එනකම් මග බලන් හිටියා…ඔයයි මායි හොදම යලුවෝ උනා …එත් මට ඔන වෙලා තිබුනේ ඔයගෙන් ඒ යලු කමටත් එහා ගියපු බැදීමක් …මට ඔයව මගේම කර ගන්න ඕන උනා …
මතකද මන් ඔයාට අදරෙයි කියලා කියපු විදිහ…….
හීනියට පොද ගහන
ආදරනීය වත්සානයක
අහින්සක සුන්දර හීනයක් වී නුඹ
මගේ නෙතු ලගට ඇවිදින්
දග කරනවා හැම රැක ….
නුඹේ රුව දකින්නට
නුඹ ලගින් දැවටෙන්න
හීන දකිනවා හිත හැමදාම
මෙය ආදරයනම්
සත්තකින්ම මම පෙම් කරමි
නුඹට හැමදාම ………….
මේක ලියලා ඔයාගේ පොතක් ඇතුලට දැම්මේ අපි මුනගැහිලා මාස 4 ට විතර පස්සේ ඔයාට මන් ගැන මොන විදිහේ හෑගීමක් තිබුනද කියලා මම දන්නෙ නෑ.. එත් මට මගේ හිතේ තිබුන දේ ඔයාට කියන්න ඕන උනා …මන් මැසේජ් එකක් එව්ව ඔයට
නoගී ….
ම්ම්ම්ම් …
ඔයගේ පොත ඇතුලේ කොලයක් ඇති බලනවද.?
මගේ පොත ඇතුලේ ….?
මොන කොලයක්ද..?
කාගේ එකක්ද.?
බලන්නකෝ ඉතින් ……….
හ්ම්ම් ….
බැලුවද .?
හ්ම්ම් ලස්සනයි…කාටද මේක..?
ඔයාට
මට …?
හ්ම්ම් ඔව් …
ඇයි…
මන් ඔයාට අදරේ කරන නිසා …
පිස්සුද..?
හ්ම්ම් ඔව් ඔයා දැකපු දවසේ ඉදලා …
දවස් දෙකක් විතර යනකම් ඔය මැසේජ් එව්වෙ නැ.. මට බය හිතුනා තරහා වෙලාද කියලා
තරහ වෙලාද මාත් එක්ක .?
නෑ
මන් බය වුනා තරහා වෙලාද කියලා
තරහවෙන්න යාලු වෙලා හිටියේ නැහැනේ…
යාලුකර ගන්නනේ මන් හැදුවේ….
ඇත්තද .? හීනෙන් තමයි…
ඒක හීනයක්නම් මන් හැමදාම ඒ හීනෑ දකින්න පෙරුම් පුරනවා ……
ඉතින් පෙරුම් පුරන්න මට මොකෝ ……
හ්ම්ම්… හෙට ටෙක් එනව නේද .?
ඔව් එනවා
මට කියන්න ගොඩක් දෙවල් තියෙනව ඔයාට
ඒ මොනද…?
ගොඩාක් දේවල්…
හ්ම්ම් …
මේ දේවල් වෙලා අවුරුදු 4 ක් උනත් මට තාම හැමදේම හොදට මතකයි…ඔයාටත් මතකයි නේද.?
ඊලඟ දවස වෙනකම් මන් ඇගිලි ගැන්නා…එදා මන් ඔයාට මගේ හිතේ තිබුන හැමදේම කිව්වා … මන් පිස්සෙක් වගේ කියෙව්ව .
මන් ඇත්තටම ඔයාට ගොඩාක් අදරෙයි නoගී ….
මන් කියලා ඉවරකලේ එතනින
අයියේ මන් ආදරේ කරලා නැ.මට බයයි ආදරේ කරන්න.මට හිතන්න ඕන මේ ගැන.
ඔයා ඕන තරම් කාලයක් ගන්න. මට ඕන උනේ මගේ හිතේ තියෙන දේ ඔයාට කියන්න මන්
මැරෙන්න දවසකට කලින් හරි ඔයා ආදරෙයි කිව්වොත් මට ඒ ඇති.
මැරෙන කතා කියන්නෙ පිස්සුද..?
හ්ම්ම් ටිකක් …
අයියේ ….
ම්ම්ම්……..
මට කියන්න දෙයක් තියෙනවා…
ඒ මොකක්ද නoගී.කියන්නකෝ.
මට උගන්නන අම්මා ගොඩාක් දුක් විදිනවා අයියේ.තාත්ත අපිව දාල ගිහින්.මට කැම්පස් යන්න ලකුනු මදි උනා.english deploma එකක් කරන්නයි ආවෙ ටෙක් එකට. අයියේ යන්න පුලුවන් උනත් මන් යන්නේ නෑ.. අම්ම කොහොමද ඒවට වියදම් කරන්නේ..දැන් අවුරුදු 7/ 8 කින් තාත්තා අම්මා එක්කවත් මා එක්කවත් කතා කරන්නේ නෑ …ගෙදර වියදමට කියලවත් සතයක්වත් දෙන්නෙ නැහැ.ඒවා අම්ම තමයි දුක් විෆ්හල හොයන්නෙ.තාත්ත අපි ලග ඉද්දිත් ගොඩක් දුක් වින්ද අම්ම.අමමටයි මටයි එයා ඉන්න පැත්තට යන්න බෑ… අම්මයිමායි ඉන්නේ හිර ගෙදරක ඉන්නවා වගේ.. එයා හැමදම බොනවා.අපි දෙන්නා සම්බෝලයක් හදාගෙන බත් කද්දී එයා කඩෙන් කෑම ගෙනත් කනවා..අම්මයිමායි ගොඩාක් පව් කරලා අයියේ..කවදාවත් පුතේ උඹ කෑවද කියලා අහන්නේ නෑ..අම්මා කුලී වැඩක් කරල ගන්න සල්ලි වලින් තමයි හෙමදේම කරන්නේ…මට මේ කෝස් එක කරන්න ඕනි කිව්ව නිසයි මාව මේ කෝස් එකට එව්වෙ.මෙච්චර දුක් විදින අම්මට සමහර දවසට තත්තා බීලා අවිත් එයගේ හයිය පෙන්නනවා ඉස්සර.අම්මා night එකට ගෙවල් වල වැඩට ගියාම මම ඉන්නෙ තනියම… මේ වගේ පවුලක කෙල්ලෙක්ට ඔයලගේ ගෙදර අය කැමති වෙයිද අයියේ.
එදා අපි දෙන්නා ටෙක් ගියේ නෑ.. ඔයට ගාලු කොටුවෙ යන්න ඕන කිව්වා…
අයියේ….
ම්ම්ම්….
ඔයා දැක්කද…..
මොනාද….
අර පුන්චි පුන්චි මාලු පැටවු රෑන් එහාට මෙහාට පීනනව..එහෙම කිව්වෙ කොටු පව්රෙ ඉදන්.
හ්ම්ම් ඔව්….
ලස්සනයි නේද…
මට ආසයි අයියෙ අර ගල් පර අතරෙ ඉන්න චූටි චූටි ලස්සන මාලු අතින් අල්ලන්න..
පිස්සුද කෙල්ලේ මිනිස්සු හූ කියයි….
කමක් නෑ ඔයට බැරිනම් ඔයා ඉන්න ….
එහෙම කියල කොටු පව්රෙ අයිනෙ තිබුන පඩි පෙලෙන් පහලට බහින්නයි ගියේ..
ඌයි …. කියලා කෑ ගහගෙන ඔය බිම වාඩි උනා… ඔයගේ ලගට එද්දී තමයි දැක්කෙ කකුලෙන් ලේ එනවා.. බෝතල් කටුවකට යටිපතුල කැපිලා…
මම කිව්ව හරේ මෙහෙ දුවන්නෙ නැතුව ඉන්න කියල…
කොහෙද එපා කියන දේ ඇහැව්වෙ නැහනේ පන්ඩිත අච්චී ..
අනේ අයියේ …ඔය දැන් මට බනිනවද…
නෑ හොද කියනවා…
මම තරහයි.නපුර
අනේ බලන්නකෝ ගොඩක් කැපිලද කියලා…බනින්න එපා ඉතින්…
යමු බෙහෙත් දා ගන්න…
අම්මා ලගට යමූකෝ …
එච්චර දුර .. අනේ මේ ලගින් දා ගමූ….
එයාලා රිද්දනවා… අම්මා රිද්දන්නෑ….අනේ යමුකෝ
මතකයි නේද…වෙලාවට අපි දෙන්න එද්දි අම්ම එතන හිටියේ නෑ …වෙන න්ර්ස් කෙනෙක් අම්මව එකන් ආවේ .ඔයාට බෙහෙත් දාලා අම්මා ඔයාව නතර කර ගත්තා එයත් එක්කම ගෙදර යන්න….මාව දැකලා අම්මා මත් එක්කත් කතා කලා…
පුතේ මොකො මේ වෙලවේ …
යාලුවෙක්ගේ තුවලයක් වෙලා බෙහෙත් දානන අවා අන්ටී …
අපේ දුවත් වීදුරුවකට කකුල කපාගෙන……
ගොඩාක් කෙපිලද අන්ටී ….
නෑ චුට්ටයි … කෙල්ල බයවෙලා ….
ඔයගේ අම්මා එහෙම කියපුවාම තමයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ….එදා තමයි මන් ගොඩාක්ම බය උනේ…
ලබන 12 වෙනිදට අපි දෙන්නා මුන ගැහිලා අවුරුදු4 ක් වෙනවා….අද ඔයා හොස්පිටල් එකේ ඇදක් උඩට වෙලා අම්මවත් අදුර ගන්න බැරිව ඉන්නවා..ඔයගේ මොලේ නහරයක් ගැට ගැහිලලූ සමහර විට ආයේ කවදාවත් අතීතය මතක් වෙන එකක් නැහලූ….ඔයගේ අම්මට මන් හැමදේම කිව්වා … එයත් අඩනව සුදු නංගි . ඔයාට ඒ අතීතය අමතක කරන්න පුලුවන්ද මැනික..බෑ නේද… ඔයා අයේත් එනව නේද ….?
මැරෙන්න දවසකට කලින් හරි ඔයා අයේත් මට අදරෙයි කියයි කියලා මන් බලන් ඉන්නව මගේ මැනික…
Writter- sasindhu sithara.
උපුටාගැනීමකි.
කෙටි කතාවක් – අද වාගේ මතකයි
අද කතාව කොහොමද ?
+1
+1
20
+1
3
+1
+1
6
+1
1
+1
6
I know this if off topic but I’m looking into starting my own weblog and was wondering what all is needed to get set
up? I’m assuming having a blog like yours would cost a pretty penny?
I’m not very web smart so I’m not 100% sure. Any suggestions or advice would be greatly
appreciated. Thanks asmr 0mniartist
Thanks a bunch for sharing this with all of us you really
know what you are speaking approximately! Bookmarked.
Kindly also consult with my web site =). We can have a link change contract among us asmr 0mniartist
It’s a shame you don’t have a donate button! I’d certainly donate to this excellent blog!
I suppose for now i’ll settle for book-marking and adding your
RSS feed to my Google account. I look forward to new updates and will
talk about this site with my Facebook group. Chat soon! 0mniartist
asmr
Heya i’m for the first time here. I found this
board and I find It truly useful & it helped me out
much. I hope to give something back and aid others like you aided me.
0mniartist asmr
Admiring the persistence you put into your website
and in depth information you offer. It’s awesome to come across a blog every once in a while that isn’t
the same outdated rehashed information. Fantastic read! I’ve saved your
site and I’m adding your RSS feeds to my Google account.
0mniartist asmr