මගේ දෙවනි මනමාලයා ඔහුයි – 36 කොටස

5
3508

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

36 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

යුමී… 💜️💜️💜️

මතකයන් පතුළටම
දමන්නට සිතුවාට
නුඹෙ මතක මගේ හද
පාරවයි නිතරෝම…

ආදරේ දැනි දැනිම
ගියේ ඈතටම නුඹ
පැවසුවේ නැතුවාට
නොදැනීද මගේ පෙම…

එනකල්ම නුඹ නැවත
මඟ බලන් හිඳින්නට
හේතුවක් මගෙ මැණික
පෙන්නලා දී යන්න…

කේෂ්… 💜️💜️💜️

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Dilakshani Chamodya තැන්කිව් නංගා.. ☝️
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

එහෙම කියලා යුමී තුවක්කුවෙන් වෙඩි තියන්න යනකොටම ඔලුවට වැදුන පොලු පාර නිසා නලලින් ලේ ගලන්න ගත්තේ යුමීගේ මුලු ඇඟම අඩපන කරමින්… ඇඟම අඩපන වුනත් යුමී අතින් ඔලුව අල්ල ගන්න ගමන් පිටි පස්ස බැලුවේ කවුද තමන්ට පහර දුන්නේ කියලා හරියටම බලාගන්න. .

කෙල්ල වේදනාවෙන් හැරිලා බලනකොට දැක්කේ එතන ඉන්න ඩිශාන්ව..

” මොකක් ඔයා.. “

” ඔව් මම තමයි යකෝ.. “

එහෙම කියලා කෙල්ල ට තවත් පාරක් මහ පහත් විදියට ඩිශාන් ගැහුව්වේ පාලිත මහ හයියෙන් හිනා වෙනකොට..

” ආව්.. “

කෙල්ලගේ අතේ තිබ්බ තුවක්කුවත් බිම වැටුනේ ඩිශාන් ගහපූ පාර නිසා.. යුමී එහෙම්ම බිම ඉඳ ගත්තේ හිසෙන් එන වේදනාව නිසා..

” උඹ දැඟලුවා වැඩී සයුමී.. “

එහෙම කියලා ඩිශාන් යුමීගේ බඩට පයින් ගැහුව්වේ මහ හිතක් පපුවක් නැති විදියට..

” තමුසේ කොහොමද එලියට ආවේ.. “

යුමී අමාරුවෙන් වචන ගැලපුවේ ඇත්තටම ඩිශාන් මෙතන ඉන්න නිසා ඒක පුදුමයක් නිසා..

” 😂😂😂😂😂😂 අහ් හාහා හා හා “

ඩිශාන් හිනා වුනේ මහා කැත විදියට හයියෙන්..

” යකෝ මම මහ ඇමතී පාලිතගේ පුතා ඒක අමතක උනාද උඹට ආ.. මට ඇප හම්බුනේ ඊයේ.. එතකොට අද මේ බඩු ටික ගන්න ටයිම් එක වෙනස් කලෙත් තාත්තා මම නිසා මොකද තමුසේ අපේ ගෙදර ඉන්නවා කියන එක කිව්වම මට සැක හිතුනා.. අනික හැක් කරපූ මේල් එකෙන්ම අපි කතා කලේ තෝ කරන්න යන වැඩේ දැනගත්ත නිසා.. අනික අර හසරැල් කාරයාට අද විශේෂ වැඩක් ඒ නිසා මේ වෙලාවට ඌට එන්න වෙන්නේ නෑ.. තොට අමතක වුනාද යකෝ සී සී ටී වි තියනවා කියලා.. තෝ කාර් එකේ නැගලා තාත්තා එක්ක එන එක පවා හැමදේම බලාගෙන හිටියේ.. අපේ ගෙදර ඉදන් අපිටම කෙලින්න උඹ කව්ද ගෑනීයේ.. මතක තියාගනින් තෝ ගෑනියෙක්.. “

එහෙම කියලා ඩිශාන් කකුල උස්සලා කෙල්ලට ගහන්න යනකොටම කකුලෙන් අල්ලලා අබරලා කෙල්ල ඩිශාන්ව වැට්ටුවේ පාලිත ව වගේම මුදල් ඇමතිවත් පුදුම කරමින්..

” ආව් යක්ශනී . . උඹට මම… “

ඩිශාන් එහෙම කිව්වත් එතන තිබ්බ තඩි ගලකින් ඩිශාන්ගේ ඔලුවටම යුමී ගහන්නේ ඩිශාන්ව අඩපන කරමින්..

යුමී කොච්චර නැගිටින්න උත්සහ කලත් ඒක කරගන්න අමාරූ වෙන්නේ යුමීගේ ඔලුවෙන් එන වේදනාව නිසා.. ඇස් බොඳ වේගෙන එනකොට කෙල්ල දකින්නේ පාලිත කේන්තියෙන් තමන්ගේ පැත්‍තට එන එක..

කෙල්ල එහෙම්ම ඇස් වහගන්නේ තවත් ඇස් ඇරගෙන ඉන්න තරම් ශක්තියක් යුමී තුල තිබ්බේ නැතී නිසා..

පාලිත තුවක්කුව අරගෙන වෙඩි තියන්න යනකොටම එතනට හිතපුවත් නැති විදියට හසරැල් ඇතුලුව පොලිස් කණ්ඩායමක් එන්නේ මනුජත් එක්කමයි..

” නංගී.. “

මනුජ කෑ ගහගෙන ගියේ පාලිත යුමීට වෙඩි තියන්න යන නිසා. . පාලිත වෙඩිල්ල තියන්නට කලින් හසරැල් පාලිතගේ අතට වෙඩි තියන්නේ යුමීව බේර ගන්න.. හසරැල් තිබ්බ වෙඩිල්ල නිසා පාලිතගේ අත පන නැති වෙලා තුවක්කුව බිමට වැටෙන්නේ පාලිත මහා හයියෙන් කෑ ගහන්නෙත් එකටම වගේ..

” ඇරෙස්ට් හිම්.. “

හසරැල් ගේ එක විදානෙකට මහා ඇමතිව වගේම මුදල් ඇමතිවත් මාංචූ දාන්නේ යුමීගේ හීනේ හැබෑ කරමින්..

” තමුසෙලාට බෑ මෙහෙම කරන්න…මට කෝල් එකක් ගන්න දීපන්.. “

එහෙම කිව්වේ මුදල් ඇමති වික්‍රමසිංහ ..

“ඒවා බලාගමූ පස්සෙ දැන් යමු.. “

හසරැල් එහෙම කියලා විශේෂ බලකායට ඔක්කොමලාවම භාරදීලා ගියේ යුමී ලඟට.. සිහිසුන් වෙලා හිටිය යුමීවත් අරගෙන යන්නේ හසරැල්ගේ අණ කිරීම මත..

” මනුජ.. “

” සර් නංගීට සිහිය නෑනේ.. “

” කාලකන්නී හැත්ත කෙල්ලට ගහලා හිතක් පපුවක් නැති තිරිසන්නූ.. .. යමූ ඉක්මනට මනුජ මේ ළමයට සිහිය නෑ.. නගින්න මගේ ජීප් එකට.. “

හසරැල් එහෙම කියලා ජීප් එකේ දොර ඇරලා දුන්නේ යුමීව දාගන්න..

” අරුන්ව සී අයි ඩි ඔෆිස් එකටම ගෙනියන්න ඉක්මනට උසාවී දාන්න ඔනේ.. කාලකන්නී මේ පාර තමා ඉගෙන ගන්නේ.. අර කාලකන්නීයා ඇප වලින් ඉඳලත් මේකට හවුල් වුනානේ.. අනික අර බඩුත් එහෙටම ගෙනියන්න.. “

” ඕකේ සර්.. “

පොලිස් නිලධාරියා එතනින් ගියේ හසරැල් ට ආචාර කරමින්..

” යමු මනුජ.. “

එහෙම කියලා හසරැල්ම වාහනේ පාරට දැම්මේ වේගෙන්..

මනුජ හිටියේ හොදටම කලබල වෙලා..

” හොද වෙලාවට මනුජ යුමී ඔයාට වට්ස්ඇප් ලයිව් ලොකේශන් ශෙයාර් කලේ නැත්නම් ඉවරයි… මටත් මුන් වැඩක් දුන්නනේ.. ඕක හිතුන නිසයි මම ඒකට වෙන කෙනෙක් යැව්වේ කරුමෙට ෆෝන් එකේ 🔋 බැට්‍රිත් ලෝව් වුනානේ.. කමක් නෑ ඔක්කොම හොද විදියට වුනානේ.. කෙල්ලව එක්කන් යමු.. කවුද බන් ගෑනුන්ට මොලේ නෑ කියන්නේ මේ තියෙන්නේ එලකිරි මොලයක්.. අපිට මේ මිශන් එක මේ තරම් සක්සස් කරගන්න හම්බුනේ සයුමී නිසා .. නැත්නම් මුන් වංගූ ගහනවා.. “

” ඒකනම් ඇත්ත සර්.. මෙකිට මොලේ වැඩි නිසා තමා අපිට මෙහෙම හූල්ලන්න වෙලා තියෙන්නේ. . මට කියලා තිබ්බ නිසා හොදයි විස්තරේ.. ඔක්කොටම හපන් කිසිම කෙනෙක් ට කියන්නත් එපා කිව්වනේ මේකී .. මන් නිකේෂ්ටවත් කියන්නේ නැතුව මේ ආවේ දැන්.. එහෙන් ගෑනිත් අහනවා.. මාර ටොපි තමා නෑනා මට සෙට් කරන්නේ.. “

” 😂😂😂😂 එහෙම තමා බන් මස්සිනාලා වුනාම ඉන්න ඕනේ.. 😂😂 “

හසරැල් හිනා වුනේ සැහැල්ලුවෙන්.. වේගෙන් වාහනේ ගෙනත් නැවැත්තුවේ නවලෝකේ ඉස්සරහින්..

” මනුජ ඉක්මනට ගෙනියන්න මන් වාහනේ පාක් කරලා එන්නම්.. “

මනුජ කෙල්ලව හරහට අරගෙන ගියේ නවලෝකේ ඇතුලට.. ඒත් එක්කම ගයාන්ට එන ගමන් කෝල් කරලා කිව්ව නිසා ලොකු ඩොක්ටර් කෙනෙක් එක්කම ගයාන් හිටියේ රෝහලේ අයි සී යූ එක ලඟ..

කෙල්ලව ට්‍රොලියකට දාලා මනුජ අරන් ගියේ වේගෙන්..

ගයාන් කෙල්ලව අයි සී යු එකට ගත්තටත් පස්සෙයි හසරැල් එතනට ආවේ..

” කොහොමද සයුමිට.. “

හසරැල් ඇහුව්වේ මනුජගෙන්..

” ඇතුලට ගත්තා සර් බලන්න ඕනේ.. “

” ඊලඟට තව එක පාරක් සයුමීට කට උත්තරයක් දෙන්න වෙනවා උසාවියට.. මොකද මෙතන වැදගත්ම සාක්ෂිය සයුමී.. ඒත් එක්කම ඩිවෝස් එක ගන්නත් පුලුවන් වෙයි.. මන් ඒ ටික හදලා දෙන්නම්.. ඩිවෝස් එක දවසින් ගන්න පුලුවන් ලෝයර් කෙනෙක් අල්ලන්න.. සයුමිට වන්දියකුත් ගන්න පුලුවන් වෙයි.. “

හසරැල් කියාගෙන ගියේ මනුජට..

” ඔවුන්ගේ මුකුත් ඕනේ නෑ සර්.. කෙල්ල අපි ලඟට එනවනම් එච්චරයි .. “

” හැම සාක්ෂියක්ම තියන නිසා මේක එක දවසින් ඉවර කරන්න පුලුවන් මනුජ. . “

” අනේ ඒක ලොකු දෙයක් සර් මේකී කොලු වැඩ කලාට කෙල්ලෙක්නේ.. ඕවා ගානේ රස්තියාදු වෙන එක මහ අපරාදයක්.. “

” එහෙනම් මම යන්නද මනුජ අරුන් අතන.. එතන වැඩ ටික බලන්න ඕනේ.. සයුමිට සිහිය ආවොත් කෝල් එකක් දෙන්න.. එයාගේ සිටුවේශන් එක බලලා අපී උසාවි වැඩේ ඉක්මනට දාමූ.. මොකද පැය 24 කට වඩා මුන්ව තියාගන්න බෑ.. ඒක තමා අපේ නීතිය. . ඒ නිසා මට කියන්නකෝ සයුමිගේ තත්වේ.. “

” ඕකේ සර් තැන්කිව් .. “

මනුජ එහෙම කියලා බැලුවේ අයි සී යූ එක දිහා..

ටික වෙලාවකට පස්සේ ගයාන් ආවේ ලොකු ඩොක්ටර්ත් එක්කමයි..

” ගයානයා මොකද නංගිට.. “

” අවුලක් නෑ බන්.. ටිකකින් සිහිය එයි.. “

” එහෙනම් ඩොක්ටර් ගයාන් මම යනවා.. “

එහෙම කියලා ලොකු ඩොක්ටර් එතනින් ගියාට පස්සේ ගයාන් හැරුනේ මනුජගේ පැත්තට.

” අම්මපා මනුවා මේකීට මොකක්ද බන් මේ වෙලා තියෙන්නේ… පාඩුවේ ඉන්නම බැරිද ලෙඩක් දාගන්නේ නැතුව. “

ගයාන් ඇහුව්වේ මනුජගේ කරට අතක් දාන ගමන්..

” 😂😂😂 ඒ එකිගේ විදිය බන්.. “

මනුජ කිව්වේ හිනැහෙමින්..

” මොකක්ද සීන් එක වෙලා තියෙන්නෙ.. “

මනුජ හැම දේම ගයාන් එක්ක කිව්වේ ගයාන්ගේ ඇස් පුදුමෙන් ලොකු කරමින්..

” අම්මා ගහයි පොලු සීයකින් සිරිසේන මේකී යක්ශනියක්ද බන්.. ඇයි යකෝ කෙල්ලෙක්ට පුලුවන්ද මෙහෙම දේවල් කරන්න.. අපේ ගැනු නම් චූ ගිහින් මැරෙයි.. ඒ විතරක්ද බන් ඔහොම දෙයක් කරන්න පිරිමි වෙච්ච අපිත් පස්ස ගහනවනේ.. ඒ අතින් උබේ නෑනා පට්ටනේ යකෝ.. “

” ඒ ඔක්කොටම හපන් බන් මේ කිසි දෙයක් කවුරුත් දන්නේ නෑ.. අම්මා ඉන්නෙත් මාර කේන්තියෙන්.. අමායත් එහෙමයි.. කේෂ් ට කිව්වෙත් නෑ බන්.. “

” අම්මට සිරී එහෙමත් එකක්ද.. කෙල්ලට කොහොමත් තව ටිකකින් සිහිය එයි.. උඹ මොකද කරන්නේ.. රෑත් වුනා බන්.. “

” ඒක තමා අමා කොල් අරන් තියනවා බන් .. මන් සිහිය ආවාම මේකිට කියලා යනවා.. ඩිශාන් කාරයාගේ අම්මත් එයි දැන්.. “

” හරි එල පරිස්සමෙන් එහෙනම්.. මන් යනවා මොනව හරි තිබ්බොත් කෝල් කරපන්.. මන් හෙට එනවා කොහොමත්.. “

ගයාන් එතනින් යනකොටම එතනට ආවේ දිස්නා..

” මොකක්ද පුතේ වුනේ.. “

මනුජ එකක් නෑර දිස්නාට කියද්දී දිස්නත් පුදුම වුනේ කෙල්ලෙක් වෙච්ච යුමී මේ කරපූ දේ නිසා..

” අනේ අම්මපා මේ කෙල්ල මටවත් කිව්වේ නැති හැටියක් මේ කිසි දෙයක්.. කනෙන් අල්ලගන්න ඕනේ.. දැන් කොහොමද පුතා කෙල්ලට.. දිපිකා දන්නවද .. ? දන්නවනම් පපුව පැලෙයි.. මගේත් මේ තාම පපුව ගැහෙනවා.. පුතා කිව්ව ගමන් මන් මේ දුවගෙන ආවේ.. “

දිස්නා කිව්වේ හති දමමින් පපුවත් අල්ලගෙන..

” තව ටිකකින් සිහිය එයි කිව්වා ආන්ටී , නෑ අම්මා දන්නේ නෑ අම්මට කියලා බෑ දැන්ම මේ දේවල්.. බලමුකෝ කොහොමත් හෙට අනිවා හෙඩ්ලයින් එක මේක දැනටමත් යනවද දන්නේ නෑ.. මම මේ කල්පනා කලේ ඒකයි.. බලමූ එන විදියට කරමූ.. “

” එක්ස්කියුස්මී සර් ඔයාලගේ පේශන්ට සිහිය ආවා.. “

මනුජ දිස්නා එක්ක කතා කර කර ඉන්නකොට එතනට ආව නර්ස් එහෙම කියලා ගියේ යුමී ඉන්න රූම් එකටමයි..

කෙල්ල ඇස් ඇරියේ අමාරුවෙන්.. ඔලුවේ කලු ගලක් තියලා වගේ දැනෙන වේදනාව නිසා ඇස් ඇරියේ හිමින්..

” ඕ ශිට් ඔලුව.. “

යුමී එහෙම කියමින් ඔලුව අල්ල ගත්තේ දරාගන්න බැරි වේදනාවක් ආව නිසයි..

” නෑනෝ.. “

එහෙම කියලා මනුජ එතනට ආවේ දිස්නාත් එක්කමයි..

” දුවේ.. “

දෙන්නා දිහාම මාරුවෙන් මාරුවට බලපු කෙල්ල ලාවට හිනා වුනේ වෙච්ච සිදු වීම් එකින් එක මතක් වුන නිසා.. ඒත් පාලිත තමන්ට වෙඩි තියන්න එන සිද්දියෙන් පස්සේ වුන කිසි දෙයක් කෙල්ලට මතක තිබුනේ නෑ..

” අයියා මොකක්ද වුනේ.. “

කෙල්ල ඇහුව්වේ හිමින්..

යුමීව වෙහෙසවන්න බැරි නිසා හැම දේම කියලා දැම්මේ යුමීට ඕක නොකියා මෙතනින් යන්න බැරි බව අත්දැකීමෙන් මනුජ දන්න නිසා..

” ඒකත් හරි එහෙනම්.. අයියා තව එක උදව්වක් කරන්න මගේ ෆෝන් එකේ බැක් කවරේ පිටිපස්සේ ඇතී ෆෝන් නම්බර් එකක් ලෝයර් කෙනෙක්ගේ එයාට කතා කරලා කියන්න හෙට උසාවියට මගේ ඩිවෝස් ෆයිල් එකත් අරන් එන්න කියලා.. මේ වැඩේ හෙටම ඉවර කරගන්න ඕනේ.. “

සයුමි අමාරුවෙන් වුනත් කියවගෙන ගියේ තවමත් ඩිශාන් ගැන හිතේ තියෙන කේන්තිය නිසා..

” ආන්ටී මට සමාවෙන්න.. “

යුමී දිස්නාට කිව්වේ ඇස් දෙකේ කඳුලු පුරවන්..

” ඇයි දැන් දුව ඔයා සමාව ඉල්ලන්නේ..අපිනේ ඔයාට තැන්කිව් කියන්න ඕනේ නේද පුතා.. “

දිස්නා එහෙම කියලා බැලුවේ මනුජ දිහා.. මනුජ ඔලුව හෙල්ලුවේ ඔව් කියන්න වගේ..

” නෑනෙ ආන්ටී ඒ මොනවා වුනත් ඔයාගේ පුතයි , මහත්‍තයයි.. ඒත් එයාලා හරි විදියට හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ ආන්ටී.. “

” දැන් මම දුවට මොනවා හරි කිව්වද නෑනේ.. අනික රටට වැඩක් නැති මිනිස්සූ ඔය විදියට විදවන්න ඕනේ දුවේ.. මටනම් කිසිම දුකක් නෑ.. ඔයා කරපූ දේ තමයි හරිම දේ ඒ නිසා දැන් ඔහොම හිතන්න එපා.. අනික උසාවියට දෙන්න මගේ ලඟත් සාක්ෂි තියෙනවා…දු එක්ක මම ඉන්නවානේ.. “

එහෙම කියලා දිස්නා යුමීව තුරුල් කරගත්තේ ආදරෙන්..

” එහෙනම් ආන්ටී ඉන්නවනේ…මම දැන් හසරැල් ටත් කෝල් කරලා කිව්වා.. ලෝයත් හෙටම එයි , ඒත් නංගී ඔහොම තුවාල පිටින් යන්න පුලුවන්ද .. “

” පුලුවන් අයියා මට අමාරු නෑ.. ඊට පස්සේ පුලුවන් ඇරියස් එක්කම රෙස්ට් කරන්න.. “

” හරි එහෙනම් මන් යනවා තව හිටියොත් බත් කාඩ් එකත් නැති වෙනවා.. අක්කට පත පචයක් කියලා ආවේ.. එහෙනම් මන් කැපුනා හෙට එන්නම් උසාවියටම.. ඔයාට ඇඳුම් මොකද කරන්නේ නංගී. . “

” මන් ඒක හදලා දෙන්නම් පුතා ඔයා යන්නකෝ.. “

දිස්නා එහෙම කිව්වම මනුජ යුමී ලඟට ඇවිල්ලා ඔලුව අත ගාලා කිව්වේ..

” පරිස්සමෙන් නංගී.. අපෙ පණ උඹ.. මන් මේ දේවල් වලට උදව් වුනෙත් උඹ කරන්නේ හරි දෙයක් නිසා.. උඹ එක්ක මේ අයියා හැම දාම ඉන්නවා.. බුදුසරණයි .. මම හෙට එන්නම්.. “

මනුජ යුමීව වැලදගත්තේ හදවතින් ම තියෙන සහෝදර ප්‍රේමයෙන්..

” තැන්කිව් අයියා.. “

යුමී කිව්වෙත් හදවතින්මයි..

මනුජ ගියේ යුමීට උපදෙස් ගොඩාක් දෙන ගමන්. .

” හොර කෙල්ලෙක් මේ කෙල්ල මටවත් කිව්වේ නෑනේ… 😏😏 “

දිස්නා රවන්න ගත්තේ බොරුවට..

” අනේ මගේ සුදු ආන්ටියෝ සොලී..”

කෙල්ල කිව්වේ දුක් මූනක් හදාගෙන අත් දෙකෙන් කන් දෙක අල්ලගෙන ඔලුවත් ටිකක් ඇල කරමින්..

” පිස්සී දැන් නිදා ගන්න හොදටම රෑ වුනා.. “

දිස්නා එහෙම කියලා කෙල්ලගේ ඔලුව අත ගෑවේ ආදරෙන්..

පාන්දරම යුමී නැගිටලා ලෑස්තී වුනේ දිස්නගෙත් උදව් ඇතිව..

සුදු සාරිය ඇඳලා කෙල්ල දිග කොන්ඩේ තනි කරලට ගෙතුවේ උසාවියට යන නිසා.. බැන්ඩේජ් එක තියෙද්දිම දිස්නා හිමීට කෙල්ලගේ කොන්ඩේ ගොතන්න ගත්තේ ආදරෙන්..

” දුව අදින් පස්සේ ඔයාගේ ජීවිතේ ගොඩක් වෙනස් වෙයි.. ලෝකයාට ඔයා මොනවා කලත් සමහරක් මිනිස්සූ ඉන්නවනේ හරක්… උන් හිතන්නේ දික්කසාද ගෑනියක් කියන්නේ උන්ගේ ප්‍රයෝජනේට ඉන්න කෙනෙක් කියලා, තවත් උන් ඔයාට එක එක ඇනුම් පද කියයි.. ඒ මොනවා වුනත් දෝනීගේ හිත ශක්තිමත් කියල මම දන්නවා.. මෙතනින් එහාට මගේ කෙල්ලට ලස්සනට ජීවත් වෙන්න පුලුවන් මම ඒක දන්නවා .. එන ප්‍රශ්න වලට ඔය විදියටම මූන දෙන්න දූ.. ඔයාට බුදුසරණයි .. “

දිස්නා කිව්ව දේවල් නිසා කෙල්ලට මතක් වුනේ අම්මව..එත් එක්කම වගෙ කෝල් එක ආවේ මනුජගෙන්..

” අයියා.. “

“කොහෙද නංගා ඉන්නේ.. මන් එන ගමන්.. “

” මම කිව්වේ අයියා අම්මා අක්කී එන්නේ නැත්ද .. “

” නෑ එයාලා තේරුම් ගන්නේ නෑ ආවම කතා කරමූ නංගී මම ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ තියනවා.. “

” එතකොට කේෂ් අයියා.. “

යුමී ෆෝන් එක තියන්න ලෑස්ති නෑ ..

” ඌ කියලත් වෙනසක් නෑ බන් මම තිබ්බා.. “

මනුජ යුමී කතා කරන්නත් කලින් ෆෝන් එක තිබ්බේ යුමීගේ හිත තවත් රිද්දමින්..

ලොකු සුසුමක් පල්ලෙහාට දැම්ම යුමී ෆෝන් එක දිහා බලන් හිතුවේ දිස්නා කිව්ව දේවල්..

” ආන්ටී තැන්කිව් මගේ එක්ක ඉන්නවට.. මම හිතුවේ නෑ ආන්ටී මට මේ තරම් උදව් කරයි කියලා තැන්කිව් ආන්ටී… ❤️❤️”

යුමී එහෙම කියලා දිස්නාව බදාගත්තේ ආදරෙන්…

” අපි යමූ දෝනී.. මම මේ උසාවී වැඩේ ඉවර වුනාම දීපිකා එක්ක කතා කරන්නම් දැන් යමු.. “

දිස්නත් යුමිත් හොස්පිටල් එකෙන් පිට වුනේ ගයාන් එක්කත් කතා කරලමයි…

උසාවිය දකිනකොට යුමීගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තේ කවදාවත් යුමී උසාවියකට ඇවිල්ලා නැතී නිසා ..

” ඒයි චන්ඩී කෙල්ල මොකද බන් මේ මූනත් එක්ක සුදු මැලි වෙලා මේ අතත් සීතල වෙලා.. “

මනුජ එහෙම කියලා යුමීගේ අතින් අල්ලලා ඇහුව්වේ හිනැහෙමින්..

” උසාවියට බයයි මම ඉස්සර ඉදන්ම අයියා.. “

යුමී කිව්වේ බයෙන්..

“මොකක් තමුසේ ජෝක් කරන්න එපා බන්.. “

” සීරියස් අයියා.. “

” නංගී මේ උසාවියට බය වෙන්න නෙවේ ඕනේ ගරු කරන්න.. මේ තැන තියෙන්නේ අසාදාරනයක් වුන අයට යුක්තිය ඉශ්ට කරන්න මිසක් බය වෙන්න නෙවේ.. කෝ අර එඩිතරකම මෙන්න මෙහේ එනවා යන්න..”

මනුජ එහෙම කියලා කෙල්ලව එක්කන් ලොයර් එක්කම ඇතුලට ගියේ නඩුව වෙනුවෙන්..

ලොකු කේස් එකක් නිසා මේ නඩුව තිබුනේ අලුත්කඩේ උසාවියේ විශේෂ ඒකකයක..

කෙල්ල මනුජ දිස්නා එක්ක ඇතුලට ගිහින් ඉඳගත්තේ නඩුව කතා කරනකන් ..

හසරැල් කෙල්ල ලඟට ආවේ ඒත් එක්කමයි..

” ආ සයුමී කොහොමද දැන්.. “

” හොදයි සර් .. “

කෙල්ල එහෙම කියලා බැලුවේ හැන්ඩ් කප් දාගෙන එන පාලිත ඩිශාන් ඇතුලු පිරිස දිහා.. පාලිතගේ වගේම ඩිශාන්ගේත් වෛරී ඇස් යුමී දිහා බලන් ඉන්නවා දැක්කත් කෙල්ල නක්කලේට හිනා වුනේ ඔවුන්ට දැන් කරන්න පුලුවන් දෙයක් නැතී නිසා..

” විදවන්නම වැඩේ කරා නේද සයුමී.. ගුඩ් ජොබ්.. තැන්කිව් මේකට උදව් කලාට.. “

හසරැල් කිව්වේ හදවතින්මයි..

” මමනේ සර් සර්ලාට තැන්කිව් කියන්න ඕනේ.. “

” අහ් ඒක අපේ රාජකාරිය.. “

හසරැල් එහෙම කියනකොටම වගේ තෝල්කයා හයියෙන් කිව්වේ ,

” උසාවිය නිශ්ශබ්ද වනු.. “

ඒ ලැබිච්ච අණ නිසා හැමෝම නිහඩ වුනේ හරිම ඉක්මනින්..

” නඩු අංක 9876 “

පේලියට පාලිත ඇතුලු පිරිසගේ නම කිව්වේ තෝල්කයා විසින්..

පාලිතලා වෙනුවෙන් ලොයර් කෙනෙක් කතා කලත් ඔහුගේ උත්සහය වතුරේ යන්නේ සියලුම සාක්ෂි ඔවුන්ට විරුද්ධව හරිම ලස්සනට තිබුන බැවින්..

සාක්ෂි කැඳවන්න..

යුමී ගේ නම කියලා ඉවර වෙලා යුමීගෙන් සියලු ප්‍රශ්න අහලා අවසන් වෙනවා එක්කම කියපූ නම නිසා කෙල්ලගේ ඇස් ඉබේම ලොකු වුනේ එන කෙනා දැකලා..

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 කව්ද එන්නේ.. ?

👉 මම මුකුත් කියන්නේ නෑමයි..

👉 ලයික් කමෙන්ට් කරන හැමෝටම විස්කෝතුයි..

➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
3
+1
142
+1
7
+1
3
+1
4
+1
1
+1
1

5 COMMENTS

  1. I do not know whether it’s just me or if everybody else encountering issues with your blog.

    It appears as though some of the written text within your posts are running off the screen.
    Can somebody else please provide feedback and let me
    know if this is happening to them too? This could be a issue
    with my internet browser because I’ve had this happen previously.
    Kudos 0mniartist asmr

  2. Very good blog! Do you have any tips for aspiring writers?
    I’m planning to start my own blog soon but I’m a little lost on everything.
    Would you recommend starting with a free platform like
    Wordpress or go for a paid option? There are so many choices out there that I’m completely confused ..

    Any tips? Thanks a lot! asmr 0mniartist

  3. Magnificent beat ! I would like to apprentice while you amend your site, how can i
    subscribe for a blog website? The account aided me a applicable deal.
    I have been a little bit acquainted of this your broadcast provided brilliant clear concept asmr 0mniartist

  4. Hey I know this is off topic but I was wondering
    if you knew of any widgets I could add to my blog that automatically tweet my newest twitter updates.
    I’ve been looking for a plug-in like this for quite
    some time and was hoping maybe you would have some experience with something
    like this. Please let me know if you run into anything. I truly enjoy reading your blog and I look forward to your new updates.

    asmr 0mniartist

  5. Wonderful goods from you, man. I have understand your
    stuff previous to and you’re just too magnificent.
    I really like what you’ve acquired here, really like what you’re saying and the way in which you say it.
    You make it enjoyable and you still care for to keep it smart.
    I can’t wait to read far more from you. This is actually a wonderful web site.
    asmr 0mniartist

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here