මගේ දෙවනි මනමාලයා ඔහුයි – 37 කොටස

118
3489

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

37 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

කේෂ්… 💜️

මුරණ්ඩුම මගේ සිත
හිස්තැනක් නොමැතිවම
නුඹ ඇවිත් ලැඟුම් ගෙන
සදා නොවෙනස් ලෙසට…

දුරස් වී සැමගෙන්ම
නැහැ වින්ඳෙ සතුට මම
නුඹ සිතන ලෙසට නොව
හැර දමා ගියෙ නුඹව…

එනකල්ම මං නැවත
නුඹ හිඳී සිතුවාට
නොසිතාම මා නුඹට
එපා වීදෝ මෙලෙස…

මහමෙරක් සිතේ පෙම
නුඹ නමින් තිබුණාට
නුසුදුසුයි දැන් මාව
පෙර නොවූ විරු ලෙසට…

යුමී…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ Dilakshani Chamodya තැන්කිව් නංගා.. ❤️❤️
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

➡️ කේෂ් එනවා කියලා හිතපූ අය කොනට යමු.. හී කවුරුත් හිතපු නැති කෙනෙක්ලූ ආවේ.. බලමූ නේද කතාව➡️

සාක්ෂි කැඳවන්න..

යුමී ගේ නම කියලා ඉවර වෙලා යුමීගෙන් සියලු ප්‍රශ්න අහලා අවසන් වෙනවා එක්කම කියපූ නම නිසා කෙල්ලගේ ඇස් ඉබේම ලොකු වුනේ එන කෙනා දැකලා.. කටත් ඇරන් කෙල්ල බලන් හිටියේ පුදුමෙන්.. කෙල්ලගේ හිතට කේන්තියකුත් ආවේ වුන දේවල් නිසා..

” ඔය කට වහගනින් යුමී තෝ මේකේ ඉන්න මැස්සගේ ඉඳලා ඔක්කොම ඕක අස්සට රිංගයි. “

එහෙම කියාගෙන එතනට ආවේ සයුරී.. සයුරී ඒ ටික කිව්වේ හරිම හිමීට.. එහෙම කියලා සාක්ෂි කූඩුවට නැග්ගේ යුමී දිහා බලලා හිනා වෙන ගමන්..

එතනින් එහාට සයුරි කිව්ව දේවල් යුමී අහගෙන හිටියේ හීනෙන් වගේ.. ඩිශාන් මහ කුරීරු විදියට සයුරිව කිඩ්නැප් කරලා විතරක් නෙවේ කෙල්ලට සෑහෙන්න වද දීලා තිබ්බා.. ඒ වගේම සයුරිට කියලා ලිවුමක් ලියවගෙන තියෙන්නෙත් බලෙන්ම වගේ..

මේ හැමදේම දිහා බලාගෙන හිටිය යුමීට සයූ ගැන දැනුනේ ලොකු දුකක්..

” ශිට් මගේ මෝඩ මොලේට තේරුනේ නෑ මෙච්චර පොඩි කාලේ ඉදන් එකට ඉඳලත් මේකී මෙහෙම දෙයක් කරන එකක් නෑ කියලා.. “

යුමී හිතන ගමන් බලන් හිටියෙ නඩුව කතා කරන එක දිහා..

ශානිකත් ශාක්ෂියට කතා කලේ වෙනදා තිබ්බ අසරණකමින් නම් නෙවේ ඒ ඇස් වල තිබ්බේ ලොකු ශක්තියක් ඩිශාන් දිහා බලාගෙනම වුන සිද්දී එකින් එක කිව්වේ ලොයර්ස්ලා අහපු දේවලුත් එක්ක..

දිස්නාත් ශාක්ෂියක් විදියට කතා කලේ පාලිතව අන්ත පරාජයකට ලක් කරමින්.. පාලිතගේ වගේම ඩිශාන්ගෙත් මූනූ වල තිබ්බේ ලොකු වෛරයක් විතරයි..

යුමී කට කොනින් හිනා වෙලා පාලිතලා දිහා බැලුවම පාලිතගේ මූන තවත් කේන්තියෙන් රතු වුනේ යුමී ගැන ලොකූ වෛරයක් හිතේ තැන්පත් කරගනිමින්..

” උසාවියේ වැඩකටයුතු තවත් පැයකට කල් යවනවා.. ඉන්පසු මෙම නඩුවේ අවසාන තීන්දුව ලබා දෙනවා.. “

තෝල්කයා එහෙම කිව්වම හැමෝම එලියට ගියේ හිමින්..

” සයු…”

යුමී සයුරිව බදාගත්තේ ආදරෙන්.. ඒත් එක්කම එතනට ආවේ ශානිකා වගේම මනුජ එක්ක දිස්නා..

” හා හා දැන් යාලුවෝ දෙන්නා සතුට සැමරුවා ඇතී අපි එක්කත් ඔය සතුට බෙදාගත්තනම් නරකයිද.. “

මනුජ කිව්වේ සුපුරුදු දඟකාර කමින්..

මනුජට යුමී එරෙව්වේ බොරුවට..

” මට සමාවෙයන් යුමී උඹට මන් දෙවනි මනමාලිට කතා නොකරනම් මේ කිසි ප්‍රශ්නයක් නෑ.. සමාවෙයන් කෙල්ල.. “

ඒත් එක්කම එතනට ආවේ විහාර එක්ක සයුරිගේ අම්මලා..

විහාර සයුරිව තුරුල් කරගත්තේ ඉන්නේ කව්ද , කොහෙද කියන එකත් අමතක කරලා..

” මේක උසාවිය යකෝ.. “

යුමී එහෙම කිව්වේ හිනැහෙමින්..

හැම ප්‍රශ්නෙම විසඳුනත් යුමී හිටියේ දුකින්.. මෙච්චර සෙනගක් මැද යුමිට දැනුනේ මහ ලොකු තනි කමක්.. හැමෝම එක එක කතා වල ඉන්නකොට යුමී කතා කර කර හිටියත් හිටියේ වෙනමම ලෝකෙක..

හිමින් යුමී ලඟට ආව මනුජ යුමී ලඟට ලන් වෙලා ඇහුව්වේ..

” නංගී බොරුවට හිනා වෙනකොට උඹට හරි කැතයි බන්.. දුකයි නේද.. “

” අනේ නෑ අයියා මොකට දුක් වෙන්නද මෙච්චර සතුටක් තියෙනකොට.. “

යුමී කිව්වේ හිනැහෙන්න උත්සහ කරමින්..

” බොරු කියන්න එපා බන්.. දුක් වෙන්න එපා නංගී අම්මලා කවදා හරී තේරුම් ගනී .. කේෂ් ඔක්කොටම හපන් ඌ කියන දේ අහන්නේම නෑ.. 😏😏 “

” අනේ මගුල මට එයාගෙන් වැඩක් නෑ.. 😏😏 “

යුමී කිව්වේ බොරුවට කියලා මනුජට හොදටම තේරුනේ යුමීගේ ඇස් වල පිරිලා තියන කඳුලු නිසා..

” ම්ම්.. මොනවා වුනත් උඹ එක්ක මම ඉන්නවා.. මේ අයියා ඉන්නවා.. “

මනුජ කිව්වේ යුමීගේ ඔලුවට අත තියන ගමන්..

” මේ ආත්මේ මගේම අයියා නොවුනට කමක් නෑ අයියේ මොකද මගේම අයියා වුනානම් අද ඔයාත් මට නැති වෙන්න තිබ්බා පේනවනේ අම්මීත් නෑ අක්කිත් නෑ.. ගොඩක් පිං අයියේ මේ කරන උදව් වලට මට ශක්තියක් වුනාට ගොඩක් පිං.. “

යුමී කිව්වේ හදවතින්මයි..

පැයක කාලයක් ගෙවිලා ගියේ වේගයෙන්..

තීන්දුව දෙන වෙලාව ලන් වුනේ සියලුම සාක්ෂි විමසිමෙන් පසුයි.. හසරැල් ගේ තිබුන උනන්දුව නිසාම දවසින්ම මේ නඩුව ඉවර කරගන්න පුලුවන් වෙන්නේ යුමීගේ හිත සැහැල්ලූ කරමින්..

පාලිතට , දිස්නගේ අයියාව මැරීම, ගණිකා මඩම් තුනක් පවත්වාගෙන යාම නීතී විරෝදී ලෙස, මිනී මැරීමට තැත් කිරීම, කුඩු හා ගජ මුතු විකිනීම වැනි චෝදනා විශාල ප්‍රමාණයක් ඔප්පූ වීම නිසා උසාවියෙන් ඔහුට බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කරනවා.. ඒ වගේම ඔහුගේ සියලූ වත්කම් බිරිඳ දිස්නට පවරන්නෙත් ගරු අධිකරණය විසින්මයි..

ඒ වගේම ඩිශාන්ගේත් යුමීගෙත් දික්කසාදය ස්ථිර කරනවා වගේම ඩිශාන්ටත් බරපතල වැඩ සහිතව වසර විස්සක සිර දඬුවම් නියම වෙනවා.. ඒ වගේම ඔහු සතු සියලුම දේපල, වත්කම් සයුමිට පැවරෙන්නේ වන්දියක් ලෙසින්..

පාලිතගේ සියලූ ජාවාරම් වලට ආදාර අනුබල දුන් නිසා මුදල් ඇමති වික්‍රමසිංහටත් වසර දහයක සිර දඬුවම් නියම කරනවා..

කුඩු තොගය ගෙන ගිය රියදුරු මහතා ඇතුලු පාලිතගේ ලඟම සිටි මිනිසුන් නිදහස් වෙන්නේ දැඩි අවවාද මැද..

සියල්ල හොදින් අවසන් වුනේ යුමීගේ හිත නිදහස් කරමින්.. මෙපමණ දුක් කන්දරාවක් ඉවසුවත් අම්මගෙත්, අක්කාගෙත් නොපැමිණීම යුමීට ගෙනාවේ මහා වේදනාවක්..

සියලුම පුවත් වල යුමීගේ මේ ක්‍රියාව පෙන්වන්නේ වීර කාන්තාවක් ලෙසින්..

යුමී උසාවියේ ඉදන් එලියට යන්න යනකොටම ආවේ ශානිකා..

එහෙම්ම කෙල්ල යුමීට දන ගහලා වැන්දෙත් යුමී කෙල්ලව නැගිට්ටුවෙත් එකටම වගේ..

” ගොඩක් පිං අක්කේ .. “

ශානිකා කිව්වේ අත් දෙකෙන් යුමීට වැදගෙන..

” පිං එපා නංගී .. මෙතනින් එහාට තමයි ඔයාට වැඩිපුර ප්‍රශ්න එන්නේ මොකද මේ වුන දේ නිසා හැමෝම දැන ගත්තා ඔයා ගැන.. දැන් ගොඩක් පිරිමි එයි අනුකම්පා කරගෙන ඒවට අහු වෙන්න එපා මැනික.. ඉස්සරහට ජීවිතේ දිනන්න එක අධිෂ්ඨානයක් තියාගන්න.. සමහරක් පිරිමි ඉන්නවා දෙවිවරුන්ගේ වේශයෙන් එන යක්ශයෝ ඒ යක්ශයන්ට අහු නොවී නියම කෙනා එක්ක ජීවිතේ ගෙවන්න .. එහෙම කෙනෙක් නැති වුනොත් තනියම ඉන්න එක සැපයි.. දුක අහන්න එන ගොඩක් දුක්ගන්නාරාලලා යන්නේ අපේ ජීවිත අපායවල් කරලා. . හොදට ඉගෙන ගන්න ඔයාගෙන් මොනවා හොරකම් කලත් නැති කලත් , ඉගෙනීම නැති කරන්න බෑ කෙල්ල.. ඒ නිසා පරිස්සමෙන් හැමදේම.. බුදුසරණයි “

” අක්කී ඒ වචන ටික මගේ හදවතටම දැනුනා.. පිං මට සාදාරනයක් ඉෂ්ට කලාට.. එහෙනම් මන් යනවා අක්කී අම්මලා ඇවිල්ලා ඉන්නේ.. “

” හොදයි බුදුසරණයි නංගී.. මොනවා හරි තිබ්බොත් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.. “

යුමී කෙල්ලට නම්බර් එකත් දීලා යන්න හැරුනේ මනුජලා ඉන්න තැනට..

” එහෙනම් යුමියෝ අපි යනවා.. මම බඳිනවා එනවද දෙවනි මනමාලිට.. “

සයුරි කිව්වේ ඇහැකුත් ගහන ගමන්..

” අනේ නම්කී මේන් වැන්දා ආයේ අපේ එකී මනමාලී මිසක් දෙවනි කතා නෑ.. මෙකී මේ පාර කරපු වැඩෙන් තව ටිකෙන් මගේ බත් කාඩ් එකත් නැති වෙනව.. උඹ බැදහන් මගුලට එන්නම් අපි.. “

මනුජ කිව්වේ හිනැහෙමින්..

යුමිත් හිනා වුනේ මනුජගේ මේ බ්‍රේක් නැති කට නිසා..

” හරී බන් මේ එහෙනම් අපි යනවා “

යුමීව වැලඳගෙන සයුරිත් එතනින් පිට වුනේ විහාරගේ අතේ එල්ලීගෙනමයි..

” දූ මාත් යනවා දැන් දූ මොකද කරන්නේ .. “

දිස්නා එහෙම කිව්වේ යුමීගෙන් පිලිතුරක් බලාපොරොත්තුවෙන්..

” මට ටිකක් තනියම ඉන්න ඕනේ ආන්ටී මම එන්නම් අනික ආන්ටී යන්න.. “

” එත් නෑනෝ.. “

” ඒත් මේත් නෙවේ අයියා තනියම ඉන්න ඕනේ.. තරහ කාරයෝ නෑනේ මට දැන්.. ඉක්මනටම තීරණයක් ගන්න ඕනේ අයියා.. අම්මලා හම්බෙන්න එක පාරක් එනවා.. අනික අයියා මට ජපන් යන්න දාපූ ඇප්ලයි එකට ඊයේ හොද ආන්සර් එකක් හම්බුනා මම මෙහෙන් ටික කාලෙකට යනවද නැත්ද කියලා කල්පනා කරලා තීරණයක් ගන්න ඕනේ.. ප්ලීස්.. “

යුමී කිව්ව විදියට මනුජට එතනින් එහාට කිසිම දෙයක් කියන්න හිතුනේ නෑ..

” පරිස්සමෙන් සුදු.. යන්න ඕනේ තැන කියන්න මන් දාන්නම්.. “

” නෑ අයියා යන්න මන් ලෝයර් එක්ක ටිකක් කතා කරලා එන්නම්.. දැන් අනික අයියා නිකේෂ්ගේ ලඟ නේද වැඩ ඔය මනුස්සයා කෑ ගහයි.. ආන්ටිත් යන්න මන් හවස ඒ පැත්තේ එන්නම්.. “

යුමී එහෙම කියලා ඒ දෙන්නගෙන් සමු අරගෙන ගියේ ලෝයර් ලඟට.. ලෝයර් ටත් තැන්ක්ස් කරලා හසරැල් එක්කත් කතා කරලා කෙල්ල එලියට ආවේ කරන්නේ මොනවද කල්පනා කරමින්..

” ඒ බන් මේ යන්නේ අර ඇමතී පුතාව බැදපූ කෙල්ල නේද.. ඌගෙන් එක රැයක් සැපක් අරගෙන මුලු දේපල ටිකත් අරගෙන යන එකී.. අම්මපා මෙහෙමත් ගෑනූ..නංගී අපිටත්.. “

ඒ වචනේ කියනවා එක්කම යුමී ගැව්වේ ඒ රස්තියාදුකාර කොල්ලට අත දිග ඇරලා කම්මුල් පාරක්..

” පාහරයා කතා කරන්න ඉගෙන ගනින් ඔක්කොටම කලින්.. අම්මා කෙනෙක්ගේ බඩින් නෙවේද ඉපදුනේ ගෑනියෙක්ට අපහාස කරන්නේ.. අවජාතක කම ප්‍රදර්ශනේ කරන්න එපා මිනිහෝ.. දික්කසාද වුනා කියලා ඒ ගැනී වටේ යන්න ඕනේ ද ආ.. උබලවත් අල්ලලා දාන්න ඕනේ හිරේ.. මේ උසාවිය ලඟම ඉඳගෙන මේ වගේ පහත් කතා කියනවට. .ඔය කම්මුල් පාර මතක තියාගනින් ආයේ ගෑනීයෙක්ට අපහාස කරන්න කලින්.. “

කෙල්ල එහෙම කියලා උසාවිය ලඟින් යන පාරට හැරෙනකොටම දැක්ක දේවල් වලින් හිත ගැස්සුනේ පුදුමෙන්..

බයික් පෝලිමක් එක්ක බැලුම් මහ විශාල ප්‍රමාණයක් ඒ බයික් වල ගැට ගහලා.. හාට් හැඩැති, තවත් විවිද හැඩැති ගෑස් බැලුම් පන්දාහකටත් වැඩී .. ඒත් එක්කම කාර් , ජීප් රෝසස් වලින් සරසලා .. උසාවිය එක්කම තියෙන පාර පුදුම ලස්සනක් තිබ්බේ .. එතන ඉන්න පිරිසත් බලන් හිටියේ මේ වෙන සිදු වීම දිහා.. ඇත්තටම බලන්න ලස්සනයි..

යුමීගෙත් ඇස් ලොකු වුනෙත් පුදුමෙට කට ඇරුනෙත් එකටමයි..

කෙල්ල ඒ පුදුමෙන්ම ඉස්සරහට යන්න යනකොට තනි සුදු කිට් එක ඇඳලා බිමට එක කකුලක් තියාගෙන ලොකු රෝසස් බොකේ එකක් එක්ක තඩි චොකලට් එකක් අතේ තියාගෙන හිටියේ නිකේෂ් එහෙම නැත්නම් යුමීගේ #ඩම්බෝ

කෙල්ල පුදුම වෙච්ච පාර අත් දෙකෙන් කට වහගෙන බලන් හිටියේ මේ වෙන දේවල් යුමී හිනෙන් වත් බලාපොරොත්තු නොවුන නිසා..

#ජීවත්_වෙන්න_ආසයි_වස්තූ #කැටේ_ඔයා_එක්ක
#එනවද_මැරෙනකන්_හුස්ම_ගන්න
#මාත්_එක්ක#

කේෂ් ඒ කිව්ව වචන ටික කෙල්ලගේ හදවතට දැනුනේ පුදුම ආදරයක්… ඒ නිසාමයි කෙල්ලගේ ඇස් වලට කඳුලු ආවේ..

” ඔව් … “

එහෙම කියලා කෙල්ල එහෙම්මම කේෂ් ලඟ බිම ඉඳගෙන කේෂ් අතේ තිබ්බ බොකේ එකයි චොකලට් එකයි ගත්තේ හිනැහෙමින්..

එහෙම්ම කේෂ් යුමී එක්ක නැගිටලා ලස්සන ගලක් අල්ලපූ මුද්ද දාලා යුමීව ලං කරගන්න යනකොටම යුමී ඈතට ගියේ ඒත් එක්කම වගේ සිදු වු දේ සමහරක් හිත් වලට ගෙනාවේ කම්පනයක් . .

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 මොකක් වෙයිද මන්දා ලමයි

👉 ලයික් කමෙන්ට් කරන හැමෝටම විස්කෝතුයි..

👉 අනේ අදනම් ඕනේ දිග කමෙන්ට් එකක්…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Saduni Mal Kumari Pathiranage අක්කි තැන්කිව් ❤️❤️👇👇

හදවත පෑරුනා හොද හැටියටම
නපුරුද අම්මේ ඔච්චරටම පොඩ් දුවට
අක්කයි නුබයි මගේ එකම දුර්වලකමනේ
එකනේ ඔබලා අතහැරලා මං ආවේ

උසාව්යට යන්නට නුබලා නෑනේ
චන්ඩි වැඩ කරාට හදවත බොලදයිනේ
මුලු ඇග ගැහෙන්නේ උසාව් බිම සිහි ව්නේ
මොනා කරන්නද මා තනියම හරි යා යුතුනේ

ඉපදුනු දා පටන් මා මේ ලොවට
දෙවැනි මවු වුනානේ නුබ හැමදාම
අසරණ වුන වේලේ නුබේ නංගිව
දුවලා ලගට එන්නට හිතුනේ නැද්ද

නොකිවුවාට වචනේන් නුබහට ආදරය
මගේ පන දෙවැනි කර කෙරුවා ආදරය
හැම දේ රැක්කෙත් නුඹ ගැන හිත හිතය
නුඹත් මෙහෙම කෙරුවම හිත රිදුනා වැඩ්ය

සැමියත් පුතත් නුබේ දෙන්නාම
කූඩුවේ කුරු ගනින්නේ මං හින්දාය
අදහා ගන්නටත් මට බැරිය අද
නුබ මේ ව්ලසට මා ලග ඉන්නා ව්දිහ

අය්ය කෙනෙක් නෑ මට කිසි දා ඉදලා
නෑ අද මාව අසරණ වුනු ව්ට මට එය දැනුනේ
මස්සිනා වුනත් නුබ මට මගේ අය්යම වුයේ
කොහොමද අය්යේ මං නුබහට පිං දෙන්නේ

හැමදා නුබයි මගේ එකම අය්යා
සැමදා නුබේ සරණ ව්තරයි නංගිට
පන්සල් පල්ලි වල දෑත් මගේ එක් කරලා
ඉල්ලන්නේ මතු සංසරේ නුඹ මගේම අය්යන්ඩිය වෙන්න

නෑ අද මේ බිමේ මා තනිව්ලා
මගේ ශක්තිය මා ගාවයි හැමදාම
දිනනවා අය්යේ සත්තයි නුබ නමින් මම
වෙයන් උපදින හැම සංසරේම මගේම අය්යා

යූමීගේ හදවතින්

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
1
+1
96
+1
4
+1
1
+1
7
+1
0
+1
2

118 COMMENTS

  1. 429205 877270Usually I do not read write-up on blogs, nonetheless I wish to say that this write-up very forced me to have a look at and do so! Your writing taste has been amazed me. Thanks, extremely great post. 486753

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here