මගේ දෙවනි මනමාලයා ඔහුයි – 39 කොටස

27
3352

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

39 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆

නොසිතූ විලස පැමිණ……
මගේ අත ඉල්ලන…..
නුඹ හට ….
මා කෙසේ බෑ කියන්නද……
මන්දා
නුඹයි මගේ හද සසල කල එකම ආදරය…. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
නිලූශියා තැන්කිව් බන්. ❤️❤️
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

යුමී එකවරම කෑ ගැහුවෙත් යුමීගේ අතේ තියෙන ෆෝන් එක කේෂ්ගේ මූනට වැටුනෙත් , ඈතින් එන ලොරිය මනුජලාගේ වාහනේ නොවැදී බේරුනේත් ඒ වාහනේ ඩ්‍රයිවර්ට පිං සිද්ද වෙන්න.. ඒත් ඒ ලොරිය කේෂ්ගේ කාර් එක බේරන්න අනිත් පැත්තට කපපු නිසා එතන තියෙන ලයිට් කනුවේ වදින්නේත් මනුජ බ්‍රේක් කරලා වාහනේ නවත්තන්නේත් එකටම වගේ..

” මොකද සයුමී කෑ ගැහුව්වේ.. “

තාමත් තක්බීර් වෙලා වුන සිදු වීම දිහා බලන් හිටිය යුමී ගැස්සුනේ කේෂ් ගේ කෑ ගැහිල්ල නිසා..

” මචන් ඒක පස්සේ බලමූ අර ලොරියේ මනුස්සයා එහා පැත්තට කැපුවේ නැත්නම් අපි හතරම කම්බස් යමන් ටිකක් බලන්න.. “

” මගේ මූන උඩට වැටුනේ මේ කූනිච්චී කොට මගුලිගේ ෆොන් එක නහයත් රිදෙනවා…යමන් යමන්.. “

කේෂ් එහෙම කියමින් බහින කොටම යුමීත් අමායත් එයාලා පස්සේන් ගියේ එකටම වගේ..

ලොරියේ මනුස්සයා එක්ක කතා කරලා ඉවර වෙලා ඒ මනුස්සයාගේ වාහනේ හදාගන්න සල්ලීත් දීලා කේෂ් ලා ආවේ හිමින්..
අමායා මනුජ එකටත් කේෂ් පිටිපස්සෙන් යුමීත් ආවේ මේ වුන සිදු වීම හැමෝටම කම්පනයක් ගෙනාව නිසා..

යුමී වෙනමම ලෝකේක හිටියත් එක වරම වාහනයක් ලඟින් නවත්තන සද්දෙට ඒ පැත්ත බැලුවත් කෙල්ල දකින්නේ තනිකරම කලු ඇදුමින් සැරසිලා ඉන්න මිනිසුන් පිරිසක්.. ඒත් එක්කම යුමීට මතක් වෙන්නේ එදා ඉස්පිරිතාලෙදි තමන් ලඟට ආව කේෂ් එනකොට පැනලා ගිය මිනිස්සුන්ව..

කෙල්ල කේෂ් කියලා කෑ ගහන්න හැදුවත් වැන් එකේ ආව උන් පැනපූ ගමන් කෙල්ලගේ කට වැහුව නිසා යුමීට හුස්මක් ගන්නවත් පනක් නම් තිබුනේ නෑ..

කේෂ් කෝල් එකක හිටිය නිසා කේෂ් මේ දේවල් කිසිම දෙයක් දකින්නේ නෑ.. අමායා වගේම මනුජත් එයාලාගේ කතාව පිට යන නිසා යුමීට වුන මේ දේ ගැන කෙල්ලගේ කිසිම කෙනෙක් දකින්නේ නෑ..

කෙල්ල කොච්චර දැඟලුවත් යුමීට ඒ දරඳඩු අත් වලින් ගැල වෙන්න නම් ලැබෙන්නේ නෑ..

ඒත් එක්කම වගේ කෙල්ලට දැනුනේ අතේ කූඹියෙක් කනවා තරම් වේදනාවක්.. ඒත් එක්කම වගේ යුමීට ආවේ දැඩි නිදිමතක්.. කෙල්ල ඇස් ඇරන් ඉන්න කොච්චර ට්‍රයි කලත් එහෙම කරන්න යුමීට පුලුවන් කමක් තිබුනේ නෑ.. එහෙම්ම ශිට් එකට බර වුනේ ඔලුවත් රිදෙන්න ගත්ත නිසා..

යුමීට ඇහැරුනේ ඔලුව කැක්කුම අඩු වුනත් ඔලුවේ බර ගතියත් එක්කමයි..

ඇහැරෙනකොට කෙල්ල හිටියේ සුවපහසූ ඇදක..

” ඕ ශිට් මට මොකක්ද මේ වුනේ.. “

ඒත් එක්කම කෙල්ල බැලුවේ එතන ඔරලෝසුවේ තියෙන වෙලාව ..

” හත්දෙයියනේ රෑ එකොලහයි හතලිස් පහයි…. ඒත් මම මේ කොහෙද ඉන්නේ.. “

යුමී බැලුවේ හතර වටේම..තමන් ඉන්නෙ කොහෙද බලන්න..

ඒත් එක්කම කෙල්ල දකින්නේ ඇද ලඟම තියෙන කොල කෑල්ලක්..

” ඔය ඩෝ එකෙන් එලියට එනවා.. අම්මා අක්කා කේෂ් ඉන්නේ අපි ලඟ එයාලට ආදරයක් තියෙනවනම් අපි කියන විදියට විතරක් වැඩ කරනවා.. “

යුමීට ඒ කඩදාසිය දැක්ක ගමන් උන් හිටි තැන් අමතක වුනා..

ඒ නිසාමයි කෙල්ල නිකන් පිස්සියෙක් වගේ රූම් ඩෝ එක ඇරගෙන එලියට ගියේ. .

ඒ ඩෝ එක අරිනකොට එතන තිබ්බේ තවත් ඒ වගේම කාමරයක්..

ඒ කාමරේ බෙඩ් එක උඩ තිබ්බේ බ්ලැක් ඇන්ඩ් ගෝල්ට් මිස්ක් වුන ගවුමක් .. ඒකත් එක්කම තිබ්බේ අර වගේම ලිවුම් කෑල්ලක්..

” ඕක ඇදගෙන පිලිවෙලට එලියට එනවා.. ඔතන තියෙන හැම බඩුවක්ම පාවිච්චි කරලා එලියට එනවා සයුමි.. “

කෙල්ල හීනෙන් වගේ ඒ හැමදේම කරලා කොන්ඩේ ගෙඩියක් වගේ බැන්දේ තාමත් ඔලුව වටේ තියෙන සුදු පාට බැන්ඩේජ් එක නිසා..

ගවුම කොච්චර ලස්සන වුනත් ඒ ගැන ගානක් කෙල්ලට තිබුනේ නෑ ඒ නිසාමයි කෙල්ල ඒක ඇදගෙන කියලා තියෙන විදියට එතන තියෙන ඩෝ එකෙන් එලියට ගියේ..

වෙනදට පැය ගානක් අරන් හැඩ වෙන යුමී අද විනාඩි දහයෙන් ලෑස්ති වුන විදියවත් කෙල්ලට මතකයක් නෑ..

ඒ මොනව වුනත් තමන්ගේ ප්‍රාණය සම ඔවුන් මේ පැහැරගෙන ආව අය ලඟ කියන එක විතරමයි කෙල්ලට මතකයේ තිබ්බේ..

එලියට යනකොටම අදුරු කුටියක් වගේ තැනක් තමයි කෙල්ලට අහු වුනේ..

” කව්ද ඉන්නේ.. “

යුමීගේ හඬ පවා වෙවුලනවා..

මේ වෙලාවේ යුමීගේ පපුවේ ලබ්ඩබ් හඬ එලියට ඇහෙන තරම් ශබ්දයි.. හිත හරිම නොසන්සුන් කෙල්ලගේ..

අඳුරේම උනත් කෙල්ල හිමීට ඉස්සරහට ගියේ කෙටි අඩි තියමින්..

” තමුසෙලා කව්ද කියපල්ලා.. කෝ කෝ මගේ අම්මී , අක්කී , අයියා ඩම්බෝ.. “

කෙල්ල එහෙම කියලා කෑ ගැහුව්වත් කෙල්ලගේ හඬ දෝංකාරයක් විදියට ඇහුනේ කෙල්ලව තවත් බිය ගන්වමින්..

” අනේ දෙයියනේ.. “

යුමීගේ ඇස් වලට පවා කඳුලු පිරිලා..
මොකද මොන දේ වුනත් යුමීගේ ජීවිතේ වීක් පොයින්ට් එක ඔවුන්… ඒ ආදරණීයන්ට එහෙම නියපොතු තුඩක හරි හානියක් වුනත් දරා ගන්න බැරි තරම් යුමීගේ හිත ඔවුන් වෙනුවෙන් බැදිලා තියෙන්නේ ගහට පට්ටයක් මෙනි…

ඒ නිසාමයි මේ මොහොතේ කෙල්ලට කරන්න ඕනේ මොනවද කියලා හිතා ගන්න බැරුව ලත වෙන්නේ..

යුමී ආව කාමරය දෙසට යන්න හැරුනත් මොනවා හරි දෙයක් කකුලේ ගැටෙනවා දැනුන නිසා කෙල්ල යටි ගිරියෙන් කෑ ගැහුවෙත් ඒ තැන ලයිට් එලියෙන් ආලෝකමත් වුනෙත් එකටමයි..

යුමී සෑහෙන වෙලාවක් කලුවරේ හිටිය නිසා එලියට ඇස් දෙක හුරු කරගන්න ටික වෙලාවක් ගියා..

ඒත් එක්කම කෙල්ල බිම බැලුවේ තමන්ගේ කකුලට මොකක්ද වැදුනේ බලන්න..

” ඈ #ඩම්බෝ.. “

කියලා යුමී මහ හයියෙන් කෑ ගැහුවෙත් වටේ ඉන්න පිරිස අත්පුඩි ගැහුවේත් එකටම වගේ.. ඒත් එක්කම ඇහුනේ ලයාන්විත සංගීතයක්. . ඔව් හරිම ආදරණීයයි ඒ හඬ…

යුමී මේ වෙන කිසිම දෙයක් අදහගන්න බැරුව වටපිට බැලුවේ බිම දනගහගෙන මුද්දක් අතේ තියන් ඉන්න කේෂ් ව ගනන් නොගෙනමයි..

කෙල්ල වටේ බලනකොට ඇහැ ගැටුනේ මුලු හෝල් එකම ගෝල්ඩ් ඇන්ඩ් බ්ලැක් තීම් එකකින් සරසලා.. ඒ හෝල් එකේ බිත්තියේ තැනින් තැන යුමීගේ ෆොටෝ එල්ලලා මුලු හෝල් එක පුරාම හාට් බැලුම් දාලා.. යුමීගේ ලොකු රූපයක් රාමූ කරලා ඒක වටේ හැපි බර්ත්ඩේ කූනිච්ච් කියලා ගහල..

යුමීටත් මේ ප්‍රශ්න නිසා අමතක වෙලා තිබ්බ බර්ත්ඩේ එක මේ විදියට රෑ 12 ට සමරන්න ලැබෙයි කියලා කවදාවත් යුමී හිතුවේ නෑ..

ඒත් කෙල්ල තවමත් හෙව්වේ අම්මා අක්කා.. මනුජ අයියා විතරක් ඈතින් ඉන්නකොට කෙල්ලගේ ඇස් වලට කඳුලු පිරුනේ ඉබේටමයි.. කේෂ් ගේ යාලුවෝ , ඒ වගේම යුමීගේ යාලුවෝන් ගෙන් හෝල් එක පිරිලා තිබ්බත් යුමීට දැනුනේ තමන්ගේ හුස්ම නැති වුනා වගේ හැඟීමක්..

මොකද තමන්ව අද වගේ දවසක මේ ලෝකේ ලොකුම වේදනාව විදලා බිහි කරපූ, මේ වෙනකන් තාත්තා නැතුව අතක් පයක් නොකඩා උස්මහත් කරපු අම්මා, තමන් එනකන් මේ දවස වෙනකන් ඇඟිලි ගැන ගැන හිටිය, ඉපදුන දවසේ ඉඳන් ලඟින්ම ඉඳලා දෙවනී අම්මා වුන තමන්ගේ හුස්ම වුන දෙන්නා නැතුව කෙල්ලට හිතුනේ මේ කිසිම දෙයකින් වැඩක් නෑ කියලයි.. ඒ නිසාමයි යුමී එතනින් යන්න හැරුනේ..

යුමී යන්න හැරෙනවත් එක්කම කේෂ් කෙල්ලගේ අතින් අල්ලලා නවත්ත ගත්තේ ඇස් වලින් ඉන්න කියමින්..

යුමී කඳුලු පිරුනු ඇස් වලින් කේෂ් දිහා බලන් හිටියේ තමන් කරන්න ගිය වැරැද්ද වැටහිලා.. මොකද තමන් වෙනුවෙන් මෙච්චර දෙයක් කරපු කොල්ලව ගනන් නොගැනීම ගැන යුමීගේ හිතට ආවේ මහ වරදකාරී හැඟීමක්.. ඊට පස්සෙයි කෙල්ලට මතක් වුනේ කේෂ් තාමත් ඉන්නේ බිම දන ගහගෙන කියලා..

කේෂ් ලඟට පහත් වෙන්න හැදුවත් යුමීගේ අතින් අල්ලගෙනම කේෂ් ඒක නැවැත්තුවේ ඇස් වලින් ඔහොම හිටන් ඉන්න කියමින්..

” #ඒයි_මේ_අපි_බඳිමුද_වස්තු_කැටේ, #මගේ_ළමයිගේ_අම්මා_වෙන්න, #මන්_මැරෙනකන්_ලඟින්_ඉන්න.. #දුක_සතුට_දෙකම_බෙදාගන්න, #දන්නවද_කූනිච්චී_ඔයාටත්_ඇස් #දෙකක්_තියනවා_මටත්_ඇස්_දෙකක්_තියනවා_ඒත්_අපි_එකම_දැක්මකින්_බලමුද? #පුලුවන්ද_මාව_ඔයාගේ_ආදර_අත්තඩංගුවට_ගන්න_සදහටම… ? …
#ජීවත්_වෙන්න_ආසයි_මැනික්කැටේ_ඔයා_එක්ක_එනවද_මැරෙනකන්_හුස්ම_ගන්න_මාත්_එක්ක#

කේෂ් ඒ කිව්ව වචන ටික නිසා යුමීගේ හදවතට දැනුනේ පුදුම තරම් සෙනෙහසක්.. මේ තරම් නපුරු කුමාරයෙක්ට මෙහෙම ආදරණීය වෙන්න පුලුවන්ද..

යුමීගේ ඇස් වලින් කඳුලු මහ වරුසාවක් මෙන් වැටෙන්න ගත්තේ වේගෙන්..

” #දන්නවද, #ඩම්බෝ_ඔයා_මගෙන්_ඈතට_යනකොට_මට_ඇත්තටම_තියෙන්නේ_ජීවිතෙන්_බාගයක්_ඒක_මහ_අමුතු_හැඟීමක්,
#ඒත්_ඔයා_රන්ඩූ_වෙවී_නපුරුකම්_කර_කර_හරී_මගේ_ලඟ_ඉන්නකොට_මට_අලුත්_ජීවිතයක්_ලැබෙනවා, #අමුතු_සතුටක්_දැනෙනවා,#මන්_කැමති_මගේ_සුදු_ඩම්බෝ_මේ_හදවතේ_ලබ්_ඩබ්_හඬ_නැවතිලා_ගන්දබ්බ_ආත්මයක්_ලැබිලා_ලබන_ආත්මේ_විතරක්_නෙවේ,
#තව_ආත්ම_හතකටම_මේ_පපුවේ_අයිතීකාරී_වෙන්න.. “

යුමී එහෙම කියනවත් එක්කම මුලු හෝල් එකම මහ හයියෙන් ඔල්වරසම් දුන්නේ ඒ වචන වලට තියෙන ආදරය නිසා…

කොල්ලා යුමීට මුද්ද දාලා කෙල්ලව තුරුල් කරගත්තේ ආදරෙන්.. අද කේෂ් ගේ ඇස් වල විතරක් නෙවේ මනුජගේ ඇස් වල පවා කඳුලූ..

කේෂ් යුමීගේ නලල සිප ගත්තේ ආදරෙන්..

කේෂ්ගේ පපුවේ ඔලුව තියාගෙන..

” අයියේ.. “

කේෂ් දන්නවා කෙල්ල අයියේ කියන්නේ දුකින් ඉන්න වෙලාවට කියල…

” කියන්න වස්තූ කැටේ..”

” අම්මලාගේ කැමැත්ත නැතුව මට කිසිම දෙයක් කරන්න බෑ අයියේ.. “

කෙල්ල එහෙම කිව්වේ හිමින් කේෂ්ට විතරක් ඇහෙන්න..

එත් එක්කම වගේ දීපිකා ඇතුලට ආවේ කේන්තියෙන්..

” හරි ලස්සනයි සයුමී මේ කරපූ වැඩේ.. දැන් හැම තීරණයක්ම තනියම ගන්න පුලුවන් තරමට ලොකු වෙලා නේද.”

” අනේ අම්මා.. “

කෙල්ල අඬාගෙන කේෂ් ගේ පපුවෙන් ඈත් වුනේ දීපිකා ලඟට යන්න හිතාගෙනයි..

” නවතිනවා සයුමී ඔතනම … “

දීපිකා එහෙම කියලා සයුමී ඉන්න තැනට ඇවිල්ලා අත දිග ඇරලා යුමීට…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

👉 දීපිකා කන අත ගායිද යුමිගේ..?

👉 ඇයි වාහනෙදි යුමී කෑ ගහන්න ඇත්තේ.. ?

👉 යුමීව උස්සන් එන්නේ කව්ද.. ?

👉 මේ හැම එකකට උත්තර සඳුදට..

❤️❤️ සඳුදා කොටසින් හමුවෙමු..

👉 😂😂😂 මාව මැලුවට ඔක්කොටම පිං.. 😂😂😂😂😂😂😂 හැමෝටම ආදරෙයි ❤️❤️

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
#ආදරනීය_ඩම්බොට.. 😙😙😙😙
සෙනෙහසේ නවාතැන්පල….
මටනම් නුබේ සිතයි……….
මගේ හදවත තුල………
ඇත්තේ නුඹේ නමයි……….

නිලුශියෝ තැන්කිව් ❤️❤️



යුමී… 💜️

මහමෙරක සෙනෙහසක්
පීදුණත් නුඹ නමින්
හිර කරන් සිතේ මං
විඳෙව්වා මහ හුඟක්…

සෙනෙහෙ සිත සඟවමින්
දුර ගියත් නුඹ ගතින්
පෙම් කළා මං සිතින්
හුස්ම නුඹ නිසාවෙන්…

ආදරේ නුඹෙ මුවින්
ඇසුණුවිට මා නමින්
ලොවම දිනුවා ලෙසින්
හැඟුණි මට රත්තරන්…

යළිත්නම් නුඹෙ ලඟින්
හුස්මක්ම දුරින්වත්
නොයා මතු මැණික මං
රකිමි නුඹ පණ ලෙසින්…

කේෂ්… 💜️

Dilakshani Chamodya තැන්කිව් මැනික..👆👆

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
4
+1
84
+1
10
+1
1
+1
3
+1
0
+1
2

27 COMMENTS

  1. If you are going for most excellent contents like me, just go to
    see this web site all the time for the reason that it gives quality contents, thanks

  2. My coder is trying to convince me to move to .net from PHP.
    I have always disliked the idea because of the expenses.
    But he’s tryiong none the less. I’ve been using Movable-type on a number
    of websites for about a year and am nervous about switching
    to another platform. I have heard fantastic things about
    blogengine.net. Is there a way I can transfer all
    my wordpress posts into it? Any kind of help would be really appreciated!

  3. I needed to write you the little note so as to thank you so
    much once again on your precious tips you have discussed on this website.
    This is really surprisingly generous of you to present
    without restraint what many people could have distributed as an ebook in making
    some bucks on their own, and in particular since you might well have tried it
    in case you wanted. These concepts also acted as the easy way to fully
    grasp other people online have a similar dreams the same
    as my personal own to find out lots more when considering this problem.

    I am sure there are thousands of more enjoyable situations in the future
    for folks who scan through your site.

    My blog post … forum.muravev.blog

  4. Hey! I know this is kind of off topic but I was wondering if
    you knew where I could get a captcha plugin for my comment form?

    I’m using the same blog platform as yours and I’m having difficulty finding one?
    Thanks a lot!

  5. Wonderful article! That is the type of information that should be shared
    around the net. Disgrace on Google for now not positioning this post higher!

    Come on over and seek advice from my web site . Thank you =)

  6. Saya akan segera kopling rss feed Anda karena saya tidak bisa untuk menemukan layanan e-mail langganan link atau e-newsletter Anda.

    Apakah Anda punya punya? Mohon ijin saya tahu sehingga saya bisa berlangganan. Terima kasih.

    My web-site; joker338

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here