මගේ දෙවනි මනමාලයා ඔහුයි – 40 කොටස

0
2562

❤️❤️ මගේ දෙවනී මනාලයා ඔහුයි..❤️❤️

✍️ දවිත්‍රි ඉසංකා

40 කොටස
☆━━━━━━━━ – ━━━━━━━☆
සතියේ දින පහේ උදේ 08
☆━━━━━━━━ – ━━━━━━━☆


” නවතිනවා සයුමී ඔතනම … “

දීපිකා එහෙම කියලා සයුමී ඉන්න තැනට ඇවිල්ලා අත දිග ඇරලා යුමීට කම්මුල් පහරක් ගැහුව්වේ යුමීගේ අසනීපේ ගැනවත් නොහිතා..

” මේක අපිව පිට උන් කලාට.. “

කේෂ් යුමී ලඟට ආවේ දීපිකාගේ මේ හැසිරීම දැකලා පුදුමෙන්..

ඒත් එක්කම මතු වුන අමායාගේ කම්මුල් පාර නිසා කෙල්ල ගිහින් නැවතුනේ කේෂ් ගේ පපුවේ..

” අමායා.. “

කේෂ් කෑ ගැහුව්වා නෙවේ කේෂ්ට ඉබේම කෑ ගැහුනා..

යුමී ඒත් එක්කම වගේ කේෂ් ගේ අතින් අල්ලලා ඇස් වලින් කිව්වේ මුකුත් කියන්න එපා කියලා..

යුමීගේ ඇස් වලින් ඔහේ කඳුලු ගලාගෙන ගියේ හීනි ඉකියකුත් එක්කම වගේ..

කෙල්ල අඬ අඬම ගිහින් දීපිකාගේ කකුල් දෙක ලඟ දන ගහන්න යනකොටම වගේ යුමීගේ අත් දෙකෙන් අල්ලලා දීපිකා කෙල්ලව පපුවට තුරුල් කරගත්තේ යුමීට වඩා හයියෙන් අඬමින්..

යුමී කඳුලු පිරුනු ඇස් වලින් හිමීට ඔලුව උස්සලා අම්මා දිහා බැලුවේ එකපාරට ඒ වුන සිදු වීම විශ්වාස කරන්න බැරි නිසා.. මොකද කාලි මැනියෝ වගේ මේ තරම් වෙලා කෑ ගැහුව්ව අම්මා මෙහෙම ආදරෙන් ලන් වෙයි කියලා යුමී හිතුවේ නම් නෑ..

අම්මලා එහෙම තමයි.. දරුවෝ මොන තරම් දේවල් කරත් ඒ දේවල් වලට සමාව දෙන්න පුලුවන් හිතක් අම්මලා ලඟ තියනවා.. ඒ නිසාමයි කියමනක් තියෙන්නේ හොරාගේ අම්මාගෙන් පේන අහන්න එපා කියලා ඉස්සර මිනිස්සූ කියලා තියෙන්නේ කට කහනවට නෙවේනේ.. ඒ වගේම තමා සයුමිගේ අම්මත් යුමී මොනවා කලත් තමන්ගේ ලමයා නිසා ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න දීපිකා ලෑස්තී..

” ඇයි චූටී ඔයාට බැරි වුනේ අපිට මේ දේවල් කියන්න.. “

එහෙම කියාගෙන අම්මාගෙ අනිත් පැත්තෙන් ඇවිල්ලා අමායා තුරුල් වුනේ දීපිකාගේ පපුවට යුමීවත් අතින් ලං කරගනිමින්..

යුමීට කිසිම දේයකට උත්තර දෙන්න තරම් සිහියක් නැති වුනේ.. අම්මගෙයි අක්කගෙයි මේ ආදරේ කෙල්ල කාලෙකට පස්සේ විදින නිසා.. ඒ නිසාමයි කෙල්ල අමායා අහපු දේට උත්තර නොදී ලොකු සුසුමක් පල්ලෙහාට දැම්මේ කදුලු කම්මුල දිගෙ ඔහේ යන්නට ඉඩහරිමින්..

ඔය අතර කේෂ් කලේ මේ ආදරණීය පවුල කැමරා කාචයට ගත්ත එක..

” අඬලා දොඩලා ඉවරනම් කේක් එක කපමුද.. . “

මනුජ එහෙම කිව්වම මනුජ දිහා යුමී වගේම අමායා බැලුවේ රවාගෙන..

මනුජ හිමීට කේෂ් ලඟට ලං වෙලා..

” අඩෝ කේෂයා මුන් දෙන්නම මොකෝ මේ මට රවන්නේ.. “

කේෂ් ගෙන් හිමීට මනුජ ඇහුවම කේෂ් කටින් යටි තොල පෙරලලා මූනෙන් ඇක්ශන් එකක් දාලා කිව්වේ දන්නේ නෑ කියලා..

” අයියා.. “

” මනු “

කෙල්ලෝ දෙන්නම එක පාර තමන්ගේ නම කියනකොට මනුජ ඇස් දෙකත් ලොකු කරන් බැලුවේ ඒ දිහා..

කේෂුත් මනුජ දිහා බලාගෙන ලා හිනාවක් දාලා හීමිට කිව්වේ..

” උඹට අද හරී මනුවා.. 😂😂”

” මනු තමා අම්මේ ඔක්කොම කලේ.. “

අමායා කිව්වේ මූනත් පුලුටු කරන්..

” ඔව් ඔව් ඒ ලමයා එහෙම හරි නොකරනම් අද මේ උපන්දිනේ දවසේ මේකීගේ මල ගම තමා අපිට ගන්න වෙන්නේ.. 😏😏 “

දීපිකා කිව්වේ හිමින් යුමීට පාරක් ගහන ගමන්..

” අම්මෝ අම්මා මේ දැන් ඔය කතාව නවත්‍තලා යමුද කේක් එක කපන්න.. පස්සේ පුලුවන් කතා කරලා හැම ප්‍රශ්නෙකටම උත්තර හොයා ගන්න..”

කේෂ් එහෙම කිව්වේ යුමී ලඟට ලං වෙමින්..

” නිකේෂයා ඉදලා ඉදලා වැදගත් දෙයක් කිව්වමද කොහෙද.. “

” අනේ පලයන් යන්න තෝ ගස් ගෙම්බා.. 😏😏 “

නිකේෂ් මනුජට රවමින් එහෙම කියලා ඉස්සරහට ගියේ යුමී එක්කම වගේ..

ලස්සන තට්ටූ තුනේ කේක් එක දැක්කම කෙල්ලට දැනුන සතුටට ඇස් වලට කඳුලු ආවේ නිකේෂ් දිහා බලමින්…

කොල්ලා ඇස් වලින් කේක් එක පෙන්නලා කිව්වේ කපන්න කියලා.. නිකේෂ්ගේ මේ චූටි චූටී කෝලම් වලට යුමී ඉස්සර ඉදන්ම ආදරේ කලා..

යුමී කේක් එක ලඟට හිමීට ලං වෙලා කේක් එකේ ඉටිපන්දමත් පත්තු කලේ හිනැහෙමින්…

හැමෝගෙම සුභ පැතුම් මැද්දේ යුමි කේක් එක කපලා අම්මට අක්කට, අයියට කේෂ් ගේ අම්මට තාත්තට කේක් කවලා අවසානයේ කේෂ් ලඟට ගියේ කේෂ් අත් දෙක බැදගෙන කෙල්ල දිහා බැලුවේ කෙල්ල ආසම විදියට හිනැහෙමින්…

කෙල්ල කේක් කෑල්ල කේෂ් ගේ කටට ලං කරලා අත ඈතට ගත්තේ කේෂ් කට අරිනවත් එක්කමයි..

යුමී ඔහොම දෙතුන් පාරක් කරනකොට වටේම හිටිය පිරිස හිනා වුනේ මහ හයියෙන්..

අන්තිමට කේක් කෑල්ල කේෂ්ගේ කටට ලං කරනකොටම කේෂ් යුමීගේ අතින් අල්ලගෙන බලෙන්ම කටේ ඔබා ගත්තේ යුමීගේ අතින් තමන් ලඟට ඇදලා ගන්න ගමන්..

හැමෝටම කේක් කපලා කන්න දෙනකොටම යුමිට කෝල් එක ආවේ දිස්නගෙන්..

” හෙලෝ දූ හැපි බර්ත්ඩේ මගේ දුවට.. “

” අනේ ආන්ටී තැන්කිව් .. ඒත් මේ.. “

” හේතූ ඔනේ නෑ දූ.. අද දවස මට දුකක් තමා.. ඒත් මගේ දූ සතුටින් ඉන්න ඕනේ කාලේ දැන්.. ඒ නිසයි නිකේෂ් පුතාටයි , මනුජ පුතාටයි මම කිව්වේ ඕක ලෑස්තී කරපූ විදියටම කරන්න කියලා.. මගේ දුව සතුටින් ඉන්න.. “

” අනේ ඒත් ආන්ටී මම එන්නම් ඔහේ ඇවිල්ලා යන්න.. “

” ඒවා පුලුවන් දූ ඔතන වැඩ ටික කරගන්නකෝ.. “

” හරි ආන්ටී බුදුසරණයි එහෙනම්.. “

” හරී දූ බුදුසරණයි .. “

කෙල්ල දිස්නගේ කෝල් එක කට් කරලා හිතුවේ කොහොම හරි ඒ පැත්තට ගිහින් එන්න යනවා කියලා..

කේෂ් ඈත ඉදන් කෙල්ල දිහා බලන් හිටියේ කාලෙකින් හිතට දැනුන සතුට එක්කමයි..

යුමී ඉන්න තැනට යුමීගේ අම්මා එක්ක අක්කා ඇවිල්ලා යුමීට කියවන්න ගත්තේ බොරු අමනාපයක් මූනේ හදාගෙන..

” නේද අම්මා දැන් චූටී අපිට කියලා නෙවේනේ වැඩ කරන්නේ.. මේකී දැන් ලොකු වෙලා.. අපි කව්ද නේද අම්මා.. “

” ඒක තමා ලොකූ බදින්න කොල්ලෙක්ටත් කැමැත්ත දීලා.. “

දීපිකා කෙල්ලට රවන්න ගත්තේ හිතින් හිනැහෙමින්..

” අනේ… “

යුමී අනේ කියනවා එක්කම එතනට ආවේ කේෂ්..

” සමාවෙන්න අම්මලා දුවලගේ කතාවට බාදාවක් කලාට.. ඒත් මට මේ කතාව ඇහෙනකොට එන්නම හිතුනා.. අම්මා මේක පොඩ්ඩක් අහන්නකෝ.. “

එහෙම කියලා කේෂ් ෆෝන් එකෙ තිබ්බ රෙකෝඩ් එක හැමෝටම අහන්න දුන්නේ කතාව මොහොතකට නතර කරමින්..

ඒකේ කෙල්ලට කේෂ් ප්‍රපෝස් කරපූ වෙලේ යුමී කිව්ව හැමදේම රෙකෝඩ් වෙලා තිබ්බා..

ඒක ඇහුව්වම දීපිකාට තමන්ගේ දුව ගැන දැනුනේ ලොකුම ලොකු ආඩම්බරයක්..

” අම්මලාගෙ කැමැත්ත නැතුව මට කිසිම දෙයක් කරන්න බෑ අයියේ.. “

ඒ වචන ඇතුලේ තමන්ගේ පවුලට තියන ආදරය , ගරුත්වය ඕනවටත් වැඩියෙන් තිබුන නිසා දීපිකා කෙල්ල ලඟට ගිහින් බදාගත්තේ ආදරෙන්..

මේ ආදරණීය පවුල දිහා හැමෝම බලාගෙන හිටියේ සතුටින්…

කේෂ් ගේ අම්මා වුනත් සතුටින් හිටියේ තමන්ගේ පුතාට මේ වගේ හොද පවුලක් ලැබුන එක ගැන..

” හා හා දැන් මට ඔබතුමී කියන්න බලන්න අපි එනකොට ගිරිය යටින් කෑ ගහලා අපිවත් මරාගෙන, අර ලොරි කාරයවත් අමාරුවේ දාන්න හැදුවේ මොන මගුලක් දැකලද කියල.. “

කේෂ් එහෙම අහනවා එක්කම යුමී හිමීට අම්මා ලඟින් ඈත් වෙලා මූනත් බිමට හරවන් ලැජ්ජාවෙන් කියන්න ගත්තේ තමන් අතින් වුනේ ලොකු වැරැද්දක් නිසා බයෙන්..

” මේ ඔයා අර මට උසාවිය ලඟ ප්‍රපෝස් කරපූ එක ෆේස් බුක් එකේ දාලා තිබ්බා.. එවලේ ඒක දැක්කම.. “

යුමීට එච්චරයි කියන්න හම්බුනේ කේෂ් අතේ තිබ්බ වීදුරුව පොලවේ ගහලා කෑ ගැහුව්වේ ඒ ශනිකෙට වෙනස් වෙමින්..

“ශිට් තමුසේ නිසා කොයි වෙලේ හරි මිනියක් මැරෙනවා.. “

එහෙම කිව්ව කේෂ් එතනින් එලියට ගියෙ කේන්තියෙන්මයි..

කේෂ් ගේ අම්මා කේෂ්ට කෑ ගැහුව්වත් කේෂ් නෙවේ ගානකටවත් ගත්තේ..

යුමීත් වුන දේ නිසා බලාගෙන හිටියේ මොකක්ද මේ එක පාරටම කේෂ්ට වුනේ කියලා හිතා ගන්න බැරුවයි.. 😏

” ඒ මොකක්ද අයියා ඒ වුනේ.. “

යුමී කිව්වේ මනුජට..

” ඕකගේ හැටි ඔහොම තමා ගිහින් බලන්න නංගා.. “

” අනේ මට බෑ.. ඕනේ නම් එයිනේ.. 😏”

” චූටී ඔයත් මුරන්ඩූ නොවී යනවා බලනවා ඒ ලමයව.. 😏😏 වැරැද්ද කරලා මෙතන.. “

දීපිකා කෑ ගැහුව්වෙත් යුමීට..

” ඔක්කොමලා මට කෑ ගහන්න තමා දන්නේ.. 😏 “

යුමී කියව කියව ගියේ කේෂ් ගිය පැත්තට..

ඒ යනකොටම වගේ කේෂ් 🍺 බියර් එකක් අතේ තියාගෙන බොන්නේ තාමත් කේන්තියෙන්..

” මගුල මේ පිරිමි දන්නේ කොහොමත් ඕන මගුලකට කිරි බොන සූප්පූව වගේ ඕක කටේ ගහන්න තමා.. මේකට ඔච්චර කේන්තී යන්න ඕනේද. 😏😏 “

යුමී කේන්තියෙන්ම හිත හිත ගිහින් කේෂ් අතේ තිබ්බ බියර් එක ඇදලා අරන් විසික් කරලා දැම්මා..

” සයුමි මගේ යකා.. “

කේෂ් එහෙම කියනකොටම වගේ සයුමි ඒ කතාව නැවැත්තුවේ ඊට වඩා හයියෙන් කෑ ගහලා..

” අනේ මේ තමුන්ගේ යකා වෙන කාට හරි පෙන්නනවා.. මං බය නෑ.. අනික මේ හැම රෙද්දටම බොන්නේ ලැජ්ජ නැත්ද.. “

යුමී එහෙම කියනවත් එක්කම යුමිව කේෂ් ඇදලා අරන් එතන තිබ්බ බිත්තියට තද කරලා යුමීගේ දෙතොල් සිප ගත්තේ යුමිට රිදෙන්නමයි..

කෙල්ල කොච්චර දැඟලුවත් කේෂ් ගේ ඒ රලු සිප ගැනීමෙන් ඈත් වෙන්න යුමීට බැරිවුනේ කේෂ්ගේ ශරීරේ එක්ක ඔට්ටූ වෙන්න යුමීට හයියක් නොතිබුන නිසා..

විනාඩි පහකට විතර පස්සේ කේෂ් යුමී ලඟින් ඈත් වුනේ යුමීට ඇහැකුත් ගහන ගමන්.

යුමී ඒත් එක්කම කේෂ්ගේ අතින් අල්ලලා පපුවට ගහගෙන ගහගෙන ගියේ ඇස් වල ලාවට කඳුලු පුරවන්..

” ආව් රිලවියේ රිදෙනවා.. “

කේෂ් නිකන් මේ අහස වගේ හරිම ඉක්මනට වෙනස් වෙනවා..

” රිදෙන්න තමා ගැහුව්වේ.. මොන ජාතියක මනුස්සයෙක්ද මන්දා මෙයා .. “

කෙල්ල එහෙම කිව්වේ ඉනට අත් දෙක තියාගෙන හරී හුරතල් විදියට..

කේෂ් කෙල්ල දිහා බලලා සයිඩ් එකට හිනා වෙලා යුමීව ඇදලා අරන් පපුවට තුරුල් කරගත්තෙ ආදරෙන්..

” අහන්නකෝ මගේ වස්තූ කැටේ.. මට හුඟක් ඉක්මනට කේන්තී යනවා.. ඒ මගේ චූටී කාලේ ඉදන් හැටී.. බලන්න ඒ වෙලාවේ ඔයා ඔහේ හිතන්නේ බලන්නේ නැතුව කරපූ දෙයින් කී දෙනෙක් නම් අමාරුවේ වැටෙනවද.. අනික ඔයාව එවලේ කිඩ් නැප් කලා කියලා දැනගත්තම මන් මාර විදියට අප්සට් ගියා.. පස්සේ දැන ගත්තේ මේක අපේ මනුවගේ වැඩක් කියලා.. එවලේ හොදක් වගේම නරකක් වුනානම් මන් එකෙක් තියන්නේ නෑ මගේ මැනික.. මොකද උඹ දැන් මගේ පන ටික.. චූටී දෙයකට ඔයා කෑ ගැහුව්වේ කියලා දැන ගත්තම ඒකමයි මට කේන්තී ගියේ.. සොරී මැනික.. මම උඹට ආදරෙයි මැනික මේ හදවත පැලෙන්නම.. ආයේම ඔහොම දේවල් කරන්න එපා වස්තුවේ.. උඹට මොනව හරී වුනොත් මගේ හුස්මත් නවතීයී.. “

කේෂ් ඒ ටික කිව්වේ පුදුම තරමේ ආදරයක් හිතේ තියාගෙන.. ❤️❤️

” ඒත් අයියේ.. “

යුමී කියන්න ගිය දේ කේෂ් කෙල්ලගේ දෙතොල් ලඟින් අත තියලා නැවැත්තුවේ මුකුත් කියන්න එපා කියලා ඇස් වලින් කියමින්..

” එපා වස්තූ කැටේ මුකුත් කියන්න එපා.. මගේ වස්තුවට මන් ආදරෙයි මේ හදවත පැලෙන්න.. අපි අද දවස විදිමූ.. මේ දවස ඔයාගේ ජීවිතේ ලස්සනම දවස කරන්නයි මට ඕනේ.. එන්න දැන් යමූ.. “

එහෙම කියලා කේෂ් යුමීගේ අතින් අල්ලන් හෝල් එක ඇතුලට ගියේ හිමින්..

ඒත් එක්කම වගේ ලයිට් ඕෆ් වුන නිසා හැමෝගේම ඇස් අඳුරට හුරු වෙන්න ටික වෙලාවක් ගත වුනා..

යුමීට දැනුනේ තමන්ගේ පිටි පස්සේ කවුරුන් හෝ ඉන්නවා වගේ හැඟීමක්..

ඒත් එක්කම යුමී පිටිපස්ස හැරිලා බලනකොටම…

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

• මොකක් වෙයිද?

• කතාව එන්න එන්න අවසානෙට ලං වෙනවා අදහස් කොටාගෙන යන්න වස්තුලා.. දිග කමෙන්ට් එකක් දෙන්නකෝ ඊලඟ කොටස ගැම්මෙන් ලියන්න…

Randi dhanu තැන්කිව් මැනික ➡️

ආදරේ ඔබයි මගේ
ජීවීතේ ඔබයි මගේ
කූනිච්චි ඉතිං දැං
වෙන්න මගේ බාරි
ඉපදෙනා හැම බවේ
නුබයි මගේ ආදරේ…❤️❤️❤️❤️❤️

Dinesha madumali තැන්කිව් මැනික..➡️

මහමෙරක් තරම්
ආදරේ දරන්…
මෙතරම්ම කලක්
සිටියාද පෙමින්..
මගෙ නපුරු බැලුම්
දුන්නාට රිදුම්..
එනවාද අරන්
ඔබෙ හුස්ම පොදක්..

🖤🖤යුමීගෙන් කේශ්ට 🖤🖤


Dilakshani සුද්දී තැන්කිව් මැනික.. 👇👇👇👇

කේෂ්… 💜️

ඔය නපුරු සිත තුළින්
මේ තරම් සෙනෙහසින්
සිතුවෙ නෑ මේ ලෙසින්
ඇති කියා මා නමින්…

මුවින් නොකි සෙනෙහසින්
පැවසුවිට ඔය ලෙසින්
දරන්නට බැරි පෙමින්
පිරුණි හද නුඹ නමින්…

නැවතනම් කිසි ලෙසින්
ඉන්නෙ නෑ මං දුරින්
නුඹයි මගෙ හුස්ම මෙන්
ආදරේ රත්තරන්…

යුමී… 💜️

➡️➡️ හමුවෙමු තවත් කොටසකින්

#හැමෝම_පරිස්සමෙන්_ඉන්න..

#හැමදාම_මට_ලයික්_කමෙන්ට්_කරන #ආදරණීය_පාඨකයන්ට_ආදරෙයි_පැලෙන්න ..

ඔයාලා හැමෝටම,

බුදුසරණයි! ❤️❤️
ජේසූ පිහිටයි! ❤️❤️
දෙවි පිහිටයි! ❤️❤️

අද කතාව කොහොමද ?
+1
5
+1
93
+1
5
+1
4
+1
4
+1
1
+1
1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here